My Ayurveda Diary

My Ayurveda Diary Ayurveda for everyday life by Dr Konara

යෝගා කරන්න වයස බාධාවක්ද? නැහැ, කිසිසේත්ම නැහැ! 🌿🧘‍♀️මුලින්ම කියන්න ඕනි,  ඔබේ ප්‍රදේශයේත් මෙවැනි වැඩසටහන් අපේ ආදරනීය ආයුර...
30/03/2026

යෝගා කරන්න වයස බාධාවක්ද? නැහැ, කිසිසේත්ම නැහැ! 🌿🧘‍♀️

මුලින්ම කියන්න ඕනි, ඔබේ ප්‍රදේශයේත් මෙවැනි වැඩසටහන් අපේ ආදරනීය ආයුර්වේද වෛද්‍යවරුන් විසින් ඉතා කැපවීමෙන් හා ඕනෑකමකින් ඔබ සඳහාම සිදුකරනු ලබනවා.

ඔබටත් එම වැඩසටහන් වලට නොමිලේම සහභාගි වෙන්න පුළුවන්. ඒ නිසා ඒවට සහභාගී වන්න🙂❤️.

ඉතින් අපි ​"වයසයි, දැන් ඕවා කරන්න බෑ" කියලා හිතන මතය දැන්වත් වෙනස් කරමු.

අපි පසුගියදා කඩුවෙල SANASA නැගෙනහිර බැංකු පරිශ්‍රයේදී ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ මගපෙන්වීම යටතේ විශේෂ වැඩසටහනක් පැවැත්තුවා.

මෙහිදී අපේ ආදරණීය අම්මලා තාත්තලාට යෝගා පිළිබඳව මූලික හැඳින්වීමක්, ඔවුන්ගේ වයසට ගැලපෙන යෝගාසන, සහ මානසික හා කායික සුවය ලැබෙන ආකාරය පිළිබඳව අවබෝධයක් ලබා දුන්නා. 🥰👩‍⚕️

​ඔවුන්ගේ සහභාගීත්වයෙන් සිදු වූ යෝගා ප්‍රායෝගික වැඩසටහනත් ඉතාම සාර්ථකව නිම කළා. 🥰🍃

​නිරෝගී ජීවිතයක් උදෙසා අප ගන්නා මේ උත්සාහය, අපේ අම්මලා තාත්තලාගේ හෙට දවස වඩාත් සුවදායක කිරීමට හේතු වනු ඇතැයි අපි විශ්වාස කරනවා. ❤️🌱

🌱 My Ayurveda Diary 🌱
ශරීරයට සවන් දෙන සටහනක්
Dr.Konara ( BAMS.University of Colombo )

රාත්‍රියට උළුහාල් මේස හැන්දක් වතුර වීදුරුවකට දමා පෙඟෙන්නට හැර, පසුදා උදෑසන එයට දෙහි බින්දු කිහිපයක් එකතු කර පානය කිරීමෙන...
22/03/2026

රාත්‍රියට උළුහාල් මේස හැන්දක් වතුර වීදුරුවකට දමා පෙඟෙන්නට හැර, පසුදා උදෑසන එයට දෙහි බින්දු කිහිපයක් එකතු කර පානය කිරීමෙන් ඔබට වෙන දේ දැනගමු.

1. උළුහාල්වල අඩංගු ප්‍රතිඔක්සිකාරක (Antioxidants) මගින් සන්ධි ඉදිමීම සහ ශරීරයේ ඇති වන අභ්‍යන්තර දැවිල්ල අඩු කිරීමට උපකාරී වේ.

2. නරක කොලෙස්ටරෝල් (LDL) අඩු කර හෘදයේ සෞඛ්‍යය රැක ගැනීමට මෙම පානය විශාල මෙහෙයක් ඉටු කරයි.

3. අක්මාව තුළ ඇති විස ද්‍රව්‍ය ඉවත්කිරීමට උපකාරී වේ.

4. හෘද ස්පන්දනය සහ රුධිර පීඩනය නිසි මට්ටමේ පවත්වා ගැනීමට උළුහාල් වතුර උදව් වේ.

5. අධික වෙහෙස නිසා ඇති වන මාංශ පේශි තද ගතිය සහ කැක්කුම් අඩු කරයි.

6. ආහාර ජීර්ණ එන්සයිම උත්තේජනය වන අතර, එය නිසි පරිදි කුසගින්න ඇති කිරීමට හේතු වේ.

7. ආයුර්වේදයට අනුව ශරීරයේ ඇති අධික පිත (Pitta) සමනය කර, ශරීරය අභ්‍යන්තරයෙන් සිසිල් කිරීමට මෙය මහඟු ඖෂධයකි.

8. ලෙඩ රෝග වලට එරෙහිව සටන් කිරීමේ හැකියාව (Immunity) ශරීරය තුළ ගොඩනැගේ.

​9. දියවැඩියාව පාලනය කිරීමට අපේක්ෂා කරන අයට මෙය කදිම පානයකි.

​10. උදෑසන හිස්බඩ උළුහාල් වතුර පානය කිරීමෙන් කුසගින්න පාලනය වන අතර, දෙහි යුෂ මගින් ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලිය (Metabolism) වේගවත් කරයි.

මෙය බඩ අඩු කර ගැනීමට සහ බර අඩු කර ගැනීමට බෙහෙවින් උපකාරී වේ.

​11 . දෙහි යුෂ සහ උළුහාල් සංයෝගය මගින් ආමාශයේ ඇති විස ද්‍රව්‍ය ඉවත් කර (Detoxification), අජීර්ණය සහ මලබද්ධය වැනි තත්ත්වයන් මගහරවා දෙයි.

​12 . මුහුණේ කුරුලෑ පාලනය කර සම පැහැපත් කිරීමටත්, හිසකෙස් ශක්තිමත් කිරීමටත් මෙම පානය උදව් වේ.

​සාදාගන්නා ආකාරය:

​රාත්‍රියේදී පිරිසිදු උළුහාල් තේ හැඳි 1-2ක් වතුර වීදුරුවකට දමා වසා තබන්න.
​පසුදා උදෑසන එම වතුර පෙරා ගන්න.

​එයට නැවුම් දෙහි බින්දු කිහිපයක් එකතු කර හිස්බඩ පානය කරන්න.
​සැලකිය යුතුයි: ඔබ අධික ලෙස ශරීරය සිසිල් වන රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන්නේ නම් හෝ ගර්භණී මවක් නම්, ඕනෑම ඖෂධීය පානයක් ලබා ගැනීමට පෙර වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වඩාත් සුදුසුයි.

🌱 My Ayurveda Diary 🌱
ශරීරයට සවන් දෙන සටහනක්
Dr.Konara ( BAMS.University of Colombo )

14/03/2026

මේ දවස්වල අපිට මෙච්චර මහන්සි දැනෙන්නේ ඇයි? 🥵 ශරීරයේ ශක්තිය ඇත්තටම පරිසරයට උරා ගන්නවාද?

බාහිර පරිසරයේ සිදුවන වෙනස්කම් අපේ ශරීරයේ ශක්තියට බලපාන්නේ කෙසේද? ආයූර්වේදයේ දැක්වෙන "ආදාන කාලය" සහ "විසර්ග කාලය" පිළිබඳව මහාචාර්ය ජයවර්දනයන් විසින් සිදු කරන මෙම ගැඹුරු විග්‍රහය තුළින්, වර්තමානයේ අප අත්විඳින අධික විඩාව සහ ශරීර ශක්තිය හීන වීමට නියම හේතුව ආයුර්වෙද විද්‍යාත්මකව වටහා ගනිමු.

මෙම පනිවිඩය සොබාදහමේ රිද්මයට අනුව නීරෝගීව ජීවත් වීමට කැමති ඔබ සදහාමයි.

පසුගිය දින කිහිපය පුරාම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකටම දැඩි උණුසුම පිළිබඳ අවවාදාත්මක නිවේදන ...
09/03/2026

පසුගිය දින කිහිපය පුරාම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකටම දැඩි උණුසුම පිළිබඳ අවවාදාත්මක නිවේදන නිකුත් කර තිබෙනවා. මේ වගේ කාලයකදී අපේ ශරීරයේ "පිත්ත දෝෂය" අධික ලෙස කිපෙන්න පුළුවන්. ඒ නිසා නිකම්ම වතුර බීලා විතරක් මදි, අපේ දෛනික පුරුදු කිහිපයකුත් වෙනස් කරගන්න ඕනේ.
​ඔබේ සෞඛ්‍යය වෙනුවෙන් මෙන්න වැදගත් කරුණු කිහිපයක්,


* කෘමි සතුන් සර්පයන් ආදී සතුන්ගෙන් ප්‍රවේසම් වන්න.මොකද මේ කාලෙදි සතුන්ගේ විස අපේ ඇඟට දැනෙන ප්‍රමානය අනෙකුත් කාල වලට වඩා වැඩි.

* යම් යම් ගැටලුකාරී තත්ත්වයන් වලදී කෝපය පාලනය කරගන්න.මිනිසුන් සමග කොයි වෙලාවකත් ගැටෙන්නට යන්න එපා.(අනිත් කාලාවලත් එපා. හැබැයි මේ කාලේවිශේෂයි)

* අනවශ්‍ය විදිහට යම් දෙයක් ගැන එක දිගට සිතන්නට යන්න එපා.

* ඔබට සුලුවෙන් හෝ ඇලජික් වෙන ආහාර හෝ යම්දෙයක් වේ නම් ලගින්වත් යන්න එපා.ඈත් කරලම තියන්න.

* අව්වේ යන විට අව් කන්නාඩි භාවිතා කරන්න.

* පොදු වැසිකිළිවල වැඩි වේලාවක් ගත කරන්න එපා.මොකද අධික හිරු රශ්මිය නිසා විවිධ විස වායූන් වර්ග වැඩි සාන්ද්‍රණයකින් වෙනදාට වඩා නිපදවන නිසා.

* ​පිපාසය දැනෙන තෙක් නොසිට නිතර නිතර වතුර පානය කරන්න.

* පාසල් යන වයසේ කුඩා ළමුන් සිටී නම් පිටියේ ක්‍රියාකාරකම් හවස් වරුවට කිරීමට උපදෙස් දෙන්න.

* ​තැඹිලි, කුරුම්බා, බෙලි මල් තැම්බූ වතුර, රණවරා මල් පානය සහ ඉරමුසු වැනි දේ ඉතාමත් ගුණදායකයි.

* කැද පානය කරන්න.​දහඩිය සමඟ සිරුරෙන් පිටවන ලවණ නැවත ලබා ගැනීමට කැඳ වර්ග උදව් වෙනවා.

* ​පිපිඤ්ඤා, කැකිරි, පතෝල, වැටකොළු සහ බණ්ඩක්කා වැනි සිරුර සිසිල් කරන එළවළු වැඩියෙන් ආහාරයට ගන්න.

* ​කොමඩු, පැපොල්, නාරං සහ දොඩම් වැනි පලතුරු සිරුරේ තෙතමනය රඳවා ගැනීමට උදව් වෙනවා.

* ​අධික ලෙස මිරිස් සහ කුළුබඩු යෙදූ ආහාර, රතු මස්, බලමාළු සහ ඉස්සන් වැනි "උෂ්ණාධික" ආහාර මේ දිනවල සීමා කරන්න.

* දහවල් කාලයේ දැඩි හිරු රශ්මියට නිරාවරණය වීමෙන් වැළකී, හැකි තාක් සෙවණ ඇති ස්ථානවල රැඳී සිටින්න.

* ශරීරයට වාතාශ්‍රය ලැබෙන සැහැල්ලු කපු ඇඳුම් (Cotton clothes) ඇඳීමට උත්සාහ කරන්න.

* දිනකට දෙවරක්වත් ස්නානය කිරීමෙන් සිරුරේ උෂ්ණත්වය පාලනය කරගන්න පුළුවන්. (හැබැයි තද අව්වේ ගිහින් ආපු ගමන්ම නාන්න එපා).

* කුඩා දරුවන්, වැඩිහිටියන් සහ නිදන්ගත රෝග ඇති අය ගැන මේ දිනවල වැඩිපුර විමසිලිමත් වන්න. අධික නිදිමත, ක්ලාන්තය හෝ අධික පිපාසය වැනි ලක්ෂණ ඇත්නම් මොකටත් කියල වෛද්‍ය උපදෙස් ලබාගන්න.

🌱 My Ayurveda Diary 🌱
ශරීරයට සවන් දෙන සටහනක්
Dr.Konara ( BAMS.University of Colombo )

ආයුර්වේදයට අනුව කාන්තාව යනු "ශක්තිය" (Shakti) සංකේතවත් කරන්නියකි.ලෝකයම අද දින ලෝක කාන්තා දිනය සමරනු ලබනවා. පවුලක, සමාජයක...
08/03/2026

ආයුර්වේදයට අනුව කාන්තාව යනු "ශක්තිය" (Shakti) සංකේතවත් කරන්නියකි.ලෝකයම අද දින ලෝක කාන්තා දිනය සමරනු ලබනවා. පවුලක, සමාජයක මෙන්ම රටක ප්‍රගමනය උදෙසා කාන්තාව ඉටුකරන මෙහෙය අතිමහත්. ඇය නිවසේ ජීවයයි. නමුත් බොහෝ විට අන් අයගේ සුවදුක් සොයා බලන කාන්තාවට තමන්ගේ සෞඛ්‍යය පිළිබඳව අවධානය යොමු කිරීමට කාලයක් ඉතිරි වන්නේ නැහැ.

පවුල වෙනුවෙන් වෙහෙසෙන ඔබ, ඔබගේ සෞඛ්‍යය වෙනුවෙන්ද දිනකට ස්වල්ප වේලාවක් වෙන් කරන්න. ඒ ලෙඩක් රෝගයක් ඇතිනම් ඒ නිසාම නෙවෙයි. ලෙඩ නොවී ඉන්නටත් එක්කම. ඔබ නිරෝගී වූ විට මුළු පවුලම නිරෝගී වේවි.

ඉතින් ඔබට අභිමානවත් සහ නිරෝගී කාන්තා දිනයක් වේවා!

ඔබටත් මේ ලක්ෂණ තියෙනවාද? එහෙනම් මේ පණිවිඩය ඔබටයි! 👇​* වෙනදාට වඩා ඉක්මනින් මහන්සි ගතියක් දැනීම.​* වෙලාවකට දැනෙන සුළු පපුව...
02/03/2026

ඔබටත් මේ ලක්ෂණ තියෙනවාද? එහෙනම් මේ පණිවිඩය ඔබටයි! 👇

​* වෙනදාට වඩා ඉක්මනින් මහන්සි ගතියක් දැනීම.

​* වෙලාවකට දැනෙන සුළු පපුවේ වේදනාවක් හෝ බර ගතියක්.

​* ඇවිදින විට කකුල් වල මස්පිඬු වේදනාව හෝ දෙපා හිරිවැටීම.

* සාමාන්‍යයෙන් වැඩ කරන විට පිටේ දාඩිය ධාරාවක් යනවා සේ තේරීම.

* බඩේ දකුණු පස වෙනදා නොදැනුණු පොඩි වේදනාවක් දැනීම.

වර්තමාන කාර්යබහුල ජීවන රටාවත් එක්ක "කොලෙස්ට්‍රෝල්" කියන්නේ දැන් වයසක අයට විතරක් හැදෙන ලෙඩක් නෙවෙයි. විශේෂයෙන්ම වයස අවුරුදු 28ත් 35ත් අතර පසුවන ඔබ, ඔබේ සිරුර පෙන්වන මේ පොඩි පොඩි ලක්ෂණ ගැන නොසලකා හැරියොත්, එය ඉදිරියේදී බරපතළ සෞඛ්‍ය ගැටලුවක් වෙන්න පුළුවන්.හා හා ඉවර නෑ මෙන්න මේ ටිකත් බලන්න!

* වාහන පදින කෙනෙක් නම් කලින් දවස් වලට වඩා reaction time එකේ වෙනසක් තේරීම.

* වැඩිපුර පැනි රස කන්න ආස වීම.

* පෙරට වඩා වැඩකල් දැමීමටට සිතීම.

* බඩ ටිකක් ඉදිරියට නෙරා ඒම.

* වැසිකිළි යන විට මළ ද්‍රව්‍ය ජලයේ ගිලීම.

* මළද්‍රව්‍ය පිටකිරීමට වෙනදාට වඩා යම් අපහසුතාවයක් දැනීම.

​* ඇස් පිහාටු අසල කුඩා කහ පැහැති තැන්පත් වීම් (Xanthelasma).

* ​විශේෂයෙන්ම හිසේ පිටුපස ප්‍රදේශයේ දැනෙන බර ගතිය හෝ කැක්කුම.

හරි දැන් කොලෙස්ට්‍රෝල් තියනවා හරි, හැදෙන්න ඔන්න මෙන්න තියනවා හරි කියමුකෝ.
​බේරෙන්නේ කොහොමද?

​බය වෙන්න එපා! තවමත් ප්‍රමාද නැහැ. ඔබේ දෛනික පුරුදු කිහිපයක් වෙනස් කිරීමෙන් මේ තත්ත්වය පාලනය කරගන්න පුළුවන්. නැත්තටම නැතිකරගන්නත් පුලුවන්. මොකටත් ඔබ මම කියනවට ෆුල් බොඩි චෙකප් එකක් කරගන්න. කරගෙන ඔබේ වෛද්‍යවරයාට පෙන්වා ඔහුගෙන් හෝ ඇයගෙන් උපදෙස් ලබාගන්න. කැමතිනම් මා වෙත යොමු කරන්න අපි බලමු කොහොමද කියලා.

* ​අධික තෙල් සහිත, පැණි රස සහ "Fast Food" වලින් ඈත් වන්න.

* ​කුරුට්ට සහිත සහල්, එළවළු සහ පලතුරු වැඩියෙන් ආහාරයට ගන්න.

* ​සුදු ලූනු, ඉඟුරු සහ කරපිංචා ඔබේ ආහාර වේලට නිතර එකතු කරගන්න.

* ​දිනකට විනාඩි 20-30ක් වත් වේගයෙන් ඇවිදීම හෝ ක්‍රියාශීලීව සිටීම අනිවාර්ය කරන්න.

* ​උදෑසන හිස්බඩ මද උණුසුම් වතුර වීදුරුවකට දෙහි යුෂ ( gastritis තියෙනවා නම් දෙහි බිංදු දෙකක් ප්‍රමාණවත්) ස්වල්පයක් දමා පානය කරන්න.

* හැකිනම් කරාබුනැටි 1 ක්, උලුහාල් ස්වල්පයක් පසුදින වතුරේ දමා පෙරාගත් වතුර ටිකක් පානය කරන්න.

* ​කුරුඳු තේ හෝ බෙලිමල් වැනි ස්වභාවික පාන වර්ග වලට හුරු වන්න.

​අධික මානසික ආතතියත් කොලෙස්ට්‍රෝල් වැඩි වෙන්න බලපානවා.

එනිසා සතුටින් සහ සැහැල්ලුවෙන් ඉන්න උත්සාහ කරන්න.

* දිනකට විනාඩි හතක් දහයක් අතර ප්‍රමාණයක් ඔබ කැමැති වර්ගයේ සංගීතයකට සවන් දෙන්න.

* යෝගාසන පුරුදුවීම. (මේ පිළිබඳව වැඩිදුර ලිපියක් ගෙන එන්නම් 🙂)

මේව කරලා මාස තුනකින් නැවත චෙකප් එකක් කරගන්නත් අමතක කරන්බ්න එපා. වෙනස දැක්කම ඔබටම සෙල්ෆ් මොර්ටිවටිඔන් එකක් ලැබෙයි.

​මතක තබා ගන්න: ඔබේ සෞඛ්‍යය ඔබේ අතේය. සුළු රෝග ලක්ෂණයක් හෝ ඇත්නම් නිසි වෛද්‍ය පරීක්ෂණයක් කරගැනීමට මැලි නොවන්න. මොකද ඔබට, ඔබේ ආදරණීයයන්ට ඔබව ඉතාමත් වටින නිසා. 💚💚💚

🌱 My Ayurveda Diary 🌱
ශරීරයට සවන් දෙන සටහනක්
Dr.Konara ( BAMS.University of Colombo )

🌿 පොඩි කරපිංචා පැළයක් පුළුවන් නම් ගේ ඇතුළේ තියාගන්න!​අපි හැමෝම කරපිංචා පාවිච්චි කරන්නේ හොද්දට රසයත්, සුවඳත් එකතු කරගන්න ...
25/02/2026

🌿 පොඩි කරපිංචා පැළයක් පුළුවන් නම් ගේ ඇතුළේ තියාගන්න!

​අපි හැමෝම කරපිංචා පාවිච්චි කරන්නේ හොද්දට රසයත්, සුවඳත් එකතු කරගන්න විතරයි නේද? හැබැයි කරපිංචා කියන්නේ ඊට වඩා ගොඩක් එහා ගිය "දිව්‍යමය ඖෂධයක්."මේවා ආහාර සඳහා ගත්තම තියෙන පල ප්‍රයෝජන ඕනෑ තරම් අද කාලේ හොයාගන්න පුළුවන්. ඒ නිසා මම ඒක ගැන කියන්න යන්නේ නෑ. එහෙනම් අපි ඔයා මේක ගේ ඇතුළක තියාගන්න ඕනි ඇයිද කියලා බලමු.

ඉඩකඩ තියෙනවා නම්, කුඩා පෝච්චියක හරි කරපිංචා පැළයක් ඔබේ නිවස ඇතුළේ (ජනෙල් පියනක් අසල වැනි ස්ථානයක) තියා ගන්න.

​කරපිංචා පත්‍ර මගින් නිකුත් කරන සුවඳ සහ වාෂ්පශීලී තෙල් වර්ග නිවසට නැවුම් ගතියක් එක් කරන අතර වාතයේ ඇති අහිතකර බැක්ටීරියා මර්දනය කිරීමට උදවු වෙනවා. සරලව කිවුවොත් air filter එකක් විදියට වැඩකරනවා.

මේක හොද Aromatherapy ක්‍රමයක්.ඒ කියන්නෙ
​කරපිංචා වල අඩංගු සුවිශේෂී සුවඳ (Aroma) ආයුර්වේදයට අනුව මනස සන්සුන් කිරීමට සමත් බෙනවා. කාර්යබහුල දවසක අවසානයේ ඒ නැවුම් සුවඳ විඳීමෙන් මානසික පීඩනය තරමක් දුරට අඩු කරගන්න පුළුවන්. ඒ වගේම ජලයෙන් ඇතිවන fresh ගතියට ලග ගටියක් අපේ මොලයට දැනීමට සමත් වෙනවා.

​අපේ පැරණි ගැමි විශ්වාසයන්ට අනුව, කරපිංචා වැනි සුවඳැති ඖෂධීය පැළෑටි නිවස අසල හෝ නිවසේ තිබීම ධන වාසනාව සහ නිරෝගීභාවය කැඳවන ලක්ෂණයක් ලෙස සැලකෙනවා.

කරපිංචා පැළයට හොඳින් හිරු එළිය අවශ්‍යයි. ඒ නිසා ජනේලයක් අසලින් තබා දවසකට වරක් ස්වල්ප වශයෙන් වතුර දමන්න.

​ඔබේ නිවසේත් කරපිංචා පැළයක් තියෙනවාද? නැත්නම් අදම පැළයක් හිටවා ගමුද? 🌿✨🙂

🌱 My Ayurveda Diary 🌱
ශරීරයට සවන් දෙන සටහනක්
Dr.Konara ( BAMS.University of Colombo )

ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද ශික්ෂණ රෝහලේ සමස්ත සේවක මණ්ඩලයම එකම පවුලක් මෙන් අත්වැල් බැඳගත් සුවිශේෂී අවස්ථාවක් පසුගියදා ...
21/02/2026

ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද ශික්ෂණ රෝහලේ සමස්ත සේවක මණ්ඩලයම එකම පවුලක් මෙන් අත්වැල් බැඳගත් සුවිශේෂී අවස්ථාවක් පසුගියදා දැකගන්න ලැබුනා. තරාතිරම් භේදයකින් තොරව, පොදු අරමුණක් වෙනුවෙන් කැපවීමේ අගය කියාපාමින්, රෝහල් ඉතිහාසයට නව අභිමනයක් එක් කිරීමට ඔවුන් සමත් උනා. ඒ ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද රෝහලේ නව යෝගා ශාලාව විවෘත කිරීම නිමිත්තෙන් පැවැත්වූ ආශිර්වාද පිරිත් පින්කම

​මෙම පින්කමේ විශේෂත්වය වූයේ රෝහල් පද්ධතියේ පවතින සාමූහිකත්වයයි. රෝහල් අධ්‍යක්ෂකතුමාගේ මගපෙන්වීම යටතේ
​විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍ය කාර්ය මණ්ඩලය, ​හෙද සහ පරිපූරක සේවා නිලධාරීන්
​කනිෂ්ඨ කාර්ය මණ්ඩලය ඇතුළු සියලුම, සේවක පිරිස ​තම තරාතිරම නොබලා, ඉතාමත් ඕනෑකමින් සහ කැපවීමෙන් යුතුව පින්කම සාර්ථක කර ගැනීමට ශ්‍රමයෙන් සහ ධනයෙන් දායකත්වය ලබා දුන්නා.

රෝහල් පරිශ්‍රය දැකුම්කලූ ලෙස සරසා තිබූනු අතර, භක්තිමත් පරිසරයක් තුළ පින්කම ඉතා සාර්ථකව නිම වුනා.

​මෙම නව යෝග මධ්‍යස්ථානය හරහා ඉදිරියේදී රෝගී ජනතාවට වඩාත් ගුණාත්මක සහ පූර්ණ සුවයක් ලබා දීමට වික්‍රමාරච්චි ආයුර්වේද රෝහලට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමු!

ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද රෝහලේ නව යෝගා ශාලාව විවෘත කිරීම නිමිත්තෙන් පැවැත්වූ ආශිර්වාද පිරිත් පින්කම​ශ්‍රී ලාංකීය ආයු...
21/02/2026

ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද රෝහලේ නව යෝගා ශාලාව විවෘත කිරීම නිමිත්තෙන් පැවැත්වූ ආශිර්වාද පිරිත් පින්කම

​ශ්‍රී ලාංකීය ආයුර්වේද ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සේවාවක් ඉටුකරන ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද ශික්ෂණ රෝහලේ ඉතිහාසයට තවත් සුවිශේෂී පරිච්ඡේදයක් එක් කරමින්, පසුගිය 20(2025.02.20) වන දින අභිනවයෙන් ඉදිකළ යෝග ව්‍යායාම ශාලාව විවෘත කිරීමේ මහෝත්සවය අති උත්කර්ෂවත් අයුරින් පැවැවුනා.

​රෝගීන්ගේ සහ සේවක මණ්ඩලයේ කායික හා මානසික සුවතාවය ඉලක්ක කරගනිමින් ඉදිවූ මෙම මධ්‍යස්ථානයට සහ රෝහලට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින්, එදින රාත්‍රියේ සර්ව රාත්‍රික පිරිත් පින්කමක් සහ පසුදින සාංඝික දානමය පින්කමක්ද පැවැත්වුනා.

​මෙම පින්කමේ විශේෂත්වය වූයේ රෝහල් පද්ධතියේ පවතින සාමූහිකත්වයයි. රෝහල් අධ්‍යක්ෂකතුමාගේ මගපෙන්වීම යටතේ
​විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍ය කාර්ය මණ්ඩලය, ​හෙද සහ පරිපූරක සේවා නිලධාරීන්
​කනිෂ්ඨ කාර්ය මණ්ඩලය ඇතුළු සියලුම, සේවක පිරිස ​තම තරාතිරම නොබලා, ඉතාමත් ඕනෑකමින් සහ කැපවීමෙන් යුතුව පින්කම සාර්ථක කර ගැනීමට ශ්‍රමයෙන් සහ ධනයෙන් දායකත්වය ලබා දුන්නා.

රෝහල් පරිශ්‍රය දැකුම්කලූ ලෙස සරසා තිබූනු අතර, භක්තිමත් පරිසරයක් තුළ පින්කම ඉතා සාර්ථකව නිම වුනා.

​මෙම නව යෝග මධ්‍යස්ථානය හරහා ඉදිරියේදී රෝගී ජනතාවට වඩාත් ගුණාත්මක සහ පූර්ණ සුවයක් ලබා දීමට වික්‍රමාරච්චි ආයුර්වේද රෝහලට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමු!

15/02/2026

ගම්පහ ආයුර්වෙද රෝහලේ පිළිකා සායනයේ සම්පූර්න විස්තරය.

ඉතා සරලව කිවුවොත් ආයුර්වේදයේ මූලික සිද්ධාන්තයක් වන්නේ සියලුම රෝගවලට මූලික හේතුව ඔබගේ බඩගින්නේ (අග්නියේ) දුර්වලතාවය යන්නය...
15/02/2026

ඉතා සරලව කිවුවොත් ආයුර්වේදයේ මූලික සිද්ධාන්තයක් වන්නේ සියලුම රෝගවලට මූලික හේතුව ඔබගේ බඩගින්නේ (අග්නියේ) දුර්වලතාවය යන්නයි. අග්නිය දුර්වල වූ විට ආහාර නිසි ලෙස නොදිරවා විෂ ද්‍රව්‍ය නිපදවෙනවා. මේකට අපි ආයුර්වේදයේ "ආම" කියලත් කියනවා.මේ සංකල්පය ඉතා ගැබුරු විශාල එකක් මම මේ ඉතාසරලව කිවුවේ.

ඉතින් මලපහ තමයි මෙම විෂ ද්‍රව්‍ය ශරීරයෙන් බැහැර කිරීමේ ප්‍රධාන මාර්ගය වෙන්නෙ.

ආයුර්වේදයට අනුව, අපගේ මලපහ නිසි පරිදි ශරීරයෙන් බැහැර නොවුණහොත්, එම විෂ ද්‍රව්‍ය නැවත ශරීරය තුල ක්‍රියාත්මක වී යමයම් අවහිරවීම ඇතිකිරීම, සිදුවෙමින් පවතින ක්‍රියාකාරිත්වයන්ට බාදා කිරීමවගේ, අසාමන්‍ය තත්වයන් ඇතිවෙනවා.

ඒ වගේම ශරීරයේ ඇති වාත, පිත්ත, කප යන දෝෂ තුන සමබරව තබා ගැනීමට මලපහ පිටවීම අත්‍යවශ්‍ය වෙනවා. අපිකලින් කතාකරල තියනවනේ, මේ තුන සමබරව තියනවා කියන්නෙම රෝගවලින් තොරව අපිට ජීවත්වෙන්න පුලුවන් කියලා.

උදාහරණයක් විදියට, මලබද්ධය ඇති වූ විට වාතය අවහිර වීමක් නිසා කොන්දේ කැක්කුම, හිසරදය, සහ මානසික ආතතිය පවා ඇති වෙන්න පුලුවන්.

එසේම දිරවා නොගත් ආහාර මලපහ ලෙස වැඩි වේලාවක් ශරීරයේ තිබීමෙන් ශරීරය උෂ්ණ ගතිය වැඩි වී කුරුලෑ, සමේ රෝග ඇති ඇතිවෙන්න පුලුවන්.

මානසික සෞඛ්‍ය ගැනකතාකරොත්
"බඩ පිරිසිදු නම්, මනස සැහැල්ලුයි." 😉

දිනපතා උදෑසන නිසි පරිදි මලපහ පිටවීම මගින් ශරීරය සැහැල්ලු වී, දවස පුරා ක්‍රියාශීලීව සිටීමට මනසට ශක්තිය ලැබෙනවා.

**අපි බලමු, සෞඛ්‍ය සම්පන්න මලපහ පිටවීමක් හඳුනා ගන්නේ කොහොමද කියලා,**

* උදෑසන අවදි වූ වහාම හෝ තේ/කෝපි පානය කිරීමට පෙර ස්වාභාවිකව මලපහ පිටවෙනවා නම් එය ඉතාමත් හොද තත්වයක්. සමහරුන්ට තේ වගේ දෙයක් ගත්තම යන එක ලොකු ගැටලුවක් නෙවෙයි මොකද පුරුද්දක් විදියක ඒක යම් කාලයක් තිස්සේ පැවතෙන නිසා.

* විනාඩි 5-10ක් ඇතුළත කිසිදු අපහසුවකින් තොරව මල පිටවෙනවානම ඉතාම හොදයි.

* මලපහවල අධික දුගඳක් නොතිබීමද යහපත් මල පිටවීමක ලක්ශනයක්.

තව ඉතාවැදගත් ලක්ශනයක් තියනවා.

ඔබේ මල ජලයේ ගිලෙනවානම් (Sinking) ඒක ඔබේ ශරීරයේ අග්නිය දුර්වලතාව පෙන්නන ලක්ශනයක්. එයින් අදහස් කරන්නේ ආහාර නිසි පරිදි ජීර්ණය වී නොමැති බවත්,​ "ආම" (අජීර්ණ විෂ) ශරීරයේ වැඩි බවත් යන කාරනායි. ඒවගේම බඩවැල්වල ක්‍රියාකාරිත්වය මන්දගාමී වී තියෙන්නත් පුලුවන්. ​මේ වෙලාවෙදි ආහාරවල පෝෂණය ශරීරයට නිසි ලෙස උරාගෙන නෑ.ඉතින් කොච්චර කෑවත් ඇගට දුර්වල ගතියක්, අලස කමක් දැනෙනවා.

ඔබේ ​මලපහ ජලයේ මතුපිට පාවෙන්නේ නම්, එය ශරීරයේ අග්නිය (ජඨරාග්නිය) නිසි පරිදි ක්‍රියා කරන බවට ලක්ෂණයක්. ආහාරවල ඇති පෝෂණය නිසි පරිදි දිරවා, ශරීරයට උරාගෙන, ඉතිරි දේ පමණක් බැහැර වීමේ ලක්ශනයක්.
​ඒ කියන්නෙ ඔබේ ආහාර ජීර්ණ පද්ධතිය නිරෝගීව හොදට වැඩ 😉.

🌿 සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් සඳහා උපදෙස්:

* උදෑසන අවදි වූ වහාම හිස් බඩ මද උනුසුම් වතුර වීදුරුවක් පානය කරන්න.

* තන්තු සහිත ආහාර (Fiber) ඒ කියන්නෙ පලා වර්ග, එළවළු සහ පලතුරු ආහාරයට එක් කරගන්න.

අධික තෙල් සහිත ආහාර කපා හරින්න. මොකද ක්ෂණික ආහාර (Fast Food) මලබද්ධයට ප්‍රධාන හේතුවකි.

යෝගා හෝ ඇවිදීම වැනි සැහැල්ලු ව්‍යායාම කරන්න. එමගින් බඩවැල්වල ක්‍රියාකාරිත්වය වැඩි කරයි.

ඔබට සතියකට වරක් හෝ දෙවරක් පමණක් මලපහ පිටවන්නේ නම්, එය නොසලකා හරින්න එපා. වහාම ඔබට පහසු වෛද්‍ය වරයෙකුට පෙන්නවා උපදෙස් ලබාගන්න.

තේරෙනවද මලපහ කියන්නෙ නිකම්ම නිකන් දෙයක් නෙවෙයි ඒක අපේ නිරෝගිකමේ කැඩපතක් කියලා. ඒ නිසා මේ පිලිබද හොද අවදානයක් යොමුකිරීම, තවකෙනෙක් දැනුවත් කිරීම අපේ සෞඛ්‍ය නිසිආකාරයෙන් පවත්වාගන්න ඉතාමත් වැදගත් වේවි.

🌱 My Ayurveda Diary 🌱
ශරීරයට සවන් දෙන සටහනක්
Dr.Konara ( BAMS.University of Colombo )

14/02/2026

පිළිකාව කියන වචනය ඇහෙන මොහොතේම ලෝකයම නතර වුණා වගේ දැනෙන එක, ජීවිතය අසරණ වුණා වගේ දැනෙන එක අතිශය සාමාන්‍යයි. ඒ දුක, ඒ වේදනාව, ඒ බිය දන්නේ ඒ රෝගය තමන්ගේ සිරුරේ දරාගෙන ඉන්න කෙනාම විතරයි. නමුත්, අද අපි ඉන්නේ නූතන යුගයක. පිළිකාව කියන්නේ තවදුරටත් ජීවිතයේ අවසානය නෙවෙයි.

​අපි දියවැඩියාව, අධි රුධිර පීඩනය වගේ බෝනොවන රෝග ඒක පාලනය කරගෙන ජීවත් වෙනවා වගේම, පිළිකාවත් නිසි කළමනාකරණයකින් යුතුව පාලනය කරගන්න පුළුවන් තත්ත්වයක් දක්වා දියුණු වෙලා තියෙනවා.

මෙහි දැනුවත් කරන සායනය මගින් ඔබ, දැනටමත් බටහිර වෛද්‍ය විද්‍යාත්මක ප්‍රතිකාර (Chemotherapy, Radiation) ලබමින් සිටී නම්, ආයුර්වේද ප්‍රතිකාර මගින් එම ක්‍රියාවලියට ශක්තියක් ලැබේවි.

​ප්‍රතිකාරවල අතුරු ආබාධ අවම කරමින්, ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය කිරීමට සහ සිතට සහනයක් ලබා ගැනීමට මෙම සායනයෙන් ඔබට හැකිවේවි.

​"ජීවිතය කියන්නේ ගැටලු නැති තැනක් නෙවෙයි. නමුත් ඒ ගැටලුත් එක්ක ජීවිතය දිනන හැටි ඉගෙන ගැනීමයි සැබෑ ජීවිතය."

🌱 My Ayurveda Diary 🌱
ශරීරයට සවන් දෙන සටහනක්
Dr.Konara ( BAMS.University of Colombo )

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when My Ayurveda Diary posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category