15/03/2026
“අපි කුණු කියලා ඉවත් කරන මේ පෙට්ටි… දරුවෙකුට treasure වෙන්න පුළුවන් කියලා හිතලා තියෙනවද?” 📦
කාඩ්බෝඩ් පෙට්ටි කුණු ගොඩට දාන අම්මෙක් තාත්තෙක්ද ඔයත්?
අපිට නම් මේවා සාමාන්‍යයෙන් කුණු වලට දාන්න තියෙන
ඉවත් කරන කාඩ්බෝඩ් පෙට්ටි ටිකක් විතරයි 😒
ඒත් මේ පුංචි මනසට ඒවා සරල පෙට්ටි නෙමෙයි
ඒවා නිර්මාණයක් , හදලා ඉවර උනාම ලොකුම වස්තුවක්
එක පෙට්ටියක් මෙතන, තව එකක් එතන,
තව එකක් අල්වලා, අමුණලා,
අන්තිමට “මේක මගේ creation එක” කියලා
හිත පිරෙන්න හදපු පුංචි project එකක් වෙනවා
අපිට කුණු වගේ පේන දේවල්
බබාලට imagination materials.
සමහර Playbased Kindergarten වල
අම්මලාට කියනවා හිස් පෙට්ටි එකතු කරලා
ගෙනත් දෙන්න කියලා බබාලට නිර්මාණ කරන්න
ඉතින් ඔයත් 👉👉👉
දෙන්න බබාට හිස් පෙට්ටි එක්ක
සෙලෝටේප් එකක්, කතුරක්
මුලින්ම පෙට්ටි දෙකක් එකතු කරලා හදන නිර්මාණය
දවසක් ලස්සන නිර්මාණ වේවි 👌👌👌