Thailam Herbalicum

Thailam Herbalicum Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Thailam Herbalicum, Colombo.

21/11/2025
09/11/2025
09/11/2025
07/11/2025
01/11/2025

🤩 YouTube වීඩියෝ SEO කියන්නේ මොකක්ද?

SEO කියන්නේ Search Engine Optimization කියන එකට. සරලවම කියනවා නම්, ඔයාගේ වීඩියෝ එක YouTube එකේ සෙවුම් ප්‍රතිඵලවල (Search Results) සහ අනිත් තැන්වල (උදාහරණ: Suggested Videos) ඉදිරියටම ගේන්න කරන වැඩපිළිවෙළට තමයි YouTube වීඩියෝ SEO කියලා කියන්නේ.

මේක කරන්නේ ඇයි? YouTube කියන්නේ ලෝකේ දෙවෙනියට ලොකුම සෙවුම් යන්ත්‍රය (Search Engine) නිසා, ඔයාගේ වීඩියෝ එකක් කවුරු හරි හොයද්දි එයාලට ලෙහෙසියෙන් හොයාගන්න පුළුවන් වෙන විදිහට හදන එක තමයි SEO වලින් කරන්නේ.

🍳 නිවැරදිව SEO කරන්නේ කොහොමද? (Cooking Channel එකක් සඳහා උදාහරණ)
අපි හිතමු ඔයාට තියෙන්නේ Cooking Channel එකක්, ඔයා "Easy Chicken Curry Recipe" එකක් ගැන වීඩියෝ එකක් හදලා තියෙනවා කියලා.

🟢 Keywords Research

මුලින්ම, ඔයාගේ Target Audience එක (වීඩියෝ බලන අය) මොනවද YouTube එකේ Search කරන්නේ කියලා හොයාගන්න ඕනේ.

මේ විදියට "Chicken curry" වගේ කෙටි වචනවලට වඩා "Easy Sri Lankan Chicken Curry Recipe in Sinhala" හෝ "ගමේ විදියට හදන කුකුළු මස් කරිය" වගේ Long-Tail Keywords හොයන්න.

ඔයාට Google Keyword Planner, TubeBuddy, හෝ VidIQ වගේ Tools පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම්, YouTube Search Bar එකේ ඔයා ටයිප් කරද්දි එන Suggestions දිහා බලන්න.

🟢Video Title එක නිවැරදිව හදන්න.

වීඩියෝ එකක් Click කරලා බලන්න, Title එක තමයි වැදගත්ම දේ.
ඔයා හොයාගත්තු ප්‍රධාන Keyword එක Title එකේ මුලටම එන්න ලියන්න.

උදාහරණයක් විදියට : "💥Easy Chicken Curry Recipe - ගමේ විදියට කුකුළු මස් රසට හදමු | Simple & Quick"

Title එක (Characters) 60කට වඩා අඩුවෙන් තියාගන්න බලන්න, මොකද එතකොට එයාලට මුළු Title එකම එකපාරටම පෙනෙන්න සලස්වන්න පුළුවන්.

🟢 Description එක පැහැදිළිව ලියන්න.

YouTube එකේ ඇල්ගොරිදම් (Algorithm) එකට ඔයාගේ වීඩියෝ එක මොකක් ගැනද කියලා තේරුම් ගන්න Description එක ගොඩක් උදව් වෙනවා.
පළමු පේළි 2-3 ඇතුළත ඔයාගේ ප්‍රධාන Keyword එක ඇතුළත් කරලා, වීඩියෝ එක ගැන විස්තරාත්මකව ලියන්න. Description එක අවම වශයෙන් වචන 250ක් වත් වෙන්න හදන්න.

ඇතුළත් කරන්න ඕන දේවල්:

මුලින්ම: ප්‍රධාන Keyword එකත් එක්ක වීඩියෝවේ සාරාංශය.
Time Stamps: (00:00 - Introduction, 01:30 - Ingredients, 03:00 - Cooking Process) වගේ දාලා වීඩියෝ එකේ පියවර ලේසියෙන් බලන්න හදන්න.
අවශ්‍ය කරන අමුද්‍රව්‍ය, සහ වෙනත් සමාන වීඩියෝ, සහ ඔයාගේ Social Media Links දාන්න.වීඩියෝ එකට අදාළ වෙනත් Keywords ස්වාභාවික විදියට ඇතුළත් කරන්න.

🟢 Tags යොදන්න.

Tags වලින් YouTube එකට තවත් හොඳට තේරුම් ගන්න පුළුවන් ඔයාගේ වීඩියෝ එක කාටද පෙන්වන්න ඕන කියලා.
ඔයාගේ ප්‍රධාන Keyword එක, ඒකට සමාන වෙනත් වචන, සහ වෙනත් භාෂාවලින් මිනිස්සු Search කරන්න පුළුවන් දේවල් Tags විදියට දාන්න.

උදාහරණයක් විදියට easy chicken curry recipe, sri lankan chicken curry, sinhala chicken recipe, how to make chicken curry, kukul mas curry hadana hati, simple chicken curry

🟢 Thumbnail එක හොඳටම හදන්න

Thumbnail එක කියන්නේ වීඩියෝ එකට Clicks ගේන ප්‍රධානම සාධකය. Click-Through-Rate (CTR) එකට ලොකු බලපෑමක් කරනවා.
පැහැදිලිව පෙනෙන, High-Quality Thumbnail එකක් හදන්න. පාට දීප්තිමත් වෙන්න, සහ ලොකු අකුරින් ප්‍රධාන වචන ටිකක් ලියන්න.

6. Subtitles/Closed Captions (උපසිරැසි) එකතු කරන්න
වීඩියෝ එකට Subtitles දාන්න. මේකෙන් SEO Value එක වැඩි වෙනවා වගේම, ශබ්ද නැතුව බලන අයටත් වීඩියෝ එක තේරුම් ගන්න පුළුවන් වෙනවා.

🟢 Engagement වැඩි කරන්න

YouTube Algorithm එක බලන තවත් දෙයක් තමයි, වීඩියෝ එකකට එන Like, Comment, Share, සහ Watch Time (නරඹන කාලය) කොහොමද කියන එක.වීඩියෝ එක ඇතුළේ Comment එකක් දාන්න, Like කරන්න කියලා එයාලගෙන් ඉල්ලන්න. එයාලගේ ප්‍රශ්නවලට Reply කරන්න.

මේ විදිහට, ඔයාගේ වීඩියෝ එකට නිවැරදිව SEO කළොත්, ඒක YouTube එකේ ඉදිරියටම ගේන්න ඔයාට පුළුවන් වෙනවා.එතකොට ඔයාට ගොඩක් views ලැබෙනවා.subscrbers ලත් ගොඩක් වැඩි වෙනවා.

✍️සුරංගි ටීචර්

Surangi Teacher

27/10/2025

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Thailam Herbalicum posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Thailam Herbalicum:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram