හෙල ඔසු පොත

හෙල ඔසු පොත This is regarding Ceylon Herbal plants and introducing its importance. see my channel for more detai

දණහිස් අමාරුව නිට්ටාවට ම සුව කර ගැනීමට. 🦵🌿(ඉතාමත්ම ලේසි අත් බේතක්)ඔබගේ දණහිස් අමාරුව නිට්ටාවටම සනීප කර ගැනීමට නම් මුළින්...
24/07/2025

දණහිස් අමාරුව නිට්ටාවට ම සුව කර ගැනීමට. 🦵🌿
(ඉතාමත්ම ලේසි අත් බේතක්)

ඔබගේ දණහිස් අමාරුව නිට්ටාවටම සනීප කර ගැනීමට නම් මුළින්ම කොයි ලෝකෙන් හෝ ගංසූරිය ගහක් සොයා ගත යුතු ය. මීට වුවමනා කරන්නේ ගන්සූරිය ගසේ කොල හා පොතු ය.

මේ ගස ගැන විස්තර සොයා බැලීමේදී මට දැන ගැනීමට ලැබුනේ මේ ගංසූරිය ගසද වැටවල් වලට වවා ඇති බව යි.

මේ ගංසූරිය ගහේ කොල පොඩි අතර බෝ කොලයක හැඩැති ය.

මුළින්ම දණහිස සහ දණහිසින් පහළ කොට උණු වතුරෙන් හොඳින් තවා ගන්න. අනතුරුව දණහිස් සඳහා ඇති තෙල් ටිකක් හොඳින් දණහිසේ සහ දණහිසින් පහළ කොටසේ ගාන්න. මෙහිදී තෙල් ටික වළලුකර සිට දණහිස දක්වා ඉහළට ආලේප කිරීමට සිහියේ තබා ගන්න. මේ සදහා බෙහෙත් කඩ වල ඇති කැක්කුම් සදහා භාවිතා කරන තෙලක් භාවිතා කළත් වරදක් නොමැත .තෙල් සාත්තුවට මී තෙල් උවද හොඳය.මීතෙල් සිංහල බෙහෙත් කඩේකින් ලබාගත හැක

අනතුරුව, මේ ගංසූරිය ගසේ පොතු හා කොල හොඳින් වංගෙඩියේ කොටා හෝ ග්‍රයින්ඩරයේ දමා ගංසූරිය කොල හා පොතු හොඳින් ග්‍රයින්ඩ් කර ගැනීම යි. අනතුරුව ප්‍රමාණවත් තරමට මී තෙල් දමා එය ලිපේ තියා යන්තම් මළවා ගන්න.

ඊට පසු කෙසෙල් කොලයක් මඳ ගින්නේ තවා කළින් සකස් කළ ගංසූරිය කොල, දළු හා මී තෙල් පත්තුව දණහිසේ බඳින්න. දණහිස නිතරම චලනය වන ස්ථානයක් බැවින් රෙදි පාන්කඩ වලින්ද ඔතා ගැනීමට සිදු වනු ඇත.

දණහිස් ආබාධ වලින් පීඩා විඳින බොහෝ දෙනා අප අතර ඇත. සමහරුන් එය කියන්නටද අකමැති ය. කවුරුන් හෝ මේ ප්‍රතිකාරයෙන් යම් සහනයක් ලබනවා නම් ඉතාමත් වටින්නේය .
Copied.

19/07/2025

ඉවත දාන පොල්කටුව මෙච්චර ගුණ ද?

රෝග ගණනාවකටම සුවය ගෙනදෙන "පොල් කටුවේ" ප්‍රතිකාරය...

අපේ රටේ පොල් විතරක් නෙවෙයි ගුණාත්මයෙන් උසස් තැඹිලි වර්ග ද ගණනාවක්ම තියෙනවා. ඒ අතරින් නවසි, කුන්දිරා වැනි පොල් වර්ගත් රන් තැඹිලි, ගොන් තැඹිලි, රත් තැඹිලි වගේ තැඹිලි වර්ගත් ප්‍රධානයි.

කප්රුකක් වූ පොල් ගසෙහි ප්‍රයෝජනයට නොගන්නා කිසිම දෙයක් නොමැති තරම්. පොල් මුලේ සිට අතු කෙලවර දක්වා හැම අඟලක්ම අපි පරිභෝජනයට ගනු ලබන්නේ සැබවින්ම එය අපට කප්රුකක් වූ නිසයි. මේ අතරින් පොල් වතුර, පොල් තෙල් අපව නිරෝගී කරමින් අපේ සිරුරට ලොකු ඖෂධීය වටිනාකමක් එක්කරන පොල් ගසෙන් අපට ලැබෙන මහා දායාදයන් වෙනවා.

ඒත් අද අපි කතා කරන්න යන්නේ ඔබ මින් පෙර නොඇසූ ටිකක් අමුතු, පුදුම හිතෙන කතාවක්. ඇත්තටම ඒ කතාව අපිට පුදුමයක් වෙන්නේ කාලයත් සමඟ මේ දැනුම් සම්භාරය අපෙන් දුරස්ව ගිහින් තිබූ නිසයි. ඇත්තටම මේ දැනුම අපේ පැරැන්නන් දැනුවත්ව හෝ නොදැනුවත්ව තම එදිනෙදා ජීවිතයේදී භාවිතා කලා. එසේ වන්නට ප්‍රධානම හේතුව වුනේ මෙම දැනුම අපිට සංස්කෘතිකමය වශයෙන් ලැබුනු දායාදයක් වීමයි.

පොල් වතුර, පොල් තෙල් විතරක් නෙවෙයි පොල් ලෙල්ලෙත් ඖෂධීය ගුණ අඩංගු වෙනවා කියලා මීට කලින් ලිපි වල දි අපි ඔබව දැනුවත් කලා. තුනටිය අමාරු වලටත්, තැල්මක් ඇති වූ විට එම ස්ථානය තැවීමටත්, අපේ දේශීය වෛද්‍යවරයා අමු පොල් ලෙල්ලක් භාවිතා කලේ අන්න ඒ නිසයි. ඉතින් මේ පොල් ලෙල්ල විතරක් නෙවෙයි ඒ තුළ පිහිටා තියෙන පොල් කටුවත් ඔසු ගුණ සඟවාගෙන ඉන්නවා කියලා කිව්වොත් සමහරවිට ඔබට පුදුම හිතෙයි. ඔව් ඇත්තටම ඒක එහෙම තමයි.

පොල් ගෙඩියක ලපටි අවධිය හඳුන්වන්නේ කුරුම්බා හෝ වෑවර විදිහට කියලා කවුරුත් දන්නවා. ඉන්පසුව මේ ගෙඩි මෝරලයි පොල් ගෙඩියක් බවට පත්වෙන්නේ. අපි කුරුම්බා වතුර ටික බීලා ඒ මදයත් හූරගෙන කාලා හිස් කෝම්බය නිකම්ම පැත්තකට විසි කලත් අතීතයේ සිටි අපේ මුතුන්මිත්තන් එහෙම කලේ නෑ. ඒ කුරුම්බා ගෙඩියේ ලපටි පොල් කටුවත් විනෝදයට වගේ කෑමට ගත්තා. ඒවට තමයි "කහකඩ" කියන්නේ. මේ කහකඩ කන එකත් විනෝදයක් ගෙන දෙන වෙනම කලාවක්. හපන්න හපන්න කහට රසයත් සමඟ එන කිරි රසය අපේ දිවට ගෙන එන්නේ අමුතුම හැඟීමක්.

අපි විනෝදයට කන මේ කහකඩ වල ඇත්තටම ලොකු ඖෂධීය වටිනාකමක් තියෙනවා. දියවැඩියාවට, ලේ අතීසාරයට, රක්ත අර්ශස් වැනි රෝග සුව කරගන්න මේ කහකඩ ඉතා ගුණදායක බවයි දේශීය වෙදකමේ සඳහන් වෙන්නේ. ඊට අමතරව තයිරොයිඩ් ග්‍රන්ථියේ ගැටළු, ගලගණ්ඩය වැනි රෝග වලටත් මේ කහකඩ කෑමට ලබාදෙනවා.

මේ ලපටි කහකඩ වල විතරක් නෙවෙයි මෝරපු පොල් කට්ටෙත් එයට ආවේණික ඔසු ගුණ අඩංගුයි. තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය දුර්වල අයට, අතපය වල ඇඟිලි ඇදවීම්, නවන්නට බැරි අමාරුකම් තියෙන අයට වගේම කොරගති තියෙන අයටත් පොල් කටුවෙන් වතුර පානය කිරීම ගුණදායක බවයි කියැවෙන්නේ. මේ සඳහා අවම වශයෙන් විනාඩි 15ක් වත් පොල් කටුව තුළ ජලය ගබඩාකර තැබිය යුතුයි.

ඉතින් මෙච්චර ගුණ පොල් කට්ටට අපේ පැරැන්නන් බෙලිමල්, රණවරා වගේ ඔසුපැන් දාගෙන බොන්නත්, මැටි කලයෙන් වතුර ටිකක් නවාගෙන බොන්නත්, ගෙදර තියෙන ලුණු ටික, ගලේ අඹරපු මිරිස් තුනපහ ටික ගබඩා කරලා තියාගන්නත් හේතු වුනේ එහි තියෙන ශක්තිමත් භාවය නිසාම වෙන්න බෑ. මෙහි තියෙන ඖෂධීය සංයෝග කෑම බීම වලට මුසුවෙන බව සමහරවිට ඔවුන් ඉවෙන් වගේ දැනගෙන ඉන්න ඇති. ඉතින් මේ පොල් කට්ට පුච්චලා අඟුරු ටිකක් හදාගත්තත් ඒ අඟුරු වලටත් විස හොඳින් අවශෝෂණය කරගන්නා ගුණ ඇති නිසයි ජලය පිරිපහදු කරන කොට පොල්කටු අඟුරු භාවිතයට ගැනෙන්නේ. දැන් ඉතින් පොල් කට්ටත් නිකම්ම නිකන් දෙයක් විදිහට අපිට අහක දාන්න බෑ කියලා ඔයාට හොඳට තේරුම් යන්න ඇති.

මුල් හිමිකරුට ස්තූතියි

උපුටා ගැනීමකි.

කියවලා බලන්න හැමෝටම වැදගත් වේවි දහ දෙනෙක් ගත්තොත් අට දෙනෙක්ට සෙම නේද? නිට්ටාවටම සුව කරන්නේ මෙන්න මෙහෙමයිසෙම නිසා මැරුණා ...
17/07/2025

කියවලා බලන්න හැමෝටම වැදගත් වේවි දහ දෙනෙක් ගත්තොත් අට දෙනෙක්ට සෙම නේද? නිට්ටාවටම සුව කරන්නේ මෙන්න මෙහෙමයි

සෙම නිසා මැරුණා වගේ ඉන්න කට්ටිය ඕන තරම්. මේ අයට නිට්ටාවටම සුව වෙන්න ගෙදරදී හදාගන්න පුළුවන් හොඳම බෙහෙතක් මෙන්න.

කටරොළු කියන්නේ ගෙවතු අලංකරණයට බහුල වශයෙන් යොදා ගැනෙන මල් වර්ගයක්. නිල් පාට කටරොළු මලින් වැල පිරෙන කොට ගෙවත්තටම එන්නේ අමුතු එළියක්. මේ කටරොළු ශාකය ගෙවතුවල රෝපණය කළත් මෙහි පවතින ඖෂධීය වටිනාකම හැමෝම දන්නේ නැහැ. ඇත්තටම කටරොළු කියන්නේ දේශීය වෙදකමේ රෝග රැසක් මැඩලන්න ඖෂධ නිපදවන වටිනා ශාකයක්. අද සමාජය නොදන්නවා වුණත් පැරැණි වෙදැදුරන් පැවැසූ පරිදි කටරොළු කියන්නේ රෝග රැසකට ගුණය, සුවය සලසන මහා ඖෂධයක්.

කටරොළු සාමාන්‍ය වශයෙන් ගත්තොත් ප්‍රභේද 2කට වෙන් කෙරෙනවා. ඒ ප්‍රභේද දෙක තමයි නිල් පාට මලක් හැදෙන නිල් කටරොළු සහ සුදු පාට මලක් හැදෙන එළ කටරොළු යන දෙක. අපරිජිතා, ගිරිකර්ණිකා, ගේ කුරනි යන නම්වලින් ආයුර්වේදයේ හැඳින්වෙන කටරොළු අයත් වන්නේ Fabaceae කුලයට. Clitoria ternatea මෙහි උද්භිද විද්‍යා නාමය. කටරොළු කියන්නේ ආයුර්වේදයට අලුත් ශාකයක් නෙවෙයි. බොහෝ රෝග සුව කරන්න මේ ඖෂධය බහුල වශයෙන් යොදාගෙන තිඛෙනවා.

මේ තියෙන්නේ ඒ මල් තමයි..

ආයුර්වේදයේ මූලික ග්‍රන්ථ වන චරක සංහිතාව, සුශ්‍රැත සංහිතාව, අෂ්ඨාංගහෘද සංහිතාව වැනි ග්‍රන්ථවලත්, බුද්ධදාස රජු විසින් රචිත සාරාර්ථ සංග්‍රහයෙත් මේ කටරොළු ඖෂධය ගැන සඳහන් වෙනවා. ඒ අතීත වෙදැදුරන්ගේ දර්ශනයට අනුව පොදුවේ රුධිර දෝෂ, වාත දෝෂ, දැවිලි රෝගවලට, ඉදිමුම වැනි රෝග නැති කිරීමට සුදුසුම අගනා ඖෂධයක්. සුශ්‍රැත සංහිතාවට අනුව කටරොළු කියන්නේ ශිරෝ විරේචන ද්‍රව්‍යයක්, ඒ කියන්නේ විවිධ රෝගවලට මේ ඔසුවෙන් නස්නයක් කිරීමෙන් ඒවා සුවවන බව එහි සඳහන් වෙනවා. ඒ වගේම කටරොළු ඖෂධය තරුණ බව රකින ඖෂධයක් බවටත් ප්‍රචලිතයි.

වරුණාධිගණ සහ න්‍යග්‍රොධාදී ගණවලට අයත් කොටසේ ශරීරයේ විස නැති කිරීමටත් මෙය හොඳයි කියල සඳහන් වෙනවා. එහි සඳහන් ආකාරයට ශරීරයේ කුෂ්ඨ නැතිකර, තුවාල පිරිසුදු කිරීමටත් කටරොළු ඖෂධයෙන් පුළුවන්. මේ ශාකය වැලක් නිසා ආයුර්වේදයේ මෙය ලතාවක් ලෙස වර්ග කරනවා. පුංචි කොළ පවතින, කොළයේ කෙළවර ගැට්ටක් තියෙන නිල් හෝ සුදු මල් හැදෙන කටරොළු ශාකයෙ කරල් විශේෂයක් හැදෙනවා. සමහර රටවල ඒ කරල්වල ළපටි ඒවා වෑංජනයක් ලෙසත් ගන්නවා. බුරුමය වගේ රටවල කටරොළු මල් තෙලේ බැදලා පපඩම් වගේ කනවා. ඒවා ඉතාම රසවත්, ගුණවත් ආහාර. ලංකාව, ඉන්දියාව, බුරුමය, තායිලන්තය වැනි ආසියාතික රටවල බහුල වශයෙන් හටගන්න කටරොළු රනිල කුලයට අයත් ශාකයක්. ඒ නිසාම කටරොළු ශාකයක් වැඩුණු තැන පස සරුයි. කටරොළු පස සරු කරන ශාකයක්.

රෝග සඳහා ඖෂධ පිණිස කටරොළු ශාකයේ මුල්, මල්, කොළ, පොතු, ඇට යන පංචාංගයම ගන්නවා. කැස්ස, ඇදුම, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝගවලදී කටරොළු මුල් ඉතාම ගුණදායකයි. කටරොළු මුල් වියළා කුඩුකර (පවුඩර් ලෙස) දිනකට එයින් ග්‍රෑම් 1-3 ත් අතර ප්‍රමාණයක් උණු වතුර එකකට මිශ්‍ර කර බොන්න. වේල් කිහිපයකින් සුව වේවි. ඒ වගේම කටරොළු මුල් වියළා දුම ඇල්ලුවොත් සෙම් රෝග සුව වෙනවා.

කටරොළු ශාකයේ පංචාංගයම තම්බා ගත් කෂාය පානය කළොත් ශරීරයේ ඇති සෙම ඉවත් කරන්නත් පුළුවන්. මේ වන විට පර්යේෂණ මට්ටමින් පවා තහවුරු වෙලා තිඛෙනවා. කටරොළු කියන්නේ මානසික ආතතිය නැති කිරීමේ ගුණය ඇති ඖෂධයක් කියලා.

ඒ සඳහා වඩාත්ම සුදුසු කටරොළු මුල්. මුල් කෂායක් ලෙස ඔබ මේ ඖෂධීය කෂාය පානය කළොත් එය අගනා ඖෂධයක් වේවි.

දේශීය චිකිත්සාවේ (ආවේණික) උන්මාද රෝග, පිස්සු බලු රෝග වැනි රෝගවලට ප්‍රතිකාර කරන්න කටරොළු ඖෂධය ගන්නවා. ඒ වගේම කෘමි, සර්ප දෂ්ටනවලදී ශරීරයේ ඇති විෂ නැති කරන්නත් කටරොළු මුල් කෂාය ගුණයි.

ස්ත්‍රී, පුරුෂ දෙපාර්ශ්වයේම වන්ධ්‍යාභාවය නැති කරන්න සුදුසුම ඖෂධයක් තමයි කටරොළු කෂාය. ඒ වගේම ස්ත්‍රීන්ගේ ගර්භාෂ රෝගවලටත් කටරොළු කෂාය ගුණදායකයි. ශරීරයේ අභ්‍යන්තර රෝගවලට වගේම ශරීරයේ බාහිර රෝග සුව කරන්නත් කටරොළු සුදුසුම ඖෂධයක්. ශරීරයේ වේදනාව, ඉදිමුම රුධිර ගැලීම් වැනි තත්ත්ව නැති කරන්නත් මෙය අද්විතීය ඖෂධයක්.

රුධිරය ගලන අර්ශස් අවස්ථාවකදී එය සුව කරන්න කෂායක් ලෙසත් කටරොළු භාවිත කරනවා. ඒ වාගේම සම්පූර්ණ කටරොළු ශාකයම ගලේ අඹරා තලපයක් සේ සාදා අර්ශස් ගෙඩිවල ආලේප කිරීමෙන් කෙටි කලකින් සුවයක් ලබන්නත් පුළුවන්.

කටරොළු ශාකය ශිරෝ විරේචන ද්‍රව්‍යයක් ලෙසත් හඳුන්වනවා. තද හිසේ කැක්කුමකදී කටරොළු කොළ කිහිපයක් තළා බින්දු දෙකක් ගෙන එය නාසයෙන් ඉහළට ඇදීමෙන් ක්ෂණික සුවයක් ලබන්න පුළුවන්. ඒ වගේම ගලගණ්ඩය රෝගය සුව කරන්න සුදු කටරොළු මල් ස්වල්පයකට වතුර පත හතරක් දමා එය එකට සිඳුවා පෙරා බොන්න. ගලගණ්ඩ රෝගයට මේ සුදු කටරොළු මල් කෂාය දෛනික බීම ඉතාම ගුණයි. ගර්භාෂ රෝගවලදී, ආර්තව වේදනාවලදී නිල් කටරොළු මල් කෂාය පානය කරන්න. එය ගුණදායකයි.

කටරොළු ශාකයේ මුල් අරගෙන පිරිසුදු කර හොඳින් ගලේ අඹරා ඒ ද්‍රාවණය සුදු කබර මත ආලේප කළොත් සුදු කබර රෝගයෙන් මිදෙන්නත් පුළුවන්. ආහාර මාර්ග පද්ධතියටත් කටරොළු ඉතාම ගුණදායකයි. ආමාශගත තුවාල පවා සුව කරන්න මෙමගින් පුළුවන්. ඔබ කළ යුත්තේ නිල් කටරොළු වියළි මුල්, පොතු හොඳින් අඹරා තලපයක් ලෙස සාදා මී පැණි සහ ගිතෙල් එක්ක ආහාරයට ගැනීම පමණයි. ආමාශගත රෝගවලට මෙය අගනා ඖෂධයක්.

උගුරේ ආසාදනවලදී කටරොළු පත්‍ර අඹරා උගුරේ ආලේප කිරීමත් සුවදායකයි. කටරොළු පංචාංගයම කෂාය කර පානය කිරීමෙන් මුත්‍රා දැවිල්ල, මුත්‍රා ගල්, මුත්‍රා අඩස්සි කියන සෑම මුත්‍රා රෝගයක්ම සුව කරන්න පුළුවන්.

ඒ වගේම මුඛාශි්‍රත රෝගවලටත් කටරොළු මුල් ඉතාම හොඳයි. කටරොළු කියන්නේ හොඳ වේදනා නාශක ඖෂධයක්. ඒ නිසාම දත් කැක්කුමකදී කටරොළු මුල් ස්වල්පයක් ගම්මිරිස් ඇටයක් එක්ක අඹරා වේදනා සහිත දතේ තබා ඉන්න. දත් කැක්කුම නැති වේවි.

අපි දැක තිඛෙනවා ඇතැමුන්ට ශරීරයේ විවිධ දුර්වලතා නිසා අසීමිත ලෙස දහදිය දමනවා. එවන් අවස්ථාවකදී කටරොළු කොළ, අමු ඉගුරු සමව ගෙන අඹරා කල්කයක් වගේ සාදා ආහාරයට ගන්න පුළුවන්. දහදිය දැමීම සාමාන්‍ය පරිදි සිදුවෙනවා.

උන්මාද අවස්ථාවලදී එළ කටරොළු මුල් ඉස්ම හාල් පානු වතුර සහ එළ`ගිතෙල් මිශ්‍ර කර පානයට දීම ඉතාම සුදුසුයි. සමේ හටගන්නා රෝගවලටත් කටරොළු ඉතාම ගුණදායකයි. කටරොළු ඇට කබලෙ බැද කුඩුකර මී පැණි හා මිශ්‍ර කර වරකට ග්‍රෑම් 5ක් 10ක් වගේ දිනකට දෙවරක් බොන්න. ශරීරයට යම් විසක් ඇතුළු වුණාම කටරොළු මුල් දෙහි ඇඹුලින් අඹරා ඒ යුෂ පානය කරන්න. විස තත්ත්වය ඉක්මනින් නාශනය වනවා.

යෝග රත්නාකරය කියන්නේ ඉපැරැණි ඖෂධීය වට්ටෝරු ඇති ග්‍රන්ථයක්. එහි සඳහන් ආකාරයට අරළු මුල්, නෙල්ලි, කටරොළු කෂාය කර ඒ කෂායට සිවංගුරු ගෙන්දගම්, රත්, හිරියල් දමා එයට තල තෙල් මිශ්‍ර කර අව්වේ කකාරා කුෂ්ඨ රෝගවල විටින් විට ගෑවොත් කුෂ්ඨ රෝග සුවපත් වෙනවා.

කටරොළු ඖෂධයේ පවතින මහාර්ඝ ඔසු ගුණය නිසාම මේ ඖෂධයත් අන්තර්ගත විවිධ ඖෂධ වෙළෙඳපොළේ තිඛෙනවා. වන්ධ්‍යාභාවයෙන් පෙළෙන ස්ත්‍රී, පුරුෂ දෙපිරිසටම වන්ධ්‍යාභාවය නැති කරන්න, ගර්භපාල රස ඖෂධය වෙළෙඳපොළේ තිඛෙනවා. ඒ වාගේම ශරීරයේ ඇතිවන දැවිල්ල, කැසිල්ල, කුෂ්ඨ වැනි රෝග සුවකරන්න වාතරක්තාන්තක රස ඖෂධය ගුණදායකයි. කටරොළු කියන්නේ රක්තය පිරිසුදු කිරීමට සමත් ඖෂධයක්. එනිසයි ශරීරයේ තුවාල, කුෂ්ඨ, සුව කිරීමේ ගුණයත් මෙහි පවතින්නේ.

ඒ වගේම කෝරණ්ඩ තෛලය කියන්නේ වාත රෝග සුව කරන්න පුළුවන් ඖෂධීය තෛලයක්. එහිත් කටරොළු අන්තර්ගතයි. ඒ වගේම ඉදිමුම, ශරීරයේ විස, හන්දිපත් වේදනාවක් වැනි අවස්ථාවක ශරීරයේ ආලේප කරන්න ඔබට තවත් ඛෙහෙතක් සාදා ගන්න පුළුවන්. ඒ තමයි කටරොළු කොළ හොඳින් අඹරා කල්කයක් සාදාගෙන ඉදිමුම්, හන්දි වේදනා, විස ශරීර ගත වූ තැන ආලේප කරන්න. මේ කල්කය ඉතාම ගුණදායකයි. ඇත්තටම කටරොළු කියන්නේ පූජා කරන්න ගන්න මල් වර්ගයක් විතරක්ම නෙවෙයි, හොඳ ඖෂධයක්.

උපුටා ගැනීමක

🌿 අපෙන් ඈත්වන කෙම් ක්‍රම 🌿  කොස්, අඹ, දෙල්, තැඹිලි වැනි ශාකයක ඵලදාව පුපුරා තැලී කුණු වී යා නම් එම ගසේ ගෙඩි කඩා දෙකට, තුන...
13/12/2024

🌿 අපෙන් ඈත්වන කෙම් ක්‍රම 🌿

කොස්, අඹ, දෙල්, තැඹිලි වැනි ශාකයක ඵලදාව පුපුරා තැලී කුණු වී යා නම් එම ගසේ ගෙඩි කඩා දෙකට, තුනට, හතරට පලා සැමට දර්ශනය වනසේ කථා නොකර ගස මුල විසුරුවා හරින්න. මෙය පලතුරු බෝග සඳහා අත්දුටු ප්‍රත්‍යක්ෂ කෙමකි.

පොල්ගස්වල පුහු ගෙඩි හට ගැනීම මෙන්ම පොල්ගස් නූපූදින කළ ද කථා නොකර උදෑසන පොල්ගසේ කඳ වටා පොල්ලෙලි මාලයක් සේ සකසා බඳිනු ලැබේ.

කැලෑවකදී ආරක්ෂාව පිණිස කැලෑවට ඇතුල්වීමට පෙර කථා නොකර අත්තක් කඩා ගසක එල්ලයි

කැලෑවකදී මං මුලා වැල් හෙවත් බැදි වැල් පයට පෑගුණ විට කැලෑව තුළ වල්මත් වී අතරමංව පාර සොයාගත නොහැකි වේ. එවැනි අවස්ථාවක කථා නොකර මදු වැලක් සොයා පෑගූ විට පහසුවෙන් ආපසු යෑමට පාර සොයාගත හැකිය.
අලි ඇතුන්ගෙන් වගාවලට මෙන්ම නිවෙස්වලටද මනුෂ්‍යයන්ටද වන හානි වළකා ගැනීමට අති දුර්ලභ මදාරා ගසේ කෝටුවක් හෝ ලීයක් ගෙන කථා නොකර ආරක්ෂා සහිත ස්ථානයක, දුරක සිට අලි ඇතුන්ට දර්ශනය කරන්න. අලි ඇතුන් මදාරා ලීයට බිය බැවින් ආපසු හැරී පලා යයි

කැලේදී ඉසේ ඇම්මක් ඇති වුවහොත් දෙඇස වසාගෙන කථා නොකර අතට අසුවුනු ගසක කොළයක් කඩා හොඳින් පොඩිකර නළල දෙපස ගානු ලැබේ.
කුහුඹුවන් පලවා හැරීමට විනාකිරි 1:3 අනුපාතයට ජලය සමඟ මිශ්‍රකර හිමිදිරි පාන්දර කුහුඹුවන් සිටින දෙසට කථා නොකර ඉසීම කළ යුතුවේ.
කුඹුරේ මීයන් මර්දනයට මීයන් තලා දැමූ ගොයම නියර මත දමා මල්වර වූ අවිවාහක තරුණියක ලවා පාගවන්න. මෙය පාවහන් රහිතව කථා නොකර කළ යුතුය

මීවද ඇති ඉසව් සොයා ගැනීමට බඳුනකට ජලය පුරවා ගස් දෙබලක තබන්න. මී මැස්සෝ එයට පියාසර කර පැමිණෙන දිශාව බලා මී වද ඇති ඉසව් තීරණය කළ හැක.

පැඟිරි වර්ගයේ ශාක
වගා කරනු ලබන දෙහි, ‍ෙදාඩම් ඇතුළු ඒ ආශි්‍රත වගාවල පලදාව මුළුමනින්ම නොමැති නම් හෝ පලදාව අල්ප වශයෙන් ලැබේ නම් එම ගස මුලට හානි නොවන සේ ගිනි මැලයක් (දැල්වීම) අතු කප්පාදු කිරීම හෝ එම අතුවලට හිරිහැර කිරීම, අතුවල පොල් ලෙලි එල්ලීම කරන්න.

ගොයම් මැස්සන් එළවීමට
ගොයම් මැස්සන් ඇත්නම් කැන්ද අත්තක් ගෙන කුඹුරට ගොස් "කැන්ද ගනින් ගනින් ගනින්" කියමින් 21 වරක් අත්තට මතුරා පසුව "කැන්ද ගනින් ගනින් ගනින්" කියමින් කුඹුර වටේ යමින් කුඹුරේ ඇති ගොයම් දෙසට අත්තෙන් ගසමින් කපු මහතුන් දේවාලයකදී මොනර පිහාටු එක්කර ඔබට ආශීර්වාද කරන ආකාරයට සිදු කරන්න.
අලුයම හිරු උදාවට පෙර කළ යුතු බවත් එවිට ගොයම් මැස්සන් එම කෙම් ක්‍රමය අනුව ඉවත් වන බවත් පැවැසේ. ඇතැම් විට මෙය කරනු ලබන අයගේ කුඹුරට මෙම ක්‍රමයෙන් ප්‍රතිඵල ලද විට අසල ඇති කුඹුරේද ඒ ආකාරයට ගොයම් මැස්සන් සිටී නම් නැවත ඒමට ඉඩ ඇති බැවින් සාමූහිකව තම තමන්ගේ කුඹුරුවල පවත්නා ගොයම් මැස්සන්ගෙන් සිදුවන වගා හානිය වළක්වා ගැනුමට ක්‍රියා කළ යුතුය.

වෙනත් කෘමි උවදුරුවලට
ගොඩ ගොවිතැන් කරන ගොවි මහත්වරුන්ටද වෙනත් කෘමි වර්ග නිසා ඇතිවන වගා හානිය වැළක්වීමටද මෙම ක්‍රමය උපයෝගී කර ගත හැකියි.
කතා නොකර කැන්ද අතු කිහිපයක් කඩාගෙන පැමිණ ඉතා පිරිසුදු භාජනයකට (වංගෙඩියකට) එම කොළ සියුම්ව කුඩා කැබැලිවලට කපා සකස්කර දමන්න. ඉන්පසු එයට අමුකහ ස්වල්පයක්ද එක්කර කොටා පසුව එම කොටාගත් මිශ්‍රණයට එකට දහය යන පරිමාවට වතුර මිශ්‍රකර වතුරේ හොඳට කලතමින් දිය කරන්න එසේ දියකර ගත් වතුර පෙහරන්කඩයක් උපයෝගී කරගෙන පෙරා පසුව තුන්වරක් හෝ 7 වරක් මේ ආකාරයට පෙරා සුදුසු භාජනයකට ගන්න.

ඉන්පසුව මස් මාංස අනුභව කිරීමෙන්, මත් පැන් පානය කිරීමෙන් වැළකී තමන් පිරිසුදුව සුදු වස්ත්‍රයකින් සැරැසී මල් බුලත් පුටුවක් සාදා ගෙන පෙරාගත් බඳුන ඒ මත තබා තෙරුවන් සිහිකර බුදුන්වහන්සේට පහනක් දල්වා පසුව ප්‍රදේශයට අධිපති දෙවියන් උදෙසා පහනක් දල්වා දේව මණ්ඩලයද සිහිපත්කර තෙරුවන් නැමද, රතන සූත්‍රය තුන් වරක් හෝ හත් වරක් කියා පසුව මහා මංගල සූත්‍රය, කරණීයමෙත්ත සූත්‍රය කියා දෙවියන්ට පින්දී මා මේ කරනු ලබන්නා වූ උතුම් කාර්යය සඳහා ඔබ වහන්සේගේ ආශීර්වාදයද ලැබ මෙම කෘමි උවදුරෙන් මාගේ, අපගේ කුඹුරට බලපා ඇති සියලුම දෝෂ දුරු කරදී ආරක්‍ෂාව යහපත උදාකර දෙනු මැනව කියා වැඳ නමස්කාර කර,

අම්බම් මැස්සෝ - බ්‍රම්මම් මැස්සෝ, ගැටවම් මැස්සෝ, පිලවම් මැස්සෝ, මැසි මදුරුවෝ පෝග පෝග ඒසවාහ-- කියමින් එම භාජනය තමන්ගේ මුඛය අසලට ළංකර ගතහැකි අන්දමට ගෙන සුවඳ කුඩු තමන්ගේ ඇඟිලි තුඩුවලට ගෙන මුඛයට ළංකර මෙම මන්ත්‍රය කියමින් එය අවසානයේ ගිනි කබලට එම ජීවම් කළ කුඩු දමමින් දුම් දෙමින් 108 වරක් මතුරා ගන්න. හැකිනම් කුඹුරේ නොපෑගුණු ස්ථානයකින් වැලි හෝ පස් හෝ (සියුම් ලෙස කුඩු කරගත යුතුය.) ගෙන ඒවාද මෙම මල් බුලත් පුටුවේ තබා ඒ සමඟම ජීවම් කරගන්න. පසුව පාන්දර හිරු උදාවීමට පෙර "කැන්ද කැන්ද ගනින් ගනින් ගනින්" කියමින් (තොල් මතුරමින්) කුඹුරට ඉසින්න. වැලි සහ පස්ද ඒ ආකාරයටම ඉසින්න. මෙම කෙම් ක්‍රම අනුගමනය කිරීමේදී තමා විසින්ම ඉතා කැපවීමකින් කරගත යුතු බව සිතන්න.

ඉහත සඳහන් කළ කැන්ද කොළවලට ග්ලිසිරීඩියා හෙවත් ඇතැම් ප්‍රදේශවල භාවිත කරන මැටි මාර කොළ සහ මල්ද මිශ්‍රකර කොටා ඒ ආකාරයට සකස්කර ගතහොත් මෙම කෘමි උවදුරට මීට වඩා ප්‍රතිකර්මයන් කිරීමට ඉඩ ඇති බවයි. ඒ පිළිබඳ ඔබගේ අවධානය යොමුකොට පළමුව සුළුවෙන් සකස්කර ගෙන සුළු ප්‍රමාණයකට ඉස ඒ පිළිබඳ අත්හදා බලන්න.
සතුන්ගේ උවදුරු නැසීමට
හේනට හෝ කුඹුරට අලි, ගෝන, වල් උෟරන්, මීමින්නන් ඇතුළු විවිධ සතුන්ගෙන් අලාභහානි කරයිද, කතා නොකර ගොක් කොළ රැහැන් කිහිපයක් ගෙන එම වන සතුන් එන මාර්ගවල තීරුවලට ඉරාගෙන මාර්ගය අහුරා ඇද දමන්න. මෙයද ඉපැරැණි කෙම් ක්‍රමයකි.

මී උවදුරට
මීයන් විශාල වශයෙන් බෝවීම නිසා හේනේ කුඹුරේ මෙන්ම ගොවි පෙළේද වගාවන්ට සිදුවන විනාශය අති විශාලය. කුඹුරේ ගැවසෙන මීයන් නිසා මී උණ වැනි භයානක රෝගයන්ටද ගොවි මහතුන්ට මුහුණදීමට සිදුව ඇත. එමෙන්ම නිවෙසේද පොත්පත්වලටද ඇඳුම් ආදියටද විවිධ ආහාරවලටද හානි සිදු කරයි.
කුඹුරේ, ගොවිපළේ මෙන්ම නිවෙසේදී මීයන් වැඩිපුර ගැවසෙන ස්ථානවල බළල් බෙටි සමඟ අමු ගොම මිශ්‍රකර කතා නොකර තබන්න.
ග්ලිරිසිඩියා හෙවත් වැට මාර නමින් හඳුන්වන ශාකයේ මල් පොකුරු කිහිපයක් මීයන් සිටින ස්ථානවල තැබීමෙන්ද, වඳවීම හෝ ඉවත්වීම සිදුවේ. කතා නොකර මෙය කළ යුතුය. ඇතැම් ප්‍රදේශවල ඉපැරැණි ගොවි මහතුන් තමන්ගේ කුඹුරේ මීයන් වඳ කිරීම සඳහා ග්ලිරිසිඩියා ගස්වල මල් අමු කොළ එකට දමා කොට, අමුගොම සමඟ හොඳට මිශ්‍ර කර භාජනයකට දමා ගව මුත්‍ර දමා සතියක් පමණ වසා තබා එම දියරය මීයන් වසන ස්ථානවල විශේෂයෙන් කුඹුරේ ලියදිවල ඇති මී බෙන තුළට කතා නොකර දැමීමෙන් මීයන් වඳ වේ.

කෘමි උවදුරට
කුල්ලක ලාටු ගා පැළ අතර එහා මෙහා ගෙන යෑමද, රාත්‍රි කාලයේදී කැකුණ තෙල් පොඟවා ගත් පන්දම් කුඹුරේ දැල්වීමද සිදුකර ඇත. ඒ මඟින් කෘමීන්ගෙන් වගාවන් ආරක්‍ෂා කිරීමට පියවර ගෙන ඇත.

පලතුරු වගාවට
පලතුරු වගාවන්වල ඇතැම් මැස්සන් හා කෘමින්ගෙන් විශාල හානි සිදුවේ. මේ සඳහාද විවිධ කෙම් ක්‍රම භාවිත කර ඇත. පෙරමෝන උගුල නමැති බෝගල් හෝ එවැනි උපකරණ සම්බන්ධ කර ගෙන කළ ක්‍රියාවන්ද පැවැත ඇත. කෘමි සතුන් පාලනය කිරීමට කෘමි විකර්ෂක ශාක වගා කිරීමද භාවිත කර ඇත. නියරවල් දිගට දහස්පෙතියා, සූරියකාන්ත, කපුරු වැනි ශාක හිරු උදාවට පෙර කතා නොකර ගොස් ගොයම් පැළ සිටුවීමත් සමඟ හෝ ඉන් ටික කලකට පසු වගාකර ඇති බව සඳහන් වේ. මෙම මල් වගා කිරීමේ හේතුවෙන් කෘමීන් වඳවීම හෝ එම ප්‍රදේශයෙන් ඉවත් වී ඇති බව ප්‍රකට වී ඇත.

ගෙවත්තේ පලතුරු ගස්වල මල් පිපෙන සමයට හීරැස්ස වැල් කැබැල්ලක් ගසේ නැගෙනහිර දිශාවේ අත්තක බැඳ තබන්න. ඇස්වහ කටවහ දෝෂ දුරු වීමට මෙම කාර්යය කිසිවකුට නොපෙනී කතා නොකර ඉර පායන්න පෙර සිදුකිරීම කළ යුතුය.
කොස්, දොඩම්, අඹ, බෙලි, කෙසෙල් ආදී පලතුරු ගසේදී පුපුරා විනාශ වීම වැළැක්වීම සඳහා කෙම්මුර දිනයක අලූයම යකිනාරං අත්තක් ගෙන පලබර ගසේ නැගෙහිර දෙස කඳ පිරිමැද ගසමුල අත්ත සිටුවන්න. ඇස්වහ කටවහ නිසා පලතුරු පුපුරා විනාශ වීම නවතී.
Ø කුඹු‍රෙන් සරු අස්වැන්නක් ලැබීමට ඇටි කෙසෙල් අලයේ යුෂ මී ඇට තෙල් ගෙන ඉවර වු පසු ඉතිරි වන රොඩ්ඩ සමඟ මිශ්‍ර කර එම යුෂයෙන් බිත්තර වී පොඟවා වැපිරීමට ගන්න.

Ø වී අස්වැන්න සරු සාර වීමට බුලු ගසක බදින ලද පිළිලයක් පුවපල් නැකත යෙදී ඇති දිනක ගලවා කුඹුර මැද දැමීමෙන් වැඩි අස්වැන්නක් ලබාගත හැක. ගොයමි පාගන විටදී ද එවැනි පිළිලයක් කමතේ වැලලීමෙන් ද වැඩි අස්වැන්නක් ලැබේ.
Ø ලබු කිඳ කොටා යුෂ ගෙන එයට අමු ගොම මීශ්‍ර කර දිය කරන්න. මේ මිශ්‍රණය දිනක් හෝ දෙකක් පල්වෙන්නට හැර බිත්තර වී පොඟවා වැපිරීමට ගන්න.
Ø කුඹුර වපුරා දින ගණනක් ගිය විට විවිධ කොල කන පණුවන් මර්ධනය කිරීමට වක්කඩට කැප්පිටියා කොළ දමන්න.
Ø කුඹුර වපුරා දින ගණනක් ගිය විට විවිධ කෘමින්ගෙන් වී වගාවට හානි සිදුවේ. මෙවැනි අවස්ථා වල කුඹුරෙහි තැනින් තැන ඉනි සිටුවා ඒ මත පොල්ලෙල්ලක් හෝ ලෑල්ලක් වැනි දෙයක් තැබීමෙන් දිවා හා රාත්‍රි කාලවලදී ඒ මත විවිධ කුරුල්ලන් වසා කෘමීන් ආහාරයට ගනී. ඒ මඟින් කෘමීන් මර්ධනය කල හැක.
Ø විවිධ කුරුල්ලන්ගෙන් ගොයමට වන හානි වලක්වා ගැනීමට මා නැකත ඇති දිනක මී ගසක මුලක් ගලවා කුඹුරේ මැද සිටුවන්න.
Ø කුඹුරට මීයන්ගෙන් වන හානිය මර්ධනය කිරීමට අන්නාසි කොළ ගෙන ඒවායේ බුලත් විටට ගන්නා හූණු වලින් ඉරි ඇඳ ඒවා කුඹුරේ තැන්තැන් වල දමන්න. මේවා බැලු බැල්මට සර්පයන් සේ පෙනෙන බැවින් මීයන් ඒම වැලකේ.
Ø වී වගාවේ පුරුක් පණුවන් මර්ධනයට පොල්පිති කපා ඒවායේ හිස කොටස ඉහළට සිටින සේ කුඹුරෙහි සිටුවීමෙන් ඒ මත වසන කුරුල්ලන් පුරුක් පණුවන් ආහාරයට ගැනීම නිසා පුරුක් පණුවන් වඳ වේ.
Ø පොල් කොමිබයකට පිලිස්සුණු එන්ජින් ඔයිල් යොදා පහනක් දැල්වීමෙන් කුඹුරේ සිටින පුරුක් පණුවන්, දළඹුවන් , ගෙප්මැස්සන්, ගොයම් මකුණන් ආදී සතුන් ගෙන් වන හානී අවම කර ගත හැක.
Ø කුඹුරේ වක්කඩ ළඟ වලක් හාරා එයට කොහොඹ කොළ , කදුරු කොළ , දලුක් කොළ, දොඩම් කොළ, තිත්ත කිඳ ,කලවැල් වැනි සැර ගඳක් ඇති කොළ වර්ග එම වලේ රඳවා තැබීමෙන් වතුර සමඟ මීශ්‍රව කුඹුර පුරාම ඒවා ගලා යන නිසා ගොයමේ ඇති විවිධ කෘමීන් මර්ධනය වේ.
Ø කුඹුරේ නියරවල පලා වර්ග එළවලු වර්ග වගා කිරිමෙන් පළිබෝධ හානී අඩු කර ගත හැක.
Ø හිනි මිරිස්, නයි මිරිස්, වියළි මිරිස් වැනි සැර ගඳ ඇති දෙයක් අඹරා ජලයෙහි දියකර ඉසීමෙන් ගොයමේ පැල මැක්කන් වඳ කර ගත හැක.
Ø දුඹුරු පැල කීඩෑවන් නිසා ගොයමට වන හානිය වලක්වා ගැනීමට කුඹුරේ වතුර හිස් කර ගොයම් ගස් මුලට අව්ව වැටීමට සලස්වන්න.
Ø දුඹුරු පැල කීඩෑවන් සිටින ස්ථාන වලට ,
අලු වලට භූමී තෙල් මීශ්‍රකර ඉසින්න.
වැලි වලට භූමී තෙල් මීශ්‍රකර ඉසින්න.
ගෝනි පඩංගු භූමී තෙල් වලින් පොඟවා කුඹුරේ තැන් තැන් වල දමන්න.
Ø ඉබි කුරුමිණියා ,ඔක්සිඩිසින් මකුලුවා , රතු කාවා ,රතු කඩි කුරුමිණියා වී ගොවිතැනේ හිතකර කෘමීන්ය. මොවුන් පළිබෝධකයන් ආහාරයට ගන්නා නිසා පළිබෝධ නාශක ඉසීමක් අවශ්‍ය නොවේ.
Ø කෙම්මුර දිනයක දිය නා පිරිසිදු පිරුවටයක් ඇඳ දිය කිරිල්ල අත්තක් කඩා ගෙන.
“ඕං නමෝ මෙති මෙති මලා මෙතියේස්වාහං“
යන ගාථා මන්ත්‍රය 10වරක් මතුරා කුඹුරේ සිටුවීමෙන් වී ඇහිලීමට කුඹුරට එන කුරුල්ලෝ අඩු වේ.
Ø වී වැපුරුවිට විවිධ කුරුල්ලෝ වී ඇහීළීමට එති. එය වලක්වා ලීමට මල් කෑර කෝටු හතරකට
“නමෝ මහා මෙහි ගන්නේ මමයි ඒහි ඒස්වාහං“
යන මන්ත්‍රය 108 වරක් මතුරා කුඹුරේ හතර කොනේ සිටුවීමෙන් කුරුල්ලෝ වී ඇහීලීමට නෙඓති.
Ø වී කුඹුරට ඉස දින 3 ක් 4ක් ගත වු පසු විවිධ කෘමීන් ඒම වැළැක්වීමට අලු ටිකක් ගෙන
“ සබ්බ පාපස්ස අකරණං“
යන ගාථාව මතුරා කුඹුරට ඉසින්න.
Ø වක්කඩ අසල තරමක වලක් හාරා ,වරා කොළ හෝ දලුක් අතු හෝ කැප්පෙටියා අතු දැමීමෙන් කෘමීන් කුඹුරට ඒම වළක්වා ගත හැක.
සමහර කාල වල කුඹුරට ගොලුබෙල්ලෝ බෝ වේ. එවිට ලියැදි වල වතුර බැඳිමෙන් ගොලුබෙල්ලෝ නියරට ඒම නිසා කපුටන් කා දමති.
Ø බිත්තර වී වපුරණ විට “ සබ්බ පාපස්ස අකරණං“ යන ගාථාව සත් වරක් මැතිරීමෙන් කෘමී උවදුර අඩු කර ගත හැක.
Ø කටු වල අල ශුද්ධ කීරීමෙන් පසු පිට පොත්ත සහිත ලෙලි එකතු කර ඒවා වක්කඩ ළඟ පොඩි වළක් හාරා එයට දැමීමෙන් වේ උවදුර වලක්වා ගත හැක.
Ø නොපෑගුන ස්ථානයකින් වැලි ටිකක් ගෙන මල් බුලත් තට්ටුවක තබා ,
“ඕං නමෝ ඇති නිමී යේස්වාහං“
යන මන්ත්‍රෙයන් 108 වරක් මතුරා ඉසීමෙන් මීයන් ඒම වළකී.
Ø පීදෙන ගොයමට ගොයම් මැස්සන් බෝ වීම බහුලව සිදුවේ. යායක් එකම කාලයකදී වැපීරීම මඟින් මෙය බොහෝ දුරට අඩු නර ගැනීමට හෝ වලක්වා ගැනීමට පුළුවන. රාත්‍රී කාලයේදී ලන්තෑරුමක් එල්ලීමෙන් ද ගොයම් මැස්සන් අඩු කර ගත හැක.
Ø වැලි අහුරක් ගෙන “ නමෝ තීල තීල අභිලේස්මාහං“ යන මන්තරයෙන් 21 වරක් මතුරා කුඹුරට ඉසීමෙන් ගොයම් මැස්සන් වඳවේ.
Ø කඹයක් හෝ කොහු ලණුවක් තැනින් තැන රෙදි පාන්කඩ දවටා දුම්මල තෙල් හෝ කැකුණ තෙල් පොඟවා කුඹුරේ ගොයම් කොළ වල ගෑවෙන සේ ඇදීමෙන් ගොයම් මැස්සන් වඳවේ.
Ø දීග ලීයක කුල්ලක් බැඳ කුල්ලේ යම් මැලියම් වර්ගයක් ගා ගොයමේ කුල්ල ඇතිලිලීමෙන් මැස්සන් වඳ කරගත හැක.
Ø රුක් අත්තන ගසේ පොතු වේලා වංගෙඩියේ කොටා පිටි කර එම පිටි කුඹුරේ කීඩෑවන් සිටින ස්ථාන වලට ඉසීමෙන් මැස්සන් වඳ කරගත හැක.
Ø ගොයම් වැඩී ඇති අවස්ථා වලදී ඇස්වහ කටවහ දෝෂ ද ඇති වේ. මැසි මදුරුවන්ගෙන් ආරක්ෂා වීමට පඹයෙකු සාදා සවි කරන්න.
Ø පොල් කොළ අග්ගිස් කෑලි 7 ක් ,වියළී මිරිස් කරල් 7ක් , දෙහි කොළ 7ක් ,මිරිස් ඇට 7 ක්, සීනක්කාරම් හා අළු ස්වල්පයක් දමා කථා නොකර කුඹුරට දුම් ඇල්ලීමෙන් ඇස්වහ කටවහ දෝෂ දුරු වේ.

Ø මීයන්ට , අමු ගොම හෝ එළු බෙටි පොල් කටු වලට දමා කුඹුරේ තැනින් තැන තබන්න. වැට මාර ගස්වල වල පොතු බත් සමඟ මීශ්‍ර කර ගුලි කර කුඹුරේ තැනින් තැන වල දමන්න. වැට මාර මල් කුඹුරේ තැනින් තැන විසුරුවා හරින්න.
Ø මීයන්ට, කුරුල්ලන්ට - ගොයමට උඩින් පොලිතින් පටි, කැසට් පටි අදින්න.
Ø පීදෙන ගොයම ගොයම් මැස්සන්ගෙන් ආරක්ෂා කිරීමට , හිමිදිරි පාන්දර කුඹුරට ගොස් කථා නොකර ‍ගොයම් මැස්සකු අල්ලා ගන්න. වියළි මිරිස් කරලක් ගෙන අග කොටස තරමක් කඩා අල්ලා ගත් මැස්සා එතුළට දමා නූලකින් මැස්සා පිටතට නොඑන ආකාරයට බදින්න. ඊට පසු කථා නොකර ගෙදරට පැමිණ එය දුම් මැස්සේ නටුව උඩට සිටින සේ එල්ලන්න. දුම් වදිනවිට මැස්සන් වඳවේ.
එසේම දෙහි ගෙඩියක ඇස්ස කපා පෙර පරිදිම ගොයම් මැස්සකු එතුළට දමා දුම් මැස්සේ දුම් වඳින සේ එල්ලා තබන්න.

ලබු ගෙඩියේ ඇස්ස කපා ගොයම් මැස්සකු අල්ලා ගෙන ඒ තුළට දමා ඇස්ස වසන්න. එය රැගෙන කුඹුරේ වටේට ගොස් කුඹුරේ මැද ඉන්නක් සිටුවා ගොක් කොළයක් බැඳ ගෙඩිය එහි තබන්න. ගොයම් මැස්සන් වඳ වේ.
කුඹුර වටේ හතර කොනින් ගොයම් මැස්සන් හතර දෙනෙකු ද හරි මැද්දෙන් තවත් ගොයම් මැස්සකු ද හිමිදිරි පාන්දර කථා නොකර අල්ලා ගන්න. ඊට පසු හිගුරළ වැලක පොළවේ සිට අඩියක් පමණ ඉහළින් එහි පොත්ත ගලවා මැස්සන් පස් දෙනා පොත්තට මැදි කර ගොයම් ගසකින් බඳින්න. වැල මැරි යන ආකාරයට ගොයම් මැස්සන් වඳ වේ.

ගොයම් මැස්සන් පස් දෙනෙකු අල්ලා එය හරකෙකු, බල්ලෙකුට ,කුකුළෙකුට ගිල්විය යුතුයි.ඒ සමඟම කුඹුර හිමියා ද තුන් වරුවක් කුඹුරට නොයා යුතුයි.
Ø කුඹුරේ මැසි මදුරුවන් වැඩි වේ නම් සිව් කොනේ කෝටු හතරක් සිටුවා ගොටු සවිකර ඒවාට දිහේ පෙඟවු මුං ඇට ස්වල්පයක් දමන්න. මුං ඇට පැළ වේගන එන විට මැස්සන් දුරුවේ.

Ø හීන් කොච්චි ,හිනි මිරිස්, පල්මානික්කම්, සිනක්කාරම්, සහිඳ ලුණු, එක තරමට ගෙන අඹරා ගුලි කර වල් ලුණු අලයක් ගෙන මදය ඉවත් කර එම ගුලිය එහි තබා සිදුර වසා කුඹුරේ සිව් කොන වැළලීමෙන් ,අලය කුණුවී යන විට ගොයමට පැමිණෙන කෘමීන් මර්ධනය කර ගත හැක.
Ø කෙම්මුර දිනයක ඇඹුල් දොඩම් ගෙඩි 4ක් 5ක් කඩා ගෙන කුඹුරේ ස්ථාන කිහිපයක වැළලීමෙන් ගොයමට එන මැස්සන් දුරුවේ.මෙහි අන්තර්ජාලයෙන්උපුටා ගත් කරුණු ඇතුලත් වන අතර මේ දැනුම පැරණි මුතුන් මිත්තන්ගෙන් අපට උරුම කල දුන් ඒවා වේ

🌳❤ ගෙඩි හැදෙන්නේ නැති ගස් කවදාවත් ගලවලා විසික් කරන්න එපා. පොල් විතරක් නෙමේ. අඹ, දෙහි, දෙළුම් වගේ ඕනම එකක්. ගස් වලින් ගෙඩි ගන්න අත්දුටු ප්‍රතිඵල සහිත කෙම් ක්‍රම ඉස්සර මිනිස්සු පාවිච්චි කරලා තියෙනවා. ගස් වලට පහර දීම, පොල් ලෙලි එල්ලීම වගේ.

ගෙඩි හැදෙන්නේ නෑ කියලා කවදාවත් ගස් ගලවන්න යන්න එපා. ඔයාලා දැකලා ඇති පාලුවට ගිය ගෙවල වල තියෙන කොස් ගස්, දෙල් ගස් වල පැලෙන්න ගෙඩි හැදෙනවා. ඒකට හේතුව දන්නවද. 🤔 ඒ ගැනත් ඔය වීඩියෝ එකේ තිබ්බා.

උපුටාගැනීමකි.
ස්තුති මුල් හිමිකරුට 🙏
පල කිරීම 🖍️වෙඩිමුරය අපි

මේ ලාවුලු වාරයයි...💛  ලාවුලු වල ගුණ බලලා කනවද මූනෙ ගානවද තීරණය කරමු..ලාවුලු නිකම් කන හැටි හැමෝම දන්නවනෙ.  විශේෂයෙන් බබාල...
11/12/2024

මේ ලාවුලු වාරයයි...💛 ලාවුලු වල ගුණ බලලා කනවද මූනෙ ගානවද තීරණය කරමු..

ලාවුලු නිකම් කන හැටි හැමෝම දන්නවනෙ. විශේෂයෙන් බබාලට එහෙම නොදී අතාරින්න එපා..

ලාවුලු උයන්නෙ කෝමද 🙃😊

රසවත් ලාවුළු ව්‍යංජනයක ගුණ - (Pouteria campechiana) Canistel Curry 🍲

අතීත කතාව - මීට අවුරුදු ගණනකට ඉහතදී ලංකාවේ තිබුණා පරිප්පු ඇටයක්වත් හොයාගන්න බැරි උන කාලයක්. ඉතින් ආහාර වේලට පරිප්පු නැතිවම බැරි උන අය මේ සදහා ආදේශකයක් හොයාගත්තා. කතාවට කියන්නෙ නම් පරිප්පු වලට යොදන්න පුළුවන් ආදේශක කොහෙවත් නෑ කියලා උනත් රස බලපු හැමෝම කියලා තියෙන්නෙ මේ ව්‍යංජනය ඊටත් වඩා රසවත් උනා කියලා තමයි. ඒ තමයි ලාවුළු ව්‍යංජනය.

☘️ලාවුළු කියලා කියන්නෙ ටිකක් කන්න අපහසු තරම් මත් ගතිය එන නිසාම අපේ රටේ සමාජයෙන් ඉවත් වෙලා යන පලතුරක්.

☘️ලන්දේසී සමයේ ලංකාවට හදුන්වා දුන්නා කියලා අදහස් කෙරෙන මේ ශාකය හරිම ගුණදායක පෝෂක වලින් යුතු ගෙඩි වලින් යුක්තයි.
☘️ පෝෂණ බහුලතාව නිසා අධිකව ආහාරයට ගැන්මෙන් මත් ගතියක් ඇති වන්නේයැයි සඳහන් වන ලාවුළු ඉතා ශක්තිජනක පලතුරක්.
☘️ ලාවුළු මද ග්‍රෑම් 100ක, ශක්තිය කැලරි 138 ක් අඩංගු වෙනවා.
☘️ ඒ වගෙම විටමින් A B C ඛනිජ ලවණ- ප්‍රෝටීන් පොස්පරස් යකඩ කැල්සියම් පොටෑසියම් කාබොහයිඩ්‍රේට් පෝෂක, ඇමයිනෝ අම්ල, හිතකර රසායන සංයෝග, ප්‍රතිඔක්සිකාරක ගුණ ආදියෙනුත් පරිපූර්ණයි.
☘️ Canistel, Egg fruit , yellow sapotae යන නම්වලින් මෙය හඳුන්වනු ලබනවා. Egg fruit කියන නමේම ගැබ්වෙලා තියනවා මේ පලතුරේ තියන ගුණදායක බව
☘️ඉදුණු ගෙඩිවල දීප්තිමත් කහ පැහැති මාංශල, පිෂ්ට ගතියෙන් යුක්තයි.
☘️ පලතුරක් විදියට වගේම ජෑම් වර්ග අයිස්ක්‍රීම් කස්ටඩ් විදියටත් සකස් කරලා ආහාරයට ගන්න පුළුවන් මේ ගෙඩිවලින් බීම හදලා පානයට භාවිතාකරන්නත් පුළුවන්.

☘️මේ ගෙඩියෙ මදය පොල් හා පිටි සමග මිශ්‍රකර සකසා ගන්නා රොටී අතීතයේ සිට ම ජනප්‍රිය ආහාරයක් බවට පත්වුණා.
☘️පැසුණු අමු ගෙඩි පොතුහැර සිහින් කොටු කපා හොඳින් කිරි සෝදා හැර වෑංජන, මැල්ලුම් වගෙත් හදලා බතට එක්කර ගන්නවා. ව්‍යංජනය ගැන ලිපිය අන්තිමට සදහන් වෙනවා.
☘️ ශාකයේ ගෙඩි ඇට කොළ පොතු ආදි සියලු කොටස් ඔසු ගුණ සහිතයි.
☘️විෂනාශකයක්, දාහය නිවන්නක්, බැක්ටීරියා සහ දිලීර නාශකයක්, ප්‍රතිශක්ති වර්ධකයක්, හෝමෝන වර්ධකයක්, හා ස්වාභාවික රූපලාවණ්‍ය වර්ධකයක් විදියටත් සිරුරේ ක්‍රියාත්මක වෙනවා.
☘️ ඇසේ දෘෂ්ටි විතානයේ නීරෝගී පැවැත්මට අවශ්‍ය වන A විටමින කැරටිනොයිඩ ලාවුළුවල බහුලව පවතින බව ඔබ දන්නවාද. ඉතින් ඒ මගින් ඇස්වල වියළි බව නැතිකරන්න සමත් වෙනවා. සුද ඇතිවීමත් වෙනත් ඇස් රෝග වැළකී අක්ෂිවල පෙනුම වර්ධනය වීමක් සිදුවෙනවා.
☘️ ගෙඩිවල අන්තර්ගත කැරොටිනොයිඩ ඔබේ සම පැහැපත් කරලා එහි දිලිසෙන ගතිය නැත්තම් glow එක වැඩි කරනු ලබනවා.. ඒ වගේම ඔබේ හිසකෙස් නිරෝගිකර වර්ධනය කර දෙනු ලබනවා.
☘️මේ ශාකයේ ගෙඩි වලට හිසරදය, ආමාශයේ ඇතිවන දාහය , විෂාදය සහ අධි රුධිර පීඩන මට්ටම් පාලනය කිරීමේ හැකියාවකුත් පවතිනවා.ඒ වගේම පරීක්ෂණ වලින් සනාථ වෙල තියනවා පිළිකා සෛල මර්දනය කරන්නටත් උපකාරි වෙන බව.
☘️ඒ වගේම එය විටමින් B6 වලින් පොහොසත්.ඒ නිසා ඉන් අක්මාව ආරක්ෂා වන අතරෙ සිරුරේ විෂ හරණය වීමත් සිදුකෙරෙනවා.
☘️අක්මාවට වගෙම එය අග්න්‍යාශයටත් ඉතාම හිතකරයි. සීනි මට්ටම කෙරෙහි බලපාමින් දියවැඩියාව පාලනය කිරීමක් මෙමගින් සිදුකරනවා.
☘️රුධිරයේ මනා පැවැත්මට උපකාරී වන හිස්ටමින් නිපදවීමට උපකාරිවෙමින් රුධිර සංසරණ පද්ධතියේ මනා ක්‍රියාකාරිත්වයට මග පාදනවා ☘️ඒ නිසාම අධි රුධිර පීඩන,අධි කොලෙස්ටරෝල් , හදවත් රෝග ආදියත් ආහාරමය වශයෙන් පාලනය කිරීමක් කරන්න මේ ගෙඩිවලට පුළුවන් කම තියනවා.
☘️ලාවුළු ගෙඩි වල යකඩ බහුලයි. මේ නිසා ලාවුළු ආහාරයට ගැනීම මගින් හිමොග්ලොබින් නිපදවීමට සහායවෙමින්, ඔක්සිජන් ප්‍රවාහ වැඩිකර, මතක ශක්තිය වර්ධනය කිරීම අවශ්‍යයෙන්ම සිදුවනු ලබනවා.
☘️මෙමගින් රක්ත හීනතාවය නැතිනම් නිරක්තියත් එමගින් ඇතිවෙන්න පුළුවන් තවත් රෝග තත්වත් වළකනවා.
☘️ ලාවුළු ගෙඩිය කැල්සියම්වලිනුත් ඉතාම පොහොසත්. මේ නිසා මේ ගෙඩි ආහාරයට එකතු කරගන්න එකෙන් ඔබේ අස්ථි ශක්තිමත් වෙනවා.
☘️ කාටිලේජවල මනා පැවැත්මට උපකාරී වෙන අතරෙම ආතරයිටිස් වැනි සන්ධි රෝග පාලනය කිරීමටත් සමත් වෙනවා. අස්ථි වල මනා පැවැත්මට හේතු වෙන නිසා ඔස්ටියෝ පොරෝසිස් අවදානම අඩුකිරීමත් සිදුවෙනවා.
☘️අස්ථි වලටම අයිති වෙන දත් සවිමත්වීම සිදුවෙන අතරෙ විදුරුමසින් සිදුවෙන ලේ ගැලීමුත් වලකිනවා.
☘️දත් කැක්කුම දුරුකිරීමට ප්‍රතිකාරයක් ලෙස ඇට මදය යොදාගන්නවා ලාවූළු වල ඇති C විටමින් සෙම්ප්‍රතිශ්‍යා උණ ආදි බෝ වන රෝග ඇතිවීම වළක්වනවා. වයිරස් වලට ඇතිවන ප්‍රතිරෝධය තමයි ඊට හේතුව. ඒ වගේම එහි ඇති ක්ෂුද්‍ර ජීවීන්ට HI වෛරසය මර්දනය කරන ගුණ ඇති හෙයින් ලොව පුරා ඒඩ්ස් රෝගීන් බොහොමයකගේ ආහාර වේලට ලාවුළු එක්කරනු ලබනවා. .
☘️ලාවුළුවල ඇති ආහාරමය තන්තු ජීර්ණ පද්ධතියේ යහපත් ක්‍රියාකාරිත්වය ඇතිකරනු ලබනවා. මේ හින්දා බඩවැල් ආශ්‍රිතව ඇතිවන විවිධාකාර රෝග වලටත් මල බද්ධ අර්ශස් ආදී රෝගවලටත් මේ පලතුර ඉතාම හිතකරයි.

☘️ ස්නායු පද්ධතියට හිතකරව ක්‍රියා කරන ලාවුළු අපස්මාරය හා මතකය අඩුවීම ආශ්‍රිත ඩිමෙන්ෂියා රෝග තත්වය පාලනය කිරීමට සමත් වන ආහාරමය ඖෂධයක්.
☘️ ඒ වගේම මානසික ආතතිය දුරු කරලා සුවපත් නින්දක් ලබාදීමටත් සමත් වෙනවා.
☘️ ලාවුළු ගෙඩියේ ඇට සිහින්ව කපා රැයක් දියෙහි තබා උදෑසන හිස්බඩ පානය කිරීමට ලබා දීම මගින් ☘️ඕජස සහ ශුක්‍ර වර්ධනය කර ගැන්මට ද යොදාගනු ලබන්නක්.
☘️ඇටවලින් හිඳින තෙල් හිසකෙස් වර්ධනය කරන ගුණ සහිතයි. බීජ වගේම කොළ සහ පොතුත් සමේ රෝග දුරුකරන ශක්තියෙන් යුක්ත වෙනවා.
☘️ ඇට වල මදත්, ශාක පොතුත්, ගසේ කොළත් තැම්බු ජලය තුවාල සේදීමට යොදා ගන්නවා. කල් ගිය තුවාල අරමණ වණ සහ ඉස්ම ගලන තුවාල සුව කිරීමට පොතු කෂාය ලබා දෙනවා.
☘️ගසේ පොතු .විෂබීජ නාශක ගුණයෙන් යුතු අතර උණ සෙම් ප්‍රතිශ්‍යා කැස්ස ට ද කෂායකර බීමට දෙනවා. කොළ ප්‍රදාහ නාශක ගුණයෙන් යුක්ත වන අතර මෙහි කොළ කෂාය අධි රුධිර පීඩනය පාලනය කිරීමට ලබා දෙනවා.
👉 නිරෝගි ශක්තිමත් සිරුරක් ලබාගැනීමටත් නිරෝගී පැහැපත් සමක් ලබාදෙන ලාවුළු රූපලාවණ්‍ය වර්ධකයක් විදියටත් ,ආවේණික රෝග පාලනය කිරීමටත් උපකාරිවෙනවා. මේ නිසා රූපලාවන්‍ය නිෂ්පාදන වළටත් ලාවුළු යොදනු ලබනවා.
👉කොයිතරම් ගුණදායක වුවත්, මේවායේ පොටෑසියම් බහුලතාව නිසා වකුගඩු වල ක්‍රියාකාරීත්වය අඩු රෝගීන්ට ලාවුළු හිතකර වෙන්නෙ නෑ.
👉ගැබිණි මවුවරුන්ට ඉතාම පෝෂ්‍යදායි පලතුරක් විදියට ලාවුළු දක්වන්න පුළුවන්. බොහොමයක් පලතුරු වර්ග රසායන ද්‍රව්‍ය ඉහලා ගෙනෙන ඒවා උනත් ස්වභාවිකව ගන්න පුළුවන් විදියෙ හොදම පලතුරක් තමයි මේක.කොපමණ ගුණ වුවත් සීමාවකට ගැනීම සුදුසු බවයි සඳහන්වන්නේ.

ලාවුළු ව්‍යංජනය
==================

ලොකු ලාවුළු ගෙඩි 2
අමු මිරිස් කරල් 3
කරපිංචා
තෙල් ස්වල්පයක්
ලුණු ස්වල්පයක්
මිරිස් කුඩු තේ හැඳි 1
උකු පොල්කිරි කෝප්ප 1
රතු ළූණු ගෙඩි 3
කහ
අබ ස්වල්පයක්
උම්බලකඩ කැබලි තේ හැඳි 2
සාදාගන්නා ආකාරය..
හොඳින් පැසුණු ලාවුළු ගෙඩි මේ සඳහා තෝරාගන්න.
ලාවුළු පොත්ත ඉවත් කර හිරමනයකින් හෝ ග්රෙටරයකින් ගාගන්න.
ජලයේ දමා හොඳින් සෝදා ලුණු වතුර මිශ්‍ර උණු වතුරෙන් හොඳින් මිරිකන්න.
ඉන්පසු උම්බලකඩ,මිරිස්,කහ,ලුණු,අමු මිරිස් ආදිය දමා කිරිත් සමග මිශ්‍ර කර හොඳින් පිසගන්න.
සුදු ලූණු ,කපාගත් රතු ළූණු,කරපිංචා තෙම්පරාදු කරලා මිශ්‍ර කල විට වඩා රසවත් වෙනවා.

Dr. Rasanjana Ilangkoon
BAMS(University of Kelaniya )
Harithayur Healthcare
Ganemulla
0703482814 whatsapp

Address

Galle
80070

Alerts

Be the first to know and let us send you an email when හෙල ඔසු පොත posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram