10/10/2023
SCIATICA
පාද වේදනා සුවයට ආයුර්වේද ප්‍රතිකාර
අපේ ශරීර අoගයන් අතර වැදගත් අoගයක් තමයි දෙපා කියන්නේ. සිරුරේ බර දරා ගන්න, සමබරතාව රැක ගන්න දෙපා වලින් ලැබෙන්නේ අනගි සහයක්. මේ දෙපා වලට ආබාධයක් වුනොත් මුළු ජිවිතේම කඩා වැටෙනව වගෙයි දැනෙන්නේ. ජීවී බව රැකුනත් දෙපා අහිමි වුණොත් කෙතරම් නම් දෛනික ජීවිතේ කඩා වැටීම් නම් සිදු වෙනවද? ඒ නිසාමයි අප දෙපා රැක ගත යුත්තේ...
නොසිතූ මොහොතක පාදයේ හට ගන්නා වේදනාවකට අපේ සතුට උදුර ගන්න හැකියි.දෙපා වේදනාකාරී නම්, ඇවිද ගන්න බැරි නම් එදිනෙදා වැඩ කටයුතු කර ගන්නේ කොහොමද?? කාලයත් සමගම වයසට යෑම නිසාත් දෙපා දුර්වල වේ. සමහර වෙලාවට කකුලේ දැනෙන වේදනාව අපි එතරම් ගනන් ගන්නේ නැති තරම්. නමුත් නොසිතූ මොහොතක එකවරම දෙපා වල වේදනාවක් හට ගන්නවා නම්, එය නොසලකා හැරිය යුතු තත්වයක් නෙවෙයි.එය සයටිකා රෝගී තත්වයක් විය හැකියි.
සයටිකා ලෙස හදුන්වන්නේ අපේ ශරීරයේ විශාලතම ස්නායුව වන සයටිකා ස්නායුව තෙරපීම නිසා ඇතිවන වේදනාකාරී තත්වයයි.මෙය අපේ කොන්දේ පහලම පිහිටි කශේරුකා වලින් පටන් ගන්නා අතර (L4,L5,S1,S2)
* කශේරුකා අතර පිහිටි කාටිලේජ ගෙවී යාමත්
* ඉදිරියට නෙරා යාමත්
* පැතලි වීමත්
* ගෙවී යාමත්
* දිරා යාමත්
* වයසට යාමත් සමගම සිදුවන අස්ථි අධිවර්ධනය නිසා ස්නායු මාර්ගය පටුවීම( Lumba Spinal Stenosis )
* අස්ථි එකිනෙක ලිස්සා යාමත් (Spondylolisthesis )
* අධික බරක් එසවීම
* අධිකව කොන්ද නැවීම
* හිතුමතේ ව්‍යායාම කිරීමත්
* වැරදි ඉරියව් අනුගමනය කිරීම,
* හදිසි අනතුරු
වැනි නොයක් හේතු නිසා ස්නායුවට බලපෑමක් වූ විට සයටිකා ස්නායුව තෙරපීම නිසා වේදනාකාරී රෝග ලක්ෂණ ක්‍රමක්‍රමයෙන් හෝ එකවර මතුවිය හැකියි.
==රෝග ලක්ෂණ==
* කොන්දේ පහල එන වේදනාව.
* කොන්ද පැත්තක එන වේදනාව.
* ඉදගෙන සිටින විට එන වේදනාව.
* කකුල පුරා එන දැවිල්ල.
* පිච්චෙන ගතිය.
* කූඹි දුවනවා මෙන් දැනීම.
* පාදයේ ඉදිකටු ඇනෙනවා වගේ දැනීම.
* හිරි වැටීම.
* එකවර නැගිටීමේ අපහසුව.
* විදුලියක් වැදීම මෙන් එකවර හට ගන්නා වේදනාව.
මෙහි විශේශත්වය වන්නේ එක් පාදයක් දිගේ මේ සියලු රෝග ලක්ෂණ ඇති වීමයි. ඇගිලි දක්වාම මෙම රෝග ලක්ෂණ ඇතිවිය හැකියි. ආතරයිටිස් තත්ව නිසා පාද ඇද ගැසීගෙන යන විට බොහෝ අයට සිදුවන වෙනස නොදැනේ.නමුත් 50% ඉක්මවා ඇදය ඇතිවූ විට කොන්දට සිදුවන බලපෑම හේතුවෙන් මෙම ස්නායුව තෙරපීමත් සමග දැනෙන වේදනාව දණහිස් වේදනාව ඉක්මවා යා හැකියි.
මැදිවිය, වයස්ගත මව්වරු පියවරු බොහෝ අසරණව ඇවිදගත නොහැකිව බොහෝ වේදනා විදීමට එක් හේතුවක් ලෙසද මෙය සැලකිය හැකිය. මෙම තත්වය යථා තත්ත්වයට පත් නොකර වේදනාවට පමණක් ප්‍රතිකාර ගැනීමෙන් ක්‍රමක්‍රමයෙන් එම තත්වය වර්ධනය වී සැත්කම් වලට පවා මුහුණ දීමට සිදුවන අවස්ථා ඇතිවිය හැකියි.
ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමය සයටිකා රෝගීන්ට සුවිශේෂී වන්නේ රෝගියගේ රෝග ලක්ෂණ මුල් කරගෙන කායික මෙන්ම මානසිකත්වයද සැලකිල්ලට ගෙන ප්‍රතිකාර සිදුකරනු ලබන නිසායි.
මෙහිදී නිධාන පරිවර්ජනය හා අදාල ප්‍රතිකාර පද්ධතිය කිරීම තුලින් වේදනා නාශක නොමැතිවම රෝගය සුවකල හැකිවේ. අවුරුදු දහස් ගණනකට වඩා ඉතිහාසයකට උරුමකම් කියන ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුල අතුරු ආබාධ කිසිවක් නොමැත. කුමන තත්වයක හේතු සාධක වුවත් ආයුර්වේද ප්‍රතිකාරය නිවැරදිවම ඔබ අනුගමනය කලහොත් යථාතත්වයෙන්ම සුවය ලැබිය හැකියි. ආයුර්වේද ඖෂධ භාවිතය හා පිලිවෙත් පිලිපැදීම තුළින් නීරෝගී සමාජයක් ගොඩනගමු...