26/12/2025
🍃 OSAYU ORTHO CLINIC 🍃
අස්ථි හා සන්ධිවලට හානි කරන ක්ශය රෝගය
🩻 ( Bone And Joint Tuberculosis) 🩻
ක්ශය රෝගය, ඩෙංගු, කහ උණ, කොවිඩ් , චිකුන් ගුන්‍යා වැනි රෝග වල ද්විතීක අවස්තා වලදි හෝ උපද්‍රව වශයේන් අස්ථි හා සන්ධි ආශ්‍රිත රෝග ඇතිවෙන බව ඔබ දැනුවත්ද?
මෙම ලිපියේන් මා ඔබව දැනුවත් කරන්නේ ඉතා කලාතුරකින් කෙනෙකුට සෑදේන ක්ශය රෝග නිසා ඇතිවන අස්ථි හා සන්ධි ආශ්‍රිත රෝග පිළිබඳවයි.
ක්ශය රෝගය හෙවත් ටියුබකුලෝසියාව , ටියුබකල් බැසිලය නම් විෂාණූ ( Tubercle Bacillus) මඟින් ඇතිකරන රෝගයකි.මෙමඟින් අපගේ ශරීරයේ නොයේක් පටකවලට හානි සිදු සිදුවෙයි. මෙම විෂාණූව මඟින් අස්ථි හා සන්ධි වලට හානි සිදුවන්නේ රෝගයේ ද්විතීක අවස්ථාවේදියි.
මෙම ක්ශය රෝගී තත්වය මුලින්ම සෑදේන්නේ පෙණහැල්ලේ, අන්ත්‍රමාර්ග වල ආදියේයි. රෝගය ප්‍රාථමිකව සෑදුණු ස්ථානයේන් මෙම විෂාණූ රුධිර සංසරණයට එක් වී රුධිර වාහිනී ඔස්සේ අස්ථියක කෙළවරකට හෝ සන්ධියේ ලසිකා පටලයට පැමිණ එහි ද්විතීක ආසාදනය ඇති කරයි. ප්‍රාථමිකව ආසාදනය ඇති වූ ඉන්ද්‍රීය වල රෝග ලක්ශණ තිබී හෝ නොතිබී අස්ථි හා සන්ධිවලට මෙම රෝගය සෑදීමට පුළුවන.
මෙම රෝගය අස්ථි හා සන්ධි වල පැතිරයාමේදී අනුක්‍රමයෙන් සන්ධි වල ක්ශය වීම සමඟ එම අස්ථි හෝ සන්ධි විනාශ වී අවට පේශීන් වලටද හානි සිදු වී පේශී වැහැරී යාම සිදු වෙයි.
ඒ හේතුවෙන් එම සන්ධි නැමී වකුටු වී විකලත්වයට පත්වෙයි.
වැඩිපුරම මෙම තත්වය කොඳුඇටපෙළ, උකුළ් සන්ධිය , දණහිස් සන්ධිය, වළලුකර ආදී බර උසුළන සන්ධි වල වැඩිපුරම දක්නට ලැබුණත් ඔනෑම අස්ථියක හෝ සන්ධියක මෙම රෝගය සෑදීමට පුළුවන.
• අස්ථි ක්ශය රෝගයේ ලක්ශණ
♦️ සුළුවෙන් පටන්ගෙන අනුක්‍රමණයෙන් කලක් තිස්සේ වැඩිවන සන්ධි වේදනාව
♦️ නින්දේදි ඇතිවන වේදනාව
♦️ සන්ධි ඉදිමීම හා අවට පේශී වැහැරි යාම
♦️ සන්ධියේ චලනය අඩු වීම , ගාත්‍ර කෝර ගැසීම ( නොණ්ඩි ගැසීම)
♦️ සන්ධිය ඇල්ලූ විට මෘදු බව හා වේදනාව
වැනි ලක්ෂණ පොදුවේ දක්නට ලැබේයි.
ක්ශය රෝගය වැනි විෂාණූ නිසා මෙන්ම , ලිපියේ මුල සඳහන් කළ පරිදි චිකුන් ගුන්‍යා , ඩෙංගු, කහ උණ, කොවිඩ් වැනි විවිධ ජ්වර රෝග වලදි මෙවැනි විෂාණු මඟින් ඇතිවන ආසාදන නිසා ද්වීතීක අවස්ථාවේ මෙම අස්ථි හා සන්ධි ආශ්‍රිත රෝග ඇතිකරනු ලබයි. ඒ පිළිබඳව අප ඉදිරියේදි කතා කරමු.
වෛද්‍යව පරික්ශණයකින් රෝග නිර්ණය නිවැරදිව සිදු කර ප්‍රතිකාර කිරීමෙන් මෙවැනි අස්ථි හා සන්ධි ආශ්‍රිත රෝග තත්ව වලින් තවදුරටත් පිඩා වීඳීම වළක්වාගත හැකිය.
හෙළ දැනුමෙන් ලොව - ගත සිත සුව වේවා !!!
- OSAYU -
🍃🌍🍃
- වෛද්‍ය එස් දිසානායක -
ඔසායු සිද්ධායුර්වේද වෙද මැදුර ,
කොට්ටාව පාර ,
වල්ගම, අතුරුගිරිය .
☎️ විමසීම් - 0776980184
WhatsApp - 0776980184