Medical Students' Buddhist Association - University of Colombo

Medical Students' Buddhist Association - University of Colombo Official page of Medical Students'
Buddhist Association, University of Colombo.

🔆වස්සාන දියවර 2025/2026 120' x 20' පංතිකාමර ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණ කිරීම 🔆හම්බන්තොට සූරියවැව මහගල්වැව කනිෂ්ඨ විද්‍යාලය...
03/03/2026

🔆වස්සාන දියවර 2025/2026 120' x 20' පංතිකාමර ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණ කිරීම 🔆

හම්බන්තොට සූරියවැව මහගල්වැව කනිෂ්ඨ විද්‍යාලයේ 120' x 20' පංතිකාමර ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරීම දැනටමත් ආරම්භ වී ඇති අතර ඒ සදහා පහත සදහන් ද්‍රව්‍ය අවශ්‍යව ඇත.

මේ සදහා ඔබට ද්‍රව්‍යමය හෝ මුල්‍යමය ආධාර සදහා දායකවන ලෙස අප කාරුණිකව ආරාධනා කරන්නෙමු.

මේ ඔබගේ උපකාරය අවශ්‍ය මොහොතයි !

🔰වැඩිදුර විමසීම් -
පවර -077 698 755 8
ඕෂධ -071 262 415 5
සදිල් - 077 327 339 2

👇මුදල් බැර කිරීම
167-1-001-068-27356
වෛද්‍ය ශිෂ්‍ය බෞද්ධ සංගමය
මහජන බැංකුව - කොළඹ පුරහල ශාඛාව.

වෛද්‍ය ශිෂ්‍ය බෞද්ධ සංගමය, කොළඹ විශ්වවිද්‍යාලය.

🔆වස්සාන දියවර 2025/2026 120' x 20' පංතිකාමර ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණ කිරීම 🔆

හම්බන්තොට සූරියවැව මහගල්වැව කනිෂ්ඨ විද්‍යාලයේ 120' x 20' පංතිකාමර ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරීම දැනටමත් ආරම්භ වී ඇති අතර ඒ සදහා පහත සදහන් ද්‍රව්‍ය අවශ්‍යව ඇත.

මේ සදහා ඔබට ද්‍රව්‍යමය හෝ මුල්‍යමය ආධාර සදහා දායකවන ලෙස අප කාරුණිකව ආරාධනා කරන්නෙමු.

මේ ඔබගේ උපකාරය අවශ්‍ය මොහොතයි !

🔰වැඩිදුර විමසීම් -
පවර -077 698 755 8
ඕෂධ -071 262 415 5
සදිල් - 077 327 339 2

👇මුදල් බැර කිරීම
167-1-001-068-27356
වෛද්‍ය ශිෂ්‍ය බෞද්ධ සංගමය
මහජන බැංකුව - කොළඹ පුරහල ශාඛාව.

වෛද්‍ය ශිෂ්‍ය බෞද්ධ සංගමය කොළඹ විශ්වවිද්‍යාලය.

☸️පින්බර මැදින් පුර පොහෝ දිනයක් වේවා!🙏🪷පොහෝදින දහම් පණිවිඩය🪷යම් පුද්ගලයෙකු තමාට හානි කළේද නින්දා කළේද තමාගේ දේ සොරකම් කළ...
01/03/2026

☸️පින්බර මැදින් පුර පොහෝ දිනයක් වේවා!🙏

🪷පොහෝදින දහම් පණිවිඩය🪷

යම් පුද්ගලයෙකු තමාට හානි කළේද නින්දා කළේද තමාගේ දේ සොරකම් කළේද යනාදී වශයෙන් තමාට සිදු කළ අකටයුතුකම් ගැන නිතර මෙනෙහි කරන්නේ නම් එම පුද්ගලයා කෙරෙහි ඇතිවන වෛරය පහව නොයන්නේය.

වෛද්‍ය ශිෂ්‍ය බෞද්ධ සංගමය,
කොළඹ විශ්වවිද්‍යාලය.

———————————————————————————

☸️ Wishing you a blessed Madin Full Moon Poya Day! 🙏

🪷Dhamma Message for Poya Day🪷

If a person constantly reflects on the wrongs done to them such as being harmed, insulted, or having their belongings stolen; the hatred they feel toward that person will not be extinguished.

Medical Students’ Buddhist Association,
University of Colombo

DEADLINE EXTENDED !!!Order yours before February 22nd!🌀 Join us in supporting “Wassana Diyawara”, a project dedicated to...
17/02/2026

DEADLINE EXTENDED !!!
Order yours before February 22nd!

🌀 Join us in supporting “Wassana Diyawara”, a project dedicated to uplifting an underprivileged school and its students. By purchasing this year’s signature T-shirt, you directly support this meaningful cause.

💠 T-shirt specifications

• Material: Baby Crocodile (250 GSM)
• Colours: Navy blue / Dark grey
• Design: Embroidered front and back
• Features: Ready-made collar and sleeves with two buttons
• Price: Rs. 1700

Place your order using the Google Form below :
[https://forms.gle/GDZqMom7KTxqGf136]

📌 Order before 22nd February

📞 For further details

Pavara Perera (President) – 077 698 7558
Oshada Fonseka (Junior Treasurer) – 071 262 4155
Sandil Hiripitiya (Assistant Treasurer) – 077 327 3392

Medical Students’ Buddhist Association,
University of Colombo

The renovation of the dilapidated school building of Mahagalwewa Junior School, Sooriyawewa, commenced on 31 January 202...
06/02/2026

The renovation of the dilapidated school building of Mahagalwewa Junior School, Sooriyawewa, commenced on 31 January 2026, under the “Wassanan Diyawara” programme, a community development initiative implemented by the Medical Students' Buddhist Association (MSBA) of the Faculty of Medicine as part of its social responsibility and outreach activities. The programme aims to improve educational infrastructure in underserved rural areas.
The project was inaugurated under the patronage of the Vice Chancellor of the University, Professor Indika Mahesh Karunathilake, with the participation of the Dean of the Faculty of Medicine, Vidya Jothi Professor Vajira H. W. Dissanayake, the Senior Treasurer of the MSBA, Dr Nadeeka Chandrarathne, Deputy Bursar of the Faculty of Medicine, Mrs A. Anusha, President of the MSBA, Mr Pavara Perera, and the President of the MFSU, Mr Benuljith Karunaratne.
https://cmb.ac.lk/mahagalwewa-junior-school-wassanan-diyawara-programme

💠 පොහොය දින ලිපිය 💠🔆 බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ පසු තථාගතයාණන් වහන්සේට ගරුබුහුමන් වැඳුම් පිදුම් කරන්නේ කෙසේ ද?පරලෝසැ...
31/01/2026

💠 පොහොය දින ලිපිය 💠

🔆 බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ පසු තථාගතයාණන් වහන්සේට ගරුබුහුමන් වැඳුම් පිදුම් කරන්නේ කෙසේ ද?

පරලෝසැපත් ගුණවත් පුද්ගලයන්ට ගරු කිරීමේ ක්‍ර‍මයක් ශිෂ්ට මනුෂ්‍යයන් අතර ඇත්තේ ය. සොහොන් කොත් පිහිටවීම-පිළිරූ පිහිටවීම - ස්මාරක පිහිටවීම - ඒවාට අභිවාදනය කිරීම - මල්වඩම් ආදියෙන් පිදීම යනාදිය මිය ගිය උත්තමයන්ට ගරු කිරීම් වශයෙන් ශිෂ්ට මනුෂ්‍යයන් කරන වැඩ ය. පිරිනිවියා වූ බුදුරජාණන් වහන්සේට ගරුබුහුමන් කිරීම් වශයෙන් සැදැහැවතුන් අනුගමනය කරන්නේ ද ඒ ක්‍ර‍මය ම ය. බුද්ධාදි ආර්‍ය්‍යයන් වහන්සේලා උදෙසා කරන සොහොන් කොත් පිළිරූ සිහිවටන් චේතිය (චෛත්‍ය) නාමයෙන් හඳුන්වනු ලැබේ. උත්තම පුද්ගලයන් උදෙසා සොහොන් කොත් ආදිය පිහිටවීම ඒ පුද්ගලයන් ගේ නියෝගයක් හෝ ඉල්ලීමක් නිසා කරන්නක් නො වේ.

මහත්මා ගාන්ධිගේ පිළිරුව තනන ලද්දේ එතුමාගේ නියෝගයක් ඉල්ලීමක් නිසා නොවේ. කොළඹ විහාර මහාදේවි උයනෙහි විහාර මහාදේවි පිළිරුව පිහිටවා ඇත්තේත් - ධර්‍මපාල පිළිරුව - සේනානායක පිළිරුව යන මේවා පිහිටවා ඇත්තේත් ඒ අයගේ ඉල්ලීමක් හෝ නියෝගයක් නිසා නො වේ. එසේ ම තථාගතයන් වහන්සේ උදෙසා චෛත්‍ය පිහිටවීම කරන්නේත් උන් වහන්සේගේ නියෝගයක් නිසා නො වේ. උත්තම පුද්ගලයන් හට තැන තැන දී ගරු කිරීමට කරන මේ වැඩ පිළිවෙල හෙවත් ඒ ශිෂ්ට චාරිත්‍ර‍ය තථාගතයන් වහන්සේ විසින් ප්‍ර‍තික්ෂේප කරන ලද්දක් නොව, උන් වහන්සේ විසින් පිළිගන්නා ලද්දකි.

🪔චෛත්‍ය තුන

බුදුරජාණන් වහන්සේ ජනසංග්‍ර‍හය පිණිස ජනපද චාරිකාවෙහි වැඩවදාළ අවස්ථාවල දී සුවඳ මල් ආදිය ගෙන ජේතවනාරාමයට පැමිණෙන බොහෝ දෙනා ඒවා පිදීමට තැනක් නැතිකමින් බුදුන් වහන්සේ වැඩ වෙසෙන ගඳකිළිය දොරකඩ තම තමන් ගෙනා දෑ දමා යන්නට වූහ. එයින් ඒ මිනිස්සු සතුටක් නො ලබන්නාහ. ඒ බව දත් අනේපිඬු මහසිටාණෝ තථාගතයන් වහන්සේ දෙව්රම් වෙහෙරට පැමිණි කල්හි ආනන්ද ස්ථවිරයන් වහන්සේ වෙත එළඹ, “ස්වාමීනි, තථාගතයන් වහන්සේ නැති කල්හි මේ විහාරය මහජනයාට පිහිටක් නැති තැනක් වන්නේය. මිනිසුන්ට සුවඳ මල් ආදිය ගෙනැවිත් පිදීමට තැනක් මෙහි නැත්තේ ය. මේ කාරණය තථාගතයන් වහන්සේට සැල කොට මෙහි පූජනීය ස්ථානයක් ඇති කළ හැකි ද? නො හැකි ද? යන බව තථාගතයන් වහන්සේගෙන් දැනගනු මැනව” යි සැල කෙළේ ය.

ආනන්ද ස්ථවිරයන් වහන්සේ ඒ ඉල්ලීම පිළිගෙන තථාගතයන් වහන්සේ වෙත එළඹ, “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, චෛත්‍ය කොතෙක් ඇත්තේදැ” යි විචාළහ. “ආනන්දය, චෛත්‍ය තුනක් ඇත්තේය” යි වදාළ සේක. “ඒ චෛත්‍ය කවරේදැ” යි විචාළ කල්හි: “ආනන්දය, ශාරීරිකය පාරිභෝගිකය උද්දේසිකය යි චෛත්‍ය තුනක් ඇත්තේය” යි වදාළ සේක. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, නුඹ වහන්සේ වැඩ ඉන්නා කල්හි චෛත්‍ය කළ හැක්කේදැ” යි විචාළහ. එකල්හි තථාගතයන් වහන්සේ, “ආනන්දය, ශාරීරික චෛත්‍යය නො කළ හැකි ය. එය කළ හැක්කේ බුදුන් පිරිනිවි කල්හිය. උද්දේසිකයට ශාරීරික පාරිභෝගික වස්තු නැත. සිතින් ආදරය කිරීම් මාත්‍රයෙන් උද්දේශික චෛත්‍යය වන්නේය. බුදුන් විසින් පරිභෝග කළ මහාබෝධි බුදුන් වහන්සේ ඇති කල්හිත් නැති කල්හිත් චෛත්‍යයක් ම වන්නේ ය”යි වදාළ සේක. මේ ප්‍ර‍වෘත්තිය පිටකත්‍ර‍යට අයත් පොතක සඳහන් වී නැත. මෙය සඳහන් වී ඇත්තේ කාලිංග බෝධි ජාතක නිදානයේ ය: එහි සඳහන් වන පාළිපාඨය මෙසේ ය.

“ආනන්ද සාරීරිකං න සක්කා. තඤ්හි බුද්ධානං පරිනිබ්බුතකාලෙ හොති. උද්දෙසිකං අවත්ථුකං මමායනමත්තමෙව හොති. බුද්ධෙහි පන පරිභුත්තො මහාබොධි බු‍‍‍ද්‍ධෙසු ධරන්තෙසුපි පරිනිබ්බුතෙසුපි චෙතියමෙවා” ති.

මේ දේශනාවෙහි “උද්දෙසිකං අවත්ථුකං මමායන මත්තමෙව හොති” යන පාඨය අර්ථය තේරුම් ගැනුමට අපහසු පාඨයෙකි. බුද්ධ ප්‍ර‍තිමාවලට වැඳුම් පිදුම් කිරීම පිළිබඳ මතභේදයක් පැන නැඟ ඇත්තේ මේ පාඨය නිසා ය. කාරණය ඉතා කොටින් දක්වන මෙබඳු පාඨවල අර්ථය සෙවීමේදී ඒ දේශනාවේ නිදානය සලකා බැලිය යුතු ය. ඒ කාරණය පෙළ අටුවා ආදියෙහි හා තවත් තැන්වල දක්වා ඇති සැටිය ගැන ද බැලිය යුතු ය. ආචාර්‍ය්‍ය පරම්පරාවෙහි පැරණියන් ඒ කාරණය සම්බන්ධයෙන් කෙසේ පිළිපදින ලද්දේ ද යන්න ගැනත් සලකා බැලිය යුතු ය.

මෙබඳු පාඨවල අර්ථය උඩින් පෙනෙන සැටියට ගතහොත් නියම අර්ථය අසු නො වන්නේ ය. ඒ පාඨයේ අර්ථය වරදවා තේරුම් ගත් ඇතැම්හු උද්දේශික චෛත්‍යය වස්තුවක් නො වේය, බුදුගුණ සිහි කිරීම් මාත්‍ර‍ය ම උද්දේශික චෛත්‍යය” යි කියති. එසේ අර්ථය ගැනීම ඒ දේශනාවේ නිදානයට කොහෙත් ම නො ගැලපේ. ආනන්ද ස්ථවිරයන් වහන්සේ තථාගතයන් වහන්සේගෙන් චෛත්‍ය ගැන විචාළේ ජේතවනාරාමයට පැමිණෙන ජනයා විසින් වැඳුම් පිදුම් කිරීමට වස්තුවක් ඇති කරනු සඳහා ය. වැඳුම් පිදුම් කිරීමට සුදුසු වස්තූන් අසන කල්හි එයට පිළිතුරු දෙන තැනැත්තා එයට වස්තු නො වන්නක් කියා නම් එය “යන්නේ කොහි දැයි අසන්නා හට මල්ලේ පොල්ය” කීම වැනි කාරණයට නො ගැලපෙන හිස් කථාවක් වන්නේ ය. බුදුරජාණන් වහන්සේ එබඳු හිස් කථා නො කියන්නාහ.

උද්දේසික චෛත්‍යය වැඳුම් පිදුම් කිරීමට තබා ගත නො හෙන සිතීම් මාත්‍ර‍යක් නම්, මෙ තන්හි බුදුරජාණන් වහන්සේ ශාරීරික, පාරිභෝගික චෛත්‍ය දෙක පමණක් දක්වා වදාරනවා මිස, පලක් නැතිව උද්දේශික චෛත්‍යයක් ගැන නො වදාරන්නාහ. මෙ තන්හි උන් වහන්සේ උද්දේශික චෛත්‍යයක් ගැන වදාළේ එයත් වැඳුම් පිදුම් කිරීමට සුදුසු වස්තුවක් වන නිසා ය. උද්දේශික චෛත්‍යය වස්තුවක් නො වේ ය යි කීම දේශනා නිදානයට නො ගැලපෙන බව කියන ලද කරුණු අනුව දත යුතු ය.

චේතිය යන වචනයේ අර්ථය නිධිකණ්ඩ සූත්‍ර‍ අටුවාවෙහි දක්වා තිබෙන්නේ “චයිතබ්බන්ති චෙතියං: පූජෙතබ්බන්ති වුත්තං හොති” එයින් දක්වන්නේ චේතිය යන වචනයේ තේරුම: පූජා කළ යුතු වස්තුවය කියා ය. වැඳුම් පිදුම් කිරීමට වස්තුවක් නො වන දෙයකට ‘චේතිය’ යයි නො කිය හැකි ය. වැඳුම් පිදුම් කිරීමට තබා ගත නො හෙන බුදු ගුණ සිහි කිරීම් මාත්‍ර‍ය චෛත්‍යයක් නො විය හැකිය. උද්දේශික චෛත්‍යය වශයෙන් අවස්තුවක් ගැනීම චේතිය යන වචනයේ අර්ථය හා සැසඳෙන්නේ නො වේ. චේතිය යන වචනයේ අර්ථයට ගැලපෙන්නට නම් උද්දේශික චේතිය සැටියට වස්තුවක් ම ගත යුතු ය. චෛත්‍යය තුන නිධිකණ්ඩ සූත්‍ර‍ අටුවාවෙහි දක්වා ඇත්තේ මෙසේ ය:

“තං පනෙතං තිවිධං හොති, පරිභොගචෙතියං උද්දිස්සක චෙතියං ධාතු චෙතියන්ති. තත්ථ බොධි රුක්ඛො පරිභොගචෙතියං, බුද්ධපටිමා උද්දිස්සක චෙතියං, ධාතුගබ්භ ථූපා සධාතුක චෙතියං”

පරිභෝග චේතිය උද්දිස්සක චේතිය ධාතු චේතිය කියා ඒ චෛත්‍යය ත්‍රිවිධ වන්නේ ය. එහි බෝරුක පරිභෝග චේතිය ය, බුද්ධ ප්‍ර‍තිමාව උද්දිස්සක චේතිය ය, ධාතුගර්භ වූ ස්තූප සධාතුක චේතිය ය යනු ඒ අටුවා පාඨයේ තේරුම ය.

බුද්ධ පටිමා උද්දිස්සක චෙතියං යන මේ අටුවා පාඨයෙන් බුදු පිළිමය උද්දේශික චෛත්‍යය බව නිරවුල් ලෙස ම දැක්වේ. ජාතක අටුවාවය, ඛුද්දකපාඨ අටුවාවය යන මේ පොත් දෙක ම සම්පාදනය කර තිබෙන්නේ එක ම ආචාර්‍ය්‍යවරයා විසින් ය. එක ම ආචාර්‍ය්‍යවරයෙක් එක ම කාරණයක් එකිනෙකට විරුද්ධ වන ලෙස නො ලියන්නේ ය. ඛුද්දකපාඨ අටුවාවෙහි බුදු පිළිමය උද්දේශික චේතිය බව කියා තිබීමෙන් උද්දෙසිකං අවත්ථුකං යනාදි පාඨයෙන් ගතයුතු අර්ථයත් යම්කිසි වස්තුවක් ම බව කිය යුතු ය. උද්දෙසිකං අවත්ථුකං යනුවෙන් කියැවෙන්නේ; උද්දේශිකයට ශාරීරික පාරිභෝගික වස්තු නැති බව ය. උද්දේශික චෛත්‍යය වස්තුවක් නො වන බව දැක්වීමට නම් කිය යුත්තේ “උද්දෙසිකං අවත්ථුකං” කියා නොව “උද්දේසිකං අවත්ථු” කියා ය. ශරීරයේ කොටසක් වීමෙන් ශාරීරික චෛත්‍යය වේ. පරිභෝග කළ වස්තුවක් වීමෙන් පාරිභෝගික චෛත්‍යය වේ. මේ බුදුන් වහන්සේ ගේ රූපය යනාදීන් සලකා සිතින් ආදරය කරනු ලැබීමෙන් උද්දේශික චෛත්‍යය වේ. “මමායන මත්තමෙව” යන පාඨයෙන් දැක්වෙන්නේ ඒ බව ය. මමායන මාත්‍ර‍ය ම චෛත්‍යය යි ගතහොත් එය විහිළුවකි. එයින් වන්නේ මහ අවුලෙකි. මමායනය ම චෛත්‍යයක් වශයෙන් ගතහොත් උද්දේශික චෛත්‍යය කියා වැඳුම් පිදුම් කරන්නට සිදුවන්නේ තමා ගේ සිතට ය. එය කළ හැකි වැඩක් ද?

පිරිනිවන් පා වදාළ බුදුන් වහන්සේට පූජා පැවැත්විය යුත්තේ ශාරීරික පාරිභෝගික උද්දේශික චෛත්‍යයන්හි ය. එසේ කළ කල්හි බුදුන් වහන්සේට පූජා කළේ වන්නේ ය. චෛත්‍යයක් නො ලබන කල්හි කොතැනක හෝ බුදුන් උදෙසා පූජා පැවැත්වීම සුදුසු ය. සැදැහැයෙන් පිදුවහොත් බුදුන් උදෙසා කොතැනක පිදුවත් පින් සිදු වේ.

⭕උපුටා ගන්නා ලදී ⭕

ධර්ම විනිශ්චය - පූජ්‍ය රේරුකානේ චන්දවිමල හිමි.
(tipitaka.lk)

වෛද්‍ය ශිෂ්‍ය බෞද්ධ සංගමය ,
කොළඹ විශ්වවිද්‍යාලය .

💠නවම් පොහොය අදයි !💠🪷අද පොහොය දින පණිවිඩය🪷තමන් උගත් ධර්ම පුන පුනා නැවත විමසිය යුතු ය.තමන් වසන ගේ දොර පිරිසිදුව තබා ගත යුත...
31/01/2026

💠නවම් පොහොය අදයි !💠

🪷අද පොහොය දින පණිවිඩය🪷

තමන් උගත් ධර්ම පුන පුනා නැවත විමසිය යුතු ය.තමන් වසන ගේ දොර පිරිසිදුව තබා ගත යුතුය.තම ශරීරය පිරිසිදු ව තබා ගැනීමට වෙහෙසිය යුතුය.එසේම කෙත්වත්,මිලමුදල් ගේදොර ආරක්ෂා කර ගත යුතු ය.මනාව පාලනය කළ යුතුය.
යමෙක් එසේ නොකර කම්මැලි වූ මල(මැරුනු) සිතින් යුතුව වාසය කරයි නම් ඔහු/ඈ නිසැකව ම පිරිහෙයි.

තෙරුවන් සරණයි !

වෛද්‍ය ශිෂ්‍ය බෞද්ධ සංගමය,
කොලඹ විශ්වවිද්‍යාලය
.......................................................................................

💠 Navam Poya Day Message !💠

One should repeat the things that one has learned. One should keep and maintain their house clean.One should try to keep a good hygiene. Also, one should protect and control their money & wealth in a better way. If one does not do this and lives with a lazy (dead) mind, he/she will definitely has to face the bitter truth;the reality .

Medical Students Buddhist Association,
University of Colombo

💠වස්සාන දියවර 2025/2026 – අධ්‍යාපනික සම්මන්ත්‍රණ මාලාව 💠🔰 පහළොස්වන දිනය – 2026 ජනවාරි 11🔰කොළඹ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය ශි...
18/01/2026

💠වස්සාන දියවර 2025/2026 – අධ්‍යාපනික සම්මන්ත්‍රණ මාලාව 💠

🔰 පහළොස්වන දිනය – 2026 ජනවාරි 11🔰

කොළඹ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය ශිෂ්‍ය බෞද්ධ සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරන වස්සාන දියවර 2025 ප්‍රජා සත්කාර වැඩසටහනට සමගාමීව පවත්වන අධ්‍යාපනික සම්මන්ත්‍රණ මාලාවේ පහළොස්වන දිනය, 2026 ජනවාරි 11 වැනි දින හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූරියවැව, මහගල්වැව කණිෂ්ඨ විද්‍යාලයේදී සාර්ථකව පැවැත්විණි.
මෙම වැඩසටහන කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ 2022 කණ්ඩායමේ සහෝදර සිසුන්ගේ මෙහෙයවීමෙන් ඉතා සාර්ථක ලෙස ක්‍රියාත්මක කරන ලදී.

වස්සාන දියවර 2025/2026,
වෛද්‍ය ශිෂ්‍ය බෞද්ධ සංගමය,
කොළඹ විශ්වවිද්‍යාලය.

💠 Wassana Diyawara 2025/2026 – Educational Seminar Series 💠
🔰 Fifteenth Day – 11th January 2026 🔰

In conjunction with the annual Wassana Diyawara 2025/2026 community service initiative organized by the Medical Students’ Buddhist Association, University of Colombo, the Fifteenth session of the Educational Seminar Series was successfully conducted on 11 th January 2026 at Mahagalwewa Junior School, Sooriyawewa, Hambantota.
The programme was efficiently organized and carried out by the students of 2022 batch of the Faculty of Medicine, University of Colombo.

Wassana Diyawara 2025/2026,
Medical Students’ Buddhist Association,
University of Colombo.

💠වස්සාන දියවර 2025/2026 – අධ්‍යාපනික සම්මන්ත්‍රණ මාලාව 💠🔰 පහළොස්වන දිනය – 2026 ජනවාරි 04🔰කොළඹ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය ශි...
18/01/2026

💠වස්සාන දියවර 2025/2026 – අධ්‍යාපනික සම්මන්ත්‍රණ මාලාව 💠

🔰 පහළොස්වන දිනය – 2026 ජනවාරි 04🔰

කොළඹ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය ශිෂ්‍ය බෞද්ධ සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරන වස්සාන දියවර 2025 ප්‍රජා සත්කාර වැඩසටහනට සමගාමීව පවත්වන අධ්‍යාපනික සම්මන්ත්‍රණ මාලාවේ දහහතරවන දිනය, 2026 ජනවාරි 04 වැනි දින හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූරියවැව, මහගල්වැව කණිෂ්ඨ විද්‍යාලයේදී සාර්ථකව පැවැත්විණි.
මෙම වැඩසටහන කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ භෞතචිකිත්සක කණ්ඩායමේ 2023 සහෝදර සිසු සිසුවියන්ගේ මෙහෙයවීමෙන් ඉතා සාර්ථක ලෙස ක්‍රියාත්මක කරන ලදී.

වස්සාන දියවර 2025/2026,
වෛද්‍ය ශිෂ්‍ය බෞද්ධ සංගමය,
කොළඹ විශ්වවිද්‍යාලය.

💠 Wassana Diyawara 2025/2026 – Educational Seminar Series 💠
🔰 Fourteenth Day – 04th January 2026 🔰

In conjunction with the annual Wassana Diyawara 2025/2026 community service initiative organized by the Medical Students’ Buddhist Association, University of Colombo, the Fourteenth session of the Educational Seminar Series was successfully conducted on 04 th January 2026 at Mahagalwewa Junior School, Sooriyawewa, Hambantota.
The programme was efficiently organized and carried out by the students of Physiotherapy 2023 batch of the Faculty of Medicine, University of Colombo.

Wassana Diyawara 2025/2026,
Medical Students’ Buddhist Association,
University of Colombo.

☸️ සෑම මසකම පොහෝ දින පළ කෙරෙන බෞද්ධ ලිපි මාලාවේ සත්වන ලිපිය 2026 දුරුතු පුන් පොහෝ දිනට සමගාමීව මෙසේ එක් කරන්නෙමු. ☸️————...
02/01/2026

☸️ සෑම මසකම පොහෝ දින පළ කෙරෙන බෞද්ධ ලිපි මාලාවේ සත්වන ලිපිය 2026 දුරුතු පුන් පොහෝ දිනට සමගාමීව මෙසේ එක් කරන්නෙමු. ☸️
———————————————————————————

🌼 බෞද්ධ ලිපි අංක 07 - කාලාම සූත්‍රය🌼

මා මීළඟට කතා කරන්න යන්නේ ඉතාම වැදගත් මාතෘකාවක් ගැන ය. මේ ප්‍රශ්නය අද බොහෝ දෙනෙකුට තිබෙනවා මෙන්ම එදා බුද්ධ කාලයේ බෝහෝ පිරිසකටද පැවතුනු බව පෙනී යයි.

ඉතින් ඒ කල බොහෝ ආගමික නිකායවල්, විවිධ දර්ශන දරපු පූජකවරු අද මෙන්ම ඊටත් වැඩියෙන් එදා කාලයේ සිටියෝ ය. ඉතින් මේ අය ගම්නියම් වලට පැමිණ තමාගේ දර්ශනවාද අදහස් පතුරන ලද්දෝ ය. සමහරු සමහර දර්ශනවාද තමාට වාසි අයුරින් අර්ථය, අදහස් වෙනස් කර දේශනා කළෝ ය.
අදත් ඒ ආකාරයමයි. හරි කුමක්ද වැරදි කුමක්ද කිනම් දේ පිලිගන්නවාද කුමක් බැහැර කරනවාද කියන දෙය මිනිස්සුන්ට විශාල ප්‍රශ්නයක් වී තිබෙයි. අද වෙනකොට බොහෝ දෙනෙක් මේ හරි දේ වැරදි දේ තෝරා බේරා ගැනීමට බොහෝ උත්සාහ දරමින් සිටිති. ඒ පිළිබඳ භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරනා ලද සූත්‍රයක් ඇසුරින් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමි.

ඒ සූත්‍රය මෙසේ ය.....

දිනක් අප භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා සමග චාරිකාවේ වඩින තුර කාලාම නම් ක්ෂත්‍රියන්ගෙ කේසපුත්ත නම් නියම්ගමට වැඩි සේක.
භාග්‍යවතුන් වහන්සේ දැක ශ්‍රද්ධාව පහල වූ මේ පිරිස බුදු ගුණ වයන්නට පටන්ගත්තෝ ය.
ඔවුන් භාග්‍යවතුන් වහන්සේගෙන් මෙසේ විමසූහ.

"ස්වාමීනී, කේසපුත්ත ගමට එන්නා වූ සමහර ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඇත්තාහ. ඔවුහු තම වාදයම දක්වත්, අනිත් වාදයන්ට ගරහත්, නින්දා කරත්, බැහැර කරත්, ස්වාමීනි, ඔවුන්ගේ කථා පිළිබඳ මේ පින්වත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් අතරේන් කවරෙක් නම් සැබෑවක් කියයිද කවරෙක් බොරු කියයිද අපහට සැක සංකා ඇතිවන්නෝ ය."

මෙහිදී භාග්‍යවතුන් වහන්සේ මේ පිළිබඳ ඔවුන්හට ප්‍රශංසා කොට එසේ නිසි වේලාවේ සැක ඉපිදවා ගැනීම ඉතාම නිවැරදි බව පවසා මෙසේ කාලාම සූත්‍රය දේශනා කල සේක.

අන් අය කියනා දේ කරුණු 9 කින් මෙසේ නොපිළිගත යුතුය.

1. අන් අය ඒ ගැන කතා කරන බැවින්
2. පරම්පරාවෙන් කටින් කට ආ පමණින්
3. මෙය මෙසේ විය හැකියැයි සිතීමෙන්
4. අපගේ ඉගැන්වීම් හා සමාන වේ යැයි සිතීමෙන්
5. තර්කානුකූල යැයි සිතීමෙන්
6. මේ කියනා දේ යහපත් දෙයක් යැයි සිතීමෙන්
7. නුවණින් තීරණය කොට ගන්නා ලද දෘශ්ටියට සමාන යැයි සිතීමෙන්
8. මේ මහණ තෙම යහපත් කෙනෙකි යැයි සිතීමෙන්
9. මොහු අපේ ගුරුවරයා කියාද සිතා ඒ කරුණු පිළිගැනීම සිදුනොකළ යුතු ය.

එසේ නම් කරුණු පිළිගත යුත්තේ කෙසේද ?

කරුණු මෙසේ කාරණා 5 කින් පිළිගත හැකිය.

1. මේ දේශනා කරන ලද කරුණ කුමක් පිළිබදව වේද, එය හිත පිණිස වේද ,අයහපත පිණිස වේද,

2. මේ කරුණ යමෙකු තුළ දීර්ඝ කලක් හිත පිණිස වේද දුක් පිණිස වේද, නැත්නම් යහපත පිනිස වේද, අන්‍යාද ඒ දුක් සහිත බවේ හෝ යහපත් බවෙහි සමාදන් කෙරේද,

3. මේ දේශනා කරනා ලද කරුණු/ධර්මයෝ කුසල් වේද, අකුසල් වේද, වරද වේද, නිවරද වේද,

4. නුවනැත්තන් විසින් ගරහන ලද්දා වේද, පසසන ලද්දා වේද,

5. සමාදන් වන්නා වූ අයගේ දුක පිණිස හෝ යහපත පිණිස වේද,

මෙසේ සිතා විමසා බැලිය යුතුය. මෙහිදී නුවණැත්තන් යනු හුදෙක් උගතුන් නොවන බවත් යහපත් සිල් ගුණදම් පුරනා ආර්‍යය උතුමන්ම වන බවත් මතක තබා ගත යුතුම ය.

මෙසේ කරුණු පිළිගන්නා ආර්‍යය ශ්‍රාවකයා මේ ආකාරයෙන් වෙසෙයි.

ලෝභ, ද්වේශ හා මෝහය සිදලූ ආර්‍යය ශ්‍රාවකයා මෛත්‍රී සහගත සිතින්, කරුණා සහගත සිතින්, මුදිතා සහගත සිතින්, උපෙක්ඛා සහගත සිතින් එනම් සතර බ්‍රහ්ම විහරණයෙන් එක් දිශාවක් පතුරුවා වාසය කරයි.
එමෙන්ම සියලු දිශාවේ මෙත්තා, කරුණා, මුදිතා හා උපෙක්ඛා සහගත සිතින් අවෛරීව, ව්‍යාපාද රහිත වූ සිතින් වාසය කරයි.

එමෙන්ම මෙසේ වූ ආර්‍යය ශ්‍රාවකයා සතර ආකාරයකට සැනසීම ලබයි.

1. පරලොව ඉපදීමක් වේ නම් ,කරන ලද යහපත් කර්මයන්ගේ විපාක ඇත්තේ නම් මරණින් මතු සුගතියේ උපදින බව සිතා සැනසෙන්නේ ය.

2. පරලොවක් නැත්තේ නම් කරන ලද හොද නොහොද වල විපාක දීමක් නැත්තේ වේ නම් මේ උපතේදී සුවසේ හිදිමියි සැනසෙන්නේ ය.

3. පව් කරන්නා හට ඇතිවන විපාක දැක මා කිසිදු පවක් නොකෙරෙන්නේය, එසේ නම් පව් නොකරන මා හට කිසිදු දුකක් ඇති නොවෙන්නේ යැයි නොපැමිණෙන්නේ යයි සැනසීමට පත්වෙයි.

4. ඉදින් මා වනාහි පවෙන්ද, විපාකයෙන්ද යන දෙකෙන්ම පිරිසිදු වූ තමා දකිනෙමියි තමාගේ පිරිසිදු සිත දැක සැනසීමට පත්වෙයි.

සූත්‍රය අවසානයේ සතුටු වූ ක්ෂත්‍රීයන් අප මහා භාග්‍යවතුන් වහන්සේට ස්තූති කර වන්දනා මාන සිදු කළෝ ය.

මේ ආකාරයෙන්ම භාග්‍යවතුන් වහන්සේ පිළිබදවද සිතා විමසා බැලිය යුතු බව හා එය සිදු කරනා ආකාරය පිළිබඳ වීමංසක සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද සේක.

ඔබ අසනා සෑම දහම් කරුණක් මෙන්ම ජීවිතයේ හමුවන ඕනෑම කරුණක් පිළිබඳ මෙසේ සිතා බැලිය යුතු ය. එය අප්‍රමාදයටත් මෙලොව පරලොව දියුණුවටත් සැප පිණිසත් හේතු වෙයි.

වඩාත්ම වැදගත් දෙය නම් යම් අයෙක් වෙනස් දහමක් දේශනා කරන්නෙය හෝ බුදු සසුන විනාශ කරන්නේ යැයි ද්වේශ උපදවා නොගත යුතු ය. මන්ද එසේ ද්වේශය තුළ සිටීමම බෞද්ධ දර්ශනයට පිටුපා යාමක් වන නිසාය. තේරුම් ගත යුතු දෙයනම් මේ අන් සියල්ලක් මෙන්ම ධර්මයද අනිත්‍යට යටත් බවත් ඒ නිසා කම්පා නොවිය යුතු බවත් ය.
වැදගත් වන්නේ තමාට ඇසෙන දේ අතුරින් හරි දේ නිවැරදිව තෝරා බේරා ගෙන වැරදි දේ ඉවත් කොට තමා තුළින් තමා යහපත් වීමයි. තමා තුළ ඇතිවන සියලු දේට හේතුව තමාම බවත් සියලු දේ හේතු ඵල දහම අනුව සිදුවන බවත් අයපත් දොරටු අතහැර යහපතේ යෙදෙන්නා නිසා තමාද අන් අයද අවට පරිසරයද සුන්දර වනු ඇති බව තේරුම් ගැනීමත් සිදු කළ යුතු ය. ඒ හේතුවෙන්ම විශේෂයෙන්ම කාලාම සූත්‍රය මෙසේ ඉදිරිපත් කරන ලදී.

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් මියගිය අවතැන් වූවා වූ මෙන්ම ආදරණීයන් අහිමි වූ පීඩාවට පත් වූ සියලු දෙනා මෙන්ම ඒ හේතුවෙන් මිය ගිය සියලු සත්ත්වයන්ටද සුවය ළගා වේවා! නිදුක් වේවා! නිරෝගී වේවා !අමා රසය බදු වූ නිවනට පත් වේවා !

සියලු සත්ත්වයෝ සුවපත් වේවා!

- ධර්මදානය පිණිස සකසන ලදී.

සැ.යු.- මෙය සම්පූර්ණයෙන්ම ධර්ම දානය පිණිස යහපත පිණිස ලියන ලද්දක්වන අතර කිසියම් පුද්ගල හෝ විශ්වාසයකට අයහපතක් කීරීමේ අරමුණින් ලියන ලද්දක් නොවන බව සලකන්න...

☸️පින්බර දුරුතු පුර පොහෝ දිනයක් වේවා!🙏🪷පොහෝදින දහම් පණිවිඩය🪷බොරු කියන පුද්ගලයාද තමන් විසින් සිදු කරන ලද අයහපත් ක්‍රියා ප...
02/01/2026

☸️පින්බර දුරුතු පුර පොහෝ දිනයක් වේවා!🙏

🪷පොහෝදින දහම් පණිවිඩය🪷

බොරු කියන පුද්ගලයාද තමන් විසින් සිදු කරන ලද අයහපත් ක්‍රියා පිළි නොගන්නා තැනැත්තාද මරණින් මතු දුගතියේ උපදින්නේය.

වෛද්‍ය ශිෂ්‍ය බෞද්ධ සංගමය,
කොළඹ විශ්වවිද්‍යාලය.

———————————————————————————

☸️ Wishing you a blessed Duruthu Full Moon Poya Day! 🙏

🪷Dhamma Message for Poya Day🪷

A person who tells lies or one who does not admit to the wrongful deeds he has committed, will be reborn in a state of misery after death.

Medical Students’ Buddhist Association,
University of Colombo

💠වස්සාන දියවර 2025 - අධ්‍යාපනික සම්මන්ත්‍රණ මාලාව💠🔰දහතුන්වන දිනය - 2025/12/28🔰 🔰කොළඹ වෛද්‍ය ශිෂ්‍ය බෞද්ධ සංගමය, වාර්ෂිකව...
31/12/2025

💠වස්සාන දියවර 2025 - අධ්‍යාපනික සම්මන්ත්‍රණ මාලාව💠

🔰දහතුන්වන දිනය - 2025/12/28🔰

🔰කොළඹ වෛද්‍ය ශිෂ්‍ය බෞද්ධ සංගමය, වාර්ෂිකව සංවිධානය කරන වස්සාන දියවර ප්‍රජා සත්කාර වැඩසහටහනට සමගාමීව පවත්වන අධ්‍යාපනික සම්මන්ත්‍රණ මාලාව 2025 දෙසැම්බර් මස 28 වැනි දින හම්බන්තොට, සූරියවැව, මහගල්වැව කණිෂ්ඨ විද්‍යාලයේදී 2022 කණ්ඩායමේ සහෝදර සිසු සිසුවියන්ගේ මෙහෙය වීමෙන් මෙවරත් සාර්ථකව පවත්වන ලදී.

වස්සාන දියවර 2025,
වෛද්‍ය ශිෂ්‍ය බෞද්ධ සංගමය,
කොළඹ විශ්වවිද්‍යාලය.
..........................................................................................
💠 Wassana Diyawara 2025 – Educational Seminar Series 💠

🔰 Thirteenth day- 28th December 2025🔰

As part of the annual "Wassana Diyawara 2025" community service programme organized by the Medical Students’ Buddhist Association, the Thirteenth day of the Educational Seminar Series was successfully held on 28th December 2025 at Mahagalwewa Junior School, Sooriyawewa, Hambantota.

The programme was successfully conducted by the students of the 2022 batch of the Faculty of Medicine, University of Colombo.

Wassana Diyawara 2025,
Medical Students' Buddhist Association,
University of Colombo.

💠වස්සාන දියවර 2025 - අධ්‍යාපනික සම්මන්ත්‍රණ මාලාව💠🔰දොළොස්වන දිනය - 2025/12/21🔰🔰කොළඹ වෛද්‍ය ශිෂ්‍ය බෞද්ධ සංගමය, වාර්ෂිකව ...
23/12/2025

💠වස්සාන දියවර 2025 - අධ්‍යාපනික සම්මන්ත්‍රණ මාලාව💠

🔰දොළොස්වන දිනය - 2025/12/21🔰

🔰කොළඹ වෛද්‍ය ශිෂ්‍ය බෞද්ධ සංගමය, වාර්ෂිකව සංවිධානය කරන වස්සාන දියවර ප්‍රජා සත්කාර වැඩසහටහනට සමගාමීව පවත්වන අධ්‍යාපනික සම්මන්ත්‍රණ මාලාවේ දොළොස්වන දිනය 2025 දෙසැම්බර් මස 21 වැනි දින හම්බන්තොට, සූරියවැව, මහගල්වැව කණිෂ්ඨ විද්‍යාලයේදී 2021 කණ්ඩායමේ සහෝදර සිසු සිසුවියන්ගේ සහභාගීත්වයෙන් මෙවරත් සාර්ථකව පවත්වන ලදී.

💠වස්සාන දියවර 2025,
වෛද්‍ය ශිෂ්‍ය බෞද්ධ සංගමය,
කොළඹ විශ්වවිද්‍යාලය..............................................................

💠 Wassana Diyawara 2025 – Educational Seminar Series 💠

🔰 Twelfth day-21 st December 2025

🔰As part of the annual "Wassana Diyawara 2025" community service programme organized by the Medical Students’ Buddhist Association, the twelfth day of the Educational Seminar Series was successfully held on 21 st December 2025 at Mahagalwewa Junior School, Sooriyawewa, Hambantota.

The programme was successfully conducted with the participation of the students of the 2021 batch.

💠Wassana Diyawara 2025,
Medical Students' Buddhist Association,
University of Colombo.

https://m.facebook.com/story.php?story_fbid=1313556997480719&id=100064792926917&mibextid=Nif5oz

Address

Medical Students' Buddhist Association, Faculty Of Medicine, University Of Colombo
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Medical Students' Buddhist Association - University of Colombo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Medical Students' Buddhist Association - University of Colombo:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram