Sound Minds Academy

Sound Minds Academy We, Sound Minds are a part of Prathibha Psychological Rehabilitation & Resource Center.

23/01/2026

Ready to bridge the gap between theory and practice in Child Psychology?

​We are thrilled to announce that the February 2026 intake for our Child Psychology Internship Program at Sound Minds Academy is now open!

​This 360-degree clinical experience is designed for aspiring psychologists who want to gain real-world skills in:

▪️​Behavioral. Educational & Art Therapies
▪️​CBT & Counseling
▪️​Psychosocial Rehabilitation
▪️​Psychometric Testing

​Whether you're working with developmental delays or leading community projects, this internship provides the tools to make a lasting impact while fostering your own professional growth.

​📅 Start Date: February 2nd, 2026

📍 Location: Sound Minds Academy, Rajagiriya

📞 Register Now: 072 10 94 505

​Don't just study psychology—live it. Apply today!

18/01/2026

Project Bloom Hopes- වනවාසල ව්‍යාපෘතිය

අපි හැමෝටම හීන තියෙනවා. මේ හීන සහ බලාපොරොත්තු තමයි අපිව ජීවත් කරවන්නේ, අපේ ජීවිත ඉස්සරහට ගෙනියන්නේ, ජීවිතයට අරමුණු එකතු කරන්නේ. හීන දකින්න බලාපොරොත්තු ඇති කරගන්න ලොකු පොඩි කාටත් පුළුවන්, ඒකට වයස, පලාත, අපේ පසුබිම වගේ දේවල් අදාල නැහැ. හැබැයි අපිට කොච්චර හීන තිබුණත් ඒවා යථාර්ථයක් වෙන්න නම්, අපි ළඟ තියෙන්න ඕනේ පැහැදිලි දැක්මක්, සැලසුමක් අරමුණු ටිකක්. අපි ළඟ තියෙන කුසලතාවයන් හැකියාවන් හරියට අඳුන ගත්තොත්, අපේ ගාව තියෙන දුර්වලතා අවබෝධ කරගත්තොත්, ආත්ම විශ්වාසය ගොඩනගා ගත්තොත් සහ පසුබහින්නැති උත්සාහය මේ ගොඩටම එකතු කරගත්තොත් ඕන හීනයක් ජයගන්න අපිට පුළුවන්.
සමහර වෙලාවට අපිට තියෙන බාහිර අභියෝගයක් එක්ක, අපේ හීන අමතක වෙලා යන්න පුළුවන්. ඒව මහා බර වැඩි දේවල් විදිහට දැනෙන්න පටන් ගන්නත් පුළුවන්. ඒ වගේ වෙලාවට ඕන වෙන්නෙ, හීනෙට යන පාර පැහැදිලි කරගන්න පොඩි උදව්වක්, තල්ලුවක්. තමුන්ට නොපෙනී තියෙන හැකියාවන් දක්ෂතාවයන් කොච්චරක්ද කියලා මතක් කරලා දෙන්න පුළුවන් විදියේ තල්ලුවක්. මේ තල්ලුව ඕන වෙන්නේ අපේ දරුවන්ට විතරක් නෙවෙයි, ජීවිතය එක්ක හැල්මේ දුවන, මූණ දෙන එක එක විදියේ අභියෝග, ප්‍රශ්න නිසා හීන මග ඇරුණු අපේ ආදරණීය දෙමව්පියන්ටත් මේ තල්ලුව ඕනි වෙනවා. එතකොට තමයි අපේ දෙමව්පියන්ට පුළුවන් වෙන්නේ තමන්ගේ හීන වගේම දරුවන්ගේ හීන යථාර්ථයක් කරගන්න උදව් වෙන්න.

Sound Minds Academy හරහා ක්‍රියාත්මක වෙන Blooms Hopes ව්‍යාපෘති මාලාව යටතේ සිද්ධ වෙන්නේ, අපිට අමතක වුණු, මග ඇරුණු, අමාරුයි කියලා පැත්තකට දාපු, හීන, බලාපොරොත්තු යථාර්ථයක් කරගන්න අවශ්‍ය මගපෙන්වීම ලබාදීමයි.

පසුගිය ජනවාරි 15 වෙනිදා, වනවාසල ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේදී, ලොකු කුඩා දරුවන් සහ දෙමව්පියන් 200 කට ආසන්න පිරිසකට තමන්ගේ හීන කරා යන ගමනට අවශ්‍ය මනෝ සමාජයීය සහාය ලබාදෙන්න අපේ කණ්ඩායමට පුළුවන් වුණා.

ලොකු කුඩා දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක වූ වැඩසටහන, ළමා මනෝවිද්‍යාඥ බීනුකා වික්‍රමතුංග මහත්මියගේ මූලිකත්වයෙන්, අපේ Sound Minds කණ්ඩායම විසින් මෙහෙයවනු ලැබුවා.

දෙමව්පියන් සඳහා වූ වැඩසටහන, සමාජ ක්‍රියාකාරිනී, EMDR චිකිත්සක, SRILNAC සාමාජිකා දිලිනි පෙරේරා මහත්මිය විසින් සිදු කරනු ලැබුවා.

අපේ දරුවන්ට, දෙමව්පියන්ට කොච්චර හීන තියෙනවද කියල මේ වැඩසටහන තුළදී අපි අත්දැක්කා. ඒ වගේම අපි එදිනෙදා මුහුණ දෙන අභියෝගයන් එක්ක හීන කොච්චර හැංගිලා යන්න පුලුවන්ද, පොඩි තල්ලුවකින් පුංචි හෝ වෙනසක් කරන්න පුලුවන් නේද කියන කාරණාවත් අපිට අත්දකින්න පුළුවන් වුණා.

මේ වැඩසටහන සංවිධානය කරන්න මහන්සි වුණු මහේෂ්වරී මහත්මියටත්, සුධර්මාරාම විහාරස්ථානයේ විහාරාධිපති සුමන ස්වාමීන් වහන්සේටත්, වනවාසල ගමේ ආදරණීය දෙමව්පියන් සහ දරු දැරියන්ටත් අපිට දුන්නු ආදරේට බොහොම ස්තූතියි.

මේ සියලුම වැඩසටහන්, ව්‍යාපෘතීන්, සාර්ථක කරගන්න උදව් වෙන අපේ ආදරණීය Sound Minds කණ්ඩායම තමයි අපේ ශක්තිය! බොහොම ස්තූතියි 🙏❤️

Welcoming the New Year with our wonderful team ❤️Thank you, our dear team, for your hard work, dedication, and unwaverin...
02/01/2026

Welcoming the New Year with our wonderful team ❤️

Thank you, our dear team, for your hard work, dedication, and unwavering commitment.

Thank you to all our lovely kids and beloved parents for the trust you placed in us, and to our amazing interns for your support and energy.

You all made 2025 a meaningful and successful year for us.

Let’s continue to grow, create change, and make an even bigger difference in 2026.

Together, we can do so much more.

Happy New Year To All ♥️

Damitha Amarasena Udeshi Tharuka Fernando Suvini Perera Isuru Maduranga

Child & Adolescent Psychology Internship – 06th January 2026Are you passionate about understanding children and teens,  ...
19/12/2025

Child & Adolescent Psychology Internship – 06th January 2026

Are you passionate about understanding children and teens, how they think, feel, and grow?
Here’s your chance to turn your passion into real-world experience!

Join our Intensive Practical Internship in Child & Adolescent Psychology and gain hands-on exposure to:

✅ Behaviour Therapy and Psychosocial Rehabilitation
✅ Educational and Developmental Therapies
✅ Counselling and Psychotherapy for Children & Adolescents
✅ Art and Play-Based Therapies
✅ Psychometric Testing and Assessments
✅ Real Case Discussions and Supervised Clinical Practice
✅️Community-based Projects #

This internship is designed to bridge the gap between theory and practice, helping psychology students and young professionals gain the confidence, skills, and insight needed to work effectively with children and families.

📅 Next Batch Starts: 06th January 2026

📍 Location: Sound Minds Academy, Kalapaluwawa Road, Aggona, Rajagiriya

📞 Call or WhatsApp: 072 109 4505

📧 Email: smicpsy@gmail.com

Learn. Experience. Grow. Make a Difference.

ඔටිසම්, ඩවුන් සින්ඩ්‍රම්, ADHD (අධි ක්‍රියාකාරී සහ අවධානය අඩු), සංවර්ධනීය ගැටලු, සහ ඉගෙනුම් අපහසුතා ඇති කුඩා සහ වැඩිහිටි...
18/12/2025

ඔටිසම්, ඩවුන් සින්ඩ්‍රම්, ADHD (අධි ක්‍රියාකාරී සහ අවධානය අඩු), සංවර්ධනීය ගැටලු, සහ ඉගෙනුම් අපහසුතා ඇති කුඩා සහ වැඩිහිටි දරුවන් සඳහා ක්‍රියාකාරකම් මූලික අධ්‍යාපනික වැඩසටහන් සඳහා 2026 වර්ෂයට ලියාපදිංචි කර ගැනීම මේ දිනවල ආරම්භ කර ඇත.

සඳුදා සිට සිකුරාදා දක්වා සතියේ දින පහම,
උදෑසන 9 සිට 12 දක්වා, විශේෂයෙන්ම වයස අවුරුදු 3 -6 අතර දරුවන්ටත්, විශේෂ අධ්‍යාපනික අවශ්‍යතා ඇති ඕනෑම කුඩා හෝ වැඩිහිටි දරුවන්ටත් ක්‍රියාකාරකම් මූලික අධ්‍යාපනික වැඩසටහනට සහභාගි විය හැකිය. මෙය තනි සහ කුඩා කණ්ඩායමක් වශයෙන් පැවැත්වේ.

සතියේ දින පහම, සවස 2 සිට 5 දක්වා, පාසලින් පසු අධ්‍යාපනික සහය සහ රැකවරණය අවශ්‍ය, දරුවන් සඳහා ක්‍රියාකාරකම් මූලික වැඩසටහන් පැවැත්වේ.

මෙහිදී ලැබෙන සේවාවන්-

▫️ක්‍රියාකාරකම් මූලික සංකල්ප සංවර්ධනය සඳහා අධ්‍යාපනික සහාය

▫️කියවීම සහ ලිවීමට අවශ්‍ය කුසලතා සංවර්ධනය කර ගැනීමට අවශ්‍ය සහාය ( දරුවාගේ කුසලතා මට්ටම අනුව)

▫️සමාජ සංවිධිවේදන කුසලතා සංවර්ධනය කර ගැනීම සඳහා අවශ්‍ය සහාය

▫️ජීවන කුසලතා සංවර්ධනය කර ගැනීම සඳහා අවශ්‍ය සහාය

▫️හැසිරීම ආශ්‍රිත අභියෝග කළමනාකරණය කර ගැනීම සඳහා අවශ්‍ය සහය

▫️දරුවාගේ ආවේග පාලනය සහ කළමනාකරණය කරගැනීම සඳහා අවශ්‍ය සහය

▫️වැඩිහිටි දරුවන් සඳහා ලැබෙන මෘදු කුසලතා සංවර්ධනය සහ වෘත්තීය කුසලතා සංවර්ධනය කර ගැනීම සඳහා සහාය

පලපුරුදු චිකිත්සකවරුන් පිරිසක් විසින් මෙම
වැඩසටහන් මෙහෙයවීම සිදුවන අතර, හැම දරුවෙකුටම ඉහල අවධානයක් ලැබෙන පරිදි, එක් එක් දරුවා මුහුණ දෙන අභියෝගයන් සඳහා, ඒ ඒ දරුවාට ගැලපෙන පරිදි, මෙම වැඩසටහන් ක්‍රියාත්මක වේ.

ලියාපදිංචි වීම සඳහා සහ වැඩි විස්තර ලබා ගැනීම සඳහා විමසීම්: 072 10 94 505

ස්ථානය: Sound Minds Academy, සඳුන්පුර, කලපලුවාව පාර, අග්ගොන, රාජගිරිය

Project Bloom Hopes පළමුවන අදියර - මැදගොඩව්‍යසනයකට මුහුණ දුන්නට පස්සේ සාමාන්‍ය ජීවිතයට ආයෙත් එකතු වෙන එක ශාරීරිකව වගේම ම...
12/12/2025

Project Bloom Hopes පළමුවන අදියර - මැදගොඩ

ව්‍යසනයකට මුහුණ දුන්නට පස්සේ සාමාන්‍ය ජීවිතයට ආයෙත් එකතු වෙන එක ශාරීරිකව වගේම මානසිකවත් සිදුවෙන්න ඕනි දෙයක්. ඒත් ඒ මුහුණ දුන්නු ව්‍යසනය එක්ක, එකපාරම මනස යථා තත්ත්වයට පත් කරගන්න අපහසු වෙන්න පුළුවන්. ඒ තත්ත්වේ එක්ක ඇතිවෙච්ච බය, පීඩනය, අවිනිශ්චිත භාවය, අනාරක්ෂිත බව එක්ක, ආයෙත් බලාපොරොත්තුවක් ඇති කරගන්න, ඒ වෙනුවෙන් වැඩ කරන්න, බයක්, චකිතයක් වගේම කාලයක් ගත වෙන්නත් පුළුවන්.

මේ වගේ තත්ත්වයකට මුහුණ දුන්නු, ලොකු කුඩා ඕනෑම කෙනෙක්ට මනෝවිද්‍යාත්මක ප්‍රථමධාර, මනෝ සමාජයීය සහාය, මනෝ උපදේශනය සහ චිකිත්සාවන් එක් එක් මට්ටමින් අවශ්‍ය වන්නේ, නැවතත් තමන්ගේ එදිනෙදා ජීවිතයට, සාමාන්‍ය සමාජයට එකතුවීමට, බලාපොරොත්තු නැවතත් ගොඩනගා ගැනීමට අවශ්‍ය මග පෙන්වීමක් වශයෙනුයි.

කුඩා සහ යොවුන් දරුවන්ගේ මානසික සෞඛ්‍යය ගොඩනැගීම සඳහාත්, ඔවුන්ගේ බලාපොරොත්තු, හීන කොයිතරම් නම් වටිනවාද, ඒ හීන සැබෑ කරගන්නට ඔවුන් සතුව කොයිතරම් නම් දක්ෂතා තියෙනවාද යන්න නැවතත් මතක් කර දෙමින්, ඊට අවශ්‍ය දිරිගැන්වීම ලබාදීමට, Sound Minds ආයතනයේ නිර්මාතෘ ළමා මනෝවිද්‍යාඥ, බීනුකා වික්‍රමතුංග මහත්මිය විසින් හඳුන්වා දුන් ව්‍යාපෘතිය තමයි Bloom Hopes කියන්නෙ.

මේ ව්‍යාපෘතියේ සහාය අත්‍යවශ්‍ය කණ්ඩායම් සහ ප්‍රදේශ හඳුනාගෙන, ඒ කණ්ඩායම් වෙත අපව යොමු කරමින් සහාය වන්නේ, ජාතික ළමාරක්ෂණ දෙපාර්තමේන්තුවේ( National Child Protection Authority)අප ආදරණීය නිලධාරි මහත්ම මහත්මීන් පිරිසයි.

හැම දරුවෙක්ටම, තමන්ගේ මනස සැහැල්ලු කරගැනීමට උදව්වෙන, පුංචි සතුටු මල්ලක් හදාගන්න, අපේ Sound Minds පවුලෙ අම්මල, තාත්තලා, සායනික පුහුණුව ලබන විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්, යහළු මිත්‍රාදීන් අපිට විශාල සහයක් දැක්වුවා.

සහය අවශ්‍ය කණ්ඩායම් කරා යන්න, අපේ කණ්ඩායමේ සාමාජික සාමාජිකාවන් 30 කට වැඩි ප්‍රමාණයක් සූදානමින් ඉන්නවා.

ඒ විදියට ඊයේ දවසේ අපේ කණ්ඩායම මුලින්ම ගියේ, පුත්තලම් දිස්ත්‍රික්කයේ තියන මැදගොඩ කියන පුංචි ගමට. අපේ සහය අවශ්‍ය වුණු දරුවෝ එකසිය පනහක් පමණ සමඟ ඊයේ දවසේ සතුට ආදරේ බෙදාගෙන, ඔවුන්ගේ හීන ආයෙත් මතක් කරලා, ඔවුන්ව දිරි ගන්වන්න අපිට පුළුවන් වුණා.

සතියක් පුරාවට, චිත්‍ර ඇඳලා, ආදරය පිරුණ පුංචි සටහනකුත් ලියලා, හැම දරුවෙක්ටම සතුට පිරුණු පාර්සලයක් ගානෙත් හදාගෙන, මේ දරුවන් වෙනුවෙන් කරන්න වැඩසටහන සඳහා හොඳ පුහුණුවකුත් ලබලා, ඊයේ උදේ පාන්දරම ඔය ඔක්කොම බඩු ටිකත් උස්සගෙන, මේ දරුවෝ ටික හොයාගෙන ගියපු සාමාජිකයින් 16 දෙනකුගෙන් යුත් Bloom Hopes කණ්ඩායමත්, පිටිපස්සෙන් ඉඳලා සහය වුණු ඉතුරු සාමාජිකයින් ටිකත් නිසයි මේ ව්‍යාපෘතිය, මේ තරමටම සාර්ථක වුණේ. අපේ කණ්ඩායමට බොහොමත්ම ස්තූතියි🙏 ඔයාලා තමයි අපේ ලොකුම ශක්තිය සහ ආශිර්වාදය.

ඊයේ දවසේ අපේ කණ්ඩායම සහය වුණේ දරුවෝ එකසිය පනහකට විතරක්ම නෙමෙයි. ඇත්තටම Bloom Hopes කණ්ඩායමේ සහාය ලැබුණේ, අපේ රටේ අනාගතයට. අපේ රටේ අනාගතයට වීරයෝ එකසිය පනස් දෙනෙක් බිහිකරන්න, ඔවුන්ගේ හීන මතක් කරල දෙන වැඩෙයි අපි කරේ.

මේ වැඩේට වචනයකින් හෝ සහාය වෙච්ච හැම කෙනෙක්ටම බොහොම ස්තූතියි.❤️🙏

Damitha Amarasena Udeshi Tharuka Fernando, Salma, Chathurini Upeksha Rashmi, Hiruni, Chami, Rashmini, Abhiman, Vihara, Shakya, Swasha, Shevon, Shahen, Taveesha, Sanduni ❤️

පවතිනා ආපදා තත්ත්වයට මුහුණපා සිටින කුඩා සහ නව යොවුන් වියේ දරුවන්ගේ මානසික සුවතාවය නගා සිටුවීම සඳහා, අප Sound Minds ආයතනය...
02/12/2025

පවතිනා ආපදා තත්ත්වයට මුහුණපා සිටින කුඩා සහ නව යොවුන් වියේ දරුවන්ගේ මානසික සුවතාවය නගා සිටුවීම සඳහා, අප Sound Minds ආයතනය විසින් "Bloom Hopes" නමින් ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත.

බලාපොරොත්තු නොවූ වේලාවක මුහුණ දෙන්නට සිදුවූ, මෙම ව්‍යසන තත්ත්වය හේතුවෙන්, ඊට මුහුණ දුන් දරුවන් සහ වැඩිහිටියන් මේ වන විට සිටින්නේ දැඩි මානසික ව්‍යාකූලතාවයකිනි.

ආපදා තත්ත්වය ඇතිවූ පසුව මුල් අවශ්‍යතා වන ආරක්ෂාව, ආහාර, ඇඳුම් පැළඳුම් සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය සඳහා දේශීය හා විදේශීය ලාංකිකයින්ගේ සහය කඩිනමින් ලැබෙමින් පවතී. එයට පසු අවශ්‍ය වන අනික් වැදගත්ම සහාය වන්නේ, මෙම අත්දැකීමෙන් ඇතිවන පශ්චාත් කම්පනය, බය සහ ආතතිය කළමනාකරණය කිරීමට අවශ්‍ය මානසික සහාය ලබාදීමට කටයුතු කිරීමයි.

ආපදා තත්ත්වය තව දින කිහිපයක් යන විටදී පහව ගියත්, ඉන් සිදුවූ මානසික කඩා වැටීම, කළමනාකරණය කර ගැනීමට ලොකු කුඩා ම සැමට මෙම සහාය ඉතාමත්ම වැදගත් වේ. තමන්ගේ අත්දැකීම් බෙදා ගැනීමට, දැනෙනා හැඟීම් මුදා හැරීමට, මනෝවිද්‍යාත්මක ප්‍රථමාධාර, මනෝ උපදේශනය, කණ්ඩායම් ක්‍රියාකාරකම් (art based)යොදා ගැනීමට හැකිය.

මෙම ක්‍රම හරහා දරුවන්ට ආරක්ෂිතව තම හැඟීම් මුදා හැරීමට අවශ්‍ය අවකාශය ලබාදීමටත්, තමන් ආරක්ෂිතයි යන හැඟීම ලබාදීමටත්, ආතතිය කළමනාකරණය කරගැනීමටත්,, අවිශ්වාසය හා අවිනිශ්චිතතාවය සමඟ ජීවිතය පිළිබඳ ගොඩනැගුණු සිතුවිලි සැකසීමටත්, මනෝසුවතාවයේ ගමන ආරම්භ කිරීමටත් හැකිවේ.

මෙම කාර්යය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා අපට ඔබගේ සහය අවශ්‍ය වේ.

අවශ්‍ය ද්‍රව්‍ය:

සුදු හා වර්ණ කොළ

වාර්නිෂ් කොළ

පාට ක්ලේ

පැන්සල්

පාට පැන්සල්

පැස්ටල්

ගම් බෝතල්

දියසායම්

පින්සල්

හොඳ තත්ත්වයේ Soft Toys (භාවිතා කළ/නොකළ)

භාවිතා කළ හෝ නොකළ කුඩා කතාන්දර පොත්

සැපයුම් ලබාදිය යුතු ස්ථානය:

Sound Minds Academy
සඳුන්පුර, කලපලුවාව පාර,
අග්ගොන,
රාජගිරිය

විමසීම්: 072 10 94 505

සියලුම ද්‍රව්‍ය, අදාල රජයේ ආයතන සමඟ සම්බන්ධ වී, ආරක්ෂිත මධ්‍යස්ථාන වෙත නිසි පරිදි බෙදා හැරීම සඳහා අවශ්‍ය කටයුතු සංවිධානය කර ඇත.

ඔබගේ දායකත්වය දරුවකුට අවශ්‍ය අපේක්ෂාව, ආරක්ෂාව, සහ මානසික සුවය ලබා දෙනු ඇත.💛

2026 වසරේ ජනවාරි මාසයේ සිට, සතියේ දින පහම උදෑසන 9.30 සිට 12.30 දක්වා, සහාය අවශ්‍ය ඔටිසම්, ඩවුන් සින්ඩ්‍රම් දරුවන්ටත් ඉගෙ...
23/11/2025

2026 වසරේ ජනවාරි මාසයේ සිට, සතියේ දින පහම උදෑසන 9.30 සිට 12.30 දක්වා, සහාය අවශ්‍ය ඔටිසම්, ඩවුන් සින්ඩ්‍රම් දරුවන්ටත් ඉගෙනුම් අපහසුතා ඇති දරුවන්ටත් ක්‍රියාකාරකම් ඇසුරෙන් ඉගෙනුම ලබන්නත්, හැසිරීම් ආශ්‍රිත ගැටලු ,සන්නිවේදනයේ ගැටලු සඳහා සහාය ලබා ගැනීමටත්, ආවේග පාලනය, සමාජ කුසලතා සහ ජීවින කුසලතා සංවර්ධනය කර ගැනීමටත් සැකසුණු තනි සහ කුඩා කණ්ඩායම් ක්‍රියාකාරකම් මධ්‍යස්ථානයට සහභාගි වන්නට පුළුවන්.

ඉතා හොඳ අවධානයක් ලැබෙන පරිදි ඒ ඒ දරුවාගේ අවශ්‍යතාවයට ගැළපෙන ලෙස සේවාව ලබාදීමට, සුදුසුකම් සහ අත්දැකීම් සහිත කර්මණ්ඩලයක් අප ආයතනය සතුය.

2026 වසර සඳහා ආරම්භය- ජනවාරි 5 සඳුදා

කලින් ලියාපදිංචි වීම අවශ්‍ය වේ.

ස්ථානය- Sound Minds Academy
සඳුන්පුර, කලපළුවාව පාර, අග්ගොන, රාජගිරිය

විමසීම්- 072 10 94 505

ප්‍රකාශන මනෝචිකිත්සක ක්‍රම ශිල්ප පිළිබඳ සිව් දින වැඩමුළුවේ, පළමු දිනය ඊයේ දිනයේ පැවැත්විණි. පළමු දින වෙන් වී තිබුනේ, හුස...
21/11/2025

ප්‍රකාශන මනෝචිකිත්සක ක්‍රම ශිල්ප පිළිබඳ සිව් දින වැඩමුළුවේ, පළමු දිනය ඊයේ දිනයේ පැවැත්විණි.

පළමු දින වෙන් වී තිබුනේ, හුස්ම ගැනීම හා සම්බන්ධ අභ්‍යාස, චලනයන් සමඟ සන්සුන් වීමේ අභ්‍යාස, අපේ මනසේ තැන්පත් වී ඇති ගැටලුකාරී සිතුවිලි සහ හැඟීම් අවබෝධ කර ගැනීමත්, ඒවා තවදුරටත් ගවේෂණය කිරීම වෙනුවෙනි. ඒ සඳහා සුදුසු ප්‍රකාශන මනෝ චිකිත්සක ක්‍රම ශිල්ප ප්‍රායෝගිකව භාවිතා කරමින්, ඉගෙන ගැනීම මෙහිදී සිදුවිය.

මෙම වැඩමුළු මාලාවේ දෙවන දිනය ලබන 26 වන දිනත්, තෙවන දිනය 27 වැනිදාත්, අවසන් දිනය දෙසැම්බර් 03ත් පැවැත්වීමට නියමිතය.

ලියාපදිංචි වීම සඳහා- 072 10 94 505

(මෙය ඉතාම කුඩා කණ්ඩායමක් සඳහා පමණක් විවෘතය)

ප්‍රකාශන මනෝ චිකිත්සාවමනෝ උපදේශනය සහ මනෝ චිකිත්සාව පිළිබඳව ඕනෑ තරම් අහන්නට දකින්නට ලැබුණත්, එපමණටම කතා නොකෙරෙන නමුත්, ඉත...
15/11/2025

ප්‍රකාශන මනෝ චිකිත්සාව

මනෝ උපදේශනය සහ මනෝ චිකිත්සාව පිළිබඳව ඕනෑ තරම් අහන්නට දකින්නට ලැබුණත්, එපමණටම කතා නොකෙරෙන නමුත්, ඉතාමත්ම වැදගත් චිකිත්සක ක්‍රමයක් ලෙස ප්‍රකාශන මනෝ චිකිත්සාව හඳුන්වා දෙන්නට පුළුවන්.

සමහර අවස්ථාවන් වලදී වචනයට පෙරළා ගන්නට බැරි මානසික පීඩනයක, ප්‍රශ්නයක, දුකක ඉන්නා විටදී, තමන් දරාගෙන සිටින චිත්තාවේගයන් ආරක්ෂාකාරී ලෙස මුදාහැරීමටත්, ඒවා එකින් එක හඳුනාගැනීමටත්, අවබෝධ කරගැනීමටත්, ඒ අනුව තමන්ගේ හැඟීම් හැසිරීම් සුදුසු ලෙස වෙනස් කර ගැනීමටත්, මනසට අවශ්‍ය සැනසීම, සැහැල්ලුව ලබාගැනීමටත් උපකාරී වන ක්‍රමයකි, ප්‍රකාශන මනෝචිකිත්සාව.

විවිධ වයස් කාන්ඩයන්වල පුද්ගලයින් සමග වැඩ කිරීමේදී, මා අත්විඳින ලද සුවිශේෂී කාරණයක් නම්, ඇතැම් විට අපගේ සේවා දායකයින් තමන් මුහුණ දෙන ප්‍රශ්නය, තමන්ගේ සිතුවිලි, හැඟීම් වචනයෙන් ප්‍රකාශ කිරීමට අපොහොසත් වන අතර, තවත් අයෙක් ඒවා කතා කිරීමට මැලිකමක් දක්වයි( විශේෂයෙන්ම නව යොවුන් දරුවන්), තවත් කෙනෙක්ට ඇති කථන හා භාෂා ගැටලු නිසා අදහස් වචනයෙන් ප්‍රකාශ කරගැනීමට පුළුවන්කමක් නැත. කුඩා දරුවන්ට, තම හැඟීම්, ආවේගයන් නැත්නම් තමන් මුහුණ දුන් අත්දැකීමක් තවත් පුද්ගලයෙක් සමග වචනයෙන් බෙදා ගැනීම එතරම්ම පහසු නොවෙන අවස්ථා ඇත.

ප්‍රකාශන මනෝ චිකිත්සාව අවශ්‍ය වන්නේ මෙන්න මෙවැනි අවස්ථාවන් වලදීය.පරිපූර්ණ වාක්‍යය හරහා තමන්ගේ සිතුවිලි බෙදා ගන්නවා වෙනුවට. සිතුවිලි සහ හැඟීම් ප්‍රකාශ කළ හැකි ආරක්ෂිත, නිර්මාණාත්මක අවකාශයක් මෙම ප්‍රකාශන මනෝ චිකිත්සක ක්‍රම හරහා ලබා දෙයි.

චිත්‍ර, චලන, ප්‍රතිරූප, නර්තනය, රංගනය, කවි, මූර්ති, රූකඩ සහ ස්වභාවධර්මය පදනම් කරගත් ක්‍රියාකාරකම් හරහා, ලොකු පොඩි ඕනෑම කෙනෙක්ට තමන් සිරවී ඇති, නොකියූ හෝ වරදවා වටහාගෙන ඇති, අත්විඳි හෝ අත්විඳිමින් සිටින විවිධාකාරයේ ගැටළු ප්‍රකාශ කිරීමටත් ඒවාට විසඳුම් සෙවීමටත් හැකිවේ.

ප්‍රකාශන මනෝචිකිත්සක මෙවලම්, වචනවලට පමණක් බොහෝ විට කළ නොහැකි ආකාරයෙන් මිනිසුන්ට ඔවුන්ගේ අත්දැකීම් සැකසීමට, නියාමනය කිරීමට සහ නැවත රාමු කිරීමට උපකාරී වේ. ප්‍රකාශන චිකිත්සාව වැඩි කතාබහක් නැති යෞවනයන් විවෘත කරන ආකාරය, අධි ක්‍රියාකාරී සහ ආවේගශීලී දරුවන් සන්සුන් කරන ආකාරය, දෙමාපිය-ළමා සම්බන්ධතාවය වඩාත් ශක්තිමත් කරන ආකාරය සහ වසර ගණනාවක් නොකියූ කතා දරා සිටි වැඩිහිටියන්ට අවබෝධයත්, සැනසීමත් ගෙන දෙන ආකාරය මම දැක ඇත්තෙමි.

සුවය සැමවිටම වැඩිපුර කතා කිරීමෙන් නොලැබේ. සමහර විට එය වෙනස් ලෙස ප්‍රකාශ ප්‍රකාශ කිරීමෙන් ලබා ගැනීමට හැකිවේ.

තවද අපි ලොකු කුඩා ඕනෑ කෙනෙක්ට ඔවුන්ගේ අභ්‍යන්තර ලෝකය තේරුම් ගන්නටත්, තමන්ගේ අභ්‍යන්තර ලෝකය සමඟ සන්නිවේදනය කිරීමට චලන, රූප, වර්ණ, සංකේත සහ රිද්ම ය හරහා නිදහස ලබා දෙන විට ඔවුන්ගේ මනස සැහැල්ලුවේ. එමෙන්ම එය සිතුවිලි සහ හැසිරීම් ධනාත්මක ලෙස වෙනස් කර ගැනීම පහසුකරයි.

ප්‍රකාශන චිකිත්සාව අපට මතක් කර දෙන්නේ සිතුවිලි වචන වලට පෙරළා ගැනීමට අපහසු මොහොතකදී වුවත්, සෑම කතාවකටම හඬක් වෙනත් මාධ්‍යයක් හරහා ලබාගත හැකි බවයි.

ප්‍රකාශන( කලා) මනෝ චිකිත්සක ක්‍රම ශිල්ප සම්බන්ධ සිව් දින වැඩමුළුවExpressions That Heal” යන මේ සිව් දින  වැඩමුළුව, නිර්මා...
14/11/2025

ප්‍රකාශන( කලා) මනෝ චිකිත්සක ක්‍රම ශිල්ප සම්බන්ධ සිව් දින වැඩමුළුව

Expressions That Heal” යන මේ සිව් දින වැඩමුළුව, නිර්මාණාත්මක ප්‍රකාශන මනෝචිකිත්සක ක්‍රම ශිල්ප (Expressive Therapy) හඳුන්වාදීම සඳහාත්, ඒවා භාවිතා කරමින් මනස සැහැල්ලු කිරීම, ආතතිය අඩු කිරීම, හැඟීම් නිවැරදි ලෙස හඳුනා ගැනීම සහ ශාරීරික-මානසික සම්බන්ධය ගොඩනැංවීම සඳහා නිර්මාණය කරන ලද්දකි.

ක්‍රමශියල්ප ගණනාවක්, දින හතරක් පුරාවට ප්‍රායෝගිකව අත්දකිමින්, ඉගෙනීමට මෙහිදී අවස්ථාව ලැබේ.

🌼 මෙම වැඩමුළුවෙන් ඔබට ලැබෙන්නේ:

🔸️හැඟීම් හදුනාගැනීම සහ ඒවා නිවැරදි ලෙස ඉදිරිපත් කිරීම

🔸️ආතතිය, කෝපය, භීතිය සහ ගැටලුගත හැඟීම් නිර්මාණශීලීව ඉවත් කර ගැනීම

🔸️කලා, චිත්‍ර, වචන, චලන, සහ කථා නිර්මාණය භාවිතා කරමින් ඔබගේ මනස සන්සුන් කරගැනීම සහ අවේග පාලනය

🔸️ශාරීරික-මානසික සම්බන්ධය ශක්තිමත් කිරීම

🔸️තමා ගැන පැහැදිලි අදහසක් ලබා ගැනීමට හැකිවීම

🔸️අනාගතය සදහා විකාශමත් දසුනක් (Future Visioning) සකස් කිරීම

🌱 දරුවන්, නව යෞවනයන් සහ වැඩිහිටියන් සඳහා භාවිතා කළ හැකි නිර්මාණශීලී ප්‍රකාශන චිකිත්සක මෙවලම් 16ක් මේ දින හතර පුරාවට ඔබට ඉගෙනීමට හැකිය.

💛 මෙම වැඩමුළුව සඳහා සම්බන්ධ විය හැක්කේ කාටද?

දෙමාපියන්

පාසල් ගුරුවරු

උපදේශකයින් / කවුන්සලින් ශිෂ්‍යයින්

විශේෂ අධ්‍යාපනිකයින්

තෙරපි ක්ෂේත්‍රයේ ඉගෙනුම ලබන අය

මනෝවිද්‍යාව හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්

මේ විෂයට උනන්දුවක් දක්වන ඕනෑම අයෙක්

අය කිරීම

දින හතර සඳහා - 16,000/=
එක් දිනක් සඳහා- 4000/=

වැඩමුළුව පැවැත්වෙන දිනයන් සහ වේලාවන්-
නොවැම්බර් 19 ( ප්‍රකාශන චිකිත්සක ක්‍රම 3)
නොවැම්බර් 20 (ප්‍රකාශන චිකිත්සක ක්‍රම 4)
නොවැම්බර් 26 (ප්‍රකාශන චිකිත්සක ක්‍රම 4)
නොවැම්බර් 27 (ප්‍රකාශන චිකිත්සක ක්‍රම 5)

උදෑසන 9.15 සිට 4.00 දක්වා

වැඩමුළු සඳහා අවශ්‍ය ද්‍රව්‍ය අප විසින් සපයනු ලැබේ.

ස්ථානය
Sound Minds Academy, කලපලුවාව පාර අග්ගොන, රාජගිරිය

ලියාපදිංචි වීම සඳහා 072 109 4505 අංකයට නම, දුරකථන අංකය සහ සහභාගී වන දින ගණන WhatsApp කරන්න.

https://chat.whatsapp.com/CUrZEDtiWXR2G4gYjRqrk0?mode=hqrt2

Expressions That HealA 4-Day Expressive Therapy Workshop SeriesUnlock the power of creative Therapy This immersive 4-day...
09/11/2025

Expressions That Heal
A 4-Day Expressive Therapy Workshop Series
Unlock the power of creative Therapy

This immersive 4-day workshop series is a therapeutic and educational journey, where you’ll learn while healing yourself. This workshop gently guides participants through expressive and trauma-informed methods that can be used with children, adolescents, young adults, and even adults seeking emotional balance and growth.

Each day unfolds like a story, moving step by step toward healing, awareness, and integration:

Day 1 – Symbolic Expression & Contained Art Therapy
A space for emotional release and safety where color, shape, and creation become languages of feeling.

Day 2 – Guided Imagery & Poetic Narrative Therapy
Journey inward through imagination, metaphor, and words that heal, discovering the quiet power of your own story.

Day 3 – Somatic Expressive Movement & Eco-Therapy
Reconnect with your body and the natural world. Feel grounded, free, and present through movement, rhythm, and nature-inspired reflection.

Day 4 – Creative Identity Integration & Future-Focused Art
Bring together your insights and emotions through self-expression, storytelling, and vision-building, creating a hopeful picture of who you’re becoming.

Why Join?
• A healing and reflective experience for counsellors, educators, and parents
• Learn modern expressive techniques adaptable for children and teens
• Neuro-affirming, trauma-informed, and holistic
• Practical, creative, and deeply personal

📍 Venue: Sound Minds Academy, Sandunpura Lane, Kalapaluwawa Rd, Aggona, Rajagiriya

📅 Dates: Nov. 19th, 20th, 26th and 27th | ⏰ 9.15 AM – 4.00 PM

Investment: Rs. 16,000 (Full series)

📞 To Register: 072 10 94 505

“Healing begins when we express what words cannot.”
A safe and creative journey for helping hearts and young minds.

Address

Kalapaluwawa Road, Aggona
Battaramulla
10120

Opening Hours

Monday 08:30 - 14:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00
Saturday 08:00 - 12:00

Telephone

+94721094505

Website

Alerts

Be the first to know and let us send you an email when Sound Minds Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Sound Minds Academy:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram