03/11/2024
* නන්ස්ටික් පෑන්ස් භාවිතය ඉතා අවධානම් සහගතයි ! *
විශේෂයෙන්ම වැඩි ගින්නෙන් ඉවිමේදී හා එම පැන් වල කොටස් කැඩී යාමෙන් විශාල සෞඛ්‍ය ගැටළු ඇති විය හැකියි.
සෙල්සියස් අංශක 250 ට වැඩි උෂ්ණත්වයකට රත්වූ පසු මෙහි ඇති ආලේපය උණු වී විෂ වායු නිකුත් වේ. එම විෂ වායු ආශ්වාසය මිනිසාට ඉතා අහිතකරයි. පිසීමේදී හැඳි වලින් හෝ සේදීමේදී මෙහි ආලේපයට හානි වී ගැලවී යන ඉතා කුඩා කොටස් අහාර මගින් ශරීර ගත විය හැකිය. මෙම කොටස් ශරීරයට ඉතා විෂ සහිත වන අතර මෙම රසායනික "කිසිදා නොදිරන ද්‍රව්‍ය - "ලෙස හඳුන්වයි. පරිසරයට එකතුවෙන මෙම ද්‍රව්‍ය ජල සහ ආහාර මූලාශ්‍ර වලට එකතුවීම අද ලෝකය මුහුණදෙන බරපතල සෞඛ්‍ය ගැටලුවකි.
මෙමගින් ඇතිවිය හැකි රෝග ලෙස "අස්වභාවික ලෙස තයිරොයිඩ් හෝමෝන මට්ටම ඉහල යාම, ශරීර ප්‍රතිශක්තිකරණය අඩුවීම, පිලිකා, අක්මා රෝග සහ අධි රුධිර පීඩනය" වැනි තත්ත්ව ප්‍රධාන තැනක් ගනී. පරිසරයට එකතුවී ඇති මෙම ද්‍රව්‍ය ප්‍රමාණ සෙවීමට කරන පර්යේෂණ ශ්‍රි ලංකාව තුලද මෑත කාලයේ කර ඇති අතර අපද ඉතාම හානිකර තත්වයකට මේ වන විට පත්වී ඇති බව එමඟින් තහවුරු වී ඇත.
මෙම විෂ ද්‍රව්‍ය පරිසරයට තව දුරටත් එකතුවීම පාලනය කිරීමට නන්ස්ටික් බඳුන් වල ඉවිමේදී මුළුතැන්ගෙයට ඉතා හොඳ වාතාශ්‍රයක් ලැබෙන ලෙස කටයුතු කිරීමටත්, මද ගින්නේ උයන අහාර සකස් කිරීමට පමණක් යොදාගැනීමටත් , ඒවායේ අහාර පිසීමේදී ලී හැඳි වැනි ආලේපය නොසීරෙන උපකරණ භාවිතයත් සහ සේදීමේදී සීරීමට ලක්නොවීමටත් වගබලාගතයුතුය.