Psychiatric Nurse

Psychiatric Nurse Improving people

සමහර පිරිමි ඉන්නව කාන්තාවන්ට පට්ටම විදිහට අපහාස කරන. ඒ පිරිසෙන් බහුතරයක් S*x ඇරියස් තියෙන මිනිස්සු. සියලුම පිරිමින් සහ ක...
12/11/2025

සමහර පිරිමි ඉන්නව කාන්තාවන්ට පට්ටම විදිහට අපහාස කරන. ඒ පිරිසෙන් බහුතරයක් S*x ඇරියස් තියෙන මිනිස්සු. සියලුම පිරිමින් සහ කාන්තාවන් ලිංගිකත්වයට දැඩි ආශාවක් දක්වන්නේ නැහැ. එවැනි අයට සමාජ මාධ්‍ය තුළ තමන්ගේ අදහසක්වත් දක්වන්න ඉඩක් නැහැ. උඹලගේ ගෑණු තමයි පිට යන්නේ , උඹලා මළ මිනී වගේ ගෑණු , උඹල වගේ ගෑණු බඳින්න හොඳ නෑ යන වශයෙන් විවිධ අපහාස දැක ඇත. ඔබ එවැනි චෝදනාවකට ලක් වුවහොත් හැකිනම් පෞද්ගලිකව ඔවුන් පිළිබඳව සොයා බලන්න. අධ්‍යාපන මට්ටම අඩු , ආර්ථික ශක්තියක් නැති , තමන් පොරවල් කියලා ලෝකෙට පෙන්නන්න හදන අමුතුම කොට්ඨාසයක්. ඒ නිසා ඒ වගේ මෝඩයෝ කියන දේවල් අහලා උඹලගෙ පවුල් ජීවිත විනාශ කරගන්න එපා. කාටවත් අපහස කරනවා නෙවෙයි. ඒ වගේ මිනිස්සුන්ගේ ආර්ථිකය සෝමාලියාව වගේ. ඒ උනාට හොයන්නෙ යුරෝපියන් සාස්කෘතියක්. පිරිමින්ට අපහාස කරන මෙවැනි කාන්තාවන්ද නැතුවාම නොවේ.

සමහරු තමන්ගේ බිරිඳට ප්‍රසිද්ධියේ අපහාස කරමින් ලිංගිකත්වය සඳහා සරාගී කාන්තාවන් බලාපොරොත්තුවේ. හොඳට හොයලා බලන්න එහෙම පිරිමි තමන්ගෙ ගෑනිට ඇඳුමක් අරන් දෙන්නේ නැහැ , සැලොන් එකකට යන්න කීයක්වත් දෙන්නේ නැහැ , Medical facilities වත් හරියට දීල නැහැ , ට්‍රිප් එකක් එක්ක ගිහින් නැහැ , ආස දෙයක් කන්නවත් අරන් දෙන්නේ නැහැ. තමන්ගෙ ගෑනි ගෙදර වැඩකාරි වගේ. ඒ උනාට S*xual life එකේදී පමණක් European ( යුරෝපා ) පන්නයේ හැසිරීමක් බලාපොරොත්තු වෙනව. තමන්ගේ Partner ට ලිංගික උදාසීන ගතියක් ඇතිවීමට හේතු මොනවද කියල කිසිම කෙනෙක් හොයල බලන්නේ නැහැ. ඒ වගේ පිරිමි ලිංගිකත්වයේදී තමන් පට්ට වැඩ්ඩ කියලා සමාජයට පෙන්වීමට පුදුම ගේමක් දෙන්නේ.S*x කරන්න හොයන්නෙත් යුරෝපියන් පන්නයේ කාන්තාවන්. හරි හමන් ආදායමක් නැතුව එහෙම බලාපොරොත්තු වෙන්නේ ඇයි. අඩුම තරමේ මාසෙට ලක්ෂ දහයක වත් ආදායමක් තියෙනවනම් සමාජ මාධ්‍යවල ඒ වගේ ටෝක් දුන්නට කමක් නැහැ. සමාජයට යහපත් අදහසක් දක්වන කෙනෙකුටවත් පාඩුවේ ඉන්න නැහැ. හැම එකකටම මැදින් පැනල Comment කරනව. ලංකාවේ ගෑණු සුද්දියෝ වගේ වෙන්න ඕනි වැනි දාර්ශනික ටෝක්. හරියට හොයල බැලුවොත් තමන්ගේ ගෑනි මැද පෙරදිග ගෙදරක වැඩ. සංස්කෘතිය විතරක් යුරෝපියන් වෙන්නේ නැහැ. ආර්ථිකයත් ඒ මට්ටමට හැදෙන්න ඕනි. ඒ විදිහේ Life style එකක් ඕනි නම් මුලින්ම ආර්ථිකය හදා ගනිල්ලා. වැදගත් විදිහට ජීවත් වෙන මිනිස්සුන්ට අපහාස කළා කියලා වැඩක් නැහැ. පුවක් වල්ලක් කඩල විකුණල ඩේටා කාඩ් එකක් දාගෙන යුරෝපියන් සංස්කෘතියක් සහ විකෘති ලිංගික සමාජයක් නිර්මාණය කරන්න උත්සාහ කරන්න එපා. ඒක මුළු සමාජයටම විහිළුවක්.

මේක කියවන ඔයගොල්ලොත් හොඳට හොයල බලන්න ප්‍රසිද්ධියේ ලිංගිකත්වය පිළිබඳව කතා නොකළ යුතු දේවල් හැම වෙලාවෙම කතා කරන්නේ S*x ඇරියස් තියෙන මේ වගේ මිනිස්සු.S*x life එක හොඳටම Enjoy කරන මිනිස්සු කවදාවත් සමාජ මාධ්‍යවල රඟන්නේ නැහැ. ඒ වෙලාවට උපරිම වින්දනය කලා ඊට පස්සේ තමන්ගේ පාඩුවේ දෛනික වැඩකටයුතුවල යෙදෙනව. පුස්කාපු යට ඇඳුම් ඇඳගෙන B**M , Mistress , Slave , වගේ Concepts හොයන්න එපා. ගේමක් ගහලා සල්ලි කීයක් හරි ඉතුරු කර ගනිල්ල හදිසියට ලෙඩක් දුකක් හැදුනොත් බෙහෙත් ටිකක් ගන්න. සමාජ මාධ්‍යවල යන දේවල් බලල ඔළු කුණු කරගන්නේ නැතුව තරුණ කාලේ කොහොම හරි ගේමක් ගහලා ගොඩ එන්න බලපල්ල. මුලින්ම තමන්ගෙ ගෙදර ඉන්න අම්ම , නැගණිය කුඩා දරුවෝ දිහා බලනව වගේ සමාජය දිහා බලන්න පුරුදු වෙයල්ල. ඔය ඔක්කොම දේවල් තියෙන්නෙ ආර්ථිකය කියන Bench mark එකට යටින්. වර්තමාන සමාජයේ ලිංගිකත්වය , ආදරය , දයාව , විවාහය , පවුල් ජීවිතය , ආධ්‍යාත්මය මේ ඔක්කොම තියෙන්නේ ආර්ථිකයට යටින්. ඒ නිසා එක එකාගේ ලණු කන්න එපා. කොහොම හරි ගේමක් ගහලා ගොඩ යන්න බලහල්ල. එතකොට තමන් ආස දේවල් ( Fantasy ) කවදාහරි උඹලට ලැබෙයි.

ඔබත් මෙවැනි Motivation and booster articles කියවන්න කැමති කෙනෙක් නම් සොඳුරු යථාර්ථවාදියා Page එකත් Follow කරන්න..

සැමියෙකුගේ සටහනක්...☺️❤️දින කිහිපයක් මං බලා සිටියා හැමදාම ඇය ඇඳුම් උනා දමා කන්නාඩිය ඉස්සරහා විනාඩි කිහිපයක් ඇය දෙස බලා ස...
12/11/2025

සැමියෙකුගේ සටහනක්...☺️❤️

දින කිහිපයක් මං බලා සිටියා හැමදාම ඇය ඇඳුම් උනා දමා කන්නාඩිය ඉස්සරහා විනාඩි කිහිපයක් ඇය දෙස බලා සිටිනවා. ඇය ඒ පැත්තට මේ පැත්තට හැරි හැරී ඇගේ ශරීරය දෙස බලනවා. බඩට අත තියලා බඩ ඇතුලට තද කරලා බලනවා. එල්ලා වැටෙන පපුව අත් දෙකෙන් උස්සලා තියලා බලනවා. හරියට ඇගේ ශරීරයේ කලිං තිබුණ දේවල් කිසි දෙයක් දැන් තිබිය යුතු නිසි තැන නෑ වගේ. ඇය ඒ දෙස බලා නැවත ඒවා ඒ තිබුන විදියටම සකස් කරන්න උත්සහා කරන සැටි මං හැමදාම හොරෙන් බලා සිටියා. ඇය ඇගේ ශරීරය දෙස කන්නාඩියෙන් බලන හැම අවස්තාවකම ඇය සිටින්නේ කණගාටුවෙන් බව මට තේරුනා.

දිනක් මං කන්නාඩිය අරන් හංඟලා තිබ්බා. ඇය වැඩ ඇරී නිවසට පැමිණ ඇඳුම් උනා දමා කන්නාඩිය දෙසට හැරුනා. නමුත් කන්නාඩිය එතන නොවීය.

ඇය මගෙන් ඇසුවා "කෝ කන්නාඩිය"...

මං කිව්වා "මං ඒක අරන් තිබ්බා"...

"ඇයි ඔබ ඒක අරන් තිබ්බේ" ඇය ඇසුවා...

"මොකද ඒක ඔයාට පෙන්නන් නෑ මං දකින දේ..., මං දකිනවා ලස්සන ගැහැනියක්. මහන්සියෙන් කැපවීමෙන් තමන්ගේ රැකියා කටයුතු කරන, ඉගෙන ගන්න, තමන්ගේ බලාපොරොත්තු අධිෂ්ඨානයන් ඉෂ්ට කරගන්න කැපවෙන, ඒ වගේම මගේ දරුවොන්ගේ අම්මා, මේ හැම වැඩ රාජකාරියක් අස්සේම මං වෙනුවෙනුත් කාළය වෙන්කරන ඒ මං දකින සුන්දර ගැහැනිය ඔයා කන්නාඩිය තුළින් නොදකින බව මං දන්නවා"... ☺️🥰❤️

ඇගේ දෑස් කඳුලින් පිරිණි. මාව තදින් වැලඳගත් ඇය කීවේ " ඔයා නැත්නම් මට මොනා වෙයිද... මං දන් නෑ ඔයා නැතුව මං මොනා කරන්නද කියලා"... 😊❤️

සමහරවිට ඔබේ බිරිඳගේ සැමියාගේ ආදරණීය එක වචනයක් ඇති ඇයට හෝ ඔහුට ඔවුන්ගේ දැනෙන අඩුපාඩුකම් නොදැනෙන්න. 😌🤗

ඒ හැම අඩුපාඩුකමම නොදැනෙන්න ඔවුන්ට ආදරය කරන්න. 😊❤️

එකිනෙකා තුළ එකිනෙකා වෙනුවෙන් ඇතිවන ඒ හැඟීම කන්නාඩියකින් පෙනෙන දේට වඩා වැඩි බව දැනෙන්න. 😌😊❤️

For days she undressed and stared in the mirror for a few minutes, I pretended that I did not see her, but I noticed that she looked worried, she tightened her belly, raised her breasts, raised her butt, as if everything were out of place.

One day I took the mirror out of the room and hid it. She came home from work, undressed, turned to the wall and freaked out!

-Where is the mirror?

I said -I took it out

She asked -Why did you take it out ...

- because it does not reflect what I see! I see a beautiful woman, who works hard to achieve everything that has been proposed, who studies, who is the mother of my children and still has time to go out with me. And I know that when you look in the mirror you don't see any of that

She filled her eyes with water, hugged me excitedly and said: - What would I be without you? -I don't know what I would do without you my love 😍

Sometimes all it takes is a word of love, letting that person know that you love all their imperfections and that what they feel for each other goes beyond what the mirror can reflect.

02/11/2025

කාන්තාවන්ගේන් ක්ෂණිකව ගෞරවය අහිමි වන අවස්ථා වර්ග 7

1. බොරුව

- ඔබේ වචන ඔබේ ක්‍රියාවන්ට නොගැලපේ නම්, ඇය ඔබව විශ්වාස නොකරනු ඇත, විශ්වාසය නොමැතිව ආකර්ෂණය මිය යයි.

2. වගකීම් විරහිත

- තම මුදල්, සෞඛ්‍යය හෝ පොරොන්දු හැසිරවිය නොහැකි පිරිමියෙකු කෙරෙහි විශ්වාසය තැබිය නොහැක.

3. දුර්වල නියාමන

- අවිනිශ්චිත, උදාසීන, ඇය තීරණය කරන තුරු සැමවිටම බලා සිටිනවාද?

ඇය තමාටම මඟ පෙන්වීමට පටන් ගනීවි... ඔබට ගරු කිරීම නවත්වයි.

4. එකතැන පල්වෙන නියාමන

- අභිලාෂයක් නැත, වර්ධනයක් නැත, ස්වයං-දියුණුවක් නැත. ඇය කොහේවත් නොයන පිරිමියෙකු අනුගමනය නොකරනු ඇත.

5. අනුමැතිය සොයන්නා

- අධික ලෙස සමාව අයැදීම, වලංගුභාවය ඉල්ලා සිටීම, ඇගේ මතය වෙනුවෙන් ජීවත් වීම. එය ආදරය ලෙස වෙස්වලාගත් දුර්වලතාවයකි.

6. පහසුවෙන් පාලනය කළ හැකි නියාමන

ඇගේ මිතුරන්, සමාජ මාධ්‍ය හෝ සම වයසේ මිතුරන්ගේ පීඩනය ඔබේ හැසිරීම නියම කළහොත්, ඇය ඔබව පිරිමියෙකු ලෙස නොව රූකඩයක් ලෙස දකිනු ඇත.

7. නිදහසට කරුණු කීම

- වගකීම බරයි, නමුත් පිරිමින් බර උසුලන්නට ගොඩනගා ඇත. ඔබ එය මඟ හැරියහොත්, ඇය නිහඬව පරීක්ෂා කරනු ඇත.

මෙන්න කටුක සත්‍යය: කාන්තාවක් ඔබ කෙරෙහි ගෞරවය නැති කරගත් පසු, සම්බන්ධතාවය දැනටමත් අවසන් වී ඇත. ගෞරවය අත්තිවාරමයි - එය නොමැතිව, ආදරය සහ ආකර්ෂණය බිඳ වැටෙයි...

02/11/2025

ඔබ අසම්මත සහ විකෘති ලිංගික ආශාවන්ට කැමැත්තක් දක්වන කෙනෙක් නම් හෝ ඒ අය සමඟ වෛරයක් ඇතිවෙනව නම් මේක කියවන්න..කෙනෙක්ට සමලිංගික ක්‍රියාකාරකම්වලට ආශාවක් ඇති වන්නේ ඇයි..උදාහරණයක් ලෙසට කාන්තාවක් තවත් කාන්තාවකට ආකර්ෂණය වන්නේ ඇයගේ ශරීරය ගැහැණු උනත් මනස ක්‍රියා කරන්නේ පුරුෂයෙකුගේ ආකාරයෙනි..එසේ වීමට හේතුව ආත්ම ගණනාවකදී එක දිගට පිරිමි වෙලා ඉපදෙමින් S*x life එක හොඳට enjoy කරමින් ජීවත්වීම නිසාවෙනි. වර්තමාන ජීවිතයේ කාන්තාවක් වුවත් පුරුෂයෙක් වී පෙර භවයන්හි කාන්තාවන්ට දැඩිව ඇලූම් කළ නිසා අනුසය වශයෙන් ඉතිරිව ඇති සසර පුරුදු ක්‍රියාත්මක වීම සහ හෝර්මෝන් වල ඇති අසමතුලිතතාවයද මෙයට බලපෑ හැකිය. තමන් කාන්තාවක් වුවත් කාන්තාවන් කෙරෙහි ආකර්ෂණයක් ඇති වන්නේ එම සසර හුරුව නිසාවෙනි..අවස්ථාව ආ සැනින් තමන්ටත් නොදැනීම ඒ පුරුදු මතුවේ..පුරුෂයින් පුරුෂයින්ටම ආකර්ෂණය වන්නේද ඒ හේතුව නිසාවෙනි. එම නිසා ඔවුන්ට වෛර කිරීමට සහ අපහාස කිරීමට අපට වුවද සදාචාරාත්මක අයිතියක් නැත.

එතකොට මේ Consept මොනවද..Slave and mistress , වහල් විදිහට සිටීම..තමන්ගේම සහෝදර සහෝදරියන්ට ආශා කිරීම , සමහර කාන්තාවන් සතුන් මෙන් හැසිරීම..සමහරව කාන්තාවන් Tails ( වලිග ) සතුන් මෙන් ගැට ගසා අධික වධ වේදනාවන් වලට ලක්වී ලිංගිකව හැසිරීමට කැමති කාන්තාවන් ගැන ඔබ අසා ඇත..ඒ සංසාර ගමනේ බොහෝ වාරයක් තිරිසන් ආත්මවල ඉපිද ප්‍රතිසන්ධියේදී පුණ්‍ය කර්මයක් ඉදිරිපත්ව මිනිසත්බව ලැබූ කාන්තාවන්ය..බල්ලන් , පූසන් වැනි සතුන් ලිංගික ක්‍රියාකාරකම්වල යෙදෙන ආකාරය ඔබ දැක ඇත..සපා කමින් , ලේ වගුරුවමින් ලිංගිකව හැසිරීම එම සතුන්ගේ ස්වභාවයයි..එක් බැල්ලියක් පසුපස යන සුනඛ රංචුවක් ඔබ දැක තිබේද..පිරිමි ගණනාවක් අතින් එකවර ආශ්වාදය විඳීමට කැමති කාන්තාවන් ඒ ආත්ම බව වල බොහෝ කල් ඉපිද දුක් විඳි අයයි..මනුෂ්‍ය කාන්තාවක් වුවත් ඒ සසර හුරුව තාමත් තිබේ..සුනඛයන් සහ රිලව් , වඳුරො වැනි රංචු වශයෙන් ජීවත්වෙන සත්ව කොට්ඨාශයන්ට ලිංගිකත්වයේදී තමන්ගේ මවද , නැගණියද , අයියද , මල්ලිද , පියාද වශයෙන් භේදයක් නැත..මනුෂ්‍ය ජීවිතයක් ලැබුණත් එවැනි Fantasy පිළිබඳව ආශාවක් දක්වන්නේ එම සත්ව කුලවල බොහෝ වාරයක් ඉපදුන පුද්ගලයන්ය. භාග්‍යවතුන් වහන්සේ පවා මහා පරිනිබ්බාන සූත්‍රය , චක්කවත්ති සීහනාද සූත්‍රය තුළ මෙවැනි දේවල් පිළිබඳව දේශනා කොට තිබේ..

ඔබ හෝ මේ සටහන තබන මා බොහෝ ස්ත්‍රීන්ට දැඩිව ඇලුම් කරන අයෙක් නම් ඒ ක්‍රියාකාරකම් වලට addict වී ඇත්නම් මරණින් මතු සත්ව රංචුවක නායකයෙක් වී ඉපදීමට ඉඩකඩ තිබේ..යම්කිසි කාන්තාවක් බොහෝ පුරුෂයින් සමඟ ලිංගික ක්‍රියාකාරකම්වලට ඇබ්බැහි වී තිබේ නම් සුනඛයන් ගණනාවක් පිරිවරාගෙන යන එකම සුනඛ දේනුවක් වී ඉපදීමට ඉඩ තිබේ. ලිංගික අසීමාන්තික තත්වයේ ඇති භයානක කම නම් එහි සීමාවක් සහ ඇතිවීමක් නොමැතිකමයි. ඔබ ලිංගික විවිධත්වය පසුපස හඹා යන පුරුෂයෙක් නම් කාන්තාවන් කෙතරම් ප්‍රමාණයක් සමග ලිංගිකව එකතු වී ඇත්දැයි සිතා බලන්න. එහි ඇතිවීම පේන තෙක් මානයකවත් නොමැත. ඔබගේ මනස එතනින් ඔබ්බට දෙයක් බලාපොරොත්තුවේ. එවැනි තත්වයකදී කාන්තාවන් දෙදෙනකු හෝ ඊට වැඩි ප්‍රමාණයක් සමග එක්වර එකතුවීමට ඔබගේ මනස සිහින දකී. එතනින් නොනැවතී කාන්තාවන්ට වද හිංසා කරමින් පරපීඩක කාමුකත්වයට Master concept වලට පවා ඔබව යොමු වීමට අවදානමක් තිබේ. ඔබ ලිංගික විවිධත්වයට කැමති කාන්තාවක් නම් අද වන තෙක් පුරුෂයින් කී දෙනෙක් සමග එකතු වී තිබේදැයි මොහොතක් සිතන්න. ඔබට එහි සීමාවක් හෝ ඇතිවීමක් දැනුනාද ? එයින් සෑහීමකට පත් නොවී පුරුෂයින් කිහිප දෙනෙකු සමග එක්වර එකතුවීමට ඔබගේ මනස පෙළඹීමට ඉඩ තිබේ. එයත් මදි වූ කල පුරුෂයින්ගෙන් විවිධ වධ හිංසාවලට ලක් වෙමින් Slave girl කෙනෙකු මෙන් ලිංගිකත්වය ලබා ගැනීමට ඔබ පෙළඹීමට ඉඩ ඇත. Biologically මනුෂ්‍යයෙක් එම තත්වයට වැටීමට ඇති පාර එයයි. ඔබට එවැනි ශාරීරික අවශ්‍යතාවයක්වත් නොමැතිව එක එක විකාර කියවීම සහ අධ්‍යයනය කිරීම මගින් ඔලුව කුණු කරගෙන එවැනි තත්වයකට බලෙන් යනවා නම් ඔබ ඔබට ලැබුණු මනුෂ්‍යත්වයට කරන නිග්‍රහයකි. මනුෂ්‍ය ආත්මයක් ලැබුණු අපි සතුන් මෙන් හැසිරිය යුතු නැත. මෙවැනි Concept's ප්‍රථමයෙන් බිහිවුණේ යුරෝපය සහ ඇමරිකාව වගේ රටවල් වලිනි. ඔවුන් ගත කරන කාර්යබහුල ජීවිතය නිසා ඔවුන්ට ආධ්‍යාත්මික ජීවිතයක් සහ අධ්‍යාත්මයක් නොදත් නිසා ඔවුන් මෙවැනි දේ අත්හදා බැලුවේ ඔවුන්ගේ මානසික පීඩනය දුරුකර ගැනීමටය. එම මිනිසුන්ගේ ආර්ථිකයද ඉතාමත් ශක්තිමත්ය. ඔවුන් ඒ දේවල් ඒ මොහොතේ අත්හදා බලා Enjoy කලා පමණි. ඔවුන්ට එය එක් සිදුවීමක් පමණි. නමුත් ලංකාවේ බොහෝ මිනිසුන් ඒ දේවල් සෑම මොහොතකම ඔලුවේ තියාගෙන තමන්ගේ පවුල් ජීවිත , ව්‍යාපාර , රැකියාව සියලුම දේ අවුල් කරගන්නවා නම් ප්‍රශ්නය තිබෙන්නේ එතනයි. ඕනෑම දෙයක් අත්හදා බැලීමට ඔබට අයිතිය ඇත. එයට සීමා පැනවීමට වෙන කෙනෙක්ට අයිතියක් නැත. එවැනි දේවල් කළමනාකරණය කරගත යුත්තේ ඔබ විසිනි. සමාජයේ සම්පූර්ණ සුදු මිනිසුන් ඉතාමත් අඩු නිසා මනුෂ්‍යයන්ගේ හැඟීම් විවේචනය කිරීමට මට මෙන් ඔබටද අයිතියක් නැත. ඒ මන්දයත් ඔබ සහ මම යන සියලු දෙනාම සම්පූර්ණයෙන්ම සුදු මිනිසුන් නොවන බැවිනි. අප සියලුම දෙනා ම කළු සහ අළු මිනිසුන්ය. ඔබගේ මනුෂ්‍යය ජීවිතයේ වටිනාකම තේරුම් ගත යුත්තේ ඔබ විසින්මය.

මෙවැනි විවිධ ලිංගික ආශාවන් සහ විකෘතිතාවයන් වලට addict පුද්ගලයින්ට අප වෛර කර පලක් නොමැත..අප කළ යුතුවන්නේ එම සමාජයෙන් අයින් වීමය. මෙයින් ප්‍රකාශ කිරීමට උත්සාහ කළේ ජීවිතය විඳීම සහ සසරේ ඇති භයානකකම පිළිබඳවය.

02/11/2025
ඔබේ ජීවිතය ආදරණීය කරගන්නේ කෙසේද?  (Romanticizing Your Life)සාමාන්‍ය දවසක සැඟවුණු ආදරය:අපි බොහෝ විට සිතන්නේ ආදරය, සතුට සහ...
02/11/2025

ඔබේ ජීවිතය ආදරණීය කරගන්නේ කෙසේද? (Romanticizing Your Life)

සාමාන්‍ය දවසක සැඟවුණු ආදරය:

අපි බොහෝ විට සිතන්නේ ආදරය, සතුට සහ උද්යෝගය ලැබෙන්නේ නිවාඩු දිනවල, විශාල සාදවලදී හෝ චිත්‍රපටවල දකින විශාල සිදුවීම්වලින් පමණක් බව.
එදිනෙදා ජීවිතයේ ඒකාකාරී බව (The Mundane) තුළ සතුටක් සොයාගැනීම අමාරු බව බොහෝ දෙනාසිතනවා.

නමුත් මනෝවිද්‍යාත්මක දැක්ම වන්නේ, සැබෑ සතුට සහ චිත්තවේගීය යහපැවැත්ම පවතින්නේ, ඔබ ඔබේ ජීවිතයේ සරලම මොහොත වල් විදින දකින ආකාරය තුළයි කියන එක.

මෙම සංකල්පය "ඔබේ ජීවිතය ආදරණීය කිරීම" (Romanticizing Your Life) ලෙස හඳුන්වනවා. මෙය හුදෙක් සමාජ මාධ්‍ය සඳහා පෙන්වන බොරු පෙනුමක් නොවේ.
එය ඔබගේ මනසට සහ හදවතට සුවයක් ගෙන දෙන, සවිඥානිකව සතුට හා අලංකාරය සෙවීමේ චිත්තවේගීය පුරුද්දක්.

ඔබේ දෛනික චර්යාව තුළ ආදරය සොයාගෙන, මානසික සෞඛ්‍යය වර්ධනය කරගෙන, ඔබව ඔබේම ජීවිතයේ වීරයා (Main Character) බවට පත් කරගන්නේ කෙසේද යන්න පිළිබඳව කතා කරමු.

1. "ආදරණීය කිරීම" යනු කුමක්ද?
මෙය මනෝවිද්‍යාත්මකව සිහියෙන් සිටීම (Mindfulness) සහ කෘතඥතාව (Gratitude) සමඟ සමීපව බැඳී පවතී.

A. මනසේ හැරවුම (A Shift in Perspective)

ඔබේ මොළය ස්වභාවිකවම අවධානය යොමු කරන නිෂේධාත්මක දේවලින් මිදී, වර්තමාන මොහොතේ ඇති අලංකාරය සහ වටිනාකම කෙරෙහි අවධානය යොමු කිරීම.

උදේ හදිසියට කෝපි එකක් බී ඉක්මන් වෙනවා වෙනුවට, ඔබ කැමතිම මග් එකේ කෝපි එක හදලා, ජනෙල් කවුළුවෙන් පිටත බලා, එහි රසය සහ සුවඳ සිත සන්සුන් කරමින් භුක්ති විඳීම ගැන හිතන්න.

B. වීරයාගේ භූමිකාව (The Main Character Energy)

ඔබ ඔබේම ජීවිත කතාවේ ප්‍රධාන චරිතය බව දැනීමෙන්, ඔබ ඔබේ අවශ්‍යතාවලට සහ හැඟීම්වලට මුල් තැන දෙනවා. මෙය ස්වයං-ආදරය (Self-Love) සහ ස්වයං-වටිනාකම (Self-Worth) ගොඩනැගීමට උපකාරී වන ප්‍රබල මානසික මෙවලමක්.

2. මානසික සෞඛ්‍යයට ලැබෙන ප්‍රතිලාභ
ඔබේ ජීවිතය ආදරණීය ලෙස දැකීමෙන් ඔබේ මොළය සහ චිත්තවේග පද්ධතිය ධනාත්මකව වෙනස් වෙනවා.

* ආතතිය සහ කාංසාව අඩු වීම:
සරල ක්‍රියා (උදා: ඇවිදීම, කෑම රස බැලීම) කෙරෙහි අවධානය යොමු කිරීමෙන්, මොළය වර්තමාන මොහොතේ රඳවා ගන්නවා. මෙය අනාගතය පිළිබඳ කාංසාව සහ අතීතය පිළිබඳ පසුතැවීම් අවම කරයි.

* සතුටේ හෝමෝන:
ඔබේ ප්‍රියතම ඇඳුමක් ඇඳීම, කැමතිම සංගීතයට සවන් දීම හෝ සරල තෑග්ගක් (මල් වැනි) ඔබටම දීම වැනි ක්‍රියා මගින් මොළය තුළ ඩොපමයින් (Dopamine) වැනි සතුටේ හෝමෝන මුදා හැරෙනවා.

* නම්‍යශීලී බව (Resilience):
ජීවිතය දුෂ්කර වන විට පවා, "මේක මගේ කතාවේ දුෂ්කර පරිච්ඡේදයක්" යැයි සිතීමෙන්, ඔබට ගැටලුවලට මුහුණ දීමට ඇති ශක්තිය වැඩි වනවා.

3. ඔබේ දින චර්යාව ආදරණීය කරගන්නා සරල ක්‍රම
විශාල වෙනස්කම් වෙනුවට, ඔබේ දවසට කුඩා, අර්ථවත් දේවල් එකතු කරන්න:

* සංවේදී ගමනක් යන්න:
වැඩට යන ගමන විනාඩි පහක් වේලාසනින් ආරම්භ කරන්න. කනට හෙඩ්ෆෝන් එකක් දාගෙන, ඔබේ ප්‍රියතම සංගීතයට සවන් දෙමින්, ඔබ වටේ ඇති ගස්, මිනිසුන් සහ හිරු එළිය විචාරයකින් තොරව නිරීක්ෂණය කරන්න.

* ස්වයං රැකවරණය උත්සවයක් බවට පත් කරන්න:
නාන කාමරයට සුවඳැති සබන් එකක් හෝ ඉටිපන්දමක් එකතු කරන්න. ඔබේ රාත්‍රී සම ආරක්ෂණ චර්යාව (Skin Care Routine) හදිසියට කරන දෙයක් ලෙස නොදැක, ඔබටම දෙන තෑග්ගක් ලෙස භුක්ති විඳින්න.

* කෑම වේලට ගෞරව කරන්න:
කෑම කන විට දුරකථනය පසෙක තබා, කෑමේ රසය, සුවඳ සහ වයනය දැනෙමින් සෙමින් කන්න. තනිව කනවා නම්, ලස්සනට පිඟාන සකසා, ඔබටම සේවය කරන්න.

* සම්බන්ධතාවට ආදරය එකතු කරන්න:
ඔබේ සහකරු/සහකාරියට මල් කළඹක් දීම හෝ රාත්‍රී කෑමට කැමතිම අතුරුපසක් පිළියෙල කිරීම. මෙම කුඩා ක්‍රියා ඔබ දෙදෙනා අතර ඇති චිත්තවේගීය සමීප බව ශක්තිමත් කරනවා.

* අතථ්‍ය ලෝකයෙන් ඉවත් වන්න:
සමාජ මාධ්‍යවල අනෙක් අයගේ ජීවිත බලා ඊර්ෂ්‍යා කරනවා වෙනුවට, ඔබේ දුරකථනයෙන් ඉවත් වී, ඔබේම ජීවිතයේ අලංකාරය සහ අරමුණ සොයාගන්න.

ඔබේ ජීවිතය ආදරණීය කිරීම යනු පරිපූර්ණ ජීවිතයක් නිර්මාණය කිරීම නොවේ. එය ඔබගේ සැබෑ, වර්තමාන ජීවිතයේ ඇති අසම්පූර්ණකම් තුළ පවා සතුට, අලංකාරය සහ අර්ථය සොයාගැනීමට තෝරා ගැනීමයි. ඔබේ මනස, හදවත සහ ජීවිතය සුවපත් කිරීමට මෙම චිත්තවේගීය පුරුද්ද ඔබට උපකාරී වනු ඇත.

ඔබ ඔබේ ජීවිතය ආදරණීය කිරීමට භාවිතා කරන සරලම සහ ඵලදායීම ක්‍රමය කුමක්ද?
පහළින් comment එකක් දාලා අපිත් එක්ක බෙදාගන්න.

ඔයත් 'පරිණත' මනුස්සයෙක්ද ???පරිණත බව, එහෙම නැත්නම් maturity කියන එක වයස, ජීවිතේ ලැබෙන අත්දැකීම් එක්ක ටිකෙන් ටික ජීවිතයෙ ...
20/10/2025

ඔයත් 'පරිණත' මනුස්සයෙක්ද ???

පරිණත බව, එහෙම නැත්නම් maturity කියන එක වයස, ජීවිතේ ලැබෙන අත්දැකීම් එක්ක ටිකෙන් ටික ජීවිතයෙ මනුස්සයෙක් උපයාගන්න දෙයක්. හැබැයී සමහර විට හුඟක් ලාබාල කෙනෙක් වුණත් එයා ජීවිතේ ලබපු අත්දැකීම් එක්ක වැඩිහිටි කෙනෙක්ටත් වඩා පරිණත කෙනෙක් වෙන්න පුළුවන්.

ඉතින් මනුස්සයෙක් පරිණතයී කියලා නිර්ණායක කීපෙකින් විතරක් තීරණය කරන්න බෑ. හැබැයී දේවල් කීපයක් ඔයාට ඔයාගෙ ජීවිතේට එකතු කරගන්න පුළුවන් නම්, ඔයාටත් ඔයාගෙ maturity level එක up කරගන්න පුළුවන් වෙනවා.

🌀හැමදේම හැමෝටම කියන්න යන්න එපා..

මොකද ඔයාගෙ ජීවිතේ ඉන්න හැම කෙනෙක්ම ඔයාගෙ සාර්ථකත්වය ගැන හිතන්නෙ නෑ. ඒ විතරක් නෙමෙයී ඒ හුඟක් දෙනා ඔයා සාර්ථක වෙනවට වඩා, ඔයා fail වෙනවා දකින්න කැමති අය වෙන්නත් පුළුවන්.

ඒ නිසා හැමවෙලේම උත්සාහ කරන්න ඔයා තෝරගත්ත, ඔයාගෙ වටේ ඉන්න ළඟම කීපදෙනා එක්ක විතරක් ඔයාගෙ ජීවිතේ දේවල් බෙදාගන්න.

එහෙම නැත්නම් ඔයාට පුළුවන් ඔයාගෙ යම්කිසි පියවරක් complete වෙනකන්ම ඔයාගෙ ඒ පියවර ගැන කිසිම කෙනෙක් එක්ක share නොකර ඉන්න..

🌀ඔයා ආශ්‍රය කරන අයව පරිස්සමට තෝරගන්න..

දන්නවද ඉක්මනින්ම නිරෝගි මනසක් ඇති මනුස්සයෙක් වෙන්න පහසුම විදිහ මොකක්ද කියලා, ඒ තමයී ඔයාගෙ වටේ ඔයාට ගැළපෙනම මිනිස්සු ටිකක් තියාගන්න එක.

හිතන්න ඔයාගෙ වටේ ඉන්නෙ toxic මිනිස්සු ටිකක් නම්, ඔයා කරන්න හදන හැමදේකදිම ඔයාව discourage කරන මිනිස්සු ටිකක් නම්, ඔයාට හරිම අමාරුයී ඔයාගෙ ජීවිතේ සාර්ථක ගමනක් යන්න.

🌀කිසිම දෙයක් බලාපොරොත්තු නොවී, අගය කරන්න..

ඔයාගෙ ජීවිතේට ලැබිලා තියෙන හැම පුංචි දේකටම ස්තූතිවන්ත වෙන්න. ඒ වගේම ඔයාගෙන් ඇරෙන්න වෙන කිසිම කෙනෙක්ගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න එපා.

ඒ විතරක් නෙමෙයී, ජීවිතේ ඔයාට අනිත් අයගෙන් ලැබෙන හැම පුංචි දෙයක්ම අගය කරන්න. ඒ අයට වචනයෙන් ස්තූති කරන්න. ස්තූතිවන්ත වෙන්න.

🌀ඔයාට පුළුවන් උපරිමෙන් කරන දේ හරියට කරන්න.

හුඟක් වෙලාවට මිනිස්සු එයාලා කරන දේ හරියට කරන්නෙත් නැතුවම, එයාලට growth එකක් නැති එක ගැන නිතරම complaint කරනවා.

හැබැයී ඒ වෙනුවට ඔයාට පුළුවන් නම් ඔයා කරන දේ පුළුවන් උපරිමෙන් හරියට කරලා, ඔයාගෙ ඒ process එක විශ්වාස කරන්න, ඔයාට හුඟක් දුර ගමනක් යන්න පුළුවන් වේවි. ඒ වගේම ඔයාට පුළුවන් වේවි පියවරෙන් පියවර, ටිකෙන් ටික ඔයාගෙ සාර්ථකත්වය දකින්න.

ඒ විතරක් නෙමෙයී ඔයාට පුළුවන් වේවි, ඔයාට එන ඕනම ප්‍රශ්නෙකට ශක්තිමත්ව මුහුණදෙන්න. මොකද ඔයාට ඔයාගෙ ගමනෙ හැම පුංචි දෙයක් ගැනම හොඳ අවබෝධයක් තියෙන නිසා.

🌀ඔයාට පාලනය කරන්න පුළුවන් දේවල් විතරක් පාලනය කරන්න.

හුඟක් වෙලාවට හුඟක් දෙනෙක් උත්සාහ කරනවා තමන්ගෙ වටේ තියෙන හැමදෙයක්ම පාලනය කරන්න. හැබැයී අකමැත්තෙන් වුණත් අපි පිළිගන්න ඕන දේ තමයී අපි කාටවත් අපි වටේ තියෙන හැම දෙයක්ම පාලනය කරන්න බෑ කියන එක.

උදාහරණයකට හිතන්න, ඔයාගෙ තාත්තා හුඟක් කේන්ති යන කෙනෙක්. ඔයාට ඒක ලොකු වදයක්. මානසිකව ඒ නිසා ඔයා හුඟක් පීඩා විඳිනවා. හැබැයී එක දවසක උත්සාහ කරලා බලන්න එයා කොහොම කොයි විදිහට හැසිරුණත් ඔයා ඔයාගෙ ඔළුවට ඒ දේ දාගන්නෙ නැතුව ඉන්න. ඔයාට පුදුමාකාර තරම් සැහැල්ලුවක් දැනේවී..

ඔයා සහ ඔයාට වගකියන්න පුළුවන් සිදුවීම් ඇරෙන්න, ජීවිතේ ඔයා වටේ තියෙන වෙන කිසිම සිදුවීමක්වත්, පුද්ගලයෙක්වවත් පාලනය කරන්න උත්සාහ කරන්න එපා.. ඒක ඇත්තටම පුදුමාකාර තරම් මානසික වෙහෙසක්.

🌀අඩුවෙන් ප්‍රතික්‍රියා කරන්න/ප්‍රතිචාර දක්වන්න..

හිතන්න බල්ලෙක් වුණත් හපාකන්නෙ අපි එයාට බයයි කියලා එයාට දැනුණොත්. ඉතින් මිනිස්සුත් ඒ වගේම තමයී. එයාලට දැනුණොත් කෙනෙක් දුර්වලයී කියලා, හුඟක් වෙලාවට එයාලා ඔයාව තව තවත් තලා පෙලා දාන්න උත්සාහ කරනවා..

අන්න ඒ නිසා හැමවෙලේම මොන දේ සිද්ධ වුණත්, අඩුවෙන් ප්‍රතිචාර දක්වන්න. එහෙම නැත්නම් කොයි දේ කොහොම වුණත් උපේක්ෂාවෙන් ඒ දේට මුහුණදෙන්න.

උදාහරණයකට කෙනෙක් ඔයාට බැන්නොත්, ඒ කෙනා පැහැදිලි කරන්න පුළුවන් මානසිකත්වයක ඉන්න කෙනෙක් නම් පැහැදිලි කරන්න, නැත්නම් නිහඬව ඇහුම්කන් දෙන්න (හැබැයී ඔයා නිවැරදි නම් හැමවෙලේම මෙහෙම ඉන්නත් එපා)..

ඒ වගේම මතක තියාගන්න, ඔයා මේ විදිහට ඔයාගෙ reactions control කරගෙන ඉන්නකොට, කිසිම කෙනෙක්ට කිසිම විදියකින් ඔයාව manipulate කරන්න බෑ..

ඉතින් ජීවිතේ කියන්නෙ දිග ගමනක්. හැල හැප්පීම් හුඟක් මැද්දෙ යන ගමනක්. ඒ මොන දේ වුණත් මේ ගමන හරිම ලස්සන ගමනක් කරගන්න ඔයාට පුළුවන්... ඒ වෙනුවෙන් ඔයත් මේ දේවල් ටික අනුගමනය කරලා බලන්න..

ඔයාටත් පුළුවන් නම් මේ පුංචි දේවල් ටික අනුගමනය කරන්න, ජීවිතේ කවදාවත් නොදැනුණු විදිහෙ සැනසීමක්, සැහැල්ලුවක් ඔයාට දැනේවී. ඒ විතරක් නෙමෙයී ඔයා හරිම නිදහස් මනුස්සයෙක් විදිහට ඔයාට දැනෙන්න ගනීවි. ඔයාට ඔයා ගැනම සතුටු හිතේවි. ඉතින් අද ඉඳලම උත්සාහ කරලා බලන්න..

සත්‍ය වශයෙන්ම ක්ෂණික කෝපය යනු කුමක්ද. ක්ෂණික කෝපය නැති කිරීමට උත්සාහ කරනවට වඩා එහි හරය තේරුම් ගැනීම තුළින් ඔබට යම්කිසි හ...
20/10/2025

සත්‍ය වශයෙන්ම ක්ෂණික කෝපය යනු කුමක්ද. ක්ෂණික කෝපය නැති කිරීමට උත්සාහ කරනවට වඩා එහි හරය තේරුම් ගැනීම තුළින් ඔබට යම්කිසි හෝ සහනයක් දැනෙනු ඇත. යම්කිසි සිදුවීමක් , යම් කිසි පිරිසකගේ හෝ පුද්ගලයෙකුගේ ක්‍රියාවක් , පුද්ගලයින්ගේ වචන නිසා ඔබට දැනෙන මානසික පීඩනයට එරෙහිව ඔබ ඉතා වේගවත්ව අනවබෝධයෙන් ඔබට ආවේණික ක්‍රමවලට ක්‍රියා කිරීම ක්ෂණික කෝපය ලෙස හඳුන්වා දිය හැකිය. අසභ්‍ය වචන කියමින් , අතට හසුවන ද්‍රව්‍යය පොළොවේ ගසමින් , සමීපතයින්ට පහර දෙමින් තම තමන්ට ආවේණික ක්‍රම ඔස්සේ එම පීඩනය මුදා හැරීමට මිනිසුන් පුරුදු වී ඇත. මෙම තත්වයෙහි දරුණුම අවස්ථාවක් ලෙසට මිනීමැරුම් දක්වාම මෙහි විකාශනය දක්නට හැකිය. ක්ෂණික කෝපය යම්තාක් දුරකට හෝ පාලනය කර ගැනීමට උත්සාහ කිරීමට ඔබට තනිව කල හැකි අභ්‍යාසයක් පිළිබඳව මෙසේ සටහනක් තබමි.

ඔබට කේන්තිය දැඩිව දැනෙන යම්කිසි සිදුවීමකදී කේන්ති නොගෙන සිටීමට උත්සාහ කිරීම කිසිවිටකත් කළ නොහැක්කකි. ඔබ කළ යුත්තේ කෝපය යනු කුමක්දැයි තේරුම් ගැනීමට උත්සාහ කිරීමයි. ඇත්තටම කෝපය යනු කුමක්ද ? ඔබේ මනසට නැගෙන එක්තරා සිතුවිල්ලක් පමණකි. ආදරය , කරුණාව , අනුකම්පාව , රාගය , ප්‍රිය අප්‍රිය භාවය , තනිකම වැනි ඔබේ මනසට නැගෙන සිතුවිලි අතර කෝපය යනුද එක් සිතුවිල්ලක් පමණි. උදාහරණයක් ලෙස ඔයා බස් එකේ යනකොට ලස්සන කෙල්ලෙක් හරි කඩවසම් පිරිමියෙක් හරි දකිනකොට ඔයාගේ හිතේ ඇතිවුණ හැඟීම මොහොතකට මතක් කරගන්න. ඒ වගේ වෙලාවකට මොන තරම් ආශාවක් ඇති වුණත් බස් රථය තුළ අපි ඔහු හෝ ඇයව තුරුළු කර ගනිමින් සිපගැනීමට ක්‍රියා කරන්නේ නැහැ නේද. තවද බොහෝ පිරිසක් ගැවසෙන ස්ථානයක ඔබට කාමුක හැඟීමක් දැනුනොත් ඔබ තනිව හෝ එවැනි දේකට ප්‍රතික්‍රියා දැක්වීමට යනවාද ? රටේ පවතින නීතිය නිසා හෝ සංස්කෘතික රාමුව නිසා ඔබ එවැනි අවස්ථාවකදී ඔබ තුළ තිබෙන ස්වයං ශික්ෂණය හේතුවෙන් ඔබ විසින්ම ඔබව පාලනය කරගනිමින් මනාව එයට මුහුණ දෙයි. ඔබේ මනසට දැනෙන කෝපය නැමැති සිතුවිල්ලටත් ඔබ විසින්ම එවැනි ආකාරයක ස්වයංපාලනයක් දිය හැකි නම් ක්ෂණික කෝපය ඔබට මැඩ පැවැත්විය හැකිය. කෝපය නැමැති සිතුවිල්ලට ඔබේ ශරීරය තුළ ක්‍රියාත්මක වීමට ඉඩ නොදීමට වගබලා ගන්න. සත්‍ය වශයෙන්ම කෝපය යනු අපේ මනසේ ඇති දෙයක් පමණි. බාහිර සිදුවීම් හේතුවෙන් මනසේ තැන්පත්ව ඇති කෝපය නිරන්තරයෙන්ම පැන නැගීමට උත්සාහ කරයි. ඔයා මෙහෙම හිතන්න ඔයාට කවුරු හරි සමීප කෙනෙක් තිත්ත කුණුහරපයෙන් බැන්නොත් මරාගෙන මැරෙන්න හිතෙනව නේද. ඒ කියන වචන ටිකම ඔයා නොදන්න කෙනෙක් කිව්වොත් අර තරම්ම කේන්තියක් දැනෙන්නේ නැහැ නේද. ඒ වචන ටිකම වෙනත් භාෂාවකින් ඔයාට කිව්වොත් ඔයාට අවුලක් ඇත්තෙම නැහැ නේද. මොකද ඒක ඔයාට නොතේරෙන නිසා මනස තුළට ගමන් කරන්නේ නැහැ. මා ප්‍රකාශ කිරීමට උත්සාහ කළේ කේන්තිය ඇත්තේ වචන වලවත් , සිදුවීම්වලවත් නොවන බවයි. කෝපය තිබෙන්නේ ඔබේ මනස තුළමයි. කෝපය නතර කිරීමට වඩා තේරුම් ගැනීමටම උත්සාහ කරන්න. එවිට ඔබට යම්කිසි හෝ සහනයක් දැනෙනු ඇත. ප්‍රතිඵල ලැබුණත් නොලැබුණත් ඔබ විසින් මෙම ක්‍රමය අත්හදා බලන්න. කෝපය දැනෙන විටම එය සිතුවිල්ලක් පමණක් බව මෙනෙහි කරන්න. සුළු මොහොතකින් එම සිතුවිල්ල අතුරුදහන් වන බවද මෙනෙහි කරන්න. කෝපය නැමැති සිතුවිල්ලට එකතු වී ඔබ විසින් ක්‍රියා නොකර සිටීමටම සැම විටකම උත්සාහ කරන්න.
ක්ෂණික කෝපය නිසා දැඩිව පීඩා විඳින කෙනෙක් සිටීනම් ආධ්‍යාත්මික ප්‍රවේශයක් ඔස්සේ හැකි අයුරින් සහයෝගය දැක්විය හැකිය.

පිරිමියෙකු සතුටු කරන්නේ කෙසේද?1. ඔහුට ගරු කරන්න - දැන ගැනීම තරම් මිනිසෙකුට සම්පූර්ණ හැඟීමක් ඇති කරන කිසිවක් නැත.2. ඔහුගේ...
20/10/2025

පිරිමියෙකු සතුටු කරන්නේ කෙසේද?

1. ඔහුට ගරු කරන්න - දැන ගැනීම තරම් මිනිසෙකුට සම්පූර්ණ හැඟීමක් ඇති කරන කිසිවක් නැත.

2. ඔහුගේ සිහින වලට සහාය වන්න - ඔහු සමඟ සිටින්න, පිටුපසින් හෝ ඉදිරියෙන් නොව, ඔහු සමඟ සිටින්න

3. ඔහුගේ උත්සාහයන් අගය කරන්න - කුඩා අභිනයන්, නිහඬ කැපකිරීම් නොසලකා හරින්න.

4. ඔහුට මනසේ සාමය ලබා දෙන්න, ඔහුගේ හදවතට ගෙදර වගේ දැනෙන විදිහට ඔහුට ආදරය කරන්න.

5. ඔහුට සැබවින්ම ආදරය කරන්න - කොන්දේසි නොමැතිව, සැසඳීම් නොමැතිව, හුදෙක් පිරිසිදුවම.

කාන්තාවක් සතුටු කරන්නේ කෙසේද?

1. ඇගේ හොඳම මිතුරිය වන්න - රහස්, සිනහව සහ නිහඬ අවස්ථා බෙදා ගන්න.

2. ඇයට ආදරය සහ අවධානය දෙන්න - ඔබේ පැමිණීම සැමවිටම තෑගිවලට වඩා වටිනවා.

3. ඇයට ලස්සන බවක් දැනෙන්න සලස්වන්න - ඇගේ පෙනුමෙන් පමණක් නොව, ඇගේ ආත්මයෙන් ද.

4. විවෘතව සන්නිවේදනය කරන්න - ඔබේ වචන මෙන් ඔබේ හදවතත් විනිවිද පෙනෙන ලෙස තබන්න.

5. ඇයව හිනස්සවන්න - ප්‍රීතිය යනු ආදරය නටන්නට සලස්වන සංගීතයයි.

6. පක්ෂපාතී සහ අවංක වන්න - ඇයට ඔබේ පරිපූර්ණත්වයට වඩා ඔබේ සත්‍යය අවශ්‍යයි.

7. ඇගේ ආශාවන්ට සහාය දෙන්න - ඇගේ සිහින ඔබේ ලෝකය තුළ යහපත් වන බව ඇයට පෙන්වන්න.

8. කුණාටු වලදී ඇය සමඟ සිටින්න - ජීවිතය දුෂ්කර යැයි හැඟෙන විට ඇයට වඩාත්ම දරුණු ලෙස ආදරය කරන්න.

අවසානයේ ආදරය සරලයි: පිරිමින් ගෞරවය සහ සාමය සොයති, කාන්තාවන් රැකවරණය සහ පැවැත්ම පක්ෂපාතිත්වය සොයයි

Address

Giriulla
Giriulla

Telephone

+94765902417

Website

Alerts

Be the first to know and let us send you an email when Psychiatric Nurse posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Psychiatric Nurse:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram