Child-health

Child-health This platform focus on mental and physical well-being of kids and providing help when needed.

22/09/2023

ටොන්සිලෙක්ටෝමි සහ ඇඩිනොයිඩෙක්ටෝමි (T&A)

සෑම කෙනෙකුටම උගුරේ (ටොන්සිල) සහ නාසය පිටුපස උගුරේ ඉහළ කොටසේ (ඇඩිනොයිඩ්) කුඩා ග්‍රන්ථි ඇත. tonsillectomy යනු ටොන්සිල ඉවත් කිරීමේ සැත්කමක් වන අතර, adenoidectomy යනු ඇඩිනොයිඩ් ඉවත් කිරීමේ සැත්කමකි.

මගේ දරුවාට T&A අවශ්‍ය වන්නේ ඇයි?
- [ ] දරුවෙකුට හුස්ම ගැනීමේ හෝ ගිලීමේ ගැටළු
- [ ] ටොන්සිලයිටිස් නිතර නිතර සිදුවන දරුවන්
- [ ] විශාල වූ ටොන්සිල සහ/හෝ ඇඩිනොයිඩ් නිසා නිදාගැනීමේ අපහසුතා ඇති ළමුන්

ශල්‍යකර්මයට පෙර

ශල්‍යකර්මයට පෙර නිරාහාරව සිටීම පිළිබඳව ඔබේ වෛද්‍යවරයාගෙන් හෝ හෙදියගෙන් උපදෙස් ලබා දෙනු ඇත.

ඔබේ දරුවාගේ නිර්වින්දනය (සිහිනැති කිරීම) නිර්වින්දන වෛද්‍යවරයා ඔබට පැහැදිලි කරනු ඇත. ඔබට කිසියම් ප්‍රශ්නයක් ඇත්නම් හෝ කිසිවක් අපැහැදිලි නම්, අවශ්‍ය වාර ගණනක් පැහැදිලි කිරීමට කාර්ය මණ්ඩලයෙන් ඉල්ලා සිටින්න.

ශල්‍යකර්මයේදී

ශල්‍ය වෛද්‍යවරයා ඔබේ දරුවාගේ මුඛය හරහා ටන්සිල් සහ ඇඩිනොයිඩ් ඉවත් කරයි. මෙයින් අදහස් කරන්නේ සමේ පිටත කැපීම් (කැපීම්) අවශ්‍ය නොවන බවයි.

T&A සැත්කම් සාමාන්‍යයෙන් විනාඩි 30ක් පමණ ගත වේ, නමුත් ඔබේ දරුවා පැය දෙකක් දක්වා ඔබෙන් ඈත් වනු ඇත. මෙම කාලය ඔබේ දරුවා ශල්‍යකර්ම සඳහා සූදානම් කිරීම සහ ප්‍රකෘති සිහිය ලබා ගැනීමට ගතවේ.

ශල්‍යකර්මයෙන් පසුව

දරුවන්ට අවදි වීමට අනෙක් අයට වඩා වැඩි කාලයක් ගත වන අතර, ඔවුන් අඬන්න, ව්‍යාකූල වීමට, අසනීප හෝ වමනය විය හැක.

බොහෝ දරුවන්ට එදිනම නිවසට යන අතර සමහරුන් එක රැයක් රෝහලේ රැඳී සිටීමට සිදුවිය හැක.දෙමාපියෙකුට හෝ භාරකරුවෙකුට ඔවුන් සමඟ සිටිය හැකිය.

ඔබේ දරුවාට කන්න සහ බොන්න පුළුවන් දේ පිලිබඳ උපදෙස් , ඔබේ දරුවාගේ ඔක්කාරය හා වමනය පෙති, වේදනා නාෂක නිවසට යන විට ලැබෙනු ඇත.

03/04/2022
03/12/2021

කෝවිඩ් වලට අමතරව ඩෙංගු උණ මේ දිනවල බහුලව පැතිර යයි.

03/12/2021

Number of covid cases increasing❗️
Stay safe

13/10/2021

දරුවන්ට ආදරය දෙන්න. දරුවන්ට අතිරේක පන්ති අවශ්‍ය වේලාව ඔබ තේරුම් ගන්නවා සේම, අතිරේක උපදේශනය/ මානසික සහනය ලබා දිය යුතු වේලාවන් ගැනද අවධානයෙන් සිටින්න.
❤️

25/08/2021

දරුවන් වෙනුවෙන් පරිස්සම් වන්න.

09/08/2021

හැකිතරම් අනවශ්‍ය ගමන් බිමන් නවත්වන්න. දරුවන් වෙනුවෙන් ආරක්ෂා වන්න.

26/06/2021

කෝවිඩ් ආශ්‍රිතව වාර්තාවන, ළමා බහු අවයව-පද්ධති ප්‍රදාහ සින්ඩ්‍රෝමය හෙවත් MIS-C (Multisystem Inflammatory Syndrome in Children) තත්ත්වයෙන් දරුවන් ආරක්ෂා කර ගන්නේ කෙසේද?

රෝගයෙන් ආරක්ෂා වන ආකාරය කතාබහ කිරීමට පෙර මෙම රෝගය මොකක්ද කියන එකත් මෙහි රෝග ලක්ෂණ මොනවාද කියන එක එම රෝග ලක්ෂණ පහල වුවහොත් කුමක් කළ යුතුද කියන එක ගැන අපි මුලින්ම සාකච්ඡා කරලා බලමු.

MIS-C රෝගී තත්ත්වය ඉතා කලාතුරකින් කොරෝනා ආසාදන තත්ත්වය හා සම්බන්ධව ඇතිවිය හැකි සංකූලතාවක් බවට වෛද්‍ය විද්‍යාත්මක කරුණු අනාවරණය වෙමින් පවතිනවා. මේ සම්බන්ධව පුළුල් දැනුම් පරාසයක් ලොව පුරා තවමත් නොමැති අතර මෙම ලිපිය මගින් අප දැනුවත් කිරීමට බලාපොරොත්තු වන්නේ මෙම රෝගී තත්ත්වය ගැන දැනට යම්තාක් මට්ටමකට තහවුරු වූ කරුණු කිහිපයකි.

බොහෝ දරුවන්ට මෙය ඉතා සුළු ආසාදිත තත්ත්වයක් ලෙස ඇතිවිය හැකි නමුත් ඉතා කලාතුරකින් මෙය ඉතා දරුණු රෝගී තත්ත්වයකට උත්සන්න විය හැක. මෙය කුඩා දරුවන්ගේ හෘදය වස්තුව, පෙනහළු, වකුගඩු මොළය, සම සහ සමහර අවස්ථාවලදී ආහාර මාර්ග පද්ධතිය යන අවයව ආශ්‍රිතව සිදුවන ඉදිමුම් තත්ත්වයක් මුල් කරගෙන හටගන්නා රෝගයක් ලෙස අර්ථකථනය වේ.

ලෝකයේ COVID -19 ආසාදන තත්ත්වය ඉතා දරුණුවට පැතිර ගිය රටවල් වල 2020 වසරේ අප්‍රේල් මාසය පමණ සිට වාර්තා වූ මෙම රෝගී තත්ත්වය ලංකාව තුල ද ඉතාමත් මෑත කාලීනව නිරීක්ෂණය කර ඇත. මෙහිදී වැදගත් කාරණය වනුයේ මෙම රෝගයේ රෝග ලක්ෂණ කල් තබා හඳුනා ගැනීමයි. සමහර දරුවන්ට කොරෝනා ආසාදන තත්ත්වයක රෝග ලක්ෂණ පහළ නොවී මෙම රෝග තත්ත්වයේ රෝග ලක්ෂණ සමග පමණක් ඉදිරිපත් විය හැකි බැවින් පහත රෝග ලක්ෂණ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන ලෙස ළමා රෝග විශේෂඥයින් ඉල්ලා සිටිනවා.

• උණ
• උදරයේ වේදනාව
• වමනය
• පාචන තත්ත්වය
• බෙල්ලේ කැක්කුම
• සමෙහි පලු දැමීම
• ඇස් රතුවීම
• වෙනදාට වඩා අධික ලෙස විඩාවට පත්වීම

මෙම රෝග ලක්ෂණ සියල්ල එකම ආකාරයට සියලුම දරුවන්ට ඇති වන්නේ නැති බැවින් මේ සම්බන්ධව අවධානයෙන් සිටීම වඩාත් වැදගත් වේ.

දරුණු රෝගී තත්ත්වයක ලක්ෂණ ලෙස

• හුස්ම ගැනීමේ අපහසුතාවයක්
• පපුව සිර කරන ආකාරයෙන් ඇතිවන පපුවේ වේදනාවක්
• අවදි වීමට නොහැකි බව හෝ පියවි සිහියෙන් සිටීමට නොහැකි වීම
• දරුවා සුදුමැලි ගැන්වූ බවක් නිරීක්ෂණය වීම
• ඉතා දරුණු උදරයේ වේදනා තත්ත්වයක් ඇතිවීම

මෙවැනි රෝග ලක්ෂණ මතු වුවහොත් ඉතා ඉක්මනින් රෝහලකට රැගෙන ගොස් දරුවාට අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට යොමුවන ලෙස ළමා රෝග විශේෂඥයින් ඉල්ලා සිටිනවා.

එමෙන් ම පවතින තත්වය යටතේ දරුවන් COVID-19 ආසාදනයෙන් ආරක්ෂා කර ගැනීමට දැඩි අවධානයක් යොමු කළ යුතු වෙනවා.

නිවසෙහි එක් අයෙකු හෝ කොවිඩ් ආසාදනය වුවහොත් නිවස තුළ කොවිඩ් වෛරසය පැතිරයාම සිදුවීමට ඉතාමත්ම වැඩි අවදානමක් ඇති නිසා නිවැසියන් සියලු දෙනාම මේ දිනවල නිවසෙන් පිටතට යාම අනිවාර්යයෙන්ම අවම කරගත යුතු වෙනවා. නිවසේ සිටින සම්පූර්ණයෙන් එන්නත් කරණය කරන ලද වැඩිහිටියන් පවා, එන්නත නිසා දැඩි රෝග තත්ත්වයෙන් බොහෝ දුරට ආරක්ෂාවක් ලැබුව ද, වෛරසය ශරීරගත වී, තව කෙනෙකුට සම්ප්‍රේෂණය කිරීමේ අවදානමක් තියනවා.

දෑත් නිවැරදිව පිරිසිදු කරගන්නා ආකාරය, මුව ආවරණයක් නිවැරදිව පළඳින ආකාරය, පුද්ගල දුරස්ථභාවය පවත්වාගන්නා ආකාරය සහ කැස්ස / කිවිසුම් ආවරණය කරගන්නා ආකාරය ගැන ඔබ දැනටමත් දන්නා දේ දරුවාටත් පුරුදු කරන්න. ඔවුන් ඒවා නිවැරදිව පිළිපදින බවට වග බලා ගන්න.

එසේ ම සෙනග බහුලව ගැවසෙන එකිනෙකා ආසන්නයේ සිටින ස්ථාන වලට කුඩා දරුවන් රැගෙන යෑමෙන් වැලකිය යුතුයි. කුඩා දරුවන් නිතර මුව ආවරණය මෙන්ම නාසය හා මුඛය ස්පර්ශ කරන නිසා මෙවන් ස්ථානවල දී වෛරස ශරීරගත වීමේ හැකියාව ඉතා වැඩියි. විශේෂයෙන් ම මුහුණු ආවරණ හෝ ෆේස් ෂීල්ඩ් භාවිතය සුදුසු නොවන වයස අවුරුදු දෙකට අඩු දරුවන් මෙවැනි අවදානම් ස්ථාන වලින් ඈත්කර තබාගැනීම වැදගත්.

නිවසට ආගන්තුකයන් පැමිණීම ද මේ කාලයේ හැකි සෑම විටම අවම කරගත යුතු වනවා. නිවැසියෙක් නොවන කෙනෙක් දරුවා වඩා ගැනීම සුරතල් කිරීම ආදී සමීප ආශ්‍රයක යෙදෙන සෑම අවස්ථාවකම දරුවකු හට COVID - 19 වෛරසය ශරීරගත වීමේ සම්භාවිතාවය වැඩි වෙනවා.

COVID - 19 වසංගත කාලයේ වෙනදාමෙන් සමාජශිලී වීමට ඉඩ නොලැබීම නිසා දරුවන් අසතුටට පත් වනවා වෙන්නට පුළුවන්. නිවසේ දී හැකිතාක් ඔවුන්ව ක්‍රියාකාරීව සතුටින් තැබීමට කටයුතු කරන්න. දරුවන් සමග සතුටින් නියැලිය හැකි, දරුවාගේ බුද්ධි වර්ධනයට ද රුකුල් දෙන, නිවසේදී සිදු කළ හැකි ක්‍රියාකාරකම් පිළිබඳව දැනුවත් වෙන්න. දුරකථන හා අන්තර්ජාල මාධ්‍යයන් ඔස්සේ නෑදෑ හිතමිතුරන් හා සම්බන්ධ වීමට හැකිතාක් ඉඩ ප්‍රස්තාව ලබා දෙන්න.

මේ ගතවන වසංගත කාලයේ මනා සිහි බුද්ධියකින් කටයුතු කිරීම අප මෙන්ම අපේ දරුවන්ගේ ආරක්ෂාවට ද මහත් රුකුලක් වනවා.


Health Promotion Bureau

කියවන්න..
09/03/2021

කියවන්න..

09/03/2021

ඩෙංගු අවදානම කෙමෙන් වැඩි වෙනවා..

06/03/2021

Boys and girls under the age of 2 should not use tablets or smartphones.

Here are some reasons:
1. Induce myopia.
2. These displays emit five times more shortwave light, are very harmful to the eyes, and excessive exposure to new LED displays can damage sensitive eye structures.
3. Causing attention deficit.
4. Cognitive delay.
5. learning problems.
6. Increase in impulsiveness.
7. Decreased ability to self-regulate (tantrums).
8. Delay in psychomotive development.
9. Obesity.
10. Sleep Disorder.
11. Aggressive Conduct.
12. Addiction.

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Child-health posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category