22/05/2022
පැනඩෝල් සිරප් නැතිද? ඔබේ දරුවාට උණ ද ?
වර්තමානයේ ලංකාවේ ඩොලර් හිඟයත් එක්කම බොහෝ අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක් පවතිනවා .ඒ අතර පැනඩෝල් සිරප් ද වනවා .ඔබේ දරුවාට උණ නම් කළ හැක්කේ කුමක්ද අපි ආයුර්වේද අනුකූලව බලමු .
උණ වර්ග කිහිපයක්ම තියෙනවා .ආයුර්වේද අනුකූලව නම් මේවා වාත පිත්ත කඵ ආදී විදිහට නම් කරලයි තියෙන්නෙ. උණ කියන්නේ රෝග ලක්ෂණයක්. නැතිව රෝගයක් නෙමෙයි .මේ නිසා උණට හේතුව මුලින්ම අඳුරාගන්න ඕනේ .වෙනත් රෝග ලක්ෂණ රහිතව මෙන්ම සහිතව පොඩි දරුවන්ට වෛරස් උණ නිතරම ඇති වෙනවා. ඇත්තටම වයිරස් උණට ප්‍රතිකාර නැහැ .නමුත් වර්තමානයේ බොහෝ අම්මලා මේ පොඩි උණ ටත් ප්‍රතිජීවක ඖෂධ ඇතුළුව piriton සිට්‍රසින් සැල්බියුටමෝල් theophyllin වැනි ඖෂධ වර්ග ලබා දෙනවා .මේ අතර උනට දෙන ප්‍රධානතම ඖෂධය තමා පැනඩෝල් සිරප් .පැනඩෝල් සිරප් මගින් උෂ්ණත්වය පාලනය කරන බව කවුරුත් දන්නවා . පොඩි දරුවෙක්ගේ ශරීර උෂ්ණත්වය පැරන්හයිට් අංශක 103 ට වඩා වැඩි වුවහොත් ළදරු වලිප්පුව ඇති වීමේ ප්‍රවණතාවයක් තියෙන නිසා උෂ්ණත්වය පාලනය කිරීම ඉතාම වැදගත් .මේ නිසා සාමාන්‍ය වයිරස උණ කදී ලබා දිය යුතු වන්නේ පැනඩෝල් සිරප් පමණයි .
වර්තමානයේ වෙළඳපොල තුළ පැනඩෝල් syrup ද හිඟයක් පවතිනවා .ඒ නිසා දරුවන්ගේ උණ පාලනය කරගත නොහැකි බවට බොහෝ අම්මලා පැමිණිලි කරනවා අපි දකිනවා .
ඔබේ දරුවාට උණ තියෙනවා නම් එය වෛරස් උණත් බව හොදාකාරවම දන්නවා නම් මෙන්න මෙහෙමයි ඒ වෛරස් උණ පාලනය කර ගන්නේ .
උෂ්ණත්වය පාලනය කිරීම සඳහා රත කල්කය නොහොත් දෙසඳුන් කල්කය කොත්තමල්ලි පත්පාඩගම්තැම්බූ වතුරෙන් ලබා දෙනවා .මෙහිදීත් මාස තුනට වඩා අඩු දරුවෙක්ට කොත්තමල්ලි ඇට ප්‍රමාණයකුත් ඉන්පසුව මදටිය ඇටයක ප්‍රමාණයේ සිට කෝපි ඇටයක් දක්වාත් එනම් mg මිලි ග්‍රෑම් 125 සිට mg මිලි ග්‍රෑම් 500 ක් අතර ප්‍රමාණයක් වන සේ කල්කය ලබා දෙනවා දෙවරක් තුන් වරක් හෝ පැය හයෙන් හයට මෙය ලබාදිය හැකියි .මෙහිදී මුලින්ම සිදු වන්නේ උෂ්ණත්වය වැඩිවීම පාලනය වීමයි .එනම් පැරන්හයිට් 103 ට උණ ඇති දරුවෙක්ට රත කල්කය ලබාදුන් පසුව එය පැරන්හයිට් එකසිය එකකට පමණ අඩු වෙනවා .ඉන්පසුව ඊළඟ මාත්‍රාව ලබා දෙන විට උෂ්ණත්වය පැරන්හයිට් සීයකට පමණ අඩු වෙනවා. මේ ආකාරයට දරුවාගේ උණ පාලනය වීම ඉතා ඉක්මනින්ම සිදු වන නිසා කලබල වන්නට දෙයක් නැහැ. නමුත් දරුවාගේ වයස, උණට හේතුව සහ වෛරසය කුමක්ද යන්න මත මේ උෂ්ණත්වය අඩුවීම වෙනස් විය හැකියි .
උණත් සමඟ කැස්ස හෙම්බිරිස්සාව පවතින්නේ නම් තාලිසාදී චූර්ණය තිකුලු හිංගු පාණ්ටය වැනි වෙනත් ඖෂධ ලබා ලබා දෙනවා .මෙහිදී සුදර්ශන චූර්ණය හෝ පැණිය ඉතා වැදගත් .
ආයුර්වේද ඖෂධ දරුවාට ලබාදීම දරුවාට හානිකර වන්නේ ද? ඇත්තටම ආයුර්වේද ඖෂධ වල අතුරු ආබාධ අවමයි බොහෝවිට නැති තරම් .මේ වගේ රසායනික සංයුතිය ඉතා සංකීර්ණ වනවා. මෙන්ම විවිධයි. මේවා වැඩ කරන්නේ මල්ටි බුලට් සිස්ටම් එක යන ඉතා සංකීර්ණ ක්‍රමයකටයි. එක රසායනිකයක් අවම මාත්‍රාවකින් යෙදෙන නිසා ඒ ඒ පද්ධති වලට ඇති කරන බලපෑම ද අවමයි. ඒ වගේම ප්‍රතිශක්තිකරණ පද්ධතිය නිසි ක්‍රියාකාරීත්වයට වැදගත් ඇන්ටිඔක්සිඩන්ට් වර්ග ඉතා බහුලව මෙම ඖෂධවල අඩංගු වෙනවා .තවද ඒ ඒ රෝගයේ දී ඇතිවන රෝග ලක්ෂණ සියල්ලම වාගේ නැති කිරීමට හැකියාව එකම ඖෂධයට තියෙනවා .හේතුව එම ඖෂධ සකසා ඇත්තේ විවිධ ශාක ඖෂධ වල සංයෝජනයකි නිසයි. උදාහරණයක් ලෙස වෛරස් උණට ලබා දෙන රත කල්ක යට උණත් සමඟ ඇතිවන ආහාර අරුචිය මලබද්ධය වැනි රෝග ලක්ෂණත් සමනය කිරීමට පුළුවන් ඒ වගේම කැස්ස හෙම්බිරිස්සාව ස්වසන අපහසුතා ආදියත් එමගින් මගහැරෙනවා මේ නිසා මේ ඖෂධ ඉතාම ඵලදායි වනවා මෙන්ම දරුවාට වඩාත්ම සුදුසු වන්නේ මෙම ඖෂධයි.
මේ නිසා අම්මේ තාත්තේ බය නොවී ඔබේ දරුවාට සාමාන්‍ය වෛරස් උණකට ඖෂධ ලබා දෙන්න .ළඟම ඇති ආයුර්වේද රෝහලේ සිටින ආයුර්වේද වෛද්‍යවරයාගේ සහය ඔබට මේ සඳහා උපකාරී වනවා ඇත. සෑම විටම සුදුසුකම් ලත් උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරයෙක් ගෙන්ම සහාය ලබා ගැනීමෙන් ඔබේ දරුවාට අතුරු ආබාධ කිසිවක් නොමැතිව, නිසියාකාරයෙන් රෝගය හඳුනා ගෙන, රසායනික පරීක්ෂණ ද සිදු කර ගනිමින් ,කිසිම අවදානමක් නොගෙනම ප්‍රතිකාරය ලබා ගත හැකියි .හේතුව මෙම වෛද්‍යවරුන් ආයුර්වේද ,බටහිර මෙන්ම දේශීය වෛද්‍ය ක්‍රම සම්බන්ධ දැනුම යෙන් නිපුණ අය වීමයි .
සාමාන්‍ය වෛරස් උණත් දින දහයක් දාහතරක් දක්වා පවතින්නට පුළුවන් .ඒ වගේම කැස්ස හෙම්බිරිස්සාව පවතින්නට පුළුවන් .සාමාන්‍යයෙන් කුඩා දරුවෙක්ට හෙම්බිරිස්සාව සමඟ කැස්ස ඇතිවීම ඉතා සාමාන්‍ය තත්වයක්.මේ නිසා ඔබේ දරුවාට ආයුර්වේද ඖෂධ ලබා දීමේදී කැස්ස හෙම්බිරිස්සාව උණ අඩු නොවන්නේ මන්දැයි අනිසි බියක් ඇති කර ගන්නට අවශ්‍ය නැහැ. දෙතුන්වරක් ආයුර්වේද ඖෂධ ලබාගත් පසු එහි ඵලදායි බව ඔබටම වැටහෙනු ඇත .සිදුව ඇත්තේ මෙම ඖෂධ වල මදිපාඩුවක් නොව ඒ පිළිබඳ ජනතාව සතුව ඇති දැනුම අවම වීමයි .බොහෝ විට ප්‍රතිජීවක මතම යැපෙන අම්මලා තාත්තලා තමන්ගේ දරුවන්ට මෙවැනි ඖෂධ දීමට බය වෙනවා .නමුත් අම්මේ තාත්තේ ඔබේ දරුවාට ප්‍රතිජීවක මගින් සිදුකරන හානිය අපමණයි. මේ නිසා දැනුම රහිතව යල්පැනගිය ආකල්ප වල එල්ලී සිටින්නට එපා .සොයා බලන්න. ඔබට යම් ගැටලුවක් ඇත්නම් වකුගඩු ආබාධ ඇති වෙනවද, අක්මාවේ ආබාධ ඇති වෙනවද ආදිය ආයුර්වේද හෝ බටහිර වෛද්‍යවරයෙක් ගෙන් අසන්නට එපා. ඒ ඒ ඖෂධයේ ඇති ඖෂධ වර්ග කුමක්දැයි දැන ගන්නට ඔබට අයිතියක් තිබෙනවා. ඖෂධ වල ඇති රසායනිකයන් සහ ඒවා ක්‍රියා කරන ආකාරය අන්තර්ජාලය මගින් ඔබට සොයා ගන්නට පුළුවනි. එමගින් මෙම ඖෂධවල අතුරු ආබාධ පවතින්නේ ද, ඔබට ව්‍යාජ ආකල්ප ඇති කර ඇත්තේ ආයුර්වේද වෛද්‍යවරු ද, බටහිර වෛද්‍යවරු ද , එසේත් නැතිනම් සමාජයේ සිටිනා වෙනත් කාණ්ඩ ද යන්න ඔබම තහවුරු කරගන්නට හැකියාව ලැබෙනු ඇත. සෑම විටම තමන් ලබාගන්නා ඖෂධයේ නාමය දැනගන්නට ඔබට අයිතියක් ඇත .එය බටහිර මෙන්ම ආයුර්වේද ඖෂධ වලට ද පොදු ය. මේ නිසා ප්‍රතිජීවක ඖෂධවලින් ඇතිකරන ආබාධ මොනවාද යන්න මගෙන් අසන්නට එපා .එය ඔබම සොයා බලා දැන ගන්න .ඔබේ දරුවාට පිරිටන්,zitrocin theophyllin ආදිය ලබා දෙන්නේ කුමන හේතු වලට ද ඒවායින් කුමන රෝග ලක්ෂණ ඇති කර නැති කරන්නේ ද ඒවා කෙසේ ක්‍රියා කරන්නේදැයි කියවා බලන්න. ලංකාවේ අධ්‍යාපනය ලබාගත් අයට අඩුම මෙවන් පොතක් පතක්, සමාජ ජාලයක් ,වෙබ් අඩවියක් පරිහරණය කර ඒ සම්බන්ධ දැනුම ලබාගැනීමට හැකියාව පවතීයැයි සිතමි . සිදුව ඇත්තේ මෙම අධ්‍යාපන ක්‍රමය සමගම වෘත්තිමය අදහසක් නොමැති අයවලුන් බිහිවීම පමණි .මේ නිසා ඔබට අධ්‍යාපනයෙන් ලැබුණා වූ එම කියවා බලා දැන ගැනීමේ නිදහස නැති කරගන්නට එපා යැයි ඉල්ලමි.
ඒ වගේම දරුවෙක්ගේ උණ ඇති වූ පසු උෂ්ණත්වය අඩු කර ගැනීම සඳහා වතුරෙන් තෙමීම සිදුකල හැක නමුත් මෙහිදී මද රස්නය උණුවතුර භාවිතා කරන අතරම දරුවා නොතෙමෙන පරිදි රෙදි කැබැල්ලක් පොඟවා කිහිලි දණහිස්,ඉකිලි ආදි තැන්වල තැබීම ප්‍රමාණවත්.එමගින් සිදුවන්නේ ශරීර උෂ්ණත්වයේ ආධාරයෙන් අර ජලය වාෂ්ප වී යෑමයි .මේ නිසා දරුවාට අධික සීතල නිසා ගැස්මක් chill ඇති වීම වලකි .උණ සහිත දරුවා හොඳින් වාතාශ්‍රය ඇති පරිසරයක තබන්න. ඇඳුම් ගලවා තැබීම ඉතා වැදගත්. පොර වන්නට එපා. බලෙන් කෑම දීම අවශ්‍ය වන්නේ නැහැ. නමුත් සෑම විටම ජලය හෝ මව්කිරි වූ දියර වර්ග ලබා දීම ඉතා වැදගත්. දරුවා විජලනයට පත්වීම වළක්වා ගත යුතුමයි .උණ අඩු වී දින දෙකක් පමණ යන විට දරුවාට ආහාර රුචිය ඇති වනු ඇත .එසේත් නැතිනම් දරුවාගේ දිවේ සුදු පැහැයට මල කොටස් බැඳී තිබේ දැයි බලන්න. එසේනම් මීපැණි දෙහි ඇඹුල් ටිකකින් දිව මදක් මැදීම සිදු කරගත හැක. උන අවසානයත් සමගම මද මලබද්ධ ගතියක් ඇති වනු ඇත .මේ තත්ත්වය ඔසු භාවිතයෙන් නැති කරගන්නට පුළුවනි .මෙන්න මේ නිසා ආයුර්වේදයේ දක්වා ඇත්තේ උනට පළමුව ලන්ගනය එනම් වැඩිය ආහාර නොගෙන සිටීම ලඝු දේවල් ගැනීම, උණමැදදී අග්නි දීපනය වනසේ උණ සමනය කිරීම එනම් කුසගින්න වඩවමින් උෂ්ණත්වය අඩු කිරීම ,උණ අවසානයේ දී විරේචනය කිරීම යන පිළිවෙලයි. මේ නිසා නිරන්තරයෙන් ආයුර්වේද වෛද්‍යවරයෙක් සමඟ සම්බන්ධව සිටීම ඉතාම වැදගත් වනු ඇත .
උණත් සමඟ උල්ලෝගම් හෙවත් දිවේ මල කොටස් වැනි අධික වූ සුදු පැහැති කොටස් හෙවත් කැන්ඩිඩයිසීස් තත්ත්වයක් ඇතිවීම සාමාන්‍යයි මෙසේ වන්නේ උණත් සමග ප්‍රතිශක්තිය අඩුවීම නිසයි. ඒ සඳහා මාසක්කා ගෙඩියක් උණුවතුරට දමා දිව මැදීම සිදු කළ හැක .එමෙන්ම උණත් සමඟ දිවෙහි සුළු තුවාල තත්ත්වය, මැ දීමක් වැනි තත්ත්වයක් irritation ඇතිවීම ද සාමාන්‍ය යි .ඒ සදහා ඉරිමේදාදි තෛලය භාවිතා කළ හැකියි. උණත් සමඟ ඇතිවන කෑම අරුචියට නස්නාරං ඉස්මට ගම්මිරිස් කුඩු ටිකක් සහ සහිඳ ලුණු ටිකක් දමා මී පැණි ටිකක් ද යොදා දෙන්නට පුළුවන්. මුල් දිනවල උණත් සමඟ විජලනය ඇති වීම වැළැක්වීමට බැදිහාල් කැඳ ලබා දීමට පුළුවන්. මෙය මෙයseline ම නොවුණත් සේලයින් වලට ඉතාම සමාන සංයෝගයක් සමන්විත අතර ම ශරීරයට අවශ්‍ය දියර, ශක්තිය මෙන්ම ලවණ වර්ග ද සපයනු ඇති .
මේ නිසා පැනඩෝල් syrup ගැන බය වෙවී ඉන්නට එපා. ඒ වගේම හිතුමතේට ආයුර්වේද ඖෂධ ලබා දෙන්නට යන්නත් එපා .රෝග ලක්ෂණ වැඩි වී අඩු කිරීමක් අපගේ ඖෂධ තුළින් සිදු වන්නේ නැත එසේ වුවත් වන්නේ කුෂ්ඨ රෝගය වැනි ඉතා සුළු රෝග ගණනකදී පමනි.කිසිම විටෙක උන වැඩි කර අඩු කිරීමක් සිදු කරන්නේ නැත .සෙම පවතී නම් සෙම වියළෙන්නට හෝ සෙම බුරුල් වී යන්නට වෛද්‍යවරයා තම අත්දැකීම් මත ප්‍රතිකාර කරනු ඇත. මේ නිසා හැම ආයුර්වේද ඖෂධයකින් ම සෙම වැඩි වන්නේ යැයි බිය වන්නට හේතුවක් ද නැත. විශේෂයෙන්ම කුඩා දරුවන්ගේ උණට ලබා දෙන ඖෂධ මඟින් සෙම වැඩි වන්නේ නැත .
උණ පහවී ගිය පසු ඇස් යට රිදීමක් ඔලුවෙ කැක්කුමක් පවතින්නට පුළුවන් .මේ කෝඨරක වල සෙම හිර වී තිබීම හෙවත් සයනසයිටීස් තත්වයක් .මේ සඳහා නිර්ගුණ්ඩි වැනි තෙලක් ගා උඳුපියලිය සියඹලා වලින් සැකසූ තැවිල්ල කින් නළල තැවීම සිදු කරනවා..මේ සමග පවතින හිසරදය ටත් nirgundi වැනි තෙල් වර්ග තිබෙනවා .එමෙන්ම සෙම පහ කිරීම සඳහා නස්‍ය කර්මය වැනි පංචකර්ම ද යොදා ගන්නවා .
ඒ වගේම සෑම උණකට ම ආයුර්වේද ඖෂධ තිබුණත් එම ඖෂධ ම ලබාගන්නටත් එපා. ඇතැම් වෙලාවට බටහිර ප්‍රතිකාරය ලබා ගැනීම ඉතා වැදගත්. උදාහරණයකට meningitis තත්ත්වය ,නිවුමෝනියා තත්ත්වය ප්‍රතිජීවක ඖෂධ ලබා ගැනීම ඉතාම වැදගත්.ඒ නිසා ආයුර්වේද බටහිර යැයි බෙදී බෙදී සිටීමට වඩා ඒ ඒ වෛද්‍ය ක්‍රමයේ වඩාත් ඵලදායි වූ ප්‍රතිකාර ලබාගෙන suwa ය ලබාගන්න .
ඔබේ දරුවාට මුත්‍රා අමාරුවක් පවති නම් ufr urine , යූරීන් කල්චර් ආදී රසායනික පරීක්ශන කරගැනීම ඉතා වැදගත් .දින තුනකටත් වඩා පවතින උණ රෝගයකදී full blood count එකක් සිදුකර ගැනීම ද වැදගත් .එමෙන්ම අවශ්‍ය නම් ඩෙංගු dengue antigen ,සී ආර් පී වැනි වෙනත් රසායනික පරීක්ෂණ සිදුකර ගැනීමද ඉතාම වැදගත් .
ඔබට පවතින්නේ ඩෙංගු උණ යැයි සැක කරනවා නම් මුල සිටම දියර වර්ග මැන ලබාගැනීම ඉතා වැදගත් .ඩෙංගු උණ පාලනය කර ගැනීමට ආයුර්වේදයෙ සහාය ලබා ගන්නා අයුරු ගැන වෙනම ලිපියක් පළ කරන්නම් .
ඒ වගේම ඔබට තිබෙන්නේ කොරෝනා උණක් යැයි සැක කරනවා නම් ඒ සඳහා ආයුර්වේද ප්‍රතිකාර තිබෙනවා .ඒ මගින් ඔබගේ උණ පාලනය කර වෙනත් රෝග ලක්ෂණ සමනය කර නිව්මෝනියා තත්ත්වය ඇතිවීම වලක්වාගන්නට පුළුවන් .
ඒ වගේම වෛරස් උණ බෝවීම වලක්වා ගන්න එකත් වැදගත් .විශේෂයෙන් දරුවන් කිහිප දෙනෙකු සිටිනවා නම් නිතර අත් සේදීම වැදගත් ..ඒ වගේම තුවා කෝප්ප පිඟන් ආදී පුද්ගලික භාණ්ඩ හුවමාරු කර ගැනීම වළක්වා ගත යුතුයි.හැකිනම් වෙනම ඇදවල් වල නිදා ගැනීම සහ වෙන වෙන කාමරවල රැඳී සිටීම වැදගත් .
දරුවාට උණ සෑදී ඇති විට ඉතාම අවදානමෙන් පසුවන් න.හිසේ විශාල වීමක් දක්නට ලැබේ නම් ඉක්මනින් රෝහල්ගත වන්න .
ඒ වගේම වලිප්පු තත්ත්වයක් ඇතිවූයේ නම් වහාම දරුවා දරුවාව වම් ඇලයට හරවන්න .වලිප්පු තත්ත්වය ඇති වූ ප්‍රථම අවස්ථාව නම් දරුවාව වහාම රෝහල් ගත කරන්න .
නිවසේ පූස් පැටවුන් සිටිනවා නම් දරුවාට උණ පවතින විට ඉතා සැලකිලිමත් වන්න .හේතුව පුසන්ගේ මලපහ මගින් meningitis තත්ත්ව ඇතිවිය හැකි බැවිනි .
ඒ වගේම දරුවා මුත්‍රා පිට කරන වාර ගණන ,මුත්‍රාවල පැහැය, මූත්‍රාවල ගන්ධය , දැවිල්ලක් පවතීද ආදිය පිළිබඳව ඉතා සැලකිලිමත් වන අතරම ඒ ගැන වෛද්‍යවරයා ව දැනුවත් කරන්නට අමතක කරන්න එපා .
උණ සමග වමනය පවතී නම් ,බඩ එළිය යන්නේ නම් දරුවා විජලනයෙන් වළක්වා ගත යුතුමයි .ඒ සඳහා දී ඇති මාත්‍රාවට අනුව jeevane ලබාදෙන්න .
දරුවන්ට හුස්ම ගැනීමේ අපහසුතා පවතින විට අවුරුදු තුනට පමණ අඩු දරුවන්ට වාෂ්ප අල්ලන්නට එපා .
මුහුණ සමග හුස්ම ගැනීමේ අපහසුතාවය ඇති විට වෛද්‍යවරයාව දැනුවත් කරන්න ඒ සඳහා විශේෂ ආයුර්වේද ඖෂධ පවතී ඒවා ඔබට ලබා දෙනු ඇත .එමෙන්ම pneumonia නිව්මෝනියා තත්ත්වය පවතී දැයි වෛද්‍යවරයා හඳුනා ගනු ඇත .කුඩා දරුවන්ට ඉතා ඉක්මනින් නිව්මෝනියාව වැළඳිය හැකි බැවින් ඉතා සැලකිලිමත් විය යුතුයි .
උණත් සමඟ බඩ ඉදිමෙන්නේ නම් වහාම රෝහල්ගත වන්න .
උණ පවතින කාලයේදී බිත්තර මස් මාළු ආදිය ලබාදීම මදකට නතර කිරීම වඩාත් සුදුසුය .සැහැල්ලු ආහාර ලබා ලබාදීම උණක් ආරම්භයේ දී ඉතා වැදගත් ය.බණ්ඩක්කා , පිපිඤ්හා ,මුං ඇට ,අයිස් ,යෝගට් ආදී සෙම වැඩි වන ආහාර මදකට නතර කිරීම ද සුදුසු ය.ජලය හොඳින් පානය කරන්න.හැකිනම් ජලය පත අට එකට සිඳුවා පානය කරන්න .අධික පිපාසය ඇති නම් ෂඩංග පානය සාදාගන්නා ආකාරය වෛද්‍යවරයාගෙන් අසා දැනගන්න .
මේ පවතින hand foot mouth disease එකට ද මේ ආකාරයටම ප්‍රතිකාර කළ හැක .එහිදී ඇතිවන කුෂ්ඨය සමනය කිරීමට පින්ඩ වැනි තෙල් වර්ග ලබාදිය හැක .කටේ තුවාල ඉරිමේදාදි තෛලය මෙන් කට සෙදීමට පුළුවන්.
එක් එක් උන සඳහා ආයුර්වේද ප්‍රතිකාර එකිනෙකට වෙනස් බැවින් ආයුර්වේද රෝහලකට යොමු වීම සුදුසුයි .
වෛද්‍ය කල්පනා ජයශ්‍රි .