Eldeniya Ayurweda Medical Center

Eldeniya Ayurweda Medical Center සියළුම රෝග සඳහා දේශීය වෛද්‍ය ප්‍රතික?

❤️❤️උපන්දින කේක් ගෙඩියේ සැඟවුණු මාරයා :❤️❤️🌹🌹Danger of Artificila Food Colouring🌻🌻   අම්මි  ගොඩාක් ආදරේ හින්දයි......පහල...
05/12/2020

❤️❤️උපන්දින කේක් ගෙඩියේ සැඟවුණු මාරයා :❤️❤️

🌹🌹Danger of Artificila Food Colouring🌻🌻
අම්මි ගොඩාක් ආදරේ හින්දයි......

පහල ගෙදර චූටි බබාගේ උපන්දිනේ..වටපිට ඉන්න තවත් ඒ වගේ සුරතල් පැටව් නෑදෑයෝ වටකරගෙන හරිම ලස්සන සාදයක්..

හැමෝගෙම හිත ඇදිලා ගියේ ගේ මැද්දේ ලස්සනට තියපු උපන්දින කේක් ගෙඩියට..සුරංගනා කතාවේ රාජ කුමාරි කේක් ගෙඩියක් වෙලා කුමාරිගේ ලස්සන පාට පාට තට්ටු තට්ටු ගවුම ඒ විධියටම හැඩ කරලා චූටිට තියෙන ආදරේ වැඩිකමට….

🌻රතු පාට..නිල් පාට..කහ පාට..කේක් ගෙඩිය කපන තුරු පුංචි උන්ට ඉවසිල්ලක් නැහැ..කේක් කන්න නෙමෙයි..පාට පාට අයිසින් ටික තරඟෙට කන්න....

''ආනේ හරි ලස්සන කේක් ගෙඩිය..කොහෙන්ද ගත්තේ මගේ බබාගේ උපන්දිනේ එන සතියෙනේ..''

එහෙම අහන්නේ තවත් අම්මා කෙනෙක්..

''ඔයා දැක්කේ නැද්ද ගිය මාසේ අපේ බබාගේ කේක් එක?'' තව අම්ම කෙනෙක් ලඟදි පැවතුනු සාදය ගැන කතාව.....

උපන්දිනේ අවුරුද්දට එක දවසක් කියා හිතුවත් දැන් බලාගෙන ගියාම මාසෙකට පාට පාට කේක් කැපෙන සාද දෙක තුනකටවත් මේ පුංචි එවුන් යන පාටයි.. ඒ විතරක් යයි..... පෙර පාසැලේ දරුවන්ගේ උපන්දින වලට සතියට දෙතුන් වතාවක්වත් පාට පාට අයිසින් කේක් වරදින්නේ නැහැ ..

සාදය මැද්දේ යන අතුරු කතාවක්..පෙර පාසැලේ චුටි දුවක් ගැන..

''දන්නවද අර ''අරලියා'' පන්තියේ සෙනාලි බබා..ආයේ අසනීප වෙලා මහරගම ගෙනිහින්..ලේ පිලිකාවක්ලු.. ''

''අයියෝ අහනකොට බයත් හිතෙනවානේ..මොකද බබා..යන්නකෝ සෙල්ලම් කරන්න ආ මෙන්න ඔයාට රතු පාට කේක් කෑල්ලක්, ෂෝයි නේ?''

❤️අද වන විට පිළිකාව පැතිර යන්නේ සෙම්ප්‍රතිශ්‍යාව කැස්ස හා සමාන වේගයට. ළමයින් සඳහා වන පැණිරස ආහාර, කෘත්‍රීම බිම වර්ග, කේක් සඳහා යොදා ගන්නා ආහාර වර්ණක ලමා පිළිකා සඳහා ප්‍රධානම හේතුවක් බව මේ වන විට සොයාගෙන තිබෙනවා..

❤️පිළිකා පමණක් නොවෙයි තවත් ඒ හා සමාන ළමයින්ට බලපාන රෝග ගණනාවකම හේතු කාරකය උපන්දින කේක් කැබැල්ලෙන්.. පාට පාට ජෙලි, පෑන් කේක් සහ වෙනත් අතුරුපස වර්ග වලින් දරුවාට අම්මාගේ ආදරයත් සමඟ ලබා දෙන බව ඔබ දැන සිටියාද?

🌹විවිධ වර්ණ වලින් කුඩා බෝතලයක අසුරා, කෘතීම සුවඳ ඔබ්බවා සුපර් මාර්කට් රාක්කයෙන් ඔබ අතට එන ආහාර වර්ණක වල අඩංගු මොනවාදැයි ඔබ දන්නවාද?

❤️බොරතෙල් මගින් ඛනිජතෙල් නිෂ්පාදනයේදී ඇතිවන ප්ලාස්ටික් වලට සමාන අතුරුපලයක් (unrefined petroleum) යොදා ගනිමින් නිපදවෙන ආහාර වර්ණක ලේබලයේ අවාසනාවකට ඒ සම්බන්ධව ලියවෙන්නේ නැහැ.

🌻දරුණු පිළිකා කාරක අඩංගු බවට ඇති මහා පරිමානයේ සාක්ෂි නිසාම දියුණු රටවල ලේබලයේ මේ බව සඳහන් කිරීම නීතිමය කටයුත්තක් වුනත් අදටත් බොහෝ රටවල සිතා මතාම මේ බව නොසලකා හරිනවා.. ආහාර සම්බන්ධ නීති රීති තදින්ම ක්‍රියාත්මක වන ඔස්ට්‍රියා සහ නොර්වේ යන රටවල ආහාර වර්ණක සම්පුර්ණයෙන්ම නීතියෙන් තහනම් කර තිබෙන්නේ මේ හේතුව නිසා..

❤️ලංකාව සහ ඉන්දියාව වැනි ආහාර ප්‍රමිතියක් නැති ආසියානු රටවල භාවිතා වන ආහාර වර්ණක වෙනත් රටවලටත් වඩා පහත් මට්ටමේ පවතින බවත් , පිළිකා කාරක සහ වකුගඩු රෝග වලට මුල් වන විස රසායන වලින් සංතෘප්ත බවත් පැවසෙනවා.

❤️පුංචි ළමයින් වැඩියෙන්ම කැමති පාටවල් වන්නේ රතු සහ කහ. මේ පාට දෙක සැකසීමට ගන්නා වර්ණක වල පිළිකා කාරකයක් ලෙස ලොවම හඳුනන benzene අඩංගු වෙනවා.

🌻කේක් වර්ග, බූන්දි වැනි පැණි රස ආහාර සහ බිම වර්ග සඳහා රතු සහ කහ වර්ණ වර්ණක නැතිවම බැහැ. පුංචි සුරතලාගේ මාරයා ඔහුට/ඇයට උපන් දින කේක් කැබැල්ලෙන්, පාට පාට අතුරුපසින්, අයිස් පලමෙන් ආදරයත් සමඟ ලබා දෙන්නේ ඔබම බව දැන් වැටහෙනවා නේද?

❤️❤️''ඉස්සර ළමයි වගේ නෙමෙයි දැන් ළමයින්ට හරිම විසේ..''

අම්මලා නිතර කියන කතාවක් මේ.. හැසිරීමේ අසාමාන්‍යතා ඇති කරන Attention Deficit Hyperactivity Disorder (ADHD) නමැති රෝගය අද වන විට ලොව පුරා දෙමව්පියන්ට මහත් හිසරදයක් වෙලා. මොලයේ ක්‍රියාකාරිත්වයට සම්බන්ධ ඩොපමින් නම් රසායනයේ ඇති අසමතුලිත බවක් නිසා හැසිරීමේ වෙනස්කම් ඇතිකරන මෙම රෝගයට හේතුව කුඩා දරුවන්ට පැණි රස ආහාර සමඟ කැවෙන ආහාර වර්ණක බව අද වන විට සොයා ගෙන තිබෙනවා.

''දැන් ඉන්න පුංචි එවුන් හරියට පැහිලා..අපේ කාලේ අපි දන්නෙවත් නැති දේවල් උන් දන්නවා..''

''කන්දේ උඩ ගෙදර චුට්ටි ලොකු ළමයෙක් වෙලා දන්නවද? පව් අප්පා කෙල්ලට කෙල්ලට තාම අවුරුදු නමයක්වත් නැහැ ''

🌻මේ වගේ කතා බහ අද වෙනකොට හරිම සාමාන්‍යයි..නමුත් මේ මට්ටමට දරුවන් පත් කලේ තමන්ම බව දෙමව්පියන් නොදැනීම අපේ කාලේ දෙමව්පියන්ගේ ඛේදවාචකයක්..පාට පාට අයිසින් කේක්, රස කැවිලි මගින් දරුවන්ට ලිංගික හෝර්මෝන නොදැනුවත්වම ලබා දෙන්නේ ඔබ විසින්මයි.

🌻කහ සහ රතුපාට ආහාර වර්ණක තුල ඊස්ට්‍රජන් නමැති ලිංගික හෝර්මෝනය අඩංගු බව පර්යේෂණ වලින් සොයාගෙන තිබෙනවා. ඊට අමතරව කුකුලන්ට, ගවයන්ට, හරකුන්ට ලබා දෙන හෝර්මෝන නිසා සියලුම මස් සහ මස් නිෂ්පාදන මගින් දරුවන්ට අධික ලෙස ලිංගික හෝර්මෝන ඇතුළු වෙනවා..මේ නිසා තමයි වයසට පෙර ඔවුන්ට ලිංගික පර්යේෂණ කිරීමේ අවශ්‍යතාවයන් සහ අඩු වයසින් වැඩි විය පැමිණීම සිදු වෙන්නේ..

ආහාර වර්ණක දරුවන්ට පමණක් නොවෙයි වැඩිහිටියන් ඇතුළු සියලු දෙනාටම මාරාන්තික පිළිකා ඇති කරන සුළුයි.පහත සටහනේ දැක්වෙන්නේ ඒ ඒ වර්ණ මගින් ඇතිවෙතැයි සොයාගෙන ඇති විශේෂිත පිළිකාවන්.

🌻🌻නිල්:🌹🌹

Brilliant Blue: වකුගඩු පිළිකා, වකුගඩු අක්‍රියවීම
Indigo Carmine Blue: මොලයේ පිළිකා

🌻🌻රතු:❤️❤️

Citrus Red: මුත්‍රාශයේ පිළිකා
Erythrosine: තයිරොයිඩ් ග්‍රන්තියේ පිළිකා (අධික විෂ නිසා තහනම් කර ඇති වර්නයකි)
Allura Red: ශරීරයේ ඕනෑම ස්ථානයක පිලිකා ඇති කල හැක. ඉහත සඳහන් කල දරුවන්ගේ හැසිරීමේ රෝග සඳහා හේතුවන්නේ මෙම වර්ණයයි. ප්‍රතිශක්තිය දුර්වල කරයි.

❤️❤️කොළ:🍀🍀
Fast Green: මුත්‍රාශයේපිළිකා

❤️❤️කහ:🌻🌻

Tartrazine yellow සහ Sunset Yellow : ශරීරයේ ඕනෑම ස්ථානයක පිලිකා ඇති කල හැක. ඉහත සඳහන් කල දරුවන්ගේ හැසිරීමේ රෝග සඳහා හේතුවන්නේ මෙම වර්ණයයි. ප්‍රතිශක්තිය දුර්වල කරයි.

🌻❤️වෙළඳපොලේ ආහාරයට වර්ණක අවශ්‍ය ඇයි?
🍀🍀

🌹කල් තබා ගැනීමට
🌹ආහාරයේ සැබෑ ස්වරුපය වසා ගැනීමට
🌹ආහාරයේ අඩංගු නොවන ගුණයක් ඇති බව පෙන්වීමට
🌹කල් ගත වනතුරු රසය පවත්වා ගැනීමට
🌹අලංකාර පවත්වා ගැනීමට

නමුත් ගෙදරදී නම් කුඩා දරුවාට තමන් අධික ලෙස ආදරය කරන බව පෙන්වීම සහ අන් අය අතර කැපී පෙනීමයි..ආදරයේ නාමයෙන් ඔබේ සිඟිත්තාට ඔබම මරු කැඳවනවාද ? තීරණය ඔබ සතුයි.

🌹🌹හිස්හොරි (Dandruff)🌹🌹🌹               🌺🌺කරදරකාරී හිස් හොරි වලින් මිදෙමු🌻🌻ගැහැණු පිරිමි භේදයක් නැතිව තරුණ වයසේ ළමයින් මා...
05/12/2020

🌹🌹හිස්හොරි (Dandruff)🌹🌹🌹

🌺🌺කරදරකාරී හිස් හොරි වලින් මිදෙමු🌻🌻

ගැහැණු පිරිමි භේදයක් නැතිව තරුණ වයසේ ළමයින් මානසික බිඳවැටීමකට ලක් කරන , රූපසොබාවට හානි කරන අප්‍රසන්න රෝගයක් හිස්හොරි.
බොහෝ අය මේ නිසා සමාජයෙන් සැඟවී සිටීමට පවා උත්සාහ කරනවා.

🌹ඉස්හොරි හැදෙන්නේ කොහොමද?

බටහිර වෛද්‍ය ක්‍රමය අනුව ඉස් හොරි හැදෙන ප්‍රධාන ක්‍රම කීපයක් තිබෙනව.
1 හිස්කබලේ ඇතිවන ඊස්ට් වර්ගයේ ක්ශුද්‍ර ජීවී ආසාදන නිසා. (Seborrhoeic Dermatitis)
2 පටිපනු වර්ගයේ දිළීර ආසාදන නිසා. (Tenia Caopitis)
3 වියලි සමක් ඇතිකරන ,අධික කැසුම් සහිත දද වර්ගයේ සමේ ආසාදන නිසා. (Eczema)
4 භාවිතාකරන සබන් , ෂැම්පු ,හෙයා ජෙල් , තෙල් වැනි දේවල්වලට අතිවන ආසාත්මික තත්වයන් නිසා. (Allergic Contact Dermatitis)
5 සමේ ඇතිවන කුෂ්ඨ වර්ග නිසා. (Psoraisis)

🌻🌺ආයුර්වේදයට අනුවනම් හිස් හොරි හැදෙන්නේ ශරීරයේ සෙම් හෝ වාත කෝපවීමක් ලෙසයි. ශරීරය තුළ ආම්ලික බව වැඩි වීම මේ සඳහා මග පාදයි.

🌹🌹මේ හේතු ලෙස කියවෙන්නේ,

· මානසික ආතතිය .
· අධික ලෙස ඇඹුල් වර්ග ආහාරයට ගැනීම.
· දිගු කාලයක් ශීතල ජලය පානයට /ස්නානයට භාවිතා කිරීම.
· අධිකලෙස දුහුවිල්ලට හෝ ඉර එළියට නිරාවරනය වීම.
· නින්ද මදිකම.
· අධිකලෙස දහදිය දැමීම.
· මළමුත්‍රා පහකිරීම පමා කිරීම(මළබද්ධය/මුත්‍රා ආසාදන).
හිස්කබල තෙල් යොදා නිසි පරිදි සම්බාහනය නොකිරීමෙන් වියළි බවට පත්වීම.
ආදිය වේ.

🌹🌹රෝග ලක්ෂන🌹🌹

· කැසීම හිසකෙස් ගැලවී වැටීම.
· හිස්කබලේ ඇතිවන හිරිවැටීම හෝ ඇනෙනසුලු ස්වභාවය.
· හිසේ සම ඉරිතැලීම.
· හිස්කබල අධිකලෙස වියලීමට පත්වීම.
· හිස්කබලේ දැවිල්ල.
· හිස්කබලේ සම කුඩු හෝ පතුරු ලෙස ගැලවී යාම.
· දරුණු අවස්තා වලදී බැක්ටීරියා ආසාදන හෝ ලේ ගැලීම ඇතිවීම.

🌻🌻බටහිර ප්‍රතිකාර🌻🌻

බටහිර ප්‍රතිකාරවලදී සිදුකරන්නේ හිස්කබලට බාහිරින් ආලේපකරන ෂැම්පු ප්‍රතිකාර පමනි.
නිවසේ කරන ප්‍රතිකාරවලින් සුවනොවූ අවස්ථාවලදී සමේ රෝග විසේශඥයෙකු වෙත යාමෙන් ඔබේ රෝග තත්වයට අනුව අවශ්‍ය ෂැම්පු වර්ගයක් හෝ නියම කරනු ඇති.

උදාහරන :
· Zinc Pyrthione
· Salicylic Acid
· Selenium Sulphate
· Ketoconazole
· Coal Tar

🌹🌹 දේශීය හෝ ආයුර්වේද ප්‍රතිකාර:🌹🌹

රෝගියාගේ ඉතිහාසය සහ අනිකුත් රෝග ලක්ෂන අනුව බාහිර තෙල් වර්ග වලින් ප්‍රතිකාර කෙරෙන අතර වාත හෝ අම්ල කිපීමක් නිසා අතිවූ අභ්‍යන්තර හේතුවක් ලෙස සොයාගත් අවස්ථා වලදී අභ්‍යන්තර ප්‍රතිකාරද කරනු ලබයි. මේ සඳහා විවිධ කෂාය සහ ක්වාත වර්ග ඇතිමුත් ඒවා නිසිපරිදි වෛද්‍යවරයෙකු ලවා නියම කරගත යුතු වෙයි.
ආයුර්වේදයෙදී මූලික සිද්ධාන්තය ලෙස භාවිතාකරන්නේ රුධිරය සහ අක්මාව පිරිසිදු කිරීමයි (Blood and Liver Detoxification).

ආයුර්වේදයේ හිස් හොරි සුවකිරීමට ගන්නා මූලික ඖෂධ​ වර්ග

· කීකිරිඳිය
· නෙල්ලි
· නිල් අවරිය
· සුදුහඳුන්
· වැල්මී
· වද
· අත්තන ( අධික විෂ සහිත නිසා නිවසේදී පිලියෙල කිරීමට ගනු නොලැබේ )
· මදුරුතලා

🌹🌹නිවසේදී සිදුකලහැකි අත් බෙහෙත් කීපයක්🌻🌻

1 මදුරුතලා , වදමල් , අමු නෙල්ලි සම කොටස් ගෙන ඒ වාගේ 4 ගුනයක් තලතෙලෙන් සහ 8 ගුනයක් පොල්වතුරෙන් මිශ්‍ර කර මද ගින්නේ ,ජලය වාශ්ප වනතුරු හින්දවන්න. පසුව පිරිසිදු පෙරහනකින් පෙරා දවසට දෙවරක් හිස්කබලේ ආලේප කරන්න.

2 පිරිසිදු පොල්තෙල් මේසහැඳි දෙකකට කොහොඹකොල 5-10 අතර ප්‍රමාණයක් සහ කරපිංචා අහුරක් දමා විනාඩි 5ක් රත්කරන්න. නෑමට විනාඩි 20 කට පෙර මේ තෙල් හිස්කබලේ තවරා හොඳින් සම්බාහනය කරන්න. එදිනෙදා හිසකෙස් සඳහා භාවිතාකිරීමටත් මේ තෙල සුදුසුයි.

3 උළුහාල් තේහැඳි 2ක් රැයක් පුරා ජලයේ පොඟවා පසු දින හොඳින් අඹරා හිස්කබලේ ගල්වා සම්බාහනය කර සෝදා හරින්න.

4 උළුහාල් සහ දෙහි තම්බා පොඩිකර, ඉස්කබලේ ගල්වා සම්බාහනය කර සෝදා හරින්න.
5 පේරකොල සහ කොහොඹකොල කොටා ඉස්ම ඉස්කබලේ ගල්වා සෝදාහරින්න.
6 ගොඩපර ගෙඩි තම්බා පොඩිකර ඉස්කබලේ ගල්වා සෝදා හරින්න.
7 උළුහාල් සහ කොහොඹකොල කොටා මුදවපු කිරි මිශ්‍රකර හිස්කබලේ ගල්වා සෝදා හරින්න.
8 පොල්තෙල් හිඳිනවිට අලුපුහුල් ඇට සහ පොත්ත සිහින්ව ලියා එකතුකර සාදාගන්නා තෙල, නෑමටපෙර ඉස්කබලේ අතුල්ලා සෝදා හරින්න. මේ තෙල සාමාන්‍යයෙන් හිසකෙස් වල ආලේපකරන්නත් නිවසේ භාවිතාකරන්න පුලුවන්.
9 පේර සහ වෙරළු කොල යුෂ හිස්කබලේ ගල්වන්න.
10 මුදවපු කිරිවලට වැල්දෙහි යුෂ මිශ්‍රකර ඉස්කබලේ අතුල්ලා සෝදා හරින්න.
11 කොහොඹ කොල යුෂ ,දෙහියුෂෙන් මිශ්‍රකර ඉස්කබලේ ආලේපකර සෝදා හරින්න.
12 ඇපල්සයිඩර් විනාකිරි මේසහැඳි 4ක් ජලය ලීටර් බාගයකට එකතුකර ලිපතබා නටනවිට මින්ට් කොල කීපයක් එකතු කරන්න.එය නිවුනපසු පෙරා හිස්කබලේ ආලේපකර සෝදා හරින්න.
13 සඳුන්තෙල් දෙහි ඇඹුලෙන් මිශ්‍රකර හිස්කබලේ ගල්වා සෝදා හරින්න.
14 කෝමාරිකා මද මිශ්‍රනයක් ඝනට සාදා හිස්කබලේ ආලේපකර සම්බාහනය කර සෝදා හරින්න.
15 උකුවට සෑදූ බත් කැඳ නිවුනුපසු ඉස්කබලේ ආලේපකර සෝදන්න.
16 රත්කල පොල්තෙල් මේසහැඳි 4කට කපුරුතෙල් එක මේසහැන්දක් එක්කරන්න.මද උනුසුමින් නින්දට පෙර ඉස්කබලේ ආලේපකර උදෑසන සෝදා හරින්න.

🌹ප්‍රතිකාර කිරීමේදී විශේෂයෙන් මතක තබාගතයුතු වැදගත් කරුනු:🌺🌺

1 ඉස් හොරි සඳහා ඔබ ෆාමසියෙන් විවිධ ආලේපන මිළදී ගත්තත් ඒ හැම එකක්ම ඔබට ගැලපුනේ නැහැ නේද ? ඔබට ගැලපෙන වර්ගය හමුවනතෙක් සියල්ල අත්හදාබැලූ සේ මේ අත්බෙහෙත් අතරිනුත් ඔබට වඩා ගැලපෙන සුදුසු ප්‍රතිකාරය තෝරාගන්න.

2 තෝරාගත් ප්‍රතිකාරය අඩුතරමින් මාස 3ක්වත්, ප්‍රථිපල ලැබෙනතුරු භාවිතා කරන්න. උදාහරණයකට ප්‍රතිජීවකයක එක පෙත්තක්, කරලක් ගත් පමණින් ඔබේ රෝගය සුව නොවන්නාසේ මේ ප්‍රතිකාරයත් යම් කාල පරාසයක් තුල සිදු නොකර ප්‍රථිඵල බලාපොරොත්තු වෙන්න එපා.

3 රෝගය අධිකලෙස පැතිරී දිගුකාලීනව පැවතුනේනම් ඔබේ කැමැත්ත පරිදි දේශීය හෝ බටහිර හෝ ආයුර්වේද සම සම්බන්ධ විසේශඥ වෛද්‍යවරයෙකුට පෙන්වාගන්න.

🌹🌹හිස් හොරි සඳහා අවශ්‍ය සාර්ථක ප්‍රතිකාර අප වෛද්‍ය මධ්‍යස්ථානය වෙත පැමිණ ලබා ගැනීමට පුළුවන්.

Address

Kirinda-Beliaththa Road, Eldeniya
Beliatta
0008

Opening Hours

Monday 19:30 - 20:00
Tuesday 19:30 - 20:00
Wednesday 19:30 - 20:00
Thursday 19:30 - 20:00
Friday 19:30 - 20:00
Saturday 19:30 - 20:00

Telephone

+94710474718

Website

Alerts

Be the first to know and let us send you an email when Eldeniya Ayurweda Medical Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Eldeniya Ayurweda Medical Center:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram