02/02/2026
පොෂ් වීම නිසා සමාජයෙන් තුරන්ව යන චාරිත්‍ර ***********************************************
වර්තමාන සමාජයේ මව්වරුන් පවා හරිහැටි නොදන්නා චාරිත්‍ර වාරිත්‍ර බොහොමයක් ඇතුළත් මංගල කරුණක් තමයි මේ මල්වරය.
අම්මා කාන්තාවක් වුවත් දුවගේ මල්වරයේදී කලයුතු දේ නොදන්නා සමාජයක්.
ඇයි එහෙම උනේ ????????
දැන් අපේ අය පොෂ්නෙ නේද???
ඒකට කමක් නෑ අවශ්‍ය අයට දැනගන්න ලිව්වේ 🤗
මල්වරයක් දැනගත් පසු මුලින්ම කලේ මල්වර දැරිය පුරුෂ පාර්ශ්වයෙන් ඈත්ව වෙනම කාමරයක වැඩිහිටි කාන්තාවක් හෝ තනියට තවත් ගැඃහැණු දරුවෙක් සමග තැබීම වගේම කාමරයෙන් පිටතට ඇසෙන සේ කතා කිරීමත් වැළකුවා. ගැහැණු දරුවෙක්ගේ සංවරබව හැදෙන්නේ එතන ඉඳලා. ඒ වගේම දරුවා සිටින කාමරයේ දෙපස පොල්මල් දාපු පුන් කලස් දෙකක් තැබීම ආරක්ෂාවට යකඩ මිටියක් යකඩින් කරන ලද යමක් තැබීම ආදියද මීට ඇතුලත්.
ඉන්පසුව පැරණි චාරිත්‍ර අනුව වැඩිහිටියන් මුලින්ම කලේ පවුලේ ජ්‍යෝතිර්වේදීයා මුණගැසී මල්වර නැකත් සාදවා ගැනීම. ඒ අතරතුර තවත් දෙයක් සිදු උනා. ඒ තමයි එකල ගම් වල හිටියා රෙදි නැන්දා නමින් හඳුන්වන මල්වර චාරිත්‍ර සඳහා උපකාරී වන කාන්තාවන්. මල්වරයක් සිදු වූ බවට මේ රෙදි නැන්දා දැනුවත් කිරීම තමයි ඊලඟ රාජකාරිය.
එසේ මල්වර ස්නානයට සුභ නැකත පැමිණෙන තෙක් දින කිහිපයක් දැරිය කාමරයේ තබා නැකත් දින නිවසේ පසෙක කිරි ගසක් යට එළිමහනේ ආවරණයක් සහිතව ස්ථානයක් පිළියෙළ කොට එම ස්ථානයේ කිරි ගසක් නැත්නම් කොස් හසක අත්තක් සිටුවා ඒ අසළ දරුවා නැහැවීමේ කටයුතු සිදු කලා. නෑවීම සඳහා දරුවා හිස සිට ආවරණය කර පෑළදොරෙන් කැඳවාගෙන යන අතර,
ඒ සඳහා ඖෂධ තැම්බූ වතුර සහිත කළයක් භාවිතා කිරීම සිරිතයි. නෑවීමෙන් පසු එම කලස පොළොවේ ගසා බිඳීමද, ඉන් අනතුරුව කිරිගසට ආයුධයකින් පලුදු කර එයින් වෑහෙන කිරි දැකීමට සැළැස්වීමෙන් පසු ස්නානය කළ දරුවා සුදු පිරුවට හැඳ සුදු රෙදිකඩකින් හිස සිට ආවරණය කර නිවසේ ඉදිරිපස දොරටුවෙන් මව විසින් කැඳවාගෙන පැමිණෙන අතර දොරටුව ඉදිරිපස බුලත් කොළ කිහිපයක් මත තබන ලද පොල් ගෙඩියක් දරුවා විසින් බිඳිය යුතුයි පසුව මුලින්ම තම පියා දැකීමට සැලැස්වීම සිරිතයි.
සාමාන්‍යයෙන් මල්වරයකදී නැකැත් ලබා දෙනවිට නිවසේ කැවිලි වර්ග සෑදීම සඳහා නැකැතක් ලබා දෙන අතර එසේ සකස් කරන ලද කැවිලි වර්ග 7ක් කිරිබත් කෙසෙල් ආදිය බිම එළන ලද පැදුරක් මත සුදු රෙදි අතුරා ඒ මත තබයි පැදුර සිව් කොන සහල් පොල්මල් සහිත පුන් කලස් 4ක් තබන අතර පැදුර මත සහල් තුනපහ ආදී කුළුබඩු සහිත වට්ටියක් තබයි ( එය චාරිත්‍ර අවසන්ව පිටව යන රෙදි නැන්දාට තෑගිකළ යුතුය . අනතුරුව නිවසට ඇතුළු වන දැරිය පොල්තෙල් පහන් දල්වා කැවිලි පැදුර වටා දකුණට වට තුනක් යවා බුලත් හුරුල්ලකින් දෙමාපියන් ඇතුළු වැඩිහිටි ඥාතීන් පුදන අතර තමන්ට එදිනට නියමිත වර්ණය සහිත ඇඳුමකින් සරසවා ආභරණ පළඳවා අවසානයේ තෑගිබෝග ලබා දීමද තවත් දරුවන් කිහිප දෙනෙකු සමග කෑම මේසයට වාඩි කිරීම (පුළුටු ආහාර හැර) ආදිය චාරිත්‍ර ලෙස පැරැන්නන් සිදු කරන ලදී.
මේ තමයි සරළව මල්වර චාරිත්‍ර
ඒව කළා කියලා වරදක් වූ බවක් නම් පේන්න නෑ දරුවො දුසිම් ගණන් හදල නිරෝගීව වංගෙඩි කුරහන් ගල් භාවිතා කරල නිවසේ කටයුතුත් හරි අගේට කරගෙන හිටියනෙ අපේ කාන්තාවන්.
දැන් එන්න එපා තාක්ෂණය දියුණුයි. බටහිර රටවල් වල ඕව නෑ
ඔය හණමිටි අදහස් නිසා තමයි අපේ රට දියුණු නොවෙන්නේ යැයි යැයි ගාගෙන
කැමති කෙනෙක් කරත්වා
අකමැති නම් අහක බලාගෙන යමල්ල
දේශීය ආයුර්වේද සර්වාංග වෛද්‍ය ශාස්ත්‍රපති චමින්ද සම්පත්
තල්ගස්වත්ත වෙද පරපුර
ප්‍රතිකාර මධ්‍යස්ථානය සියඹලාපේ උතුර
0755072142 0766691586