02/12/2025
පවතිනා ආපදා තත්ත්වයට මුහුණපා සිටින කුඩා සහ නව යොවුන් වියේ දරුවන්ගේ මානසික සුවතාවය නගා සිටුවීම සඳහා, අප Sound Minds ආයතනය විසින් "Bloom Hopes" නමින් ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත.
බලාපොරොත්තු නොවූ වේලාවක මුහුණ දෙන්නට සිදුවූ, මෙම ව්‍යසන තත්ත්වය හේතුවෙන්, ඊට මුහුණ දුන් දරුවන් සහ වැඩිහිටියන් මේ වන විට සිටින්නේ දැඩි මානසික ව්‍යාකූලතාවයකිනි.
ආපදා තත්ත්වය ඇතිවූ පසුව මුල් අවශ්‍යතා වන ආරක්ෂාව, ආහාර, ඇඳුම් පැළඳුම් සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය සඳහා දේශීය හා විදේශීය ලාංකිකයින්ගේ සහය කඩිනමින් ලැබෙමින් පවතී. එයට පසු අවශ්‍ය වන අනික් වැදගත්ම සහාය වන්නේ, මෙම අත්දැකීමෙන් ඇතිවන පශ්චාත් කම්පනය, බය සහ ආතතිය කළමනාකරණය කිරීමට අවශ්‍ය මානසික සහාය ලබාදීමට කටයුතු කිරීමයි.
ආපදා තත්ත්වය තව දින කිහිපයක් යන විටදී පහව ගියත්, ඉන් සිදුවූ මානසික කඩා වැටීම, කළමනාකරණය කර ගැනීමට ලොකු කුඩා ම සැමට මෙම සහාය ඉතාමත්ම වැදගත් වේ. තමන්ගේ අත්දැකීම් බෙදා ගැනීමට, දැනෙනා හැඟීම් මුදා හැරීමට, මනෝවිද්‍යාත්මක ප්‍රථමාධාර, මනෝ උපදේශනය, කණ්ඩායම් ක්‍රියාකාරකම් (art based)යොදා ගැනීමට හැකිය.
මෙම ක්‍රම හරහා දරුවන්ට ආරක්ෂිතව තම හැඟීම් මුදා හැරීමට අවශ්‍ය අවකාශය ලබාදීමටත්, තමන් ආරක්ෂිතයි යන හැඟීම ලබාදීමටත්, ආතතිය කළමනාකරණය කරගැනීමටත්,, අවිශ්වාසය හා අවිනිශ්චිතතාවය සමඟ ජීවිතය පිළිබඳ ගොඩනැගුණු සිතුවිලි සැකසීමටත්, මනෝසුවතාවයේ ගමන ආරම්භ කිරීමටත් හැකිවේ.
මෙම කාර්යය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා අපට ඔබගේ සහය අවශ්‍ය වේ.
අවශ්‍ය ද්‍රව්‍ය:
සුදු හා වර්ණ කොළ
වාර්නිෂ් කොළ
පාට ක්ලේ
පැන්සල්
පාට පැන්සල්
පැස්ටල්
ගම් බෝතල්
දියසායම්
පින්සල්
හොඳ තත්ත්වයේ Soft Toys (භාවිතා කළ/නොකළ)
භාවිතා කළ හෝ නොකළ කුඩා කතාන්දර පොත්
සැපයුම් ලබාදිය යුතු ස්ථානය:
Sound Minds Academy
සඳුන්පුර, කලපලුවාව පාර,
අග්ගොන,
රාජගිරිය
විමසීම්: 072 10 94 505
සියලුම ද්‍රව්‍ය, අදාල රජයේ ආයතන සමඟ සම්බන්ධ වී, ආරක්ෂිත මධ්‍යස්ථාන වෙත නිසි පරිදි බෙදා හැරීම සඳහා අවශ්‍ය කටයුතු සංවිධානය කර ඇත.
ඔබගේ දායකත්වය දරුවකුට අවශ්‍ය අපේක්ෂාව, ආරක්ෂාව, සහ මානසික සුවය ලබා දෙනු ඇත.💛