Praana Yathraa

  • Home
  • Praana Yathraa

Praana Yathraa නිරෝගීමත් දිවියකට උපදෙස්

04/01/2026

ඔලුවේ තියන ප්‍රශ්න ඔක්කොම ඉවරයි ..

පින්බර වෙසක් පොහෝ දිනයක් වේවා 🙏 *සුමේධ තාපසයා දීපංකර බුදුරාජානන් වහන්සේගෙන් නියත විවරණ ලැබීම.*සතර පෙරනිමිතිවල ව්‍යාධි රූ...
05/05/2023

පින්බර වෙසක් පොහෝ දිනයක් වේවා 🙏

*සුමේධ තාපසයා දීපංකර බුදුරාජානන් වහන්සේගෙන් නියත විවරණ ලැබීම.

*සතර පෙරනිමිතිවල ව්‍යාධි රූපය දැකීම.

*ආනන්ද හිමියන් පිරිනිවන් පෑම

*බුදුරජාණන් වහන්සේගේ තෙවන ලංකාගමනය සිදුවීම.

*විජය කුමරුගේ ලංකාගමනය.

*දේවානම්පියතිස්ස රජුගේ දෙවන රාජාභිෂේකය සිදුවීම.

*යමා මහා පෙළහර පෑම.

වෙසක් පොහොය දිනය බෞද්ධ ජනතාව ඉතාමත් උත්කර්ෂවත් අයුරින් සැමරීමට ප්‍රධාන හේතුව වන්නේ සිදුහත් කුමරුගේ ඉපදීම, බුදුවීම, සහ බුදුන්වහන්සේගේ පිරිනිවන් පෑම වෙසක් පුර පසළොස්වක පොහොය දිනයක දී සිදුව තිබීම යි
එදා ලුම්බිණි සල් උයනේ දී සිද්ධාර්ථ කුමාරයා ලෙසින් උප්පත්තිය ලැබූ බෝසතාණන් වහන්සේ ජීවිතය පිළිබඳව කලකිරීමෙන් පසුව 29 හැවිරිදි වියේ දී ගිහිගෙයින් නික්ම ගියා. ඉන් අනතුරුව වසර 6ක් දුෂ්කර ක්‍රියා කළත් බුද්ධත්වයට පත්වීමට හැකිවුණේ නැහැ. නමුත් ඉන් පසුව අත්ථ කිලමතානු යෝගය සහ කාම සුඛල්ලිකානු යෝගය අත් හැර මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කළ බෝසතාණන් වහන්සේ ටික කලකින් බුද්ධගයාවේ ඇසතු බෝ රුක් මුලක දී බුද්ධත්වයට පත්වුණා. එලෙස බුද්ධත්වයට පත්වුණු අප මහා බුදුරජාණන් වහන්සේ වසර 45ක් ලෝක වාසීන්ගේ හිත සුව පිණිස කටයුතු කළා. එදා ලෝක වාසීන්ගේ යහපත වෙනුවෙන් කටයුතු කළ අප මහා බුදුරජාණන් වහන්සේ 80 හැවිරිදි වියේ දී පරිනිර්වාණය කළේ කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ සල් උයනේ දී යි.

මේ දිනවල  පවතින උශ්නය  අදික තත්වය නිසා , ශරිරයේ ඇති අපහසුතා සමනය කරගැනීමට ගතහැකි ක්‍රියාමාර්ග *උදෑසන ස්නානය කිරිමට පුරුද...
23/04/2023

මේ දිනවල පවතින උශ්නය අදික තත්වය නිසා , ශරිරයේ ඇති අපහසුතා සමනය කරගැනීමට ගතහැකි ක්‍රියාමාර්ග

*උදෑසන ස්නානය කිරිමට පුරුදුවන්න
*දිනකට අවම ජලය ලීටර් 5 ක් පානය කරන්න
*උණුවතුර පානය කිරිමෙන් වළකින්න .
*කෝමාරිකා සුදු මදය ආහාරයට ගන්න
*කැහිපිත්තන් කොල ආහාරයට ගන්න
*නෙල්ලි රසකිස තම්බා පානය කරන්න
*බැදපු කොත්තමල්ලි සමග ඉගුරු තම්බා පානය කරන්න

ආයුබෝවන්  🙏පින්බර  මැදින්  පොහොයදිනයක් වේවා !*මැදින් පොහොයේ වැදගත්කම බුදු හිමියන් ප්‍රථම වරට කිඹුල්වත් නුවරට වැඩම කිරීම....
06/03/2023

ආයුබෝවන් 🙏

පින්බර මැදින් පොහොයදිනයක් වේවා !

*මැදින් පොහොයේ වැදගත්කම බුදු හිමියන් ප්‍රථම වරට කිඹුල්වත් නුවරට වැඩම කිරීම.

* ශාක්‍ය වංශිකයන්ගේ මානය බිද හෙලීමට යමාමහ පෑම.

* නන්ද කුමරු සසුන්ගත් වීම .

* සුද්ධෝධන රජු තෙවන වරටත් බුදුහිමියන්ට නමස්කාර කිරීම.

තෙරුවන්සරණ යන්න.. 🙏🙏

ඔබ නොදත් Multivitamin ගහජපන් බටු, සිංගප්පූරු කොළ, වැල් මුරුංගා ,ආඩි කොල , තවුසි කොළ ආදි ලෙස අපේ රටේ අය විවිධ නම් වලින් හ...
10/11/2022

ඔබ නොදත් Multivitamin ගහ

ජපන් බටු, සිංගප්පූරු කොළ, වැල් මුරුංගා ,ආඩි කොල , තවුසි කොළ ආදි ලෙස අපේ රටේ අය විවිධ නම් වලින් හඳුන්වනු ලබන මෙම ශාකය ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්තව ඇති ඉබේ වැවෙන ශාකයකි. Sauropus androgynus යනුවෙන් විද්‍යාත්මකවත්, Sweet Leaf ලෙස ඉංග්‍රීසි භාෂාවෙනුත්, දෙමළ භාෂාවෙන් "තවසි මුරුංගායි" ලෙසත් හඳුන්වනු ලබන මෙම ශාකය මීටර් 2-3ක් පමණ උසට වැඩෙන සදාහරිත බහුවාර්ෂික පඳුරකි. එහි තද කොළ පැහැති, සංයුක්ත, ඔවාලාකාර පත්‍ර හට ගන්නා අතර, ගස කුඩා කාලයේ පත්‍ර මධ්‍යයට වන්නට අලංකාරවත් සුදු පැහැති පැල්ලමක් පිහිටයි. ඉතාමත් අලංකාර රතු පැහැති මලක් සහ පුංචි ගෙඩියක් හටගනී .

මෙම ශාකයේ ලා රිකිලි, නොමේරූ පත්‍ර සහ ඇට ඉවත් කළ ගෙඩි ද ආහාරයට ගනී. දඩු කැබලි සහ බීජ මගින් ප්‍රචාරණය කළ හැකිය. අලංකාරවත්, නඩත්තු කිරීමට පහසු, ආක්‍රමණශීලී නොවන, අනිකුත් ශාකවලට බාධා නොකර පාඩුවෙි වැඩෙන ශාකයකි.ජපන් බටු යනු ආහාරයට මෙන්ම භූමි අලංකරණයට ද ගැළපෙන, කාබනික පොහොර සකස් කර ගැනීමට මෙන්ම සත්ත්ව ආහාර සඳහා ද වැදගත්වේ . බොහෝ ජනයා ජපන් බටු කොළ මැල්ළුමක් ලෙස ආහාරයට ගනී.

ජපන් බටු සතු පෝශක
ඛණිජ ලවන
ප්‍රෝටීන්
විටමින් A
විටමින් B
විටමින් C
විටමින් E
යකඩ
කැල්සියම්
පොස්පරස් සහ සින්ක්

ජපන් බටු නිසා ඔබට ලැබෙන ප්‍රතිලාභ
ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරිම
පරිවෘත්තීය ක්‍රියාකාරිත්වය පහසු කිරිම
තුවාල සුව කිරීමට
රසය සහ ගඳ සුවඳ දැනීමට
අක්මාවේ විස හරණය කිරීම
ලිංගික සරුභාවය ඇති කිරීම
පිළිකා වැළැක්වීම
හෘදරෝග
ආතරයිටීස්
වැනි ඇතැම් බෝ නොවන රෝග කිහිපයක්ම වැළැක්වීමට ඉවහල් විය හැකි ප්‍රබල ජෛව ඖෂධීය රසායනික වර්ග රාශියක්ම හඳුනා ගැනීමට අධ්‍යයනවලදී හැකිව තිබේ.

ජපන් බටු ආහාරයට ගතහැකි විදි...

ජපන් බටු කොල මැල්ලුම, කලවම් මැල්ලුමට, කොල කැද සදහා,තෙලට දමා. ජපන් බටු ගෙඩියේ ඇට ඉවත් කර ව්‍යංජනයක් ආකාරයට .
කොහොම සකස් කර ගත්ත ද ආහාරයට ගන්නා තෙල් සමග පිස ගැනීමෙන් පෝෂණ අගය ඉහළ යන බව ද සදහන් කළ යුතුව තිබේ.හොඳින් පිසූ ජපන් බටු වෑන්ජනයක් සතියකට වරක් දෙවරක් ආහාරයට ගැනීම සුදුසුය.ආහාරවල අගය වැඩි කිරීම සහ පෝෂණයෙන් ශක්තිමත් කිරීම සදහා ජපන් බටු කදිමයි.
ඉතිම් ඔබේ ගෙවත්තේ ජපන් බටු පැලයක් සිටුවා නීරෝගී ජීවිතයක් ගත කරන්න..


#ආයුර්වේද #හෙළ_ඔසු
#ප්‍රාණ_යාත්‍රා #සිංහලබෙහෙත් #ජපන්_බටු

https://www.facebook.com/PraanaYathraa

ආයුබෝවන්  🙏පින්බර ඉල් පොහොය දිනයේ වැදගත්කම *ප්‍රථම ධර්මදූත පිරිස ගමන් ආරම්භ කිරීම .*තුම්භෑ ජටිලයන් දමනය කිරීම.*මෛත්‍රී බ...
07/11/2022

ආයුබෝවන් 🙏
පින්බර ඉල් පොහොය දිනයේ වැදගත්කම

*ප්‍රථම ධර්මදූත පිරිස ගමන් ආරම්භ කිරීම .

*තුම්භෑ ජටිලයන් දමනය කිරීම.

*මෛත්‍රී බෝසතුන් නියත විවරණ ලැබීම.

*සැරියුත් හිමියන් පිරිනිවන් පෑම.

*කඨින චීවර මාසයේ අවසන් දිනය.

සියලුම සත්වයෝ නිදුක් වේවා ! නීරෝගී වේවා ! සුවපත් වේවා!

24/10/2022
උතුරට කප්රුකක් වූ තල් ගස.... "තල්"  ඇත්තටම තල් කියන්නේ අපිට පලතුරක් වුනාට උතුරේ මිනිසුන්ගේ ප්‍රදානම  ආදායම් මාර්ගයක්  ලෙ...
21/10/2022

උතුරට කප්රුකක් වූ තල් ගස....

"තල්" ඇත්තටම තල් කියන්නේ අපිට පලතුරක් වුනාට උතුරේ මිනිසුන්ගේ ප්‍රදානම ආදායම් මාර්ගයක් ලෙස තල් හැදින්විය හැක.. එනම් තල් ගහේ සෑම කොටසකින්ම විවිධ ආකාරයේ ප්‍රයොජනයන් ඇති හෙයිනි..
වියළි දේශගුණයක හොඳින් වැඩෙන තල් ගස් නියං සමයකදී වුව ද හොදින් වර්ධනය වේ.. පසේ ඇති ජලය සංරක්ෂණය කිරීමත් .. නිසරු පස සරුසාර කර ගැනීමටත් මෙය වැදගත් වේ. එපමණක් නොව තල් ගසට පලිබෝධ හානිය අල්පය.

තල් සතු පෝෂක
විටමින් A, B, C,
පොටෑසියම්
කැල්සියම්
පොස්පරස්
සින්ක්
යකඩ අඩංගු වේ..

තල් නිසා ඔබට ලැබෙන ප්‍රතිලාභ
1. ඇස් පෙනීම වර්ධනයට
2.අස්ති සහ දත් ශක්තිමත් කිරීම
3.රක්ත හීනතාවල වැලක්වීම
4.රුධිර පීඩනය අවම කිරීම
5. මොලය වර්ධනයට
6. ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම
7.සම රැලි වැටීම වැලක්වීම
8.හිසකෙස් නිරෝගිමත් කිරීම
9.ආහාර ජීර්ණය පහසු කිරීම
10.ශරිරය සිසිල් කිරීම

තල් ආශ්‍රිත ආහාර සහ පාන
එනම් තල් කුරුම්බා , ඉදුනු තල්, තල් අල තම්බා, තල් අල තම්බා වියලා,තල් රා.., තල් අරක්කු, තල් වයින්,තල් හකුරු ,ඉඳුණු තල් ගෙඩියේ යුෂ වලින් තල් කැවුම්, තල් පිනාටු වැනි රසවත් ආහාර නිපදවීමට යොදා ගනියි. තල් ගෙඩියක ඇට දෙකක් හෝ තුනක් පවතී. එම ඇට පැළ කර ලබාගන්නා තල් අල වලින් තල් පිටි සාදාගනු ලබයි. මෙම තල් අල පිටි වලින් විවිද රස කැවිලි, පිට්ටු හා කූල් වැනි උතුරේ ආවේණික ආහාර රැසක් ඇත. තල් ආශ්‍රිතනිෂ්පාදන ද වෙළෙඳ පොළේ මිලදී ගැනීමට ඇත. ඒ තල් බිස්කට්, තල් ජෑම්, තල් යෝගට්, තල් පැණි, තල් පලතුරු බීම, ක්ෂණික තල් පාන වේ.

තල් ආශ්‍රිත නිර්මාණ
මුළුතැන්ගෙයි ඇසුරුම් පෙට්ටි, කිරි ගොටු, මලු, වටාපත්, පැදුරු, තොප්පි, හැඹිලි, අත් බෑග්, ආභරණ පෙට්ටි ආදිය තල් පත්‍ර ඇසුරෙන් නිපදවන භාණ්ඩ අතර ප්‍රධානවේ.එපමණක් නොව තල් පත්‍ර නිවාස සෙවිලි කිරීමට, වැටවල් සඳහා මෙන් ම යාපනයේ ගොවිතැන් කටයුතු වලදී බෝගවලට සෙවණ සැපය‍ිමට ආවරණ ලෙස ද යොදා ගනී. තල් ශාකයේ කොටස් උපයෝගි කොට ගෙන නිපදවන මල් බඳුන්, විසිතුරු මල්, බිත්ති සැරසිලි සංචාරක ආකර්ෂණයට තුඩු දෙන අනෙකුත් නිෂ්පාදන අතරවේ. තවද තල් කඳ කල් පවතින දෘඪ දැවයක් හෙයින් එය ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කටයුතු සඳහා යොදා ගනී. ලණු කොසු ආදිය තල් ආශ්‍රිතව සිදු කරන තවත් නිෂ්පාදන වේ.

ඉතිම් තල් කියන්නේ ආහාරයක් ම පමණක් නොව වානිජ වශයෙන් ඉතා වටිනා පලතුරකී .. ඔබත් තල් ආහාරයට ගෙන නිරෝගිමත් මිනිසෙකු ලෙසින් ජිවීතය ගත කරන්න.


#ආයුර්වේද #හෙළ_ඔසු
#ප්‍රාණ_යාත්‍රා #සිංහලබෙහෙත් #තල්

https://www.facebook.com/PraanaYathraa

COVID කාලේ හැමෝම හොයපු බෙහෙත් ගහ.."බිං කොහොඹ " කියන්නේ ප්‍රතිශක්තිකරණය ඇති කරන  අපේ රටට ආවේණික රට තුල  වදවීමට ලක්වී ඇති ...
17/10/2022

COVID කාලේ හැමෝම හොයපු බෙහෙත් ගහ..

"බිං කොහොඹ " කියන්නේ ප්‍රතිශක්තිකරණය ඇති කරන අපේ රටට ආවේණික රට තුල වදවීමට ලක්වී ඇති වටිනා ශාකයක්. වනාන්තරවල බිං කොහොඹ ශාකය හොදින් වැඩීම සිදුවන අතර, මෙම ශාකයේ ප්‍රබේදයන් ගනනාවක් දක්නට ලැබේ. පත්‍රවල පිහිටීම අනුව ප්‍රබේද වෙන් කරනු ලබයි.. එනම්.. කොල තුන.. කොල පහ.. කොල හත.. කොල නවය..මේ ආකාරයට ප්‍රබේද 10කට වඩා ඇත. එහෙත් බහුලවම දැකගැනීමට හැකි වන්නේ කොල තුන සහිත සහ කොල පහ සහිත ප්‍රබේදයන් වේ.
බිං කොහොඹ ශාකයේ උපරිම උස සෙන්ට්මීටර 15 පමණ වන අතර, ඉතාමත් අලංකාර සුදු පැහැති මලක් සහ කුඩා ගෙඩියක් හටගනී. ස්ඵෝටනය මගින් බීජ ව්‍යාප්තිය සිදුවේ.. දේශීය වෙදකමේදී මෙම ශාකයේ පංච අංගයන්ම ඖෂධ සදහා යොදාගනී. මෙම ශාකය මුවන්ගේ ඉතාමත් ප්‍රණීත ආහාරයක් වේ.

බිං කොහොඹ නිසා ඔබට ලැබෙන ප්‍රතිලාභ
ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරයි
කුසගිනි වඩවයි
මුත්‍ර කාරක බව
වණ ශෝධනය කරනයි
ඉදිමුම් නසයි
සිනීමට්ටම පාලනය කරයි
රුධිරය පිරිසිදු කරන ආදී ගුණයන් සහිතයි.
තවද,දේශීය වෙදකමේදී ඉක්කාවට ..උණ ,අතීසාරය,අජීර්ණය,කුසගිනි මදිකම,මලබද්ධය,වාතරක්තය,කුශ්ඨ,වණ,වේදනාවන්,ඉදිමුම් චර්ම රෝගයන්,ඇදුම රෝග ,වමනය යන රෝගයන්ට ප්‍රතිකාර කිරීම සදහා බිං කොහොඹ සම්පූර්ණ ශාකයම යොදාගනී.
භාවිතා කරන ආකාර කිහිපයක්... පස්පංගුව සකස් කිරිමේදී බිං කොහොඹ ඉත්තක් යොදා ගැනීම මගින් , උණ, හෙම්බිරිසව, ශරිරයෙ වෙදනාවන් සමනයවේ..කොත්ත මල්ලි සමග බිං කොහොඹ තම්බා පානය කිරීම මගින් ඉක්කාව සුවවේ.

ඉතින් මෙම වටිනා ඖෂධීය ශාකය රැක ගැනීම අප සියලූම දෙනාගේම යුතුකමක් වේ. අපේ රට තුල බිං කොහොඹ ශාකය ගෙවත්තේ බදුනක හෝ වවා සංරක්ෂණය කර ගැනීම සියලු දෙනා උනන්දු වෙමු..


#ආයුර්වේද #හෙළ_ඔසු
#ප්‍රාණ_යාත්‍රා #සිංහලබෙහෙත් #බිං_කොහොඹ

දැනුමට යමක් ලබා ගන්න එන්න.. 👇

https://www.facebook.com/PraanaYathraa

නිදහසේ සැරිසරන ගමන් නීරෝගිමත්  දිවියකට උපදෙස්  සමගින් අපහා එකතු සියලුදෙනාට ස්තුති 🙏ගහට,  කොලට, ස්වභාව දහමට ආදරය කරන   නි...
17/10/2022

නිදහසේ සැරිසරන ගමන් නීරෝගිමත් දිවියකට උපදෙස් සමගින් අපහා එකතු සියලුදෙනාට ස්තුති 🙏
ගහට, කොලට, ස්වභාව දහමට ආදරය කරන නිරෝගිමත් මිනිසුන් ලෙසින් සතුටින් ජීවත් වීමටත් , ගෙවෙන හැම මොහොතකම දැනුමට යමක් ඔබ වෙතට රැගෙන ඒමත් අපගේ අරමුණ වේ..
රටට නය නැති මිනිසෙකු වෙමු..

https://www.facebook.com/PraanaYathraa

ආයුබෝවන්  🙏පිංබර වප් පොහොය දිනයේ වැදගත්කම. *වස් පවාරණය කිරීම.*බුදුරජාණන් වහන්සේ තව්තිසා දෙවි ලොවෙහි සිට සසංක පුරයට වැඩම ...
09/10/2022

ආයුබෝවන් 🙏
පිංබර වප් පොහොය දිනයේ වැදගත්කම.

*වස් පවාරණය කිරීම.

*බුදුරජාණන් වහන්සේ තව්තිසා දෙවි ලොවෙහි සිට සසංක පුරයට වැඩම කිරීම.

*මෛත්‍රී බෝසතුන් පැවිදි වීම.

*සැරියුත් හිමියන්ට ප්‍රඥාවෙන් අග තැන්පත් තනතුර ප්‍රදානය කිරිම.

*සංඝමිත්තා තෙරණිය වැඩම කරවීමට අරිට්ඨ කුමරු දඹදිවට පිටත් කරවීම.

*ථූපාරාමයේ කරන ලද විනය සංගායනාව.

*ජය ශ්‍රී මහා බෝධී අංකුරය පිහිටුවීම.

සියලුම සත්වයෝ නිදුක් වේවා ! නීරෝගී වේවා ! සුවපත් වේවා!

Address

New Kandy Road

Website

Alerts

Be the first to know and let us send you an email when Praana Yathraa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your practice to be the top-listed Clinic?

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram