Millennium Pharmacy

  • Home
  • Millennium Pharmacy

Millennium Pharmacy ~We take care of your health~

16/05/2025

ඔන්න ඉතින් අදත් වැදගත් මාතෘකාවක් ගැන ලියන්න හිතුවා.. ඔයාල හැමෝම කවදා හෝ දවසක බඩ දැවිල්ලක් ආපු වෙලාවක Digene පෙත්තක් හපලා කාලා, Gaviscon, Belcid වගේ Syrup (syrup කියලා මේ ලිපියේ පහසුවට කිව්වට ඇත්තටම හරිම වෛද්‍ය විද්‍යාත්මක වචනය suspension කියන එක 😊😊) එකක් බීලා ඇති.. ඒත් ඔබ දැනගෙන හිටියා ද මේ දේවල් හරියට ගත්තෙ නැත්නම් අදාළ ප්‍රථිපල ලැබෙන්නේ නෑ කියලා.. මම අද ඒ ගැන ලියන්න හිතුවා..

Digene, Gaviscon, Belcid වගේ Tablet, Syrup වලට පොදුවේ කියන්නේ antacid කියලා..

මොනවද මේ Antacid කියන්නේ..?
Antacid කියන්නේ acid උදාසීන කරන්න පුළුවන් කියන එක.. මෙන්න මේ antacid නිශ්පාදනය කරලා තියෙන්නේ Aluminum Hydroxide, Magnesium Hydroxide, Magnesium Trisilicate වගේ රසායනික සංයෝග වලින්..

කොහොමද මේ Antacid ක්‍රියා කරන්නේ..?
වැදගත්ම කරුණ නම් antacid වලට ආමාශයේ න් acid ශ්‍රාවය වන එක නතර කරන්න බෑ.. ඒකට පුළුවන් ශ්‍රාවය වෙලා තියෙන acid ටික neutralize කරන්න එහෙමත් නැත්නම් acid ටික උදාසීන කරලා දාන්න.. ඉස්සෙල්ලා මම කියපු digene, belcid, gaviscon වල තියෙන රසායනික සංයෝග භාස්මික රසායනික,. අන්න ඒ භාස්මික රසායනික සමග ආමාශයේ තියෙන acid ප්‍රතික්‍රියා කරලා ආමාශයේ තියෙන acid ටික උදාසීන කරලා දානවා.. ඔන්න ඕක තමයි antacid වල ක්‍රියාකාරීත්වය..

මෙන්න මේ antacid ගන්න වෙලාවට ඔබ කරන වැරදි මොනවද..? කොහොමද නිවැරැදි ව මේ දේවල් භාවිතා කරන්න ඕන..?

1. ගොඩක් අය හිතන් ඉන්නේ මෙන්න මේ antacid ගන්න ඕන කෑමට පෙර කියලා.. මෙන්න මේ දේ නම් වැරදි කතාවක්.. Antacid ගන්න හොඳම වෙලාව කෑම අරගෙන පැයත‍් දෙකත් අතර කාලයක.. ඒකට ප්‍රධාන හේතුව නම් ආමාශයේ වැඩිපුරම acid ශ්‍රාවය වෙලා තියෙන්නේ කෑම අරගෙන පැයක් පමණ ගත උණාට පස්සෙයි. ඒක නිසා සාර්ථක ප්‍රතිඵල ගන්න නම් කෑම අරගෙන පැයක්, පැය දෙකක් අතර ගන්න..
2. ගොඩක් අය කරන තවත් වරදක් තමයි ඔබ වෙනත් රෝගයකට බෙහෙත් ගන්නවා නම් ඒ බෙහෙත් බීපු වෙලාවෙම මෙන්ම මේ antacid භාවිතා කරනවා.. මේ දේ ගොඩක්ම වැරදි දෙයක්.. ඒකට හේතුව තමයි බොහෝ ඖෂධ ශරීරයට උරා ගැනීම සැලකිය යුතු ප්‍රමාණයකි න් අඩු වෙනවා වෙනත් ඖෂධ හා antacid එකම වෙලාවක් තුළ ගැනීම නිසා..ඒ හේතුව නිසා ඔබ වෙනත් ඖෂධ ලබා ගන්නේ නම් ඒ ඖෂධ ලබාගෙන පැයක්, දෙකක් පමණ පරතරයක් තබාගෙන antacid ලබා ගන්න..
3. සමහර ඖෂධ නිශ්පාදනය කරන්නේ භාස්මික මධ්‍යයේ දියවී ශරීරයට උරා ගන්න.. ඒ කියන්නේ ඒවා අන්ත්‍රයේදී තමයි දිය වෙලා ශරීරයට උරා ගන්නේ.. මෙන්න මේ ඖෂධ නිශ්පාදනය කරන්නේ විශේෂිත ආවරණයක් මගින් ඖෂධ ආවරණය කරලා.. අපි අන්න ඒ වගේ පෙති වලට කියනවා enteric coated tablet කියලා.. මෙන්න මේ පෙති ආමාශයේ දි ඒ කියන්නේ ආම්ලික මධ්‍යයේ දි දිය වෙන්නේ නෑ.. හැබැයි මේ වගේ enteric coated පෙති එක්ක digene, gaviscon වගේ දේවල් ගත්තම ආමාශයේ ආම්ලික ගතිය අඩු වෙලා භාස්මික වෙනවා.. එහෙම උනොත් වෙන්නේ entoric coated tablet ආමාශය තුළ දිය වෙනවා.. එහෙම උනොත් ඒ ඖෂධය මගින් අදාළ ප්‍රථිපලය ලැබෙන්නේ නෑ.. මෙන්න මේ නිසා enteric coated විඳිය ට හදපු ඖෂධ සමග digene, gaviscon වගේ ඒවා ගන්න යන්න එපා.. පැයක් දෙකක් පමණ පරතරයක් තබාගෙන antacid භාවිතා කරන්න..

මොනවද එන්න පුළුවන් අතුරු ආබාධ..?
1. එන්න පුළුවන් ප්‍රධාන අතුරු ආබාධයක් තමයි මේ antacid නිෂ්පාදනයට ගන්න aluminum hydroxide වලින් මළ බද්ධය ඇති වීම.. ඒ වගේම magnesium hydroxide වලින් බඩ බුරුල් කර මල පහ පිටවීම.. මෙන්න මේ අතුරු ආබාධ දෙක පාළනය කරන්න හොඳම විසදුම තමයි මේ සංයෝග දෙකම එකතු කරලා antacid නිශ්පාදනය කිරීම.. අන්න ඒ විඳිය ට තමයි ගොඩක් antacid නිශ්පාදනය කරලා තියෙන්නේ..
2. තව ඔක්කාරය, වමනය වැනි රෝග ලක්ෂණ එන්න පුළුවන්..

විශේෂ කරුණු...
1. ගැබිනි සහ කිරි දෙන මව්වරුන්ට මේ antacid ලබාදෙන්න පුළුවන්..
2. දවසට තුන් හතර පාරක් භාවිතා කරන්න පුළුවන්.. (ආහාර වේල් දෙකක් අතරතුර සහ නිදා ගැනීමට පෙර ආකාරයට, මීට අමතරව gastrities උග්‍ර වූ අවස්ථාවේ ලබා ගත හැක. )
3. පෙති වලට වඩා සිරප් වලින් ලැබෙන ප්‍රථිපලය ඉක්මන් සහ වැඩි යි.
4. වකුගඩු සහ අක්මා රෝග වලදී පරිස්සමින් ලබා දිය යුතුයි..

ඉතින් මම හිතනවා මේ සම්බන්ධව හොඳ දැනුමක් ලැබෙන්න ඇති කියලා.. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනව නම් comment කරන්න,

ඒ වගේම like කරන්න, share කරන්න,
Page එකත් follow කරලා තියා ගන්න..

එහෙනම් තවත් මේ වගේ ලිපියකින් හමු වෙමු..
RASIKA GAMAGE,
SLMC Registered Pharmacist,
B.Sc. (UOJ), Certificate of Efficiency as Pharmacist (CMCC)

වේලාව ඉතිරි කරගන්න, ඉක්මණින් ගෙදර යන්න..
31/03/2025

වේලාව ඉතිරි කරගන්න, ඉක්මණින් ගෙදර යන්න..

සුභැති සුවැති සුභ අලුත් අවුරුද්දක් වේවා...!
13/04/2024

සුභැති සුවැති සුභ අලුත් අවුරුද්දක් වේවා...!

UN global celebration of wildlife each 3 March 🐋🌱For  , we're   & Exploring   in Wildlife Conservation 📱🌐
02/03/2024

UN global celebration of wildlife each 3 March 🐋🌱

For , we're & Exploring in Wildlife Conservation 📱🌐

28/02/2024

උපත් පාලන පෙති නිසියාකාරව ලබා ගත්තද ගැබ් ගැනිමේ හැකියාවක් ඇති බව ඔබ දන්නවාද...

කොහොම ද එහෙම වෙන්නේ..?

අපි ඕනම ඖෂධයක් මුඛ මාර්ගයෙන් ලබා ගත් විට අපේ අක්මාව හදුනා ගන්නේ ආගන්තුක දෙයක් විෂ දෙයක් විඳියට.. මෙන්න මේ නිසා අක්මාව තුළ තිබෙන එන්සයිම මගින් මෙන්න මේ ඖෂධ බිඳ හෙළන්න පටන් ගන්නවා.. අක්මාව මගින් ශ්‍රාවය වෙන එන්සයිම ප්‍රමාණය මත බිඳ හෙලන ඖෂධ ප්‍රමාණය වෙනස් වෙනවා...

ඕනම ඖෂධයක් ලබා ගත් පසු ඒ මඟින් අපි බලාපොරොත්තු වෙන ප්‍රථිපලය ලැබීමට නම් රුධිරය තුළ එම ඖෂධය පැවැතිය යුතු අවම සාන්ද්‍රණයක් තිබිය යුතුයි.. මෙන්න මේ අවම සාන්ද්‍රණය යම් හෙයකින් අඩු වීමක් සිදු උනොත් අපි බලාපොරොත්තු වෙන ප්‍රථිපලය ලැබෙන්නේ නෑ..

ඉතින් රුධිරයේ තිබිය යුතු අවම සාන්ද්‍රණය අඩු වෙන්න පුළුවන් විවිධ හේතු පවතිනවා.. ඉන් එකක් තමයි අක්මාව මගින් බිඳ හෙලන ඖෂධ ප්‍රමාණය වැඩි වීම..මෙන්න මේ විඳිය ට ඖෂධ වැඩි පුර බිඳ හෙළන්න නම් අක්මාව තුළින් ශ්‍රාවය කරන එන්සයිම ප්‍රමාණය වැඩි වෙන්න ඕන...

සමහර ඖෂධ [hepatic enzyme inducer] මගින් අක්මාව මගින් ශ්‍රාවය කරන එන්සයිම ප්‍රමාණය සාමන්‍යයෙන් ශ්‍රාවය කරන ප්‍රමාණය ට වඩා වැඩි කිරීමක් කරනවා...ඉතින් මෙන්න මේ ඖෂධ වර්ග සමග උපත් පාලන පෙති ලබා ගත්තොත් ඔබ නිසියාකාරව එම පෙති ලබා ගත්තද ඔබ ගැබ් ගැනිමේ අවදානමක් පවතිනවා...
උපත් පාලන පෙති ලබා ගැනීම මගින් අදාළ ප්‍රථිපල ය ලැබෙන්න නම් අදාළ ඖෂධ ය රුධිරය තුළ පැවැතිය යුතු අවම සාන්ද්‍රණය ක‍් තිබෙනවා.. ඉතින් අක්මාව මගින් ශ්‍රාවය කරන එන්සයිම ප්‍රමාණය වැඩි වීමක් උනොත් බිඳ හෙලන ඖෂධ ප්‍රමාණය වැඩිවීම මගින් රුධිරයේ පැවැතිය යුතු අවම සාන්ද්‍රණය නැති වි යාමෙන්පසු ගැබ් ගැනිමේ අවදානමක් පවතිනවා..
අපි දැන් බලමු මෙන්න මේ විඳිය ට අක්මාව මගින් ශ්‍රාවය කරන එන්සයිම ප්‍රමාණය වැඩි කරන්න පුළුවන් ඖෂධ මොනවද කියල..

1. Rifampicin [ ක්ෂය රෝගය සහ ලාදුරු රෝගය සදහා ලබා දෙන ප්‍රතිජීවක ඖෂධයක් වන අතර මෙය ලබා ගන්නා අතරතුර උපත් පාලන පෙති වල ප්‍රථිපල නැති විය හැක.. ඖෂධ ය ලබා ගැනීම නතර කර මාස 6 ක් පමණ යනතෙක් වෙනත් උපත් පාලන ක්‍රමයක් භාවිතා කල යුතුය..]

2. Carbamazapine
2. Oxycarbamazapine
3. Phenytoin
4. Phenobarbital
5. Pirimidone [ අපස්මාරය සදහා ලබා දෙන මෙම ඖෂධ මගින් ද අක්මා එන්සයිම සාන්ද්‍රණය වැඩි කරන අතර මෙම ඖෂධ සමග උපත් පාලන පෙති ලබා ගැනිමෙන් ගැබ් ගැනීමට ලක් වීමේ අවදානමක් ඇති අතර දීර්ඝ කාළයක් මෙම ඖෂධ ලබා ගන්නා බැවින් ඖෂධ නැවැත්වීමේ න් පසුව ද මාස 6 ක් පමණ වෙනත‍් උපත් පාලන ක්‍රමයක් භාවිතා කල යුතුය..]

6. Nevirapin

7. Grisiofulvin [දිලීර රෝග සදහා ලබා දෙන ඖෂධයක්]

Post එක share කරන්න, like කරන්න, Comment කරන්න, follow කරන්න..

තවත් මේ වගේ තොරතුරු දැන ගන්න page එක follow කරලා තියා ගන්න. .

Rasika Gamage,
SLMC Registered Pharmacist,
B.Sc (UOJ), Certificate of efficiency as Pharmacist (CMCC)

28/02/2024

අද අපි කතා කරන්න යන්නේ ගොඩක් අය හොරෙන් හොරෙන් ගන්න, ඒ වගේම වැඩිපුරම අවභාවිත වන ඖෂධයක් වන sildenafil ගැන.. ගොඩක් අය නම් sildenafil කිව්වට නම් දන්නේ නැතුව ඇති.. cupid, silagra, vi**ra වගේ නම් නම් දන්නවා ඇති.. මෙන්න මේ වෙළඳ නාම වලින් තියෙන්නෙත් sildenafil ම තමයි.. සමාජය තුල මෙන්න මේ ඖෂධය ගැන ගොඩක් වැරදි මත තිබෙනවා.. ඒ නිසා ඖෂධය ගැන හරියට දැන ගන්න මේ ලිපිය අවසන් වනතුරු කියවන්න

ඇත්තටම මොනවද මේ sildenafil කියන්නේ...?
1998 දී Pfizer කියන ඖෂධ සමාගම මෙන්න මේ ඖෂධය නිෂ්පාදනය කරන්නේ නම් pulmonary hypertension එහෙමත් නැත්නම් පෙනහළු සහ හදවත අතර තියෙන නාල වල පීඩනය වැඩි උනාම ඒක අඩු කරන්න.. ඉතින් මෙන්න මේ ඖෂධය ගත්තම අතුරු ප්‍රථිපලයක් විඳියට පුරුෂ ලිංගය ප්‍රාණවත් වීම සිදු වෙන්න ගත්තා.. දැන් නම් ඉතින් මේ ඖෂධ ය බහුලව ම භාවිතා කරන්නේ ලිංගික අප්‍රාණිකත්වයට(Erectile Dysfunction) තමයි..

මොනවද මේ sildenafil ගැන තියෙන මිත්‍යා මත..?
1. බොහෝ තරුණ අය හිතාගෙන ඉන්නේ මෙන්න මේ ඖෂධය ශුක්‍රාණු පිට කිරීමට ගතවන කාළය පරක්කු කරනවා කියලා.. එහෙම නැත්නම් ක්ෂණික මෝචනය ට විසදුමක් කියලා.. මෙන්න මේ දේ සම්පූර්ණ මිත්‍යාවක්.. sildenafil වලට ශුක්‍රාණු පිට කරන කාළය දීර්ඝ කරන්න බෑ.. මෙන්න මේ වැරදි මතය නිසා ලිංගික අප්‍රාණික තත්වය (Erectile dysfunction)නැති තරුණ අයත් මේ ඖෂධ ය ගන්න පෙළඹිලා තිබෙනවා..

2. අනිත් කාරණය නම් තරුණ පිරිස් හිතාගෙන ඉන්නවා sildenafil සමග විටමින් වර්ග සහිත පෙත්තක් ගැනීම මගින් sildenafil වල ක්‍රියාකාරීත්වය වැඩි කරන බව.. මේ දෙයත් තරුණ පිරිස් අතර තිබෙන වැරදි මතයක්..

3. මෙම ඖෂධය ලිංගික අප්‍රාණික තත්වයට තාවකාලික විසදුමක් මිස දීර්ඝ කාලීන විසදුමක් නොවේ.. දීර්ඝ කාලීන විසදුමක් ලබා ගැනීමට නම් සුදුසුකම් ලත් වෛද්‍යවරයකු ගෙන් ප්‍රතිකාර ලබා ගත යුතුය..

කොහොමද මෙන්න මේ ඖෂධය ලබා ගත යුත්තේ..?

1. මේ ඖෂධ ය වෛද්‍ය නිර්දේශ මත ලබා ගැනීම වඩාත් යෝග්‍ය වේ. නමුත් මේ දේ අද වන විට ප්‍රායෝගිකව සිදු නොවේ..

2. ලිංගික අප්‍රාණික තත්වයට භාවිතා කල යුතු අතර මෙමගින් ශුක්‍රාණු පිට වීමට ගතවන කාලය වැඩි වීමක් සිදු නොවේ..

3. සංසර්ගයට විනාඩි 30 ත‍් 60 ත‍් පෙර ලබා ගත යුතුය..

4. හිස් බඩට ගැනිමෙන් අවශෝෂණය වැඩි වෙයි.. ආහාර සමග ගත් විට අවශෝෂණය අඩු වි ප්‍රථිපල අඩු විය හැකිය..

5. පැය 24 ක් තුළ එක පෙත්තක ට වඩා නොගත යුතුය..

6. නිතර නිතර ලබා ගැනීම නොකල යුතුය.. මෙමගින් ඇබ්බැහිවීම ක් සිදු විය හැකිය

7. එක් දිනක් තුළ 100mg නොඉක්මවිය යුතුය..

මොනවද එන්න පුළුවන් අතුරු ආබාධ..?

මේ අතුරු ආබාධ වලින් එකක් හෝ කිහිපයක් ඇති වෙන්න පුළුවන්.

1. හිසේ කැක්කුම..
2. නහය අවහිර වීම..
3. ඇස් වල පෙනීම අඩු වීම.
4. ආලෝකය දෙස බැලීම අපහසු වීම..
5. ආහාර අජීර්ණය
6. කරකැවිල්ල

මෙම ඖෂධ ය ලබා ගැනිමේ දී පරෙස්සම් විය යුතු අවස්ථා මොනවාද..?

මෙම ඖෂධය යම් යම් අවස්ථාවල පරෙස්සමින් ලබා ගත යුතුය.. නැතිනම් ජීවිතය පවා අහිමි විය හැකිය..

1. හෘද රෝග සහිත පුද්ගලයන්..
2. රුධිර පීඩනය අඩු (hypotention) පුද්ගලයන්...
3. හදවත් රෝග සදහා nitrates වර්ගයේ ඖෂධ ලබා ගන්නා පුද්ගලයින්.. ISMN, GTN (දිව යට තබන පෙත්ත) . මෙම බෙහෙත් සමග sildenafil ලබා ගත් විට රුධිර පීඩනය අසාමාන්‍ය ලෙස අඩු වි මරණයට පත් විය හැකිය..
4. රුධිර පීඩනය අඩු කිරීමට භාවිතා කරන ඖෂධ සමග..
5. Tamsulosin වැනි ඖෂධ ලබා ගන්නේ නම් sildenafil ලබා ගැනීමට අවම පැය 6 ක‍ පැමිණ පමණ පරතරයක් තබා ගත යුතුය..

ඉතින් මීට පස්සේවත් වැරදි මත පස්සේ ගිහින් ලිංගික අප්‍රාණික බව නැති ඔබ මේ ඖෂධ ය ලබා නොගනී කියලා හිතනවා...

සැමට සුවැති දිවියක් ප්‍රාර්ථනා කරනවා..

මෙවැනි තොරතුරු දිගටම දැන ගන්න page එක follow කරලා තියා ගන්න කියලා කාරුණිකව ඉල්ලා සිටිනවා..

Like කරන්න, share කරන්න, Comment කරන්න

Rasika Gamage,
SLMC Registered Pharmacist,
B.Sc (UOJ), Certificate of efficiency as a Pharmacist (CMCC)

ලබැඳියන් වෙනුවෙන් වෙහෙසෙන ඔබ වෙනුවෙන්..රෝග අවදානම අඩු කරගෙන, පෝෂණය වැඩි කරගන්න..! 𝙈𝙖𝙡𝙞𝙗𝙖𝙣 𝙑𝙞𝙩𝙖𝙜𝙚𝙣 400𝙜 𝙈𝙖𝙧𝙠𝙚𝙩 𝙋𝙧𝙞𝙘𝙚 𝙍𝙨. ...
27/02/2024

ලබැඳියන් වෙනුවෙන් වෙහෙසෙන ඔබ වෙනුවෙන්..
රෝග අවදානම අඩු කරගෙන, පෝෂණය වැඩි කරගන්න..!

𝙈𝙖𝙡𝙞𝙗𝙖𝙣 𝙑𝙞𝙩𝙖𝙜𝙚𝙣 400𝙜
𝙈𝙖𝙧𝙠𝙚𝙩 𝙋𝙧𝙞𝙘𝙚 𝙍𝙨. 3000/=
𝙊𝙪𝙧 𝙋𝙧𝙞𝙘𝙚 𝙍𝙨. 2750/=
𝙎𝙖𝙫𝙚 250/=

ෆාමසි එකට එහා ගිය අපේ සේවාව 🌱පොලිමේ ඉන්නෙ නැතුව ඔක්කොම බෙහෙත් එකම තැනකින් ගන්න ඖෂධ වට්ටෝරුව අපිට Whatsapp කරන්න✅071 908 ...
15/02/2024

ෆාමසි එකට එහා ගිය අපේ සේවාව 🌱

පොලිමේ ඉන්නෙ නැතුව ඔක්කොම බෙහෙත් එකම තැනකින් ගන්න ඖෂධ වට්ටෝරුව අපිට Whatsapp කරන්න

✅071 908 6917/ 077 647 2322 අංකයට ඇමතුමක් දෙන්න. නැත්නම් ඔබගේ බෙහෙත් වට්ටෝරුවේ ඡායාරූපයක් 071 908 6917 අංකයට WhatsApp කරන්න.
✅ඉක්මන් බෙදාහැරීම සහ බෙහෙත් ලැබුනු පසු මුදල් ගෙවීමේ හැකියාව
Introducing the dedicated WhatsApp number 071 908 6917 to manage prescription orders and all product inquiries
You can call us on Hotline 077 647 2322

Yes..! We are now OPEN until 10.00pm 😊Need to order your meds? We are deliver to your doorstep! Upload your prescription...
15/02/2024

Yes..! We are now OPEN until 10.00pm 😊
Need to order your meds? We are deliver to your doorstep! Upload your prescription via WhatsApp 071 908 6917

31/12/2023

Address

No. 41, Yatiyanthota Road

10700

Opening Hours

Monday 07:30 - 21:00
Tuesday 07:30 - 21:00
Wednesday 07:30 - 21:00
Thursday 07:30 - 21:00
Friday 07:30 - 21:00
Saturday 07:30 - 21:00
Sunday 08:00 - 21:00

Telephone

+94719086917

Alerts

Be the first to know and let us send you an email when Millennium Pharmacy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your practice to be the top-listed Clinic?

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram