10/04/2022
තුන්වෙනි ලෝකයේ හොදම සෞඛ්‍යය පද්ධතිය අවසානයි
ඔබ මෙච්චර කල් ටවුමේ චැනල් සෙන්ටර් එකේ ඩොකටර් ට බනින්න ඇති. ඒ තමන්ගේ විවේකයක් ගන්න තියෙන වෙලාවේ ඇවිත් ලෙඩ්ඩු ටිකක් බලලා කීයක් හරි හොයාගන්න එකට. ඒ එක්කම තමයි ක්ලිනික් එකේ ඩොක්ටර්ට බනින්න ඇති මොකද 600 - 700 විතර ඉන්න ක්ලින්ක් එකේ 3 දෙනෙක් විතර ඉදන් සේරම ලෙඩ්ඩු බලලා ඉවරකරද්දි ඔබට අහගන්න තිබ්බ දෙයක් අහන්න බැරි උන එකට. ඒ එක්කම වාටුවේ මිස්ට බනින්න ඇති. ඔබේ අතට දාපු සේලයින් එක පොඩ්ඩක් ගලවන්න වෙලා ගියාම. ඒ එක්කම පහුගිය කාලේ වැක්සීන් ගහන්න පෝලිමේ ඉද්දි අපේ පලු අරින්න ඇති. ඒත් මේ කිසිම එකක්ට වැරදි සෞඛ්‍යය ක්ශේත්‍රයේ අපි නෙවේ. රටේ පාලන තන්ත්‍රය. ඒ මොකද කිවෙත් රටේ හැම දෙයින්ම සෘජු හා වක්‍ර බදු දරාගන්න බැරි තරම් අරගෙන ඔබට අවශයය සෞඛ්‍යය පහසුකම් දියුණු කරන්න උත්සහ නොකලට ඇමරිකාවේ එන්ගලන්තේ ඕස්ට්‍රේලියාවේ වගේ ලෙඩා අපූ ගමන් ලෙඩාගේ හැම ටෙස්ට් එකක්ම එකපර නොවුනට ආපු ගමන් ගන්න FBC එකෙන් ඔය හැමතැනම හොයගන්න ලෙඩ ටික හොයාගන්න අපි උත්සහ කරනවා. ඒ එක්කම ඩෙන්ගු වගේ ලෙඩ ගත්තම හොයාගත්ත මුල්කාලේ ලෙඩ්ඩු 10% මැරෙනවා. ඒත් දැන් ඩෙංගු රක්තපාත තත්තවයට යන රෝගීන්ගෙනුත් මරනයට පත්වන්නේ 0.2% පමණ. මොන ලෙඩේ ගැන කතා කරත් එහෙම තමයි. සමහර විට අපි ආයතනයකට ගියොත් අද එයා නැ කියලා හැරිලා ආපු දවස්ගාන අනන්ත වෙන්න පුලුවන්. එත් හොස්පිටල් එකක 10ක් ඉන්න ඔනේ තැන වැඩ කරන්න ඉන්නේ 3 දෙනයි කියලා කිසිම ලෙඩෙක්ගේ වැඩක් බාගෙට කරලා ගෙදර යවනවා ඔයාල දැකලා තියෙනවාද?
මෙන්න මේ කැපකිරීම නිසා තමයි ශ්‍රි ලංකාව තුන්වෙනි ලෝකයේ සෞඛ්‍යය අතින් ඉහලම ස්තානයේ ඉන්න රට වෙලා තියෙන්නේ. ළදරු මරණ අනුපාතිකය , මාතෘ මරණ අනුපාතිකය වගේ සෞඛ්‍යය නිර්ණායක ගත්තොත් බොහෝ විට අපි දෙවෙනි වෙන්නේ ලෝකයේ දියුණුම රට්වල් කීපයකට පමණයි. අන්න ඒ නිසාම ශ්‍රි ලංකාවේ සෞඛ්‍යය පද්ධතිය ලෝකයේ විශේෂ සෞඛ්‍යය පද්ධතියක් විදියට අදුරගෙන තියෙනවා. ශ්‍රි ලංකාවේ සෞඛ්‍යය පද්ධතිය Best low cost health system කියලා හදුන්වන්න තරම් අපි දියුණුයි. ඒකට බොහෝ හේතු තියෙන බව ඇත්ත. ඒත් එකට තියෙන වැදගත්ම හේතුව මිඩ් වයිෆ්ගේ ඉදන් විශේෂඥ වෛද්‍යයවරයා දක්වා තියෙන කැපවීම. මාසෙට OT පැය 300ක් විතර කරන වෛද්‍යයවරු ඒ වෙනුවෙන් වැටුප් ලබන්නේ පැය 120කට පමණයි. ඔයගොල්ල අහන නිදහස් අධ්‍යාපනයෙන් අපි ගත්තෙ දේවල් වෙනුවෙන් අපි රටට දෙන දේ තමයි මේ.
අපි සෞඛයය සේවකයෝ විදියට මේවා දියුණු කරන්න කොච්චර ඉල්ලිම් කලත් ඒවා දියුණු වීමක් උනේ නැ. වෙච්ච එකම දේ තමයි අපේ පොඩි පොඩි සීනිබෝල වරප්‍රසාද පෙන්න පෙන්න රටේ මිනිස්සු ටික කුලප්පු කරපු ටික. ඒ එක්කම සෞඛ්‍යය ක්ශේත්‍රයේ හිටපු එක් එක කොටස් කොටවපු එක.
කොහොම උනත් කොරොනා කාලේ වෙද්දි මේ වෙනකම් පාලනයේ උන්න ආන්ඩු සේරගෙම නිරුවත පෙනුනා. ඒ තමයි ඒ වෙද්දි රටට තිබ්බ අයි සී යූ ඇදන් ගනන 500ක් වගේ. වෙන්ටිලේරට් ගාන 100ක් වගේ. ජර්මනිය වගේ රටවල්වල ජනගහනයෙන් 100,000කට අයි සී යූ ඇදවල් 47ක් තියෙද්දි අපේ රටේ මිනිස්සුන්ට තියෙන්නේ 2- 3 අතර ගානක්. අනිත් සෞඛ්‍යය පහසුකම් ගත්තත් ඔය තත්ත්වයම තමයි. ලංකාවට පෙට් මැෂින් එකක් ගන්න මිනිස්සු කරපු දේවල් හැමෝටම මතක ඇති කියලා හිතනවා. දවසක් ලෙක්චර කෙනෙක් කීවා මතකයි දළදා මාලිගාව වටේ රේස් එකක් තියෙන වියදමින් පෙට් මැශින් 3ක් ගන්න පුලුවන් කියලා. එතකොට අපිට සරලව පේන දේ තමයි ලංකාවේ ඉන්න 225ක් සහ ඔවුන්ගේ පවුල් වල නඩත්තුව වෙනුවෙන් අපි අපේ සෞඛ්‍යය , අධ්‍යාපනය සහ තවත් ගොඩක් දේවල් වලට තියෙන බදු මුදල් නාස්ති කරනවා. අර කිව්ව උදාහරණයට අනුව රටේ සෞඛ්‍යය පද්ධතිය දියුණු කරන්න ඔනේ සියලුම වියදම් වලට මේ 225 දෙනා නාස්ති කරන මුලු වියදම වැඩිත් එක්ක කියලා හිතන්න පුලුවන්.
දවසක් මම පාරේ යද්දි ඔන්න මුලින්ම පොලිස් වාහන පෝලිමක්, ඊට පස්සේ බයික් පෝලිමක් , ඊටත් පස්සේ තවත් වාහන පෝලිමක්, ඊට පස්සෙ තමයි අදාල ඇමති වරයා එන්නේ. ඊටත් පස්සෙ තවත් වාහන පෝලිමක්. ඒ එක්කම දියුණු රටවල් වල නායකයෝ යන හැටි දැක්කම මේ ජීවියෝ ඉන්නේ කොච්චර හීනමානයකින්ද කිය්ලා හිතෙනවා. ජනාධිපතිගේ ඉදන් හැමදෙනාම එන්නේ බයිසිකලේ. හරිම සරලයි.
ඉතින් මෙහෙම ජනතාවගේ සල්ලි වියදම් කර කර , ඔනැවටත් වඩා සැප විද විද, තවත් ලොකූ ප්‍රමාණයක් නාස්ති කර කර, ඩොලර් මිලියන් ගානක් පිටරටවල් වල එකතු කරද්දි ලංකාවේ මිනිස්සු දවසකට වේලක් හරි කාල ඇදලා ඉන්නවා කියද්දිත් පුදුම හිතෙනවා. අපිට මෝඩයෝ වගේ පේන සමහර අය පවුල් වලින් ලැබුන කිසිම ධනයක් නැතිව කිසිම වයාපාර ආදායමක් නැතිවම ආසියාවේ ධනවත්ම පුද්ගලයන් කීප දෙනා අතරට එද්දි , ඒ රටේ ඉන්න බුද්ධිමත් කියලා හිතන අපියි අපේ ඉපදෙන්න ඉන්න ලමයිනුයි ඩොලර් මිලියන ගානක් වෙන රටවලට නයයි.
ඉතින් මේ කීවේ අපේ බදු මුදල් වියදම් කරලා අපේ රට සංවර්ධනය කරපු හැටි සහ සෞඛ්‍යය සංවර්ධනය කරපු හැටි. කොටින්ම කීවොත් මම පහුගිය කොරෝනා කලේ හොස්පිටල් වල කොරොනා යුනිට් හදන්න ජනතා මුදල් ඉල්ලලා දාපු පොස්ට් ඔනේ තරම් දැක්කා. හැබැයි සමහර විට ඒවටත් එක්ක වියදම් භාණ්ඩාගාරයෙන් එලියට අරන් ඇති. ඒවා දන්නේ ඒ ගොල්ලම තමයි.
ඇතිවෙලා තියෙන ආර්ථික පරිහානියට එකම හේතුව කොරෝනා කියලා ආන්ඩුව කියද්දි ඉන්දියාව, වියට්නාමය, බංගලාදේශය වගේ රටවල් කොරෝනා අතර කාලයේ ඉතා ඉහල ආර්ථික වර්ධනයක් ලබා ගත්තේ කොහොමද කියන එක අපිට තියෙන ඉතා විශාල ගැටලුවක්. මොකද ශ්‍රි ලංකාව හරියට කොරෝනා වලට මුහුන දෙන්න පටන් ගනිද්දි අනික් රටවල් වැක්සීන් දෙකකුත් ගහගෙන රට සම්පූර්ණයෙන් ක්‍රියාකාරී වෙනවා. මුල් කාලයේ ඇස්ට්‍රාසෙනිකා වගේ එන්නත් 3$ වගේ මුදලකට ලබාගන්න පුලුවන් කම තියෙද්දි අර්බුධය වර්ධනය වෙන්න ඉඩහැරලා බංගලාදේශය 10$ ගානේ ගත්ත චීන එන්නත් 15$ ගානේ ඒ කාලයේම ගත්තා මතක ඇති. ඒ වගේ එන්නත් මිලියන ගානක් ගහලා අනිත් පැත්තට ඒක හොද නැ කියලා අයෙම පයිසර් මිලියන ගානක් ගැහුවා මතක ඇති. 2021 ජූලි වෙද්දි ලංකාවට සයිනොෆාර්ම් මිලියන 7ක් ගෙන්නලා තියෙනවා. එතකොට ඒකෙන් රටට වුන පාඩුව ඔබට හිතාගන්න පුලුවන් ඇති කියලා හිතනවා.
ඒ එක්කම තමයි බොහෝරටවල් වල කොවිඩ් කිට් නොමිලේ බෙදාදීම සිදුකරද්දි අපි Rapid test එකක් වෙනුවෙන් ඉතා විශාල මුදලක් අය කලා. ඒකට ප්‍රධාන හේතුව රැපිඩ් කිට් වල අධික මිල. රැපිඩ් කිට් පැක් එකක්ම 2000ක් වගේ ගානකට ගෙනත් එක කිට් එකක් 2000ගානේ ලබාදීමෙන් ඒවා ගෙන්නපු සමාගම ලබපු ලාබය හිතාගන්න පුලුවන් ඇති කියලා හිතනවා. රජයට සෘජුව ගෙන්වීම කරන්න තියෙද්දි වෙනත් ආයතනයක් මගින් ඒක සිදුවුනේ ඇයි කියන එක ඉතාම ගැටලු සහගතයි.
දැනට මාස 3ක විතර ඉදන් මනුස්සයෙක්ට බොන්න පැරසිටමෝල් පෙත්තක් නැතිවෙන තත්ත්වයට පත්වෙලා තියෙද්දි අපි ලොකු ලොකු බෙහෙත් ගැන කතා කරලා වැඩක් නැ. මේ වෙද්දි රජයේ රෝහල වල තියා පෞද්ගලික අංශයේවත් අවශ්‍යය තරම් ඖෂධ නැ. මේ වෙද්දි පපුවේ අමාරු වලට දෙන බෙහෙත් නැ. පපුවේ අමරුවක් හැදුනොත් ඉවරයි. සරපයෝ කැවම විදින එන්නත් නැ. එකෙක් කැවොත් ඉවරයි. මේ උදාහරණ කීපයක් විතරයි.
මේ වෙද්දි ලෝකයේ හොදම Low cost health system එක බෙහෙත් නැතිව හොස්පිටල් වල ලෙඩ්ඩු මැරෙන health system එකක් වෙලා තියෙනවා කීවොත් ඔබ හැමෝටම පිළිගන්න වෙනවා. මේකට මම සංඛ්‍යා දත්ත පෙන්නන්න ඔනේ වෙන්නේ නැ. සරලව කියනවානම් ඔබ හැමෝම මේ වෙද්දි මේ තත්ත්වය අත් දැකලා ඇති කියලා හිතනවා. මේ අනතුර පෞද්ගලික අංශය තුළ මාස දෙක තුනක ඉදලා දැක්කත් , තත්ත්වය ඔබම අත්දකිනකම් ලියන්න පරක්කු වුන එක ගැන කනගාටු වෙනවා. වැඩේ වේගෙන එද්දිම එක එක හේතු කියලා සමහරු අයින් වුනා අපි දැක්කා. නමුත් රජයේ නිළධාරින්ට ගැටලු ජනතාවට නොකියා මාරුවෙලා යන්න පුලුවන්ද කියන එක මටනම් ගැටලුවක්. ඒත් අපි තවම සෞඛයය අර්බුධයේ මූලික අවස්ථාවේ. මේ අවස්ථාවේ නිසි විකල්ප නොයෙදුවොත් ඉතා විශාල ගැටලු වලට මුලු රටටම මුහුන දෙන්න වෙන්න පුලුවන්. ඒ එක්කම කොරෝනා අස්සේ ආපු පැනි, කල්ක වගේ අලුත් සොයාගැනීම් බොහොමයක් ඉස්සරට එන්න පුලුවන්. ඒවාගෙන් පරිස්සම් වෙන්න.
Dr Sanjaya U Jayasooriya
General practitioner