14/10/2020
💚💚ලෙඩරෝග වළක්වාගැනීමට ශරීරයට ලබා දියයුතු සර්විස් එක මොකද්ද?💚💚
ඔබ වාහනයක් පාවිච්චි කරනවනම් යම්කිසි දුර ප්‍රමාණයකට වතාවක් හෝ එයට සර්විස් එකක් (Service) දානවා නේද?
එහෙම කරන්නෙ මොකද කියල ඔබ දන්නවා ඇති. එහෙම සර්විස් එකක් නොදැම්මොත් වාහනය දීර්ඝ කාලීන පැවැත්මට බාධා එනවා නේද? ඒ කියන්නෙ වාහනය ලෙඩ දෙන්න ගන්නවා.
හොඳයි මේ දේම අපේ ශරීරයෙත් වෙනවා කියල කිව්වොත් ඔබ පිළිගන්නවද? මේ කියන්න යන්නේ අපේ ශරීරයටත් සර්විස් එකක් කරගන්නෙ කොහොමද කියන කාරණයයි.
ලෝකයේ දැනට ජනප්‍රිය වෙමින් පවතින ප්‍රතිකාර ක්‍රමයක් තමයි Detoxification හෙවත් ශරීරයේ විශ හරණය කිරීමේ ක්‍රමවේදය. මෙය සිදුකරන්න හේතුවෙන්නෙ දීර්ඝ කාලීනව වස විස ද්‍රව්‍ය අපේ ආහාර වලින් ශරීර ගතවීම සහ අපේ ශරීරය තුළ ජීවත් වන බැක්ටීරියා වැනි ජීවීන් නිපදවන අහිතකර ද්‍රව්‍ය ශරීරයේ එකතුවීම නිසයි.
මෙවැනි විස රසායනික ශරීරයේ එකතුවීමෙන් අපගේ සෛල වලට නිසි පරිදි කාර්යයන් ඉටුකර ගැනීමට නොහැකිවෙනවා. මේ නිසා මෙම අහිතකර විස ද්‍රව්‍ය ඉවත් කර නොගත්තොත් පසුකාලීනව විවිධ රෝගාබාධ ඇතිවෙනවා. හර්දයාබාද, ආතරයිටීස් වැනි සන්ධි ආශ්රිත රෝග, සමේ රෝග, ස්නායු රෝග, දියවැඩියාව, අක්මාරෝග, බොහෝ පිළිකා ඇතුලු රෝග බොහෝමයක් ඇතිවීමට ප්‍රධාන හේතුව තමයි මේ විස ද්‍රව්‍ය ශරීරයේ එකතුවීම.
(මේ රෝග ඇතිවෙන ආකාරය වෙන වෙනම විද්‍යාත්මකව ඉදිරියේදී දැනුවත් කරන්නම්.)
මේ රෝග බොහෝමයක් ඇතිවීම වළක්වාගෙන නිරෝගී ජීවිතයක් ගතකරන්න නම් විසද්‍රව්‍ය ශරීර ගතවීම සහ උරාගැනීම වළක්වාගන්න ඕන. ඒ සඳහා තමයි අර කලින් කිව්ව Detoxification ක්‍රම ලෝකයේ භාවිතාවෙන්නෙ. මේවා විද්‍යාත්මක පදනමකින් තමයි දැන් ලෝකයේ ජනප්රියවෙමින් පවතින්නෙ. ඒ නිසා මෙම ක්‍රම බටහිර වෛද්‍ය විද්‍යාවට අභියෝගයක් වෙමින් පවතිනවා. ඇත්තටම මේ නිසා බටහිර සහ පෙරදිග විද්‍යාවේ (Science) එකතුවක් පෙන්නුම් කරනවා. මෙය බටහිර වෛද්‍ය විද්‍යාව (Medicine) තරමක් පැරණි ගමනකම ගෙනයාමට සමහරු උත්සාහ කරනවාදෝ වගේ ස්වභාවයක් තමයි පෙන්නුම් කරන්නෙ.
ඔබ සමහර විට දැකල තියෙනව ඇති ශරීරයේ විස හරණයකර ගැනීමට කකුල් දෙක ද්‍රාවණයක් පිරවූ බේසමක දාගෙන හිටියාම ද්‍රාවණයේ පැහැය වෙනස් වෙනවා. ඒකත් විශ හරණයේ එක්තරා ක්‍රම වේදයක්ම තමයි. ශරීරගත විශ කකුල්වල මහපට ඇඟිලි හරහා ඉවත් කිරීමේ ක්‍රමවේද දේශීය වෙදකමේ සඳහන් වෙනවා. එහිදී කකුල්වල මහපට ඇඟිලිවල යම් ඖෂධ තබා වෙලුමකින් ඔතා තැබීමෙන් එම විස වර්ග ඉවත් කිරීම සිදු කරනු ලබනවා. එවැනි විවිධ ක්‍රම වලින් විස ඉවත් කිරීම ආයුර්වේදයේ සඳහන් වෙනවා. නස්න ක්‍රම වලිනුත් එක්තරා ආකාරයකට කරන්නෙ විස ඉවත් කිරීමක්. ලෝකයේ විවිධ විස ඉවත්කිරීමේ ක්‍රමවේද ජනප්‍රිය වෙමින් යද්දි අපේ රටේ ඉතා ඈත අතීතයේ සිටම පැවතුනු වටිනා ක්‍රම අපේ අය භාවිතයට නොගැනීම ඉතා අවාසනාවන්ත තත්ත්වයක්.
මේ ලියන්නේ ලිපියේ වැදගත්ම කොටසයි. ඔබ නිරෝගීව සිටීමට අත්‍යාවශ්‍යයෙන්ම ප්‍රයෝජනයට ගතයුතු කොටසයි. ඒතමයි ආයුර්වේදයේ සඳහන් වෙන විරේකය.
මෙමගින් ඔබට පුලුවන් ඔබේ ශරීරයට අවශ්‍ය සර්විස් එක ලබාදෙන්න.
විරේකය ඇතුලත් වෙන්නෙ ශෝධනය කියන කොටසට. එමගින් කරන්නේ ශරීරයේ ඇති විශ ද්‍රව්‍ය සහ අහිතකර බැක්ටීරියා විවිධ මාර්ගවලින් ඉවත් කිරීමයි. සම්පූර්ණ විරේකයක් ගැනීමට කලින් මෘදු විරේකයක් කියල සතියක් විතර ගන්න ඖෂධ තියෙනවා. එමගින් මුත්‍රා සහ මළපහ හරහා විසවර්ග ඉවත් කිරීම සිදුවෙනවා. මෙහිදී රත කල්කයත් ලබාගන්න වෙනවා. එහි අඩංගු රත් හඳුන් වැනි ඖෂධ ප්‍රභල විශ ඉවත් කිරීමේ හැකියාවකින් යුක්තයි. එමෙන්ම ආහාර මාර්ගයේ ජීවත්වන අහිතකර බැක්ටීරියා ඉවත් කිරීම සිදුවෙනවා. ප්‍රතිශක්තිකරණ පද්ධතියෙන් 70-80% ප්‍රමානයක් විකරණය (Immunity Modulation) වන්නේ ආහාරමාර්ගය තුළයි. මෙම රතකල්කය මගින් එම හැකියාව වර්ධනය කරනු ලබනවා.
මෘදු විරේකයෙන් අනතුරුව තනි දවසක් ලබා ගැනීමට සම්පූර්ණ විරේකයක් ලබා දෙනවා. එම ක්‍රමවේදය සම්පූර්ණයෙන් අවුරුද්දකට වතාවක් හෝ අවුරුදු කිහිපයකට වතාවක් බැගින් සිදු කිරීමෙන් ශරීරයට ඉතා ප්‍රයෝජනවත් සර්විස් එකක් ලබා දෙන්න පුලුවන්. මෙය ලෝකයේ බොහෝ දෙනා යොමුවෙමින් පවතින Detoxification හෙවත් විශ හරණ ක්‍රමවේදයට බොහෝ සෙයින් සමාන ක්රමයකි.
මෙහිදී සම්පූර්ණ විරේකය සඳහා සහිඳ ලුණු සහ එඬරු තෙල් වෙන වෙනම භාවිතා කරමින් ආයුර්වේදයෙන් ලබා දෙන වට්ටෝරුවකට කසායක් හිඳවා භාවිතාකළ යුතු වේ. මෙය භාවිතා කරන දවසට ආහාර වේල් ලබාගත යුතු ක්‍රමයක් තියෙනවා. එළවලු බත්, ලුණුකැඳ සහ තැම්බුන් හොඳි සමග ආහාර රටාව ගතයුතු ආකාරය වෛද්‍යවරයා ඔබට පැහැදිලි කර දෙනු ඇත. ඇතැමුන්ට බඩ විරේකය වීමේදී වැඩි වාරගණනක් බඩවිරේක විය හැකිය. එම නිසා එම දිනය නිවාඩු දිනයක් වීම වඩා වැදගත් වේ. නමුත් මෘදු විරේකය ගන්නා සතිය තුල එතරම් අපහසුවක් ඇති නොවේ. එම නිසා ඔබ රැකියාවට යන ගමන් වුනත් මෘදු විරේකය ගෙන පසුව නිවාඩු දිනයක පූර්ණ විරේකය ලබාගත හැක.
මෙය භාවිතයෙන් පසුව මළපහ පිට වීම ඉතා පහසු වන අතර ශරීරයේ රෝග ඇතිකරන අහිතකර බැක්ටීරියා බොහෝ ප්‍රමාණයක් ශරීරයෙන් ඉවත් වෙනවා. එසේම බඩවැල් වල තැන්පත්වී ඇති අහිතකර විසවර්ගද බොහෝමයක් ශරීරයෙන් ඉවත් වෙනවා. එසේම තැම්බුම් හොදි දිගටම භාවිතා කිරීමෙන් බඩවැල් වල අහිතකර බැක්ටීරියා වර්ධනය අවම කරගන්න පුලුවන්. එමගින් දීර්ඝ කාලීන නිරෝගීභාවය ඔබට ලඟා කර දෙනු ඇත.
ලඟම ඇති ආයුර්වේද රෝහලේ වෛද්‍යවරයා ගෙන් මේ ගැන විමසීමක් කරන්න. එමගින් ඔබට නොමිලේම ඔබගේ නීරෝගීභාවය පවත්වාගෙන යාමට අවශ්‍ය සර්විස් එක ලබාගන්න පුලුවන්. මීට අමතරව වස විස අඩංගු ආහාර පරිභෝජනය නවත්වාගත යුතුයි.
හැකිනම් ඉහත දැක්වූ පරිදි ආහාර ගැනීමට පෙර තැම්බුම් හොඳි නිතර භාවිතා කිරීමට පුරුදු වන්න.
අඩුම තරමින් අවුරුද්දකට වතාවක් බඩවිරේකයක් ගැනීමට ඉහත ක්‍රියාවලිය නැවත සිදු කරගන්න.
මෙය ඉතාම විද්‍යාත්මක ක්‍රියාවක්. මෙහි වටිනාකම අවබෝධ කරගැනීමෙන් ඉදිරි කාලයේදී බොහෝ දෙනා මෙම ක්‍රියාවලියට යොමුවෙනවා නිසැකයි.
~ස්වාභාවික සුවය~
(අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම්)
ෆේස් බුක් එකේ සඳහන් වුනු විරේකයක්
https://m.facebook.com/mobile/android/upsell_link/?upsell_id=fb4a_attribution&impression_id=7d6a2bb5-de07-423b-8cff-30998b261ada&app=fb4a&install_method=google_play&use_open_sso=rollout&ext=1602900383&hash=AeS0caiZqQoIjcHDmr4&__tn__=-R
(මෙහි වගකීමක් අප නොදරණ අතර ඔබට කැමතිනම් මෙවැනි විරේකයක් ගත හැක. වඩාත්ම සුදුසු වන්නේ ආයුර්වේදය මගින් ඔබට ලබාදෙන උපදෙස් අනුව කටයුතු කිරීමයි)