NutriTales by Dietitian Ayesha

NutriTales by Dietitian Ayesha “Welcome to NutriTales by Dietitian Ayesha 🌿 A space where nutrition science meets storytelling.

I share health tips, food wisdom, and lifestyle habits in story form—so you can enjoy learning and applying them in your daily life.”

කුසුම් පෝෂ්‍යදායි ආහාර ගැන හරිම උනන්දුයි. ගොඩක් දවසට රෑ කෑමට එයා දරුවන්ට එළවලු තම්බලා දෙනවා. තම්බපු කැරට්, බෝංචි, වට්ටක්...
22/11/2025

කුසුම් පෝෂ්‍යදායි ආහාර ගැන හරිම උනන්දුයි. ගොඩක් දවසට රෑ කෑමට එයා දරුවන්ට එළවලු තම්බලා දෙනවා. තම්බපු කැරට්, බෝංචි, වට්ටක්කා, ගෝවා, බීට් වගේ පාට පාට එළවලු දරුවන්ට දීලා එයාලා ඒවා කන හැටි කුසුම් ආදරයෙන් බලාගෙන ඉන්නවා. එයාට ඕනේ දරුවන්ට අනෙක් පෝෂ්‍ය පදාර්ථ වගේම විටමින් ටිකත් හොඳට ලබා දෙන්න.

හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ, කුසුම් එළවලු තම්බන විදිහෙයි. එයා ඒ එළවලු හොඳටම මෙලෙක් වෙලා, පාට වෙනස් වෙනකල් ම තම්බනවා. ඊට පස්සේ වැඩි වතුර ටික පෙරලා අයින් කරනවා. එයා නොදන්නවා වුණාට වැඩිපුර ම විටමින් හා ඛනිජ ලවණ තියෙන්නේ ඒ විසි කරන වතුරේ දියවෙලා.

කුසුම්ගේ දුව නිතර දැනෙන කරකැවිල්ලක් ගැනත්, පුතා කෑම කන්න අදී මදි කරන්නත් පටන් ගත්තා. හැමෝම කිව්වේ ළමයින්ට විටමින් මදි ඇති කියලයි. එත් කුසුම් පුදුම වුණා. " එහෙම වෙන්නේ කොහොමද? එයාලා හැමදාම එළවලු කනවනේ" කියලායි.


එයා පෝෂණවේදිනියකගෙන් මේ ගැන විමසුවා. ඇය පැවසුවේ එළවලු දිගු වේලාවක් තැම්බීම නිසා තාපයට සංවේදී විටමින් වර්ග; විටමින් C, ෆෝලික් අම්ලය, සමහර B විටමින් වර්ග විනාශ වන බවයි. ඒ වගේ ම එළවලු තම්බපු වතුර විසි කිරීමෙන්, වතුරෙහි දියවන පොටෑසියම්, මැග්නීසියම්, කැල්සියම් වගේ ඛනිජ ලවණත් ඉවත් වන බවයි.

කුසුම් එයාගේ වැරැද්ද නිවැරදි කරගත්තා.

✅ දැන් එයා එළවලු වැඩි වෙලාවක් තම්බන්නේ නෑ.

✅ වතුරේ දාලා තම්බනවා වෙනුවට, දැන් එයා කරන්නේ එළවලු වාෂ්පයෙන් තම්බනවා, එක්කෝ තෙල් චුට්ටක් දානවා, ඉක්මනට ම පිඟානට බෙදනවා.

✅ වතුරේ තම්බන්න ම ඕනේ නම්, වතුර ටිකක් දාලා තම්බලා වතුර විසි නොකර ඒවායින් ම ව්‍යංජනයක් හෝ සුප් එකක් හදනවා.

✅ එළවලු කපන්න කලින් හොඳින් සෝදනවා. කපලා සොදන්නේ නැහැ.

✅ තම්බපු එළවලු නැවත නැවත තම්බන්නේ, රත් කරන්නේ නෑ. එතකොට තව තවත් පෝෂ්‍ය පදාර්ථ විනාශ වෙනවා.

දැන් කුසුම් තම්බන එළවලු වල පාට වෙනස් වෙන්නේ නෑ. බොහොම ලස්සනට රතු පාටට, කහ පාටට, කොළ පාටට තියෙනවා. දැක්කමත් ආසයි. රසත් හරිම නැවුම්. එයාගේ දරුවොත් ඒවා ආසාවෙන් රස විඳිනවා.

ඉතින් කුසුම් ළමයින්ට එළවළු දෙන එක නතර කළේ නෑ. ඒවායේ පෝෂ්‍ය පදාර්ථ විනාශ නොකර එයාලට කන්න දෙනවා. කෑම ආදරෙන් උයද්දී හරි ලස්සන වුනාට ඒවා හරි විදියට උයන එකෙන් ආදරය තවත් ශක්තිමත් වෙනවා.

✏️Ayesha Senevirathne
Registered Dietitian and Nutritionist

‼‼ ඔබට diet plan එකක් අවශ්‍ය ද?

DM or Whatsapp 0754543295

වැඩි විස්තර සඳහා අපගේ facebook පිටුවට පිවිසෙන්න. 👇

https://www.facebook.com/share/17ExMdptAh/

😃 තවත් මෙවැනි වටිනා තොරතුරු දැන ගැනීමට අප සමගම රැදී සිටින්න.

😃 අපගේ ෆේස්බුක් පිටුවට Like කර මෙම පෝස්ට් එක Share කරන්න.

රුධිරයේ සීනි මට්ටම ඉක්මනින් වැඩි කරන ආහාර 10ක්
21/11/2025

රුධිරයේ සීනි මට්ටම ඉක්මනින් වැඩි කරන ආහාර 10ක්

21/11/2025

20/11/2025

19/11/2025

19/11/2025

නිර්මලා හැමදාම ඇහැරෙන්නේ ඉර උදා වෙන්නත් කලින්. උදේම උයලා, ළමයින්ට ඉස්කෝලේ අරන් යන කෑම, පෙට්ටි වලට දාලා, එයාලව ඉස්කෝලේ පි...
18/11/2025

නිර්මලා හැමදාම ඇහැරෙන්නේ ඉර උදා වෙන්නත් කලින්. උදේම උයලා, ළමයින්ට ඉස්කෝලේ අරන් යන කෑම, පෙට්ටි වලට දාලා, එයාලව ඉස්කෝලේ පිටත් කරලා, නිර්මලාත් දඩිබිඩියේ ලෑස්ති වෙන්නේ වැඩට යන්න. මේ කලබලයත් එක්ක එයාට උදේට කන්න වෙලාවක් නෑ.


කලබලේට තේ එකත් බීලා, බත් මුලකුත් බැඳගෙන නිර්මලා ඉක්මනට ම දුවන්නේ වැඩට යන්න බස් එක අල්ලගන්න. බත් මුල බැඳගෙන ගියාට මොකද ඔෆිස් එකේ තියෙන වැඩ කන්දත් එක්ක ගොඩක් වෙලාවට එයාට දවල් කෑමත් මඟ හැරෙනවා. ගෙදර ඇවිත් රෑටත් උයලා පිහලා, ළමයින්ටයි, මහත්තයටයි, කන්න බෙදලා නිර්මලාත් කන්න වාඩි වුණත්, දවස තිස්සේ හෙම්බත් වෙලා නිසා රෑටත් හරියට කන්න පිරියක් නෑ. ඔහේ ඕනෑවට එපාවට බත් කටවල් කීපයක් ගිලලා දානවා.

නිර්මලා හිතුවේ, " මට කොහොමත් වැඩිය බඩගින්නක් එන්නෙත් නෑ. වැඩිය නොකන එක ඇඟටත් හොඳයි නේ" කියලයි.

ඒත් එයාගේ ශරීරය මේ දේවල් අහන්න සූදානමක් නෑ. ශරීරය නිර්මලා ව ටිකෙන් ටික අතහරින්න පටන් ගත්තා.

නිර්මලාට ඉස්සෙල්ලා ම ආවේ, තද හිසේ කැක්කුමක්. ඊළඟට නිතරම දැනෙන මහන්සියක්, කෙඩෙත්තු ගතියක් නිතරම කොණ්ඩේ යන්නත්, එපා වෙච්ච ගතියක් වගේම එයාට පොඩි පොඩි දේවල් අමතක වෙනත් පටන් ගත්තා. නරක ම දේ තමයි, එයා හිතුවේ මෙහෙම වෙන්නේ එයා කාර්යබහුල අම්මා කෙනෙක් නිසා කියලා යි.


ඒත් නිර්මලාගේ මහත්තයාට එයාගේ වෙනසක් තේරුණු නිසා ඔහු නිර්මලාව වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න රැගෙන ගියා. එහිදී ගත් රුධිර වාර්තා වලින් හැමදේම එලියට ආවා.

නිර්මලාගේ රුධිරයේ සීනි මට්ටම අඩු වෙලා, යකඩ ඌණතාවයකුත් එක්ක අධික වෙහෙසකර බවේ මුල් අවධියට (early signs of burnout) එයා පත් වෙලා තිබුණා.

එහෙම වෙන්න හේතුව මොකක්ද?

⭕ නිර්මලා කවදාවත් වැඩියෙන් කාලත් නෑ. අඩුවෙන් ම කාලත් නෑ. ඒත්, එයා කාලයක් තිස්සේ ම එයාට අවශ්‍ය පෝෂණය නිසි පරිදි ලබා දීලා නෑ.

⭕ කාලයක් තිස්සේ නිසි පෝෂණයක් නැතුව එයාගේ සිරුරට දැනෙන ආතතිය නිසා, සිරුරේ බඩගිනි සංඥා එයාට දැනෙන්නේ නැතුව යනවා.

⭕ කාලයක් තිස්සේ කෑම වේල් මඟ හරිනකොට සිරුරේ පරිවෘත්තිය ක්‍රියා වේගය අඩාල වෙන නිසා සිරුරේ ශක්තිය හීන වෙනවා.

⭕ අඩු පෝෂණය නිසා කාංසාව, ආතතිය, මූඩ් එක වෙනස් කරලා විෂම චක්‍රයක් නිර්මාණය කරනවා.

පෝෂණවේදී උපදෙස් මත, නිර්මලා හෙමින් හෙමින් එයාගේ ආහාර රටාව වෙනස් කරගත්තා.

✅ තේ වෙනුවට එයා හොඳ උදෑසන කෑම වේලක් ගත්තා. (ව්‍යංජන සමඟ බත්, ඉඳිආප්ප, කිරිබත්)

✅ බත් එක්ක එළවලු, පරිප්පු, මස්/මාළු/බිත්තර, පලා වර්ග වලින් සමන්විත සමබල දිවා ආහාරයක් ලබා ගත්තා.

✅ හවසට කිරි තේ එකක් බිව්වා.

✅ රෑටත් සැහැල්ලු ආහාර වේලක් හා පලතුරු ගත්තා.

✅ කෑම වේල් මඟ නොහැර වෙලාවට කන්න පටන් ගත්තා.

පිළිවෙලකට ආහාර ගන්න පටන් ගත්තාට පස්සේ, එයාගේ නැතිවුණු ශක්තිය නැවත ටික ටික නිර්මලාට ලැබෙන්න පටන් ගත්තා. එයා ආයෙත් ඉස්සර වගේ සතුටින් හිනා වුණා. පවුල ගැන විතරක් නෙමේ, නිර්මලා තමන් ගැනත් හිතන්න පුරුදු වුනා.

හිස් කේතලයකින් තේ වක්කරන්න බෑ වගේ - හිස් බඩකින් පවුල ගැන සැලකිලිමත් වෙන්නත් බෑ. ඔයත් මේ වගේ අම්මා කෙනෙක් නම් අදම ඔයාගේ ඒ පුරුද්ද වෙනස් කරගන්න.

✏️Ayesha Senevirathne
Registered Dietitian and Nutritionist

‼‼ ඔබට diet plan එකක් අවශ්‍ය ද?

DM or Whatsapp 0754543295

වැඩි විස්තර සඳහා අපගේ facebook පිටුවට පිවිසෙන්න. 👇

https://www.facebook.com/share/17ExMdptAh/

😃 තවත් මෙවැනි වටිනා තොරතුරු දැන ගැනීමට අප සමගම රැදී සිටින්න.

😃 අපගේ ෆේස්බුක් පිටුවට Like කර මෙම පෝස්ට් එක Share කරන්න.

කොණ්ඩේ යනවා ඉවරයක් නැද්ද? ඔයාගේ ආහාර රටාවත් මේ වගේද බලන්න. ශෙහානි කියන්නේ අවුරුදු 28ක තරුණියක්. හැමදාම උදේට කොණ්ඩේ පීරද්...
17/11/2025

කොණ්ඩේ යනවා ඉවරයක් නැද්ද? ඔයාගේ ආහාර රටාවත් මේ වගේද බලන්න.

ශෙහානි කියන්නේ අවුරුදු 28ක තරුණියක්. හැමදාම උදේට කොණ්ඩේ පීරද්දී සෑහෙන කෙස් ගොඩක් එයාගේ පනාවේ රැඳෙනවා. එයා නිදාගන්න කොට්ටේ උඩ, එයාගේ ඇඳුම් වල, ඊටත් වඩා නාන වෙලාවට නාන කාමරය පුරා ම ශෙහානි ගේ කෙස්.

ශෙහානි මේ කොණ්ඩේ යන ප්‍රශ්නෙට නොකළ දෙයක් නෑ. මිල අධික ෂැම්පු වර්ග, තෙල්, බයෝටින්, ඒ මදිවට එයාගේ යාළුවො, tiktok, intstagram වල එක එක්කෙනා කියපු ක්‍රම හැම එකක් ම අත්හදා බැලුවත් කිසිම වෙනසක් නෑ.

මේ ප්‍රශ්නෙන් හෙම්බත් වුණු ශෙහානි වෛද්‍යවරයෙක් මුණ ගැසුණු අතර ඔහු පැවසු රුධිර පරීක්ෂණය කරගත්තා. ඒවායින් තහවුරු වුණේ ශෙහානිගේ ඇඟේ යකඩ හා සින්ක් අඩුයි වගේම මද වශයෙන් තයිරොයිඩ් ඌනතාවකුත් ඇති බවයි.

මේ දේවල් අඩු වුණොත් මොකද වෙන්නේ? ශෙහානි ඒ ගැන හොයන්න ගත්තා.

⭕ යකඩ- කේශ මූල වලට අවශ්‍ය ඔක්සිජන් සපයන්න උදව් කරනවා. ඉතින් යකඩ අඩු වුණොත් කෙස් ගස් දුර්වල වෙලා ඉක්මනට හැලෙන්න ගන්නවා.

⭕ සින්ක්- අළුතින් කෙස් ගස් වර්ධනයට සහ හිස් කබලේ නිරෝගී පැවැත්මට උපකාරී වෙනවා.

⭕ තයිරොයිඩ් හෝමෝන- පරිවෘතිය ක්‍රියා යාමනය කරනවා. ඒවා නියමිත වේගයෙන් වුණේ නැත්නම් හිසකෙස් වර්ධනයත් අඩු වෙනවා.

"දැන් මොකද කරන්නේ? මං කොහොමද මේ ප්‍රශ්න වලට විසඳුමක් හොයන්නේ?" ශෙහානි කල්පනා කළා.

ශෙහානිගේ යාලුවෙක් එයාව පෝෂණවේදිනියක වෙත යොමු කළා. පෝෂණවේදිනිය ශෙහානිගේ ආහාර රටාව ගැන විමසා දැන ගත්තා. එයාගේ ආහාර රටාව සාමාන්‍ය ලෙස පෙනුණත්, එහි ප්‍රධාන වැරදි කීපයක් ඇය හඳුනා ගත්තා.

1. ප්‍රධාන කෑම වේලක් අවසන් කල වහා ම තේ පානය කිරීම.

2. හැම උදේ ම ලේසියට පානුයි බටරුයි ආහාරයට ගැනීම.

3. දවල්ට ලොකු බත් පිඟානක් එක්ක එළවලු මස් පලා වර්ග බොහොම අඩුවෙන් ගැනීම.

4. මාළු හා බිත්තර උෂ්ණ බව සිතා ඒවා ආහාරයට නොගැනීම.

පෝෂණවේදිනියගේ උපදෙස් පරිදි, ශෙහානි එයාගේ ආහාර රටාව වෙනස් කරගත්තා.

✅ යකඩ බහුල ආහාර - මස්, මාළු බිත්තර, පරිප්පු, කොළ පාට එළවලු වැඩිපුර ආහාරයට එකතු කරගත්තා.

✅ සින්ක් බහුල ආහාර - මාළු, කුකුල් මස්, බිත්තර, වට්ටක්කා ඇට, කව්පි, කඩල, කජු, කිරි, යෝගට්, චීස් වැනි දේවල් ආහාරයට ගත්තා.

✅ විටමින් C බහුල දෙහි, දොඩම්, වගේ දේවල් ආහාරයට ගත්තා.

✅ මැල්ලුම් වලට හොඳින් දෙහි එකතු කළා. ඒවා යකඩ අවශෝෂණයට උදව් කරනවා.

✅ වේල් 3 ට ම මස්, මාළු, බිත්තර වලින් එක් වර්ගයක් එකතු කරගන්නවා.

✅ ආහාර ගෙන පැයක් පමණ ගතවන තුරු තේ පානයෙන් වැළකී හිටියා.

මාස කිහිපයකට පසු ශෙහානි කොණ්ඩේ බඳිනකොට ඉස්සරට වඩා කොණ්ඩේ පිරුණු ගතියක් එයාට තේරුනා. කොණ්ඩේ හැලෙන එකත් දැන් කලින් ට වඩා අඩුයි.

ඉතින් ශෙහානි ඇත්තට ම ඉගෙන ගත්තා, ලස්සන පටන් ගන්නේ අපේ සිරුර තුළින්ම බව. සමහර වෙලාවට අපේ කොණ්ඩෙට අවශ්‍ය වෙන්නේ මිල අධික ෂැම්පු නෙමේ, හොඳ පෝෂණයකුයි, නිවැරදි හෝමෝන ක්‍රියාකාරීත්වයයි කියලා.

✏️Ayesha Senevirathne
Registered Dietitian and Nutritionist

‼‼ ඔබට diet plan එකක් අවශ්‍ය ද?

DM or Whatsapp 0754543295

වැඩි විස්තර සඳහා අපගේ facebook පිටුවට පිවිසෙන්න. 👇

https://www.facebook.com/share/17ExMdptAh/

😃 තවත් මෙවැනි වටිනා තොරතුරු දැන ගැනීමට අප සමගම රැදී සිටින්න.

😃 අපගේ ෆේස්බුක් පිටුවට Like කර මෙම පෝස්ට් එක Share කරන්න.

17/11/2025

අවුරුදු 65ක් වෙච්ච පෙරේරා මහත්තයට දැන් අවුරුදු 10ක් තිස්සේ ඉඳන් ම දියවැඩියාව. මීට මාස දෙකකට උඩදී තමා පෙරේරා මහත්තයාගේ කක...
14/11/2025

අවුරුදු 65ක් වෙච්ච පෙරේරා මහත්තයට දැන් අවුරුදු 10ක් තිස්සේ ඉඳන් ම දියවැඩියාව. මීට මාස දෙකකට උඩදී තමා පෙරේරා මහත්තයාගේ කකුලේ පොඩි තුවාලයක් ආවේ. ඒ තුවාලේ සුව නොවී ඒ විදියටම තියෙන නිසයි පෙරේරා මහත්තයා මේ රෝහල් සායනයට ආපහු ආවේ.

ඔහු වෛද්‍යවරයාට කිව්වා "ඩොක්ටර්, මං මේ තුවාලේ හැමදාම පිරිසිඳු කරලා බෙහෙත් දානවා. ඇයි ඒක තාම හොඳ වෙන්නේ නැත්තේ?"කියලා.

ඉතින් දියවැඩියාව නිසාත් තුවාල සුවවෙන්න කල් ගත වෙනවා. ඒත් ඊට වඩා තව ගැඹුරින් සලකා බැලුවොත් දියවැඩියාව විතරක් නෙමේ, පෙරේරා මහත්තයාගේ ආහාර රටාවත් තුවාල සුව නොවීමට හේතුවක්.

තේ කහට එක්ක බිස්කට් දෙකකුයි, රෑට ඉඳි ආප්පයි, කිරි හොදියි, නැත්නම් රොටියක් වගේ තමා එයා කන්නේ. මස්, මාළු, කිරි, බිත්තර වගේ ප්‍රෝටීන හරිම අඩුවෙන් තමයි පෙරේරා මහත්තයා ආහාරයට ගන්නේ.


👉 ඔයාලා දන්නවද?

ප්‍රෝටීන අවශ්‍ය වෙන්නේ මාංශ පේශී වර්ධනයට විතරක් නෙමේ. සිරුරේ පටක අලුත්වැඩියා කරන්න වගේම ශරීරයට ඇතුල් වන විෂබීජ සමඟ සටන් කරන්න ප්‍රතිශක්තිකරණ පද්ධතියට උදව් කරන්නත් ප්‍රෝටීන් අත්‍යවශ්‍යයි.

ප්‍රමාණවත් තරම් ප්‍රෝටීන් සිරුරට ලැබුනේ නැත්නම්, තුවාල තවත් පැතිරිලා ඒවා සුවවෙන්න කල් ගත වෙනවා. දියවැඩියාව තියෙනකොට තුවාලේ ඇති ප්‍රදේශයට රුධිරය ගමන් කිරීමත් අඩු නිසා ඒ හේතුවෙනුත් තුවාලය සුව වීම ප්‍රමාද වෙනවා.


ඒ නිසා දියවැඩියාව ඇති ඔබට තුවාලයක් සිදු වුවහොත්,

✅ මුලින් ම රුධිරයේ සීනි මට්ටම පාලනය කරන්න (ඖෂධ හා ආහාර වලින්)

✅ ප්‍රෝටීන් බහුල ආහාර වැඩිපුර ආහාරයට ගන්න. - බිත්තර, මාළු, කුකුල් මස්, කිරි, පරිප්පු, සෝයා, කවුපි, කඩල

✅ හොඳින් වතුර බොන්න.

✅ තන්තු අඩංගු ආහාර වැඩිපුර ආහාරයට ගන්න. - එළවලු, රතු බත්, ධාන්‍ය වර්ග

එවිට සති කිහිපයකින් තුවාලය සුව අතට හැරේවි. 😀


🚫 ඉතින් ඔයාලට ආදරය කරන කාටහරි මේ විදිහේ දෙයක් වුනොත් මතක තියාගන්න!

ප්‍රෝටීන් කියන්නෙත් තුවාල සුවකරන ඖෂධයක්!

✏️Ayesha Senevirathne
Registered Dietitian and Nutritionist

වැඩි විස්තර සඳහා අපගේ facebook පිටුවට පිවිසෙන්න. 👇

https://www.facebook.com/share/17ExMdptAh/

😃 තවත් මෙවැනි වටිනා තොරතුරු දැන ගැනීමට අප සමගම රැදී සිටින්න.

😃 අපගේ ෆේස්බුක් පිටුවට Like කර මෙම පෝස්ට් එක Share කරන්න.

සුනිල් හරිම ආඩම්බරෙන් හිටියේ, එයාගේ පෝෂ්‍යදායි ආහාර රටාව ගැන. බනිස්, පාන්, පේස්ට්‍රි, ගැඹුරු තෙලේ බැදපු වඩේ, මුරුක්කු, ප...
13/11/2025

සුනිල් හරිම ආඩම්බරෙන් හිටියේ, එයාගේ පෝෂ්‍යදායි ආහාර රටාව ගැන. බනිස්, පාන්, පේස්ට්‍රි, ගැඹුරු තෙලේ බැදපු වඩේ, මුරුක්කු, පැණි බීම, මේ මුකුත් ම එයා කටේ වත් තිබ්බේ නෑ. හැබැයි එයා දවල්ට කන්න කෑම පෙට්ටිය පිරෙන්න ම බෙදා ගත්ත බත් එක භාගයක් වැහෙන්න ම එයා ආසම කිරට හදපු පරිප්පුයි ඉතුරු භාගෙට ලොකුම ලොකු කුකුල් මස් කෑල්ලකුයි දාගත්තා.

කෑම පෙට්ටිය දිහා බලලා සුනිල් හරිම සතුටින් හිතුවේ, "ගෙදර හදපු රසවත් පෝෂ්‍යදායි කෑම වේලක්" කියලා. එයා ඇත්තට ම හිතුවේ එයාගේ මේ කෑම වේල හරියට ම හරි කියලයි.

මාස කිහිපයක් ගත වෙනකොට, එයාගේ ඔෆිස් අඳින කලිසම වෙනදට වඩා හිර බවක් එයාට දැනුණා. එයා වෛද්‍යවරයෙක් හමුවී කොලෙස්ටෙරෝල් පරීක්ෂාවක් කරගත්තා.

ඒවායේ ප්‍රතිඵල නම් එච්චර හොඳ මට්ටමක තිබුණේ නෑ. සුනිල් පුදුම වුණා. "කොහොමද මෙහෙම දෙයක් වෙන්නේ? මං ක්ෂණික කෑම, කඩ කෑම මුකුත් ම කන්නෙත් නෑනේ."

ඒත් ප්‍රශ්නේ තිබුණේ සුනිල් කාපු කෑම වල නෙමේ. එයා ඒවා කාපු ප්‍රමාණ වල.

⭕ එයා පිඟාන පිරෙන්න ම බත් කන්දක් බෙදා ගන්නවා.

⭕ මිටිකිරි දාලා හදපු පරිප්පුව පිඟානෙන් භාගයක් පිරෙන්න ම දා ගන්නවා.

⭕ ප්‍රෝටීන ඇඟට හොඳයි කියලා හිතලා ගොඩක් ලොකු චිකන් කෑල්ලක් පිඟානෙන් ඉතුරු භාගේ වැහෙන්න ම බෙදා ගන්නවා.

ඇත්තට ම බත්, පරිප්පු, කුකුල් මස්, මේවා පෝෂ්‍යදායි ආහාර තමයි. ඒත් හොඳ දේවලුත් ඕනෑවට වඩා කෑවොත් වෙන්නේ නරකක්. සමබල ආහාර වේලක් හැදෙන්නේ ඔයා ආසම කෑම නොකා ඉන්න එකෙන් නෙමේ. ආස ම දේවල් නිවැරදි ප්‍රමාණයෙන් කන එකෙනුයි.

පිඟානෙන් 1/4 ක් බත්, 1/2ක් එළවළු හා පලා වර්ග, 1/4ක් ප්‍රෝටීන (පරිප්පු, මාළු, මස්, බිත්තර)වලින් පුරවගන්න. ඒ වගේ ම පොල්කිරි හා තෙල් අවශ්‍ය පමණට (කුඩා ප්‍රමාණයක්) භාවිතා කරන්න.


සුනිල් එයාගේ කෑම පිඟාන වෙනස් කරගත්තා.

බත් කන්දක් වෙනුවට බත් පොල්කටු හැන්දක් විතරක් බෙදා ගත්තා. පරිප්පු ටිකකුයි, තරමක කුකුල් මස් කෑල්ලකුයි, වැඩිපුර එළවලුයි බෙදා ගත්තා. කාලයක් යනකොට එයාගේ කොලෙස්ටෙරෝල් මට්ටම සාමාන්‍ය අතට හැරුණා. ඉතින් සුනිල් එයා ආසම පරිප්පුයි, කුකුල් මසුයි, නොකා හිටියේ නෑ. එයා ඒවා කන්න ඕනේ තරම විතරක් දැනගත්තා.


පෝෂ්‍යදායි කෑමක් වුණත් නිසි තරම නොදැන කෑවොත්, අපේ ම සෞඛ්‍යයට හානිදායක වෙනවා.

✏️Ayesha Senevirathne
Registered Dietitian and Nutritionist

වැඩි විස්තර සඳහා අපගේ facebook පිටුවට පිවිසෙන්න. 👇

https://www.facebook.com/share/17ExMdptAh/

😃 තවත් මෙවැනි වටිනා තොරතුරු දැන ගැනීමට අප සමගම රැදී සිටින්න.

😃 අපගේ ෆේස්බුක් පිටුවට Like කර මෙම පෝස්ට් එක Share කරන්න.

පැණිරස දෙයක් කන්න කලින් මතක තියගන්න.රසකැවිලි වල තියෙන සීනි ඉක්මනින් ජීර්ණය වෙලා රුධිර ග්ලූකෝස් මට්ටම ඉක්මනින් ඉහළ නංවනවා...
12/11/2025

පැණිරස දෙයක් කන්න කලින් මතක තියගන්න.

රසකැවිලි වල තියෙන සීනි ඉක්මනින් ජීර්ණය වෙලා රුධිර ග්ලූකෝස් මට්ටම ඉක්මනින් ඉහළ නංවනවා.

ඒත්, පලතුරු වල තන්තු අඩංගු නිසා ඒවායේ තියෙන සීනි සෙමෙන් ජීරණය වෙලා, සෙමෙන් සෙමෙන් රුධිරයට ග්ලූකෝස් මුදාහරින නිසා රුධිර සීනි මට්ටම පාලනයට උදව් වෙනවා.

ඒ නිසා පැණිරස බඩගින්නට පලතුරක් කන එක තමයි හොඳ ම විසදුම වෙන්නේ!

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when NutriTales by Dietitian Ayesha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to NutriTales by Dietitian Ayesha:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram