Smart Mind Counseling Service

Smart Mind Counseling Service මෙම ෆේස්බුක් පිටුව හා සම්බන්ධ වීමෙන් ඔබට ඔබගේ ඕනෑම ආකාරයක ගැටළු සඳහා උපදේශන සේවාවන් ලබා ගත හැකිය.
(1)

18/11/2025
" අලුත් ඉරක්  ලස්සන හෙටක්" තේමාව යටතේ ශ්‍රී ලංකාවේ මුල්ම ළමා සංවර්ධන මධ්‍යස්ථානය වන මග්ගොන ශාන්ත වින්සන්ට් ළමා සංවර්ධන ම...
08/09/2025

" අලුත් ඉරක් ලස්සන හෙටක්"

තේමාව යටතේ ශ්‍රී ලංකාවේ මුල්ම ළමා සංවර්ධන මධ්‍යස්ථානය වන මග්ගොන ශාන්ත වින්සන්ට් ළමා සංවර්ධන මධ්‍යස්ථානයේදී 2025.09.07 වන දිනය පුරා ක්‍රියාකාරකම් රාශියක් සමඟින් අති සාර්ථක අයුරින් සිදු කරනු ලැබූ මනෝ විද්‍යාත්මක සවිබල ගැන්වීමේ වැඩසටහන..

ජ්‍යෙෂ්ඨ මනෝ විද්‍යා උපදේශිකා නිලන්ති පතිරණ මහත්මියගේ මැදහත්කරණයෙන් වැඩසටහන සංවිධානය තිබූ අතර

Smart Mind Counselling Service උපදේශන මඩුල්ල නියෝජනය කරමින් ,
යොහාන් විමුක්ති මහතා
සංඛ වික්‍රමසිංහ මහතා
දිල්කි කරුණාරත්න මෙනවිය සහ
ප්‍රොෆිෂන් මයින්ඩ් උසස් අධ්‍යාපන ආයතනය නියෝජනය කරමින් එහි ප්‍රධාන උපදේශිකා
අප්සරා ලෝරන්ස් මෙනවියගේ දායකත්වයෙන් නඳුනි අප්සරා, ලක්ෂානි සිල්වා සහ කසුනි රුවන් කුමාරි යන පුහුණුවන ගුරුතුමියන්ලාගේ සහයෝගයෙන් වැඩසටහන පවත්වන ලදී.

27/05/2025

මතකද Taare Zameen Par චිත්‍රපටියෙ ඉෂාන් ව....

අනිත් අයට වඩා වෙනස් විදිහට හිතන...
හරිම හිමින් හිතලා තීරණ ගන්න..
එදිනෙදා ජීවිතයෙ තමන්ගෙ වැඩ ටිකවත් පිලිවෙලට කර ගන්න බැරි....
හරිම අපිලිවෙල...
හැම වෙලාවෙම දුකින් ඉන්න...
සමාජ ආශ්‍රය අඩු....
ලියන අකුරු පවා වැරදියට ලියන...

ලස්සන හිනාවක් තියෙන පුංචි පිරිමි ලමයව... 🧒

ඔයාගෙ ගෙදරත් මේ වගේ ලක්ෂණ තියෙන , ඉගෙනුම් මට්ටම ගැන නිතරම පාසලෙන් පැමිණිලි එන ඔටිසම් , ADHD හෝ ඉෂාන්ට තිබ්බා වගේ ඩිස්ලෙක්ෂියා වගේ ඉගෙනුම් ආබාධයක ලක්ෂණ පෙන්වන පුංචි පොඩිත්තො ඉන්නවා නම් අද හරියයි හෙට හරියයි කියලා බලාගෙන ඉන්න එපා...

ඔයා හිතන්නෙවත් නැති තරමෙ තාමත් අඳුර ගන්න බැරි වුණ දක්ෂයෙක් ඔයාගෙ දුවගෙ පුතාගෙ ඇතුලෙ ඉන්නවා...
අපි ඒ සූදානම් ඒ දක්ෂයව හොයාගන්න ඔබට උදව් කරන්න..

ඒ වගේම ඔබේ ආදරණීය දරුවා⁣ව පොදු සමාජය සමඟ සාමාන්‍ය පරිදි ගණුදෙනු කිරීමට හැකි අයුරින් නඟා සිටුවන්න සහය වන්නත් අපි සූදානම්...

වැඩි විස්තර සඳහා අමතන්න..

Smart Mind Counselling Service -Ja ela
0721596740 , 0768311389 , 0717798149

CityMed Clinic - Minuwangoda
0701939964

ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔබටත් ඔබේ පවුලේ සැමටත් කිරියෙන් පැණියෙන්, සතුටින්, සාමයෙන් සපිරි නීරෝගීමත් සුභම සුභ අලුත් අවු...
13/04/2025

ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔබටත් ඔබේ පවුලේ සැමටත් කිරියෙන් පැණියෙන්, සතුටින්, සාමයෙන් සපිරි නීරෝගීමත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏❤️💐🥰

Smart Mind Counselling Service

මනෝවිද්‍යාත්මක වැඩමුළු මෙහෙයවීම පිළිබඳ පදනම් පාඨමාලාව • ඔබ මනෝවිද්‍යා විෂය සම්බන්ධව ඉතාමත් හොඳ හැදෑරීමක් තිබුණත් තවමත් ඒ...
28/03/2025

මනෝවිද්‍යාත්මක වැඩමුළු මෙහෙයවීම පිළිබඳ පදනම් පාඨමාලාව

• ඔබ මනෝවිද්‍යා විෂය සම්බන්ධව ඉතාමත් හොඳ හැදෑරීමක් තිබුණත් තවමත් ඒ හරහා පොදු සමාජීය යහපත වෙනුවෙන් කිසිවක් සිදු කිරීමට අවස්ථාවක් හිමි නොවූ හෝ අවස්ථාවක් එ⁣ලඹෙන තුරු බලා සිටින අයෙක් ද ?

• සුදුසුකම් සපුරා තිබුණත් වැඩසටහනක් මෙහෙයවීම හෝ උපදේශන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාම පිළිබඳව අවබෝධයක් නොමැති කෙනෙක්ද ?

එසේ නම් මේ ඔබ හැදෑරිය යුතුම පාඨමාලාවයි.
------------------------------------------------

මෙම පාඨමාලාව හැදෑරීම තුලින් ඔබට,

• උපදේශන ආචාර ධර්ම පිළිබඳව මනා අවබෝධයක් ලබා ගැනීමට හැකි වීම.

• උපදේශන කුසලතා පිළිබඳව මනා අවබෝධයක් ලබා ගැනීමට හැකි වීම.

• ඔබ තුල ඇති කුසලතාවයන් හඳුනා ගැනීමට හැකි වීම සහ ඔප මට්ටම් කර ගැනීමට හැකි වීම.

• ප්‍රායෝගිකව වැඩසටහන් මෙහෙයවීමට අවස්ථාව ලැබීම.

• මනෝ උපදේශන ක්‍රියාවලිය තුල ඔබට අනන්‍යය සුවිශේෂි කුසලතාවයන් හඳුනා ගැනීමට හැකි වීම..

වැනි මනෝ විද්‍යාත්මක හා වෘත්තීමය වටිනාකම් රාශියක් පිළිබඳව ප්‍රායෝගිකව හැදෑරීමට අවස්ථාව හිමිවේ...
------------------------------------------------
වැඩසටහන සංවිධානය හා මෙහෙයවීම
2007 අංක 07 දරණ පනත යටතේ රජයේ ලියාපදිංචි ආයතනයක් වන Smart Mind Counselling Services (Pvt) Ltd ආයතනය මඟින් වැඩසටහන සංවිධානය හා මෙහෙයවීම සිදු කරයි.
------------------------------------------------
පාඨමාලා කාලය
මාස හතරකි.
(සෙනසුරාදා සහ ඉරිදා දින වල දේශන පැවැත්වේ.)
------------------------------------------------
දේශන මාධ්‍යය
දේශන මාර්ගගතව හා ප්‍රායෝගිකව පැවැත්වෙන අතර ප්‍රායෝගික වැඩමුළු සඳහා අනිවාර්යෙන් සම්බන්ධ විය යුතුය.
------------------------------------------------
ආයෝජනය

රු.15000/=
-----------------------------------------------
සීමිත විද්‍යාර්ථයින් පිරිසකට පමණක් අවස්ථාව ඇති බැවින් ඔබත් මනෝ විද්‍යා විෂය ක්ෂේත්‍රය තුලින් පොදු සමාජයට පිවිසීමට බලා සිටින අයෙක් නම් දැන්ම මෙම පාඨමාලාව හා සම්බන්ධ වන්න.

ලියාපදිංචි වීමට සහ වැඩිදුර විස්තර සඳහා අමතන්න.
0721596740
0720380564
071 7798149
0768311389

කැලණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ මනෝවිද්‍යා ඒකක ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය එන්.ඩී.ජී. ගයන්ත මහතාගේ හ...
19/03/2025

කැලණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ මනෝවිද්‍යා ඒකක ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය එන්.ඩී.ජී. ගයන්ත මහතාගේ හදිසි අභාවය පිළිබඳ සාතිශය සංවේගය පළ කර සිටිමු...!! 🙏
Smart mind counseling service

ලෝක මානසික සෞඛ්‍යය දිනය 2024සෑම වර්ෂයකම ඔක්තෝබර් මස 10 වනදා ලෝක මානසික සෞඛ්‍යය දිනය විවිධ වූ තේමාවන් මුල් කොට ගෙන සමරන...
09/10/2024

ලෝක මානසික සෞඛ්‍යය දිනය 2024

සෑම වර්ෂයකම ඔක්තෝබර් මස 10 වනදා ලෝක මානසික සෞඛ්‍යය දිනය විවිධ වූ තේමාවන් මුල් කොට ගෙන සමරනු ලබනවා..

මෙවර ලෝක මානසික සෞඛ්‍යය දිනයේ තේමාව වන්නේ "වැඩබිමේදී මානසික සෞඛ්‍යය පිළිබඳව ප්‍රමුඛතාවය දී සලකමු."
යන්නයි..

ඉතිං මෙවර යොදාගෙන තියෙන තේමාව වෙනදාට වඩා විශේෂයි කියලා හඳුන්වන්න පුළුවන්. ළමයින්, පීඩාවට පත් ජනතාව, කාන්තාව වැනි තේමාවන් වෙනුවට මෙවර යොදාගෙන තියෙන්නෙ සමස්ත ප්‍රජාවම නියෝජන වෙන එහෙමත් නැත්තම් ආයතන ප්‍රධානීන්ගේ ඉදන් සේවක පටිපාටියේ අවසනෙ පුරුක වෙනකල් නියෝජනය වෙන තේමාවක්...

ඉතිං මේ තේමාව ඉතාමත් කාලෝචිත සහ ගැලපෙනම තේමාවක් විදිහට හඳුන්වන්න පුළුවන් ..

මෙවර ⁣මානසික සෞඛ්‍යය දින සැමරුමේ තේමාව සංශිප්තයක් විදිහට ගත්තතොත් එයින් කියන්නෙ..

ඔබේ වම් පසින් , ඔබේ දකුණු පසින්, ඔබේ ඉදිරියෙන් සහ පිටුපසින් සිටින සහෝදර සේවකයාගේ මානසික සෞඛ්‍යය ගැන අවධානය යොමු කරන්න කියන එක..

ආයතනයක් තුල සිටින ⁣සියලුම සේවකයින් සතුටින් ඉන්න තෘප්තිමත් සේවකයින් වෙනවා කියන්නෙ. ඒ ආයතනය සාර්ථක ඵලදායීතාවය අතින් ඉහල ආයතනයක් බවට පත්වෙනවා කියන එක...

ඉතිං ආයතනයක සේවය කරන සේවකයින් එහෙම සතුටින් ඉද්දි නොදැනීම ඒ සතුට ඔවුන්ගෙ පවුල් වලටත් ගලාගෙන යනවා...

අවසාන ප්‍රතිඵලය ගත්තම වැඩබිමේදී යහපත් මානසික සෞඛ්‍යයකින් යුත් පිරිසක් නිර්මාණය වෙනවා කියන්නෙම ඔවු⁣න්ගේ පවුල් සහ ඔවුන් ගණුදෙනු කරන ප්‍රජාව යහපත් මානසික සෞඛ්‍යයකින් යුත් එකක් බවට පත්වෙනවා කියන එක...

ඉතිං එහෙම නම් ඔබ මේ වෙනකල් ඔබේ වැඩබිමේ ඔබ යටතේ ඉන්න සේවකයගෙ, ඔබේ සහෝදර සේවකයගෙ මානසික සෞඛ්‍යය ගැන හිතුවෙ නැත්තම් අද ඉදන් ඒ ගැනත් හිතලා කටයුතු කරන්න...

වැඩ කරන අපි හැමෝම එකතු වෙලා යහපත් වැඩ බිමක් නිර්මාණය කරමු....

යොහාන් විමුක්ති
Smart Mind Counseling Service

ඇයි මටම මෙහෙම වෙන්නෙ - 1 😪🙇"ඇයි මටම මෙහෙම වෙන්නෙ"මේ  අපිට නිතරම ඇහෙන වදන් පෙලක්...මේ වචන කිහිපය තුල සෑම විටම සිරව ඇත්තේ ...
07/08/2024

ඇයි මටම මෙහෙම වෙන්නෙ - 1 😪🙇

"ඇයි මටම මෙහෙම වෙන්නෙ"
මේ අපිට නිතරම ඇහෙන වදන් පෙලක්...

මේ වචන කිහිපය තුල සෑම විටම සිරව ඇත්තේ පුද්ගලයෙකුගෙ පරාජය වීමක් , දුක් ගැනවිල්ලක් හෝ නොසිතූ මොහොතක සිදු වූ බිඳ වැටීමක්...

"ඇයි මටම මෙහෙම වෙන්නෙ"

මේ වචන හතර විවිධ අවස්ථානුකූලව ආකාර රාශියකින් විග්‍රහ කරන්න පුළුවන්. ..

ඔබ යම් කාර්යයක් කිරීමට බොහෝ වාරයක් උත්සහ කරලත් ඔබට බලාපොරොත්තු වූ සාර්ථකත්වය ලඟා කර ගැනීමට නොහැකි වූ අවස්ථාව වලදී ඔබ පත් වෙන ඉච්ඡාභංගත්වයත් එක්ක බොහෝ විට මේ වචන ⁣ටික⁣ ඔබේ මුවින් පිට වෙනවා වන්නට පුළුවන්...

තවත් විටකදී ඔබ ඔබෙන්ම මේ වචන ටික ප්‍රශ්නයක් විදිහට අසනවා වන්නට පුළුවන්...

නමුත් මතක තියා ගන්න..

ඔබට කිසිවක් අහිමි වී නොමැති බව... 😊

මේ වචන ටික ඔබට ඇසෙන්නේ ඔබ කිහිප වරක්ම බොහොම මහන්සියෙන් සමත් වන්නට උත්සහ කල විභාගයක් අවසානයේ නම්

මතක තබා ගන්න...

• ඔබ ලියූ විභාගයේ නමවත් හරි හැටි නොදන්නා බොහෝ පිරිසක් සිටින බව.

• ඔබටත් වඩා වැඩි වාර ගණනක් ලියා අසමත් වූවන්ද සිටින බව.

• විභාගය සමත් වීමට තියා ඒ පිළිබඳව උත්සහයක්වත් නොදැරූ පිරිසක් සිටින බව.

⭐ වැදගත්ම කාරණය තමයි ඔබ අසමත් වූ පමණින් , අසාර්ථක පුද්ගලයෙකු නොවන බව..

ඉතිං...

"ඇයි මටම මෙහෙම වෙන්නෙ"

කියලා හිත හිත දුක් වෙවී ඉන්නෙ නැතුව ආයෙත් වතාවක් උත්සහ කරන්න. මේ වතාවෙදි ඔබට පුළුවන් වේවි අනිවාර්යයෙන්ම සමත් වෙන්න. ❤️😊

යොහාන් විමුක්ති
මනෝවිද්‍යා උපදේශක
Smart Mind Counseling Service
+94720380564
+94717798149
+94768311389

ගැලපුම් ආබාධය ( Adjustment Disorder) 🙅🙆මෙය අපට නුහුරු නුපුරුදු මෙන්ම නිතර නොඇසෙන මානසික ව්‍යාකූල තත්වයකි. ගැලපුම් ආබාධය ...
04/08/2024

ගැලපුම් ආබාධය ( Adjustment Disorder) 🙅🙆

මෙය අපට නුහුරු නුපුරුදු මෙන්ම නිතර නොඇසෙන මානසික ව්‍යාකූල තත්වයකි.

ගැලපුම් ආබාධය යනු සැලකිය යුතු ජීවන රටාවේ වෙනසක්, හදිසි ‌ස්‌ථානීය වෙනස්‌ කමක් සිදු වීමක්, රැකියාවේ සිදුවන වෙනස් කමක් රැකියා අහිමිවීමක් ආදී තත්වයකදී ඇති වන ආතතියකට ඵලදායී ලෙස මුහුණ දීමට පුද්ගලයෙකුට ඇති නොහැකියාව හේතුවෙන් එයට ප්‍රතිචාර වශයෙන් සැලකිය යුතු අන්දමින් චිත්තවේගීය හෝ චර්යාවේ වෙනස්‌ කම් රෝග ලක්ෂණ මඟින් සංලක්ෂිත මනෝවිද්‍යාත්මක තත්වයකි.

මෙය තත්වය දෛනික ක්‍රියාකාරිත්වයට බලපාන ඇති කරන අතර චිත්තවේගීය හා චර්යාත්මක රෝග ලක්ෂණ රැසකට හේතු විය හැක.

ගැලපුම් ආබාධය වර්ධනය සහ කළමනාකරණය යන අවස්ථා දෙකේදීම මනෝ සමාජීය සාධක තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි.
මෙම සාධකවලට පුද්ගලයා සතු ඔරොත්තු දීමේ හැකියාව හෙවත් දරා ගැනීමේ ශක්තිය , සමාජ ආධාරක ජාල සහ පුද්ගලයාගේ මුහුණ දීමේ යාන්ත්‍රණයන් යන කරුණු වැදගත් වේ.

තවද මෙම තත්වය මූලික අවස්ථාවේදී දරුණු මානසික සෞඛ්‍යය ආක්‍රමතාවයක් නොවන අතර හඳුනාගත හැකි ආතතියට ප්‍රතිචාර වශයෙන් ගැලපුම් අක්‍රමතාවයන් පැන නඟින අතර ආතතිකාරකය නිසි අයුරින් ආමන්ත්‍රණය කල පසු පුද්ගලයා සාමාන්‍ය තත්ත්වයට පත් වේ.

■ මෙම තත්ත්වයෙහි මූලික ලක්ෂණය ලෙස අදාල ආතතියෙන් මාස තුනක කාලයක් ඇතුළත වර්ධනය වන අතර ආතතිය අවසන් වී මාස හයකට අඩු කාලයක් පැවතීම දැක්විය හැකිය.

ගැලපුම් ආබාධයේ රෝග ලකෂණ

● කාංසාව

● මානසික අවපීඩනය

● නුරුස්සන බව

● බලාපොරොත්තු සුන් වූ ස්වභාවය

● නින්දේ බාධා

● ආහාර අරුචිය

● අවධානය යොමු කිරිමේ අපහසු තාවය

යන මානසික ලක්ෂණ පෙන්නුම් කරන අතර

චර්යාත්මක වශයෙන්,

● සමාජ ක්‍රියාකාරකම් වලින් ඈත් වීම.

● රැකියාවේ කටයුතු සමබර කරගත නොහැකි වීම.

● නිවසේ එදිනෙදා කටයුතු අතපසු කර ගැනීම.

● අන්තර් පුද්ගල සම්බන්ධතා ගැටලු ඇති කර ගැනීම හා එදිනෙදා ජීවිතයේ කැපී පෙනෙන බාධා ඇති කර ගැනීම.

දැක්විය හැකිය.

ගැලපුම් ආබාධය තුලින් ඇති කරන ජීවන රටාවේ වෙනස්කම් හෝ ආතතිකරමය තත්වයන් මනෝවිද්‍යාත්මක ක්‍රම මඟින් යතා තත්වයට පත් කර ගැනීමට හැකියාව පවතී..

ඉහත තත්වයන් තුල ඔබ හෝ ඔබ දන්නා හිතවතුන් මොහොතේ සිටිනවා නම් ඔබට අපගේ සහාය ලබා ගැනීමට සහ අපගේ චිකිත්සන ක්‍රම තුළින් යථා තත්ත්වයට පත් වීමට හැකියාව පවතී..

ඔබ පීඩා විඳිමින් සිටින මෙවන් තත්වයන්ට සමුදීමට Smart Mind Counseling Service මනෝ උපදේශන සේවාවේ සහය ලබා ගත හැකිය.

නිලන්ති පතිරණ
මනෝවිද්‍යා උපදේශක හා මනෝචිකිත්සක
Smart Mind Counseling Service
+94717798149
+94720380564
+94768311389

ඔබත් මොන යම් හෝ මානසික පීඩාවක් නිසා විඳවමින් කල් ගෙවනවාද ?විවිධ වූ මානසික ගැටළු වලින් පීඩා විදිමින් සිටින ඔබට සහනයක් වන්...
04/08/2024

ඔබත් මොන යම් හෝ මානසික පීඩාවක් නිසා විඳවමින් කල් ගෙවනවාද ?

විවිධ වූ මානසික ගැටළු වලින් පීඩා විදිමින් සිටින ඔබට සහනයක් වන්නට අප සූදානම්. ✊

අපගේ පලපුරුදු මනෝ උපදේශකවරුන් මුණ ගැසීම තුලින් ඔබට, ඔබේ දරුවාට හෝ ඔබේ සමීපතමයාට ඇති මානසික පීඩාවට විදිමත් හා ක්‍රමානුකූල විසඳුම් ලබා ගැනීමට ඔබට හැකිය.

ඔබේ මානසික පීඩාවට සමුදීම අදම අරඹන්න.

+94721596740
+94720380564
+94717798149
+94768311389

Smart Mind Counseling Service

Over Thinking 🤔🤔🤔ඕනෑවට වඩා සිතීම Over thinkingහෝ "අධික චින්තනය"  Excessive thinking ලෙසින් හඳුන්වනු ලබන අතර, සාමාන්‍යයෙන...
27/07/2024

Over Thinking 🤔🤔🤔

ඕනෑවට වඩා සිතීම Over thinking
හෝ "අධික චින්තනය" Excessive thinking ලෙසින් හඳුන්වනු ලබන අතර, සාමාන්‍යයෙන් කාංසාව සහ පීඩාවට තුඩු දෙන සිතුවිලි සහ තත්වයන් තුළ උමතු ලෙස වාසය කිරීමක් ලෙස මෙම තත්වය හඳුන්වා දිය හැකිය. අතීත සිදුවීම් තුළට නැවත නැවතත් ගමන් කිරීම හෝ අනාගත අවස්ථා ගැන ඕනෑවට වඩා සිතීම හා කනස්සල්ලට පත්වීම වැනි විවිධ ආකාරවලින් මෙම තත්වය ප්‍රකාශ කරන අවස්ථා දක්නට ලැබේ.

■වැඩිපුර සිතීමේ රෝග ලක්ෂණ

1. පුනරාවර්තන සිතුවිලි

බොහෝ විට විසඳුමකට නොපැමිණ, එකම සිතුවිලි ඔස්සේ හෝ අවස්ථා හරහා අඛණ්ඩව ගමන් කිරීම.

2. තීරණ ගැනීමේ දුෂ්කරතා
නැවත නැවතත් තේරුම් කිරීමට හෝ අනුමාන තීරණ ගැනීමට අරගල කිරීම.

3. කාංසාව වැඩි වීම

කාංසාව සහ ආතතිය ඉහළ මට්ටමකට ගෙන යන්නාවූ නිරන්තර ව පවතින කනස්සල්ල.

4. නින්ද හි බාධා

අධික සිතිවිලි නිසා පහසුවෙන් සිටීමේ හෝ නිදා ගැනීමට ඇති අපහසුතාවය

5. කායික රෝග ලක්ෂණ

● නිදන්ගත ආතතිය හේතුවෙන් නිතර ඇති වන හිසරදය
●මාංශ පේශි ආතතිය
● ආමාශ ගත ගැස්ට්‍රයිටිස් වැනි රෝගයන්

■ප්‍රතිකාර ක්‍රියාත්මක කිරීම

1. ප්‍රජානන-චර්යා ප්‍රතිකාරය

(CBT) සෞඛ්‍ය සම්පන්න චින්තන පුරුදු ප්‍රවර්ධනය කරමින් ඍණාත්මක චින්තන රටා හඳුනා ගැනීමට සහ අභියෝග කිරීමට පුද්ගලයන්ට උපකාර කිරීම.

2. සිහිය සහ භාවනාව පුහුණු කිරීම.

වර්තමාන මොහොත කෙරෙහි අවධානය යොමු කරන ශිල්පීය ක්‍රම, අධික ලෙස සිතීමේ ප්‍රවණතාව අඩු කරයි.

3. ආතති කළමනාකරණය

ආතති මට්ටම් කළමනාකරණය කිරීම සඳහා ගැඹුරු හුස්ම ගැනීමේ ව්‍යායාම සහ ශාරීරික ක්‍රියාකාරකම් වැනි ලිහිල් කිරීමේ ක්‍රම පුහුණු කිරීම.

4. වෘත්තීය උපකාර වෙත යොමු වීම.

පුද්ගලාරෝපිත උපාය මාර්ග සහ සහාය සඳහා මානසික සෞඛ්‍ය වෘත්තිකයකු සමඟ මනෝ උපදේශනය සඳහා යොමු වීම.

ඉහත විග්‍රහ කළ කරුණු අතර ඔබ හෝ ඔබ දන්නා හිතවතුන් මේ මොහොතේ සිටිනවා නම් ඔබට අපගේ සහාය ලබා ගැනීමට සහ අපගේ චිකිත්සන ක්‍රම තුළින් නැවතත් යථා තත්ත්වයට පත් වීමට හැකියාව පවතින බව අපි සතුටින් දැනුම් දෙන්නෙමු.

ඕනෑම අවස්ථාවක ඔබ සිටින තත්ත්වය වටහාගෙන උපකාර කිරීමට Smart mind counselling Service අප සූදානම්

ඔබට අපගේ සේවාව ලබා ගැනීමට අවශ්‍ය නම් පහත අංක හරහා සම්බන්ධ වන්න.

නිලන්ති පතිරණ
මනෝවිද්‍යා උපදේශක හා මනෝචිකිත්සක
Smart mind counselling Service
+94717798149
+94720380564
+94768311389

ඉගෙනුම් ආබාධ (Learning Disabilities) 🙆🙆🙆🤦දරුවන් විශාල වශයෙන් මුහුණ පාන මේ ඉගෙනුම් ආබාධ කියන්නෙ මොනවද ? 🤔ඔබේ දරුවාගේ ඉගෙන...
08/07/2024

ඉගෙනුම් ආබාධ (Learning Disabilities) 🙆🙆🙆🤦

දරුවන් විශාල වශයෙන් මුහුණ පාන මේ ඉගෙනුම් ආබාධ කියන්නෙ මොනවද ? 🤔

ඔබේ දරුවාගේ ඉගෙනුම් ආබාධ වලට මූලික වශයෙන් බලපාන්නෙ කුඩා කාලයේ පටන් ඇති වෙන ස්නායු සංවර්ධනයේ අක්‍රමවත් හා ව්‍යාකූල තත්වයන්..
මේ තත්වයේදී මූලික වශයෙන්ම සිදු වන්නේ දරුවාට නව දේවල් ඉගෙන ගැනීමට ඇති හැකියාව විවිධ වූ ආකාර ලෙස නැතිවී යාම හෝ අඩුවී යාමයි..

මේ තත්වයේ ප්‍රතිඵලයක් ලෙස දරුවාට,

🤦 වාචික සන්නිවේදනයේ ගැටළු ඇති වීම.
🤦කියවීමේ ගැටළු ඇති වීම.
🤦ලිවීමේ ගැටළු ඇති වීම.
🤦අවධානය යොමු කිරීමේ ගැටළු ඇති වීම.
🤦මතකයේ ගැටළු ඇති වීම
🤦කාර්යයන් ඉටු කිරීමේ ගැටළු ඇති වීම.
🤦යමක් තේරුම් ගැනීමේ ගැටළු ඇති වීම.
🤦ගණිතමය වශයෙන් ඌණ හැකියාවන් පෙන්වීම.

ආදී වූ ගැටළුකාරී තත්වයන් ඇති විය හැකිය..

ඇතැම් අවස්ථා වලදී දරුවා තුලින් ඉහත අවස්ථාවන්ගෙන් එකක් පමණක් දැක ගත හැකි අතර සමහර අවස්ථාව වලදී ඉහත කී තත්වයන් කිහිපයක් දැක ගත හැකිය.

බොහෝ අවස්ථාවන් වලදී දෙමව්පියන් , ගුරුවරුන් සහ වැඩිහිටියන් දරුවන් තුල ඇති වන මෙම ඉගෙනුම් ආබාධයන් හඳුනා ගන්නා විට සැලකිය යුතු කාලයක් තිස්සේ දරුවා මෙම ඉගෙනුම් ආබාධයන් සමඟ පීඩා විඳ ඇත. 😶

🎈 නමුත් මෙම ඉගෙනුම් ආබාධ මූලික අවස්ථාව වලදීම හෝ මේ මොහොතේදී ඔබේ දරුවාට ඇත් දැයි ඔබටම හඳුනා ගත හැකිය..

මෙම ලිපිය කියවන අතරතුරම ඔබේ දරුවා තුලිනුත් පහත ලක්ෂණ ඔබට නිරීක්ෂණය වේ දැයි බලන්න.

🙆දුර්වල මතකය
🙆අවධානය යොමු කිරීමේ අපහසුතා
🙆ඉක්මනින් බිදෙන අවධානය
🙆කියවීමට අපහසු වීම.
🙆ලිවීමට අපහසු වීම.
🙆ඇතැම් ශබ්ද කිසිසේත්ම කිවීමට නොහැකි වීම.
🙆වචන පිට කිරීමේ අපහසුව
🙆අකුරු හෝ අංක අනුපිලිවෙල වරද්දා ලිවීම.
🙆වේලාව කියවීමේ අපහසුව
🙆වම දකුණ නිවැරදිව හඳුනා නොගැනීම.
🙆සංකල්ප ග්‍රහණය කර ගැනීමේ අපහසුව.
🙆මුල හා අග සම්බන්ධ නොමැති කතාංග
🙆සිතිවිලි හෝ හැඟීම් ප්‍රකාශ කිරීමේ අපහසුතාව
🙆ප්‍රමාද වන කථන සංවර්ධනය
🙆පාඩමට හෝ උපදෙස් වලට ඇහුම්කන් හෝ අවධානය නොදීම.
🙆නුසුදුසු ප්‍රතිචාර
🙆නොසන්සුන් බව හා මිශ්‍ර වූ ආවේගශීලී බව
🙆වයස ගැලපෙන කාර්යය සාධනය නොමැති වීම.

මෙය කියවන විට ඔබේ දරුවටත් මෙවැනි තත්වයක් හෝ මේවායින් කිහිපයක් ඇතැයි ඔබට හැඟෙන්නේ නම් බොහෝ විට ඔබේ දරුවාට යම් ඉගෙනුම් ආබාධයකින් පීඩා විදිමින් එය ඔබට ප්‍රකාශ කර ගැනීමට නොදන්නාකමින් පීඩා විදිමින් සිටිනවා විය හැකිය.

මෙම තත්වයන් ඔබ නිසි අයුරින් හඳුනා නොගැනීම තුලින් මෙම තත්වයන් දරුවාගේ ජීවිත කාලය පුරාවටම වුවද පැවතිය හැකිය.

නමුත් මෙයින් ඔබ කලබලයට පත්විය යුතු නැත. නිසි විද්‍යාත්මක ක්‍රම අනුගමනය කිරීමෙන් ඔබට ඔබේ දරුවාව මෙම පීඩාකාරී තත්වයෙන් මුදවාගත හැකි අතර නැවත ක්‍රමවත්ව ඉගෙනුම් රටාව තුලට ගෙන ආ හැකිය.😍

ඇතැම් ඉගෙනුම් ආබාධයන් සඳහා මනෝ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතු අතර බොහෝ අවස්ථා වලදී ක්‍රමානුකූල හා විදිමත් මනෝ උපදේශන සේවාවක සහය ලබා ගැනීම තුලින් මෙම තත්වයෙන් ඔබේ දරුවා මුදවා ගෙන සාමාන්‍ය පන්ති කාමරය තුලට ගෙන ඒමටත් ඒ තුලින් සාමාන්‍ය සමාජය තුලටත් ගෙන ඒමට හැකිය.😍

ආදරණීය අම්මේ , තාත්තේ,

ආදරණීය දෙමව්පියෙකු වන අතරම වගකීම් සහගත දෙමව්පියෙකු වීම තුලින් ඔබේ දරුවාට සුරක්ෂිත වඩා යහපත් හෙට දවසක් තනා දීමට ඔබට හැකිය. 🙏

යොහාන් විමුක්ති
මනෝ විද්‍යා උපදේශක
Smart Mind Counseling Service
+94721596740
+94720380564
+94717798149
+94768311389

Address

No. 110, Orex City
Ekala
11390

Website

Alerts

Be the first to know and let us send you an email when Smart Mind Counseling Service posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram