Ravinda Udagamage

Ravinda Udagamage health promotion , health education ,consultation ,දැනුම , විනෝදය සහ අත්දැකීම් සියල්ල . සමාජය , රට, ලෝකය , විෂ්වය.... ගැන මට හිතෙන දේවල් ....

https://youtu.be/ewkZAMbeNMc?si=Pk2rxdncw-xJsvwd
02/11/2025

https://youtu.be/ewkZAMbeNMc?si=Pk2rxdncw-xJsvwd

බොහෝ දෙමව්පියන් තමන්ගේ දරුවට උණ හැදුනාම භීතියට පත්වෙනව.. ඇත්තටම උණ කියන්නේ මොකක්ද ?

01/11/2025

Trip එකක් , Tour එකක් ඉවරවෙලා ආපහු ගෙදර යද්දී හිතට පොඩි මෙව්වා එකක් දැනෙනව නේද?

01/11/2025

සවස තනියම ගෙදර ඉන්න දෙන්නේ නැහැ නේ ඉතින් ...🥰🫢🦋🐝🪲

අත් දෙකම උස්සා සහය දෙමි.... ( හරියට කරන්න )
01/11/2025

අත් දෙකම උස්සා සහය දෙමි.... ( හරියට කරන්න )

🩺🩺🩺
01/11/2025

🩺🩺🩺

⭕ඔස්ට්‍රේලියාවේ පෙත්ත සහ අපේ ලෙඩ්ඩු
===================================

⭕ලංකාවේ ඉතාම සැලකිය යුතු තරුණ කොටසක් ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, එංගලන්තය, ඇමරිකාව වගේ දියුණු රටවල ජීවත් වෙන බව අපි හැමෝම දන්නවා

⭕ඉස්සර නම් ඉතින් එහෙ ඉන්න කට්ටිය ලංකාවේ ඉන්න තමන්ගේ අම්මට තාත්තට සහ ළඟම නෑයන්ට එව්වේ ටොපි චොකලට් වගේ දේවල් තමයි

⭕දැන් නම් ඒ වෙනුවට එවන්නේ විවිධාකාර පෙති වර්ග. පෙති ටික ඉවර වුණාට පස්සේ කුස්සියේ කුලුබඩු දාන්න පුළුවන් ආකාරය ලස්සන ප්ලාස්ටික් බෝතල් වල දාලා තමයි ඔය බේත් එන්නේ

⭕බහුතරයක් අවස්ථාවේදී ඔය බෙහෙත් වල තියෙන්නෙ මල්ටිවිටමින් (multivitamins), විටමින් D, කැල්සියම් සහ ග්ලයිකමයිනොග්ලයිකෑන් (Glycosaminoglycan) කියන ආකාරයේ බේත්. තවත් නානාප්‍රකාර පෙති වර්ග තියනවා.

⭕අවුරුද්දේ අන්තිමට සුපර්මාකට් එකේ sale එකේ දාලා තියෙනකොට අඩු මිලට ගත්තත් ඔය පෙති එවන්නේ හොඳක් කරන්න බලාගෙන.

⭕නමුත් ලංකාවේ ඉන්න රෝග ගැන අනවබෝධයෙන් ඉන්න ඔබේ ඥාතියා සමහර වෙලාවට ඕවා පාවිච්චි කරන්නේ වඳුරට දැලි පිහිය දුන්නාවගේ.

⭕මේ ටික ලියන්න මුල් වෙච්ච ලෙඩාගේ කතාව මුලින් කියලා ඉන්නම්. කථාව ලිව්වේ ලෙඩාගෙන අවසර අරගෙන.

⭕අවුරුදු 60 ක් විතර වයස කොලස්ටරෝල් (Dyslipidemia) වලට සහ ප්‍රෙශර් (High blood pressure) වලට වසර 3ක් විතර ප්‍රතිකාර ගත්ත රෝගියාට ළඟදී අංශභාගේ ඇවිල්ලා ඇද වැටීමක් වෙලා උකුල බිදීමක් වෙලා තිබ්බා.

⭕රෝගියාව මට එව්වේ උකුල බද්ධ කරපු වයිද්‍යවරයා ඔස්ටියොපොරෝසිස් වලට ප්‍රතිකාර කරන්න කියලා.

⭕ලෙඩාගේ වාසනාවට අංශභාග තත්වය ඉතාම හොඳට 90%ක් විතරම යථාතත්වයට physiotherapist විසින් ගොඩ අරගෙන තිබ්බා. උකුල බද්ධ කරල දීල තිබ්බේ අංශභාග තත්වය ඉක්මණට යතාතත්වයට ආපු නිසා.

⭕රෝගියාගේ වාර්තා පරික්ෂා කරලා බලනකොට පවුලේ වෛද්‍යවරයා විසින් පසුගිය අවුරුදු තුනම බොහොම පිළිවලට පොතක ලියලා බෙහෙත් නිකුත් කරල තිබ්බා.

⭕හැබැයි කිහිප තැනක සටහන් කර තිබ්බා defaulted treatment කියන වචනය. ඒකෙ අදහස අදාළ දවසට බෙහෙත් ගන්න ආවේ නෑ කියන එක සහ බෙහෙත් නිසි පරිදි ගත්තේ නෑ කියන එක.

⭕අදාළ මූලික පරීක්ෂණ රැසක් කරලා තිබ්බා ඊට osteoporosis පරීක්ෂණය පවා ඇතුළත් වෙලා තිබ්බා.

⭕Pressure සටහන් කරපුවා බලනකොට 180/110, 170/110 වගේ වැඩි අගයන්ගේ තමයි තිබ්බේ.

⭕රෝගියා ගන්න බෙහෙත් කියල වර්ග දහයක් විතර අරගෙනම ඇවිල්ල තිබ්බා. එතන pressure පෙති, කොලස්ටරෝල් පෙති, Aspirin පෙති, සහ නානාප්‍රකාර ඔස්ට්‍රේලියාවෙ පෙති තිබ්බා.

⭕රෝගියාගෙන් මම ප්‍රශ්න කර සිටියහම රෝගියා කියා සිටියේ සර් මෙච්චර බෙහෙත් වර්ග බොන්නේ කොහොමද මම ඉතින් ඉතින් අත්‍යවශ්‍යම ටික තෝරගෙන තමයි බොන්න කිව්වා.

⭕රෝගියා කියපු දේ සාරාංශය තමයි මෙර්.

✅ප්‍රෙෂර් පෙත්ත ප්‍රෙශර් වැඩි වෙලාවට විතරයි බොන්නේ මොකෝ සර් ඕකට වකුගඩු නරක් වෙන්න පුළුවන් කියලා ෆාමසියෙන් කිව්වා.

✅ඔස්ට්‍රේලියා පෙති ගොඩේ fish oil තිබ්බ හින්ඳා කොලොස්වල් පෙත්ත නතර කළා කිව්වා. මොකෝ fishoil ගන්නකොට කොලොස් වල අඩු වෙනවනේ කියලා.

✅ඔස්ටියෝපොරෝසිස් වලට දෙන සති පෙත්ත (Alendronate) ගත්තේ නෑ, හැබැයි කැල්සියම් සහ විටමින් ඩී එක ගත්තා කියලා තව ඔස්ට්‍රේලියාවේ බෝතලයක් පෙන්නුවා.

✅එකි මෙකී නොකී විටමින් පෙති බෝතල් කීපයක්ම තිබ්බ. ඒ ටික නම් එක ගානෙ ගත්තා කිව්වා හැමදාටම.

⭕සාරාංශය තමා ලෙඩා අත්‍යාවශ්‍යම බෙහෙත් අත ඇරලා ඔස්ට්‍රේලියාවෙ පෙති ඔක්කොම පිලිවලට බීපු එක.

✴️සතියට සැරයක් දෙන alendronate පෙත්ත ගත්තේ නැත්තේ මොකද කියලා ඇහුවහම ලෙඩා කියනවා මේ report එකේ ලියලා තියෙන්නේ කැල්සියම් සහ විටමින් ඩී සප්ලිමන්ට්ස් ගන්න කියලනේ කියලා. එතකොට මං ඇහුවා ඇයි ඔය උඩ ලියලා තියෙන්නේ anti - resoptive medicines are indicated කියලා, ඒක තමයි ඔය alendronate කියන සතියට සැරයක් දෙන පෙත්ත. මේ ඔයාගෙ family doctor ඒක ලියල දීලත් තියනවනෙ කියල.

✴️ ඔස්ටියොපොරෝසිස් හැදුනට පස්සෙ calcium සහ විටමින් D විතරක් බීල උකුල කොන්ඳ කැඩෙන එක නතර කරගන්න බෑ කියල ලෙඩාට අවබෝධ කරල දුන්න.

✴️Fish oil වලට ඇගේ triglyceride කියන කොලස්ටරෝල් ජාතිය අඩු වුනාට කොලස්ටරෝල් පෙත්තක් දෙන්න ඕන වෙලාවට කොලස්ටරෝල් පෙත්ත බොන්නෙ නැතුව fish oil බීල හරියන්නෙ නෑ කියලත් අවබෝධ කරල දුන්නා.

✴️ප්‍රෙශර් එකට දීපු පෙති වලට වකුගඩු නරක් වෙන්නෙ නෑ, ප්‍රෙශර් තියන ලෙඩ්ඩුන්ගෙ වකුගඩු නරක් වෙන්නේ බෙහෙත් නොබී හිටියම ලෙඩේ හින්ඳ කියලත් අවබෝධ කරල දුන්නා.

✴️ලෙඩාට ඔස්ටියෝආතරයිටිස් නැති හින්ඳා ඔය glycosaminoglycan එක ඇත්තම බීල වැඩකුත් නෑ කියලත් අවධාරණය කලා.

⭕නමුත් මම දන්නවා ඉස්පිරිතාලෙ පඩි පෙල බහිනකොට ලෙඩා පරණ විදිහටම factory reset වෙනවා කියලා.

⭕මම දැන් අර කලින් කියපු වඳුරට දැලි පිහිය දෙන කතාව ඔතන තමයි වැදගත් වෙන්නේ.

⭕ලංකාවේ රෝගීන් දිගුකාලින ප්‍රතිකාර ගන්න දැඩි මැලිකමක් දක්වනවා. බෙහෙත් බොන්න අකමැත්ත සාධාරණ කරලා වැල්වටාරම් ලියන්න පුලුවන් වුනාට අපි ඇත්ත තේරුම් ගන්න ඕනේ.

⭕දිගුකාලින ප්‍රතිකාර ගත්තහම වෙන්නේ ලෙඩේ සංකුලතා අවම වෙන එක. බෙහෙත් නිසා රෝගීන් අමාරුවෙ වැටෙන්නේ ඉතාම කලාතුරකින්.

⭕අනික තමා ඔස්ට්‍රේලියාවෙ පෙති කියල ඔය බෝතල් බෙහෙත් supplements මිසක් අත්‍යාවශ්‍ය බෙහෙත් නෙවේ. ඒක හින්ඳ තමා ඕවා prescription නැතුව සුපර්මාර්කට් වල විකුණන්නේ.

⭕ඔය කිසිම supplement එකකට බැහැ බෙහෙතකින් කරන කාර්‍ය කරන්න.

⭕මෙම රෝගියා කරපු වැඩෙන් අන්තිමට වුණේ ඔස්ට්‍රේලියාවේ රස්සාවක් කරගෙන හිටපු දුවට රස්සාවත් අත ඇරලා අම්මා හොඳ කරගන්නකම් ලංකාවට ඇවිල්ලා ඉන්න වෙච්ච එක.

⭕මේක ඔය ලෙඩාට විතරක් වෙච්ච දෙයක් නෙමෙයි නිතිපතා අපි දකින දෙයක්.

⭕සමාජ මාධ්‍ය හරහා වැරදි තොරතුරු සංසරණය වීම නිසා ලෙඩ්ඩු ගොඩක් අමාරුවෙ වැටෙනවා.

⭕ පන්සල් පල්ලි වල තියන වයස්ගත සංගම්වල ඉන්න පණ්ඩිත වැඩිහිටියෝ ඔලුවලට දාන දේවල් නිසා ඊටත් වඩා රෝගීන් අමාරුවේ වැටෙනවා..

⭕ඒ අස්සේ පිටරටක ඉඳන් "බෙහෙත්ම නොවන බෙහෙත්" එව්වහම ලෙඩ්ඩු අත්‍යවශ්‍ය බේත නතර කරලා අර ඕස්ට්‍රේලියාවේ පෙත්ත බීලා හිතාගන්නවා මට දැන් අවුලක් නෑ කියලා.

⭕ඔය ඔස්ට්‍රේලියාවෙ පෙති කියල මම හඳුනන පෙති වර්ග ඉතාම හොඳයි, ඒක ගැන කථා දෙකක් නෑ.

⭕ලංකාවෙ ඕනම හොරෙක්ට වංචාකාරයෙක්ට මේ පෙත්ත, ජූස් එක, තෙල් එක මේ ලෙඩේට හොඳයි කියලා විකුණගන්න පුලුවන් වුනාට ඒ රටවල එහෙම බෑ.

⭕ඔබ පිටරටක ඉන්න කෙනෙක් නම් ඕව එවන කොට හොඳට හොයල බලන්න තමන්ගේ අම්මා තාත්තා ලෙඩකට දීල තියන ප්‍රතිකාර නතර කරලද ඕව බොන්නේ කියලා. මොකෝ ඔය ගොල්ලො අවුරුදු ගාණක් කට්ට කාලා ජීවිතේ දිනාගෙන යනකොටම ඔය ගොල්ලන්ගෙ දෙමාපියන් නොදැනුවත්කම නිසා ඒක විනාස වෙන්න පුලුවන්.

⭕හැමදාම කෝල් කලහම රට වටේ ඕප දූප අහන්න කලින් බෙහෙත් බිව්වද කියල හොයල බලන්න.

⭕Dr Aruna Caldera
සන්ඳි සහ සන්ඳි ආශ්‍රිත රෝග සම්බන්ධ විශේෂඳ වෛද්‍ය
MBBS, MD, MRCP(UK), MRCP (Rheumatology)

31/10/2025
31/10/2025

එක පිරිමියෙකුට ගැහැණු 1.07 ක්.... අෆ්ෆා ...🫣🫣🫣

31/10/2025

සමහර දේවල් තියනව ලෝකෙටම පේන්න සද්දේ දාල කරන්න ඕන . සමහර දේවල් තියනව ඇත්තටම හොරෙන් කරන්න ඕන . Good Morning

30/10/2025

අයිස් කියන්නේ විහිලුවක් හෝ දේශපාලනික දෙයක් නෙවෙයි . මේක වසංගතයක් . දැනට අපේ රටේ යම්තම් අවුරුදු 12 පැන්න පොඩි එකාගේ ඉදල මහල්ලා දක්වා මේකට ඉතාමත් වේගයෙන් ඇබ්බැහි වෙමින් යනව. අනිත් රටවල් වලට වැඩිය වේගයෙන්. අපිට එදිනෙදා හම්බවෙන දරුවන් , තරුණයින් බොහොමයක් ඉන්නව. එයාලගේ ජීවිතය එකම ගිනිගොඩාක්. ඇබ්බැහි වුනොත් බේරෙන්න අමාරුයි . ලෝකයේ දැනට තියන මත්ද්‍රව්‍ය වලින් වැඩියෙන්ම ඇබ්බැහි වෙන්නේ මේකට. ඒ වගේම භයානකයි . සාමාන්‍යයෙන් මේක පටන් අරගෙන උපරිම ජීවත් වෙන්නේ අවුරුදු 10-20 ක් අතර කාලයක්. මානසික රෝග වලට අමතරව ආඝාත, ( stroke ) හදිසි හර්දයාභාද( Acute myocardial infarction ) , හදවතේ රිද්මය වෙනස්වීම( Cardiac Arrhythmia / Irregular heart beats ) මීමැස්මොරය,හදවතේ මාංශ පේශි දුර්වල වීම ( cardiomyopathy ),මහා ධමනිය පුපුරායාම( Aortic dissection or rupture ), හදිසියේ ඇතිවන හදවත නතරවීම,පෙනහලුවල පීඩනය වැඩිවීම ( pulmonary hypertension ) වැනි රෝග වලින් අනිවාර්යයෙන්ම දවසක මියයනව. මේ දවස්වල ඒ වගේ මරණ කීපයක් වාර්තා වුනා. ඉතින් මේක ඇත්තටම රටින් තුරන් කරන්න ඕන විපතක්. ඒකට බහුවිධ වැඩපිළිවෙළක් ඕන. ඒකට රජයට හරිහමන් වැඩ පිළිවෙළක් තියනවද මන්ද? දැනට කරන පොලිස් වැටලීම් විතරක් මදි. පාසල් , ආයතන , ආගමික ස්ථාන , වෛද්‍යවරුන් සහ සමාජ ක්‍රියාකාරීන් , මාධ්‍ය මේ සදහා යොදාගත යුතුය . නිකම් කොහෙන් හරි මත්ද්‍රව්‍ය අල්ලල ඒක කාගෙ හරි ඇගේ ගගන්න හදල , බොරු සංදර්ශන දාල නම් මේක කරන්න බැහැ . අර clean sri lanka වගේ, එහෙම නැත්නම් රිලවු ගණන් කලා වගේ ගොන් ආතල් එකක් නොකර මේක ඇත්තටම බොක්කෙන් කලොත් හොදයි. නැත්නම් රටම කුඩේ කුඩු....
😥😥😥
රවින්ද උඩගමගේ

රැහේ එකෙක් .... ❤️🔥🔥Dr. Ro
30/10/2025

රැහේ එකෙක් .... ❤️🔥🔥
Dr. Ro

මේක මෙහෙත් කරන්න පුලුවන්ද?
29/10/2025

මේක මෙහෙත් කරන්න පුලුවන්ද?

29/10/2025

"calm parent is one of the best medicines a child can have.”

Address

Gampaha

Website

Alerts

Be the first to know and let us send you an email when Ravinda Udagamage posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram