Divisional Hospital Madampagama

Divisional Hospital Madampagama Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Divisional Hospital Madampagama, Hospital, Aluthwala Road , Madampagama, Ambalangoda.

02/12/2025
සීනිගම "ගුණ ජය සතුට පදනම" ට අනුබද්ධිත අකුරල- අධ්‍යාපන මද්‍යස්ථානයේ දුවා දරුවන් විසින් සකස් කල,1500 ක් පමණ වූ ෆාමසි කවර ප...
08/11/2025

සීනිගම "ගුණ ජය සතුට පදනම" ට අනුබද්ධිත අකුරල- අධ්‍යාපන මද්‍යස්ථානයේ දුවා දරුවන් විසින් සකස් කල,1500 ක් පමණ වූ ෆාමසි කවර පරිත්‍යාගයක් 2025.11.07 වන රෝහල් පරිශ්‍රයේදී සිදුවිය.මේ වෙනුවෙන් කැපවීමෙන් ක්‍රියාකල එම ආයතනයේ සියලු දෙනා වෙනුවෙන් අපගේ ගෞරව ප්‍රණාමය පුද කරන්නෙමු!

පර්යේෂණවලින් පෙනී යන්නේ වයස අවුරුදු 13 ට පෙර ස්මාර්ට්ෆෝනයක් ලබා ගන්නා දරුවන්ට කාංසාව, මානසික අවපීඩනය සහ අවධානය යොමු කිරී...
20/10/2025

පර්යේෂණවලින් පෙනී යන්නේ වයස අවුරුදු 13 ට පෙර ස්මාර්ට්ෆෝනයක් ලබා ගන්නා දරුවන්ට කාංසාව, මානසික අවපීඩනය සහ අවධානය යොමු කිරීමේ දුෂ්කරතා ඇතුළු මානසික සෞඛ්‍ය ගැටළු වර්ධනය වීමට සැලකිය යුතු ලෙස වැඩි ඉඩක් ඇති බවයි.

තිරවලට නිරාවරණය මොළයේ වර්ධනය, චිත්තවේගීය නියාමනය සහ සමාජ කුසලතාවන්ට බලපායි. අධික ස්මාර්ට්ෆෝන් භාවිතය නින්දේ රටා කඩාකප්පල් කිරීමට, ශාරීරික ක්‍රියාකාරකම් අඩු කිරීමට සහ සයිබර් හිරිහැර කිරීම් හෝ ඍණාත්මක සබැඳි අන්තර්ගතයන්ට නිරාවරණය වීම වැඩි කිරීමට හේතු විය හැක. මෙම සාධක එක්ව, දරුවෙකුගේ මානසික සහ චිත්තවේගීය යහපැවැත්මට කල් පවතින ප්‍රතිවිපාක ඇති කළ හැකිය.

විශේෂඥයින් නිර්දේශ කරන්නේ වයස අවුරුදු 13 න් පසු ස්මාර්ට්ෆෝන් ප්‍රවේශය ප්‍රමාද කිරීම සහ කුඩා දරුවන් සඳහා දෛනික තිර කාලය සීමා කිරීමයි. එළිමහන් ක්‍රීඩා, සමාජ අන්තර්ක්‍රියා, කියවීම සහ විනෝදාංශ දිරිමත් කිරීම චිත්තවේගීය ඔරොත්තු දීමේ හැකියාව, සංජානන සංවර්ධනය සහ සෞඛ්‍ය සම්පන්න මොළයේ වර්ධනය ශක්තිමත් කිරීමට උපකාරී වේ.

ඩිජිටල් ලෝකයක තරුණ මනස ආරක්ෂා කිරීමේ වැදගත්කම මෙම අධ්‍යයනයෙන් ඉස්මතු කෙරේ. ස්මාර්ට්ෆෝන් ප්‍රවේශය පිළිබඳ කල්පනාකාරී සීමාවන් සහ සැබෑ ලෝක අත්දැකීම් ප්‍රවර්ධනය කිරීම දරුවන් සෞඛ්‍ය සම්පන්න, වඩාත් සමබර වැඩිහිටියන් බවට පත්වීමට උපකාරී වන අතර මුල් අවධියේ මානසික සෞඛ්‍ය අභියෝගවල අවදානම අඩු කරයි.

මෙරට සෑම දිනකම කාන්තාවන් 15ක් පියයුරු පිළිකාවට ගොදුරුවන බවත් දිනකට තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වන බවත් සෞඛ්‍ය අංශ පෙන්වා දී ත...
11/10/2025

මෙරට සෑම දිනකම කාන්තාවන් 15ක් පියයුරු පිළිකාවට ගොදුරුවන බවත් දිනකට තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වන බවත් සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.

සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වා දෙනුයේ පියයුරු පිළිකා සම්පූර්ණයෙන්ම සුවකළ හැකි බවත් වයස අවුරුදු 20න් පසුව සෑම කාන්තාවක්ම ස්වයං පියයුරු පරීක්ෂාවක් සිදුකරගත යුතු බවය.

මේ සම්බන්ධව නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ අවුරුදු 20-40ත් අතර වසයේ පසුවන අයෙකු වේ නම් වසර 3කට වරක්ද, අවුරුදු 40කට වැඩි නම් වර්ෂයකට වරක් සායනික පියයුරු පරීක්ෂාවකටද යොමුවන ලෙසය.

පියයුරේ හෝ කිහිල්ලේ ගැටිති, පියයුරේ සමේ වල ගැසීම, පියයුරු ඉදිමීම, තන පුඩුවේ අසාමාන්‍ය ශ්‍රාව්‍යක් හෝ ලේ ගැලීමක්, තන පුඩුව ඇතුළට ගිලී යාම, පියයුරුවල වේදනාව, සමේ ඇතිවන වෙනස්කම් වැනි රෝග ලක්ෂ හෝ අවදානම් සාධක වේ නම් වෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකාර ලබා ගන්නා ලෙසට ද ඒ සඳහා සුනනාරි සායන, සුවදිවි සායන, පිළිකා කල් තියා හඳුනා ගැනීමේ මධ්‍යස්ථාන, පියයුරු සායන, ශල්‍ය සායන සඳහාද යොමු විය හැකි බවද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

⚠️ කරවලා දෂ්ටනය: ජීවිතය බේරාගැනීමට තත්පරයක්වත් පමා නොවන්න!මෙය ශ්‍රී ලංකාවේ වෙසෙන ඕනෑම අයෙකු දැනගත යුතු අත්‍යවශ්‍ය තොරතුර...
11/10/2025

⚠️ කරවලා දෂ්ටනය: ජීවිතය බේරාගැනීමට තත්පරයක්වත් පමා නොවන්න!

මෙය ශ්‍රී ලංකාවේ වෙසෙන ඕනෑම අයෙකු දැනගත යුතු අත්‍යවශ්‍ය තොරතුරු කිහිපයකි. කරවලා යනු අපේ රටේ ගොඩබිම වෙසෙන උග්‍රම විෂ සහිත සර්පයා වන අතර, දෂ්ටනයකදී නිවැරදි දැනුම සහ කඩිනම් ක්‍රියාමාර්ග මගින් ජීවිතයක් බේරාගත හැකිය.

හැඳින්වීම: කරවලා හඳුනාගනිමු
ශ්‍රී ලංකාවේ ප්‍රධාන වශයෙන් කරවල් විශේෂ දෙකක් හමුවේ:

තෙල් කරවලා / මඟ කරවලා (Common Krait)

මුදු කරවලා (Ceylon Krait)

මෙම සර්පයන් දිවා කාලයේදී සාමාන්‍යෙන් අක්‍රිය වුවත්, රාත්‍රී කාලයේදී ඉතා ක්‍රියාශීලී සහ ආක්‍රමණශීලී වේ. විශේෂයෙන්ම රාත්‍රියේ බිම නිදාගන්නා පුද්ගලයන් දෂ්ටනයට ලක්වීමේ ඉහළ අවදානමක් පවතී.

"සර්ප පිසාචයා" - නොදැනුවත්වම සිදුවන මාරාන්තික දෂ්ටනය
කරවලා දෂ්ටනයක ඇති බිහිසුණුම ලක්ෂණය නම්, දෂ්ට කළ බවක් බොහෝ විට නොදැනීමයි.

දෂ්ට කළ ස්ථානයක් සොයාගැනීමට අපහසු වීම.

දළ සලකුණු, ඉදිමීම හෝ වේදනාව බොහෝ විට නොමැති වීම.

හිරිවැටීමක් පවා ඇතිවන්නේ කලාතුරකිනි.

මේ නිසා, නින්දේදී දෂ්ටනයට ලක්වූවෙකුට රෝග ලක්ෂණ මතු වන තුරු තමා අනතුරේ බව නොදැනී යා හැකිය. ඒ වන විට විෂ ශරීරගත වී තත්ත්වය බරපතල වී තිබිය හැක.

🚨 රෝග ලක්ෂණ හඳුනාගන්න: කාලය සමග සටන
කරවලා විෂ ශරීරයට ඇතුළු වූ පසු රෝග ලක්ෂණ මතු වන්නේ ක්‍රමානුකූලවය. මෙම අදියර හඳුනා ගැනීම ජීවිතය බේරා ගැනීමට අත්‍යවශ්‍ය වේ.

⏰ පැය 1-2: මුල්ම අනතුරු ඇඟවීම
✅ උදරයේ වේදනාව (බඩේ කැක්කුම): මෙය මුලින්ම ඇතිවන ප්‍රධානතම ලක්ෂණයයි.

✅ වමනය: උදර වේදනාව සමඟ වමනය ඇතිවිය හැක.

✅ සිහිමඳ ගතිය: සුළු නිදිමත ස්වභාවයක් දැනීම.

⏰ පැය 2-4: ස්නායු පද්ධතියට බලපෑම් ඇරඹීම
✅ ඇස් පෙනීමේ ගැටළු: ඇහිපිය බාගෙට වැසීම, පෙනීම බොඳ වීම හෝ රූප දෙක-දෙක පෙනීම (ද්විත්ව දර්ශනය).

✅ මුහුණේ මාංශ පේශී දුර්වල වීම: කට ඇරීමට අපහසු වීම, මුහුණේ ඉරියව් වෙනස් වීම.

⏰ පැය 4-6: තත්ත්වය බරපතල වීම
✅ ගිලීමේ අපහසුව: කෙළ, වතුර හෝ ආහාර ගිලීමට නොහැකි වීම.

✅ ශරීරය දුර්වල වීම: අත් පා එසවීමට සහ චලනය කිරීමට අපහසු වීම, මස්පිඬු වේදනාව.

⏰ පැය 6-8: ජීවිතයට තර්ජනයක් වන අදියර
⛔ හුස්ම ගැනීමේ දැඩි අපහසුව: විෂ මගින් ස්වසන පද්ධතියේ මාංශ පේශී අක්‍රිය කිරීම නිසා හුස්ම ගැනීම නතර විය හැක. මෙය මරණයට ආසන්නම හේතුවයි.

⛔ කෝමා තත්ත්වයට පත්වීම: රෝගියා සිහිසුන් තත්ත්වයට පත්විය හැකිය.

🏥 ප්‍රතිකාර ක්‍රම: ජීවිතය දිනවීම
කරවලා දෂ්ටනයක් යැයි සැකයක් ඇතිවූ සැනින් රෝහල් ගත කිරීම අනිවාර්ය වේ.

තෙල් කරවලා (Common Krait) දෂ්ටනයට:

ප්‍රතිවිෂ (Indian Polyvalent Antivenom): ප්‍රතිවිෂ කුප්පි (vials) 10ක් කඩිනමින් ලබා දීම සිදුකෙරේ.

ස්වසන ආධාරක (Ventilator): හුස්ම ගැනීමේ අපහසුතා ඇති රෝගීන්ට යන්ත්‍ර ආධාරයෙන් හුස්ම ලබා දීම.

අනෙකුත් ප්‍රතිකාර: රුධිර පීඩනය, හෘද ස්පන්දනය සහ ශරීරයේ ලවණ මට්ටම් (Electrolytes) පාලනය කිරීම සඳහා දැඩි සත්කාර ඒකකයේ (ICU) ප්‍රතිකාර අවශ්‍ය විය හැක.

මුදු කරවලා (Ceylon Krait) දෂ්ටනයට:

මෙම විශේෂයටම අනන්‍ය වූ ප්‍රතිවිෂක් තවමත් නිපදවා නැත.

නමුත්, තෙල් කරවලාට ලබාදෙන ප්‍රතිවිෂම ලබාදෙන අතර, රෝග ලක්ෂණ අනුව ආධාරක ප්‍රතිකාර (Supportive Treatment) ලබා දීම සිදු කරයි.

කාලය තීරණාත්මකයි!
රෝග ලක්ෂණ මතු වන තෙක් බලා නොසිටින්න. දෂ්ටනයක් ගැන සැකයක් ඇත්නම් හෝ රාත්‍රියේ නින්දෙන් අවදි වන විට පැහැදිලි කළ නොහැකි බඩේ කැක්කුමක් ඇත්නම්, වහාම රෝහලක් වෙත යන්න. ප්‍රතිකාර ප්‍රමාද වීම යනු ජීවිතයත් මරණයත් අතර වෙනසයි.

🛡️ වැළකී සිටීම 최선ය: ආරක්ෂා වන ක්‍රම
✅ රාත්‍රී කාලයේදී, විශේෂයෙන් මැටි ගැසූ නිවෙස්වල බිම නිදාගැනීමෙන් වළකින්න.

✅ නිදන විට මදුරු දැලක් නිසි ලෙස යොදාගන්න.

✅ නිවස සහ අවට පරිසරය පිරිසිදුව, කුණු රොඩු වලින් තොරව තබාගන්න.

✅ රාත්‍රියට එළිමහනේ ගමන් කරන විට ආවරණය වූ පාවහන් සහ විදුලි පන්දමක් භාවිතා කරන්න.
Credit for ..
මෙම තොරතුරු ඔබගේ ආදරණීයයන් සමග බෙදාගන්න. නිවැරදි දැනුවත්භාවය ජීවිතයක් සුරැකිය හැක.

මෙම ලිපිය කායික රෝග විශේෂඥ වෛද්‍ය ලක්නාත් වෙලගෙදර මහතා විසින් සැපයූ තොරතුරු ඇසුරින් සකස් කරන ලදී.

මිනිසුන් ඇවිදින මළමිනී බවට හරවන අයිස්අද ලෝකයේ කතා කරන්නේ හෙරොයින් ගංජා කන්සා ගැන නොවේ.ඒ තමා ලෝකයම ගිල ගන්නා අයිස්.ඇත්තටම...
10/10/2025

මිනිසුන් ඇවිදින මළමිනී බවට හරවන අයිස්

අද ලෝකයේ කතා කරන්නේ හෙරොයින් ගංජා කන්සා ගැන නොවේ.ඒ තමා ලෝකයම ගිල ගන්නා අයිස්.ඇත්තටම අයිස් යනු මොනවාද අපි ට මේ ගැන මුලික දැනීමක් හෝ තිබිය යුතුය. .නැතිනම් ඔබත් මාත් මෙම මහා ව්‍යසනකාරී මත්ද්‍රවය වෙත නොදැනුවත්වම හසු වෙන්න පුළුවන්.

අයිස් විද්‍යාත්මකව මෙතැම්පිටමින්(Methamphetamine) ක්‍රිස්ටල් ලෙස හැදින්වෙයි.මේවා කුඩු පෙති කැට ලෙස දකින්න පුළුවන්.කැට හැඩයෙන් ඇති ඒවා පෙනුමින් අයිස්කැටවලට සමාන වෙයි.ඒවාට ජනවහරේ දී අයිස් කියා කියති.

අයිස් ගන්න අය ප්‍රධාන ක්‍රම තුනකින් මේවා ලබා ගන්නා අතර එන්නත් මගින් පෙති මගින් හා වාෂ්ප නාසයට ඉරීමෙන් සිය ශරීරයට ඇතුල් කර ගනිති. අපි දැන් බලමු අයිස් වලට අබ්බැහි වෙන්නේ කොහොමද කියල.මෙවා කුමන ආකාරයෙන් ශරීරයට ලබා ගත්තද එය කෙලින්ම යන්නේ මොලයට.අපි හැමෝගෙම මොලයේ තියෙනවා සතුට ඇතිකිරීමට හේතුවන කොටසක්.එම කොටසේ සෛල වලින් ඩොපමින් නමැති හෝමෝනය ශ්‍රාවය කරනු ලබනවා.සතුටේ උල්පත වන්නේ ඩොපමින්.

අයිස් මොලයට ගිය විගස මේ සෛල උත්තේජනය වෙලා ජීවිතකාලය තුලම නිෂ්පාදනය නොවූ තරම් ඩොපමින් ප්‍රමාණයක් ශ්‍රාවය කරනවා.එවිට ඒ පුද්ගලයාට දරා ගන්න බැරි තරම් සතුටක් ලැබෙනවා.ගැස්සිලා මුළු සිරුරම හිරිවැටිලා යන සුන්දර ලෝකයක් මැවෙනවා.වෙහෙස මහන්සිය කොහේ ගියාද කියල නැති වෙනවා.නොකා නොබී වැඩකරන්න පුළුවන් කියල මොලය වැරදි පණිවිඩ නිකුත් කරනව.

අයිස් ගහපු ගමන් මිනිහෙක් සතෙක් වගේ වැටිලා මැරිලා යන්නේ නැහැ.නමුත් පළමු අයිස් මාත්‍රා වෙන්ම ඕනෑම අයෙක් මේකට ඇබ්බැහි වෙනවා.එකපාරක් ඩොපමින් වැඩි ප්‍රමාණයක් මොලයේ හැදුනොත් නැවත නැවත ඩොපමින් හදන්න මොලයේ සෛල බලකරනවා මේ ටික කරන්න අර පුද්ගලයා ට අයිස් ගන්නම වෙනවා.

සති දෙකතුනක් යනවිට වැඩිපුර ඩොපමින් හදලාම මොලයේ සෛල වෙහෙසට පත්වෙනවා. එතකොට තවත් ඩොපමින් හදන්න මොලයට බැහැ.මෙන්න මෙතකොට තමා අයිස් ගහපු කෙනා අමු තිරිසනෙක් වෙන්නේ.ඔලුව කෙලින් තියා ගන්න බැරි වෙනවා .බය දැනෙනවා ..තමන්ට මේක වුනේ අයිස් කියල වැටහෙනවා නමුත් අයිස් දාල යන්න බැහැ.මොකද යන්නතම් හරි ඩොපමින් පොඩ්ඩක් හදා ගන්න පුළුවන් අයිස් ටිකක් ගැහුවොත් විතරමයි. දැන් අයිස් ගහපු කෙනා ඉල්ලන්නේ අයිස් නෙමේ ඩොපමින්.කොහොමද මොලය ස්වාභාවිකව ඩොපමින් හදන්නේ.ඒ සෛල ඔක්කොම විනාශ වෙලා ඉවරයි.

ඇත්තටම මේ ඩොපමින් වලට මෙච්චර දෙයක් කරන්න පුලුවන්ද .ඔව් පුළුවන්. මිනිසුන්ගේ සතුට ආදරය දයාව ජයග්‍රහණය ලෙන්ගතුකම සිනාව මේ හැම එකකටම ඩොපමින් වගකියනවා ..මොලය එක පාරක් හරි ඩොපමින් හදන්න අලුත් ක්‍රමයක් දැක්කොත් දිගටම ඒ විදිහට ඩොපමින් හදන්න කියල සෛල වලට අණ කරනවා ..ලැබෙන උත්තේජනය හොද එකක් උනත් නරක එකක් වුනත් මොලය ඩොපමින් හදනවා.තේරෙන භෂාවෙන් කිවුවොත් ඇබ්බැහි වෙනවා කියන්නේ ඔන්න ඕකයි.

සිගරට් දුම්කොළ අබින් ගංජා හෝ වෙනත් මත්ද්‍රවය ගත්තද අන්තිමට වෙන්නෙත් ඔය ඩොපමින් කතාව.සතුට දනවන හෝමෝනය කෘතිමව මොලයට බල කරලා ශ්‍රාවය කර ගැනීම තමා ඔය බොනවා කියල කියන අයගේ වික්‍රමය.

මේ ටික කුඩා කාලෙදිම තේරුම් ගන්න තමා ඔය දෙමාපියන් කට කැඩෙනකම් ඉගෙන ගන්න කියන්නේ.මිනිහෙක් ගේ සතුට ජාවාරම් කාර මත්ද්‍රවය ව්‍යාපාර හරහා ඉලක්ක කර ඇති බව දැන් ඔබට වැටහෙනවා ඇති. අයිස් විතරක් නෙමේ ජංගම දුරකතනය පවා දැන් මත්ද්‍රවයක් තරමට වැටකඩොලු පැන අවසන්.දිගින් දිගටම ස්මාර්ට් උපකරණ වල එල්බ ගෙන සිටින්නන් සිය සතුට උදෙසා ඩොපමින් ශ්‍රාවය කර ගනුලබන්නේ ජංගම උපකරණ වල දකින සයිබර් ලෝකය හරහා බව සොයා ගෙන තිබෙනවා.මිනිස් මොලය ආසා කරන්නේ කෙටි ක්‍රම මගින් සතුට ලබා දීමට.ඒකට උදාහරණයක් තමා කෙටි වීඩියෝ .. ඒ වෙත ඔබ නිතැනින් රැගෙන යනු අත්දැකීමෙන් දැක ඇති.ඉක්මනින් අවසන් වන තත්පර ගනන් වල කෙටි වීඩියෝ තම සමාජ ජාලා වෙත එකතු කිරීමට පහසුකම් සපයා ප්‍රේක්ෂකයා ඒ වෙත ඇද බැද තබා ගැනීමට සූක්ෂ්මව කටයුතු කර තිබෙනවා.ඒ හරහා දැවැන්ත වෙළෙඳ පොළක් නිර්මාණය කර තිබෙනවා. ඒ සදහා මිනිස් මොලයේ ක්‍රියාකාරිත්වය මැනවින් ඔවුන් වටහාගෙන තිබෙනවා. කෙටි ක්‍රමයකින් සතුට සොයන්නට මිනිස් මොලය සැමවිට උත්සාහ කරනවා.අපි ඒකට අහුවුනොත් හැදිගෑවිලාම යනවා ආයේ දෙකක් නෑ..

එම්.ඒ.එස් කුමාර

හෙද නිලධාරි.

2025.10.10.

09/10/2025

2020 වර්ෂයේ දී කොරෝනා වලින් වැලකෙන්න අපි ගත් වෑයමක මතක ආවර්ජනය ක්..

Address

Aluthwala Road , Madampagama
Ambalangoda
80300

Telephone

+94912253252

Website

Alerts

Be the first to know and let us send you an email when Divisional Hospital Madampagama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Divisional Hospital Madampagama:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category