04/12/2025
මනුසත්කමින් සිදුකලයුතු දේශපාලනය අපත ක්‍රමයට ගෙන යන මෙවන් මිනිසුන්ට නීතිය ක්‍රියාත්මක විය යුතුමයි...
ආපදා සහන සේවා රාජකාරියේ නියැලීසිටි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට මරණ තර්ජන .
එක්තරා දේශපාලන පක්ෂයක ප්‍රාදේශීය දේශපාලනඳයෙක් සමග පැමිනි බීමත් පිරිසක් ආපදා සහන සේවා රාජකාරියේ නියැලීසිටි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට මරණ තර්ජන සිදු කර රාජකාරියට බාධාකර ඇතැයි වාර්තා වනවා.
එම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට අසභ්‍ය වචනයෙන්ද බැණ වැදුනු ඒ දේශපාලනඳයා නිළධාරියා ඇඳ සිටි ජීවිතාරක්ෂක කාබායද බලෙන් ගලවා ගෙන ඇති අතර අදාල දේශපාලකයා සමග පැමිනි සහචරයින් දැඩිලෙස අසභ්‍ය වචනයෙන් බැනවදිමින් එකී නිලධාරියා විසින් ගංවතුරින් පීඩාවට පත්වු ජනතාව වෙනුවෙන් සිදුකල රාජකාරියට කිහිපවරක් බාධාවන අයුරින් කටයුතු කර ඇත.
මේ සම්බන්ධව රත්නපුර පොලිස් ස්ථානයට පැමිනිලි කර ඇති අතර වරදකරුවන් සදහා උපරිම දඩුවම් ලබාදෙනු ඇතැයි අප බලාපොරොත්තු වන්නෙමු..
ආපදා සමයේ තම ජිවිතයද අනතුරේ හෙලා රාජකාරියේ නියැලෙන නිලධාරින්ට සහය දෙනු විනා මෙවැනි ක්‍රියා පිලිකුලෙන් යුතුව ප්‍රතික්ෂේප කරන්නෙමු.
උපුටා ගැනීමකි..