09/10/2025
කාලයක් සිට ඔබ බලාපොරොත්තු වූ ඔබේ කාරණාව අනිවාර්‍යයෙන් අද ඉෂ්ඨ වෙන්නයි යන්නේ . කොහොමද ? ඇත්තටමද ? ඇත්තමද ?
සහතික වශයෙන්ම ඔව් .
ඔබ දින ගනිමින් , රහසින් හඩමින් , දෙවියන් යදිමින් , නිදි වර්ජිතව සිතමින් සිටි කාරණාව , ඒ ලස්සන බලාපොරොත්තුව අද ඉෂ්ඨ වෙන්නයි යන්නේ .
ඔබ සිරුරින්ද , මනසින්ද ආත්මයෙන්ද සැකසෙන්න . ලෑස්ති වෙන්න .ඔබේ ජයග්‍රහණය නවතන්න කාටවත්ම බෑ .
අදම අරභන්න . ඔබ ප්‍රමාද නෑ .
එතුමාගේ පින්තූරය , එතුමාගේ පිළිමය නිශ්චලව ඔබ දෙස මෙතුවක් කල් බලාන සිටියා නම් අද සිට ඔබ එතුමා සමග සම්මුඛ වෙන්න .
අමුතුවෙන් ඔබ කියන්න අවශ්‍ය නෑ එතුමා දන්නවා . ඔබ කොපමණ හඩන්නට ඇත්දැයි , ඔබ කොපමණ පරාජිත වෙන්නට ඇත්දැයි , ඔබ කොපමණ කුසගින්නේ සිටින්නට ඇත්දැයි , ඔබ සතු සියල්ල දන් දුන්නත් ඔබ කොපමණ අගහිගකම් වලින් පෙලෙන්නට ඇත්දැයි , තාඩන පීඩන , අභූත චෝදනා , නින්දා අපහාස ඉදිරියෙහි ඔබ හිස නමා දෑසින් වැගිරෙන කදුළු ලොවෙන් සගවන්නට ගත් උත්සාහය කොපමණදැයි එතුමා දන්නවා . එතුමා සියල්ලම දුටුවා .
එසේ නම් මෙතුවක් කල් ඔබ වින්ද දුක වේදනාවට එතුමාගේ දිව්‍ය නේත්‍රා , දිව්‍ය කන් ඔබ වෙත යොමු වෙන හෝරාවයි එළඹ තිබෙන්නේ .
ඔබ සකසන්න පූජාසනය ඔබේ දෑතින්ම . වසර හතළිස් පහක් පුරා මා ලැබු අත්දැකීම් , කුඩාම අවධියේ වැල්ලවත්ත රාමක්‍රිශ්ණා ශාලාවේදී සිදුකළ පූජා විධි ඔබගේ දියුණුව සහ ඔබගේ ධන ආකර්ශනය වෙනුවෙන් ඔබ වෙත ගෙනහැර පාන්න මම සූදානම් වෙන්නේ එතුමා ඇතුළු සර්ව දේව මණ්ඩලයේ යම්කිසි අණක් සහ ඉල්ලීමක් පරිදියි .
ඔබ සූදානම් වෙන්න ගණපති දෙවිදුන් ඔබට ලබා දෙන ඒ දිව්‍යමය ත්‍යාගය පිළිගැනීමට . ඔබ තමයි නියම සුදුස්සා . ඒ නිසායි මම ඔබට එතුමා සහ ඔබ අතර පණිවිඩකරුවෙක් එසේත් නැත්නම් දිව්‍ය සේවයට කැප වූ අයෙක් එසේත් නැත්නම් ඔබේ ජයග්‍රහණයට ඉනිමං තබන්නියක් ලෙස මෙලෙස හමුවන්නේ .
ඔබ ගණපති දෙවිදුන්ගේ බලගතුම මන්ත්‍රය වන මූල් මන්ත්‍රය ලයාන්විතව ගායනා කිරීමට ප්‍රථම …….
1. එතුමා වෙනුවෙන්ම නෙළා ගත් මල් වලින් මල් මාලයක් ගොතා පිළියෙළ කර ගැනීම .
2. හොදින් සෝදා පවිත්‍ර කරගත් එළගි තෙල් මිශ්‍ර පහනක්
3. පූජා කිරීමට රතු පැහැති මල් වර්ගයක්
4. ඔබට හැකි නම් රස කැවිලි ස්වල්පයක් හෝ එක් පළතුරක්
5. කහ දියරෙන් සෝදා ගත් පොල් ගෙඩියක් සහ බුලත් කොළයක්
6. කපුරු පෙති ස්වල්පයක්
7. හදුන්කූරු හෝ සාම්බ්‍රාණි යොදා පිළියෙළ කරගත් දුම් කබළක්
8. පෙරා ගත් පිරිසිදු පැන් වීදුරුවක් ලෑස්ති කර ගන්න .
ඔබගේ යහන එසේත් නැත්නම් ආසනය ඉතා හොදින් කහ දියර ඉස පිරිසිදු කරගෙන ඔබ කැමති ආකාරයට විසිතුරුව සකසා ගන්න . දැන් ඒ මත ඉතා ගෞරවයෙන් ගණපති පිළිරුව තැන්පත් කරගන්න .
ඔබ මේ සියළුම වතාවත් කරනා විට හැකි තරම් නිශ්ශබ්දතාවය සුරකින්නටත් ඔබ කළ පින් මතක් කරමින් කිරීමටත් වග බලා ගත යුතුයි .
අපි දෙවියන් , බුදුන් වන්දනාමාන කරනා විට අවට පරිසරයේ සාමකාමී බව ඉතා වැදගත් . සිතෙහි සන්සුන්බව , ඒකාග්‍රතාවය ඉතා වැදගත් .
ගොතා ගත් මල්මාලය පලදවා පහන දැල්වීමත් සමගම ඔබේ අභිමථාර්තය ඉෂ්ඨ සිද්ධ කර ගැනීම සදහා එතුමාගේ බැල්ම සහ ආකර්ශනය ඔබ කෙරෙහි ඒ මොහොතෙහිම යොමු වෙනවා ඇත .
ප්‍රශංසාවට ප්‍රිය කරන උත්තම දෙවිදුනි මාගේ ආරධනය ඔබ වහන්සේටයි !
අතිශය බලගතු මූල් මන්ත්‍රය ලයාන්විතව තෙවරක් ඔබ ගායනා කරන්න දැන් .
මූල් මන්ත්‍රය :
“ඕම් ශ්‍රිම් හ්රීම් ක්ලීම් ග්ලොම්
ගම් ගණපතයේ වරවරද
සර්වජනම් මේ
වසමානයේ ස්වාහා “
අත් දෙක එකතු කරලා වැද නමස්කාර කරගෙන ගායනා කරන්න . තෙවරක් .
ඔබේ බලාපොරොත්තුව එතුමාට කියන්න .
මල් පූජා කර , කපුරු දල්වා , සුවද කුඩු දුම් අල්ලා එතුමා වටා සුවදවත් වූ පරිසරයක් නිර්මාණය කරා සේම ඔබගේ ජීවිතයේද අදුර දුරු කොට සුවදවත් වූ නැවුම් ජීවිතයක් ඔබට ලබා දෙන ලෙස ඉල්ලා සිටින්න .
මේතාක් ඔබ කළ පින් එතුමාට අනුමෝදන් කරන්න .
ඔබ දිනනවා . සත්‍යයක් .
ඔබට උතුම් වූ ගණ දෙවිදු පිහිටයි 🙏