Counselling 4 you - Counselling service in Sri Lanka

Counselling 4 you - Counselling service in Sri Lanka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Counselling 4 you - Counselling service in Sri Lanka, Medical and health, Koswatta , Battaramulla, Colombo.

උපදේශනය පිලිබද කැමති අයට.🤗❤
25/02/2023

උපදේශනය පිලිබද කැමති අයට.🤗❤

පෞරුෂත්වය දියුණු වීම,බුද්ධ දේශනාවේ කොටස් 3කින් සඳහන් වේ.1 .චර්යාත්මක සංවර්ධනය.(කය,වචනය සංවරය).    මෙය පිළිපදින කෙනෙක් ස...
19/02/2023

පෞරුෂත්වය දියුණු වීම,
බුද්ධ දේශනාවේ කොටස් 3කින් සඳහන් වේ.
1 .චර්යාත්මක සංවර්ධනය.(කය,වචනය සංවරය).
මෙය පිළිපදින කෙනෙක් සමාජයට අභය දෙන කෙනෙක්,
සමාජයට හිතකරයි.
පරිසරයට හිතකරයි.
ආරක්‍ෂාවක් ලැබේ,
විශ්වාසනීයයි,
ඒ අයට වගකීම් බාරදෙන්න පුළුවන්.
අප බුදුන් වහන්සේ ගේ දේශණා පිළිගන්නෙ ඇයි.උන් වහන්සේ සසර පුරාම ස. සත්‍ය කථා කළ නිසා.
මනුෂ්‍යයෙක් ලස්සන වන්නේ ගුණධර්‍ම වලින්.කව්රු ඇති/ නැති තැනදිත් ඔවුන් සිල්වත්.

2. චිත්තවේග සංවර්ධනය.
මෙහිදී සිත,සිතිවිලි වලින් අවධානයෙන් පසුවේ.අකුශල සිතිවිලි එනවිට හඳුනා ගනී.එයට සිහිය,වීර්ය,නුවණ අවශ්‍යයි..
සිත සුවපත් වේ.
අකුශල සිතිවිලි නිසා තමා ලෙඩ රෝගවලට හේතුවන සෙම්,පිත්,වා කියන ඒවායේ අසමතුලිතතාවය ඇති වන්නේ.
අකුශල සිතිවිලි නිසා දැවීම,තැවීම ඇති වේ.අකුසලය වඩනවා නම් ඒවා බලවත් වෙන්න පටන් ගනී.ඊට අදාළ පුංචි අරමුණකින් ලොකු විනාශයක් සිදු වේ..
කුශල සිතිවිලි නිසා ප්‍රීතිය,සතුට,සොම්නස ඇතිවේ.ඒවා භාවිතා බහුලීකරණය කළවිට කායික,වාචසික,මානසික අකුසල් ක්‍රියාත්මක වන්නේ නැහැ.
පරිසරයේ අප විතරක් නෙවෙයි ඉන්නෙ.මෛත්රී සිත පුළුල් වන්න වන්න ඇතුළාන්තය ගිනිගන් නැහැ.සෞම්‍යය වේ.බාහිර ගින්දර ආවට ඊට යට වන්නේ නැහැ.

චිත්තවේග දියුණු කෙනාගේ පෞරුෂය බලවත්.ඒ අයට ජීවී අජීවී සියලු අය ආදරය කරයි.මෙෙත්රීය පිරුණ ගෙදර ලස්සනයි..

3. බුද්ධිමය සංවර්ධනය.
මෙහිදී හොඳ,නරක,කුසල්,අකුසල්,යහපත් අයහපත්,පිං,පව්,සේවනය කළයුතු,නොකළයුතු,ආර්ය,අනාර්‍ය,සරු,නිසරු ආදී ය තෝරා බේරා ගැනීමේ හැකියාව.මෙය දැණුමක් නොවේ.බුද්ධිය යනු පුළුල් දෙයක්.මෙයට බුදුදහම තුළ ප්‍රඥාව කියන වචනය භාවිත කරයි.
මෙවැනි කෙනෙක් ට උසස් පෞරුෂයක් ඇත.
ලෝක ප්‍රකට මිනිසුන් අද හිරබත් කනවා,දුක් විඳිනවා.ඇයි ඒ ?
හේතුව ප්‍රඥාව අඩුකම.
දරුවන් විසින් තම දෙමාපියන් පිළිගන්නෙ නැහැ.හේතුව දෙමාපියන් තුළ ඇති සමාජ විරෝධී දුර්වලතා.
සීල,සමාධි,ප්‍රඥා යනු ශික්ෂණයක්.දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා.එනම් නොදැණුවත්ව වැඩෙන්නේ නිවන.
එනම් ආර්ය අෂ්ඨාංගික මාර්‍ගය.

1 .සම්මා දිට්ඨිය./ ප්‍රඥාව.
යථාර්ථය තේරුම් ගැනීම.ලෝකය,සත්වයා,ජීවිතය ගැන ඇත්ත ඇති සැටියෙන්...
ලොව ක්‍රියා කරන රිද්මය තේරුම් ගැනීම.එවිට ලෝකය සමග හිත පීඩා කරන ගණුදෙනු සිදු වන්නේ නැහැ.හැමදේම වෙනස් වෙනවා.දුක්ඛයි.හේතුඵල ධර්‍මයෙන් ක්‍රියා කරන ධර්‍ම පුංජ පමණි.පටිච්ඡ සමුප්පන්නයි.අනාත්මයි.හටගන්නවා,නැති වෙනවා.තණ්හා,දිට්ඨි,මානයෙන් ගන්න දෙයක් නැහැ.
2. සම්මා සංකප්ප.
නෙක්ඛම්ම (අතහැරීම ) ,අව්‍යාපාද,අවිහිංසා.

3.සම්මා වාචා
බොරු නොකීම,කේළාම් නොකීම,පරුෂ වචන,හිස් වචන නොකීම,
4. සම්මා කම්මන්ත.
ප්‍රාණඝාත,සොරකම්,කාම මිථ්‍යාචාරය ..ආදිය නොකීරීම.
5. සම්මා ආජීවය.
යහපත් ජීවිකාව.(අවි ආයුධ,මත් පැන්,මාංශ,විෂ . මිනිස් ආදී වෙළදාම් වලින් තොරවීම).
6.සම්මා වායාම.
කළ කුසල දියුණු කිරීම.
නොකළ කුසල් උපදවා ගැනීම.
කළ අකුසල් බැහැරලීම.
නොකල අකුසල් ඇති කර නොගැනීම.
7.-සම්මා සති.
එනම් සතර සතිපට්ඨානය.
8. සම්මා සමාධිය.
ඒකාග්‍රතාවය,තැම්පත් බව.හික්මීම.
එය යථාර්ථය තේරුම් ගන්න උදව් වේ.එනම් සියල්ල සංස්කාරයන්ට යටත්.උත්පාද,ථිති,භංග තත්වයෙන් පවතී.එනිසා කුමක් අහිමි වී ගියත් දුක් වන් නැහැ.
'අප්පඝාතේ මනුස්සේතූ..'
නිය සිලට ගත් පස් පිඩක් සේ ප්‍රමාණ මිනිසුන් පිරිසක් තමා මෙය තේරුම් ගන්නේ.ඉන් සිත නිදහස් කර ගන්නේ මේ පිරිස.බහුතර පිරිස මහපොළවේ පස් වගේ .දුකටම ඇලේ,ඒ මතම කඳුළු සලමින් විලාප තියමින් ජීවිතය ගත කරයි.
ඉන් මිදුන කෙනෙක්.
කිසිම කෙනෙක් ට ඒ හිත වට්ටන්න බැහැ.
සුළඟින් ගල් පර්වතයක් සොලවන්න බැහැ වගේ.
සමහරු ධර්‍මයට ඇවිත් ටික දුරක් ගිහින් නැවත පරණ තත්වයට වැටෙනවා.
ත්‍රිවිධ ශික්ෂණය දියුණු කෙනා ,
සිත අභ්‍යන්තරය පිරිසිදු වී,
සත්පුරුෂ කළ්‍යාණ මිත්‍රයෙක් වී,
සමාජයට අවශ්‍ය කෙනෙක් වී,
මරණින් මතු සුගතියට ද හේතු වේ.
අමාමහ නිවනද උපදවා ගනී.

තෙරුවන් සරණයි.

Mrs.Indu Abhayarathne

19/02/2023

උපදේශනය සදහා සුදුසුකම් ලත් සහයක් ලබා ගැනීමේදී, මනෝවිද්‍යා උපදේකයෙකු තෝරා ගැනීමේදී මෙන්ම, තෝරා ගැනීමෙන් පසුවද, ඔබ සැලකිල්ලක් දැක්විය යුතු අවස්ථා පවතී.
ඒවා නම්,

01. ශ්‍රී ලංකාවේ උපදේශකවරයකු නියාමනය කිරීම සඳහා විධිමත් ක්‍රමවේදයක් නොමැත. එබැවින් කැමති කෙනෙකුට කැමති පාඨමාලාවක් හදාරා උපදේශකවරයකු ලෙස කටයුතු කිරීමට හැකියාව ඇත. ඒ නිසා ඔබ හමු වන උපදේශකවරයා පිළිබඳ සැළකිලිමත් වන්න.

02. වඩාත් ආරක්ෂිත වන්නේ ක්ෂෙත්‍රයේ කලින් කලට දැනුම වර්ධනය කර ගනිමින් විද්‍යාත්මක ලෙස උපදේශනයේ යෙදෙන උපදේශකවරයකු හමු වීම ය. ඇතැම්විට ජනප්‍රිය වීම සුදුසුකමක් නොවීමට ඉඩ ඇත.

03. ඔබ හමු වූ උපදේශකවරයා ඔබට අවවාද කරන්නේ නම් හෝ 'උපදෙස්' ලබා දෙන්නේ නම්, ප්‍රාතිහාර්‍යයන් කල හැකි යැයි පොරොන්දු වන්නේ නම්, ඔබගේ උපදේශන වැඩසටහන දළ වශයෙන් සැසි කීයක් පවත්වන්නේ ද යන්න පිළිබඳ හෝ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ අදහසක් ලබා නොදේ නම් හෝ ඔබට ප්‍රතිකාරාත්මක සම්බන්ධයට එහා ගිය ඇඟෑලුම්කමක් පෙන්වන්නේ නම් තවදුරටත් ඔහු හෝ ඇයගෙන් උපදේශනය ලබා ගැනීම සුදුසු නැත.

04. ඔබ මිතුරකු සමග ඔබගේ ගැටලුවක් සාකච්ඡා කිරීම සහ උපදේශනය අතර වෙනසක් ඇත. මැසෙන්ජර් චැට් හෝ වට්සැප් චැට් හරහා උපදේශනය ලබා දිය නොහැකිය. එහෙත් විධිමත් ලෙස වෙන් කරගන්නා කාලයකදී සමාජ මාධ්‍ය හෝ අධ්‍යාපන මෙවලම් භාවිතයෙන් ඔන්ලයින් උපදේශනය ලබා දීම ඵලදායි බව පසුගිය කාලය තුල අධ්‍යයන වලින් පෙන්නුම් කර ඇත.

05. උපදේශකවරයකුගෙන් විශ්වකර්ම දේ බලාපොරොත්තු නොවන්න. උපදේශනයේ අරමුණ ඔබ පෙළෙන ගැටලුවට සවන්දීම හා මනෝවිද්‍යා ප්‍රවේශයන් ඔස්සේ එම ගැටලු වලට විසඳුම් සෙවීමට ඔබට අවශ්‍ය සහය ලබා දීම ය. ඇතැම් උපදේශකවරුන් තමන් ලැබූ අමතර අධ්‍යාපනය හෝ පුහුණුව භාවිතයෙන් මූලික මනෝචිකිත්සාමය ප්‍රතිකාර ලබා දීමට ඉඩ ඇත. එසේ වුවද විධිමත් මනෝචිකිත්සාමය ප්‍රතිකාර ලබා දීමට සුදුසුකම් ඇත්තේ පුහුණු මනෝචිකිත්සකවරයකුට හෝ සායනික මනෝවිද්‍යඥයකුට ය.

06. ඔබගේ උපදේශකවරයා යනු දෙවියෙක් නොවේ. සියල්ල සර්ව සම්පූර්ණ ලෙස විසඳීමට ඔහුට බලයක් නැත. එබැවින් කල නොහැකි දේ බලාපොරොත්තු නොවන්න.

07. ඇතැම් යල් පැන ගිය හෝ නීත්‍යානුකූල නොවන ප්‍රතිකාර ක්‍රම (ලිංගික නැඹුරුව වෙනස් කිරීමේ ප්‍රතිකාර - conversation therapy වැනි) ඇතැම් උපදේශකවරයකු භාවිතා කරන්නේ නම් ඊට විරුද්ධ වීමට ඔබට අයිතියක් ඇත.

උපදේශකවරයෙක් හමුවීමෙදී මේ පිලිබදව සැලකිලිමත් වන්න.

professional counsellor (Pradeep Gunarathne)

Gamika surangeeth - counsellor & life coach

බය නිසා හුස්ම හිර වෙලා මැරෙන්න යනවා වගේ දැනිලා තියෙනවද?Panic Attack Panic attack එකක් කියන්නෙ දැඩි බියක් (intense fear)...
18/02/2023

බය නිසා හුස්ම හිර වෙලා මැරෙන්න යනවා වගේ දැනිලා තියෙනවද?

Panic Attack

Panic attack එකක් කියන්නෙ දැඩි බියක් (intense fear) නිසා ඇති වෙන තත්ත්වයක්. මේක තමන්ට සැබෑ අනතුරක් හෝ පැහැදිලි හේතුවක් නැතුව උනත් ඇතිවෙන්න පුළුවන් තත්ත්වයක්. මේකෙදි වෙන්නෙ දැඩි බියක් ඇති වීම නිසා වෙන ශාරීරික ප්‍රතික්‍රියා (physical reactions) දැක්වීමක්. මේක තරමක් භයානක අත්දැකීමක් වෙන්න පුළුවන්, තමන්ට තමන්ගේ පාලනය නැතුව යනවා වගේ දැනෙන්න පුළුවන්, heart attack එකක් එනවා වගේ එහෙම නැත්නම් මැරෙන්න යනවා වගේ දැනෙන්න පුළුවන් panic attack එකකදි.

සාමාන්‍යයෙන් ගොඩක් අයට තමන්ගෙ ජීවිත කාලය තුල panic attack එකක් දෙකක් හැදිලා stress එක නැතුව ගියාම නැවතිලා යනවා. හැබැයි නිතරම panic attack හැදෙනවා නම් ඒ තත්ත්වයට කියනවා panic disorder කියලා. Panic attacks ඔිනෙම වෙලාවක ඇති වෙන්න පුළුවන්, නිදාගෙන ඉන්නකොට, meeting එකක ඉන්නකොට වගේ ඔිනෙම වෙලාවක. සාමාන්‍යයෙන් panic attack එකක් ඒකේ උපරිමයට මිනිත්තු 10 කදි ලඟා වෙනවා, මිනිත්තු 30 ට වැඩි කාලයක් පවතින්නත් පුළුවන්. repeated panic attack පැය කීපයක් උනත් පවතින්න පුළුවන්.

panic attack ජීවිතයට තර්ජනයක් නොවුනත් ඒකෙන් ජීවන තත්ත්වය (quality of life) පහත වැටෙන්න පුළුවන්.

රෝග ලක්ෂණ (Symptoms)

1.Sense of impending doom or danger (ඉදිරියෙදි විනාශයක් වෙන්න පුළුවන් බවක් දැනීම)
2.Fear of loss of control or death (තමාගේ පාලනය නැති වීම හෝ මරණය පිළිඹඳ බියක් දැනීම)
3.Rapid, pounding heart rate (වේගවත් හද ගැස්ම)
4.Sweating (දාඩිය දැමීම)
5.Trembling or shaking (වෙව්ලීම)
6.Shortness of breath or tightness in your throat (හුස්ම ගැනීමට අපහසු වීම හෝ උගුරේ තද බවක් දැනීම)
7.Hot flashes (උඩුකය රත් වෙනවා වගේ දැනීම)
8.Nausea (ඔක්කාරය)
9.Abdominal cramping (බඩේ කැක්කුම)
10.Chest pain (පපුවේ වේදනාව)
11.Headache (ඔළුව කැක්කුම)
12.Dizziness or faintness (කරකැවිල්ල හෝ ක්ලාන්තය)
13.Numbness or tingling sensation (හිරිවැටීම)

panic attack වලට හේතු හරියටම හඳුනාගෙන නැතත් ජාන (Genetics), Major stress, මොළයේ සමහර කොටස් වල ක්‍රියාකාරීත්වයේ වෙනස්කම් හේතු වෙන්න පුළුවන්. මීට අමතරව පවුලේ අයට panic attack තිබිලා තියෙනවා නම්, තමන් ආදරය කරන කෙනෙකුගේ මරණය නිසා ඇතිවුණ කම්පනය, ලිංගික අතවරයන්ට ලක්වී තිබීම, දුම් පානය හෝ අධික කැෆේන් (කෝපි වල කැෆේන් අඩංගු වෙනවා) භාවිතය හේතු වෙන්න පුළුවන්.

panic attack එකක් හැදුනොත් තමන්ටම තත්ත්වයෙන් ගොඩ එන්න පුළුවන් මේ දේවල් කරලා,

1.ඉන්න තැනම ආරක්ෂිතව ඉන්න පුළුවන් නම් ඉන්න, කොහෙවත් යන්න එපා.
2.තමන්ට panic attack එකක් කියලා හඳුනා ගැනීම සහ සන්සුන්ව සිටීමට උත්සාහ කිරීම.
3.සෙමින් සහ ගැඹුරින් හුස්ම ගැනීම.
4.Panic attack එක ඉවර වෙනවා කියලා තමන්ටම මතක් කිරීම.
5.තමන් ආසා කරන, සාමකාමී, නිදහස් places හෝ images මතක් කරගැනීම.
6.ඇස් පියාගන්න නැත්නම් තමන් ලඟ තියෙන කිසියම් object එකකට focus කරන්න උත්සහ කරන්න.

වෙනත් කෙනෙක්ට panic attack එකක් හැදුණ වෙලාවක ඔයාට එයාට උදව් කරන්න පුළුවන්.

1.මුලින්ම ඔයා panic attack එකක් කියලා අඳුනගන්න ඔිනෙ. ඔයා කලබල වෙලා දැඟලුවොත් panic attack එක හැදුණ කෙනා තවත් බය වෙන එක වෙන්නෙ.
2.එයාට හෙමින් මෘදුව කියන්න එයාට හැදිලා තියෙන්නෙ panic attack එකක් වෙන්න පුළුවන් කියලා සහ ඔයා එයා වෙනුවෙන් ඉන්නවා කියලා.
3.එයාට හෙමින් සහ ගැඹුරින් හුස්ම ගන්න කියන්න. එයා හුස්ම ගන්න රිදිමය එක්ක ඔයාගේ අත ඉහළ පහළ කරන ගමන් එයාට කියන්න ඒ දිහා බලන්න කියලා. බල කරන්න එපා.
4.පුළුවන් තරම් කරුණාවන්ත වෙන්න.
5.panic attack එක ඉක්මනට ඉවර වෙයි කියලා මතක් කරන්න.

අවසාන වශයෙන් තමන්ට panic disorder තියෙනවා නම් treatment වලට යොමු වෙන්න.

Hiran Kavishka 🦇

ළමයෙක්ට වයස 4දි සහජ බුද්ධිය විකසිත වීමට නරක ලෙස බලපෑමක් ඇති කරන අවදානම් සාධක
17/02/2023

ළමයෙක්ට වයස 4දි සහජ බුද්ධිය විකසිත වීමට නරක ලෙස බලපෑමක් ඇති කරන අවදානම් සාධක

සාමකාමී වන්න ඉක්මනින්.❤️
16/02/2023

සාමකාමී වන්න ඉක්මනින්.❤️

1. TVEC/UGC අනුමැතිය තියන ආයතන වලින් මනෝ විද්‍යා හෝ උපදේශන පාඨමාලා කරන්න. (රජයේ වෙබ්සයිට් වල දාල තියනව මේ අනුමැතිය තියන ...
16/02/2023

1. TVEC/UGC අනුමැතිය තියන ආයතන වලින් මනෝ විද්‍යා හෝ උපදේශන පාඨමාලා කරන්න. (රජයේ වෙබ්සයිට් වල දාල තියනව මේ අනුමැතිය තියන ආයතන ගැන.)

2. විෂය නිර්දේශ වල අන්තර්ගතය හොඳ වෙන්නත් ඕන. මම Counseling or Psychology Diploma/HND ගැන දාපු පොස්ට් බලන්න.

3. උපදේශනයේ අතුරු අංශ එකක් දෙක් වෙනුවට ගණනාවක් කෙරෙන පාඨමාලා කරන එක ඔබට වාසිදායකයි.

4.එකම දේශකයෙක් උගන් වනවා නම් අවාසි දායක වෙන්න පුලුවන්.

5. සාමාන්‍යයෙන් මනෝ විද්‍යා විෂය කොටස් මුලින් කෙරෙන්න ඕන. ඊලඟට උපදේශන තියරි කොටස් කෙරෙනව.ඊටත් පස්සෙ අවසන් මාස 2ක් හෝ වැඩි කාලයක් උපදේශන කුසලතා පුහුණුව.

6. දැනට ලංකාවේ තියන පදනම අනුව සංගම් සාමාජිකත්වය ප්‍රධාන කාරණාව ලෙස හිතන්න එපා. (අනෙක් කරුණු තියනවද බලන්න)

7. ආයතනක කොලිටිය, ඔබට සලක ආකාරය, විභාග වලදි ලකුණු දෙන ගැටලු, දේශකයින්, අදාල විශයන් සහ අංශ වල පළපුරුදු අයද ඉන්නෙ ආදිය ගැන වෙනම දැනුවත් වෙන්න. (තවත් බලන්න කාරණා නම් තියනව)

8. ඔන්ලයින් අඩු පැය ගණනකින් කෙරෙනව නම් වැඩක් නෑ.

+ සියලු පංති ඔන්ලයින් කෙරෙනව නම් සෑම සතියකටම දවසක් වත් ගානෙ උදේ සිට සවස් වෙනතුරුම මුලු දවසම පංති කෙරෙන්න ඕන. (ඒ අතරෙම ඔයාලට ගැටලු කතා කරන්න අවස්ථා වෙනම තියෙන්න ඕන, අභ්‍යාස, පැවරුම් ආදිය කෙරෙන්න ඕන. අමතර පතපොත කියවන්න ඕන)

+ අවසන් මාස 6ක් වගේ උපදේශන කොටස් වලට අවාම ඒකෙනුත් අන්තිම මාස 2ක් විතර සජීවීව හමු වෙලා කෙරෙන පංති කෙරෙන්න ඕන උපදේශන කුසලතා පුහුණුව Skills training ගන්න.

+මෙතනින් එහාට වෙනත් ආයතන සොයාගෙන, ජේෂ්ඨයින් යටතේ ඔයාල මාස 3ක් හෝ මාස 6-12ක් පුහුණුව practical training ගන්න. පුහුණුව ගන්න පුලුවන් ආයතන ගැනත් මම පෝස්ට් එකක් දාල තියනව.

+ඊටත් පස්සෙ අවු 1-2ක් තොරා ගත් ආයතනයක වැඩ කරල පලපුරුද්ද practical work experience හදා ගන්න.

$ ලංකාවෙ තියන පදනම අනුව මනෝ විද්‍යාව හෝ ඊට අදාල විශයක අවු3-4 උපාධියක් සහ උපදේශනය එක් අවුරුදු ඩිලෝමාවක් ඕන වෙනව කවදා හෝ වැඩ කරන්න යද්දී සහ ඉන්ටවිව් වලදී කියන දේත් මතක තියාගෙන සැලසුම් කරන්න.

**දැනට තියන තොරතුරු අනුව යටින් තියන ආයතන ගැන ඉතාම පරිස්සම් වෙන්න.**

+ **IMBS diploma** (TVEC අනුමැතිය නැත)

+ **SDTI** (TVEC අනුමත නැත)

+**British Law **[Campus](https://www.facebook.com/groups/867010460318352/user/100007079566178/?__cft__%5B0%5D=AZUglMYlqj_a3UzMJH_TKHI7UZ1mxuU7az1E2MEeM7Z7ix6m3fTS-X9FL2H6L05JKWOMzAXl_sSQMzCS_38wMe1EJ-zwR3DOhDZK3upNLhU2sXA76fQfj4y_tUqwbsX8hpeg_v1fC689TLiuFwkJEwZ9&__tn__=-%5D-UK-R)

**+Chartered Institute of Psychology & **[Counseling Cam](https://www.facebook.com/groups/867010460318352/user/100068628231075/?__cft__%5B0%5D=AZUglMYlqj_a3UzMJH_TKHI7UZ1mxuU7az1E2MEeM7Z7ix6m3fTS-X9FL2H6L05JKWOMzAXl_sSQMzCS_38wMe1EJ-zwR3DOhDZK3upNLhU2sXA76fQfj4y_tUqwbsX8hpeg_v1fC689TLiuFwkJEwZ9&__tn__=-%5D-UK-R)**pus**

**+Oxford English **[Campus](https://www.facebook.com/groups/867010460318352/user/100007079566178/?__cft__%5B0%5D=AZUglMYlqj_a3UzMJH_TKHI7UZ1mxuU7az1E2MEeM7Z7ix6m3fTS-X9FL2H6L05JKWOMzAXl_sSQMzCS_38wMe1EJ-zwR3DOhDZK3upNLhU2sXA76fQfj4y_tUqwbsX8hpeg_v1fC689TLiuFwkJEwZ9&__tn__=-%5D-UK-R)

**+Amarican Olympyard **[Campus](https://www.facebook.com/groups/867010460318352/user/100007079566178/?__cft__%5B0%5D=AZUglMYlqj_a3UzMJH_TKHI7UZ1mxuU7az1E2MEeM7Z7ix6m3fTS-X9FL2H6L05JKWOMzAXl_sSQMzCS_38wMe1EJ-zwR3DOhDZK3upNLhU2sXA76fQfj4y_tUqwbsX8hpeg_v1fC689TLiuFwkJEwZ9&__tn__=-%5D-UK-R)

**+The West London Campus For Accounting and Finance**

**+Oxford University**[Campus](https://www.facebook.com/groups/867010460318352/user/100007079566178/?__cft__%5B0%5D=AZUglMYlqj_a3UzMJH_TKHI7UZ1mxuU7az1E2MEeM7Z7ix6m3fTS-X9FL2H6L05JKWOMzAXl_sSQMzCS_38wMe1EJ-zwR3DOhDZK3upNLhU2sXA76fQfj4y_tUqwbsX8hpeg_v1fC689TLiuFwkJEwZ9&__tn__=-%5D-UK-R)

**+International Mass Media Council**

✍️ Aruna Mendis
**+Institute of HRM**

OCD (Obsessive Compulsive Disorder) - ග්‍රස්ථියO.C.D හෙවත් ග්‍රස්ථිය කියලා කියන්නේ තවත් එක මානසික අසනීප තත්වයක්. O.C.D හ...
14/05/2021

OCD (Obsessive Compulsive Disorder) - ග්‍රස්ථිය

O.C.D හෙවත් ග්‍රස්ථිය කියලා කියන්නේ තවත් එක මානසික අසනීප තත්වයක්. O.C.D හෙවත් ග්‍රස්ථිය නිසා ජීවිතය අවුල් වෙනවා වගේම අපිව ආතතියට පත් කරනවා. තමන් අකමැති අනවශ්‍ය සිතුවිලි ජාලාවක් එක දිගටම ගලාගෙන ඒම තමයි O.C.D වල එහෙම ලක්ෂණ. එවැනි රෝගියෙක්, ඒ සිතිවිලි නවත්තගන්න ලොකු උත්සාහයක යෙදෙනවා. නමුත් නැවත නැවත එම සිතුවිලි පැමිණෙනවා. මේ නිසා, රෝගියා මහත් අපහසුතාවයට ලක් වෙනවා. මේ කරදරකාරි සිතුවිලි නවතා ගැනීමට අපහසු වීම නිසා රෝගීන් දැඩි මානසික අවපීඩනයට දුරුවෙනවා.

කෙසේද O.C.D හෙවත් ග්‍රස්ථිය හඳුනගන්නේ,

O.C.D හෙවත් ග්‍රස්ථිය කියන්නේ ආතතියක්. මෙහි කොටස් දෙකක් තියෙනවා.
1 .කරදරකාරි සිතුවිලි (Obsessions)
එම සිතිවිලි වලට අනුරූපව ඇති වන ක්‍රියාකාරකම් (Compulsions)

O.C.D හෙවත් ග්‍රස්ථිය හඳුනා ගැනීම
අප්‍රසන්න පීඩාකාරී පාලනයකින් තොරව ඇතිවීම
තමාගේ කැමැත්තකින් තොරව සිතුවිලි ඇති වීම
තමාගේම සිතුවිල්ලක් කියා දැනීම
බලහත්කාරයෙන් හිතට පැමිණීම
කිසිම අවශ්‍යතාවයක් නැති සිතුවිලි වීම
කිසිම වැදගත් කමක් නැති සිතුවිලි වීම
එදිනෙදා කටයුතු වලට බාධා පැමිණවීම
O.C.D හෙවත් ග්‍රස්ථිය ඇතිවන ආකාර

O.C.D හෙවත් ග්‍රස්ථිය තුන් ආකාරයකට පැමිණිය හැකි ය.

Thought - සිතුවිලි ගලාගෙන ඒම
Image - චිත්ත රූප මැවිලා පෙනීම
Impulse - ආවේගශීලී ප්‍රචණ්ඩකාරී සිතුවිලි
සිතුවිලි එන ආකාර (Obsession)

අපිරිසිදු භාවයේ සිතුවිලි
ලිංගික සිතුවිලි
ආගමික සිතුවිලි
ප්‍රචණ්ඩකාරී සිතුවිලි
අනතුරු පිළිබඳ සිතුවිලි
මරණ පිළිබඳ සිතුවිලි
සාමාන්‍ය පිළිවෙල (over cleanliness / Neatness)
අනවශ්‍ය දේවල් සිතීම (Ex.ලෝකයේ අග කොහේද)
සමාජීය වශයෙන් පිළිනොගන්නා තොරතුරු පිළිබඳ සිතුවිලි ඇති වීම ( ‍Ex. ප්‍රසිද්ධ ස්ථානවල අනවශ්‍ය දේවල් කිරීම, හයියෙන් කෑ ගැසීම, පිරිසක් ඉදිරියට ගොස් නර්තනයේ යෙදීම)
සිතුවිලි වලට අනුරූපීව කරන ක්‍රියාකාරකම් (Compulsions)
Checking - පරික්ෂාකිරීම
දොර වසා ඇත්දැයි පරික්ෂා කිරීම
තමාගේ බඩු නියමිත ස්ථානවල තිබේ දැයි නිතර නිතර පරීක්ෂා කිරීම
c.Light Off කළා දැයි නිතර පරීක්ෂා කිරීම

2.Washing - සෙදීම
a. නිතර අත සේදීම
b. පැය හතරක් පහක් නෑම
c. බඩ මුට්ටු නිතර සේදීම

3. Counting - ගනන් කිරීම

පාරේ ගමන් කරන විට ගොඩනැගිලි ගස් වාහන ගනන් කිරීම
නාන විට ගනන් කිරීම

O.C.D හෙවත් ග්‍රස්ථිය ඇතිවීමට බලපාන හේතු

ජාන වල බලපෑම
මොලයේ 5-HT අසමතුලිතතාවය
අනතුරු නිසා මොළයට ඇතිවන හානි
මොලයේ ලලාට ඛණ්ඩිකාව හා බේසල් ගැලන්ඩියා හි ඇතිවන වෙනස්කම්

O.C.D හෙවත් ග්‍රස්ථිය නිසා ඇතිවන හානි
කාලය නාස්ති වීම (Ex. office යාමට ප්‍රමාද වීම )
මානසික ආතතිය
අමතකවීම
අධ්‍යාපන කටයුතු වලට බාධා ඇති වීම
මානසික අවපීඩනයට ගොදුරුවීම
සියදිවි හානිකර ගැනීමට උත්සාහ කිරීම

O.C.D හෙවත් ග්‍රස්ථිය සඳහා යොදා ගන්නා ප්‍රතිකාර ක්‍රම

ඖෂධ ප්‍රතිකාර - Medical Treatments
මනෝ චිකිත්සක ප්‍රතිකාර - Counselling

උපදේශනයේදී O.C.D හෙවත් ග්‍රස්ථිය රෝගියෙක් සඳහා යොදා ගන්නා ප්‍රතිකාර ක්‍රම

නිරාවරණය සහ ප්රතිචාර වැළැක්වීමේ ප්රතිකාරය (Exposure & Response Prevention Therapy)
සිතුවිලි ප්‍රතිකාර ක්‍රමය (Cognitive behavioural therapy (CBT))

a. අවස්ථා වලින් මගහරින ක්‍රියාවන් නැවත සිදුකිරීමට පුරුදු කිරීම.
b. Challenging Technique
c. Thoughts stopping Technique
d. Habitual Training
i. Ex.පීඩාකාරි සිතුවිලි ලිවීමට දීම
ii. සිතුවිල්ල රෙකෝඩ් කර නැවත නැවත ඇසීමට දීම
iii. Feeling Thermometer
iv. Relaxation therapy
v. Exercising
vi. අවධානය රඳවන ක්‍රියාකාරකම්
vii. Mental walking
viii. Focus on an object
ix. Sensory Awareness
x. පංචේන්ද්‍රියන් පිළිබඳව අවධානය යොමු කිරීම

✍️ Psychologist & Counsellor (I .R. Edirisingha)

Obsessive complulsive Disorders OCDග්‍රස්තීය අනිවාර්ය අක්‍රමිකතා මේ වචන තුනෙන් එකක් හෝ ඔබ මීට පෙර අසා ඇතැයි මා සිතනවා. ඒ...
14/05/2021

Obsessive complulsive Disorders
OCD
ග්‍රස්තීය අනිවාර්ය අක්‍රමිකතා

මේ වචන තුනෙන් එකක් හෝ ඔබ මීට පෙර අසා ඇතැයි මා සිතනවා. ඒ වගේම තම අද සමාජයේ බොහෝ දෙනෙක් මෙම හැසිරිම් නිසා පීඩාවට පත් වී සිටිනවා.මන් මුලින්ම කියන්නම් OCD එහෙමත් නැතිනම් ග්‍රස්තීය අනිවාර්ය අක්‍රමිකතාව කියන්නෙ මොකක්ද කියලා

මෙම අක්‍රමිකතාවයේදී කිසියම් සිතුවිල්ලක් පාලනයකින් තොරව ඇතිවන අතර එම සිතුවිල්ලට අනුරූපව පුද්ගලයා කිසියම් චර්‍යාවක නිරත වීම අපිට දකින්න පුලුවන්.

මෙහිදී ග්‍රස්තීය යනුවෙන් හදුන් වන්නේ නැවත නැවත ඇතිවන සිතුවිල,ආවේග හා පරිකල්පනයි. මෙසේ ඇතිවම සිතුවිලි ආවේග හෝ පරිකල්පන නිසා පුද්ගලයා දැඩි අපහසුතාවයට ලක්වෙනවා.මෙම නැවත නැවත ඇතිවන සිතුවිලි හේතුවෙන් පුද්ගලයා කිසියම් චර්‍යාවක නැවත නැවත නිරත වීමට පෙලබෙනවා.

උදාහරණයක් වශයෙන් ගතහොත් නිතර නිතර අත සේදීම,ස්නානය,වැසිකිලි යාම,හදුන්වන්න පුලුවන්.

OCD තත්වය ඇතිවිය හැකි ප්‍රධාන ක්ෂේත්‍ර
1. සිතුවිලි හා අදහස්
තමන් අපිරිසිදු යැයි නිතර සිතීම

2.ආවේදන
ඇගේ මුත්‍රා ගියායැයි දැනීම

3.පරිලෝකනය
වීඩියෝ ගේම්ස් මවාගෙන සෙල්ලම් කිරීම

4.හැසිරීම්

තවද මෙම තත්වය ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම සමව වැලදිය හැකි තත්වයකි.නූතන සමාජයේ නව යෞවන හා තරුන ප්‍රජාවට මෙම තත්වය වැලදීමේ ප්‍රවනතාවයක් අපට දැකගත හැකිය.තවද සබදතා බිද වැටීම,විරැකියාව,දික්කසාදය,දෙමාපියන්ගෙන් වෙන්වීම වැනි මානසික අර්බුදකාරී තත්වයන් නිසාද මෙම තත්වය ඇතිවිය හැකිය.

න්‍යායාත්මක අර්ථකතනයට අනූව බැලූකල ළමා කාලයේදී සංවර්ධනය ආශිතව ඇතිවන බලපෑම් පසු කාලීනව මෙම තත්වය ඇතිවීමට හේතු විය හැකිය. ඒ යටතේ පව්ල් පරිසරය ඉතා වැදගත් වේ.ලමුන් හදාවඩා ගැනීමේ දී දෙමාපියන් මේ පිලිබදව සැලකිලිමත් විය යුතුය .

ස්තූතීයි..

✍️ Gayani M Wickramasinhghe

තමන්ටම තමන්ගෙ කියලා වෙනම කතාවක් තියෙනව හිතේ අභන්තරයේ.....
06/03/2021

තමන්ටම තමන්ගෙ කියලා වෙනම කතාවක් තියෙනව හිතේ අභන්තරයේ.....

උඹ ඕනවට වැඩිය සිතන්නේ ඇයි ???Overthinking ?වැදගත් page
13/02/2021

උඹ ඕනවට වැඩිය සිතන්නේ ඇයි ???
Overthinking ?

වැදගත් page

මනෝ විද්‍යාවට අනුව,1. කෙනෙක් ඕනවට වඩා හුඟක් වෙලා නිදාගන්නවා නම්, එයා හුඟක් ලොකු දුකකින් ඉන්න කෙනෙක්. ඒ කියන්නෙ එයාගෙ හිත...
30/12/2020

මනෝ විද්‍යාවට අනුව,

1. කෙනෙක් ඕනවට වඩා හුඟක් වෙලා නිදාගන්නවා නම්, එයා හුඟක් ලොකු දුකකින් ඉන්න කෙනෙක්. ඒ කියන්නෙ එයාගෙ හිත ඇතුළෙ ලොකු දුකක් තියෙනවා.

2. කෙනෙක් ඕනවට වඩා කෑම ගන්නවා නම්, එයා ලොකු මානසික පීඩනයක ඉන්න කෙනෙක්.

3. කෙනෙක්ට පුංචි දේකටත් කේන්ති යනවා නම්, එයාට කාගෙ හෝ රැකවරණය, අවධානය, ආදරය තදින්ම බලාපොරොත්තු වෙනවා.

4. කෙනෙක් ඕනවට වඩා හිනා වෙනවා නම්, එයා හිතින් ගොඩක් දුක් විඳින කෙනෙක්.

ඉතින් ඔයාලගෙ වටේ ඉන්න අයට ඇහුම්කන් දෙන්න. එයාලා ප්‍රශ්නයක් කිව්වොත් පුංචි වෙලාවක් එයා වෙනුවෙන් වෙන් කරන්න. එයාගෙ ළඟින් ඉන්න. එයාට එක වචනෙකින් හරි උදව්වක් වෙන්න.

ඔයාට පුළුවන් වෙයි තව කෙනෙක්ගෙ ජීවිතයට මොහොතකට හරි ශක්තියක් වෙන්න. හැම වෙලේම මෙහෙම කෙනෙක්ට ආලෝකයක් වෙන්න.

Study with GiMi
Copied

Address

Koswatta , Battaramulla
Colombo
70226

Telephone

+94712399122

Website

Alerts

Be the first to know and let us send you an email when Counselling 4 you - Counselling service in Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram