04/01/2019
ප්‍රතිජීවක ඖෂධ (antibiotics) භාවිතය
ඉතා පරිස්සමින්...
--------------------------------------------------------------------
ප්‍රතිජීවක ඖෂධ යනු කුමක් ද ?
බොහෝ දෙනෙක් ප්‍රතිජීවක ඖෂධ යන වචනය අසා ඇතත් බොහොමයක් එහි අර්ථය නොදනී.
ප්‍රතිජීවක ඖෂධයක් යනු අපට රෝග ඇතිකරන කෂුද්‍රජීවීන් (Bacteria) විනාශ
කිරීමට හෝ මර්දනය කිරීමට භාවිතා කරන ඖෂධයකි.
විවිධ නම් වලින් විවිධ කාණ්ඩ යටතේ මෙම ප්‍රතිජීවක ඖෂධ ලබාගත හැක.
උදාහරණයක් ලෙස ඔබ බහුලව අසා ඇති amoxicillin, Cloxacillin, Ciproflaxacin, azithromycin යනාදී වශයෙන් බොහොමයක් ප්‍රතිජීවක ඖෂධ
ඇත.
ඔබ ප්‍රතිජීවක ඖෂධයක් භාවිතා කළ යුත්තේ ඇයි ?
රෝග කාරක විෂ බීජයක් ශරීරගත වී අපට යම් යම් රෝගාබාධ ඇති වූ විට ඔබේ වෛද්‍යවරයා විසින් මෙම
ප්‍රතිජීවක ඖෂධ වර්ග ඔබට ලබා දේ.
උදාහරණයක් ලෙස සිරුරේ ඇතිවන තුවාල වියළීම සඳහා, මුත්‍රා පැසවූ විට, නිව්මෝනියා වැනි රෝග තත්ත්වයන්
ඇති වූ විට මෙවැනි ප්‍රතිජීවක ඖෂධ වෛද්‍යවරයා විසින් ඔබට නිර්දේශ කරයි.
එසේම වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට ගිය විට වෛද්‍යවරයා නිර්දේශ කරන ඖෂධ අතර ප්‍රතිජීවක ඖෂධ ඇත්දැයි
අසා දැකගැනීම ඉතාම වැදගත්ය.
³ ප්‍රතිජීවක ඖෂධ නියමිත මාත්‍රාවෙන් නියමිත වේලාවට නියමිත දින ගණන නිවැරදිව ගත යුතුය.
--------------------------------------------------------------------
බොහෝමයක් රෝගීන් නොදැනුවත්කම නිසා ප්‍රතිජීවක ඖෂධ අනිසි ලෙස භාවිතා කරයි. එනම් නියමිත මාත්‍රාව
නොගැනීම හෝ නියමිත වේලාවට නොගැනීම හෝ රෝගය සුවවීමට පටන් ගන්නා මුල් අවස්ථාවේ දී ම ඖෂධය
ගැනීම නතර කිරීම සිදු කරයි. මෙහිදී සිදු වන්නේ රෝගකාරක විෂබීජ ප්‍රතිජීවක ඖෂධවලට හුරුවීමෙන් ප්‍රතිරෝධී
තත්ත්වයන් ඇතිවීමයි. එසේ වූ විට කාලයක් ගත වන විට එම රෝග කාරක විෂ බීජ එම ප්‍රතිජීවක ඖෂධය මගින්
මර්දනය කිරීමට නොහැකි වීමයි. එමගින් ඔබගේ රෝගය නිසියාකාරව සුව නොවන අතර අනිසි ප්‍රතිඵල අත්කර
දෙයි.
එමනිසා ප්‍රතිජීවක ඖෂධයක් ඔබ ගන්නේ නම් වෛද්‍ය උපදෙස් මත නියමිත මාත්‍රාව නියමිත වේලාවට නියමිත දින
ගණන ගැනීම ඉතාම වැදගත් වේ.
³ කිසිදිනක වෛද්‍යවරයෙකුගේ අනුමැතියකින් තොරව ප්‍රතිජීවක ඖෂධ භාවිතා නොකරන්න.
--------------------------------------------------------------------
සමහර රෝගීන් ප්‍රතිජීවක ඖෂධ තමන්ට රිසි අයුරින් භාවිතා කිරීමට පෙළඹී ඇත. එය ඉතාමත් අනුවණ කි්‍රයාවකි.
රෝගියාට අවශ්‍යය ප්‍රතිජීවක ඖෂධය තීරණය කළ යුත්තේ වෛද්‍යවරයෙකු විසිනි. එනම්, එකම රෝගයට වුවත්
රෝගියාගේ ස්වභාවය අනුව ප්‍රතිජීවක ඖෂධය වෙනස්විය හැක. එනිසා නොගැලපෙන ප්‍රතිජීවක ඖෂධයක්
භාවිතා කිරීම මගින් රෝගය සුව නොවන අතර ඉහතින් සඳහන් කල ගැටලූ ද ඇතිවිය හැක.
මීට අමතරව ප්‍රතිජීවක ඖෂධ යනු ආසාත්මිකතා (Allergic) ඉතා ඉක්මනින් ඇතිවිය හැකි ඖෂධ වර්ගයකි.
එනිසා එවැනි ආසාත්මිකතාවයන් ඇති වූ විට එම ප්‍රතිජීවක ඖෂධය නැවත කිසිදිනක නොගත යුතුය. එසේ
ගතහොත් ඔබේ ජීවිතය පවා අනතුරට ලක්විය හැක. එනිසා කිසිදිනක ඔබ වෛද්‍ය නිර්දේශයකින් තොරව තමාට
රිසි පරිදි ප්‍රතිජීවක ඖෂධ භාවිතා නොකිරීමට සිහි තබාගත යුතුය.
³ ප්‍රතිජීවක ඖෂධ පරිසරයට මුදා නොහරින්න.
--------------------------------------------------------------------
ඔබ භාවිතා නොකරන ලද හෝ ඉතිරි වී ඇති ප්‍රතිජීවක ඖෂධ ඇතොත් පු`ඵස්සා විනාශ කරන්න. එසේ නොමැතිව
හිතුමතේ පරිසරයට මුදාහැරී විට පරිසරයේ ඇති රෝගකාරක විෂබීජ එම ප්‍රතිජීවක ඖෂධයට අර්ධ වශයෙන්
නිරාවරණය වීම නිසා ප්‍රතිරෝධී තත්ත්වයක් ඇති වී එම ඖෂධය ඉදිරි කාලයේ දී භාවිතා කිරීමේ දී ප්‍රතිඵල දායක
නොවනු ඇත.
ප්‍රතිජීවක ඖෂධයක් අ`ඵතින් නිපදවීමට විශාල කාලයක් ගතවන බැවින් අ`ඵත් ප්‍රතිජීවක වර්ග නිපදවීම පහසු
කාර්යයක් නොවේ.
දැනට පවතින ප්‍රතිජීවක ඖෂධ ඉහත පරිදි නිසායාකාරව භාවිතා කිරීම තුලින් නිසි ප්‍රතිඵල ලබාගත හැකිවන අතර
එය ඔබගේ අනාගත පරම්පරාවට ද සිදු කරන යහපත් කි්‍රයාවකි.
වෛද්‍ය ප්‍රෙමිල් හෙට්ටිආරච්චි,
තිසෙත් සුව පියස,
ගොන්නගහ හේන, අහංගම