17/05/2025
උණ වලිප්පුව පිළිබඳ බිඳක්...
අම්මේ තාත්තේ,
උණ වලිප්පුව(Febrile convulsion) නැතහොත් සාමාන්‍ය ව්‍යවහාරයේදී හඳුන්වන උණ ෆිට්එක පිළිබඳව ඔබ දැනුවත් ද?
උණ සමඟ ෆිට් එක සෑදීම උණ වලිප්පුව ලෙස හඳුන්වයි.
උණ වලිප්පුව සෑදෙන්නේ කුමන වයස් සීමාවල දරුවන්ට ද?
මාස 6ත් අවුරුදු 5ත් අතර ඕනෑම දරුවෙකුට උණ සෑදුනු විටදී උණ වලිප්පුව සෑඳීමේ අවධානමක් පවතී.
දරුවාට උණ සෑදී පළමු පැය 24 තුළ උණ වලිප්පුව සෑදිය හැකියි.
උණ වලිප්පුව සෑදුනු විට දරුවාට;
සිහිය නැති වී යන අතර
දරුවාගේ ඇස් උඩ යෑම,
කටෙන් සෙම කෙළ පෙරීම,
දත් පූට්ටු වීම,
අතපය හතරම දරදඬු වී ගැසීම හෝ ශරීරයේ එක් පසෙක අතපය දරදඬු වී ගැසීම හෝ එක් අතක් හෝ කකුලක් පමණක් දරදඬු වී ගැසීම,
නොදැනුවත්ව මලපහ/ මුත්‍රා පිට වීම
සිදුවිය හැකිය.
උණ වලිප්පුවෙන් පසු දරුවාට සිහිය ආ පසු නිදිමත ගතියක් දැනීම හෝ නිදා ගැනීම උණ වලිප්පුවේ සාමාන්‍ය ලක්ෂණයකි.එය ඔබ බිය වියයුතු කරුණක් නොවේ.
ඉතින් අම්මේ තාත්තේ මුලින්ම ඔබේ දරුවාට උණ වලිප්පුව සෑදීම වළක්වා ගැනීමට නම් ඔබ,
දරුවාට උණ සෑදුනු සෑම විටදීම උණ සෑදුනු විගසම දරුවාගේ බරට සරිලන නිවැරදි පැරසිටමෝල් මාත්‍රාව ලබා දිය යුතුයි.
නිවැරදි පැරසිටමෝල් මාත්‍රාව(ml) = දරුවාගේ බර×15/24 සූත්‍රයෙන් ලබා ගත හැකියි.
උණ වලිප්පුවෙන් දරුවාගේ මොළයට බලපෑම් ඇති කරයි ද?
උණ වලිප්පුවෙන් දරුවාගේ මොළයට කිසිඳු බලපෑමක් සිදුවන්නේ නැති බව හොඳින් ම සිතට ගත යුතුයි.
නමුත් උණ වලිප්පුව සෑඳුණු විට දී ඔබ කරන සහ නොකරන දේවල් නිසා දරුවාට අතුරු ආබාධ ඇති විය හැකියි.ඒ නිසා උණ වලිප්පුව සෑඳුණු විට කළයුතු සහ නොකළ යුතු දේ පිළිබඳව ඔබ හොඳින් දැනුවත් විය යුතුයි.
උණ වලිප්පුව සෑඳුණු විට දී,දරුවාව
1) සුමට පෘෂ්ඨයක් මතට ගන්න.
2)වම් ඇලයට හරවන්න.
(දරුවාගේ වම් අත යටට සිටින පරිදි පැත්තට හරවන්න.එමගින් දරුවාට සෙම පිට උගුරේ යාම වළක්වා ගත හැකියි.)
3)උණ වලිප්පුව පටන් ගත් වේලාව බලා ගන්න.
4)දරුවාට සිදුවන දේ හොඳින් නිරීක්ෂණය කරන්න.
5)දරුවාගේ අතට යකඩ කැබලි වැනි දෑ දීම, දරුවාගේ කටට ඇඟිලි දමා සෙම ඉවත් කිරීමට තැත් කිරීම කිසිවිටකත් නොකරන්න.(එමගින් දරුවාට තුවාල සිදුවිය හැකි අතර, දරුවාට සෙම පිට උගුරේ යාමට ද හැකියි.)
6)විනාඩි 5කට වැඩි වේලාවක් උණ වලිප්පුව පවතී නම් හොඳම රෝහලට නොව නිවසට ළඟම රෝහලට හැකි ඉක්මනින් රැගෙන යන්න.
7)රෝහලට රැගෙන යන විටදීත් දරුවාව වම් ඇලයට හරවාගෙනම රැගෙන යන්න.(එමගින් දරුවාට සෙම පිට උගුරේ යාම වළක්වා ගත හැකියි.)
තවත් ඔබ දැන ගත යුතු විශේෂ කරුණක් වන්නේ; උණ වලිප්පුව සහ වැඩිහිටි අවදියේදී සෑදෙන වලිප්පුව අතර කිසිඳු සම්බන්ධයක් නොමැති බවයි.
ඉතින් අම්මේ තාත්තේ,
මේ ලෙසට දැනුවත් වීමෙන් හා ක්‍රියා කිරීමෙන් උණ වලිප්පුව නිසා ඔබගේ දරුවාගේ ජීවිතයට වන බලපෑම් අවම කර ගත හැකියි.ඔබ දන්නා දේ නොදන්නා කෙනෙකුට කියා දී අපේ පුංචි මල් කැකුළු නිකරුණේ උණ වලිප්පුවෙන් විනාශ වී යාම වළක්වා ගනිමු.
දැනුවත් සමාජයක්!
නීරෝගී හෙටක්!
මීට Dr.Wasana👩⚕