05/09/2021
හැම දේකටම කොමිශන් සභා පත්කරන රටේ, කංසා ගැන සාකච්ඡා කරන්න, උඹලා නොදන්න දේ ගැන පැහැදිලි කරන්න, රටේ ඉදිරි අනාගතය "කංසා" හරහා ගොඩනැගීමෙන් රටට ලැබෙන පරතිලාභ ගැන කියලා දෙන්න, වහ වහාම කොමිෂන් සභාවක් පත් කර දෙන මෙන් පාලකයින් ගෙන් අපි ආදරෙන් ඉල්ලනවා.
හැමදාම වගේ ලෝකෙම එවුන් වැඩ අරගෙන ඉවර වෙනකල් බලන් ඉඳලා පටන් ගන්නේ නැතුව,රටේ තියෙන සල්ලි ටිකත් KG හරහා ඉන්දියාවට යන එක නවත්තන්න පුළුවන් විදිහ අපි කියලා දෙන්නම්. අරක්කු සිගරට් විකුණලා පට්ට ආදායමක් රජය ගන්නවා කියන එක අළුත් කතාවක් නෙවෙයි, නමුත් අරක්කු සිගරට් නිසා රටේ ජනතාව රෝගීන් වෙන අතර ඔවුනට රජයේ රෝහල් මාර්ගයෙන් නොමිගල් බෙහෙත් කිරීමෙන් උපයන ආදායම හා සමාන වියඳමක් රජයට දැරීමට සිදුවෙනවා. ඒ වගේම, අරක්කු හරහා, සාමාජීය බැඳීම් වගේම සාමයද බිඳ වැටෙනවා, ඒ වගේම පවුල් ආරවුල්, වෙනත් භායානක මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම් වගේ කරැණු සලකා බැලීමේදී අපහට පෙනීයන කරැණ වන්නේ, සිගරට් හෝ අරක්කු මගින් රජයට ලැබෙන බදු මුදල මෙන් දෙගුනයක් ඉහත කී රෝහල් හා අනෙකුත් සේවාවන් සඳහා වියඳම් වන බවයි.
නමුත් අපි කතා කරන්නේ සාමය සතුට හා නිරෝගිමත් දෙයක් ගැනයි. කංසා නීතිගත කිරීම හරහා රට තුල කිසිදා නොනවතින රැකියා විශාල වශයෙන් උත්පාදනය වනවා. CBD, CNG, වගේ කංසා වල ඇති ඖෂධීය වටිනාකමින් යුතු සංඝටක හරහා අපිට සෑම වර්ගයේම පිලිකා රෝගීන් හට පතිකාර කිරීමට හැකි වෙනවා.
කංසා හරහා නව නිශ්පාදන උත්පාදනය වෙනවා, ඒ හරහා මෙරට මෙන්ම පිටරටද වෙලඳපලක් නිර්මාණය වෙනවා. අපි වගේ නිවර්තන කලාපීය සමකයට ආසන්න රටක, කංසා වගාව වෙනත් රටවලට වඩා ලේසියෙන් කල හැකි බව මේවන විටත් තනමල්විල වැසියන් වගේම මුළු රටම දන්නා දෙයකි.
කංසා වලින් ඖෂධ, රෙදි, කංසා කොන්ක්‍රීට්, කංසා බ්ලොක් ගල්, කංසා සුවඳවිලවුන්, කංසා පාන වර්ග, කංසා ඇට වලින් පෝෂ්‍යදායි ආහාර, මෙකි නොකී සෑම දෙයක්ම නිර්මානය කල හැකි බොගයක් කියන එක අපි කියලා දෙන්නම්, කරැණාකරලා අපිට කොමිෂන් සභාවක් ලබා දෙන්න.
කංසා හරහා රටේ ණය ඉවරකරලා, වෙන දුප්පත් රටවල් වලට ණය දෙන රටක් කරන්න අපිට පුළුවන්..
#කංසා_අරගලයට_ජය