Nawamini Channeling Center - Digana

Nawamini Channeling Center - Digana all your health needs call us.

31/12/2025

HAPPY NEW YEAR 2026!

11/12/2025

ගංවතුරට අහුවෙච්චි චිකන් හඳුනා ගන්නේ කොහොමද. 🤔

ගංවතුරට අහුවෙලා කුකුල් ෆාම්වල ලක්ස ගණනින් සත්තු මැරුණා . මේ සතුන්ගේ මස් වෙළඳපොළට එන එක නවත්වන්න අවශ්‍ය ක්රියාමාර්ග ඒ කොට්ටාෂවල පීඑච්අයි මහත්තුරු විසින් ගනු ලබනවා. ඒ වගේ මස් වෙළඳපොළට එවන්න එපා කියල සහ එවැනි සැක සහිත මස් ආහාරයට ගන්න එපා කියලත් දැණුම්වත් කිරීම් මේ දවස්වල සිදද කෙරෙනවා. කොච්චර කිවුවත් වැඩේ තවම තැන තැන සිද්ද වෙනව කියල එහෙම වෙළඳපොළට එවපු මස් අත්අඩංගුවට ගැනීම් හරහා පේන්න තියෙනවා. සමහර විට මේ මස් ශීතාගාරවල ගබඩා කරල තව මසෙකින් දෙකකින් වුනත් මාකට් එකට එන්න පුලුවන්. මේ දවස්වල අඩුවට චිකන් එහෙම හම්බ වුනොත් හරි තඩි මස් පලුවක් එක්ක ලාබෙට රයිස්, බිරියානි එහෙම විකුණනවානම් මේවා වෙන්නත් පුලුවන්.

ඒ නිසා සෞඛ්‍ය සම්පන්න නොවන, ගංවතුරට අහුවෙච්චි කුකුළු මස් හඳුනා ගන්න වැදගත් වෙයි කියල හිතෙන පොඩි කරුණු ටිකක් පහළින් දානවා. අවශ්‍ය කෙනෙක් කියවල දැණුම්වත් වෙන්න. තව කෙනෙකුට දැන ගන්න සෙයාර් කරන්න. 🫂

* සෞඛ්‍යයට හිතකර මස්වල ප්‍රධානම ලක්ෂණය වෙන්නේ ලේ ගැලීමේ ක්‍රියාවලියේ සම්පූර්ණත්වයයි. ඒ කියන්නේ මස්වලින් ලේ හොඳට ඉවත් වෙලා තියෙනවා. ඒ නිසා හොඳ නැවුම් මස්වල වර්ණය: සුදු පාට මේදය සහිතව ලා රෝස පැහැයෙන් තමයි තියෙන්න ඕන. ගංවතුරට අහුවෙලා හරි, ෆාම් එකේදි ලෙඩ වෙලා හරි මැරිච්ච කුකුළන්ගේ මස් තද රතු, දුඹුරු, අළු හෝ සමහර විට කොළ පැහැයට හුරු අළු පැහැයක් ගන්නවා.
* වයනය: නැවුම් කුකුළු මස්වල තෙතමනය සහිත, මෘදු සහ තරමක් දිලිසෙන වයනයක් තියෙනවා. සේදීමෙන් පසුව වුනත් නරක් වූ හෝ මැරිච්ච සතුන්ගේ මස්වල ලාවට හෝ තදට ඇලෙන සුළු ගතියක් තියෙනවා. මස් මෘදුයි, කෑලි ගැලවෙන දියවෙන සුළුයි.
* සුවඳ: නැවුම් කුකුළු මස්වල ඉතා මෘදු ලාක්ෂණික ගන්ධයක් තියෙන අතර, නරක් වූ හෝ මිය ගිය කුකුළු මස්වල අපිරිසිදු, තියුණු ගන්ධයක් තියෙනවා.
* වෙනත් ලක්ෂණ: තැලීම්, නිශ්චිත රුධිර වහනයක් (අවයව හෝ මාංශ පේශිවල කුඩා රුධිර ලප) හෝ රෝග ලක්ෂණ (උදා: වළාකුළු සහිත වායු බුබුළු හෝ ඉදිමුණු සන්ධි ) තියෙන්න පුලුවන් .
* හොදින් වර්ධනය නොවුණු තරුණ කුකුලන්ගේ අස්ථිවල නිසි ලෙස කැල්සියම් තැම්පත් වෙලා නෑ. ඒ නිසා ඒ වගේ නොමේරු සතුන්ගේ ඇට කටුවල තියෙන බෝන් මැරෝ එකෙන් රුධිරය අස්ථි මතු පිටට ලීක් වෙනවා. එවැනි සතුන්ගේ මස්වල කටු මතුපිට සහ කටු අවට මස්වල තද දුඹුරු පාට පැල්ලම් දකින්නට තිබෙනවා.
* ඇසුරුම: ඇසුරුම් කිරීමේ , කල් ඉකුත්වීමේ දින පරීක්ෂා කරන්න. දින මකා දමා හෝ අලුතින් ලියා තිබිය හැකිය.
* කරන්ට් එක නැතිව ශිතකරණවල ගබඩා කරල තිබුණු මස් එහෙමත් කරන්ට් එක ආවම ආයේ ෆ්රීස් කරල විකුණන්න ඉඩ තියෙනවා. එහෙම සැකයක් තියෙනවානම් මේ කාරණා ගැන සැලකිලිමත් වෙන්න .

* කරන්ට් එක ගිහින් පැය හතර පහක් යනකොට අධිශීත කළ කුකුළු මස් පැකට්වල ලේ මිශ්‍රව හෝ නැතිව දියර ඇති වෙනවා. ඊට පස්සේ කරන්ට් එක ආවම ඒවා ආයෙමත් ඩීෆ්රීස් වෙනකොට පැකට් එක ඇතුලේ විශාල අයිස් ස්ඵටික වැනි පෙර දියවීමේ සලකුණු දකින්න පුලුවන්.
* සුවඳ: නැවුම් අමු කුකුළු මස් වල ගන්ධය ඉතා අල්ප හෝ කිසිදු ගන්ධයක් නොමැති තරම් වේ. කුකුළු මස් දුර්ගන්ධයක් තිබේ නම් (සමහර විට ඇමෝනියා හෝ කුණු වූ බිත්තරවල ගන්ධය), එය ඉවතලන්න. හැබැයි නැවත අධිශීත කලොත් ගන්ධය එතරම් කැපී පෙනෙන්නේ නෑ, ඒ නිසා මස් වල අයිස් දිය වෙලා මස් ලිහිල් වුනාම ගන්ධය සහ වයනය පරීක්ෂා කිරීම ඉතා වැදගත් වේ.

වැදගත්. ; නරක් වුණු කුකුළු මස් සේදීමෙන් පසු ආරක්ෂිත නොවන අතර, සමහර බැක්ටීරියා වලින් පිට කරන විස පිසීමේදී පවා විනාශ නොවේ. තවද නරක් වූ මස්වල පෝෂණ ගුණද හානි වී ඇත. එවැනි මස් ආහාරයට නොගත යුතු අතර , තමන්ට එවැනි මස් කවරෙකු විසින් හෝ අළෙවි කළොත් එවැනි කූට වෙළඳාම් ගැන ප්රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාව දැණුවත් කරන්න.

* ගැමුණු සාලිය පෙරේරා .✍️ මහතාගෙන් උපුටාගැනීමකි
මහජන සෞඛ්‍ය පරීක්ෂක . දෙහිවල ගල්කිස්ස මහා නගර සභාව.
* Photo make by Dilshan Thathsara Nanayakkara

16/11/2025

🚨 අවධානය යොමු කරන්න! වයස 40න් පස්සෙ අයට විශේෂයි! 🚨

මෑතකදී අපේ හඳුනන අය කිහිප දෙනෙක්ම, වයස 40 ගණන්වල පසුවන, මොළයේ නහරයක් පුපුරලා එකපාරටම රෝහල් ගතවුණා. මේ 'මොළයේ ලේ ගැලීම' (Brain Hemorrhage) ගැන අපි හැමෝම දැනුවත් වෙන්න ඕන කාලයක් මේ.

ඇයි මේක මෙච්චර භයානක? 🧠 මොළේ නහරයක් පිපිරුණාම, විනාඩි 3-4ක් ඇතුළත මොළේ සෛල මැරෙන්න පටන් ගන්නවා. ක්ෂණික ප්‍රතිකාර නොගත්තොත් ප්‍රතිඵලය ස්ථිර ආබාධයක් හෝ මරණය වෙන්න පුළුවන්.

මේ ලක්ෂණ ගැන පරෙස්සම් වෙන්න! (කවදා හරි ජීවිතයක් බේරගන්න ඕන වෙයි!)

🤯 එකපාරටම එන, ඔළුව පැලෙන්න වගේ දරුණු හිසරදයක්.

😵‍💫 කරකැවිල්ල, වමනය.

👀 එළිය දිහා බලන්න බැරිවීම.

🗣️ කතාව පැටලෙනවා, කතා කරන්න අමාරුයි.

💪 ඇඟේ එක පැත්තක් පණ නැතිවෙනවා / හිරිවැටෙනවා.

😴 එකපාරටම සිහිය නැතිවෙන්න යනවා / සිහිය නැතිවෙනවා.

🎯 ඇයි මෙහෙම වෙන්නෙ?
ප්‍රධානම හතුරා: ප්‍රෙශර් (අධි රුධිර පීඩනය). 🩺 පාලනය නොකළ අධි රුධිර පීඩනය තියෙන අයට මේ අවදානම හරිම වැඩියි.

අනිත් හේතු: දුම්පානය, මත්පැන් / මත්ද්‍රව්‍ය, අධික කොලෙස්ටරෝල්, ඔළුවට වෙන දරුණු තුවාල, මොළයේ ඇනුයුරිසම් (Aneurysms).

වළක්වා ගන්න බැරිද? පුළුවන්! ✅

වැදගත්ම දේ: ඔයාගෙ Blood Pressure (ප්‍රෙශර්) එක නිතරම චෙක් කරගන්න. තියෙනවනම්, හරියටම බේත් අරගෙන පාලනය කරන්න.

ජීවන රටාව: දුම්පානය, මත්පැන්, මත්ද්‍රව්‍ය සම්පූර්ණයෙන්ම නවත්වන්න. 🚭

සෞඛ්‍ය: හොඳ බරක් තියාගන්න. දියවැඩියාව, කොලෙස්ටරෝල් පාලනය කරන්න.

පරීක්ෂණ: අවුරුද්දකට සැරයක්වත් full checkup එකක් කරගන්න.

වැදගත්: මේ ලක්ෂණ එකක් හරි ආවොත්, එක තත්පරයක්වත් පමා වෙන්න එපා. වහාම රෝගියාව හදිසි ප්‍රතිකාර ඒකකයක් (Emergency) තියෙන රෝහලකට අරන් යන්න! 🚑

මේ තොරතුරු share කරලා අනිත් අයවත් දැනුවත් කරන්න.

(විශේෂ ස්තූතිය: කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය බන්දුල සත්කුමර මහතාට.)
උපුටා ගැනීමකි


゚viralシ ゚

💎💎💎

❤️ඔබට මෙම ලිපිය ප්‍රයෝජනවත් වුණානම්, තවත් කෙනෙක්ට මෙය වැදගත්වේ යැයි සිතේනම් page එකෙන්ම share කGoodwill Medi Lab.👍

👍 අපේ Goodwill Medi Lab page එක follow කරන්න අමතක කරන්න එපා🫶

13/05/2025
03/04/2025
Merry Christmas 🎁🎄
25/12/2024

Merry Christmas 🎁🎄

20% වට්ටමක් ලබාගන්න. 2024/05/09
08/05/2024

20% වට්ටමක් ලබාගන්න. 2024/05/09

Address

No 2, New Town, Rajawella
Digana
20180

Opening Hours

Monday 06:30 - 20:00
Tuesday 06:30 - 20:00
Wednesday 06:30 - 20:00
Thursday 06:30 - 20:00
Friday 06:30 - 20:00
Saturday 06:30 - 20:00
Sunday 06:30 - 20:00

Telephone

+94812376111

Website

Alerts

Be the first to know and let us send you an email when Nawamini Channeling Center - Digana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Nawamini Channeling Center - Digana:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram