Heladiwa Osu

Heladiwa Osu Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Heladiwa Osu, Medical and health, Mirihana, Nugegoda, .

07/05/2023

Sri Lanka’s first export-oriented potato chip processing factory has been established in Bandarawela by a young farmer company in Sri Lanka. ..

12/04/2023

✨සැබෑ ජාතික විරුවරියකි!
Rest In Peace! 🙏

මහාචාර්ය ප්‍රියානි සොයිසා ශ්‍රී ලාංකීය වෛද්‍ය ඉතිහාසයේ නොමැකෙන සලකුණකි. ඇය ශ්‍රී ලංකාවේ මහාචාර්යවරියක් වූ පළමු කාන්තාවයි.

කීර්තිමත් ළමා රෝග විශේෂඥ වෛද්‍යවරියක වූ මහාචාර්ය ප්‍රියානි සොයිසා වසර 98ක් ජීවත් වී ඊයේ අභාවප්‍රාප්ත වූවාය. ඇය වෛද්‍ය විද්‍යාවට කලා වු ප්‍රගතිශීලී සේවය හේතුවෙන් රටේ ඉමහත් ගෞරවාදරයට පාත්‍ර වූ වෛද්‍යවරියකි.

ප්‍රියානි සොයිසා මහත්මිය උපත ලැබුවේ 1925 දීය. මොරටුව ප්‍රින්සස් වෙල්ස් විද්‍යාලයෙන් ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය ලැබූ ඇය කොළඹ වෛද්‍ය විශ්වවිද්‍යාලයට ඇතුළත් වී පළමු පන්තියේ ගෞරව සහිතව වෛද්‍ය උපාධියක් ලබා ගැනීමට සමත් වුවාය. ඉන්පසු රජයේ රෝහල් කිහිපයකම සේවය කළ අතර ළමා රෝග පිළිබඳ පශ්චාත් අධ්‍යයනය සඳහා මහා බ්‍රිතාන්‍යයට යාමට වරම් ලැබුවාය. කීර්තිමත් බ්‍රිතාන්‍ය පශ්චාත් උපාධිය Royal Cillege of Physician හි සම්පූර්ණ කල ඇය නැවත මෙරටට පැමිණියාය. රෝගී සත්කාර සහ අධ්‍යයන කටයුතු යන අංශ දෙකෙහිම සමබරව තම දස්කම් දැක්වු ඇය වෛද්‍ය විද්‍යාව සඳහා මෙතරම් උසස් අධ්‍යාපන සුදුසුකම් ලැබූ අපේ රටේ පළමු කාන්තාව ලෙස ලංකා විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය හිමිකරගැනීමෙන් තහවුරු කලාය.

ඇය ළමා රෝග විශේෂඥ වෛද්‍යවරියක් ලෙස දිවයිනේ විවිධ ප්‍රදේශවල සේවය කළාය. කොලෝ වෛද්‍ය විද්‍යාලයේ ළමා රෝග අංශය භාරව සිටි මහාචාර්ය සී සී ද සිල්වා මහතා විශ්‍රාම යාම හේතුවෙන් වෛද්‍ය ප්‍රියානි සොයිසා මහත්මියට එම තනතුර භාර ගැනීමට සිදු විය. ඇය 1991 දී විශ්‍රාම යන විට කොළඹ වෛද්‍ය විශ්වවිද්‍යාලයේ ළමා රෝග පිළිබඳ මහාචාර්යවරියක් ලෙස අඛණ්ඩව වසර විසිපහක් තම සේවය ලබාදුන්නාය.

ඇගේ පර්යේෂණ භූමිකාව විද්‍යාඥයන් පවා මවිත කල ඉතා පුළුල් එකක් විය. ඇය බෝවන රෝග මෙන්ම පෝෂණය සම්බන්ධ බොහෝ පර්යේෂණ කටයුතුවල ද නිරත වී ඇත. ඇය ශ්‍රී ලංකා පෝෂණවේදීන්ගේ සංගමයේ ආරම්භක සාමාජිකත්වය දරයි. තවද ඇය එහි සභාපතිනිය ලෙස වෙනස්ම භූමිකාවක් ද ඉටු කළාය. මව්කිරි දීම ප්රවර්ධනය කිරීමට කැපවී කටයුතු කළාය. මව්කිරි දීමේ වැදගත්කම ගැන ඇය ප්‍රබල හඬක් නගන විට මව්කිරි දීම සම්බන්ධව මව්වරුන්ට අදයාපනයක් ලබාදුන් යුගයක් නොවේ. "පළමු මාස ​​හතර - මව්කිරි පමණක් ලබා දී දරුවන්ට දෙන කිරිපිටි ඉවත් කළ යුතුයි" යන නීති අපේ රටට හඳුන්වා දෙන්න පෙරමුණ ගත්තේ ඇයයි.

මව්වරුන්ට තම දරුවන් සමඟ ළමා වාට්ටුවල රැඳී සිටීමට අවස්ථා නිර්මාණය කිරීම, මව්වරුන්ට මාස තුනක් දක්වා මාතෘ නිවාඩු ලබාදීමට කටයුතු කිරීම, මව්කිරි දීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීම, පෝලියෝ මර්දන වැඩසටහන ඇයගෙ සංකල්පයි.

ඇය වෛද්‍ය විද්‍යාලයෙන් විස්‍රාම ලැබුවද ඇයගේ වගකිවයුතු වෛද්‍ය භූමිකාවෙන් විවේකයක් ගැනීමට ඇයට ඉඩ නොලැබුණි. ඇය Sri Lanka College of Paediatrians , The postgraduate institute of Medical Sciences) හි ප්‍රථම සභාපතිනිය වූවාය. වෛද්‍ය පශ්චාත් උපාධි ආයතනයේ ළමා රෝග පිළිබඳ අධ්‍යයන මණ්ඩලයේ සභාපතිනිය ලෙසද ඇය කටයුතු කලාය. ජාතික විද්‍යා පදනම යනු අපේ රටේ පර්යේෂකයන් සහ විද්‍යාඥයන් එක්රැස් කර පර්යේෂණ දිරිගැන්වීම සඳහා ආරම්භ කළ ප්‍රමුඛතම ආයතනයයි. ජාතික විද්‍යා පදනමේ සභාපතිනිය ලෙස ද ඇය මෙරටට අමිල මෙහෙවරක් ඉටු කළාය. මහාචාර්ය ප්‍රියානි සොයිසා පෝෂණය සම්බන්ධ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදේශකවරියක ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශිෂ්ට මෙහෙවරක් ඉටු කළාය.

ඇගේ ජීවිත කාලය ඇය ගමන් කළේ විවිධ අභියෝග හා බාධක වලට මුහුණ දෙමිණි. ඇය ඒවාටද ඉතා ධෛර්යයමත්ව මුහුණ දුන්නාය.

නීතීඥ රියන්සි අර්සකුලරත්න මහත්මිය හදිසි අසනීපයකින් පසුව ප්‍රතිකාර ගැනීම සඳහා 1992 අප්‍රේල් 18 දින තම දියණිය ඇය වෙත රැගෙන ආවාය. මහාචාර්යවරයා දැරියගේ රෝගය රූමැටික් රෝගියෙකු ලෙස හඳුනාගෙන ප්‍රතිකාර කළේය. රුමැටිකෝරියා රෝගයට මාසයක් ප්‍රතිකාර ගත්තත් ඇත්තටම ඇයට තිබුණේ මොළයේ පිළිකාවක්. ප්‍රතිකාර අතරතුර දැරියගේ දෙමාපියන් ඇයව ප්‍රතිකාරවලින් ඉවත් කර විදේශගත කර ඇතත් එම වසරේම ජුනි 19 වැනිදා දැරිය අවාසනාවන්ත ලෙස මෙලොව හැර ගියාය. ප්‍රමාද නොවී හඳුනා ගත්තේ නම් තම දියණිය බේරා ගැනීමට හැකිව තිබූ බව විශ්වාස කළ දැරියගේ පියා වන අර්සකුලරත්න මහතා ඇයට එරෙහිව දිසා අධිකරණයේ නඩු පවරා නීතිය ක්‍රියාත්මක කිරීමෙන් පසු පැමිණිලි පාර්ශ්වයට රුපියල් ලක්ෂ පහක් ගෙවන ලෙස ඇයට නියෝග කළේය. ඇය ඊට එරෙහිව අභියාචනවක් ඉදිරිපත් කළාය. නඩුව පහළ අධිකරණයේ සිට ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා ඉහළට ගියේය. එදා පත්තරවල පවා මේ නඩුවට තැනක් තිබුණාය. අවසානයේ මහාචාර්ය ප්‍රියානි සොයිසා සියලු චෝදනාවලින් නිදහස් වූයේ නඩු ගාස්තු ද නැවත ගැනීමට තීරණය කරමිනි. නමුත් ඇය සනාතන ධර්මය නීතියට වඩා වෙනස් මාර්ගයක් බව පෙන්වමින් නඩු ගාස්තුව පවා කරුණාවෙන් ප්‍රතික්ෂේප කළාය.

මහාචාර්ය ප්‍රියානි සොයිසා වෛද්‍ය විද්‍යාවටත්, විද්‍යාත්මක පර්යේෂණ ප්‍රජාවටත්, සමස්ත මාතෘත්වයටත්, දරුවන්ටත් අසමසම සේවාවක් ඉටු කළ අභීත කාන්තාවක්ය.

ඇයගේ අවසන් කටයුතු අප්‍රේල් 10 වැනි සඳුදා බොරුල්ල කනත්තේදී සිදු කෙරේ.

අපි එතුමියට සදාකාලික සැනසීම පතමු. May she attain the Supreme Bliss of Nirvana 🙏💜💛❤

12/04/2023
16/03/2023
23/02/2023

ගුරුවරියක් දිනක් සිය පන්තියේ කතාවක් කීමට පටන් ගත්තා.

මේ ඒ කතාවයි.

"ගිලීයන නැවකින් තරුණ විවාහක යුවලක් කෙසේ හෝ ආරක්ෂා උනා"

"අදාල යුවල ගලවාගැනීමේ ස්ථානයට ලඟාවුනා"

"ඒ වන විට ක්‍රියාත්මක වෙමින් පැවතියේ අවසාන ජීවිතාරක්ෂක බෝට්ටුවයි"

"ඔවුන්ට මෙතැනදී ඉතා දැඩි තීරණයක් ගන්නට වන බව තේරුම් ගියා"

" එනම්,බෝට්ටුවේ ඉතිරි වී ඇත්තේ එක ආසනයක් පමනයි"

"දිවි ගලවාගත යුත්තේ කවුද"

"මොහොතක් නිහඬව සිය බිරිඳ දෙස බලාසිටි සැමියා ඇයගේ නලලත හාදුවක් තබා, ඇයව නැවේ පැත්තක තබා සැනෙකින් ජීවිතාරක්ෂක බෝට්ටුවට ගොඩවෙන අතර
ඇය කෑ ගසා කිසිවක් ඔහුට පැවසුවා"

"ඉන්පසුව දෛවය විසින් ගිලීයන නෞකාව ඇයවෙත දුන් ඉරණම කඳුළු අතරින් පිලිගන්නවා විනා ඇයට විකල්පයක් තිබුනේ නැහැ"

මොහොතකට ගුරුවරිය සිය කතාව නවත්වා සිසුන් දෙස බැලුවා.

සිසුන් අයාගත් දෙනෙතින් යුතුව ඇය කතාවේ ඉතිරි කොටස කියන තෙක් බලාසිටියා.

"ඔබ සිතන ආකාරයට ඇය කුමක් කියා කෑ ගසන්නට ඇතිද"

ගුරුවරිය නිහඬබව බිඳිමින් සිසුන් වෙත පැනයක් ඉදිරිපත් කලා.

සිසුන් අතරින් විවිදාකාර පිළිතුරු ගලා ආවා.

"මම ඔබට වෛර කරනවා"

"ඔබ වැනි මිනිසෙක් විශ්වාස කරන්නට තරම් මම මෝඩ උනා."

"ඔබට ශාප වේවා"

සිසුන්ගෙන් ලැබුනු පිළිතුරු වලින් කිහිපයකුයි ඒ.

ගුරුවරියගේ දෑස් පංතියේ කොනක වාඩිවී කිසිවක් නොකියා නිහඬව සිටි සිසුවෙක් වෙත යොමුවුනා.

ඇය ඔහුගෙන් නැවතත් පෙර ප්‍රශ්නයම ඇසුවා.

"ඔබ සිතන ආකාරයට ඇය කුමක් කියා කෑ ගසන්නට ඇතිද"

නිහඬව සිටි සිසුවා දෑස් ඔසවා මෙසේ පැවසුවා.

"ටීචර්, මම හිතන විදියට ඇය කියන්න ඇති අපේ දරුවාව හොඳින් රැක බලාගන්න කියල"

සිසුවාගේ පිළිතුරෙන් පුදුමයට පත් වූ ගුරුවරිය මෙසේ ඇසුවා.

"ඔබ මේ කතාව මීට කලින් අහල තියෙනවද"

"නැහැ, නමුත් මගේ අම්ම මියයන්න මොහොතකට කලින් මගෙ තාත්තට කීවෙ ඒ දේ,
ඒ නිසා මම අනුමාන කලා"

දිගු සුසුමක් පිටකල ගුරුවරිය නැවතත් කතාකලා.

"ඔබේ පිළිතුර නිවැරදියි ,ඇය කෑ ගසා පැවසූයේ එයයි"

"නැව ගිලී ගියා,
සිය නිවස වෙත නැවත ගිය සැමියා ඔවුන්ගේ එකම දියණියව ඉතා ආදරයෙන් රැකබලාගත්තා"

"කාලය ගතවී ගොස් දියණිය ලොකුමහත් වූ පසු කලක ඔහුත් මියගියා"

ගුරුවරිය දිගටම කතාව කියන්නට වුනා.

"දිනක් පරණ කැබිට්ටුවක් පරීක්ෂා කල දියණියට මවගේ පැරණි දිනපොතක් හමුවුනා."

"එහි සිය මව පිලිකාවකින් පීඩා විඳි බවත් ඇය නැවේ ගමන් කරන කාලය වනවිට ඇයට ඉතිරී වී තිබුනේ ජීවිතයෙන් ඉතාමත් කෙටි කාලයක් බවත් ලියැවී තිබුණා."

"තම දිරිය මව පියාව රැකගනිමින් සිය ජීවිතය සීතල මුහුදට කැපකලේ තමා වෙනුවෙන් බව ඇය තේරුම්ගත්තා"

"එම දිනපොතේම අවසාන පිටුවේ සිය පියාගේ අත් අකුරෙන් මෙසේ ද ලියැවී තිබුනා"

"මටත් ඔබ සමග ඒ අඳුරු රාත්‍රියේ සීතල මුහුදු පතුල සිපගන්නට තිබුණානම්"
....................................................................

මොහොතක් සිතන්න.

මතුපිටින් පමණක් බලා අපි කෙතරම් නම් පුද්ගලයින් සහ අවස්තා පිලිබඳව නිසි අවබෝධයකින් තොරව තීරණ ගන්නවාද?

බොහෝවිට ඔවුන් ඒ තීරණ ගනු ලබන්නේ මෝඩකම හෝ නූගත්කම නිසා නොව අපට වඩා ගැඹුරු දැක්මක් ඇතිනිසා විය හැකිය.

අපට වඩා වැඩි අවබෝධයක් ඇති නිසා විය හැකිය.

අප වෙනුවෙන් ඇති ආදරය ,දයාව සහ අනුකම්පාව නිසා විය හැකිය.

සෑම තීරණයකම,

ඔබගේ පැත්ත,

මගේ පැත්ත,

සහ

ඇත්ත යනුවෙන් තුන් ආකාරයක් ඇත.

ඉක්මන් හදිසි තීරණ ගන්නවාට වඩා දෙවරක් සිතා බැලීම සැමගේම යහපතට හේතුවනු ඇත.

උපුටා ගැනිමක්..

23/02/2023
23/02/2023

මේක නම් නියම වැඩක්.😳

මේ කොලපාට ඩොට් වලින් පෙන්නන්නෙ ලෝකෙ තියන හැම රේඩියෝ ස්ටේශන් එකක්ම ගුගල් මැප් එකෙ 😁 මේ ඩොට් ක්ලික් කරපු ගමන් රෙඩියො චැනල් එක අහන්න පුලුවන්. අහලා බලන්න 😁

මේ ලින්ක් එකෙන් යන්න.

http://radio.garden/

05/01/2023

පෘතුවිය මෙම වසරේ වඩාත් සූර්යයාට ආසන්නයෙන් ගමන් කරන දිනය අද (04) බව තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා පවසනවා. ඒ අනුව අද දි...

Address

Mirihana, Nugegoda

SRI LANKA

Alerts

Be the first to know and let us send you an email when Heladiwa Osu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Heladiwa Osu:

  • Want your practice to be the top-listed Clinic?

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram