Aero Zumba Dance Fitness

Aero Zumba Dance Fitness Aerobics Zumba Fitness 🏋️
Dancing ,Acting , Music 💃🎸
Beauty course 💄💅
Cake Making course 👨‍🍳🎂
Sewing Clothes course 🪡
Karate training Center 🤼

02/11/2025

චන්දන වික්‍රමසිංහ නර්තන පාසල ගාල්ල ශාඛාව
සෙනසුරාදා

💃11.30-1.00
වයස 3 සිට 5 වසර දක්වා

💃1.30-3.00
වයස 3 සිට 5 වසර දක්වා

💃3.00-4.30
6/7/8/ වසර

💃4.30-6.00
9/10/11 - වයස 18 ට වැඩි

පහත දුරකථන අංකයට දරුවාගේ නම,වයස whatsapp msg එකක් එවා දැන්ම ලියාපදිංචි වෙන්න.
0771129570
゚viral

ඔයාලත් ආසද මේ වගේ ලස්සනට ගිටාර් වාදනය පුරුදුවෙන්න.එහෙනම් එන්න ඉරිදා සවස 1.00 සිට 3.00 දක්වා ගාල්ල වලහන්දූව Aero Zumba Da...
01/11/2025

ඔයාලත් ආසද මේ වගේ ලස්සනට ගිටාර් වාදනය පුරුදුවෙන්න.එහෙනම් එන්න ඉරිදා සවස 1.00 සිට 3.00 දක්වා ගාල්ල වලහන්දූව Aero Zumba Dance Fitness Center එකට .ප්‍රවීණ ගිටාර් වාදන ශිල්පී කසුන් රණසිංහ සර් තමයි ක්ලාස් එක කරන්නේ.ගිටාර් වාදනයට අමතරව ඔර්ගන්,මෙලෝඩිකා පුහුණු වෙන්න අවශ්‍ය අයටත් සම්බන්ද වෙන්න පුලුවන්.
වයස් සීමාවක් නෑ
විමසීම් 0771129570
゚viral

Aero Zumba Dance Fitness Center Udugama road,Anangoda sanasa bank 2nd floor ,walahanduwa,galle.Call 0771129570 ゚viral   ...
01/11/2025

Aero Zumba Dance Fitness Center
Udugama road,
Anangoda sanasa bank 2nd floor ,walahanduwa,galle.
Call 0771129570
゚viral

01/11/2025

ඔන්න චන්දන වික්‍රමසිංහ සර් ගාල්ලට ආවා.අද සමාරම්භක දිනය.ලබන සතියේ ඉදන් ක්ලාස් පටන්ගන්නවා.ඔබ තවමත් චන්දන වික්‍රමසිංහ නර්තන පාසලට සම්බන්ද උනේ නැත්නම්.පහත අංකයට දරුවාගේ නම,වයස whatsapp msg එකක් දාන්න
0771129570
゚viral

01/11/2025
30/10/2025

Z - Aerobics with Ayesha 💪

Workout කරන්න මහත් වෙනකම් ඉන්න ඕනේ කියලා එකක් නෑ.
කෙට්ටූ උනත්,
මහත් උනත් අපි හැමෝම ලෙඩ වෙනවා.
නිරෝගී වෙන්න.
ලෙඩ අඩු කරගන්න,
Fitness හදාගන්න .
බබාලා ඉස්කෝලේ ගියාම ගෙදරට වෙලා නිකන් ඉන්න අම්මලන්ට,
job නොකර ගෙදරට වෙලා කකා ඉන්න කෙල්ලොන්ට.
එන්න අපිත් එක්ක සම්බන්දවෙලා workout කරන්න ,Dance කරන්න.

Morning class
Alpha lift - වැලිවත්ත.
සදුදා,බදාදා,සිකුරාදා උදේ
8.30-10.00
විමසීම් 0771129570

වයසට සහ උසට සරිලන නියමිත ශාරිරික බරක් පවත්වා ගැනීම මගින් අඩු බර තත්ත්වයන් මෙන්ම අධි බර තත්ත්වයන්ට අදාල සංකූලතා හා බෝ නොව...
30/10/2025

වයසට සහ උසට සරිලන නියමිත ශාරිරික බරක් පවත්වා ගැනීම මගින් අඩු බර තත්ත්වයන් මෙන්ම අධි බර තත්ත්වයන්ට අදාල සංකූලතා හා බෝ නොවන රෝග ඇති වීමේ අවදානම අවම වේ.

ඔබට සුදුසු ශරීර බර කුමක්ද?

ශරීර ස්කන්ධ දර්ශකය

පුද්ගලයකුගේ උසට සරිලන නියමිත බර ප්‍රමාණය තීරණය කිරීමේ මිනුම් දණ්ඩ BMI අගය හෙවත් ”ශරීර ස්කන්ධ දර්ශකය” නමින් හැඳින්වේ. BMI අගය තීරණය කිරීමට පුද්ගලයෙකුගේ බර ( කි.ග්‍රෑම් ) ඔහුගේ උසෙහි වර්ගඵලයෙන් ( මීටර් වලින් ) ඛෙදිය යුතුය.

සුදුසු බර : BMI අගය 18.5 – 23 අතර

නිරෝගී පුද්ගලයකුගේ එනම් උසට සරිලන ශරීර බර ඇති අයෙකුගේ අගය ඉහත පරාසය තුළ තිබිය යුතුය.

අඩු බර : BMI අගය 18.5 අඩු

පුද්ගලයකුගේ BMI අගය 18.5 ට වඩා අඩුනම් ඔහු හෝ ඇය අඩු බර හෙවත් මන්ද පෝෂණ තත්වයකින් පෙලේ. මන්ද පෝෂණය ඇති පුද්ගලන්ට ඇනීමියාව ඇතුළු විටමින් හා ඛනිජ ලවන ඌණතා රෝග ඇතිවීමේ අවදානමද වැඩිය.

අධි බර : BMI අගය 25-30 අතර

තරබාරු : BMI අගය 30 ට වැඩි

BMI අගය 25 ට වැඩි වු විට අධිබර හෝ තරබාරු ගණයට වැටේ. ශරීර බර වැඩි අයට හෘද රෝග, දියවැඩියාව, අධි කොලොස්ටරෝල් තත්වය, අධි රුධිර පීඩනය ඇතුළු රුධිර නාළ අවහිරතා රෝග වැලඳීමේ අවදානම ඉතා වැඩිය.

ඉණ වට ප්‍රමාණය (Waist Circumference)

පුද්ගලයකුගේ ඉණ වට ප්‍රමාණයත් (බඳ වටා ඇති මේද ප්‍රමාණ) එම පුද්ගලයාගේ දියවැඩියාව, හෘද රෝග හා රුධිර නාළ අවරහිරතා රෝග වැළඳීමේ අවධානමත් අතර දැඩි සම්බන්ධතාවයක් පවතින බව සොයාගෙන ඇත. එම රෝග සඳහා අඩු අවදානමක් ඇති නිරෝගි කාන්තාවකගේ (ආසියානු) ඉණවට ප්‍රමාණය අඟල් 31ට (සෙ.මි. 79ට) වඩා අඩු විය යුතු අතර, පුරුෂයෙකුගේ එය අඟල් 35 (සෙ.මි. 89ට) වඩා අඩු විය යුතුය.

ඉහත සීමාවන්ට ඔබ්ඛෙන් ඉණ වට ප්‍රමාණය සහිත අයට වෛද්‍ය උපදෙස් මත ආහාර පාලනය සහ නිසි ව්‍යායාම මගින් අවදානම අවම කරගත හැකිය.
ඔබ සෘජුව සිටගත් විට, අවසාන ඉල ඇටය සහ උකුල් ඇටය අතර හරි මැදින් වු බඳේ වට ප්‍රමාණය ඉණේ වට ප්‍රමාණය වේ. මෙය බොහෝ පුද්ගලයන්ගේ නාභිය හරහා ගමන් කරයි.

ළමා සෞඛ්‍ය වර්ධන සටහන

උපතේ සිට වයස අවුරුදු 5 දක්වා දරුවාගේ වර්ධනය මැන බැලීම සඳහා ළමා සෞඛ්‍ය වර්ධන සටහන භාවිතා කරන අතර , ළමා මාතෘ සායන මගින් මෙය සිදු කරයි.

ව්‍යායාම හා ශාරීරික ක්‍රියා

වැඩිහිටි වයස (අවුරුදු 18-65)

ශරීරය නිරෝගීව, නිසි බරින් පවත්වා ගැනීම සඳහා වැඩිහිටියෙකු දිනකට පැය භාගය බැගින් සතියකට දින පහක් ව්‍යායාමයක හෝ කය වෙහෙසා කරන කාර්යයක නිරත විය යුතුය.එසේම අවම වශයෙන් සතියකට දින දෙකක් මාංශ පේෂීන් වර්ධනය කරන ව්‍යයාමයක නිරත විය යුතුය.

වේගයෙන් ඇවිදීම, දිවීම, පිහිනීම, බයිසිකල් පැදීම, හෝ එල්ලේ, වොලිබෝල්, දැල්පන්දු, බැඩ්මීන්ටන් යනාදී විවිධ ක්‍රීඩා නිරත වීම මෙන්ම අතු ගෑම, ගෙවතු වගාව, ගෙවතු පිරිසිඳු කිරීම, හේන්වල සහ කුඹුරුවල වැඩ ඇතුළු සියළු දේ ව්‍යායාම හෝ කය වෙහෙසා සිදුකරන කාර්යයන් වේ.

ළමා සහ යොවුන් විය (අවුරුදු 5 – 18 දක්වා)

ළමයින් හා යොවුන් වියේ දරුවන් අවම වශයෙන් දිනකට පැය එකක් ශාරීරික ක්‍රියාකාරකමක හෝ ව්‍යායාමයක නිරතවිය යුතුය.මෙම ව්‍යායාම මධ්‍යස්ථ ක්‍රියාශීලී හා වේගවත් ව්‍යායාම විය යුතුය.
උදා :– දිවීම, උස පැනීම, කවපෙත්ත / යගුලිය විසි කිරීම වැනි මලල හා ජවන පිටිය ක්‍රීඩා, පිහිනීම, ක්‍රිකට්, පාපන්දු, වොලිබෝල් හා දැල්පන්දු වැනි සාමුහික හෝ කණ්ඩායම් ක්‍රියාය.

ගර්භණී හා කිරි දෙන මව්වරුන්

වෙනත් සෞඛ්‍යමය ගැටලුවක් නොමැති ගර්භණී හා කිරි දෙන මව්වරුන් සඳහා හැකි සෑම දිනයකම සුපුරුදු දෛනික ක්‍රියාකාරකම් වල යෙදීමෙන් සහ අවම වශයෙන් පැය භාගයක් වෛද්‍ය උපදෙස් මත සුදුසු ව්‍යායාම කිරීම යෝග්‍ය වේ. විශේෂයෙන් මෙය ගර්භණී සමයේ සිදුවිය හැකි අනවශ්‍ය බර වැඩිවීම පාලනයටත්, ප්‍රසුතිය පහසු කිරීමටත් උපකාරී වේ.

ශාරීරික ක්‍රියාකාරකම් හෝ ව්‍යායාම ශාරීරික සෞඛ්‍යයට බලපාන්නේ කෙසේ ද ?

ශාරීරික ක්‍රියාකාරකම් හෝ ව්‍යායාම මගින් ඔබේ ශාරීරික මස් පිඬු හා විශේෂයෙන් හෘද පේෂී ශක්තිමත් කරන අතරම, සෑම ශරීර අවයවයකටම හොඳ රුධිර සැපයුමක් ලබා දෙයි. ශාරීරික ක්‍රියා හා ව්‍යායාම මානසික ප්‍රබෝධය ඇති කරන අතර, මානසික ආතතිය දුරු කරලීමටද උදව් වේ. ආහාර පාන මගින් ශරීරයට ලබා ගන්නා කැලරි ප්‍රමාණයට සමගාමීව ව්‍යායාම හෝ ශාරීරික ක්‍රියාකාරකම් කිරීම මගින් ඔබේ ශරීර බර තුලනය කිරීමට හැම විටම උත්සහ ගත යුතුය. ශාරීරික ක්‍රියාකාරකමක් එක දිගට කළ නොහැකි නම් එය මිනිත්තු 10 හෝ 15 කොටස් ලෙස වෙන්කර සිදු කළ යුතුය.

ආහාර හා බර තුලනය

අධිබර ඇති අය ශරීර බර අඩු කර ගැනීමේදී, ප්‍රධාන ආහාර වේලක් සම්පූර්ණයෙන්ම මගහැරීම නොකළ යුතුය. එමෙන්ම බර අඩු කර ගැනීමේදී සතියකට උපරිම ලෙස ග්‍රෑම් 500 ත් කි.ග්‍රෑම් 1 ත් අතර ප්‍රමාණයකින් බර අඩු කර ගැනීම සෞඛ්‍යයට හිතකර නිර්දේශය වේ.

උසට සරිලන බර අඩු අය, ගන්නා ආහාර ප්‍රමාණය වැඩිකළ යුතුය. මෙහිදී ශක්තිජනක හා ප්‍රෝටීන බහුල ආහාර වැඩිපුර ගත යුතු අතරම, සාමාන්‍ය පරිදි තම දෛනික ක්‍රියාකාරකම්වල යෙදිය යුතුය.

දිනකට ගන්නා සියලු ආහාර පාන ප්‍රධාන ආහාර වේල් තුනට හා පෝෂ්‍යදායී කෙටි ආහාර වේල් දෙකකට සීමා කිරීමටත්, ආහාර වේල් අතර, කාල පරතරයක් තබා ගැනීමත් නිරෝගී සෞඛ්‍ය සම්පන්න දිවි පෙවතකට උපකාරී වේ.

සංගීත පන්තියක් හොයනවද?ගිටාර්,වයලින් වාදනය පුරුදුවෙන්න හොද ගුරුවරයෙක් හොයනවාද?සියලු දේම එකම තැනින්🍭ගිටාර්,ඕර්ගන්,මෙලෝඩිකා...
30/10/2025

සංගීත පන්තියක් හොයනවද?
ගිටාර්,වයලින් වාදනය පුරුදුවෙන්න හොද ගුරුවරයෙක් හොයනවාද?
සියලු දේම එකම තැනින්
🍭ගිටාර්,
ඕර්ගන්,මෙලෝඩිකා පුහුණුව
🍭හඩ පුහුණුව (voice train )
🍭වයලින්,සර්පිනා වාදන පුහුණුව.
🍭සංගීතය පාසල් විශයමාලාව
🍭ජාතික සංගීත විභග
🍭බාත්කන්ඩේ සංගීත විභාග සදහා පුහුණුව
සියලු දේ එකම තැනකින් ප්‍රවීන ගුරු මඩුල්ලක් මෙහෙයවන ගාල්ලේ එකම සංගීත පන්තියක් දැන් ගාල්ල වලහන්දූවට
ලියාපදිංචිය සදහා පහත අංකයට අමතන්න.
0771129570
゚viral

නර්තනයේ දැවැන්තයෙක් ප්‍රථම වතාවට දකුණු ලකට ,ගාල්ලට...........තව දින 2චන්දන වික්‍රමසිංහ නර්තන පාසල ගාල්ල ශාඛාවනොවැම්බර් 1...
29/10/2025

නර්තනයේ දැවැන්තයෙක් ප්‍රථම වතාවට දකුණු ලකට ,ගාල්ලට...........
තව දින 2
චන්දන වික්‍රමසිංහ නර්තන පාසල ගාල්ල ශාඛාව
නොවැම්බර් 1 සෙනසුරාදා උදේ 11.30 සිට ආරම්භක සැසිය සහ සිසුන් ලියාපදිංචිය.

උඩුගම පාර,
ආනංගොඩ සණස ගොඩනැගිල්ල දෙවන මහල,
වලහන්දූව,
ගාල්ල ( හයිවේ මාර්ගය අසල)
විමසීම් 0771129570
゚viral

Address

Galle

Website

Alerts

Be the first to know and let us send you an email when Aero Zumba Dance Fitness posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram