19/02/2023
පෞරුෂත්වය දියුණු වීම,
බුද්ධ දේශනාවේ කොටස් 3කින් සඳහන් වේ.
1 .චර්යාත්මක සංවර්ධනය.(කය,වචනය සංවරය).
මෙය පිළිපදින කෙනෙක් සමාජයට අභය දෙන කෙනෙක්,
සමාජයට හිතකරයි.
පරිසරයට හිතකරයි.
ආරක්‍ෂාවක් ලැබේ,
විශ්වාසනීයයි,
ඒ අයට වගකීම් බාරදෙන්න පුළුවන්.
අප බුදුන් වහන්සේ ගේ දේශණා පිළිගන්නෙ ඇයි.උන් වහන්සේ සසර පුරාම ස. සත්‍ය කථා කළ නිසා.
මනුෂ්‍යයෙක් ලස්සන වන්නේ ගුණධර්‍ම වලින්.කව්රු ඇති/ නැති තැනදිත් ඔවුන් සිල්වත්.
2. චිත්තවේග සංවර්ධනය.
මෙහිදී සිත,සිතිවිලි වලින් අවධානයෙන් පසුවේ.අකුශල සිතිවිලි එනවිට හඳුනා ගනී.එයට සිහිය,වීර්ය,නුවණ අවශ්‍යයි..
සිත සුවපත් වේ.
අකුශල සිතිවිලි නිසා තමා ලෙඩ රෝගවලට හේතුවන සෙම්,පිත්,වා කියන ඒවායේ අසමතුලිතතාවය ඇති වන්නේ.
අකුශල සිතිවිලි නිසා දැවීම,තැවීම ඇති වේ.අකුසලය වඩනවා නම් ඒවා බලවත් වෙන්න පටන් ගනී.ඊට අදාළ පුංචි අරමුණකින් ලොකු විනාශයක් සිදු වේ..
කුශල සිතිවිලි නිසා ප්‍රීතිය,සතුට,සොම්නස ඇතිවේ.ඒවා භාවිතා බහුලීකරණය කළවිට කායික,වාචසික,මානසික අකුසල් ක්‍රියාත්මක වන්නේ නැහැ.
පරිසරයේ අප විතරක් නෙවෙයි ඉන්නෙ.මෛත්රී සිත පුළුල් වන්න වන්න ඇතුළාන්තය ගිනිගන් නැහැ.සෞම්‍යය වේ.බාහිර ගින්දර ආවට ඊට යට වන්නේ නැහැ.
චිත්තවේග දියුණු කෙනාගේ පෞරුෂය බලවත්.ඒ අයට ජීවී අජීවී සියලු අය ආදරය කරයි.මෙෙත්රීය පිරුණ ගෙදර ලස්සනයි..
3. බුද්ධිමය සංවර්ධනය.
මෙහිදී හොඳ,නරක,කුසල්,අකුසල්,යහපත් අයහපත්,පිං,පව්,සේවනය කළයුතු,නොකළයුතු,ආර්ය,අනාර්‍ය,සරු,නිසරු ආදී ය තෝරා බේරා ගැනීමේ හැකියාව.මෙය දැණුමක් නොවේ.බුද්ධිය යනු පුළුල් දෙයක්.මෙයට බුදුදහම තුළ ප්‍රඥාව කියන වචනය භාවිත කරයි.
මෙවැනි කෙනෙක් ට උසස් පෞරුෂයක් ඇත.
ලෝක ප්‍රකට මිනිසුන් අද හිරබත් කනවා,දුක් විඳිනවා.ඇයි ඒ ?
හේතුව ප්‍රඥාව අඩුකම.
දරුවන් විසින් තම දෙමාපියන් පිළිගන්නෙ නැහැ.හේතුව දෙමාපියන් තුළ ඇති සමාජ විරෝධී දුර්වලතා.
සීල,සමාධි,ප්‍රඥා යනු ශික්ෂණයක්.දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා.එනම් නොදැණුවත්ව වැඩෙන්නේ නිවන.
එනම් ආර්ය අෂ්ඨාංගික මාර්‍ගය.
1 .සම්මා දිට්ඨිය./ ප්‍රඥාව.
යථාර්ථය තේරුම් ගැනීම.ලෝකය,සත්වයා,ජීවිතය ගැන ඇත්ත ඇති සැටියෙන්...
ලොව ක්‍රියා කරන රිද්මය තේරුම් ගැනීම.එවිට ලෝකය සමග හිත පීඩා කරන ගණුදෙනු සිදු වන්නේ නැහැ.හැමදේම වෙනස් වෙනවා.දුක්ඛයි.හේතුඵල ධර්‍මයෙන් ක්‍රියා කරන ධර්‍ම පුංජ පමණි.පටිච්ඡ සමුප්පන්නයි.අනාත්මයි.හටගන්නවා,නැති වෙනවා.තණ්හා,දිට්ඨි,මානයෙන් ගන්න දෙයක් නැහැ.
2. සම්මා සංකප්ප.
නෙක්ඛම්ම (අතහැරීම ) ,අව්‍යාපාද,අවිහිංසා.
3.සම්මා වාචා
බොරු නොකීම,කේළාම් නොකීම,පරුෂ වචන,හිස් වචන නොකීම,
4. සම්මා කම්මන්ත.
ප්‍රාණඝාත,සොරකම්,කාම මිථ්‍යාචාරය ..ආදිය නොකීරීම.
5. සම්මා ආජීවය.
යහපත් ජීවිකාව.(අවි ආයුධ,මත් පැන්,මාංශ,විෂ . මිනිස් ආදී වෙළදාම් වලින් තොරවීම).
6.සම්මා වායාම.
කළ කුසල දියුණු කිරීම.
නොකළ කුසල් උපදවා ගැනීම.
කළ අකුසල් බැහැරලීම.
නොකල අකුසල් ඇති කර නොගැනීම.
7.-සම්මා සති.
එනම් සතර සතිපට්ඨානය.
8. සම්මා සමාධිය.
ඒකාග්‍රතාවය,තැම්පත් බව.හික්මීම.
එය යථාර්ථය තේරුම් ගන්න උදව් වේ.එනම් සියල්ල සංස්කාරයන්ට යටත්.උත්පාද,ථිති,භංග තත්වයෙන් පවතී.එනිසා කුමක් අහිමි වී ගියත් දුක් වන් නැහැ.
'අප්පඝාතේ මනුස්සේතූ..'
නිය සිලට ගත් පස් පිඩක් සේ ප්‍රමාණ මිනිසුන් පිරිසක් තමා මෙය තේරුම් ගන්නේ.ඉන් සිත නිදහස් කර ගන්නේ මේ පිරිස.බහුතර පිරිස මහපොළවේ පස් වගේ .දුකටම ඇලේ,ඒ මතම කඳුළු සලමින් විලාප තියමින් ජීවිතය ගත කරයි.
ඉන් මිදුන කෙනෙක්.
කිසිම කෙනෙක් ට ඒ හිත වට්ටන්න බැහැ.
සුළඟින් ගල් පර්වතයක් සොලවන්න බැහැ වගේ.
සමහරු ධර්‍මයට ඇවිත් ටික දුරක් ගිහින් නැවත පරණ තත්වයට වැටෙනවා.
ත්‍රිවිධ ශික්ෂණය දියුණු කෙනා ,
සිත අභ්‍යන්තරය පිරිසිදු වී,
සත්පුරුෂ කළ්‍යාණ මිත්‍රයෙක් වී,
සමාජයට අවශ්‍ය කෙනෙක් වී,
මරණින් මතු සුගතියට ද හේතු වේ.
අමාමහ නිවනද උපදවා ගනී.
තෙරුවන් සරණයි.
Mrs.Indu Abhayarathne