15/11/2025
නොගැලපෙන පුද්ගලයෙක්ට ඇබ්බැහි වෙලා ඒකෙන් මිදෙන්න බැරිව දුක් විදින කෙනෙක් නම් මේ නොගැලපෙන, විෂ සහිත (toxic) සබඳතාවය නිසා ඔයාට ඇති විය හැකි ප්‍රතිවිපාක ගැන මුලින්ම මෙනෙහි කරන්න.
මේ නොගැලපෙන සම්බන්ධතා ඔයාගේ මනසට බරපතළ ලෙස පීඩා ඇති කරනවා ඒක ඔයාගේ මානසික සෞඛ්‍යයට දිගුකාලීන බලපෑම් ඇති කරනවා.
ආදර සම්බන්ධතා ගැන ලිපියෙන් කතා කලත් මේක ඔයාගේ අම්මා තාත්තා එක්ක තියෙන සම්බන්ධතාවයේ ඉදන් ඕනිම සම්බන්ධතාවකට ( relationship) ආරෝපණය කරගත හැකියි.
💣 ආතතිය සහ කාංසාව
මේ සම්බන්ධතාවය තියාගැනීමට මං තවදුරටත් උත්සහ කල යුතුද නැද්ද යන්න තීරණය කිරීමට නොහැකිවීම නිසා මොළය හැමවිටම 'සටන් කරන්න හෝ පලා යන්න' (fight-or-flight) කියන තත්වයට හුරුවීම. විශ සහිත, රැවටිලිකාර හෝ ඔවුන්ගේ වාසියට ඔබව ඇසුරු කරන පුද්ගලයන් ඔබට ලබා දෙන්නේ මිශ්‍ර සිතුවිලි (mixed feelings) මේ හේතුව නිසා ඔබ ආතතියට පත් වෙලා ටික කලකදී නිදන්ගත ආතතිය යන (Chronic Stress) මානසික රෝගී තත්වයට පත්විය හැකියි.
💣 මානසික නොසන්සුන්කම (Anxiety)
ඊළඟට මොකක් වෙයිද? මට අද ආදරයෙන් සලකයිද? නැතිනම් ආරවුලක් ඇතිකරගනීද? ඇත්තටම මේ වගේ පුද්ගලයින් ඔවුන්ට ඔබ ගැන ඇති හැඟීම කවදාවත් හරියට ප්‍රකාශ කරන්නේ නෑ. 'ආදරේ කියන්න ඕනි නෑ ඔයාට දැනෙන්න ඕනි' කියල වෙලාවකට ඔයා ගැන ආදරයක් ඇතිබව පෙන්නනවා. ඔවුන්ට ඔබ සමග ඇති ප්‍රශ්නය කියන්නේ නෑ ඒ වෙනුවට ඔබව මඟහරිනවා. එයාගේ ප්‍රශ්නය අහමින් ඔයාට එයා ලඟ බැගැපත් වෙලා නොකරපු වැරැද්දක් වෙනුවන් සමාව ගන්න සලස්වනවා.මේ නිසා ඔයා නිතර නොසන්සුන් වෙනවා.
💣 සැකය නිසා ඇතිවන අධි-සෝදිසිය (Hypervigilance)
මේ පුද්ගලයා ඇත්තටම මට ආදරෙයිද? කැමතිද? නැත්තම් මාව රවට්ටනවද කියලා ඔයාට හිතාගන්න බැරි නිසා ඔයා හැමවෙලේම අධික සෝදිසියෙන් ඉන්න පුරුදු වෙනවා. කිසිම කෙනෙක් කිසිම දෙයක් විශ්වාස කර නොහැකි තත්වයට අවසානයේ පත්වෙනවා
💣 අවපීඩනය සහ චිත්තවේගීය වෙහෙස (Depression and Emotional Exhaustion)
මේ වගේ පුද්ගලයෝ නිතරම ඔබ ගැන ඔබ කරන කැපකිරීම ගැන තැකීමක් නොකර අන් අය සමග ඔබව සංසන්දනය කරමින් ඔබේ සිත බලාපොරොත්තු සුන් වූ දුක්බර තත්වයට ඇද දමනවා. ඔබට අසරණ බවක් ඔබ සමගම තරහක් දැනෙන්න සලස්වනවා.මේක ඉවර වෙන්නේ ඔයා අවපීඩනට (Depression)
ලක්කරලා.
මේ නිසා ඔයාට නිතරම මහන්සියක් අලස ගතියක් වෙනද ආසාවෙන් කල දේවල් කරන්නවත් අකමැති ගතියක් හෝ අහේතුක වෙහෙස ගතියක් දැනෙනවා
💣 හුදකලා වීමට පෙළබීම (Isolation):
විෂ සහිත පුද්ගලයින් ඔබට මිතුරන්ගෙන් හා පවුලෙන් ඈත් වීමට බලපෑම් කරනවා නොගැලපෙන සම්බන්ධතා නිසා අවසානයේ ඔබ ඔබෙගෙනුත් ඈත් වෙනවා. එයාව දිනාගන්න ගිහින් ඔබ ඔබේ ආත්මයම වරදකාරී කරගෙන හැමෝගෙන්ම ඇත්වෙනවා.
අවසානයේ එයා ඔයාව දරුණු විදිහට ප්‍රතික්ෂේප කරමින් ඉවතට තලු කරද්දි ඔයා ගොඩක් තනි වෙලා බව දැනෙනවා, උපකාර ගන්න කියන්න කෙනක් නැතිබව කිව්වත් වෙන කාටවත් තේරුම් ගන්න බැරිවෙයි කියලා අන්තිමට ඔයාගේ ජීවිතේ ගැන සෘණාත්මක අවසන් තීරණයකට යොමුවෙන්නත් ඉඩ තියෙනවා
💣ඔබේ ආත්ම අභිමානය අඩුවීම (Low Self-Esteem and Self-Worth)
කලින් කිව්වා වගේ මේ පුද්ගලයෝ ඔබව අන් අය සමග සංසන්දනය කරමින් නිරන්තර විවේචනය කරනවා (Constant Criticism). එයාගේ පරණ පෙම්වතිය/පෙම්වතා එයා වෙනුවෙන් කල දේවල්, එයාගෙ රූපය හෝ ගතිගුණ වගේ දේවල් වලින් එයාව දිනාගන්න ඔයා කලයුතු දේවල් විශාල බව පෙන්නනවා. ඔයාට නොහැකිබව, ඔයා කරන දේ මදිබව හඟවනවා.
මේ වගේ පුද්ගලයෝ ඔයාගේ හැඟීම් ගැන තැකීමක් කරන්නේ නෑ. එයාට ඕනි විදිහට ඔයාව හසුරුවන්න බෑ කියලා දැනුනොත් දරුණු විදිහට ඔයාව රිද්දනවා අපහාස උපහාස මගින් ඔයාව විවේචනය කරනවා පහත් කරනවා (belittling) හෝ ඔයාව වැරදිකරු කිරීම (blame-shifting) ඔයාට මේවට උත්තර දෙන්න අවාස්ථාවක් දෙන්නෙ නෑ. මොකද එයාට හැමවෙලේම ඕනි එයා නිවරදි වෙන්න.
ඒ විදිහට කාලයක් යද්දි ඔයාගේ ආත්ම විශ්වාසය බිඳ වැටෙනවා, ආත්ම අභිමානය ටික ටික පහළ වැටෙනවා ඔයා ප්‍රමාණවත් නොවන බවක්, ආදරය ලැබීමට සුදුසු නැති බවත් ඔබට හිතෙන්න ගන්නවා
💣ගෑස්ලයිටින් කිරීම (Gaslighting)
ඔයාව රවට්ටන බව හෝ ඔයාව මානසිකව අතරමං කරන දේ කරමින් ඔයා දුටු හෝ අත්විඳින දේ ගැන විමසනකොට ඔයා වැරදි බවට මේ පුද්ගලයො ඔයාට ඒත්තු ගැන්වීමට විවිධ ආකාරයෙන් හැසිරෙනවා සම්බන්ධයෙ මුලදි එහෙම දෙයක් නැතිබව කියලා ඔයාව එයා සනසයි, ඔයාට එයාව අත ඇරගන්න අමාරුයි කියලා එයා තේරුම් අරගත්තට පස්සේ දරුණු විදිහට සලකයි. මේක ඔයාගේ මානසික පැහැදිලිභාවයට වගේම ඔයාගේ යථාර්ථය පිළිබඳ විශ්වාසය විනාස කරනවා .
💣 ශාරීරික සෞඛ්‍ය ගැටළු (Physical Health Issues)
ඔයාට තද නිදිමතක් දැනීම හෝ නින්ද අහිමි වීම (Sleep Disturbances) සිදුවිය හැකියි. ආතතිය, කාංසාව නිදා ගන්න නොහැකි වීම හෝනින්දේදී නිතර නිතර අවදිවීම(Irregular sleeping patterns) නිසා ඔයාගේ සාමාන්‍ය ජීවිතේ පීඩාකාරි වෙයි
විද්‍යාතම පරීක්ෂණ කියනවා මේ වගේ මානසික පීඩා නිසා අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය පවා දුර්වල වෙනබව ඉතින් දිගුකාලීන ආතතිය අපේ ශරීරයේ හෝමෝනවලට බලපාන ආකාරය පෙර ලිපියෙත් ලිව්වා. අවසානයේ ඔබ අහේතුකව ශාරිරිකවත් රෝගාතුර විය හැකියි. හිසරදය, මාංශ පේශි තද වීම හා වේදනාවන් විශේෂයෙන් බෙල්ලෙ පිටුපසදැනෙන වේදනාව හා ඉරුවාරදය, ආහාර ජීර්ණ ගැටළු.
ඉතින් නොගැලපෙන බව දැන දැනත්, විශ සහිත බව දැන ගෙනත් එයාව සාධාරණීකරණය කරමින් ඒ සම්බන්ධතාවයේ රැදීසිටීමට උත්සහ කිරීම හෝ කෙනෙක් ඔයාව දරුණු විදිහට ප්‍රත්‍යක්ෂ කරද්දි, පහතට දාද්දී, දාල ඈතට යද්දි ඒමත්තේ වෙහෙස වීම මගින් ඔයා ඔයාට කරගන්න යන හානිය ගැන ඔයා නිතරම සිහිපත් කරන්න. ඒ පුද්ගලයාගෙන් ඈත් වෙන්න. ඔයාගේ අකමැත්තෙන් උනත් එයා ඔයාව ඈත් කලා නම් ඔයා ඔයා ගැන සතුටු වෙන්න එහෙම උනේ ඔයාව ලේසියෙන් අපයෝජනය කල නොහැකි බව ඒකෙනාට තහවුරු වුන නිසයි. තවදුරටත් ඔබ සමග සෙල්ලම් කිරීමෙන් එයාටත් හානියක් විය හැකි බව එයා
තේරුම්ගත්ත නිසයි.
ඒත් එයින් එකවර මිදීමට නොහැකිවීම ගැන ඔයා ඔයාට දොස්පවර ගැනීම නවත්තන්න. කාලයක් තුල මානසිකව හා මොළයට සිදුවු හානිය යාථාතත්වයට පත් කරගැනීමට සුවපත් කරගැනීමට කාලයක් ගතවෙන බව තේරුම් ගන්න. නැවත සතුට සොයාගත හැකිබව විශ්වාස කරන්න.
✍ WISHBEE🐝