Hela Astrology

Hela Astrology "Ancient Astrology for Modern Life" ඔබගේ කේන්දරය කියන කතාව තේරුම් ගන්න.
ලග්න | දසාව | කර්ම | ජීවිතය

05/02/2026
 ゚viralシviralシfypシ゚viralシalシ
29/01/2026

゚viralシviralシfypシ゚viralシalシ

නීරෝගිමත් සුභ උදෑසනක් වේවා ..තෙරුවනේ ආශිර්වාදයෙන් නීරෝගී සම්පත්තිය ලැබේවා ..🙏🙏🙏🙏🙏ශ්‍රlධාවෙන් වැඩෙත්වා.සීලයෙන් වැඩෙත්වා.ත...
28/01/2026

නීරෝගිමත් සුභ උදෑසනක් වේවා ..
තෙරුවනේ ආශිර්වාදයෙන් නීරෝගී සම්පත්තිය ලැබේවා ..
🙏🙏🙏🙏🙏
ශ්‍රlධාවෙන් වැඩෙත්වා.
සීලයෙන් වැඩෙත්වා.
ත්‍යාගයෙන් වැඩෙත්වා.
ප්‍රඥාවෙන් වැඩෙත්වා.
ලද පිනට හානි නොකර ගනිත්වා.
අකුසල් දුරැ කොට කුසල් සම්පාදනය ගනිත්වා.
පවිටු මිතුරැ ඇසුර නොලබත්වා.
සත්පුරැෂයින්ගේ ඇසුර ලබත්වා.
මැනවින් තිදොර සංවර කර ගනිත්වා.
ලද සැපයෙන් සැපයට පැමිණෙත්වා
දැහැමි ලෙස ධනය රැස්කරත්වා.
අසරණ මිනිසුන්ට ඇති හැකි පමණින් පිහිට වෙත්වා..
සියළු සත්වයින් දෙස..මෛත්‍රී කරැණා මෙත් සිතින් බලත්වා.
සියළු සත්වයින් ලද තම ජීවිතයට කැමති බැවින්,
තිරිසන් සත්වයින් හට හිංසාවක් පිඩාවක් හිරිහැරයක් නොකරත්වා.

සබ්බෙ සත්තා භවන්තු සුඛිතත්තා –
සියලු සත්ත්වයෝ සුවපත් සිත් ඇත්තෝ වෙත්වා!
නීරෝගිමත් සුභ උදෑසනක් වේවා ..
🙏🙏🙏🙏🙏

"කාල සර්ප දෝෂය – ඇත්ත, මිතිය හා ජීවිතය"කාල සර්ප දෝෂය – ඇත්ත නැත්ත, බය නොවී තේරුම් ගනිමුඅද අපි කතා කරන්න යන්නේ ජෝතිෂ්‍ය ල...
26/01/2026

"කාල සර්ප දෝෂය – ඇත්ත, මිතිය හා ජීවිතය"
කාල සර්ප දෝෂය – ඇත්ත නැත්ත, බය නොවී තේරුම් ගනිමු

අද අපි කතා කරන්න යන්නේ ජෝතිෂ්‍ය ලෝකයේ බොහෝ දෙනෙක් බය කරන, ඒ වගේම විවිධ මත ගැටුම් ඇති කරන මාතෘකාවක් ගැන. ඒ තමයි කාල සර්ප දෝෂය. මම වෘත්තියෙන් ජෝතිෂවේදියෙක් නොවෙයි, ජනමාධ්‍යවේදියෙක්. නමුත් මේ දෝෂය ගැන බොහෝ දෙනා අහපු, බය වෙච්ච, අවුල් වෙච්ච හැටි දැකලා, මේක තේරෙන සිංහලෙන්, බය කරවන්නෙ නැතිව කතා කරන්න හිතුනා.

කාල සර්ප දෝෂය කියන්නේ මොකක්ද?

අපේ පැරණි ගැමි වහරේ කියමනක් තියෙනවා – "එක වැටක පැත්තකට වැටුණු ගොයම් වගේ" කියලා. කාල සර්ප දෝෂය කියන්නෙත් හරියට ඒ වගේ දෙයක්.

කේන්දරයක් කියන්නේ කොටු 12කින් සමන්විත ගෙයක් වගේ. මේ ගෙදර රාහු සහ කේතු කියන ග්‍රහයෝ දෙන්නා හරියට වැටක් වගේ එක පැත්තකට සිටගෙන, අනිත් හැම ග්‍රහයෙක්ම (රවි, සඳු, කුජ, බුධ, ගුරු, ශුක්‍ර, ශනි) ඒ වැටෙන් එක පැත්තකට කොටු වුණොත්, ඒ සැලැස්මට තමයි කාල සර්ප දෝෂය කියන්නේ.

ගමේ බසින් කිව්වොත් 🌾
හරියට හරක් පට්ටියක් එක පැත්තකට ගාල් කරලා, රංචුවේ නායකයෝ දෙන්නෙක් (රාහු සහ කේතු) වැටේ දෙපැත්ත මුර කරනවා වගේ තත්ත්වයක්.

මේ දෝෂයේ බලපෑම් කොහොමද?

කාල සර්ප දෝෂය තියෙනවා කියන්නේ ජීවිතේ විනාශයක් කියන එක නෙවෙයි. නමුත් බොහෝ දෙනා අත්විඳින පොදු දේවල් කිහිපයක් තියෙනවා.

දියුණුවට බාධා – හරියට නගුල අදිනකොට එක රෝදයක් හිරවෙනවා වගේ, වැඩ හරියට යන වෙලාවට පොඩි බාධාවක්.

ප්‍රමාදය – ලැබෙන්න තියෙන දේ ටිකක් පස්සට යනවා. විවාහය, රැකියාව, උසස්වීම් වගේ දේවල් කාලය ගන්නවා.

මානසික පීඩනය – හිතට නිකන් බරක්, අඳුරු වැහි වලාකුළක් ඔළුව උඩ තියෙනවා වගේ හැඟීමක්.

මේක ඇත්තටම මාරක දෝෂයක්ද?

නැහැ. මේක තමයි වැදගත්ම කාරණාව. කාල සර්ප දෝෂය තියෙන හැමෝම අසාර්ථක වෙන්නේ නැහැ. ලෝක ප්‍රසිද්ධ නායකයන්, ව්‍යාපාරිකයන්, කලාකරුවන්ගේ කේන්දර වලත් මේ දෝෂය තිබිලා තියෙනවා.

ඇත්තටම වෙන්නේ, මේ දෝෂය තියෙන අයට ජීවිතේ මුල් කාලේ ටිකක් කටුක පාරක යන්න සිද්ධ වෙන එකයි. හැබැයි ඒ කටුක ගමනෙන් පන්නරය ලබන කෙනා, පස්සේ කාලෙක රත්තරන් වගේ බැබළෙනවා.

තවත් වැදගත් දෙයක් මතක තියාගමු

ජීවිතේ අපි මුහුණ දෙන හැම ප්‍රමාදයක්ම, හැම අසීරුතාවක්ම කාල සර්ප දෝෂයට දාලා නිදහස් වෙන්න බැහැ. සමහර වෙලාවට ඒවා අපේම තීරණ, අපේම කම්මැලිකම්, නැත්නම් කාලය හරියට භාවිතා නොකිරීම නිසා ඇති වෙන දේවල්.

ජෝතිෂය කියන්නේ අපේ ජීවිතයට මඟ පෙන්වන සිතියමක් විතරයි. සිතියම තිබුණත්, වාහනය ධාවනය කරන්න ඕනේ අපිමයි.

කාල සර්ප දෝෂය නිවාරණ සරල පිළියම්

මේවා බය කරවන මන්ත්‍ර නොවෙයි. අපේ සංස්කෘතියෙන් එන, හිත සන්සිඳවන සරල දේවල්.

බෝධි පූජා පැවැත්වීම – විශේෂයෙන් සඳුදා දිනවල. හිතේ සන්සිඳීම තමයි ප්‍රධාන.

ශිව දෙවියන් වන්දනා කිරීම – රාහු–කේතු අපල මෘදු කරගන්න පාරම්පරික පිළියමක්.

දාන මාන දීම – බඩගිනි කෙනෙක්ට කෑම, අසරණ කෙනෙක්ට උදව්වක්. මේවා තමයි බලවත්ම ප්‍රතිකාර.

සර්පයන්ට හා සත්වයන්ට හිංසා නොකිරීම – අපේ ගැමි සංස්කෘතියේ තිබුණ සරල නීතියක්.

මනස ශක්තිමත් කරගැනීම – භාවනා, සද්ධර්ම ශ්‍රවණය, හොඳ පොත් කියවීම.

අවසාන වශයෙන්

කේන්දරේ ග්‍රහයෝ කොටු වුණාට, ඔබේ උත්සාහය සහ කැපවීම කොටු කරන්න කාටවත් බැහැ. වැටක් තිබුණත්, වැටෙන් පැනලා යන්න පුළුවන් හයියක් හිතේ තියෙනවා නම්, ඕනෑම “සර්පයෙක්” දමනය කරන්න පුළුවන්.

ජෝතිෂය කියන්නේ භය ඇති කරන යාන්ත්‍රණයක් නොවෙයි. ඒක අපේ සංස්කෘතික උරුමයක් විතරයි. ජීවිතය ජය ගන්නෙ ග්‍රහයෝ නෙවෙයි – ඔබමයි.

ඔබේ කේන්දරෙත් කාල සර්ප දෝෂය තියෙනවද? ඔබේ අදහස් පහළින් කමෙන්ට් කරන්න 👇

රාහු කාලය යනු කුමක්ද? (What is Rahu Kalaya?)සාමාන්‍ය ව්‍යවහාරයට අනුව අද දවසේ රාහු කාලය හෝ සතියේ, දිනපතා රාහු කාලය යනු වි...
15/01/2026

රාහු කාලය යනු කුමක්ද? (What is Rahu Kalaya?)
සාමාන්‍ය ව්‍යවහාරයට අනුව අද දවසේ රාහු කාලය හෝ සතියේ, දිනපතා රාහු කාලය යනු විශ්වයේ අයහපත් කිරණ ඒකීභූත වන අවස්‌ථාවක්‌ හැටියටය. අප ජීවත්වන පෘථිවිය හා චන්ද්‍රයා ද සූර්යයා වටා භ්‍රමණය වන විට, දල වශයෙන් ගත් කල ජ්‍යොතිෂ්ශාස්ත්‍රයට අනුව සූර්යයාගේ කිරණ යම් කැපී යන අවස්‌ථාවක්‌ ඇත. එහි එක්‌ තැනක්‌ කේතු වේ. එහි අංශක 180 කින් අනිත් පැත්ත රාහු වේ. දල වශයෙන් විනාඩි 90 ක කාලයක්‌ පුරාවට පවතින මෙම කාලය තුළදී අප පෘථිවිය කරා පතිත වන්නේ අයහපත් වූ කිරණ බව ජ්‍යොතිෂ්‍ය පොත පතෙහි ග්‍රන්ථාරූඪ කර ඇත. රාහු කාළය පවතින වේලාව තුළ කරන වැඩ සාර්ථක නොවන්නේ එම අයහපත් කිරණ නිසා යෑයි ද සෘෂිවරු පවසා තිබේ. එම කාලය තුළ වැඩක්‌ කළොත්, ප්‍රශ්න., ගැටලු., බාධා සහ අවහිරකම් සිදු වී අනතුරු පවා සිදු වන්නට වැඩි අවකාශයක් පවතී. විශ්වයේ පවතින අහිතකර කිරණ රාහු කාලයට අයත් වේලාව (Time belonging to Rahu period.) තුළ ඒකරාශීව පවතින බැවින් ඒ කාලය තුළ යහපත් කිසිවක්‌ නොකළ යුතු බවද දෛවඥයෝ පවසා ඇත. සමහර අවස්ථාවන්හිදී කේන්දරයේ ග්‍රහ සංයෝග වල බල පරාක්‍රමයන්ට අනුව පූරුවේ වාසනාවකට එම කාළය තුල කරන්නා වූ කටයුත්තක් සාර්ථක වියහැකි නමුත් සමස්ථයක් වශයෙන් වැඩි ප්‍රවණතාවය වන්නේ එම කාලය තුළ (During those Rahu timing.) වැදගත් සුබ කාර්යයක් කිරීමට යාමෙන් අවහිරතාවයක්, බාධාවක්‌ හෝ අනතුරක් සිදුවන්නට ඇති අවස්ථාවන් උදා වීමයි.

රාහු චක්‍රයෙ මූලික පදනම වන්නේ ප්‍රහරක කාලයයි. දිනකට ප්‍රහකර කාල 08 ක් ඇත. එය දෛනිකව පැය 24 අටකට බෙදයි. ඉන් ලැබෙන පැය 03 ක් එම ප්‍රහරක කාලයට අයත් වෙයි. මෙම කාලය නැවත දෙකට බෙදයි. එය විනාඩි 90 ක කාලය අර්ධ ප්‍රහරක කාලය වේ. මෙම පළමු පැය 1 1/2 ක කාලය දිනය අදිපතිට හිමිය. දිනය අධිපතිට අනුව පිළිවෙළට අනෙක් ග්‍රහයන්ට ඉතිරි කාලය හිමිවෙයි. එහිදී රාහුගේ ගමන පසුපසට සිදුවන අතර දවස තුළ රාහු දිශා 04 න් 04 ට පැන යයි. එය රාහු පිම්ම ලෙසද අර්ථකතනය කරයි. ප්‍රහරක කාලය ගණනය කරනු ලබන්නේ දිනයේ ඉර උදාවේ සිට පසු දින ඉර උදාව දක්වාය. රාහු කාළය යනු වෙන් ගණනය කරනුයේ අදාල දිනයේ ඉර උදාවේ සිට ඉදිරි දිනයේ ඉර උදාව දක්වා වේ. එය ඉර උදාව සිට සවස ඉර බැසීම දක්වා කාලය බෙදා රාහු කාලයට එක් කිරීමෙන් නොවේ. ගණනය කිරීමේ පහසුව තකා හිරු උදාව උදෑසන 6 ලෙස සලකා එය සිදු කරනු ලැබේ. සාමාන්‍යයෙන් සූර්යා උදා වන්නේ එක් එක් ප්‍රදේශයන්ට විවිධ වූ වේලාවන් තුලදීය. ඒ අනුව ඉහතින් දක්වා ඇත්තේ සමස්ථ ශ්‍රී ලංකාවේදී කොළඹ අග නගරය පදනම් කරගෙනය. උතුරු අක්ෂාංශ 6.93° ට සහ නැගෙනහිර දේශාංශ 79.86° ට අදාල මධ්‍ය ලක්ෂයට ඒ ඒ දිනයන්හිදී සිදුවන්නා වූ සූර්ය උදාව අනුව ශ්‍රී පංචායුධ ජ්‍යෝතිෂ සේවා විසින් ගණනය කරන්නා වූ සජීවී රාහු කාලයයි. සුබ වෙලාව හෝ වේලාවන් (ශුභ මුහුර්ථ) ගණනය කිරීමේදී මෙම අසුබ කාල (Get daily most accurate Rahu Time) සීමාව අත් හැරීමෙන් කාර්ය සිද්ධියද ඉහල යයි. එමෙන්ම සුබ කටයුතු වල සඵලතාවය ඉහල යන බවට අතීතයේ සිට විශ්වාසයක් පවතී. මීට අමතරව සුබ දිසාව (Good Direction.), මරු සිටින දිශාව (Bad Direction. / Maru Sitina Disawa.), සුබ වර්ණය (Best Colour.) මෙන්ම සුභ නැකත් ආදියද මෙම සේවාවෙන් ලබා ගත හැක. 2025., 2026., 2027., 2028., 2029 සහ 2030 වර්ෂ සඳහා මෙන්ම 2031., 2032., 2033., 2034 සහ 2035 යන වසර වෙනුවෙන් ඕනෑම කාල පරාසයක රාහුකාලය ඔබට එසැනින් ලබා ගත හැක.

පුරාණ ජ්‍යෝතිෂ විද්‍යාවට අනුව "රාහු කාලය යනු" දිනක සූර්ය දවසක් තුළ අශුභ බලවේග පවතින හෝරාවයි. එය, ඕනෑම සුබ කටයුත්තක් හෝ අලුත් කාර්යයක් ආරම්භ කිරීමට නුසුදුසු කාල සීමාවකි. මෙම කාලය දිනපතා වෙනස් වන අතර ලෝකයේ, ඒ ඒ ප්‍රදේශයට අනුවද වෙනස් වේ. එය ප්‍රධාන වශයෙන්ම ගණනය කරනු ලබන්නේ එදිනට අදාළ ඉර උදාවන වේලාව පදනම් කරගනිමිනි. සාමාන්‍යයෙන් හෝරා එකහමාරක (පැය 1 විනාඩි 30) කාල පරාසයක් පුරා පවතින රාහු කාලය, පොදුවේ උදෑසන 6:00 ට ඉර උදාව සිදුවන බව උපකල්පනය කර බොහෝ වෙබ් අඩවි වල සටහන් කර තිබේ. වඩාත් නිවැරදිම තොරතුරු ලබාගැනීම සඳහා ඒ ඒ ප්‍රදේශයන්හි සැබෑ ඉර උදාවන වේලාවට අනුව එය සකසා ගත යුතු වේ. සාමාන්‍යයෙන් ලෝකයේ ඕනෑම රටක, නගරයක හෝ ප්‍රදේශයක සුබ අසුබ හෝරාව දල වශයෙන් ගණනය කරන්නේ හිරු උදාව උදෑසන 6.00 ලෙස සකලාය. නමුත් අද වේවා., හෙට වේවා., සුභ නැකත් සහ මුහුර්ත (Nakath Time today or tomorrow.) සඳහා රාහු දසාව අශුභ බැවින් සුභ කාලය ලබා ගැනීමට නම්, එය නිවැරදිවම හිරු උදාවට අනුකූල විය යුතුයි. ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාවේ අග නුවර වන කොළඹ පාදක කරගෙන එය සිදු කරයි. ශුභ මුහුර්ථ සකසන විට නම් ඉර නැගීම සහ ඉර බැසීම මත පදනම් වේ. එහිදී සතියේ සුබ දවස් සඳහා වැඩි අවධානයක් යොමු කරයි විශේෂයෙන් . ඒ ඒ පළාතට අදාල ප්‍රධාන නගර වලට බලපාන අසුබ වෙලාව හෙවත් රාහු දශාවට ඇති කාළ වෙනස මෙසේය. ගම්පහ - කාල වෙනස විනාඩි 01., කළුතර - කාල වෙනස විනාඩි 01., මහනුවර - කාල වෙනස විනාඩි 03., මාතලේ - කාල වෙනස විනාඩි 03., නුවරඑළිය - කාල වෙනස විනාඩි 04., ගාල්ල - කාල වෙනස විනාඩි 02., මාතර - කාල වෙනස විනාඩි 03., හම්බන්තොට - කාල වෙනස විනාඩි 05., යාපනය - කාල වෙනස විනාඩි 01., මන්නාරම - කාල වෙනස විනාඩි 00., වවුනියාව - කාල වෙනස විනාඩි 02., මුලතිවු - කාල වෙනස විනාඩි 03., කිලිනොච්චිය - කාල වෙනස විනාඩි 02., මඩකලපුව - කාල වෙනස විනාඩි 08., අම්පාර - කාල වෙනස විනාඩි 07., ත්‍රිකුණාමලය - කාල වෙනස විනාඩි 05., කුරුණෑගල - කාල වෙනස විනාඩි 02., පුත්තලම - කාල වෙනස විනාඩි 00., අනුරාධපුරය - කාල වෙනස විනාඩි 02., පොළොන්නරුව - කාල වෙනස විනාඩි 05., බදුල්ල - කාල වෙනස විනාඩි 05., මොණරාගල - කාල වෙනස විනාඩි 06., රත්නපුරය - කාල වෙනස විනාඩි 02., කෑගල්ල - කාල වෙනස විනාඩි 02. ඒ අනුව, අග නුවරට වඩා යම් හෝ විනාඩි ගණනක් කලින් අශුභ දසාව ක්‍රියා කරන බව පෙන්වා දිය යුතුය.

******* -----ඔලුවක් නැති රාහු------- ******ඔබේ හඳහනේ ඉන්නෙ කොතැනද ?රාහු තමා සිටින රාශියේ ගුණයන් ආරෝපණය කර ගන්නා ග්‍රහයෙක...
15/01/2026

******* -----ඔලුවක් නැති රාහු------- ******
ඔබේ හඳහනේ ඉන්නෙ කොතැනද ?
රාහු තමා සිටින රාශියේ ගුණයන් ආරෝපණය කර ගන්නා ග්‍රහයෙකි. මේෂ රාශීගත රාහු, එහි අධිපති වන කුජ සතුව පවතින ගුණයන් සමහර අවස්ථාවලදී ආරෝපණය කරගනී. එම නිසා සිය කාර්යක්ෂමතාවය උසස්ම ආකාරයෙන් ක්‍රියාත්මක කරන නිසා කුමන ආකාරයක් වුවද ක්‍රියාශීලීව ඉටුකරයි. නිර්භීතය. ලග්නය මේෂ රාශිය වී එහි රාහු තැන්පත් වූ විට අන්‍යයන්ගේ අදහස් දැරීමට බෙහෙවින් ම අකමැතිය. තම මතයට පමණක් කටයුතු කිරීමට පෙළඹේ. මුරණ්ඩු බව නිසා සම්බන්ධතාවයන් පවා නිසි ලෙස පවත්වාගෙන යෑමට නොහැකි වේ.
මෙවැන්නන් ආගම දහමට වැඩි උද්යෝගයක් නැත. 10 වැනි භාවය මේෂ රාශිය වී එහි රාහු තැන්පත් වූ විට රැකියාව සම්බන්ධයෙන් පවතින උනන්දුව වැඩිය. කුමන අපහසු කාර්‍යක් වුවද ඉටු කිරීමට කම්මැලි නොවේ. මෙවැනි ජන්මීන් කුමනාකරයේ විපතක්, කරදරයක්, හිරිහැරයක් වුවද ඒ පිළිබඳව කම්පා නොවී මුහුණ දීමේ හැකියාවක් පවතින අය වේ. බෙහෙවින්ම ඔරොත්තු දීමේ ශක්තිය ඇත. ඉවසීමෙන් කටයුතු නොකරන නිසා සමහර අවස්ථාවලදී සතුරු කරදර වලට ලක් වීමට සිදුවේ. 6 වැන්න මේෂ රාශිය වී එහි රාහු තැන්පත් වීමෙන් නැති කරදර ඇති වේ. සතුරන් නිසා අලාභ හෝ පාඩු සිදුවේ.
මේෂ රාශිය 11 වැන්න වී එහි රාහු තැන්පත් වීම වඩාත් හොඳ පිහිටීමකි. එබැවින් සාමාන්‍ය ක්‍රමයට වඩා අනපේක්ෂිත ආකාරයෙන් ධනය ලබා ගැනීමට උත්සාහ ගනී. ධනය ඉපයීමට උනන්දුව වැඩි වේ. ඉඩම්, විවිධ කර්මාන්ත, ඛණිජ සම්පත්, සූදු ක්‍රීඩා වලින් ආදායම් හිමි කර ගනී. මෙවැන්නන් ට මිතුරන් ගේ මාර්ගයෙන්ද ආදායම් වර්ධනය කර ගැනීමට හැකිය. 12 වැන්න එනම් වැය ස්ථානය තුළ රාහු තැන්පත් වීම එතරම් හොඳ පිහිටීමක් නොවේ. බොහෝ අවස්ථාවලදී නිකරුණේ මුදල් වැය වේ..
විවාහ ස්ථානය මේෂ රාශීය වී එහි රාහු තැන්පත් වීම තුල පවුලේ සමගිය ආරක්ෂා නොවේ. බොහෝ අවස්ථාවලදී සහකාරියගේ හෝ සහකරුගේ මතයට අවනත කර ගැනීමට උත්සාහ ගැනීම නිසා අඹු සැමියන් අතර වාද විවාද ඇති වේ. රාහු 7 වැන්නේ පිහිටන බොහෝ දෙනා පුරුෂයින් නම් තමාට වඩා වයසින් වැඩි කාන්තාවන් ද, කාන්තාවන් නම් තමාට වඩා වයසින් බාල පුරුෂයන් ද විවාහ කර ගැනීමට පෙලඹේ . රාහු සමග කුමන ක්‍රමයකින් හෝ කුජ සම්බන්ධ වුවහොත් විවාහය යහපත් නොවන අතර විවාහය බිඳ වැටීමට පවා ඉඩ ඇත. විවාහය බෙහෙවින්ම දුක්බර එකක් වේ . අපේක්‍ෂා කරන ආකාරයට සම්පත් ලබා ගැනීමට නොහැකිය. ලිංගික ජීවිතයේ අවුල් වියවුල් ගැටලු තත්ත්ව ඇති වේ.
8 වැන්න විවාහයට යම් බලයක් පවතින ස්ථානයකි. මෙහි රාහු තැන්පත් වූ විට සහකරු හෝ සහකාරිය වස්තු සම්පත් අතින් දියුණු කෙනෙක් වුවද විවාහය යහපත් ආකාරයෙන් නො පවතී. නිතරම මත ගැටුම් ඇති වේ. මෙවැන්නන්ගේ වචන බෙහෙවින්ම වේගවත්ය. එම නිසා අදහස් ප්‍රකාශනයේදී සැලකිලිමත් නොවුනහොත් අපහසුතා වලට ලක් වීමට ඉඩ ඇත.
රාහු මේෂයේ සම තත්ත්වයෙන් පසු වුවද 5වැන්න තුළ තැන්පත් වූ විට ඉගෙනීමට අයහපත්ය. කුමන ආකාරයකින් හෝ ඉගෙනීම බිඳ වැටේ. නැතහොත් අපේක්ෂා කරන ආකාරයෙන් ඉගෙනීම වර්ධනය නොවේ. ගැඹුරු හෝ සියුම් කලාත්මක විෂයන් සම්බන්ධයෙන් දක්ෂතාවන් නැත. 5 වැන්න ආදරය ප්‍රේමය නියෝජනය කරනු ලබයි. රාහු පස් වැන්න තුළ තැන්පත්ව සිටීමට ප්‍රේම සම්බන්ධතා වැඩි කාලයක් සාර්ථක භාවයෙන් පවත්වා ගෙන යෑමට අපහසුවේ. කුමන ආකාරයකින් හෝ ඒවා කඩාකප්පල් වීමට ඉඩ ඇත. මෙම ස්ථානය දරුවන් සම්බන්ධයෙන්ද බලවත් වේ. එබැවින් රාහු 5 වැන්න තුළ තැන්පත් වීම දරුවන් පිළිබඳ යහපත් නොවේ. ඔවුන් බෙහෙවින්ම අකීකරු, මුරණ්ඩු අය වේ. ඔවුන්ගේ කටයුතු නිසා අපහසුතා වලට ලක්වේ. මේෂ රාශියේ තැන්පත් රාහු යම් යම් දේ පිළිබඳ දක්ෂතා පැවතියද බුද්ධිමත් භාවය උසස්ම ආකාරයෙන් නොපවතී.
ගමන් බිමන් සම්බන්ධ ස්ථානයක් මේෂ රාශිය වී එහි රාහු තැන්පත් වූ විට නිතරම ගමනේ යෙදීමට සිදුවේ. නිවසේ සිටීමට නොහැක. වැඩි වශයෙන් දුර ගමන් යෙදෙන නමුත් ඒවායේ අපේක්ෂිත ප්‍රතිඵල අත් නොවේ. මෙවැන්නන්ට සංචාරක ව්‍යාපාර වලින් ලාභ හිමිවේ. වෙහෙසක් දරා කරනු ලබන පරිපාලන කටයුතු වලින් වාසිදායක තත්ත්වයන්ද ඇතිවේ.
සිතට බෙහෙවින්ම බලපාන ස්ථානයක් තුළ සඳු සමග රාහු සම්බන්ධ වූ විට නිතරම තීරණ වෙනස් කරයි. හිතේ සංසුන් භාවයක් හෝ එකඟතාවයක් ඇති නොවේ. ලිංගිකත්වය කෙරෙහි යම් නැඹුරුත්ථාවක් පවතී. චරිතය වඩාත් උසස් තත්වයෙන් පවත්වාගෙන යෑමට උනන්දු නොවේ. එබැවින් අනියම් ආකාරයෙන් ලිංගික ආශාවන් සන්තර්පණය කර ගැනීමට උනන්දුවේ. එහෙත් රාහු, බ්‍රහස්පති සමඟ සම්බන්ධ වී නම් රාහුගේ සමහර අයහපත් වූ ගති යටපත් වී යහපත් ගුණයන් ඉස්මතු කෙරේ.
6වැන්න එනම් රෝගස්ථානය මේෂ රාශිය වී එහි රාහු තැන්පත් වූ විට සතුරු කරදර යටපත් වේ. සෞඛ්‍ය තත්වය ආරක්ෂා වුවද ආමාෂය ආශ්‍රිත ප්‍රදේශවල උෂ්ණත්වය වැඩි වීමේ රෝග ඇතිවීමට පිළිවන. මෙම ස්ථානයේ රාහු බලවත් ග්‍රහයන්ගේ දෘෂ්ටියට යටත් වූ විට විවාහය යහපත් ආකාරයෙන් පවතී. ලැබෙන සහකරු හෝ සහකාරියගේ අපේක්ෂිත ඉලක්කයන් සපුරා ගැනීමට පිළිවන.
3 වැන්න රාහුට අයහපත් හෝ අශුභදායක ස්ථානයක් නොවේ. මෙහි රාහු තැන්පත් වීමෙන් තම දක්ෂතා ඉස්මතු වීම හා සහෝදර සම්බන්ධතා ද වැඩි කරයි.
ඉහත දක්වා ඇත්තේ රාහු මේෂ රාශියේ තැන්පත්ව ඇති ජන්මීන්ගේ පලාඵල වේ. දෘශ්ටි අනුව සමහර පලාපල වෙනස් වේ.

“සබ්බ පාපස්ස අකරණං, කුසලස්ස උපසම්පදා, සචිත්ත පරියෝදපනං, ඒතං බුද්ධානසාසනං.”“සියලු පාප ක්‍රියාවන් නොකිරීම, කුසලය වර්ධනය කි...
01/01/2026

“සබ්බ පාපස්ස අකරණං, කුසලස්ස උපසම්පදා, සචිත්ත පරියෝදපනං, ඒතං බුද්ධානසාසනං.”“සියලු පාප ක්‍රියාවන් නොකිරීම, කුසලය වර්ධනය කිරීම, සිය සිත පිරිසිදු කිරීම, මෙය බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනයයි.”ශ්‍රී ලංකා වාසී ඔබ සියලුම දෙනාටත් ලෝක වාසී සියලුම දෙනාටත් සුභ 2026 වර්ෂයක් වේවා !. සියලු බලාපොරොත්තු ඉෂ්ට වේවා.!

නිවරදිව   2026  නව වසරට කිරි උතුරවමු.කිරි ඉතිරිමෙන් නිවසට සෞභාග්‍ය බලාපොරොත්තුවේ...නැකත..2026 ජනවාරි 1වෙනිදින පෙ.ව 6.28ට...
31/12/2025

නිවරදිව 2026 නව වසරට කිරි උතුරවමු.
කිරි ඉතිරිමෙන් නිවසට සෞභාග්‍ය බලාපොරොත්තුවේ...
නැකත..2026 ජනවාරි 1වෙනිදින පෙ.ව 6.28ට නැගෙන හිර බලා..
* වස්ත්‍රයෙපාට මොකක්ද
පිරිසිදු වස්ත්‍ර එදින හැද කිරි උතුරවන්න මෙදිනට කහ වර්නය ශුබයි..
** පොල් කිරිද එලකිරිද...
ශුභ කටයුතුවලට මංගල දෙයට එලකිරි යොදාගැනිම රිසි නියමයයි..පොල් කිරි මල ගෙවල් හා යකුන් සම්බන්ද,දෙයට යොදගත හැක,
***මොන්වද දාන්න ඕන දර
සුදු හදුන් දේවදාර රත් හදුන් එකක් හො මේ කිපයම එක්කර දර දල්වන්න..
****කිරි ඉතිරිමෙන් එය අවසන්ද
නැ කිරි උතුරවන කලින් නැවුම් මුට්ටියට කහපෙති කිපයක් කැකුල් සහල් ටික්ක් කාසියක් එක්කරනන්න ..එවිටයි එය කිරි ඉතිරිමෙ මංගලය ශුබ පලය එන්නෙ
*****දොස් දුරුකිරීම
කිරි ඉතිටි ගිය විගස ඒ කිරි මුට්ටියට.
ලුනු අබ තල මුං මැ වී. මිටක් දමා නිවසේ සෑම තැනම එය ඉසින්න..
****** අපිරිසිදු වස්ත්‍ර හැද දිරාගිය වස්ත්‍ර හැද..කිරි උතුරනවිට කටින් ලිපට පිබීම නොකලයුතු බව මතක තබාගන්න..
අවසන ගෘහදෙවතාවට ඉටුදෙවතාවට සියලු දේවතාවන්ට පීරිතකියා පින් අනුමොදන් කරන්න...

“මම” උපදින ආකාරයහෙළ ජ්‍යොතිෂයේ භාව දොළොසය තුළ ලග්නයට හිමි වන්නේ අතිශය විශේෂ ස්ථානයකි. එය පළමු භාවය වීම නිසා නොව, සියලු භ...
16/12/2025

“මම” උපදින ආකාරය
හෙළ ජ්‍යොතිෂයේ භාව දොළොසය තුළ ලග්නයට හිමි වන්නේ අතිශය විශේෂ ස්ථානයකි. එය පළමු භාවය වීම නිසා නොව, සියලු භාවයන්ට අර්ථය ලබා දෙන්නේ ලග්නය වන බැවිනි. ලග්නය නොමැති නම් කේන්දරයක් නොපවතින අතර, ලග්නය නොමැති නම් “මම” යන සංකල්පය ද උපදින්නේ නැත.
ලග්නය යනු උපත ලබන මොහොතේ පූර්ව දිගින් උදාවන රාශිය පමණක් නොවේ. එය ආත්මය සන්සාර ගමනට ඇතුළු වන විට, තමන් වටා පැළඳ ගන්නා පළමු ආවරණයයි. ඒ ආවරණය හරහාම ආත්මය ලෝකය දකින්නටත්, ලෝකය ආත්මය දකින්නටත් පටන් ගනී. එයයි “මම” යන හැඟීමේ උපත.
බුද්ධ දර්ශනයේ “අහං” යන සංකල්පය, උපනිෂද් දර්ශනයේ “අහංකාර” යන අදහස, හෙළ ජ්‍යොතිෂයේ ලග්නය සමඟ ගැඹුරින් සම්බන්ධ වේ. ලග්නය යනු අහංකාරය මතුවන මූල ස්ථානයයි. එහෙත් එය අහංකාරය ලෙසම සදාකාලිකව පවතින්නේ නැත. එය පසුව පරිවර්තනයට ලක්විය යුතු බීජයකි.
ශරීරය – “මම” පෙනෙන ආකාරය
ලග්නයෙන් පෙන්වන්නේ මිනිසාගේ ශරීරය, එහි වර්ණය, හැඩය, චලනය සහ ජීව ශක්තියයි. ශරීරය යනු ආත්මය ගමන් කරන රථය වේ. එය නොමැති නම්, ආත්මයට සන්සාර මාර්ගය ගමන් කළ නොහැක. එබැවින් ලග්නය ශරීරය පමණක් නොව, ශරීරය හරහා ලෝකය අත්විඳින ආකාරය ද නිරූපණය කරයි.
ලග්නය ශක්තිමත් වූ විට “මම” යන හැඟීම පැහැදිලිය. දුර්වල වූ විට එය අවුල් සහගතය. නමුත් ඉතා ශක්තිමත් ලග්නයක් තිබීමත්, ඉතා දුර්වල ලග්නයක් තිබීමත්, දෙකම අධ්‍යාත්මික ගමනට අභියෝග වේ. එකකදී අහංකාරය දැඩිව බැඳේ. අනෙකදී අත්ම විශ්වාසය බිඳ වැටේ.
ලග්නය සහ කර්ම
ලග්නය යනු මිනිසා මෙභවයට ගෙන ආ පූර්ව කර්මයන්ගේ සාරයයි. පෙර භවයන්හි සිදු කළ කර්ම, ගොඩනගාගත් වෘත්ති, ආකල්ප සහ ප්‍රතිචාර රටා, ලග්නය හරහා මෙම ජීවිතයට ඇතුල් වෙයි. එබැවින් ලග්නය “මම කවුද?” යන ප්‍රශ්නයට පිළිතුරක් පමණක් නොව, “මම මෙහි ඇයි?” යන ප්‍රශ්නයටත් දොරටුවක් වේ.
ලග්නයට සම්බන්ධ ග්‍රහයන් සහ ඒවායේ බලය අනුව, මිනිසා ජීවිතයට මුහුණ දෙන ආකාරය වෙනස් වේ. කිසිවෙක් සටන්කාමීව ජීවිතය අල්ලා ගනී. තවත් කිසිවෙක් සංවේදීව ජීවිතය දරා ගනී. ඒ සියල්ල ලග්නය හරහා කර්මය ප්‍රකාශ වන ආකාරයයි.
“මම” යන්න බිඳ වැටෙන මොහොත
අධ්‍යාත්මික ගමන ආරම්භ වන්නේ ලග්නයෙන් නොව, ලග්නය ප්‍රශ්නයට ලක් වන මොහොතේය. “මම මෙතැනයි” යන හැඟීම සැලෙන විට, මිනිසා තුළ ප්‍රශ්නයක් උපදෙයි. ඒ ප්‍රශ්නයම ගමනේ ආරම්භය වේ.
ලග්නය පරිවර්තනයට ලක් වන්නේ හත්වන භාවයෙන්, අටවන භාවයෙන් සහ දොළොස්වන භාවයෙන්ය. අනෙකා හරහා “මම” කැඩී යයි. පරිවර්තනය හරහා “මම” මියයයි. අවසානයේ “මම” විශ්වයට ලය වෙයි. එහෙත් එම සම්පූර්ණ ගමනේ මුල් බීජය ඇත්තේ ලග්නය තුළය.
නිගමනය
ලග්නය යනු සන්සාර ගමනේ පළමු පියවරයි. එය අවසානය නොව, ආරම්භයයි. “මම” යන හැඟීම උපදින තැන ද එයමය. එහෙත් හෙළ ජ්‍යොතිෂයේ ගැඹුරු අරමුණ “මම” ශක්තිමත් කිරීම නොව, “මම” අවබෝධ කරගෙන, අවසානයේ එය ඉක්මවා යාමට මඟ පෙන්වීමයි. ලග්නය එම ගමන ආරම්භ වන දොරටුවයි.
________________________________________
“ලග්නය හොඳද?” කියන ප්‍රශ්නයෙන් “මම කවුද?” වෙත
සාමාන්‍ය ජ්‍යොතිෂ විමසුම “ලග්නය හොඳද?” යන්නෙන් ආරම්භ වුවද, හෙළ ජ්‍යොතිෂයේ අධ්‍යාත්මික දර්ශනය තුළ එම ප්‍රශ්නය දිගුවක් ලෙස පරිවර්තනය වන්නේ “මම කවුද?” යන මූලික විමසුම වෙතය. මෙහි “හොඳ” හෝ “නරක” යන්න තාවකාලික සමාජීය මිනුම් පමණක් වන අතර, සදාතනික වශයෙන් වැදගත් වන්නේ ලග්නය හරහා උපන් “මම” යන අහංකාර සංකල්පය කුමක්ද යන්න අවබෝධ කර ගැනීමය.
ලග්නය යනු ආත්මය විසින් තෝරාගත් ප්‍රකාශන බින්දුවකි. එය තුළින් “මම ශරීරයයි”, “මම නාමයයි”, “මම කුලයයි”, “මම සම්පත්යි” යන හැඳුනුම් ගොඩනැඟෙයි. මේ සියල්ල එකට එකතු වී “මම” යන මනෝමය රූපය නිර්මාණය කරයි. එම රූපය ශක්තිමත් වන තරමට, ආත්මය තමන්ම නිර්මාණය කළ සීමාවක සිරවෙයි.
එබැවින් හෙළ ජ්‍යොතිෂය ලග්නය විග්‍රහ කරන්නේ “ඔබට මොන වාසනාව ලැබේද?” යන්න සොයා නොව, “ඔබ කුමන ‘මම’ එකක් ලෙස ජීවිතයට පිවිසෙන්නද?” යන්න හඳුනා ගැනීමටය. කේන්දරය යනු අනාගත සිද්ධීන්ගේ සිතියමක් නොව, “මම” යන සංකල්පය ගොඩනැඟෙන ආකාරය පෙන්වන ආත්මීය රූපසටහනකි.
ජීවිත ගමන තුළ දුක්, සතුට, ජය, පරාජය, රෝග, සබඳතා සහ වෙන්වීම් යන සියල්ල සිදුවන්නේ එම “මම” යන හැඳුනුම වටාය. නමුත් මෙම අත්දැකීම් සියල්ලේ ගැඹුරු අරමුණ වන්නේ, “මම යැයි සිතන මේ සියල්ල සැබෑවක්ද?” යන ප්‍රශ්නය උපදවා ගැනීමය. එයම අධ්‍යාත්මික අවදි වීමේ ආරම්භය වේ.
ඒ නිසා හෙළ ජ්‍යොතිෂයේදී ලග්නය පිළිබඳ සැබෑ විමසුම මෙසේය — “මෙම ලග්නය හරහා උපන් ‘මම’ කවුද? එය රැකගත යුතුද, නැතිනම් අවබෝධයෙන් දුරු කළ යුතුද?” මෙම ප්‍රශ්නයට මුහුණ දෙන මොහොතේදී, ජ්‍යොතිෂය අනාගත කියන ශාස්ත්‍රයක් වීම නවතිමින්, ආත්මය තමන්ම හඳුනාගන්නා දර්ශනයක් බවට පත්වේ.
මෙම ග්‍රන්ථයේ පළමු පරිච්ඡේදය එබැවින් පාඨකයාගෙන් ඉල්ලන්නේ ලග්නය හොඳද නරකද යන්න විමසීමට නොව, “මම කවුද?” යන ප්‍රශ්නයට අවංකව මුහුණ දීමටය. ඒ ප්‍රශ්නයට සත්‍යයෙන් පිළිතුරු සොයන මොහොතේ, ලග්නය ද, ග්‍රහයෝ ද, භාවයෝ ද — සියල්ලම ගුරුවරු බවට පත්වෙයි.
________________________________________
දෙවන භාවය – “මම” වචනයට, නාමයට, වටිනාකමට බැඳෙන ආකාරය
ලග්නයෙන් උපන් “මම” යන අහංකාර බීජය ජීවිතයේ පළමු වරට ස්ථිර ආකාරයක් ගන්නේ දෙවන භාවය හරහාය. ලග්නය මගින් උපන් හැඟීම දෙවන භාවයේදී වචනයක් වෙයි, නාමයක් වෙයි, වටිනාකමක් වෙයි. මෙතැනින් පසු “මම” යනු ඇතුළත හැඟීමක් පමණක් නොව, බාහිර ලෝකයට ප්‍රකාශ වන හැඳුනුමක් බවට පත්වෙයි.
දෙවන භාවය සම්ප්‍රදායිකව ධනය, වචනය, පවුල, ආහාරය ලෙස විස්තර කළද, හෙළ ජ්‍යොතිෂයේ අධ්‍යාත්මික දර්ශනය තුළ එය “මම” ස්ථාපිත වන පළමු පදනම ලෙස සැළකේ. මිනිසා තමන් කවුද යන්න පළමුව හඳුනාගන්නේ තමන් කියන වචන තුළින්ය. “මම මෙන්න මෙහෙම කෙනෙක්”, “මගේ පවුල මෙහෙමයි”, “මට මේවා වටිනවා” යන ප්‍රකාශ සියල්ල දෙවන භාවයේ ප්‍රකාශන වේ.
නාමය යනු දෙවන භාවයේ ඉතා බලවත් සංකේතයකි. නාමයක් ලැබීමත් සමඟ, ආත්මය එකක් වශයෙන් නොව, සීමා කළ හැඳුනුමක් වශයෙන් ලෝකයට ඉදිරිපත් වෙයි. එම නාමය ආරක්ෂා කිරීම, ගෞරවය රැක ගැනීම, අපහාසයෙන් වැළකීම යන සියල්ල “මම” යන සංකල්පය ශක්තිමත් කරන ක්‍රියාවන් වේ. මෙතැනින් “මට කියන දේ” සහ “මට කරන දේ” ජීවිතයේ විශාල බලපෑමක් ලබා ගනී.
දෙවන භාවයේ ධනය යන්නෙන් අදහස් වන්නේ මුදල් පමණක් නොවේ. මිනිසා වටිනාකම ලෙස සලකන සියල්ල — අදහස්, විශ්වාස, සම්ප්‍රදායන්, දැනුම, කුසලතා — මේ සියල්ලම දෙවන භාවයේ සම්පත්ය. “මේක මගේ වටිනා දෙයක්” යන හැඟීම ඇති වන තරමට, “මම” ඒ දේවල් සමඟ බැඳෙයි. ඒවාට බාධාවක් එල්ල වන විට, මිනිසාට දුක් වන්නේ දේ නැතිවීම නිසා නොව, “මම” තුවාල වීම නිසාය.
වචනය දෙවන භාවයේ අතිශය ගැඹුරු අංගයකි. වචන මගින් “මම” තවත් ශක්තිමත් වෙයි හෝ ක්ෂය වෙයි. තමන් ගැන නිතරම කථා කිරීම, තමන්ගේ මතය ආරක්ෂා කිරීම, තමන්ගේ සත්‍යය යැයි සිතන දේ වෙනුවෙන් සටන් කිරීම — මේ සියල්ල දෙවන භාවයේ ක්‍රියාකාරිත්වයයි. එබැවින් වචනය පාලනය කිරීම යනු වචනය මවුන වීම පමණක් නොව, “මම” පාලනය කිරීමට පියවරක් තැබීමය.
හෙළ ජ්‍යොතිෂයේ දෘෂ්ටියෙන්, දෙවන භාවයේ සත්‍ය අභියෝගය වන්නේ ධනය රැස් කිරීම හෝ දුප්පත් වීම නොව, වටිනාකම් වලට බැඳී නොමැතිව ජීවිතය දරා ගැනීමය. වටිනාකමක් තිබිය යුතුය, නමුත් ඒ වටිනාකම තුළ “මම” සිරවිය යුතු නැත. වචනය තිබිය යුතුය, නමුත් වචනයෙන් “මම” තනාගත යුතු නැත.
දෙවන භාවය නිසි ලෙස අවබෝධ කරගත් විට, මිනිසා වචනය භාවිතා කරයි — වචනය විසින් ඔහුව භාවිතා නොකරයි. වටිනාකම් රැක ගනී — නමුත් ඒවාට දාසයෙකු නොවේ. එය අධ්‍යාත්මික පරිණතභාවයේ මුල් ලකුණකි.
මෙම භාවයේ පාඩම මෙසේ සරළ කරගත හැක: “මම” යන හැඳුනුම වචනයට, නාමයට, වටිනාකමට බැඳී උපදින නමුත්, එයින් නිදහස් වීමෙන් පමණක් සැබෑ අභ්‍යන්තර නිදහස ආරම්භ වේ. දෙවන භාවය එබැවින් ‘බැඳීමේ භාවය’ මෙන්ම, අවබෝධය ඇති වුවහොත් ‘මුදාහැරීමේ භාවය’ ද වේ.
________________________________________

තුන්වන භාවය – “මම” සිතන, තීරණ ගන්නා, ක්‍රියා කරන ආකාරය
ලග්නයෙන් උපන් “මම” දෙවන භාවයෙන් නාමයට, වචනයට හා වටිනාකම්වලට බැඳුණ පසු, එම “මම” ක්‍රියාත්මක වීමට ඉගෙන ගන්නේ තුන්වන භාවය හරහාය. මෙය සිත උපදින, අදහස් ගොඩනැඟෙන, තීරණ ගන්නා සහ ඒ තීරණ ක්‍රියාවලියට පරිවර්තනය වන භාවයයි. එබැවින් තුන්වන භාවය “මම කවුද?” යන ප්‍රශ්නයෙන් “මම මොනවා කරන්නේද?” යන ප්‍රශ්නය වෙත ගමන් කරන දොරටුව වේ.
හෙළ ජ්‍යොතිෂයේ දෘෂ්ටියෙන්, සිත යනු ආත්මය නොව, ආත්මය ලෝකය සමඟ ගනුදෙනු කරන උපකරණයකි. තුන්වන භාවයේදී “මම” එම උපකරණය භාවිතා කරමින් ලෝකය විනිශ්චය කරයි. නිවැරදි–වැරදි, හොඳ–නරක, මිතුරන්–සතුරන් යන බෙදීම් මෙතැනින් උපදින අතර, ඒ සියල්ල “මම” ආරක්ෂා කර ගැනීමේ උත්සාහයකි.
ධෛර්යය, උත්සාහය, ව්‍යායාමය ලෙස සම්ප්‍රදායිකව සඳහන් වන ගුණාංග තුන්වන භාවයට අයත් වුවද, අධ්‍යාත්මිකව එහි ගැඹුරු අර්ථය වන්නේ “මම” තමාගේ සීමා අත්හදා බැලීමය. සිත ක්‍රියාත්මක වන සෑම අවස්ථාවකදීම, “මම මෙය කළ හැකිද?”, “මම මෙය ජය ගත හැකිද?” යන අභ්‍යන්තර සංවාදය පවතී. ඒ සංවාදයම අහංකාරය ශක්තිමත් කරයි හෝ ක්ෂය කරයි.
සහෝදරයන්, සමීප මිතුරන්, දෛනික සන්නිවේදනය තුන්වන භාවයට අයත් වන්නේද මේ හේතුව නිසාය. මිනිසා “මම” යන හැඳුනුම පළමු වරට සමාන මට්ටමේ අනෙක් “මම” සමඟ ගැටෙන්නේ මෙහිදීය. එම ගැටීම් හරහා තමන්ගේ සිතේ ශක්තිය, දුර්වලතා, සහ ආරක්ෂා කිරීමට කැමති මානසික රටා පැහැදිලි වේ.
තුන්වන භාවයේ අධ්‍යාත්මික අභියෝගය වන්නේ සිත භාවිතා කිරීම හා සිත විසින් භාවිතා වීම අතර වෙනස හඳුනා ගැනීමය. සිත මගේ උපකරණයක්ද, නැතිනම් මම සිතේ දාසයෙකුද? යන ප්‍රශ්නය මෙතැනින් උපදින විට, “මම” පිළිබඳ අවබෝධය නව මට්ටමකට ගමන් කරයි.
මෙම භාවය නිසි ලෙස අවබෝධ කරගත් විට, මිනිසා ක්‍රියා කරයි — නමුත් ක්‍රියාවන් තුළ අහිංසකව සිරවෙන්නේ නැත. තීරණ ගනී — නමුත් තීරණය මගින් තමන් අර්ථ දක්වන්නේ නැත. එය තුන්වන භාවයේ පරිණතභාවයයි.
එබැවින් තුන්වන භාවය, “මම” සිතන හා ක්‍රියා කරන ආකාරය පෙන්වන අතර, එකම අවස්ථාවේදී එම “මම” සිතෙන් ඔබ්බට යා හැකිද යන්න පරීක්ෂා කරන භාවයද වේ.

මොනවාද මේ ජන්ම පත්‍ර කොටු ?කොටු දොළහෙන් කියවෙන්නේ කර්මයද..?         මෙලොව උපදින මිනිසාට විවිධ අන්දමින් දෛවය නිර්මාණය වෙය...
14/12/2025

මොනවාද මේ ජන්ම පත්‍ර කොටු ?
කොටු දොළහෙන් කියවෙන්නේ කර්මයද..?

මෙලොව උපදින මිනිසාට විවිධ අන්දමින් දෛවය නිර්මාණය වෙයි. ජන්ම පත්‍රය යනු මිනිසාගේ මෙම දෛවය යම් පමණකට හඳුනා ගන්නා කැඩපතකි. මෙසේ ජන්ම පත්‍රයෙන් දෛවය හඳුනා ගන්නේ තම තමන්ගේ පංච කාම සම්පත්තිය සලසා ගන්නට අවහිර බාධක හඳුනාගෙන ඒවා දුරුකර ගන්නටය.
එනිසා ඥණ, ධර්ම, අර්ථකාම, මෝක්‌ෂ වශයෙන් ලෞකික පංච සමාපත්තිය පිළිබඳ ජන්ම පත්‍රය සුවිශේෂිත වෙයි.
බුදු දහම බිහිවූයේ ලෞකික පංච සමාපත්තිය සලසා ගැනීමට නොව ආධ්‍යාත්මික විමුක්‌ති සැපය සලසා ගැනීමටය.
ඉපදීමත් මිය යාමත් අතර පවතින ආස්‌වාදයෙන් වැසීගිය දුක්‌ විඳීමත් නැවත මරණයට පත්ව චුති සිත මගින් ඒ දුක්‌ම ඉදිරියට ගෙනයමින් නැවත ඉපදීමත් යන
මේ නොනවතින සසර ගමන නිමවා සියලු දුක් නිවුණු නිවන නම් වූ සදාකාලික විමුක්‌තිය උදෙසාය.
ලෞකික පංච සමාපත්තියත් ලෝකෝත්තර විමුක්‌තියත් අන්ත දෙකක්‌ නමුදු ජ්‍යේතිෂයට බුදු දහමෙන් ලබාගත හැකි ගුරුහුරුකම් බොහෝය.
එහෙත් කිසි කළෙකවත් ජ්‍යේතිෂය බුදු දහමට වඩා උසස්‌ වන්නේ නැත.
නමුත් ලෞකික ජීවිත සපලවත් කරගෙන ලෝකෝත්තර මගට බැසීමට වුවද බුද්ධිමත් අයට ජ්‍යේතිෂය තුළ හැකියාව පවතී.
ජන්ම පත්‍රය හෙවත් කේන්ද්‍රයද ජ්‍යෙතිෂයට ඇතුළත් වෙයි. එයද සත්‍ය විද්‍යාවකි. හිරු සඳු සහිත කුජ, බුද, ගුරු, ශුක්‍ර, ශනි යන
ලෝක හෙවත් පෘථිවි සමූහය මේ අභ්‍යාවකාශය තුළ සිදු කරන ක්‍රියාදාමය බුද්ධිමය ගවේෂණයකට ලක්‌ කළ විද්‍යාව මෙම ජ්‍යේතිෂ විද්‍යාවය.
සූර්යයාගේ ආලෝකය තුළ පවතින කෝටි සංඛ්‍යාත ගුණාංග පෙරාගෙන න්‍යෂ්ඨික බලාගාර තුළ තැන්පත් කර ඒ එක එක ගුණාංග එක එක
අනුපාත අනුව මිශ්‍ර කර තනාගත් බලශක්‌ති මගින් නූතනයේ පරිගණකයේ පටන් ඩිජිටල් තාක්‍ෂණය දක්‌වා පැමිණ නැනෝ තාක්‍ෂණයට මුහුණ දෙන අද විද්‍යාඥයෝද ඍෂිවරුන්ය.
එදා ගස්‌, ගල්, කඳු, වනාන්තර වල සිට බවුන් වඩා මනස දියුණු කර ඉර, හඳ තාරකාවන් සත්වයාට සම්බන්ධ වන අන්දම මනාව දකින ලද්දේ පෙර අතීතයේ විසූ ඍෂිවරුන්ය. ඉර, හඳ,
තාරකා උපයෝගී කොට අද ඍෂිවරුන් ලෝකය ඩිජිටල නැනෝ තාක්‍ෂණය දක්‌වා ගෙනෙන ලදහ. එසේ ප්‍රබල වෙනසක්‌ සූර්යාගේ ශක්‌තිය මුල්කොට මිනිසුන්ම තනා ඇති අතර
සූර්යාගේ ශක්‌තිය ලොවට හා සත්වයාට බලපෑම් කරන අන්දම එදා මිනිසුන් නිවැරැදිව හඳුනාගත්හ.
ජන්ම පත්‍රයක බිහිවීම සිදුවන්නේ මේ සොයා ගැනීමත් සමගය. සූර්යා ප්‍රමුඛ ග්‍රහලෝක මිහිමඬලට, ගස්‌, වැල් මල් ඵල පමණක්‌ නොව මිනිසා ප්‍රමුඛ සකල සත්වයාගේම පැවැත්මට අවශ්‍ය ශක්‌තිය ජනනය කරයි.
ජන්ම පත්‍රයෙන් පෙන්වන්නේ තමන්ගේ පැවැත්මට අවශ්‍ය විශ්ව ශක්‌තිය සූර්යා ප්‍රමුඛ සියලු ග්‍රහ ලෝක තුළින් සකස්‌ වන අන්දමය.
මේ ආත්ම භවය ලබාගැනීමට පාදක වූ පෙර භවයේ චුති සිත තුළ සකස්‌ වී ඇති කර්ම සක්‍රීය කොට ප්‍රතිඵල ලබාදීම එකී විශ්ව ශක්‌ති වල කාර්යභාරය වෙයි.
මේ අනුව ඒ ඒ ග්‍රහ ලෝකවලට අදාළව ජන්ම පත්‍රයක මහදශාද අන්තර් දශාද විදසාද නේත්‍රපානි දශාද වශයෙන් දවසින් දවස සතියෙන් සතිය මාසයෙන් මාසය වසරින් වසර ඇතිවෙමින් මිනිසාගේ දෛවය විවිධ අතට මාරුවෙයි.
පෙර කළ කුසල් මුල්වීමෙන් යහපත් ඵලත්, අකුසල් මුල්වීමෙන් අයහපත් ඵලත් මේ දශාවන් තුළ මිනිසා භුක්‌ති විඳී.
සමස්‌ථ විශ්වය කොටු 12 කට බෙදාගත් සටහන ජන්ම පත්‍රය වෙයි එහි නැකැත් හා ග්‍රහලෝක පිහිටි අන්දම සලකුණු කර තිබේ. ග්‍රහලෝක එක තැනක නැත. ඒවා තමා වටා කරකැවෙමින් සූර්යා වටා ගමන් කරමින් තිබේ.
මන්දාකිනි තරු වළල්ල වටේ මෙම ග්‍රහ ලෝක ගමන් කරමින් විවිධ විපර්යාසයන්ට ලක්‌වෙයි. සූර්යාගේ ආලෝක මේ ග්‍රහ ලෝක මත පතිත වෙමින් එකී ග්‍රහ ලෝකවල කිරණ ශක්‌තිවලට මුසුවෙමින් ආපසු පරාවර්තනය
වෙමින් විශ්වය පුරා විවිධ ගුණාංග උදවමින් පවතී. මනුෂ්‍යයා කරා පැමිණෙන්නේ කුමන මාදිලියේ ගුණාංග දැයි ජන්ම පත්‍රය පිරික්‍ෂා බැලිය යුතුය. කොටු 12 කින් යුතු කේන්ද්‍රය හෙවත් ජන්ම පත්‍රය තුළින් ප්‍රකාශ වන්නේ එකී ගුණාංග
ස්‌වයංක්‍රීය ලෙස විශ්වය තුළ විශේෂ වශයෙන් සත්වයා තුළ ඇතිකරන බලපෑමය.
පිපෙන මලකට වර්ණයත් සුවඳත් හැඩයත් එන්නා සේද, හටගන්න ඵලයක, ස්‌වභාවය, රසය, ගුණය, සුවඳ එන්නා සේද මේ ස්‌වයංක්‍රීය ක්‍රියාදාමය මිනිසාට ද බලපායි.
මිනිසා පෙර භවයෙන් මේ භවය ලද චුති සිතෙහි ගැබ්වුණ ස්‌වභාවය අනුව එකී විශ්ව ශක්‌ති හෙවත් ගුණාංග ක්‍රියාත්මක වෙයි.

මොනවාද මේ ජන්ම පත්‍ර කොටු?
ඔබගේ ජන්ම පත්‍රය (කේන්දරය) බලන විට, එක් එක් කොටුව තුළ
ර, ච, කු, බු, ශු, ගු, ශ, රා, කේ
වැනි අකුරු ඔබ දැක ඇති බවට සැකයක් නැහැ.
මේ අකුරු කියන්නේ මොනවාද?
මෙම අකුරු කියන්නේ ජ්‍යෝතිෂයේ ග්‍රහලෝක නිරූපණය කිරීමට භාවිතා කරන කෙටි යෙදුම් වේ.
________________________________________
🪐 ග්‍රහයන්ගේ කෙටි නාම සහ සම්පූර්ණ නාම
• ර – රවි (☀️ සූර්යයා)
• ච – චන්ද්‍ර (🌙 සඳු)
• කු – කුජ (♂️ අඟහරු)
• බු – බුධ
• ශු – ශුක්‍ර (♀️ සිකුරු)
• ශ – ශනි (♄ සෙනසුරු)
• ගු – ගුරු (♃ බ්‍රහස්පති)
• රා – රාහු (චන්ද්‍රයාගේ උතුරු නෝඩය)
• කේ – කේතු (චන්ද්‍රයාගේ දකුණු නෝඩය)
________________________________________
ජන්ම පත්‍රය තුළ මේ අකුරු භාවිතා වන්නේ ඇයි?
• උපන් වේලාවේ ග්‍රහලෝක තිබුණු ස්ථාන පෙන්වීමට
• එක් කොටුවක
o 🔹 එක් ග්‍රහයක් හෝ
o 🔹 ග්‍රහ කිහිපයක්
තිබිය හැක
පලාපල (අනාගත ප්‍රතිඵල) කියවන්නේ
එම කොටු තුළ ග්‍රහයන්ගේ පිහිටීම, සම්බන්ධතා සහ බලය විශ්ලේෂණය කිරීමෙන් වේ.
________________________________________
ජන්ම පත්‍රය කියවීමේ මුල්ම පියවර වන්නේ
මෙම අකුරු හඳුනාගැනීමයි

හතේ කුජ සිටීම අටේ ශනි සිටීම ලෙස ජ්‍යොතිර්වේදීන් පවසනවා ඔබ අසා ඇති.නමුත් එම අංක මගින් සහ කොටු ලෙස සඳහන් වන්නේ කුමක්දැයි ඔබට ගැටලුවක් ඇති. අද අපි ඒ පිළිබඳව සවිස්තරාත්මකව සාකච්ඡා කරමු.
ජන්ම පත්‍රයේ කොටු 12 විස්තර සරලව පහත සඳහන් කර ඇත.
1.පළමු කොටුව (ලග්න භාවය) -
ජන්ම පත්‍රයේ පළමු කොටුව, හෙවත් ලග්න භාවය, පුද්ගලයාගේ සමස්ත ස්වභාවය නියෝජනය කරයි. මෙයින් ශරීරය, දේහ ලක්ෂණ, ගතිගුණ, පෞරුෂය, සෞඛ්‍ය තත්ත්වය, වාසනාව, සහ අවාසනාව වැනි මූලික කරුණු කියවේ. මෙය නැගෙනහිර ක්ෂිතිජයෙන් උදාවූ රාශිය වන අතර, ජන්මියා ලෝකය දකින ආකාරය සහ ලෝකයට පෙන්වන ආකාරය පෙන්නුම් කරයි.
2.දෙවන කොටුව (ධනස්ථානය/කුටුම්භ භාවය)- දෙවන කොටුව හඳුන්වන්නේ ධනස්ථානය ලෙසයි. මෙයින් ධනය, දේපළ, මුදල් ඉපයීමේ හැකියාව, කථා කිරීමේ දක්ෂතාවය, පවුල සහ පවුල් ජීවිතය, දිළිඳු වීම, ආහාරපාන, සහ දකුණු ඇස පිළිබඳව විස්තර කරයි. පුද්ගලයා සතු ස්ථාවර වත්කම් සහ ඔහුගේ කථික හැකියාව මෙයින් ප්‍රධාන වශයෙන් විග්‍රහ කෙරේ.
3.තුන්වන කොටුව - (වික්‍රමස්ථානය)
තුන්වන කොටුව වික්‍රමස්ථානය ලෙස සැලකේ. මෙයින් සහෝදර සහෝදරියන්, ධෛර්යය, වීර්යය, උත්සාහය, කෙටි ගමන් බිමන්, සන්නිවේදනය, ලිපි ලේඛන කටයුතු, සහ දකුණු කන පිළිබඳව කියවේ. පුද්ගලයාගේ මානසික සහ ශාරීරික ශක්තිය මෙන්ම අන් අය සමඟ සබඳතා ගොඩනගා ගන්නා ආකාරය මෙම භාවයෙන් වැදගත් වේ.
4.සතරවන කොටුව (සුඛ භාවය) -
සතරවන කොටුව සුඛස්ථානය ලෙසද හැඳින්වේ. මෙයින් මව, නිවස, ඉඩකඩම්, යාන වාහන, සැප සම්පත්, අධ්‍යාපනය (විශේෂයෙන් මූලික අධ්‍යාපනය), සහ සාමාන්‍ය සතුට පිළිබඳව විස්තර කරයි. ජීවිතයේ සැනසිල්ල, ගෘහ ජීවිතයේ තත්ත්වය, සහ චිත්ත ස්වභාවය මෙම කොටුවෙන් පෙන්වයි.
5.පස්වන කොටුව (පුත්‍රස්ථානය) -
පස්වන කොටුව ඥාන ශක්තිය, බුද්ධිය, අධ්‍යාපනය, දරුවන් ලැබීම හා දරුවන්ගේ තත්ත්වය, ආදර සබඳතා, තරඟ විභාග, සහ කලාත්මක හැකියාවන් නියෝජනය කරයි. පුද්ගලයාගේ නිර්මාණශීලීත්වය, දුර දක්නා නුවණ, සහ පූර්ව පුණ්‍ය ශක්තිය මැන බලන්නේ මෙම භාවයෙනි.
6.සයවන කොටුව (රෝගස්ථානය) - සයවන කොටුව රෝග සහ සතුරුස්ථානය ලෙස සැලකේ. මෙයින් ලෙඩ රෝග, ණය තුරුස්, සතුරන්, නඩු හබ, සේවකයන්, සහ එදිනෙදා ජීවිතයේ අභියෝග පිළිබඳව කියවේ. මෙය සේවය, සෞඛ්‍ය ගැටලු, සහ අරගල නියෝජනය කරන අතර, පුද්ගලයාට ඇති ප්‍රතිශක්තියද මෙයින් දැක්විය හැක.
7.සත්වන කොටුව (විවාහස්ථානය) - සත්වන කොටුව, හෙවත් කලත්‍රස්ථානය, විවාහය, සහකරු හෝ සහකාරිය, හවුල් ව්‍යාපාර, සහ පොදු සබඳතා පිළිබඳව විස්තර කරයි. විවාහ ජීවිතයේ ස්වභාවය, විවාහයේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය සහ සමාජය සමඟ ඇති සම්බන්ධතා මෙයින් ප්‍රධාන වශයෙන් විග්‍රහ කෙරේ.
8.අටවන කොටුව (මාරකස්ථානය) - අටවන කොටුව මාරකස්ථානය ලෙසද හැඳින්වේ. මෙයින් ආයුෂ, මරණය, හදිසි අනතුරු, උරුමයෙන් ලැබෙන දේ, රහස්, ගුප්ත කටයුතු, සහ ජීවිතයේ සිදුවන හදිසි වෙනස්කම් පිළිබඳව කියවේ. මෙය ගැඹුරු පරිවර්තනයන්, පර්යේෂණ, සහ අන් අයගේ ධනය හා සම්බන්ධ වේ.
9.නවවන කොටුව (භාග්‍යස්ථානය) - නවවන කොටුව භාග්‍යස්ථානය ලෙස සැලකේ. මෙයින් පියා, ගුරුවරුන්, උසස් අධ්‍යාපනය, ආගම දහම, දාන මාන කටයුතු, විදේශ ගමන්, සහ සාමාන්‍ය වාසනාව පිළිබඳව විස්තර කරයි. පුද්ගලයාගේ ධර්ම ශක්තිය, දර්ශනය, සහ ජීවිතයේ ඉහළ දියුණුව මෙයින් දැක්වේ.
10.දසවන කොටුව (කර්මස්ථානය) - දසවන කොටුව කර්මස්ථානය හෙවත් වෘත්තිස්ථානය වේ. මෙයින් රැකියාව, වෘත්තීය ජීවිතය, සමාජයේ තත්ත්වය, කීර්ති නාමය, ගෞරවය, බලය, සහ පාලන තත්ත්වයන් පිළිබඳව කියවේ. පුද්ගලයාගේ වෘත්තීය සාර්ථකත්වය සහ සමාජයේ ඔහුගේ තැන පිළිබඳව මෙයින් දැනගත හැක.
11.එකොලොස්වන කොටුව (අයස්ථානය) - එකොලොස්වන කොටුව ලාභස්ථානය ලෙස හැඳින්වේ. මෙයින් ආදායම් මාර්ග, ලැබීම්, ලාභ, මිතුරන්, වැඩිමහල් සහෝදර සහෝදරියන්, සහ අපේක්ෂාවන් ඉටුවීම පිළිබඳව විස්තර කරයි. ජීවිතයේ සියලු යහපත් ඵල ලැබීම සහ සමාජ ජාලයන් මෙයින් පෙන්වයි.
12.දොළොස්වන කොටුව (වැයස්ථානය) - දොළොස්වන කොටුව ව්‍යයස්ථානය වේ. මෙයින් වියදම්, අලාභ, විදේශ ගතවීම්, රහස් සතුරන්, සිරගත වීම්, රෝහල් ගතවීම්, නිදහස් වීම, සහ අධ්‍යාත්මික කටයුතු පිළිබඳව කියවේ. මෙය හුදකලාව, සැඟවුණු දේවල්, සහ අවසාන නිදහස නියෝජනය කරයි.
ජන්ම පත්‍රයේ ග්‍රහයන් 12 භාවයන්හි (කොටුවල) ස්ථානගත වී ඇති ආකාරය සහ ඔවුන් අතර ඇතිවන දෘෂ්ටි (එකිනෙකාට පෙනීම) අනුව පලාපල තීරණය වීම සිදුවේ. මෙය පුද්ගලායගෙන් පුද්ගලයාට වෙනස් තත්ත්වයකි. ජ්‍යොතිෂය යනු ගණිතමය පදනමක් මත ගොඩනැගුණද, එහි නිවැරදි විග්‍රහය සඳහා පළපුරුදු ජ්‍යොතිර්වේදියෙකුගේ සහය අත්‍යවශ්‍ය වේ. ජන්ම පත්‍රයේ ඇති දෝෂ හෝ යෝග, ග්‍රහ බලපෑම්වල ශුභ අශුභ බව මැන බැලීම, සහ ඒවාට සුදුසුම ශාන්ති කර්ම හෝ පිළියම් නිර්දේශ කිරීම පළපුරුදු ජ්‍යොතිර්වේදියෙකුට කළ හැක. විශේෂයෙන්, කේන්ද්‍රයේ ග්‍රහ තත්ත්වය, මහා දශා අතුරු දශා ගමන් කරන ආකාරය සහ ගෝචර ග්‍රහ මාරු එකට ගලපා බලා නිවැරදි සහ කාලීන අනාවැකි ලබා දීමෙන් පුද්ගලයාට තම ජීවිතයේ වැදගත් තීරණ (රැකියාව, විවාහය, ආයෝජන වැනි) නිසි අවස්ථාවලදී ගැනීමට මග පෙන්වයි. සරලව කිවහොත්, ග්‍රහ පිහිටීම් පිළිබඳ නිවැරදි විග්‍රහයක් ලබා ගැනීමෙන් ඔබට ඇති ශක්තීන්, දුර්වලතා, සහ ඉදිරියේ එන අභියෝග අවබෝධ කරගෙන සාර්ථක ජීවිතයක් සඳහා සූදානම් විය හැකිය.
ජය වේවා!
තෙරුවන් සරණයි!
#මහදසා
#ජන්ම #විවාහ #පොරොන්දම ゚viralシalシ

Address

Colombo
10100

Website

Alerts

Be the first to know and let us send you an email when Hela Astrology posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram