Dr.Chamila Kumari Kaluthanthri

Dr.Chamila Kumari Kaluthanthri Join with Sri Lankan Ayurvedic Treatments

26/09/2025

මෙම රෝග ලක්ෂණ ඇතිනම් ඔබ සම්පුර්ණයෙන් මෙම ලිපිය කියවන්න.
කොදු ඇටපෙලේ පහළ ප්‍රදේශයේ ස්නායු තෙරපීම - ගුධ්‍රසී රෝගය (සයටිකා/sciatica) (L4/L5/L5/S1)

අද වෙද්දී තුනටිය වේදනාව සමාජයේ බහුලව දක්නට ලැබෙන රෝගී තත්ත්වයකි. එකක් තුනටිය වේදනාව ඇතිවීමට ප්‍රධාන හේතුව වන්නේ ආයුර්වේදයේ සඳහන් වන “ගුධ්‍රසි” රෝග තත්ත්වයයි. රෝගීයාගේ ගමන් රටාව අනුව ආයුර්වේදයේ මේ තත්ත්වය මේ නමින් හැඳින්වේ. සංස්කෘතික භාෂාවෙන් “ගෘධ්‍ර” යනුවෙන් හඳුන්වන්නේ ගිජුලිහිණියාටය. එනම් “ගිජුලිහිණියකුගේ ගමන් විලාසය” ලෙසින් මෙම නමින් හැඳින්වේ. බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව මෙය Sciatica ලෙසින් හැඳින්වේ.

🔴රෝග ලක්ෂණ
================

• මෙම රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණය වන්නේ රෝගියාගේ පහළ කටී ප්‍රදේශයේ (තට්ටම් ප්‍රදේශයේ) සිට පාදයේ පහළට පිටුපසින් දිවෙන ඉතා තදබල වේදනාව.

• මෙම වේදනාව ඇතැම්විට යම්කිසි දෙයකින් අනිනු විට ඇතිවන වේදනාවට සමාන වේ.

• ඇතැම් රෝගීන්ට ඉවසාගත නොහැකි වේදනාවක් දැනීම.

• ඇවිදීම, නැවීම ආදී ක්‍රියාකාරකම්වලදී ඇතිවන වේදනාව.

• මෙම රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණය වන්නේ ඒ ආශ්‍රිත ප්‍රදේශයේ ඇතිවන වේදනාව වන අතර එම වේදනාව රෝගියාගෙන් රෝගියාට වෙනස් වේ.

• ස්නායු ගමන් කරනු ලබන මාර්ගය ඔස්සේ මෙම වේදනාව පැතිරීම දැකිය හැක.

• ඇතැම් රෝගීන්ට මඳ වශයෙන් උණ ඇතිවීමටද පුළුවන.

🔴රෝගය ඇතිවීමට හේතු
=======================

• කශේරුකාවේ අන්තර් කශේරැකා මඬල (කශේරුකා දෙකක් අතර ඇති කොටස) පිටතට නෙරා යාම නිසා මෙවැනි රෝගී තත්ත්වයක් ඇතිවිය හැක. මෙය පිටතට නෙරා යාම හේතුවෙන් ස්නායු තෙරපීමක් ඇතිවිය හැක. මෙමඟින් ස්නායු ගමන් කරනා මාර්ගයේ යම් පීඩනයක් ඇතිවිය හැක.

• වයස් ගතවීමත් සමඟ වැඩිහිටියන්ගේ ගුධ්‍රසී රෝග තත්ත්වය ඇතිවිය හැක. මෙමගින් අන්තර් කශේරැකා මඬල දිරායාමට ලක්වීමෙන් මේ තත්ත්වය ඇතිවිය හැක.

• නිවැරදි නොවන ඉරියව්වෙන් වැඩිවේලාවක් යම් වැඩක නිරතවීම, වාඩිවී සිටීම.

• නිවැරදි නොවන ඉරියව්වෙන් බරැති දෙයක් එසවීම.

• වෙනත් රෝගයක ඇතිවන පිළිකාමය තත්ත්වයක් නිසාවෙන්ද මෙවැනි රෝග ලක්ෂණ ඇතිවිය හැක.

• ස්නායු ගමන් ගන්නා මාර්ගයේ ඇති මාංශපේශිවලට යම් හානියක් සිදුවීමෙන්ද මෙම ස්ථානය පටුවීමක් සිදුව මෙම රෝග තත්ත්වය ඇතිවිය හැක.

🔴රෝගියා සැලකිලිමත් විය යුතු ආකාරය
=======================

• මෙම රෝගය වැළඳීමට පළමුව රෝග පාලනය කිරීම ඉතා වැදගත් වේ. එය ආයුර්වේදයේදී “රෝගීවීමට පෙර නිරෝගී පුද්ගලයා නිරෝගී බව ආරක්ෂා කළ යුතුවේ...” යනුවෙන් සඳහන් කර ඇත.

• නිවැරදි ඉරියව්වෙන් එදිනෙදා වැඩකටයුතු කිරීම ඉතා වැදගත් වේ. බර ඉසිලීම, ඇවිදීම, අසුනක වාඩිවී සිටීම, නිදා ගැනීම වැනි ඉරියව්වලදී විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය.

• විවේකය ඉතා වැදගත් වේ. විශේෂයෙන් එක දිගට එකම ඉරියව්වෙන් වැඩක නිරත වීම තුළින් මේ තත්ත්වය ඇතිවිය හැක.

• ශරීරයේ බර පාලනය කර ගැනීම ඉතා වැදගත් වේ. අධි ස්ථුලතාවය ඇති බොහෝ දෙනෙකු තුළ මෙම රෝග තත්ත්වය බහුල වශයෙන් දැකිය හැකිවේ.

• සමබර ආහාර වේලක් ගැනීම ඉතා වැදගත් වේ.

• බර පාලනය කර ගැනීම සඳහාද ව්‍යායාම් කිරීම ඉතාමත් සුදුසු වේ. මේ සඳහා ඇවිදීම, පිහිනීම, බයිසිකල් පැදීම වැනි ව්‍යායාම් කිරීම ඉතා වැදගත් වේ.

🔴කරනු ලබන ආයුර්වේද ප්‍රතිකාර
======================

• මේ රෝගය සඳහා කරනු ලබන ප්‍රතිකාර රෝගියාගෙන් රෝගියාට වෙනස් වේ.

• මේ සඳහා හිතුමතේට අත්බෙහෙත් කිරීම සුදුසු නැත. වෙනත් කෙනෙකු වෙනුවෙන් වෛද්‍යවරයකු ලබාදුන් ඖෂධ හෝ ප්‍රතිකාර හිතුමතේට වෛද්‍ය උපදෙස්වලින් තොරව භාවිතයද කිසිසේත්ම සුදුසු නොවේ.

• රෝගියාගෙන් රෝගියාට රෝග ලක්ෂණ මෙන්ම රෝගය පැතිර යාමේ ක්‍රමවේදයද වෙනස් වේ.

• ඇතැම් රෝගීන්ට මෙම රෝගය සඳහා කිසිදු ප්‍රතිකාරයක් නොකොට දින දෙක තුනකින් සුව විය හැක. එය රෝගයට ඇතිවන හේතුව අනුව තීරණය වේ. නමුත් බොහෝවිට මෙම රෝගය සඳහා ප්‍රතිකාර අවශ්‍යම වේ.

• ප්‍රතිකාර මෙන්ම ව්‍යායාමද ඉතා යෝග්‍ය වේ. මේ සඳහා විශේෂිත වූ ව්‍යායාම් ඇති අතර ඇතැම් ව්‍යායාම් මෙම රෝගියා සඳහා යෝග්‍ය නොවේ. එය පිළිගත් වෛද්‍යවරයකුගේ අනුදැනුම සහ උපදෙස් අනුව කළ යුතුවේ.

• ආයුර්වේදයෙහි මේ සඳහා ප්‍රතිකාර පද්ධතියන් ක්‍රියාත්මක කෙරේ. රෝගියාගේ දෝෂ අනුව ඒ ප්‍රතිකාර වෛද්‍යවරයා විසින් තීරණය කෙරේ. බාහිරව සහ අභ්‍යන්තර ප්‍රතිකාර ක්‍රම අනුව මේ සඳහා ප්‍රතිකාර කෙරේ.

• මේ සඳහා යෝග ව්‍යායාමද ඉතා යෝග්‍ය ප්‍රතිකාර ක්‍රමයක් වේ. මේ සඳහාම විශේෂිත වූ යෝග ව්‍යායාම් ඇත.

• හිතුමතේට මේ සඳහා ආයුර්වේද තෙල් ආලේප නොකළ යුතුය. ඇතැම් තෙල්වර්ග සෑම වේදනාවකටම ගුණදායක නොවේ. මේ නිසා හිතුමතේට තෙල් නොගෑ යුතුය. ඒ සඳහා ක්‍රමවේදයක් ඇත. එක් එක් රෝගය අනුව තෙල් වර්ගයද වෙනස් වේ. තෙල් වර්ගවල ගුණ එකිනෙකට වෙනස් වේ. මේ නිසා මෙවැනි රෝග තත්ත්වයක් ඔබට ඇත්නම් වහාම සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්‍යවරයකු මුණගැසෙන්න.

කටී ප්‍රදේශයේ සිට දෙපා ඔස්සේ ගමන් කරනු ලබන මෙම වේදනාවේ ගැටලු ස්ථානය වන්නේ තුනටිය ආශ්‍රිත කටී ප්‍රදේශයේයි. මේ සඳහා වැඩිපුරම අවධානය යොමුකළ යුත්තේ ඒ ආශ්‍රිතවයටයි. මීට අමතරව MRI/සී.ටී. ස්කෑන් වැනි ස්කෑන් ක්‍රම මගින්ද මෙම රෝගී තත්ත්වය වෛද්‍යවරයාට හඳුනාගත හැක. ඔබත් මෙම රෝග තත්ත්වයෙන් පීඩා විඳියි නම් වහාම සුදුසුකම්ලත් ආයුර්වේද වෛද්‍යවරයකු මුණගැසී අවශ්‍ය ප්‍රතිකාර ලබාගත යුතුය.

ගර්භණී සමයේදී සයටිකා තදින්ම ඇති නොවුනත්, සමහර කාන්තාවන් ගර්භණී සමයේදී සයටිකා වේදනාව අත්විදිනවා..

මෙම තත්වය තුල තුනටියේ සහ ත ට්ටම් කලවා බත්කෙන්ඩ ආශ්‍රිතව වේදනාව වරින්වර අඩු වැඩි වශයෙන් දැකිය හැක...

මෙය පහත දැක්වෙන එක් හේතුවක් නිසා හෝ හෙතු කිහිපයක් මත විය හැකිය:

*සිරුරේ බර වැඩිවීම මගින් තරල රඳවා තබා ගැනීම වැඩි වන අතර එමඟින් සයටික් ස්නායුව මත අමතර පීඩනයක් ඇති කරයි.

*බඩ සහ පියයුරු ප්‍රමාණයෙන් වැඩි වන විට ශරීරයේ ගුරුත්වාකර්ෂණ කේන්ද්‍රය වෙනස් වීම

*ගර්භාෂය පුළුල් වීම මගින් සයටික් ස්නායුව සම්පීඩනය කළ හැකිය.

*දරුවා උපත් ස්ථානයට ගමන් කරන විට, ඔහුගේ හෝ ඇයගේ හිස සයටික් ස්නායුව මත තද විය හැකිය.

අවශ්‍ය වෛද්‍ය උපදෙස් නිසියාකාරව ලබා ගැනිම තුලින් ඔබට වේදනාව අඩුකර ගත හැක....

ලිපිය සකස් කලේ ආයුර්වේද වෛද්‍ය චමිලා කුමාරි කලුතන්ත්‍රි .
ආරෝගා මෙඩිකල් සෙන්ටර් ,යගම්වෙල, දුම්මලසූරිය . 0765603231

=========================
මාගේ යූ ටියුබ් චැනලය හා පහත ලින්ක් එක ඔස්සේ සම්බන්ධ වන්න .
https://bit.ly/2Y0MvFJ

22/09/2025

ෆයිබ්‍රොමියල්ජියා යනු තෙහෙට්ටුව, නින්ද, මතකය පිළිබඳ ගැටලු සමඟ අධික මාංශ පේශි වේදනාවක් සහිත රෝග තත්වයකි.

රෝග ලක්ෂණ බොහෝ විට ආරම්භ වන්නේ ශාරීරික කම්පන, ශල්‍යකර්ම, ආසාදනය හෝ සැලකිය යුතු මානසික ආතතිය වැනි සිදුවීමකින් පසුවය.

සමහර පුද්ගලයන්ට කිසිදු පුර්ව සිදුවීමක් නොමැතිව කාලයත් සමඟ රෝග ලක්ෂණ ක්‍රමයෙන් වර්ධනය වේ.

පිරිමින්ට වඩා කාන්තාවන්ට ෆයිබ්‍රොමියල්ජියා වර්ධනය වීමට ඉඩ ඇත.

ෆයිබ්‍රොමියල්ජියා ඇති බොහෝ පුද්ගලයන්ට ආතති හිසරදය, සන්ධි කැක්කුම්, මස් පිඬු වේදනා, බඩේ වේදනාව සහ මානසික අවපීඩනය ද ඇත.

ෆයිබ්‍රොමියල්ජියා (Fibromyalgia) තත්ත්වයේ රෝග ලක්ෂණ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්ය. ප්‍රධානම රෝග ලක්ෂණය වන්නේ

* දැඩි වේදනාව.

රෝග ලක්ෂණ අඩු වැඩි වන කාල තිබිය හැක... එලෙසම,

1. ඔබේ ආතති මට්ටම්

2. කාලගුණයේ වෙනස්කම්

3. ඔබ කෙතරම් ශාරීරිකව ක්‍රියාශීලීද යන්න අනුව රෝග ලක්ෂණ වෙනස් වේ.

Fibromyalgia හි අත්විඳින පොදු රෝග ලක්ෂණ දෙකක් වන්නේ වේදනාව සහ තෙහෙට්ටුවයි.

අනෙකුත් රෝග ලක්ෂණ......................

ආශ්වාසය.

මාංශ පේශි වේදනාව හෝ සංවේදීතාව.

හිසරදය සහ ඉරුවාරදය.

මුහුණේ සහ හකු වල වේදනාව (temporomandibular සන්ධි ආබාධ).

පාචනය හෝ මලබද්ධය වැනි ආමාශයේ හෝ ආහාර ජීර්ණ ගැටළු.

මුත්‍රා පාලනය පිළිබඳ ගැටළු.

උරහිස, අත හෝ හකු, උකුල, තට්ටම් හෝ පාදය වැනි පහළ කලාප
බෙල්ල, පිටුපස, පපුව හෝ උදරය කලාප තුළ වේදනාව

රෝගී තත්වය සඳහා නිශ්චිත පරීක්ශන නොමැති අතර රෝග ලක්ෂණ වෙනත් තත්වයන් ගණනාවකට සමාන විය හැක..

නිවැරදි ආහාර,ව්‍යායාම, චර්‍යා රටා, වෛද්‍ය උපදෙස් මත තත්වය පාලනය කල හැක..

ආරෝගා - යගම්වෙල

21/09/2025

නස්න කර්ම

නස්‍ය කිරීම මගින් ස්වසන පද්ධතියේ කෝඨර තුළ තැන්පත්ව ඇති අපද්‍රව්‍ය විෂ සහිත දෑ සෙම් සොටු ආකාරයෙන් නහයෙන් හා මුඛයෙන් පිට කිරීමට සැලැස්වීම සිදුකෙරේ. මෙය

හිසේ කැක්කුම.

මුඛ දුර්ගන්ධය.

ඔලුවේ බර ගතිය.

කන් කැක්කුම.

පීනස.

සයිනොසයිටිස්

ඉරුවාරදය

වැනි රෝග සුව කිරීම සඳහා ප්‍රත්‍යක්ෂ විසදුමකි.

විමසීම් 0762462663
ආරෝගා - යගම්වෙල දුම්මලසූරිය.
fans

19/09/2025

කොදු ඇටපෙලේ පහළ ප්‍රදේශයේ ස්නායු තෙරපීම - ගුධ්‍රසී රෝගය (සයටිකා/sciatica) (L4/L5/L5/S1)

අද වෙද්දී තුනටිය වේදනාව සමාජයේ බහුලව දක්නට ලැබෙන රෝගී තත්ත්වයකි. එකක් තුනටිය වේදනාව ඇතිවීමට ප්‍රධාන හේතුව වන්නේ ආයුර්වේදයේ සඳහන් වන “ගුධ්‍රසි” රෝග තත්ත්වයයි. රෝගීයාගේ ගමන් රටාව අනුව ආයුර්වේදයේ මේ තත්ත්වය මේ නමින් හැඳින්වේ. සංස්කෘතික භාෂාවෙන් “ගෘධ්‍ර” යනුවෙන් හඳුන්වන්නේ ගිජුලිහිණියාටය. එනම් “ගිජුලිහිණියකුගේ ගමන් විලාසය” ලෙසින් මෙම නමින් හැඳින්වේ. බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව මෙය Sciatica ලෙසින් හැඳින්වේ.

🔴රෝග ලක්ෂණ
================

• මෙම රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණය වන්නේ රෝගියාගේ පහළ කටී ප්‍රදේශයේ (තට්ටම් ප්‍රදේශයේ) සිට පාදයේ පහළට පිටුපසින් දිවෙන ඉතා තදබල වේදනාව.

• මෙම වේදනාව ඇතැම්විට යම්කිසි දෙයකින් අනිනු විට ඇතිවන වේදනාවට සමාන වේ.

• ඇතැම් රෝගීන්ට ඉවසාගත නොහැකි වේදනාවක් දැනීම.

• ඇවිදීම, නැවීම ආදී ක්‍රියාකාරකම්වලදී ඇතිවන වේදනාව.

• මෙම රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණය වන්නේ ඒ ආශ්‍රිත ප්‍රදේශයේ ඇතිවන වේදනාව වන අතර එම වේදනාව රෝගියාගෙන් රෝගියාට වෙනස් වේ.

• ස්නායු ගමන් කරනු ලබන මාර්ගය ඔස්සේ මෙම වේදනාව පැතිරීම දැකිය හැක.

• ඇතැම් රෝගීන්ට මඳ වශයෙන් උණ ඇතිවීමටද පුළුවන.

🔴රෝගය ඇතිවීමට හේතු
=======================

• කශේරුකාවේ අන්තර් කශේරැකා මඬල (කශේරුකා දෙකක් අතර ඇති කොටස) පිටතට නෙරා යාම නිසා මෙවැනි රෝගී තත්ත්වයක් ඇතිවිය හැක. මෙය පිටතට නෙරා යාම හේතුවෙන් ස්නායු තෙරපීමක් ඇතිවිය හැක. මෙමඟින් ස්නායු ගමන් කරනා මාර්ගයේ යම් පීඩනයක් ඇතිවිය හැක.

• වයස් ගතවීමත් සමඟ වැඩිහිටියන්ගේ ගුධ්‍රසී රෝග තත්ත්වය ඇතිවිය හැක. මෙමගින් අන්තර් කශේරැකා මඬල දිරායාමට ලක්වීමෙන් මේ තත්ත්වය ඇතිවිය හැක.

• නිවැරදි නොවන ඉරියව්වෙන් වැඩිවේලාවක් යම් වැඩක නිරතවීම, වාඩිවී සිටීම.

• නිවැරදි නොවන ඉරියව්වෙන් බරැති දෙයක් එසවීම.

• වෙනත් රෝගයක ඇතිවන පිළිකාමය තත්ත්වයක් නිසාවෙන්ද මෙවැනි රෝග ලක්ෂණ ඇතිවිය හැක.

• ස්නායු ගමන් ගන්නා මාර්ගයේ ඇති මාංශපේශිවලට යම් හානියක් සිදුවීමෙන්ද මෙම ස්ථානය පටුවීමක් සිදුව මෙම රෝග තත්ත්වය ඇතිවිය හැක.

🔴රෝගියා සැලකිලිමත් විය යුතු ආකාරය
=======================

• මෙම රෝගය වැළඳීමට පළමුව රෝග පාලනය කිරීම ඉතා වැදගත් වේ. එය ආයුර්වේදයේදී “රෝගීවීමට පෙර නිරෝගී පුද්ගලයා නිරෝගී බව ආරක්ෂා කළ යුතුවේ...” යනුවෙන් සඳහන් කර ඇත.

• නිවැරදි ඉරියව්වෙන් එදිනෙදා වැඩකටයුතු කිරීම ඉතා වැදගත් වේ. බර ඉසිලීම, ඇවිදීම, අසුනක වාඩිවී සිටීම, නිදා ගැනීම වැනි ඉරියව්වලදී විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය.

• විවේකය ඉතා වැදගත් වේ. විශේෂයෙන් එක දිගට එකම ඉරියව්වෙන් වැඩක නිරත වීම තුළින් මේ තත්ත්වය ඇතිවිය හැක.

• ශරීරයේ බර පාලනය කර ගැනීම ඉතා වැදගත් වේ. අධි ස්ථුලතාවය ඇති බොහෝ දෙනෙකු තුළ මෙම රෝග තත්ත්වය බහුල වශයෙන් දැකිය හැකිවේ.

• සමබර ආහාර වේලක් ගැනීම ඉතා වැදගත් වේ.

• බර පාලනය කර ගැනීම සඳහාද ව්‍යායාම් කිරීම ඉතාමත් සුදුසු වේ. මේ සඳහා ඇවිදීම, පිහිනීම, බයිසිකල් පැදීම වැනි ව්‍යායාම් කිරීම ඉතා වැදගත් වේ.

🔴කරනු ලබන ආයුර්වේද ප්‍රතිකාර
======================

• මේ රෝගය සඳහා කරනු ලබන ප්‍රතිකාර රෝගියාගෙන් රෝගියාට වෙනස් වේ.

• මේ සඳහා හිතුමතේට අත්බෙහෙත් කිරීම සුදුසු නැත. වෙනත් කෙනෙකු වෙනුවෙන් වෛද්‍යවරයකු ලබාදුන් ඖෂධ හෝ ප්‍රතිකාර හිතුමතේට වෛද්‍ය උපදෙස්වලින් තොරව භාවිතයද කිසිසේත්ම සුදුසු නොවේ.

• රෝගියාගෙන් රෝගියාට රෝග ලක්ෂණ මෙන්ම රෝගය පැතිර යාමේ ක්‍රමවේදයද වෙනස් වේ.

• ඇතැම් රෝගීන්ට මෙම රෝගය සඳහා කිසිදු ප්‍රතිකාරයක් නොකොට දින දෙක තුනකින් සුව විය හැක. එය රෝගයට ඇතිවන හේතුව අනුව තීරණය වේ. නමුත් බොහෝවිට මෙම රෝගය සඳහා ප්‍රතිකාර අවශ්‍යම වේ.

• ප්‍රතිකාර මෙන්ම ව්‍යායාමද ඉතා යෝග්‍ය වේ. මේ සඳහා විශේෂිත වූ ව්‍යායාම් ඇති අතර ඇතැම් ව්‍යායාම් මෙම රෝගියා සඳහා යෝග්‍ය නොවේ. එය පිළිගත් වෛද්‍යවරයකුගේ අනුදැනුම සහ උපදෙස් අනුව කළ යුතුවේ.

• ආයුර්වේදයෙහි මේ සඳහා ප්‍රතිකාර පද්ධතියන් ක්‍රියාත්මක කෙරේ. රෝගියාගේ දෝෂ අනුව ඒ ප්‍රතිකාර වෛද්‍යවරයා විසින් තීරණය කෙරේ. බාහිරව සහ අභ්‍යන්තර ප්‍රතිකාර ක්‍රම අනුව මේ සඳහා ප්‍රතිකාර කෙරේ.

• මේ සඳහා යෝග ව්‍යායාමද ඉතා යෝග්‍ය ප්‍රතිකාර ක්‍රමයක් වේ. මේ සඳහාම විශේෂිත වූ යෝග ව්‍යායාම් ඇත.

• හිතුමතේට මේ සඳහා ආයුර්වේද තෙල් ආලේප නොකළ යුතුය. ඇතැම් තෙල්වර්ග සෑම වේදනාවකටම ගුණදායක නොවේ. මේ නිසා හිතුමතේට තෙල් නොගෑ යුතුය. ඒ සඳහා ක්‍රමවේදයක් ඇත. එක් එක් රෝගය අනුව තෙල් වර්ගයද වෙනස් වේ. තෙල් වර්ගවල ගුණ එකිනෙකට වෙනස් වේ. මේ නිසා මෙවැනි රෝග තත්ත්වයක් ඔබට ඇත්නම් වහාම සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්‍යවරයකු මුණගැසෙන්න.

කටී ප්‍රදේශයේ සිට දෙපා ඔස්සේ ගමන් කරනු ලබන මෙම වේදනාවේ ගැටලු ස්ථානය වන්නේ තුනටිය ආශ්‍රිත කටී ප්‍රදේශයේයි. මේ සඳහා වැඩිපුරම අවධානය යොමුකළ යුත්තේ ඒ ආශ්‍රිතවයටයි. මීට අමතරව සී.ටී. ස්කෑන් වැනි ස්කෑන් ක්‍රම මගින්ද මෙම රෝගී තත්ත්වය වෛද්‍යවරයාට හඳුනාගත හැක. ඔබත් මෙම රෝග තත්ත්වයෙන් පීඩා විඳියි නම් වහාම සුදුසුකම්ලත් ආයුර්වේද වෛද්‍යවරයකු මුණගැසී අවශ්‍ය ප්‍රතිකාර ලබාගත යුතුය.

ලිපිය සකස් කලේ ආයුර්වේද වෛද්‍ය චමිලා කුමාරි කලුතන්ත්‍රි . ආරෝගා මෙඩිකල් සෙන්ටර් ,යගම්වෙල, දුම්මලසූරිය . 0765603231

=========================මාගේ යූ ටියුබ් චැනලය හා පහත ලින්ක් එක ඔස්සේ සම්බන්ධ වන්න .
https://bit.ly/2Y0MvFJ

17/09/2025

ගර්භණී සමයේදී සයටිකා තදින්ම ඇති නොවුනත්, සමහර කාන්තාවන් ගර්භණී සමයේදී සයටිකා වේදනාව අත්විදිනවා..

මෙම තත්වය තුල තුනටියේ සහ ත ට්ටම් කලවා බත්කෙන්ඩ ආශ්‍රිතව වේදනාව වරින්වර අඩු වැඩි වශයෙන් දැකිය හැක...

මෙය පහත දැක්වෙන එක් හේතුවක් නිසා හෝ හෙතු කිහිපයක් මත විය හැකිය:

*සිරුරේ බර වැඩිවීම මගින් තරල රඳවා තබා ගැනීම වැඩි වන අතර එමඟින් සයටික් ස්නායුව මත අමතර පීඩනයක් ඇති කරයි.

*බඩ සහ පියයුරු ප්‍රමාණයෙන් වැඩි වන විට ශරීරයේ ගුරුත්වාකර්ෂණ කේන්ද්‍රය වෙනස් වීම

*ගර්භාෂය පුළුල් වීම මගින් සයටික් ස්නායුව සම්පීඩනය කළ හැකිය.

*දරුවා උපත් ස්ථානයට ගමන් කරන විට, ඔහුගේ හෝ ඇයගේ හිස සයටික් ස්නායුව මත තද විය හැකිය.

අවශ්‍ය වෛද්‍ය උපදෙස් නිසියාකාරව ලබා ගැනිම තුලින් ඔබට වේදනාව අඩුකර ගත හැක....

16/09/2025

15/09/2025

Good Morning Friends 🙂

ඔබේ ජීවිතය සොබාදහම සමඟ අර්ථවත්ව ගත කරන්න. එය විඳින්න. අනෙක් අයටද එය විඳීමට කියාදෙන්න.

14/09/2025

ගැස්ට්‍රයිටිස් රෝගින් වැළකිය යුතු ආහාර

කුළුබඩු අධිකව යෙදූ ආහාර (මිරිස්, ගම්මිරිස්)

බැදපු ආහාර (බැදපු මාලු,මස්)

අධික තෙල් යොදා සකස්කල ආහාර

අධික මේද කිරි නිෂ්පාදන

පැඟිරි පළතුරු (දොඩම්, ලෙමන්)

ආම්ලික පළතුරු (සියඹලා, වෙරළු)

කාබනීකෘත පාන (කෝලා වර්ග)

අබ, විනාකිරි යෙදූ ආහාර (අච්චාරු, චට්නි)

කෝපි අඩංගු බීම සහ ආහාර

වැඩිපුර කියවන්න --https://youtu.be/kEf5CmxwEp0?si=kpNdlxWtoKWNmwnF

11/09/2025

අත් හිරිවැටීමේ රෝග තත්වයෙන් මිදීමට
-------------------------------------------------------
අතෙහි හිරිවැටීම වර්තමානයේ බහුලව අසන්නට ලැබෙන රෝග තත්ත්වයකි. වෙනත් රෝග අවස්‌ථාවන්ට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන්ද අතෙහි සහ ඇඟිලිවල හිරිවැටීම පිළිබඳ පැමිණිලි කරන අවස්‌ථා නිරන්තරයෙන් හමු වේ. මෙවැනි තත්ත්වයන් ඇති වීමට බොහෝ හේතු සාධකවල බලපෑම් ඇති විය හැක. මෙය Carpal Tunnel Syndrome ලෙස බටහිර වෛද්‍ය ක්‍රමය තුල හදුන්වයි. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව මෙය වාත රෝග ගණයේ ලා සැලකෙන රෝග තත්ත්යවකි. මැණික්‌ කටු සන්ධියේ යම් ව්‍යූහයක්‌ තුළින් ගමන් ගන්නා ස්‌නායුවක්‌ (Median nerve) පීඩාවට පත් වීම හේතුවෙන් රෝග ලක්‍ෂණ හට ගන්නා අතර මෙවැනි තත්ත්වයක්‌ උද්ගත වීමට ඒ ඒ පුද්ගලයාගේ රැකියාවේ ස්‌වභාවයද බලපෑ හැකි බව සොයා ගෙන ඇත.

මැණික්‌ කටු සන්ධිය ආශ්‍රිතව ඇති යම්කිසි කුහරමය ව්‍යූහයක්‌ (Carpal Tunnel) හරහා ඇඟිලිවලට විශේෂයෙන් මහපටැඟිල්ල, දබරැඟිල්ල, මැදැඟිල්ල හා වෙදැඟිල්ලෙහි කොටසකටත් ස්‌නායු ආවේග සපයන ස්‌නායුව (Median nerve) ගමන් ගනී. මෙය අස්‌ථි හා අස්‌ථි බන්ධනී (Ligaments) වලින් මායිම් වී ඇති අතර මෙම කුහරය හරහා පේශී ඛණ්‌ඩරා (Muscles Tendons) හා ස්‌නායුව (Median nerve) ගමන් කරයි. මෙම කුහරමය ව්‍යූහය ඇතුළත පීඩනය යම් හේතුවක්‌ නිසා උදාහරණයක්‌ ලෙස ද්‍රව එක්‌ රැස්‌වීමක්‌ නිසා හෝ වැඩිවීම හේතුවෙන් ස්‌නායුව තෙරපීමට ලක්‌ වෙයි.එවිට රෝග ලක්‍ෂණ ඇති වීමට පටන් ගනී.

👉රෝග ලක්‍ෂණ
================

මෙය එක්‌වරම හට ගන්නා රෝග තත්ත්වයක්‌ නොව රෝග ලක්‍ෂණ ක්‍රමයෙන් ඇති වෙමින් එදිනෙදා කටයුතුවලට බාධා වන අයුරින් උග්‍ර විය හැකි තත්ත්වයකි. අතෙහි මහපටැඟිල්ල, දබරැඟිල්ල, මැදැඟිල්ල හා වෙදැඟිල්ලෙහි එක්‌ පාර්ශ්වයක වරින් වර ඇතිවන නලියන මෙන් දැනෙන ස්‌වභාවය. (Tingling Sensatian) දාහය හා හිරිය සාමාන්‍යයෙන් මෙම රෝග තත්ත්වයේදී දක්‌නට ලැබෙන රෝග ලක්‍ෂණයකි.

රාත්‍රි නින්දට බාධා වන අයුරින් අතෙහි ඇතිවන වේදනාවත් අත පහළට එල්ලා වැටෙන අයුරින් තබාගෙන සිටීමෙන් එම අපහසුතාව මඟ හැරීයැමත් විශේෂයෙන් මෙවැනි රෝගීන්ගෙන් අසන්නට ලැබෙන පැමිණිල්ලකි. මීට අමතරව යමක්‌ අතින් තදින් ග්‍රහණය කිරීමට අසමත් බව හා එසේ කිරීමේදී අපහසුතාව.

වේදනාව හා ඇතැම් විට අතෙහි අප්‍රාණික ස්‌වභාවයක්‌ දැනීම ද සිදු විය හැක.

විශේෂයෙන් කාන්තාවන් හා මැදිවියේ පුද්ගලයන්ට මෙවැනි තත්ත්වයක්‌ ඇති වීමේ වැඩි ප්‍රවණතාවක්‌ පවතී.

👉 අත හිරිවැටීමට බලපාන හේතු
========================

විවිධ හේතු මේ සඳහා බලපායි.

1) තයිරොක්‌සින් හෝමෝනයේ විෂමතාවක්‌ පැවතීම (Hypothyrodism)

2) දියවැඩියාව වැනි කාලීන රෝග තත්ත්වයක්‌ පැවතීම.

3) අති ස්‌ථුලතාවය නිසා ස්‌නායු ගමන් මාර්ගය අවට පටකවල මේද තැන්පත් වීමෙන් ස්‌නායුව මත තෙරපීමක්‌ ඇති වීම.

4) මැණික්‌ කටුව සන්ධියට සිදු වූ අනතුරකින් අස්‌ථි බිඳීමකදී (Trauma) ස්‌නායුවට හානි සිදුවීම.

5)එසේම ස්‌නායු ගමන් මාර්ගයට පිටතින් මාංශවල වර්ධනයක්‌ හෝ මේද තැන්පත් වීමක්‌ (Lipoma) නිසා ද කුහරමය ව්‍යුහය තුළ පීඩනය වැඩි වීම නිසාද මෙවැනි තත්ත්වයක්‌ ඇති විය හැක.

විශේෂයෙන් ගර්භණී අවස්‌ථාවේදී ස්‌නායු ගමන් මාර්ගය අවට ද්‍රව එක්‌ රැස්‌වීමක්‌ සිදු විය හැකි බැවින් ස්‌නායුව පීඩාවට පත් වීමෙන් ඉහත රෝග ලක්‍ෂණ මතු වීම සාමාන්‍ය අවස්‌ථාවකි. දරු ප්‍රසූතියෙන් පසු බොහෝ විට එම තත්ත්වය මගහැරී යයි.

බොහෝ විට යම් පුද්ගලයෙකුගේ වෘත්තිය හා රෝග ලක්‍ෂණ ඇතිවීම අතර සම්බන්ධතාවක්‌ පවතින අවස්‌ථා හමුවේ. උදාහරණ ලෙස ලියන්නන්, යන්ත්‍ර ක්‍රියාකරවන්නන්, විශේෂයෙන් කම්පනය වන උපකරණ (Vibrating Tools) සමඟ නිතර කාර්යයන්හි නිරත වන්නන් මෙවැනි අවස්‌ථාවන්ට බහුලව ගොදුරු වෙයි.

👉කාන්තාවන්ට බලපෑම
======================

එසේම ගෘහණියන් දිනපතා නිතර යෙදෙන කාර්යයන් වන පොල්මිරිකීම, අතින් රෙදි සේදීම වැනි කාර්යයන් මැණික්‌කටු සන්ධියේ ක්‍රියාකාරිත්වය හා සම්බන්ධ වන අතර වැඩි පීඩනයක්‌ යෙදෙන අවස්‌ථා ලෙස දැක්‌විය හැකියි.

මැණික්‌කටු සන්ධියෙන් අත නැවීමේදී හා දිගහැරීමේදී ස්‌නායුව ගමන් ගන්නා අවකාශයේ පීඩන වෙනස්‌ වීමක්‌ සිදු වෙයි. මෙම පීඩන වෙනස්‌ වීම නිතර නිතර සිදුවන ලෙස යම් ක්‍රියාකාරකමක නිරත වන්නේ නම් ස්‌නායුව මත පීඩනයක්‌ යෙදෙයි. එබැවින් එවැනි ක්‍රියාකාරකම් අවම වන සේ වැඩ කටයුතුවල යෙදීම, බලපෑම අවම වන සේ උපකරණ භාවිත කිරීම එහිදී අවම වශයෙන් එවැනි රැකියාවන්වල යෙදෙන්නන් පැයකට වරක්‌ හෝ විවේක ගැනීම, මැණික්‌ කටු සන්ධිය හා ඇඟිලිවලට සුදුසු ව්‍යායාම කිරීම, සම්බාහනය කිරීම මඟින් මෙවැනි ගැටලු ඇති වීම වළක්‌වා ගත හැක. එසේම සෑම විටම නිවැරදි ඉරියව්වල අත තබා ගැනීමද වැදගත් වෙයි. මෙසේ පෙර සූදානම මගින් එදිනෙදා වැඩ කටයුතුවලින් මෙවැනි තත්ත්වයක්‌ ඇති වීමට ඇති අවදානම වළක්‌වා ගත හැකි වනවා සේම පවතින රෝග තත්ත්වය පාලනය කර ගැනීමටද උපකාරී වෙයි.

👉ප්‍රතිකාර කිරීම
=================

මෙහිදී පෙන්නුම් කරන විශේෂිත රෝග ලක්‍ෂණ හා විශේෂ රෝග පරීක්‍ෂා ක්‍රම මගින් පහසුවෙන් රෝග නිර්ණයකට පැමිණිය හැකිය.

නවීන විද්‍යානුකූලව වේදනා නාශක, එන්නත් (Steroids ingectios) ලබා දීම මෙහිදී සිදු කරන අතර සරල, ශල්‍යකර්මයක්‌ මගින් ස්‌නායුව මත ඇති වන පීඩනය අවම කිරීමක්‌ සිදු කරයි.

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයෙහි මෙවැනි තත්ත්වයන් සඳහා ඉතා සාර්ථක ප්‍රතිකාර ක්‍රම භාවිත වෙයි. එමගින් ශල්‍යකර්මයකට නොගොස්‌ මෙම තත්ත්වය සුව කර ගැනීමේ අවස්‌ථාව ඇත. මෙහිදී ප්‍රධානම වාත රෝග චිකිත්සාවට අනුව ප්‍රතිකාර සිදු කරනු ලබන අතර රෝග හේතුවට අනුව ප්‍රතිකාර පද්ධතිය තීරණය කරයි.

අභ්‍යන්තර ඖෂධ ප්‍රතිකාරවලට අමතරව බාහිරින් ඖෂධීය තෛල අභ්‍යංගය යෙදීම අත්‍යවශ්‍යය. ඖෂධීය පොට්ටනි වලින් තැවීම ,පැලැස්‌තර යෙදීම, ධූපන ප්‍රතිකාර , ආලේප ආදී සරල ප්‍රතිකාර මගින් සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකියි.

මැණික්‌ කටු සන්ධිය සඳහා වූ ආධාරක (Wrist braces) පැළඳීමෙන් අතෙහි චලන සීමා කිරීමත් සමගින් ස්‌නායුව මත ඇතිවන පීඩනය පාලනයක්‌ මගින් රෝගියාට ඇතිවන අපහසුතාව මඟහරවා ගත හැකියි.

ප්‍රතිකාරවලට යොමු නොවී දීර්ඝකාලීනව මෙවැනි තත්ත්වයක්‌ පාලනය නොකර සිටීමෙන් ස්‌නායුවට හානි සිදු වීමෙන් මාංශිපේශි ක්‍ෂය වීම හා දුර්වල වීම සිදුවිය හැකි බැවින්, රෝග ලක්‍ෂණ ඇති වූ වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු වෙත ගොස්‌ අවශ්‍ය උපදෙස්‌ හා ප්‍රතිකාර ලබා ගත යුතුයි.....................................................

ලිපිය සකස් කලේ
ආයුර්වේද වෛද්‍ය චමිලා කුමාරි කලුතන්ත්‍රි, ආරෝගා මෙඩිකල් සෙන්ටර්,
යගම්වෙල,දුම්මලසූරිය.
0775603231

=========================
මාගේ යූ ටියුබ් චැනලය හා පහත ලින්ක් එක ඔස්සේ සම්බන්ධ වන්න.
https://bit.ly/2Y0MvFJ..................................................

07/09/2025

ඔබේ ශරීරයේ මේ වන විටත් රතු පැහැති ලප තිබේ නම් එය ටීනීයා රෝගය දැයි පරීක්ෂා කිරීම වැදගත්. රෝගය උත්සන්න වීමට හැරීමෙන් ඔබේ මුහුණේ, අතපය සහ හිස වැනි ඕනෑම ප්‍රදේශයකට රෝගය ඉතා ඉක්මනින් පැතිරී යෑමේ අවදානමක් තිබෙනවා.

ටීනියා රෝගයේ රෝග ලක්ෂණ සැලකීමේදී ඔබේ සම මතු පිට කුඩා රවුමක් ලෙසින් රතු පාට පැල්ලමක් දැකගන්නට ලැබෙනවා. එසේම මෙම ලපය ඇති ප්‍රදේශය කැසීමට ලක් වෙනවා. බොහෝ විට මෙය ඇති වන්නේ නිතර දහඩිය රැදෙන ප්‍රදේශයකයි. එමෙන්ම මේ රතු ලපය වටා පිහිටා තිබෙන දාරය කොටස ඉලිප්පීමක් දැකගන්නට ලැබෙනවා.

එමෙන්ම පනාව, තුවාය, හිස්වැසුම් වැනි දේ පොදුවේ භාවිත කිරීමෙන් වළකින්න. එසේම රෝගය තිබෙන පුද්ගලයකු නම් මේ රෝගය පාලනය කර ගැනීම සඳහා ඇදුම් වෙන් කර සේදීමත්, තද අව්වේ වියළා ගැනීමත්, ඇදුම් මැද භාවිත කිරිමත් ඉතා වැදගත් වනවා.

දහඩිය දමන කාලගුණ
තත්ත්වයන්

පෞද්ගලික පිරිසුදුකම අඩුවීම

සිරුරට තද වන ඇඳුම් භාවිත කිරීම

ඇඳුම් හුවමාරු කරගැනීම

සිරුරු එකට ගැටීම බහුලව සිදුවන රග්බි, පාපන්දු වැනි ක්‍රීඩාවල නිරතවන අයට

සිරුරේ ප්‍රතිශක්තිය අඩු වන රෝගවලින් පෙළෙන අයට

දියවැඩියා රෝගීන්ට

මෙම ටීනියා රෝගය වැලඳීමේ වැඩි ඉඩකඩක් පවතිනවා.

ටීනියා දිලීර රෝග ආසාදිතයින් බහුලව සමාජයේ සිටින බැවින් ඔබගේ සනීපාරක්ෂක හොදින් පවත්වාගත යුතුය..

Read more...

සමාජ මාධ්‍ය ජාලාතුල කොපමණ දැනුවත් කළත් ටීනියා දිලීර රෝග තත්ත්වයන් බහුලව සමාජය තුල ව්‍යාප්ත වීමක් දකින්නට පුළුවන්.

බොහෝ දෙනෙක් මෙම රෝග තත්ත්වය පිළිබඳව තවමත් හරිහැටි අවබෝධාත්මක තත්ත්වයක නැහැ.

මෙහි මූලික ලක්ෂණය වන්නේ බිබිලක් ලෙස මෙය පටන් අරන් ටික ටික රවුමක් ආකාරයට පැතිරීම.

ඒ වගේම රෝගියාට දරාගත නොහැකි මට්ටමේ කැසීමේ ස්වභාවයක් මෙම දිලීරය නිසා සම මතුපිට ඇතිවෙනවා.

මෙම ටීනියා දිලීර ආසාදනය රෝගියෙකුගෙන් තවත් අයෙකුට බෝවීමේ අවදානමකුත් තිබෙනවා.

නව දිලීරයක් නොවුනත් දැන් අවුරුදු කීපයක පමණ සිට සීඝ්‍ර ලෙස වසංගතයක ස්වභාවයකින් මෙය සමාජය තුළ පැතිරීමක් දක්නට පුළුවන්.

අවාසනාවන්තම කරුණ තමයි දිලීරයට මීට කලින් වෛද්‍යවරුන් විසින් නිර්දේශ කළ බොහෝමයක් ක්‍රීම් වර්ග ලෝෂන් වර්ග සහ දිලීර නාශක වර්ග වර්තමානය වන විට දිලීරයට එරෙහිව සාර්ථක ලෙස ක්‍රියාත්මක නොවීම. එනම් බෙහෙත් වර්ග සඳහා මෙම දිලීරය අධික ප්‍රතිරෝධයක් දැක්වීම.

මෙම ටීනියා දිලීරය ඖෂධවලට දක්වන අධික ප්‍රතිරෝධය මත මෙම රෝගය සුව නොවීම නිසා බොහෝ රෝගීන් අධික මානසික ආතති තත්වවලින් පෙළෙන අවස්ථා අප සායනවලට පැමිණෙන රෝගීන් තුළින් දැක ගන්නට පුළුවන්.

බොහෝ රෝගීන් නිසියාකාරව වෛද්‍යවරයකු මුණ ගැසී අවශ්‍ය උපදෙස් ලබා නොගැනීම විවිධ ෆාමසිවලින් තමන්ට අවශ්‍ය පරිදි මිලදීගන්නා ක්‍රීම් වර්ග පෙති වර්ග භාවිතා කිරීම වැනි හේතූන් මත ඔවුන්ගේ සමේ ප්‍රතිශක්තිය පවා ඉතාම පහළ මට්ටමකට පත්වන තෙක් වෛද්‍යවරයෙකු මුණ නොගැසී රැඳී සිටින අවස්ථා අපට දක්වන්නට පුළුවන්.

මේ වන විට ආරෝගා මෙඩිකල් සෙන්ටර් වෙත පැමිණි රෝගීන් දහස් ගණනක් අප විසින් පූර්ණ සුවතාවයට පත්කර තිබෙනවා.

ඔබට අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට සහ අනෙකුත් විස්තර ලබාගැනීමට පහත වට්සැප් අංකයට අමතන්න. නැතිනම් පණිවිඩයක් තබන්න...0762462663

වෛද්‍ය චමිලා කුමාරි කළුතන්ත්‍රී,
ආරෝගා මෙඩිකල් සෙන්ටර්
යගම්වෙල,
දුම්මලසුරිය...

fans

05/09/2025

ආයුර්වේදයේ මේ හා සමාන ලක්ෂණ සහිත තත්ත්වය අවබාහුක නමින් හඳුන්වයි. එනම් තමන්ගේ එක් අතක් හෝ අත් දෙකම උරහිස් සන්ධියෙන් චලනය කිරීමට අපහසු වීම සහ චලනය කළ හැකි ප්‍රමාණය සීමා වීමයි.

මෙම අවබාහුක තත්ත්වය ඇතිවිය හැකි හේතු කිහිපයක් ඇත.

උරහිස් සන්ධිය අධික ලෙස චලනයන් සඳහා භාවිතා කිරීම.

උරහිස් සන්ධිය චලනයන් සඳහා භාවිතා නොකර සිටීම.

පහරක් වැදීමෙන් හෝ අධික බරක් එසවීමෙන්.

වැරදි ඉරියව්වකින් යම් ක්‍රියාවක් කිරීමට තැත් කිරීමෙන් හෝ උරහිස් සන්ධියට හානියක් සිදු වීම.

ඇඳීමක් සිදුවීමෙන් පසුව ඇතිවන වේදනාකාරී තත්ත්වය නිසා උරහිස් සන්ධිය අක්‍රියතාවයකින් තබා ගැනීම.

ඒකාකාරී හා සීමාකාරී චලනයන් නිතර නිතර සිදු කිරීම.

රෝග ලක්ෂණ

චලනයන් සීමා වීමක්

මස් පිඬු වේදනාවක්

මස් පිඬු තදවීමක්

අතේ ඇඟිලිවල හිරිවැටීමක් හෝ වේදනාවක්

බෙල්ල දෙපැත්තේ මස්පිඬු තෙරපීමක් හෝ වේදනාවක් දැනෙනවා නම් ඔබ අවබාහුක යන රෝගී තත්ත්වයේ යම් අවධියක් පසු කරමින් සිටිනු ඇත.

අවබාහුක කියන තත්ත්වයට ඉතා කෙටි කාලීන ප්‍රතිකාර ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ පවතින බව විශ්වාසනීයව සඳහන් කලයුතුය.

fans
ආරෝගා - යගම්වෙල
0762462663

🙂 @ aroga ayurveda
03/09/2025

🙂 @ aroga ayurveda

Address

Yagamwela
Dummalasuriya

Opening Hours

Wednesday 08:00 - 16:00
Sunday 09:00 - 20:00

Telephone

+94765603231

Alerts

Be the first to know and let us send you an email when Dr.Chamila Kumari Kaluthanthri posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Dr.Chamila Kumari Kaluthanthri:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category