Apsara Pharmacy & Nishadani Medi Leb

Apsara Pharmacy & Nishadani Medi Leb Drugs

27/05/2024

👍👍💊💊💉🩺🩺🩻

31/01/2024



" දුව මට තුවාල වේලෙන කරල් දෙන්න"

" නංගී මට සෙමට ඇමොක්සලින් කරල් ටිකක් දෙන්න"

" මිස් මගේ ලමයට මෙන්න මේ බෝතලේ තියෙන සිරප් එක දෙන්න"

"සමාවෙන්න, නිසි වෛද්‍යවරයකු ගේ නිර්දේශයක් නැතුව, කිසිම ප්‍රතිජීවකයක් අපි නිකුත් කරන්නේ නෑ.. "

මේම ෆාමසියේ ඇහෙන ප්‍රශ්නවලට අපි ලබාදෙන උත්තරේටනම් බොහෝ අය දක්වන්නේ හොද ප්‍රතිචාර නම් නෙමෙයි.,

සමහර අය වෙලාවකට බැන බැන යනවා. " තුවාලේ වේලෙන්න කරල් ටිකක් දුන්නේ නෑ, සෙමට බෙහෙත් ටිකක් ගන්න බැරි ෆාමසිය " කියලා.

මේ නිසාම අපි හිතුවා, ඇයි අපි ප්‍රතිජීවක වෛද්‍යවරයකුගේ නිර්දේශයක් නොමැතිව නිකුත් නොකරන්නේ කියලා ටිකක් පැහැදිලි කරන්න..

ඔබ දන්නවද ප්‍රතිජීවක ඖෂධ අවභාවිතය නිසා ලෝකයම මරණය අබියස කියලා..”
2050 වසර වන විට ප්‍රතිජීවක ඖෂධවලට එරෙහිව ඇති වන ප්‍රතිරෝධ ආසාදන හේතුවෙන් ලෝක ජනගහනයෙන් මිලියන 50 ක් මිය යන බව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු අඟවනවා.

ලෝකයට හඳුන්වා දුන් ප්‍රථම ප්‍රතිජීවක ඖෂධය පෙන්සිලින් ය. ඒ 1920 දශකයේදී පමණ. පෙන්සිලින් සොයා ගැනීමට පෙර ඇති වූ පළමු වැනි ලෝක යුද්ධයෙන් විශාල සංඛ්‍යාවක් මිය ගිය ද දෙවැනි ලෝක සංග්‍රාමයෙන් එතරම් විශාල ප්‍රමාණයක් මිය නොගියේ ඒ වන විට පෙන්සිලින් ප්‍රතිජීවක ඖෂධය සොයා ගෙන තිබු නිසා. ඉන් අනතුරුව ප්‍රතිජීවක ඖෂධ රාශියක් ලෝකයට හඳුන්වා දෙනු ලැබුවා. අතීතයේ මිනිසාගේ පරම ආයුෂ අවුරුදු 50 වී තිබුණ ද වර්තමානයේ එය අවුරුදු 80 දක්වා දීර්ඝ වුයේ ප්‍රතිජීවක ඖෂධ සොයා ගැනීමෙන්, බොහෝ ලෙඩ රෝග සුවපත් කර ගැනීමට හැකි වූ නිසා.

ප්‍රතිජීවක ඖෂධ භාවිත කෙරෙන්නේ බැක්ටීරියා මඟින් වැළ‍ඳෙන රෝගවලට. වෛරස් මඟින් වැළ‍ඳෙන රෝග සඳහා ප්‍රතිජීවක ඖෂධ භාවිත කරන්නේ නෑ.. එත් වර්තමානයේ ප්‍රතිජීවක ඖෂධ අවභාවිත කිරීම නිසා ප්‍රතිජීවක ඖෂධවලට එරෙහිව ප්‍රතිරෝධ බැක්ටීරියා ඇති වීමෙන් ප්‍රතිජීවක ඖෂධවලින් රෝග පාලනය කිරීමට නොහැකි තත්ත්වයක් හටගෙන තියෙනවා. මෙය සාමාන්‍ය ව්‍යවහාරයේ හැඳින්වෙන්නේ “බෙහෙත් අහන්නේ නැතිව යෑම” කියලා...

“ ඒ වගේම ප්‍රතිජීවක ඖෂධ නියමිත වේලාවට නියමිත මාත්‍රාවෙන් ලබා ගත යුතුයි. සමහරු ලෙඩේ සනීප වුණා කියලා බෙහෙත් නවත්වනවා. එය වැරදියි. ලෙඩේ සුව වුණත් නිර්දේශ කළ බෙහෙත් ප්‍රමාණය නියමිත විදිහට ගත යුතුයි.

තවත් සරලවම කියනවනම්...
ඕනෑම කෙනෙකුගේ බඩවැල්වල බැක්ටීරියා ඉන්නවා. එහි ශරීරයට හිතකර බැක්ටීරියා වගේම අහිතකර බැක්ටීරියා වර්ග තිබෙනවා. ඒ වගේම පිටතින් ශරීරය තුළට බැක්ටීරියා ඇතුළු වෙන්න පුළුවන්. අහිතකර බැක්ටීරියාවන්ගෙන් ආසාදන ඇති වුණාම ප්‍රතිජීවක ඖෂධ ලබා දෙනවා. හැබැයි ප්‍රතිජීවක ඖෂධ බාගෙට අරං නැවැත්තුවොත්, නියමිත වේලාවට නොගත්තොත්, හිතුමතේට ගත්තොත් බැක්ටීරියා මැරෙන්නේ නැතිව ප්‍රතිරෝධයක් හදා ගන්නවා. ඒ ප්‍රතිරෝධය තිබෙන බැක්ටීරියා මරන්න සාන්ද්‍රණය වැඩි ප්‍රතිජීවක ඖෂධ දෙන්න සිද්ධ වෙනවා. ඒ ඖෂධ අධික මිලකින් යුක්ත නිසා ලොකු වියදමක් දරන්න වෙනවා. ඒ වගේම රෝගය සුවපත් වෙන්න ගත වන කාලය වැඩියි. සමහර විට රෝහල්ගත වෙන්නත් වෙනවා.

මෙම භයානක තත්වය තවතවත් තීව්‍ර වන්නේ නව ප්‍රතිජීවක ඖෂධ නිෂ්පාදනය ලෝකයේ ඖෂධ සමාගම් නවතා දමා ඇති නිසා.

ලෝකයේ ඖෂධ නිෂ්පාදන සමාගම් වසර 20කින් වත් ලෝකයේ නව ප්‍රතිජීවක ඖෂධ නිපදවා නොමැති නිසා. ඊට හේතුව වසර 25ක් - 30ක් මුළුල්ලේ පර්යේෂණ සහ අත්හදා බැලීම් සිදු කරමින්, කෝටි ගණන් වියදම් කරමින් ඖෂධයක් නිපදවන විට ඊට ප්‍රතිරෝධී බැක්ටීරියා ඇති වීමෙන් ඖෂධය අපතේ යෑමෙන් විශාල නාස්තියක් සිදු වීම. අද වන විට ලෝකයේ ඖෂධ නිෂ්පාදන සමාගම් බැක්ටීරියා මඟින් ඇතිවන රෝගවලට එරෙහිව ප්‍රතිජීවක ඖෂධ නිෂ්පාදනය කිරීම වෙනුවට බෝ නොවන රෝග (අධි රුධිර පීඩනය, කොලෙස්ටරෝල්, දියවැඩියාව,පිළිකාව යනාදී රෝග) සඳහා ඖෂධ නිෂ්පාදනය කිරීමට පෙලඹී තියෙනවා . එම නිසා ප්‍රතිජීවක ඖෂධ ප්‍රයෝජනයට ගත් කාලය අවසන් වෙමින් පවතින බව තමයි පෙනී යන්නේ..

එහෙත් අපට ප්‍රතිජීවක ඖෂධ අත් හැර දැමිය නොහැකිය. ශරීර අභ්‍යන්තර ඉන්ද්‍රියයන් බද්ධ කිරීම ඇතුළු ශල්‍යකර්ම බොහෝමයකට පවා ප්‍රතිජීවක ඖෂධ අත්‍යවශ්‍ය සාධකයක්..

මේ නිසා අද ඉදන්වත්, හිතුමතේට ප්‍රතිජීවක ලබා ගැනීමක් කරන්න එපා. සරලව කියනවනම් පොලෙන් බඩු ගන්නවා වගේ ප්‍රතිජීවක අවභාවිත කරලා, ඔබත්, අපත් , මුලු ලෝකයක් අවධානමකට ලක් කරන්න එපා. වැඩිවිස්තර අවශය නම් එන්න අපේ ගෝල්ඩන් කෙයාර් ආයතනයට . ඇවිල්ලා අවශ්‍ය දේවල් අහල දැනගන්න..

Copied

✅ Ferrous Sulphate හෙවත් යකඩ පෙති ✅විශේෂයෙන් ගර්භනී මව්වරුන් සදහා ලබා දෙන      යකඩ පෙති දීර්ඝ කාලයක් පුරා නොතිබිනි..❤️ අ...
21/12/2022

✅ Ferrous Sulphate හෙවත් යකඩ පෙති ✅

විශේෂයෙන් ගර්භනී මව්වරුන් සදහා ලබා දෙන යකඩ පෙති දීර්ඝ කාලයක් පුරා නොතිබිනි..

❤️ අද දින සිට නැවත එය
අප වෙතින් ලබා ගත හැක ❤️

𝐀𝐩𝐬𝐚𝐫𝐚 𝐏𝐡𝐚𝐫𝐦𝐚𝐜𝐲 & 𝐍𝐢𝐬𝐡𝐚𝐝𝐚𝐧𝐢 𝐌𝐞𝐝𝐢 𝐋𝐚𝐛           2022/07/09 දින වසා ඇත.
09/07/2022

𝐀𝐩𝐬𝐚𝐫𝐚 𝐏𝐡𝐚𝐫𝐦𝐚𝐜𝐲 & 𝐍𝐢𝐬𝐡𝐚𝐝𝐚𝐧𝐢 𝐌𝐞𝐝𝐢 𝐋𝐚𝐛 2022/07/09 දින වසා ඇත.

21/12/2021

✅ New Pharmacy Song Release ✅

සුවහසක් පොදු මහජනතාවගේ නිදුක් නිරෝගී, සුවපත් හෙට දිනක් උදෙසා ඇප කැප වී, වෘත්තියෙන් ඔබ්බට ගිය කර්තව්‍යක් ඉටු කරන සියලුම ඖෂධශාලා හිමියන්, ඖෂධ තොග බෙදා හරින්නන්, ඖෂධවේදීන් හා ඖෂධ ක්ෂේත්‍රයේ සියලුම සේවක මහත්ම මහත්මියනි, ඔබ රටට අභිමානයකි.සුවවිරු ඔබට මෙම ගීතය උපහාරයක්ම වේවා.!!!

✅ 𝐍𝐞𝐰 𝐒𝐭𝐨𝐜𝐤    ✅ 𝐕𝐢𝐭𝐚𝐦𝐢𝐧 𝐂 100 𝐦𝐠    ✅ 𝐆𝐥𝐨𝐯𝐞𝐬  𝐀𝐯𝐚𝐢𝐥𝐚𝐛𝐥𝐞
29/09/2021

✅ 𝐍𝐞𝐰 𝐒𝐭𝐨𝐜𝐤
✅ 𝐕𝐢𝐭𝐚𝐦𝐢𝐧 𝐂 100 𝐦𝐠
✅ 𝐆𝐥𝐨𝐯𝐞𝐬 𝐀𝐯𝐚𝐢𝐥𝐚𝐛𝐥𝐞

22/08/2021

පැරසිටමෝල් කියන්නෙ අපි බොහෝ දෙනෙක් බත් වගේ පුරුදු ඖෂධයක් .
පැරසිටමෝල් ගොඩක් අසනීප වලට ප්‍රත්‍යක්ෂ බෙහෙතක් .
නමුත් පැරසිටමෝල් වල අපි කරන අවභාවිතා නිසා මේක මාරාන්තික වෙන්න පුලුවන් .
ගොඩ දෙනෙක් නොහිතා කරන දේවල් ස්වල්පයක් කතා කරන්න හිතුනා.
පැරසිටමෝල් අපි බිව්වාම අක්මාව හරහා තමයි කැඩෙන්නෙ.
මෙහිදි මේ කැඩීම් ග්ලූටතියොන් නම් ප්‍රෝටීන් වලින්. මේ ප්‍රෝටීන් තමයි සුදු වෙන්න කට්ටිය ගන්නෙ.
ඒක වෙන කතාවක්. මාතෘකාවට ආවොත් , අක්මාවෙදි පැරසිටමොල් වල විශ අඩු කරන්නෙ මේ ග්ලූටතියොන් වලින්. N acytile 16 නම් රසායනිකය තමයි පැරසිටමෝල් විශ ග්ලුටතියෝන් වලට හරවන්නෙ.
මේකෙ භයානක තත්ත්වය තමයි ඇල්කොහොල් ගත්ත කෙනෙක් ගෙ ඇල්කොහොල් වල විශ අඩු කරන්නත් මේ ග්ලූටතියොන් ඕනි වෙනවා. අපි දැකලා තිබෙනවා සමහරු කලින් දා ඇල්කොහොල් අරන් උදේට එන හිසේ කැක්කුම ට පැරසිටමෝල් බොනවා. මේ වෙලාවෙදි පැරසිටමෝල් වල විශ අඩු කරන්න තියෙන ග්ලූටතියොන් ටික ඇල්කොහොල් වල විශ නැති කරන්න වියදම් වෙලා. ඉතින් පැරසිටමෝල් විශ වෙලා අක්මාව නරක් වෙන්න බලපානවා.ඉතින් අක්මාව කියන්නෙ මිනිස් සිරුරේ වටිනාම අවයවයක්. මේ විශ නිසා සමහර අවස්ථා වලදී අක්මාවට ඉතාම ඉක්මනින් හානි වෙන්න පුලුවන් . ඉතින් කවුරු හරි කලින් දවසෙ බීලා උදේ පැරසිටමෝල් බොන්න හැදුවොත් ඒක කරන්න දෙන්නෙපා. මොකද අක්මා රෝග බොහොම වේදනාකාරී තමාට වගේම සමීපතමයන්ටත්.

අනිත් දේ තමයි පැරසිටමෝල් + එක්ක කොඩේන් තියන ( රැපිඩීන්, පැනඩීන් ) ටැබ්ලට් ගන්නවා ටිකක් වේදනාකාරී අවස්ථාවන් වලදී . නමුත් ඔබ දරුවෙකුට කිරි දෙන මවක් නම් කවදාවත් මේ සුසංයෝග සහිත බෙහෙත් බොන්නෙපා. මොකද දන්නවද මේ කොඩේන් කියන්නෙ අක්මාවෙන් කැඩුනට පස්සෙ හැදෙන්නෙ මෝර්ෆීන්. මේ මෝර්ෆීන් කුඩා දරුවන්ගෙ පෙන්හළු ප්‍රාරාචීරය අක්‍රිය වෙනවා. මෙහෙම වෙන්නෙ සුළු ඇදුම තත්ත්වයක් තියන අයගෙ . මේ drug එක නිශ්පාදනය කරපු මුල් කාලෙ එංගලන්තයේ ළමා මරණ අනුපාතය ඉතා සීග්‍රයෙන් වැඩි වුනා.

ඉතින් මේකෙ බරපතලකම දන්නෙ නැතුව මේ විදියට කවුරු හරි කිරි දෙන අම්ම කෙනෙක් ගන්නවා නම් මෙ කතාව කියල දෙන්න.
ඒ වගේම ග්ලූටතියොන් වලින් සුදු වෙන්න කොහොම ද්?
මේ ග්ලූටතියොන් වැඩි නම් මෙලනින් අඩු වෙනවා. මෙලනින් අඩු නිසා සුදු වෙනවා. එක සුදක්ම නෙවෙයි.
අරක්කු ගොඩක් බොන අය ඇයි අමුතු අදුරක් මූනෙ තියෙන්නෙ කියලා තීරණය කර ගන්න ලේසියි ...
මේ ලිපිය වැදගත් නම් තවත් අයට බලා ගන්න බෙදාරින්න.
අපේ page එකට එකතු වෙන්න , සුව දිවි දිරිය ෆේස්බුක් සමූහය ට එක්වන්න.

Address

Andaulpotagama
218-6

Opening Hours

Monday 07:00 - 20:00
Tuesday 07:00 - 20:00
Wednesday 07:00 - 20:00
Thursday 07:00 - 20:00
Friday 07:00 - 20:00
Saturday 07:00 - 20:00
Sunday 07:00 - 20:00

Telephone

+94779973938

Website

Alerts

Be the first to know and let us send you an email when Apsara Pharmacy & Nishadani Medi Leb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Apsara Pharmacy & Nishadani Medi Leb:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram