Umesha Pabasari.

Umesha Pabasari. 𝖫𝗂𝖿𝖾 𝗂𝗌 𝖺 𝖦𝗂𝖿𝗍.. 𝖶𝖺𝗄𝖾 𝗎𝗉 𝖾𝗏𝖾𝗋𝗒 𝖽𝖺𝗒 𝖺𝗇𝖽 𝗋𝖾𝖺𝗅𝗂𝗓𝖾 𝗍𝗁𝖺𝗍
ජීවිතය ත්‍යාගයක්.. දිනපතා අවදි වී එය වටහා ගන්න..

28/03/2026

ආදරය  නිසා ජීවිතය අත් හරින්න හිතෙන්නේ ඇයි..එහෙනම් පොඩ්ඩක් නැවතිලා කියවන්න… 👇අපිට සිද්දවෙන වේදනාකාර්‍ර සිදුවීම් නිසා , අප...
24/03/2026

ආදරය නිසා ජීවිතය අත් හරින්න හිතෙන්නේ ඇයි..

එහෙනම් පොඩ්ඩක් නැවතිලා කියවන්න… 👇

අපිට සිද්දවෙන වේදනාකාර්‍ර සිදුවීම් නිසා , අපිට අපේ හදවතට සමීප අය කරන රිදවීම නිසා, අපි ආදරේ කරන අයගේ ඈත් වීම් ඉවත් වීම් නිසා අපේ හදවත පසාරු කරන් යන තරමේ වේදනාවක් අපිට එනවා. ඇත්තටම බලාපොරොත්තුයි විශ්වාසයයි බිඳ වැටීම් නිසා අපි ලොකු stress එකකට පත් වෙනවා.. ඇත්ත නේද?

ඉතින් ඉස්සෙල්ලම අපි බලමු ඇයි අපි මෙහෙම කෙනෙක් ගැන දෙයක් ගැන බලාපොරොත්තු සහ විශ්වාසය ඇති කරගන්නේ කියලා..

දන්නවාද? අපේ මොළය හුරු වෙලා තියනවා අපේ පංච ඉන්ද්‍රියන් නිතරම සතුටින් තියන්න.. ඉතින් අපි යම් කිසි දෙයකට attractive වුනොත් මොළය කරන්නෙ නිතරම අපිට ඒ දේ ගැන පේන negative දේවල් ටික අපිට පෙන්නන්නේ නැති කරලා ඒ අපි ආකර්ශනය වුන දේ ගැන උපරිම positive දේවල් විතරක් පෙන්නනවා. මේ දේ කරන්නෙ අපේම හොඳට. හේතුව මොළයට ඕනි නිතරම අපි දුකින් ඉන්න එක නවත්තන්න. අපි දුකින් හිටියොත් මොළයට වෙහෙසයි. එතකොට එයාට අපේ ඇඟේ තියන අනිකුත් කාර්යයන් නිවැරදිව කරගෙන යන්න ශක්තිය වැය කරන්න බැරි වෙනවා. ඉතින් හරි හෝ වැරදි එයා අපි දකින දේ අපිට පේන දේ ගැන හොඳම විතරක් පෙන්නනවා.

අපි උදාහරණයක් විදිහට ගමුකෝ පැණිරස කෑම ගැන. අපේ දිවට පැණිරස දැනෙන්න දැනෙන්න අපි පැණිරසට ආස කරනවා. මොළය කරන්නේ තව තවත් පැණිරස ඇඟට දාගන්න සලස්වන එක. මොළයට ඕනි දිව සනසන්න.. ඒත් ඕනවට වඩා ඕනිම දෙයක් ගත්තම ඒක අපේ ඇඟට අහිතකරයි කියලා මොළය අපිට දැනුම් දෙන්නේ අපේ ශරීරයේ ඇතුලේ අවයව උදවු ඉල්ලද්දි තමයි..

ඉතින් මේ වගේම තමයි. ආදරයේදිත්.

මොළය මගින් නිදහස් කරන ඔක්සිටොක්සින් (ආදර හෝමෝනය) කියන හෝමෝනය නිසා තමයි අපිට ආදරය කියන සිතිවිල් ඇති වෙන්නේ. ඇත්තම කියනවා නම් මේක සිතිවිල්ලක් නෙමේ අපේ ශරීරයේ අවශ්‍යතාවක්.. එහෙම කියන්න හේතුව මේකයි.. අපි හිතුවට අපේ හදවත හිත ගිය තැන මාලිගාව කියලා.. විද්‍යාවේ අද වෙනකොට හොයාගෙන තියනවා සිතිවිලි කියන්නේම අපේ ශරීරයේ අවශ්‍යතාවන් වලට මොළයෙන් නිකුත්වන හෝමෝන නිසා සිදු වෙන දෙයක් කියලා.. සිතුවිලි කියන්නේ අපිට යම් දේකට ක්‍රියාත්මක වෙන්න ඉන්ධනයක්..

ඔක්සිටොක්සින් හෝමෝනය බන්ධනය, විශ්වාසය සහ සමාජ සම්බන්ධතාවය සමඟ සම්බන්ධ වෙනවා .. එය ප්‍රජනනය , සමාජ හැසිරීම් වල ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනවා .. ආදර බැඳීම, ලිංගික උද්දීපනය සහ දෙමාපිය-ළදරු බැඳීම. එය ශාරීරික ස්පර්ශය, වැළඳ ගැනීම සහ සුරාන්තය වගේ දේවල් මේ හෝමෝනයෙන් පාලනය වෙනවා..

ඒ එක්කම සෙරටොනීන් , ඩෝපමීන් වගේ සතුටු හෝමොන මොළයෙන් නිදහස් කරලා අපේ ශරීරය උපරිම තෘප්තිමත් කරනවා..

ඉතින් ඔන්න ඔය දේ නිසා තමයි අපි හැමෝම එපා කිසි දෙයක් එපා මට එයා විතරයි ඕනි කියලා තීරණය කරන්නේ..

එතනින් පස්සේ අපි ඒ ආකර්ශණය වුන පුද්ගලයාගේ නරක එයා ඉන්න පරිසරය එයාගේ පවුල් පරිසරයවත් හොයන්නැතිව එයාවම ඉල්ලනවා. මොළය වෙහෙසෙනවා අපිව සතුටු කරන්න. මොන බාධක ආවත් මොළය ඒවගෙන් මිදිලා ආදරේ කරන්න උදවු කරනවා..

ඉතින් ළමයෝ මේ මොළය ඔයාගේ සතුට වෙනුවෙන් මායාවක් තමයි පෙන්නන්නේ. ඇත්තම පුද්ගලයා එළියට එන්නේ කලක් ගත වෙන විට කිවුවට ඇත්ත ඒක නෙමේ.. ඔයා ආදරේ කරන පුද්ගලයාගේ හොඳ පැත්ත පෙන්නලා ඔයාගේ හිත උපරිම සතුටට පත් කලාට පස්සේ ඔයාව උපරිම තෘප්තිමත් කලාට පස්සේ ඔයාට ටික ටික පෙන්නනවා එයාගේ negative දේවල් ටික. Toxic දේවල්..

සමහර අයව කොච්චර මේ මොළය රවට්ටනවද කිවුවොත් එයාලා ඉන්නේ toxic අය ළඟ narcissistic person කෙනෙක් ළඟ බව එයාලට දැනෙන්නවත් තියන්නෑ. ඇත්තටම ඒක දැනගත්තොත් අපිට දරාගන්න බෑ. එතකොට මොළයට අමතර වෙහෙසක් ගන්න වෙනවා.. ඒ නිසාම මොළය අපෙන් ඒ narcissistic ගතිගුණ තියන කෙනෙක් කියන එක අමතක කරවනවා..

මගේ ළඟට උපදේශනයට ඇවිත් තියනවා මේ වගේ කීප දෙනෙක්ම..

ඉතින් මේ මොළය නිකුත් කරන ඔක්සිටොක්සින් නිසා තමයි අපි කෙනෙක්ව අධිකව විශ්වාස කරන්නේ බලාපොරොත්තු ඇති කරගන්නේ.. ඒ බලාපොරොත්තු බිඳුනම අර මොළයෙන් නිදහස් කරපු ඔක්සිටොක්සීන් , සෙරටොනීන් , ඩෝපමීන් හෝමෝන අඩු කරනවා.. ඊට පස්සේ ආතති තත්වයක් ඇති කරවලා කෝටිසෝල් කියන ආතති හෝමෝනය නිදහස් කරනවා.

කෝටිසෝල් වලින් දුක වේදනාව ආතතිය නොරිස්සුම ඇති කරනවා. ඔන්න ඔය කෝටිසෝල් අධිකව මොළයෙන් නිදහස් වෙනකොට ඔයා ටික ටික විශාදීය තත්ත්වයට පත් වෙනවා..

එතනින් පස්සේ කන්න බොන්න හිතෙන්නෑ නින්ද යන්නෑ කල්පනා කරනවා තවත් ටිකක් විශාදීය තත්ත්වය උග්‍ර වුනහම ජීවිතය අත් හරින තත්ත්වයට පත් වෙනවා..

ඔන්න ඔහොමයි අපිට දිවි තොර කරගන්න සිතිවිලි එන්නෙ.

මේ වෙලාවට ඔයා ඉක්මනින් කරන්න ඕනි පලපුරුදු මනෝවිද්‍යා උපදේශක වරයෙක් හා මනෝ වෛද්‍යවරයෙක් හමු වෙන එක..අපේ අඩු වැඩි හෝමෝන යථාතත්වයට පත් කරන්න එයාලා උදවු කරනවා..

ඒත් එක්කම කල්පනා කරන්න තියන වෙලාව අඩු කරලා මොනවාම හරි වැඩකින් කාර්යබහුල වෙන්න. පොඩ්ඩක් හවසට දුවන්න යන්න. නැත්තම් ඇවිදින්න යන්න.. ගහකොළ එක්ක සම්බන්ධ වෙන්න, ව්‍යායාම කීපයක් කරන්න.. අඩුම ගේ ඇතුලේ සිංදුවක් දාගෙන හොඳට නටන්න.. ☺️☺️

එහෙනම් ආයෙත් හමුවෙමු මේ වගේ ගැටලුවකින්..

මනෝවිද්‍යා උපදේශිකා
මනෝ චිකිත්සක
උමේෂා පබසරී

Hyper-independence (අධික ස්වාධීනත්වය) යනු හුදෙක් ස්වයංපෝෂිත වීමට ඇති ආශාවට වඩා එහා ගිය, තමාගේ අවශ්‍යතා සඳහා අන් අය මත යැ...
22/03/2026

Hyper-independence (අධික ස්වාධීනත්වය) යනු හුදෙක් ස්වයංපෝෂිත වීමට ඇති ආශාවට වඩා එහා ගිය, තමාගේ අවශ්‍යතා සඳහා අන් අය මත යැපීම හෝ උදව් ඉල්ලීම ප්‍රතික්ෂේප කරන මානසික තත්ත්වයකි. මෙය බොහෝ විට මනෝවිද්‍යාත්මකව හඳුන්වන්නේ "Trauma Response" හෙවත් අතීතයේ සිදු වූ කම්පනයකට ප්‍රතිචාර දැක්වීමක් ලෙසයි.

මෙය පුද්ගලයෙකු තුළ ගොඩනැගීමට බලපාන ප්‍රධාන හේතුවක් ලෙස කුඩා කාලයේදී රැකවරණය හෝ ආදරය අවශ්‍ය වූ විට එය නිසි ලෙස නොලැබීම මෙයට ප්‍රධාන හේතුවයි.
එමෙන්ම දෙමාපියන් හෝ භාරකරුවන් දරුවෙකුගේ ශාරීරික හෝ මානසික අවශ්‍යතා ඉටු නොකරන විට දරුවා ඉගෙන ගන්නේ "මට ඉන්නේ මම විතරයි, කිසිම කෙනෙක් මගේ උදව්වට එන්නේ නැහැ" යන්නයි.
කුඩා කල සිටම තමන්ගේ ප්‍රශ්න තනිවම විසඳා ගැනීමට සිදු වූ විට, වැඩුණු පසුත් අන් අයගෙන් උදව් ඉල්ලීම දුර්වලකමක් හෝ අනවශ්‍ය දෙයක් ලෙස ඔවුන්ට හැඟේ.

අතීතයේදී යමෙකුගෙන් උදව් ඉල්ලූ විට එය ප්‍රතික්ෂේප වී ඇත්නම් හෝ ඒ වෙනුවෙන් අවමන් විඳීමට සිදු වී ඇත්නම්, නැවත එවැනි තත්ත්වයකට පත් නොවීමට පුද්ගලයා වගබලා ගනී. "කවුරුත් මට උදව් කරන්නේ නැහැ" යන පූර්ව නිගමනය නිසා ඔවුන් කිසිවෙකුට සමීප වීමට ඉඩ නොදෙයි.

එමෙන්ම අන් අය මත යැපීම යනු තමන්ගේ ජීවිතයේ පාලනය අන් සතු කිරීමක් ලෙස මොවුන් දකිති. අතීතයේදී අන් අය නිසා පීඩාවට පත් වූවන්, තමන්ගේ නිදහස සහ තීරණ ගැනීමේ බලය තමන් සන්තකයේම තබා ගැනීමට උත්සාහ කරති.

තමන් විශ්වාස කළ පුද්ගලයන් තමන්ව අත්හැර ගිය විට හෝ රවටා ඇති විට, "ආදරය" හෝ "උදව්ව" කියන දේ පසුපස සැඟවුණු න්‍යායන් ඇතැයි ඔවුන් සැක කරති. ඒ නිසා කිසිවෙකුට ණය නොවී සිටීමට ඔවුන් වගබලා ගනී.

Hyper-independence ඇති අයෙකුගේ ලක්ෂණ:

• ඉතාම අපහසු අවස්ථාවක පවා තනිවම එය කිරීමට උත්සාහ කිරීම.
• යමෙකු තමන්ට සමීප වන විට හෝ උදව් කිරීමට එන විට ඔවුන්ව ඈත් කර තැබීම.
• සියලු වගකීම් තනිවම දැරීමට උත්සාහ කිරීම නිසා ඉක්මනින් මානසිකව වැටීම (Burnout).
• අන් අයට වැඩක් පැවරීමට බිය වීම . මන්ද ඔවුන් එය නිසි ලෙස නොකරනු ඇතැයි සිතීම.

මෙහි ඇති වාසි

• තමන්ට ඕනෑම දෙයක් කළ හැකි බවට ඇති විශ්වාසය නිසා ආත්ම අභිමානය ඉහළ මට්ටමක පවතී.

• අන් අය මත යැපෙන්නේ නැති නිසා ඉක්මනින් සහ ස්වාධීනව තීරණ ගැනීමට හැකි වේ.

• සමහර අවස්ථාවලදී අන් අයගේ උපදෙස් හෝ අනුමැතිය එනතෙක් බලා නොසිට වැඩ අවසන් කිරීමට ඇති හැකියාව වාසියකි.

• අභියෝග හමුවේ නොසැලී සිටීමටත්, තනිවම ගැටලු විසඳා ගැනීමටත් මොවුන් දක්ෂයෝ වෙති.

මෙහි ඇති අවාසි

• සෑම දෙයක්ම තනිවම උරහිසට ගැනීම නිසා ඉක්මනින් "Burnout" හෙවත් දැඩි මානසික වෙහෙසට පත්වීමේ අවදානම වැඩිය.

• අන් අයගේ උදව් ප්‍රතික්ෂේප කිරීම නිසා මිතුරන් සහ පවුලේ අය සමඟ ඇති සමීප බව අඩු විය හැකිය. මෙය හුදෙකලාවීමට මග පාදයි.

• අන් අයගේ දැනුම හෝ සහයෝගය ලබා නොගැනීම නිසා වඩා හොඳ සහ පහසු ක්‍රම මග හැරී යාමට ඉඩ ඇත.

• කණ්ඩායම් හැඟීමෙන් වැඩ කිරීමට අපහසු වීම වෘත්තීය ජීවිතයට බාධාවක් විය හැකිය.

මතක තබා ගන්න ස්වාධීන වීම ඉතා හොඳ ගුණාංගයකි. නමුත් එය අධික වූ විට එය තමන්ටම බරක් විය හැකියි. සබඳතා සමඟ සමබරතාවය පවත්වා ගැනීම වඩාත් සාර්ථක ජීවිතයකට ලබා ගැනීමට උපකාරී වේ.

උමේෂා පබසරී
මනෝවිද්‍යා උපදේශිකා
මනෝ චිකිත්සක

10/03/2026
01/03/2026

゚viralシfypシ゚viralシalシ

27/02/2026

විශාදය (Dipression)

゚viralシfypシ゚viralシalシ ゚viralシfypシ゚viralシ

මේ ලෝකේ වැඩිපුරම පවුකාර , අවාසනාවන්තම අය තමයි තමන්ට ආදරණීය දරුවෝ ලැබිලත් ඒ ආදරය අගයක් නැති දෙමාපියන්.. තමන්ගෙ දරුවව ප්‍ර...
20/02/2026

මේ ලෝකේ වැඩිපුරම පවුකාර , අවාසනාවන්තම අය තමයි තමන්ට ආදරණීය දරුවෝ ලැබිලත් ඒ ආදරය අගයක් නැති දෙමාපියන්.. තමන්ගෙ දරුවව ප්‍රතික්ෂේප කරලා තමන්ගෙ දරුවට නින්දා කරලා කඩලා බිඳලා විනාශ කරන දෙමාපියන්..

දැනගන්න මේ ලෝකේ ලොකුම පවුකාර අය එයාලා..

ඉල්ලන්නේ වියදමක් නැති දෙයක්. ඒ ආදරේ සහ උණුහුම..

ඒ දේවල් නොලැබුනහම දරුවෙකුට දැනෙන්නේ අනාරක්ෂිත බවක්. ඒ දරුවා ඉන් පස්සේ පිට අයගෙන් ඒ ආදරය හොයනවා.

හැබැයි අස්සයා ගියාට පස්සේ ඉස්තාලේ වහලා වැඩක් නෑ..

මේ වීඩියෝ එක දැක්කම මට දැනුනෙම එහෙම අවාසනාවන්ත පවුකාර දෙමාපියන් ගැන අනුකම්පාවක්.. මෙච්චර ආදරයක් නොලබන්න මොන තරම් අවාසනාවක්ද? ඒ දෙමාපියන්ට තියෙන්නේ..

දෙමාපියන් මතක තබාගන්න.. කොපමණ වියදම් කලත් දරුවන් වෙනුවෙන් ප්‍රත්ක්ෂේප කිරීම් සැසඳීම් නින්දා කිරීම් ඔබේ දරුවා කම්පනයට පත් කරයි.. එවැනි දරුවන් childhood trauma සමඟ වැඩිහිටි වියෙදී විවිධ මානසික ගැටලු වලට ගොදුරු වේවි. ඊට වගකිවයුත්තේ දෙමාපියන්ම පමණයි..

අවසාන වශයෙන්..

දරුවෝ කියන්නෙ වාසනාවකට ලැබෙන වස්තුවක්.. ඒ වස්තුව නැති කරගන්නෙම අවාසනාවන්ත අය.. පවුකාර අය..

මනෝ උපදේශිකා හා මනෝ චිකිත්සක
උමේෂා පබසරී

゚viralシfypシ゚viralシalシ

゚viralシfypシ゚viralシ

17/02/2026

゚viralシfypシ゚vir

Online games එහෙමත් නැතිනම් මාර්ගගත ක්‍රීඩා වලින් පහසුවෙන්ම මුදල් ඉපයීමට හැකි බව සිතන අයෙක් එක් වරක් දෙවරක් මුදල් යොදා ව...
15/02/2026

Online games එහෙමත් නැතිනම් මාර්ගගත ක්‍රීඩා වලින් පහසුවෙන්ම මුදල් ඉපයීමට හැකි බව සිතන අයෙක් එක් වරක් දෙවරක් මුදල් යොදා වැඩි මුදලක් ලැබුණ විට එම පුද්ගලයා නිරන්තරයෙන් මුදල් ඉපයීම සඳහා මෙම ක්‍රීඩා යොදාගනියි.

නමුත් එහි වැදගත්ම කොටස games සෙල්ලම් කරන පුද්ගලයා නොදනී..😧

ඔබ online games සෙල්ලම් කරන අතරතුර online games සෙල්ලම් කරන්නේ ඔබේ මොළය සමඟයි. ඔබ එක්වරක් ජයග්‍රහණය කරද්දී ඔබව දෙවරක් පරාජය වේ. පුද්ගලයෙක් යමක් පරාජය වන විට එය දිනන තෙක් සෙල්ලම් කරන්නට මොළය තීරණය කරන්නේ ඩොපමින් හෝමෝනය නිසාය.

එහිදී ජයග්‍රහණය ලැබීමේ අපේක්ෂාවෙන් මොළය ඩොපමින් හෝමෝනය ශ්‍රාවය කරයි. ඉන් ජයග්‍රහණය ලැබීමෙන් සතුට සහ තෘප්තිය ලැබෙන අතර එය ඩොපමින් හෝමෝනය වැඩිපුර ශ්‍රාවය වීමට හේතු වේ.

නමුත් පරාජයකදී ඩොපමින් හෝමෝනය ශ්‍රාවය අඩු වේ . පරාජයකදී මොළයෙන් කෝටිසෝල් හෝමෝනය නිපදවේ. එනිසා ඔපට තරහව , නොසන්සුන් කම , ආතතිය සහ අප්‍රසන්න හැඟීමක් ඇති කරයි.

මේ අප්‍රසන්න හැඟීමෙන් මිදීමට මොළය ජයග්‍රහණය ලැබීම සඳහා නැවත උත්සාහ කිරීමට පොළඹවයි. ජයග්‍රහණය ලැබීමෙන් ඩොපමින් හෝමෝනය නැවත වැඩිපුර ශ්‍රාවය වී සතුට සහ තෘප්තිය ලැබේ.

මේ ක්‍රියාවලිය නිසා වීඩියෝ ගේම් තුලින් පරාජය වන විට එය දිනන තෙක් සෙල්ලම් කරන්නට මොළය තීරණය කරයි.

මේ සියල්ල ඔබ සෙල්ලම් කරන games හසුරවන තැනැත්තා දනියි. ඔවුන් games නිර්මාණය කිරීමේදී මිනිස් මොළය පිළිබඳ සහ රුචිකත්වය පිළිබඳව පර්යේෂණ සිදු කරයි. ඔබ හසු වී ඇත්තේ එවන් උගුලකයි..

ඔබ යොදවන මුදල් එකවරකින් දෙවරකින් දෙගුණ කරන විට ඔබ ඒ මුදල් සියල්ල යලිත් ක්‍රීඩාව සඳහා යොදවයි. එහිදී ඔබව එක්වරක් පරාජය කරවයි. එය අහම්බයක් ලෙස සිතුවද එහි කිසිදු අහම්බයක් නැත. එය ක්‍රීඩාවයි.

ඉන්පසු පරාජය වූ මුදල යලි ලබා ගැනීමට ඔබ තව මුදල් යොදවමින් උත්සහ දැරුවත් ඔබේ බොහෝ මුදල් අය කරගත් පසුව නැවත ඔබව එක් වරක් දිනවයි. එයද අහම්බයක් නොවේ. ඉන් සිදුවන්නේ ඔබව ඇබ්බැහිකරවීමයි..

ඔබගේ ඇබ්බැහි වීම අවසානයේ ඔබගේ ජීවිතයෙන් වන්දි ගෙවීම දක්වා දුර ඇදෙයි. Online games නිසාවෙන් බොහෝ අය ජීවිත වලින් පවා වන්දි ගෙවා ඇත. ණය වී පවා ක්‍රීඩාවට මුදල් යොදවා අවසානයේ කොහේ හෝ සැඟවී සිටින හෝ දිවි තොරකරගත් පුද්ගලයන්ද බොහෝ ඇත.

එමෙන්ම මෙ නිසා

🔹 සමාජ සම්බන්ධතා අඩු වීම.
🔹 මානසික පීඩනය
🔹 ශාරීරික සෞඛ්‍ය ගැටළු ඇති වීම (ඇස් දුර්වල වීම, බර වැඩි වීම).
🔹 වගකීම් පැහැර හැරීම (පාසල් වැඩ, රැකියාව).
🔹 නින්ද නොමැතිකම.
🔹අපරාධ හා සයිබර් අපරාධ වලට සම්බන්ධ වීම.
🔹 ජීවිතයේ අරමුණු අඩු වීම.
🔹 විශාදය , කාංසාව වැනි මානසික රෝග වලට ගොදුරු වීම

වැනි අයහපත් බලපෑම් ඇතිවිය හැකිය.

Online games කිසිදිනෙක මුදල් උපයන මාර්ගයක් නොවේ. එය තාක්ෂණික ව්‍යාපාරයක් පමණි.

ඉන් මිදීමට කල හැකි ක්‍රම බොහොමයක් ඇත.

Online games ඇබ්බැහියෙන් මිදීමට කල හැකි දේ

👉 Online games සඳහා දිනකට හෝ සතියකට කාල සීමාවක් තබන්න.
👉 Online games වලට වඩා වෙනත් ක්‍රියාකාරකම් සොයා ගන්න.
👉 පවුලේ අය සහ යහළුවන් සමඟ කාලය ගත කරන්න, සමාජ සම්බන්ධතා වැඩි දියුණු කරන්න.
👉 Online games වලින් මිදීමට අභිප්‍රේරණයක් සොයා ගන්න.
👉 ඇබ්බැහියෙන් මිදීමට උපකාර ලබා ගන්න, යහළුවන් හෝ පවුලේ අයගෙන්.
👉 games වෙනුවට ආදේශක ක්‍රියාකාරකම් සොයා ගන්න.
👉 අවශ්‍ය නම් උපදේශනය ලබා ගන්න.

මෙහිදී මනෝ උපදේශනයට හා ප්‍රතිකාර වලය යා යුතුම අවස්ථා වන්නේ

👉 Online games නිසා ජීවිතයේ ගැටළු ඇති වූ විට
👉 සමාජ සම්බන්ධතා අඩු වූ විට
👉 මානසික පීඩනය ඇති වූ විට
👉 Online games නිසා ශාරීරික සෞඛ්‍ය ගැටළු ඇති වූ විට
👉 Online games නිසා වගකීම් පැහැර හැරීම සිදු වූ විට
👉 ඒ සඳහා අධික වියදම් කිරීම සිදු කරන බව දැනෙන විට

මේ අවස්ථා වලදී මනෝ උපදේශනයට හා ප්‍රතිකාර වලට යොමුවීමෙන් Online games ඇබ්බැහියෙන් මිදීමට උපකාර ලබා ගත හැක.

මනෝ උපදේශිකා හා මනෝ චිකිත්සක
උමේෂා පබසරී

අම්මලා දැනගන්න.. පුතුන් නොමගනොයන ලෙස හදන්න..මවක් වීම සුලු නොවේ.. පුතෙකුගේ මවක් වීම කිසිසේත් සුලු නොවේ.. ඇයි මෙසේ පවසන්න...
12/02/2026

අම්මලා දැනගන්න.. පුතුන් නොමගනොයන ලෙස හදන්න..

මවක් වීම සුලු නොවේ.. පුතෙකුගේ මවක් වීම කිසිසේත් සුලු නොවේ..

ඇයි මෙසේ පවසන්නේ..? 🤔

බොහෝ අයගෙ මතය නම් දුවක් ඇසේ තියා ආරක්ෂා කල යුතුයි නමුත් පුතෙක් යනු කුමක් කලත් නහවා ගෙට ගත හැකිය යන්නයි.. එවන් දුර්මත නිසාවෙන් විනාශයට පත් පිරිමි ජීවිත බොහෝයි..

පුතෙක් යනු ඔබේ නිවසේ අනාගත ගාම්භීරත්වයයි.. දිනෙක ඒ නිවසේ මුදුන් වහලයයි.. පුතකු යනු දිනෙක ඔබ නිවසේ ඇතුලත සිටින දරුවන් දෙමාපියන් බිරිඳ ඇතුලු සියලු දෙනාගේ ආරක්ෂාවයි..

පුතෙකුට මවකගෙන් ලැබිය යුත්තේ

👉 ආදරය
👉නිසි මග පෙන්වීම
👉ස්වාධිනව ජීවත් වීම
👉වගකීම් දැරීමට අවශ්‍ය ශක්තිය
👉දරාගැනීමේ හැකියාව ඇති කිරීම
👉මුහුණදීමේ හැකියාව වැඩිදියුණු කිර්‍රම (cooping skills)

මවක් ලෙස පුතෙකු තම තුරුලෙන් පුතෙකු සමාජයට නිදහස් කරන විට ඉහත සියලු කරුණු පුතෙකුට පුරුදු පුහුණු කර තිබිය යුතුයි. එය ඔහුගේ ඉදිරි ජීවිත ගමනට විශාල රුකුලකි. මවකට මෙය විශාල වගකීමකි. එනිසයි පුතෙකුගේ මවක් විම සුලු කරුණක් නොවන්නේ.

නමුත් බහුතරයක් මවුවරු පුතාට ඇති දැඩි බැඳීම නිසාවෙන් තම වගකීම අමතක කර දමයි. මෙලෙස සිදුවන්නේ බොහෝ විට සැමියා අහිමි හෝ සැමියාගේ ආදරය නොලබන මවුවරුන් අතින්ය..

සැමියා අහිමි වූ හෝ සැමියාගේ ආදරය නොලබන බොහෝ බිරින්දෑවරුන්ගේ සිත සනසාගැනීමේ සහා ජීවිතයට බලාපොරොත්තු ඇති කරගැනීමේ දෙවන විකල්පය වන්නේ ඔවුන්ගේ පුතණුවන්ය. මෙවන් මවුවරුන්ගේ ඇති එකම බිය තමන්ගේ පුතණුවනුත් ඇයට අහිමි කරගැනීමට ඇති බියයි. ( දීර්ඝව සාකාච්ඡා කල යුතු මාතෘකාවක් වුවත් මේ පිළිබඳව පසුව සටහනක් තබන්නම්)

අහිමි කරගැනීමට ඇති බිය නිසාවෙන් මවුවරුන් තම පුතාට

👉අධික ආදරය
👉අධික ආරාක්ෂාව
👉ස්වාධිනත්වය අඩු කිරීම
👉 වරදට තරවටු නොකර නිසි මග පෙන්වීමක් නොකිරීම
👉 වකකීම් තමාට පවරාගන පුතා වගකීම් වලිනි නිදහස් කිරීම
👉දරාගැනීම වෙනුවට පලිගැනීමට උපදෙස් දීම
👉මුහුණ දීම වෙනුවට පලායාමට උපදෙස් දීම
👉 කල වරද පිලිගැනීමට ශක්තිය නොදී නිර්දෝශී කිරීම
සිදු කරයි.

මවක් සමාජයට දායාද කරන්නේ මවකගේ ඇඟේ කොටසක් වුවත් සමාජය සමඟ ක්‍රියා කරද්දි ඒ සමාජයේ කොටසකි. මවක් තම කොටසක් ලෙස සලකා තම පුතණුවන් වරදකදී නිර්දෝශි කරන්නේ නම් තම දරුවා සමාජයෙන් කොන් වනු දැකීමට මවක් හිත හදාගත යුතුය. තම පුතණුවන් සමාජයට පිළිලයක් වනු දැකීමට මවක් හිත හදාගත යුතුය. දිනෙක කවුරුන් හෝ අතින් තම දරුවා මියැදීම දැකීමට හෝ පෝරකයට නියම වීම දැකීමට හිත හදාගත යුතුය.

මවක් ලෙස එම අවදානම ගත යුතුද?
එසේත් නැතිනම්
තම පුතාගේ ජීවිතය යහපත් කරලීමේ වගකීම බාරගෙන නිදහසේ දෑස් පියාගන්නවාදැයි මවක් තීරණය කල යුතුයි..

මනෝවිද්‍යා උපදේශිකා හා මනෝ චිකිත්සක
උමේෂා පබසරී

06/02/2026

අපි කාට කොච්චර හොඳ කලත් උදවු කලත් එයාලා අපෙන් උදවු අරන් ඇයි අපිව අත් අරින්නේ..

මනෝ උපදේශිකා හා මනෝ චිකිත්සක
උමේෂා පබසරී
Whatsapp 94 72 166 6990

Address

Biyagama

Telephone

+94721666990

Website

Alerts

Be the first to know and let us send you an email when Umesha Pabasari. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share