15/05/2025
සීහය, දානපති දායකයා බොහෝ දෙනාට ප්‍රිය-මනාප වෙයි. සීහය, යම් හෙයෙකින් දානපති දායකයා බොහෝ දෙනාට ප්‍රිය-මනාප වේ නම්, මෙ ද සාන්දෘෂ්ටික දානඵල යි.
තවද සීහය, ශාන්ත සත්පුරුෂයෝ දානපති දායකයා ඇසුරු කෙරෙත්. සීහය, යම් හෙයෙකින් ශාන්ත සත්පුරුෂයෝ දානපති දායකයා ඇසුරු කෙරෙත් ද, මෙ ද සාන්දෘෂ්ටික දානඵලයි.
තවද සීහය, දානපති දායකයාගේ කලණකිතුගොස උස්ව නැගේ. සීහය, යම් හෙයෙකින් දානපති දායකයාගේ කලණකිතුගොස උස්ව නැගේ ද, මෙ ද සාන්දෘෂ්ටික දානඵල යි.
තවද සීහය, දානපති දායකයා ක්‍ෂත්‍රිය පර්‍ෂදකට වේව යි, බ්‍රාහ්මණ පර්‍ෂදකට වේ ව යි, ගෘහපති පර්‍ෂදකට වේ වයි, ශ්‍රමණපර්‍ෂදකට වේව යි, යම් ම පිරිසකට එළඹේ නම්, විශාරදව ම නො මකුව ම එළඹෙයි. සීහය, යම් හෙයෙකින් දානපති දායකයා ක්‍ෂත්‍රියපර්‍ෂදකට වේව යි, බ්‍රාහ්මණපර්‍ෂදකට වේ ව යි, ගෘහපති පර්‍ෂදකට වේ ව යි, ශ්‍රමණපර්‍ෂදකට වේ ව යි, යම් ම පිරිසකට එළඹේ නම්, විශාරදව ම තෙද සහිතව ම එළඹෙයි. මෙ ද සාන්දෘෂ්ටික දානඵල යි.
තවද සීහය, දානපති දායකයා කාබුන් මරණින් මතු සුගතිසඞ්ඛ්‍යාත ස්වර්‍ගලෝකයට පැමිණෙයි. සීහය, යම් හෙයෙකින් දානපති දායක කාබුන් මරණින් මතු සුගතිසඞ්ඛ්‍යාත ස්වර්‍ගලෝකයට පැමිණෙන්නේ වේද, මෙ සාම්පරායික (පරලොව) දානඵල යි.
සීහසේනාපති සූත්‍රය