Psychiatric Nurse

Psychiatric Nurse Improving people

🧠💔 ගැහැණු/පිරිමි අනියම් සම්බන්ධතාවල් වලට යොමු වෙන්නේ තවත් කෙනෙක්ගේ ආකර්ෂණීය ශරීරය නිසාද ?“පියයුරු,පස්සවල් හෝ ලිංගේන්ද්‍ර...
24/03/2026

🧠💔 ගැහැණු/පිරිමි අනියම් සම්බන්ධතාවල් වලට යොමු වෙන්නේ තවත් කෙනෙක්ගේ ආකර්ෂණීය ශරීරය නිසාද ?

“පියයුරු,පස්සවල් හෝ ලිංගේන්ද්‍රිය” ලොකුයි කියන කතාව නිසා අනියම් සම්බන්ධතාවයන්ට යොමු වෙන්න පෙළඹෙනවා කියන එක ඇත්තක් නෙවෙයි, ඒක මනෝවිද්‍යාත්මක මිථ්‍යාවක්.

අපි කෙලින්ම කතාවට යමු.

“පිරිමි අනියම් සම්බන්ධතාවලට යොමු වෙන්නේ කාන්තාවන්ගේ ලොකු පස්සවල් වලට ආස නිසා”
“කාන්තාවෝ අනියම් සම්බන්ධතාවලට යොමු වෙන්නේ පිරිමින්ගේ විශාල ලිංගික අවයව නිසා”

මේ විශ්වාස දෙකම ඇත්තක් නෙවෙයි.
මේවා සේරම මනසේ තියෙන වැරදි වටහාගැනීම් (cognitive distortions) විද්‍යාත්මක සාක්ෂි වලින් තහවුරු වෙච්ච හේතු නෙවෙයි.

ඇත්තටම මොකක්ද වෙන්නේ?

මිනිස්සු අනියම් සම්බන්ධතාවලට යොමු වෙන්නේ ශරීරය නිසා නෙවෙයි…
👉 අදහස් කියාගන්න බැරි වීම නිසා
👉 අහන්න නොදන්නාකම නිසා
👉 අවබෝධ නොවීම නිසා

ඔයාගේ මනස ඇතුළේ තියෙන අවශ්‍යතා, හැඟීම්, හිස්කම් ඒවා කවුරුත් අහන්නේ නැතිව, හදුනාගන්නේ නැතිව ඉඳිද්දී,
ඒ මනස වෙන තැනකට යනවා.

ඒක “ශරීරයක්” ගැන කාරණාවක් නෙවෙයි.
👉 ඒක “මාව කවුරුහරි තේරුම් ගන්නවාද?” කියන එක ගැන ප්‍රශ්නයක්
👉 ඒක “මාව කෙනෙක් අහගෙන ඉන්නවාද?” කියලා දැනෙන අත්දැකීමක්

ඇත්ත කතාව මෙහෙමයි:

❤️ ආදර සම්බන්ධතාවයක් රැකගන්න නම්
ශරීරය ගැන බලන එක හෝ අවයව වල ප්‍රමාණය බලන එක වැදගත්ම දෙයක් නෙවෙයි.

👉 ඒ සම්බන්ධයෙන් වැදගත්ම දේවල් දෙකක් තියෙනවා:
• හදවතින්ම කියන්න තියෙන දේ කියන්න තියෙන හයිය
• අනිත් කෙනාව ඇත්තටම අහගෙන ඉන්න තියෙන හැකියාව

මේ දෙක නැති වෙලා ගියාම
මිනිස්සු “වෙන කෙනෙක්” හොයනවා නෙවෙයි .
👉 “තමාව තේරුම් ගනියි කියන හැඟීම” හොයනවා

ඒ නිසා,“පියයුරු හෝ පස්සවල් ලොකු නිසා තමා මෙහෙම වෙන්නේ” කියන කතාවෙන් මේ දේ ඉවර වෙන්න හදන්න එපා.

ඒක ලේසි පැහැදිලි කිරීමක් විතරයි.
හැබැයි ඇත්තම හේතුව
👉 මනස තුළ තියෙන සපුරාගන්න බැරි වුණ සම්බන්ධතාවයේ අවශ්‍යතා

එක හොඳට තේරුම් ගත්තොත් ඔයාට අනියම් සම්බන්ධතා සිද්ධ වෙන එක නවත්තන්න පුළුවන්.

🧠 1. Cognitive Psychology: The Brain Simplifies Complex Problems

මිනිස්සු ලොකු, සංකීර්ණ හැඟීම් ගැටළු
සරල, පේන පැහැදිලි කිරීමකට ලඝු කරලා හිතනවා.

ඒකෙන් වෙන දේ මෙන්න.

ඇත්තටම තියෙන්නේ:
👉 චිත්තවේගීය වෙන්වීම (emotional disconnection)
👉 වටිනාකමක් නොලැබීම (lack of validation)
👉 සපුරාගන්න බැරි වුණ අවශ්‍යතා (unmet needs)

හැබැයි මනස ඒක ගැන බලන්න බයයි.
ඒක කම්පන සහගත සත්‍යයක් නිසා.

එකට මනස කරන්නේ shortcut එකක් හදාගන්නවා.
👉 “මේක ශරීරය ගැනයි” කියලා හිතනවා.

ඒක තමයි
👉 Cognitive Simplification — සංකීර්ණ දේ සරල කරලා හිතන එක
👉 Projection — ඇතුළේ තියෙන හිස්කම පිටට දාලා හේතුව වෙන තැනකට දාගන්න එක

සරලව කියනවා නම්,

ඔයාට ඇත්තටම දැනෙන්නේ:
“මාව කවුරුත් අහගෙන ඉන්නේ නැහැ. මාව තේරුම් ගන්නේ නැහැ…”

හැබැයි ඔයා කියන්නේ:
👉 “එයාට වෙන කෙනෙක්ගේ ශරීරය හොඳයි කියලා දැනෙන නිසා” තමා එහෙම කරන්නේ.

ඒක ඇත්තම හේතුව නෙවෙයි…
👉 ඒක මනසට දාගෙන ඉන්න safe story එකක්.

හිත ආරක්ෂිත කරගන්න ඇත්ත වේදනාවෙන් පැනලා යන්න අපි හදාගන්න කතාවක්.

හැබැයි මේක තේරුම් ගන්නවා කියන්නේ
ඔයා ප්‍රශ්නයේ මුලට යනවා කියන එක.

👉 ඒකෙන් තමා healing එක පටන් ගන්නේ.

❤️ 2. What Relationship Research Actually Shows

Shirley Glassගේ පර්යේෂණ වලින් අනාවරණය වෙන ගැඹුරු සත්‍යයක් තියෙනවා:

> “අනියම් සම්බන්ධතා ගොඩාක් වෙලාවට පටන් ගන්නේ sexual connection එකක් නිසා නෙවෙයි.emotional connection එකක් නිසා.”

මේක සරලවම කියනවා නම් මිනිස්සු වංචා කරන්නේ ශරීරයක් නිසා නෙවෙයි..

👉 හිත ඇතුළට ඇතුළු වෙන්න පුළුවන් චිත්තවේගීය ප්‍රවේශය නිසා
👉 කෙනෙක් මාව ඇත්තටම තේරුම් ගන්නවා කියන හැඟීම දැනෙන නිසා

හොඳට කල්පනා කරළා බලන්න

කෙනෙක්ට වෙන කෙනෙක් ලගදී දැනෙන්නේ:
• “මාව අහගෙන ඉන්නවා”
• “මාව විනිශ්චය කරන්නේ නැහැ”
• “මාව අගය කරනවා”

එතනදි brain එක තීරණය කරනවා.
👉 “මෙතන ආරක්ෂිතයි.මෙතන මට සම්බන්ධ වෙන්න පුළුවන්” කියලා

ඒ සම්බන්ධතාවය ගැඹුරු වෙනකොට,
sexual attraction එක ඊටපස්සෙ එන side-effect එකක් විතරයි.

ඇත්තම හේතුව මේ විධියට පැහැදිලි කරළා දෙන්නම්.

👉 Emotional intimacy > Physical attraction

ඒක නිසා,
“ශරීරය ආකර්ෂණීය නිසා අනියම් සම්බන්ධතාවයකට යොමු වෙනවා” කියන එක
👉 මතුපිටින් බලලා කියන පැහැදිලි කිරීමක් විතරයි.

ඇත්තටම වෙන්නේ
👉 ඔයාව
“මාව කවුරුත් අහගෙන ඉන්නේ නැහැ” කියන තනිකමෙන් ඉන්න කොට
“මෙයාට මාව තේරෙනවා” කියලා සම්බන්ධතාවයකට යන එක තමා වෙන්නේ.

මේක තේරුම් ගත්තොත්,
ඔයා චෝදනා කරන එකෙන් වෙනස් වෙලා.සම්බන්ධතාවය සුවපත් කරගන්න පුළුවන්.

🧩 3. Attachment Theory: The Real Driver

John Bowlby ට අනුව මිනිස්සු හොයන්නේ චිත්තවේගීය ආරක්ෂිතභාවය + බැඳීම.

සම්බන්ධතාවයක :
• චිත්තවේගීය ආරක්ෂිතභාවය නැතිවෙලා
• තේරුම් ගැනීම අඩුවෙලා
• ප්‍රතිචාර දැක්වීම නැතිවෙලා

👉 මොළය වෙන තැනක සම්බන්ධතාවය හොයනවා.මේක කායික ආකර්ෂණයක් නෙවෙයි.මනෝවිද්‍යාත්මක බැඳීමක්.

🧬 4. Neuroscience: Attraction vs Attachment

කායික ආකර්ෂණීයක් තියෙනවා.ඒක එහෙම නැතුව නෙවෙයි.හැබැයි neuroscience වලට අනුව පෙන්වන්නේ වෙනස්ම පින්තූරයක්:

👉 Attraction = කෙටි කාලීන dopamine response එකක්
👉 Attachment = දිගු කාලීන oxytocin bonding එකක්

ඒ කියන්නේ පාවාදීමේ අවදානම වැඩි වෙන්නේ
attraction එක නිසා නෙවෙයි attachment gap එක නිසා තමා එහෙම වෙන්නේ.

සරලවම :

👉 “කෙනෙක් attractive කියලා දකින එක” ≠ cheating
👉 “වෙන කෙනෙක් එක්ක emotionally connect වෙන එක” = අවදානම

ඇත්තම හේතුව:
👉 “මාව තේරෙනවා” කියන බැඳීම වෙන තැනකින් හම්බෙන එක

💥 5. Why the “Body Obsession” Belief Is Dangerous

ජෝඩු “අනියම් සම්බන්ධතා ඇති වෙන්නේ ආකර්ෂණීය ශරීරයක්” නිසා කියලා විශ්වාස කරනකොට

• ඔයාලා දෙන්නා චිත්තවේගීය අනාරක්ෂිත වෙනවා
• තමන්ව සන්සන්දනය කරනවා
• ඇත්ත ප්‍රශ්නය ignore කරනවා

ඒකෙන් ලැබෙන ප්‍රතිඵලය :

👉 ඊර්ෂ්‍යාව (jealousy)
👉 පාලනය කරන්න හදන හැසිරීම
👉 චිත්තවේගීය දුරස්ථභාවය (දුරස්වීම)

👉 මේ වගේ හැසිරීම් තවදුරටත් පාවාදීමේ අවදානම තවත් වැඩි කරනවා

සරලවම කිව්වොත් ඔයා අනිත් අයගේ ශරීරය ගැන කියලා ඒ වෙනුවෙන් රණ්ඩු කරනකොට,
relationship එක ඇතුළේ තියෙන සම්බන්ධතාවය නොදැනීම අහිමි වෙලා යනවා.

🔁 6. The Real Infidelity Chain

❌ මිථ්‍යාව :
physical attraction → cheating

✔ ඇත්ත:

සන්නිවේදනය අඩු වෙනවා
poor communication


චිත්තවේගීය වෙන්වීම
emotional disconnection


“මාව අහගෙන ඉන්නේ නැහැ / මාව අගය කරන්නේ නැහැ” කියන හැඟීම
feeling unheard / unvalued

වෙන තැනකින් චිත්තවේගීය වටිනාකම හොයනවා
external emotional validation

බැඳීම වෙන කෙනෙක්ට මාරුවෙනවා
attachment shift

අවසානයේදි අනියම් සම්බන්ධතාවයට යොමු වෙනවා
possible infidelity

7. What Actually Prevents Infidelity

පර්යේෂණවලට අනුව නිරන්තරයෙන් පෙන්වන protective factors

• ශක්තිමත් චිත්තවේගීය සන්නිවේදනය
👉 හිතේ තියෙන දේ බය නැතුව, සත්‍යයගරුකව බෙදාගන්න තියෙන හැකියාව

• ගෞරවයෙන් හා වටිනාකමෙන් පිරුණු හැඟීම
👉 “මාව අගය කරනවා” කියන inner experience එක

• secure attachment (ආරක්ෂිත බැඳීම)
👉 කෙනෙක් සමඟ safe, stable, trustful bond එකක් තියෙනවා

• පැහැදිලි සම්බන්ධතා සීමා (boundaries)
👉 වෙන කෙනෙක් එක්ක කොහෙද සීමාව තියෙන්නේ කියලා දෙන්නාටම පැහැදිලියි

සාරාංශයක් විධියට කිව්වොත් ;
👉 relationship එක රැකෙන්නේ ආකර්ෂණීය ශරීරයකට නෙත් යොමු නොවීමෙන් නෙවෙයි
👉 connection + respect + clarity කියන තුනෙන්

🔑 3 Proven Strategies

1️⃣ Build Emotional Security

👉 ආදරයෙන් reassure කරන්න, අගය කරන්න, සහ හැඟීම්වලට ප්‍රතිචාර දක්වන්න

ඒකෙන් වෙන දේ:

👉 අනාරක්ෂිතභාවය අඩුවෙනවා
👉 සන්සන්දනය කරන හිතන රටාව නවතිනවා

සරලවම “මාව අගය කරනවා, මාව තේරුම් ගන්නවා” කියන feeling එක ලැබෙනකොට,
👉 මනසට වෙන කෙනෙක් හොයන්න අවශ්‍ය වෙන්නේ නැහැ.

2️⃣ Improve Communication

👉 අනුමාන කරන්න යන්න එපා.අහගෙන ඉන්න
👉 විනිශ්චය නොකර අහගෙන ඉන්න

ඒකෙන් වෙන දේ:

👉 වැරදි විශ්වාස (distorted beliefs) බිඳෙනවා.
සරලව ඔයා අනුමාන කරනකොට කතාව වැරදි වෙන්න පුළුවන්,ඔයා අහනකොට ඇත්ත එළියට එනවා.

3️⃣ Strengthen Emotional Intimacy

👉 දිනපතා සම්බන්ධතාවය ගොඩනඟා ගන්න විවෘත වෙළා හැඟීම් බෙදාගන්න

ඒකෙන් වෙන දේ:

👉 attachment එක relationship එක ඇතුළේම තියෙනවා.

සරලවම ඔයා හිත ඇතුළේ දේවල් බෙදාගන්න කොට,බැඳීම තව ගැඹුරු වෙනවා. වෙන තැනකට යන්න හේතුවක් නැතිවෙනවා.

❌ පාවාදීම ශරීරය ගැන දෙයක් නෙවෙයි

✔ ඇත්තම කාරණා:
👉 චිත්තවේගීය සම්බන්ධතාවයන්හි අඩුව
👉 සපුරාගන්න බැරි වුණ චිත්තවේගීය අවශ්‍යයතා
👉 දුර්වල සන්නිවේදනය

සරලවම කිව්වොත් ප්‍රශ්නය තියෙන්නේ තව කෙනෙක්ගේ ආකර්ෂණීය ශරීරයෙ නෙවෙයි.ඔයාලා දෙන්නාගෙ දුර්වල සම්බන්ධතාවයේ. කොටසක්..

Shantha k kumarasinghe.

❤️ ඔයාත් ඔයාගේ Partner එක්ක මේ දේ හැමදාම කරන්නේ නැත්නම් තෘප්තිමත් ලිංගික ජීවිතයක් කවදාවත්ම  ගත කරන්න වෙන්නේ නෑ කියලා ඔයා...
27/02/2026

❤️ ඔයාත් ඔයාගේ Partner එක්ක මේ දේ හැමදාම කරන්නේ නැත්නම් තෘප්තිමත් ලිංගික ජීවිතයක් කවදාවත්ම ගත කරන්න වෙන්නේ නෑ කියලා ඔයා දැනගෙන හිටියාද ?

ගොඩාක් දෙනෙක් හිතන්නේ ලිංගික ආකර්ෂණය කියන්නේ ශාරීරික ආකර්ෂණයක් නිසාම ඇතිවන දෙයක් කියලා.ඒත් attachment psychology සහ neurobiology කියන ක්ෂේත්‍රවල දශක ගණනාවක් පුරා කරපු research එකකින් කියන්නේ වෙනම ගැඹුරු සත්‍යයක්.

ඇත්තටම ලිංගික ආශාව වැඩියෙන්ම වර්ධනය වෙන්නේ,ඔයාව අගය කරන කොට,ඔයාට වැදගත්කමක් දෙන කොට,ඔයාව හදවතින්ම පිළිගන්නවා කියලා ඔයාට දැනෙන කොට.

ලිංගික ආශාව කියන්නේ ශරීරයෙන් ඇතිවන reaction එකක් විතරක් නෙවෙයි.ඒක ඔයාගේ nervous system එකෙන් දෙන ප්‍රතිචාරයක්.
ඔයාව අගය කරනවා කියලා,ඔයාව ගෞරව කරනවා කියලා,ඔයා චිත්තවේගීයව ආරක්ෂිතයි කියලා ඔයාට දැනෙන වෙලාවට,
ඔයාගේ හදවත වගේම ශරීරයත් දෙකම විවෘත වෙනවා.

ඒත් අගය කරන එක නැතිවෙන්න පටන් ගත්තාම,ලිංගික ආශාව එකපාරටම මැරෙන්නේ නෑ.ඒක ටික ටික නිහඬව නැතිවෙන්න පටන් ගන්නවා.

මොකද ඒ වෙලාවට මොළය විවෘත වෙනවා නෙවෙයි,ඒක ආරක්ෂා කරගන්න පටන් ගන්නවා.

ආදරය අහිමි වෙන්නේ ස්පර්ශය නැති නිසා නෙවෙයි.ආදරය අහිමි වෙන්නේ අගය කිරීම නැති වුණාම.

ඔයාව අගය කරන තැනක,ඔයාට ආරක්ෂිතයි කියලා ඔයාට දැනෙන තැනක,ලිංගික ආශාව ස්වභාවිකවම ගොඩනැඟෙනවා.

🧠 The Brain Mechanism: Appreciation Activates Bonding Chemistry

සහකරු ඔයාව හදවතින්ම, සැබෑවටම අගය කරන වෙලාවක, ඔයාගේ brain එක ඇතුළෙදි ඉතා වැදගත් neurochemicals තුනක් release වෙනවා.

🔹Dopamine
ඔයාගේ සහකරු/සහකාරිය වෙත ඇතිවෙන ආකර්ෂණය වැඩි කරනවා.ඔවුන් වෙත නැවතත් යන්න, ඔවුන්ට සමීප වෙන්න, ඔයාගේ හිත motivate කරනවා.

🔹Oxytocin
මේක bonding hormone එකක්.මේක නිසා විශ්වාසය ගොඩ නැඟෙනවා.ඔයාට “මෙයා මගේ කෙනා… මෙයා එක්ක ඉන්නකොට මම ආරක්ෂිතයි ” කියලා දැනෙන්න හේතු වෙනවා.

🔹Serotonin
මේක ඔයාගේ චිත්තවේගීය සමබරතාවය ස්ථාවර කරනවා.ඔයාට calm, peaceful, emotionally connected කියලා දැනෙන්න උදව් වෙනවා.

මේ neurochemical state එක attachment psychology එකේදි කියන්නේ secure bonding එකක් කියලා.මේ වගේ secure emotional connection එකක් තියෙනකොට, intimacy වෙත විවෘත වෙන එක ස්වභාවිකවම සිද්ධ වෙන දෙයක්.

ඒත්, criticism, blame, emotional neglect වගේ දේවල් සිද්ධ වෙනකොට, brain එක activate කරන්නේ threat system එක.

ඔයා emotionally reject වෙළා කියලා nervous system එකට දැනුණම,ඒක විවෘත වෙනවා නෙවෙයි.ඒක ආරක්ෂා වෙන්න පටන් ගන්නවා.

මොකද intimacy එක කියන්නේ vulnerability එකක්.ඔයා emotionally safe නැති තැනක, ඔයාගේ nervous system එක කායිකව විවෘත වෙන්නේ නෑ.

ශරීරය විවෘත වෙන්න කලින්,හදවතට ආරක්ෂිතයි කියලා දැනෙන්න ඕන.

💔 Why Lack of Appreciation Reduces Sexual Desire

Counseling Sessions වලදි, couples වලින් වැඩියෙන්ම අහන්න ලැබෙන, හදවතට තදින් දැනෙන එක ඇත්තක් තියෙනවා;

“මට දැන් මාව අගය කරනවා කියලා දැනෙන්නේ නෑ.”

අගය කරන එක අඩුවෙලා, නැතිවෙලා යන වෙලාවේ, මොළයට consciously හිතලා තීරණයක් ගන්න ඕන නෑ.ඒක automatically self-protection mode එකකට යනවා.

ඒකෙන් ටික ටික මෙහෙම වෙනවා:

🔹චිත්තවේගීයව දුරස් වෙන්න පටන් ගන්නවා

🔹affection එක අඩුවෙනවා

🔹විවෘත වෙලා share කරන එක අඩුවෙනවා

🔹sexual interest එකත් නිහඬවම අඩුවෙනවා

මේක partner ව reject කරන හැසිරීමක් නෙවෙයි.මේක තමාවම protect කරන unconscious attempt එකක්.

attachment theory එකෙන් පැහැදිලිවම කියන්නේ,emotional safety එක කියන්නේ කායික සමීපතාවයේ පදනම කියලා.

Emotional safety එක දුර්වල වෙද්දී,ලිංගික ආශාවත් දුර්වල වෙනවා.

ඇත්තටම කිව්වොත් ලිංගික ආශාව බල කරලා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි.ඒක වර්ධනය වෙන්නේ,ඔයාව අගය කරනවා කියලා,
ඔයා වැදගත් කියලා,ඔයා ආරක්ෂිතයි කියලා
ඔයාගේ nervous system එකට දැනෙන තැනක විතරයි.

🔥 Appreciation Strengthens Erotic Confidence

සම්බන්ධතාවයක් ඇතුළේදි, හැම මනුෂ්‍යයෙක්ටම ඇතුළත නිහඬව තියෙන චිත්තවේගීයව කිහිපයක් තියෙනවා;

“මාව තවම වැදගත්ද?”
“මාව තාම අගය කරනවද?”
“මම දිහා තාම ආසාවෙන් බලනවාද?”

මේ ප්‍රශ්නවලට උත්තර දෙන එකම දෙය අගය කිරීම විතරයි.ඔයාව අගය කරනවා කියලා ඔයාට දැනෙන වෙලාවේදි,ඔයාගේ erotic confidence එක වැඩි වෙනවා.එතකොට ඔයාට ඔයා ගැන secure, attractive, wanted කියලා දැනෙන්න පටන් ගන්නවා.

ඒ confidence එක වැඩි වෙද්දී,
ඔබේ nervous system එක relax වෙනවා.

nervous system එක relax වෙද්දී,ලිංගික ආශාව බල කරළා ගන්න ඕන වෙන්නේ නෑ.ඒක ස්වභාවිකවම ඇති වෙනවා.

මොකද ලිංගික ආශාව කියන්නේ බල කරළා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි.ඒක ඉඩ දෙන්න පුළුවන් දෙයක් විතරයි.

අගය කිරීම කියන්නේ,ලිංගික ආශාව වැඩි වෙන්න,ලිංගික ආශාවට විවෘත වෙන්න,
ලිංගික ආශාවට චිත්තවේගීය අවසරය දෙන බලය.

🛠️ 3 Proven Psychological Strategies to Build Desire Through Appreciation

1. Use Specific Appreciation (Gottman Method)

මෙහෙම කියන්න;

“අද මට උදව් කරන්න ඔයා දරපු උත්සාහය ගැන මම ඇත්තටම ඔයාට ස්තුතිවන්ත වෙනවා. මම ඒක හදවතින්ම අගය කරනවා.”

මේ වගේ විශේෂිත අගය කිරීමක්,ඔයාගේ partnerගේ හදවතට “මාව වැදගත්” කියලා දැනෙන්න සලස්වනවා.

ඒ වෙලාවට, brain එක ඇතුළේ emotional bonding circuits activate වෙනවා.විශ්වාසය වැඩි වෙනවා.සම්බන්ධතාවය ගැඹුරු වෙනවා.

මිනිස් හදවත විවෘත වෙන්නේ,විවේචනය කරන වචන වලින් නෙවෙයි.අගය කරන වචන වලින් නෙවෙයි.

2. Practice Daily Emotional Recognition (Attachment-Based Therapy)

actions විතරක් නෙවෙයි,ඒ අය දාපු emotional effort එකත් හඳුනාගන්න.

කෙනෙක් ඔයා වෙනුවෙන් ශක්‍තිමත් වෙන්න උත්සාහ කරන එක,ඒ අයගේ feelings control කරගෙන ඔයාව hurt නොකර ඉන්න උත්සාහ කරන එක,ඔයාට සවන් දෙන එක, තේරුම් ගන්න උත්සාහ කරන එක,මේවා actions වලට වඩා ගැඹුරු චිත්තවේගීය උත්සාහයක්.

ඔයා ඒ effort එක දැක්කා කියලා,ඔයා ඒක අගය කරනවා කියලා partnerට දැනුණාම,
ඒ අයගේ nervous system එකට “මම මෙතන ආරක්ෂිතයි” කියලා දැනෙන්න පටන් ගන්නවා.

ඒ safe feeling එක තමයි.Emotional safety එක ගොඩ නඟන මූලික පදනම.

චිත්තවේගීය ආරක්ෂිතභාවය තියෙන තැන,
හදවත Defense Mode එකකට යන්නේ නෑ විවෘත වෙනවා.විවෘත වෙන හදවතක් ඇතුළේ,
ආදරයත් ලිංගික ආශාවත් නැවත ජීවත් වෙනවා.

3. Express Appreciation Before Physical Intimacy (Neurobiological Sequencing)

මුලින්ම චිත්තවේගීය සම්බන්ධතාවය ගොඩනඟන්න.කායික සමීපතාවය ඊටපස්සේ ස්වභාවිකවම එනවා.

හදවත සම්බන්ධ වෙන්න කලින්, ශරීරය විවෘත වෙන්නේ නෑ.ඔයාව තේරුම් ගන්න උත්සාහ කරනවා,ඔයාව අගය කරනවා,ඔයා emotionally safe කියලා දැනෙන වෙලාවේදි,ඔයාගේ nervous system එක relax වෙනවා.

ඒ relaxed state එක ඇතුළේදි,intimacy එක බල කරළා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි.ඒක ස්භාවිකවම ගලාගෙන එන දෙයක්.

මොකද intimacy එක කියන්නේ ස්පර්ශයෙන් පටන් ගන්න දෙයක් නෙවෙයි.ඒක අගය කිරීම එක්ක පටන් ගන්න දෙයක්.

හදවතට ආරක්ෂිතයි කියලා දැනෙන තැනක,
ශරීරය විවෘත වෙන්න භය වෙන්නේ නෑ.

ලිංගික ආශාව කියන්නේ appearance එකෙන් විතරක් පවත්වාගෙන යන්න පුළුවන් දෙයක් නෙවෙයි.ඒක ජීවත් කරන්න නම් emotional appreciation අවශ්‍යය වෙනවා.

ඔයාව ඇත්තටම අගය කරනවා කියලා ඔයාට දැනෙන කොට,Emotional safety එක වර්ධනය වෙන්න පටන් ගන්නවා.

Emotional safety එක වර්ධනය වෙද්දි,
ඔයාගේ nervous system එක හෙමිහිට විවෘත වෙනවා.

Nervous system එක විවෘත වෙද්දි,ලිංගික ආශාව බල කරළා ගන්න ඕන වෙන්නේ නෑ.
ඒක ස්වභාවිකවම නැවත එනවා.

දිගුකාලීන ආදරයක,වැඩිම බලය තියෙන ලිංගික ආශාව වැඩි කරන සාධකය appearance එක නෙවෙයි.

ඒක තමයි,ඔයාව ඇත්තටම දකිනවා කියලා දැනෙන එක.ඔයා වැදගත් කියලා දැනෙන එක.
ඔයාව හදවතින්ම අගය කරනවා කියලා දැනෙන එක.

ඔයාව ඇත්තටම දකින එක,අගය කරනවා කියලා දැනෙන කොට ලිංගික ආශාව නැවත ඉපදෙනවා.

මට මේ කතාව කිව්වේ විවාහක කාන්තාවක්...අපි බැදලා දැන් අවුරුදු විස්සක් විතර වෙනවා, දැන් අවුරුදු දහයක විතර ඉදලා මමයි husban...
20/02/2026

මට මේ කතාව කිව්වේ විවාහක කාන්තාවක්...
අපි බැදලා දැන් අවුරුදු විස්සක් විතර වෙනවා, දැන් අවුරුදු දහයක විතර ඉදලා මමයි husband නුයි අතර කිසිම කායික බැදීමක් නැහැ..
මානසික බැදීමකුත් අපි අතරේ නැහැ.
මට ඔහු ගැන කිසිම හැඟීමක් නැහැ..
ඒ වගේම මමත් හොදින් දන්නවා ඔහුටත් මම ගැන කිසිම හැඟීමක් නැති බව..

🥲ඇය මේ කතාව කියද්දී ඇගේ දෑස්වල තිබුණේ හිස් බවක්. ආදරය, ලිංගිකත්වය හෝ හැඟීම්බර බැඳීමක් නැතිව අවුරුදු 10ක් එකම නිවසක ජීවත් වීම කොතරම් අමාරුද?

"නමුත් අපි එක ගෙදරක එකට ජීවත් වෙනවා දැන් අවුරුදු ගණනක ඉදලා අපි නිදා ගන්නෙ වෙනම කාමර දෙකක."

හැබැයි ඔහු දන්නවා හොදින්ම මම ඔහු වෙනුවෙන් ඕනම දේකට ඉන්නවා කියලා.

ඔහු යම් අපහසුවකින් ඉන්නවා නම් ඒක මට හොදට තේරෙනවා. සමහර අවස්ථාවල එයා අපහසුතාවයකින් ඉන්න වෙලාවට මම කිට්ටුවට ඇවිල්ලා සුසුමක් හෙලනවා, ඒක මට ගොඩාක් දැනෙනවා, ඒ වෙලාවට මම හරාම සංවේදී වෙනවා.

("වචනවලින් කියන්න බැරි වුණත්, සුසුමකින් හරි තව කෙනෙක්ව තේරුම් ගන්න ලැබෙන එකත් මනුෂ්‍යත්වයේ ලක්ෂණයක්")

"මම අහනවා ඇයි ප්‍රශ්නයක්ද ඔයාට කියලා"

හ්ම් ඔව්නේ මට මෙහෙම ප්‍රශ්නයක් තියනවා කියලා ඒ ගැන මට කියනවා.

මම එයා ගාවට වෙලා ඒ සේරම අහගෙන ඉදලා එයාට ඒක විසදා ගන්න මට කල හැකි උපරිම දේවල් මම කරනවා.

එයාට අසනීපයක් උනාමත් කාමරයට වෙලා ඉන්නවා. මම ඔහු ගාවට ගිහින් මගෙන් වෙන්න ඕන හැමදේම කරනවා..

මෙය මනෝවිද්‍යාත්මකව බැලූ විට අපූරු තත්ත්වයක්. ඔවුන් අතර 'ප්‍රේමවන්තයින්' ලෙස බැඳීමක් නැති වුවත්, තවමත් "මානුෂීය බැඳීම" (Humanitarian Bond) ඉතිරි වී තිබෙනවා.

😘මානුෂීය බැඳීම (Humanitarian Bond):

ලිංගිකත්වය හෝ ආදරය නැති වුණත්, ඔවුන් අතර තවමත් "මනුෂ්‍යත්වය" කියන බැඳීම තියෙනවා. ඇය ඔහුට උදව් කරන්නේ බිරිඳක් විදිහටම නෙවෙයි, තවත් මනුෂ්‍යයෙකුට දක්වන දයාව (Compassion) නිසයි.

👇 ඇයි මෙහෙම වෙන්නේ? (Psychological Analysis)

1. මානසික දික්කසාදය (Emotional Divorce):

නීතියෙන් වෙන් නොවී, සමාජයට සහ දරුවන්ට පෙනෙන්නට එකට සිටියත්, හදවතින් වෙන්වී ජීවත් වීම.

2. කාමර මිතුරන්ගේ විවාහය (Roommate Marriage):

ලිංගිකත්වය හෝ ආදරය වෙනුවට හුදෙක් 'එකම නිවසේ ජීවත් වන දෙදෙනෙකු' ලෙස යුතුකම් පමණක් ඉටු කිරීම.

3. Compassion over Passion:

ලිංගික ආකර්ෂණය (Passion) නැති වුවත්, වසර ගණනාවක් එකට සිටීම නිසා ඇතිවන 'දයාව' (Compassion) තවමත් ඉතිරි වී තිබීම.

බොහෝ දෙනෙක් මේ තත්ත්වය තුළ හිරවී සිටින්නේ දරුවන්ගේ අනාගතය හෝ සමාජයේ අවමානයට ඇති බය නිසයි. නමුත් මෙවැනි "නිහඬ විවාහ" තුළින් ඇතිවන මානසික පීඩනය, කාලයත් සමඟ ඔබේ ආත්මය හෙමින් මරා දමනවා.

අවසන් සටහන:

"අවසානයේ මට ඇය ගැන දැනුණේ විශාල ගෞරවයක්. අවුරුදු දහයක් තිස්සේ තමන්ට ආදරය නොකරන, තමන් නිදාගන්නා කාමරයට පවා නොඑන මිනිසෙකු වෙනුවෙන්, තවමත් ඒ 'සුසුම' හඳුනාගන්න තරම් සංවේදී හදවතක් ඇයට තිබීම පුදුමයක්.

ඇය ඔහුට උදව් කරන්නේ බිරිඳක් ලෙස ඔහුගේ ආදරය බලාපොරොත්තුවෙන් නොවේ; ඇය තුළ තවමත් ඉතිරි වී ඇති ඒ අසීමිත 'මනුෂ්‍යත්වය' නිසයි.

සමහරවිට ඔබත් අද ජීවත් වන්නේ මෙවැනිම 'නිහඬ විවාහයක' වෙන්න පුළුවන්. එකම වහලක් යට ජීවත් වුණත් හදවත් අතර සැතපුම් දහස් ගණනක දුරක් තියෙනවා වෙන්න පුළුවන්. දරුවන් වෙනුවෙන්, සමාජය වෙනුවෙන් ඔබ ඔබේ සතුට කැප කරනවා වෙන්න පුළුවන්.

නමුත් මතක තබාගන්න...

සබඳතාවයක් කියන්නේ නිකම්ම යුතුකම් ඉටු කිරීමක් (Duty) නෙවෙයි; එය එකිනෙකාගේ ආත්මයන් හඳුනාගැනීමක්. ආදරය මියගිය තැන මනුෂ්‍යත්වය ඉතිරි වීම යහපත් වුවත්, ඔබේ ජීවිතය 'හිස් බවක්' තුළ දියවී යාමට ඉඩ නොදෙන්න.

ඔබේ විවාහයත් අද මෙවැනි 'කාමර මිතුරන්ගේ' (Roommates) තත්ත්වයට පත්වෙලාද? ආදරය නැති වුණත් ඔබ තවමත් ඉවසන්නේ දරුවන් නිසාද?

ඔබේ අදහස පහළින් කමෙන්ට් කරන්න. ඔබේ හදවතේ බර අඩුවෙන්න එය උපකාරී වේවි."

මම මේ ගැන ඊයේ රාත්‍රී නෙත් fm මඟින් විකාශනය කළ "මන්දාරම් රෑ" වැඩ සටහන තුළදී කතා කරා.... ඉතින් ඒ ගැනත් සහ තවත් දේවල් ගැන කරන කතා බහක් තමයි මේ පහළ තියව වීඩියෝව තුළ තියෙන්නේ..

💔 ඔයාගේ විවාහය විනාශ වෙන්න ලොකුම හේතුව අනියම් සම්බන්ධතාවය නෙවෙයි.Emotional Neglect කරන එක  කියලා ඔයා දැනගෙන හිටියාද ?🧠ගො...
14/01/2026

💔 ඔයාගේ විවාහය විනාශ වෙන්න ලොකුම හේතුව අනියම් සම්බන්ධතාවය නෙවෙයි.
Emotional Neglect කරන එක කියලා ඔයා දැනගෙන හිටියාද ?🧠

ගොඩාක් ජෝඩු විශ්වාස කරන්නේ අනියම් සම්බන්ධතාවය තමා විවාහයක තියෙන ලොකුම ඛේදවාචකය කියලා.

✅ “අනියම් සම්බන්ධතාවය එකම ගැටලුව නෙවෙයි… ඒක ගැටලුවක ප‍්‍රතිඵලයක්.”
❌ “ඇතුළේ තියෙන මුල් වේදනාව තමයි ඇත්තම ගැටලුව.”

අනියම් සම්බන්ධතාව නේද වැඩිපුර පේන්නේ. ඒත් ඒක දුමක් විතරයි. ඇත්ත ගින්න නම් ඇත්තටම කිව්වොත් කාලෙකට කලින්ම ඇතුළේ ගිනි අරගෙන තිබ්බ emotional neglect නිසා තමා මෙහෙම වෙන්නේ.

😔 What Emotional Neglect Looks Like in Real Life

Emotional neglect කියන්නේ හැමවෙලාවෙම කෑගහන එකක් හෝ abuse කරන එකත් එක්ක එන දෙයක් නෙවෙයි. ගොඩාක් වෙලාවට එන්නේ නිහඬතාවය එක්ක.

මේක ගැන බලද්දි පේනවා ;

🔹“මහන්සි” කියන එක වැඩියි… “මට ඔයාව ඕන” කියන එක අඩුයි

🔹එකම ගෙදර ඉන්නේ… ඒත් තනිකඩ කෙනෙක් වගේ දැනෙනවා

🔹සෙනෙහසක් නෑ, උණුසුමක් නෑ, ආදරණීය හැඟීමක් නෑ

කතාබහ කරන එක ඉල්ලීමක් වෙලා… පැමිණිල්ලක් වෙලා… අඬා වැළපීමක් වෙලා
මේක ඇතුළේදි partner සම්පූර්ණයෙන්ම හදවතින්ම දුරස්වෙලා වගේ දැනෙනවා
ඒ නිසා විවාහය ඇතුළෙත් ආදරයක් නෑ.

එකම වහලක් යට ජීවත් වෙන දෙන්නෙක් විතරක් වෙනවා.
Attachment Theory එකට අනුව මෙක “danger zone” එකක්.
මොකද මනුෂ්‍ය මොළය පුරුදු වෙලා ඉන්නේ අහන්න:
“මාව ඔයාට වටිනවද? මාව ඔයාට තේරෙනවද?” ❤️

“නෑ” කියන හැඟීම දිගින් දිගටම එනකොට
හදවතට දැනෙන ආදරේ නැතිවෙලා යනවා.


🧠Why Lack of Gratitude Creates a Cheating Environment

දිගුකාලීන ආදර සම්බන්ධතා ගැන අධ්‍යයනවලින් කියන ලොකු සත්‍යයක් තියෙනවා;

කෘතඥතාවය සහ ඇගයීම තිබ්බොත් තමයි දෙදෙනා අතර චිත්තවේගීය බැඳීම ගැඹුරු වෙන්නේ.

ඒක නැතිවෙලා ගියාම partner කෙනෙක්ට දැනෙන්න ගන්නවා;

🔹“මම දිහා බලන්නෙ නෑ” කියලා
“මාව උදව්වට පාවිච්චි කරනවා” විතරයි කියලා
🔹“මාව වැදගත් නෑ” කියලා
🔹“මාව හිතෙන් අල්ලගෙන තියාගන්නෙ නෑ” කියලා

තදටම දැනෙන්න පටන් ගන්නවා.

Gottman කියන විදිහට එතකොට relationship එකේ හිත නරක පැත්තටම ගැළැපෙන stage එකකට එනවා.

එතනින් පස්සේ පොඩි ප්‍රශ්නයක් වුණත් “අපේ ආදරේ ඉවරයි” කියලා පේන්න පටන් ගන්නවා

ඉතින් අන්තිමට හිත කියනවා:

“මගේම කෙනා මට වටිනාකමක් දෙන්නෙ නැත්තම්… ඒක වෙන කෙනෙක් දුන්න දෙන්.” 😢

ඒ නිසා අනියම් සම්බන්ධතා පටන්ගන්නෙ බොහෝ වෙලාවට ශාරීරික ලිංගික ආශාවක් නිසා නෙවෙයි.
“වෙනත් කෙනෙක් මට අවධානය දෙනවා” කියන හැඟීමෙන්.

🔥 Emotional Dysregulation: Cheating as a “Painkiller”

ගොඩාක් අය අනියම් සම්බන්ධතාවයකට යන්නෙ ආදරේ නැති නිසා නෙවෙයි.
ගොඩාක් වෙලාවට අනියම් සම්බන්ධතා පටන් ගන්නේ තමන්ගේ feelings manage කරගන්න බැරි නිසා.

එයාලාට handle කරගන්න බැරි දේවල්;

🔹stress (ආතතිය)
🔹loneliness (තනිකම)
🔹boredom (එකම රටාවට හිරවෙලා හිස්වෙලා දැනෙන එක)
🔹shame (ලැජ්ජාව/අඩුකමක් වගේ හැඟීම)
🔹insecurity (අරක්ෂිත බවක් දැනෙන්නේ නෑ)
🔹rejection pain (ප්‍රතික්ෂේප වෙච්ච වේදනාව)

CBT අනුව මේක වෙනවා maladaptive coping strategy එකක් විදිහට.
ඒ කියන්නේ… හොඳ විසඳුමක් නොවුණත්, ඒ මොහොතේ දුක අඩු කරන වැරදි ක්‍රමයක්.

අනියම් සම්බන්ධතාවයකට ගියාහම ඒකෙන් ඉක්මනට ලැබෙනවා;
🔹dopamine (තත්පරයක සතුට)
🔹excitement (අලුත් හැඟීමක්)
🔹validation (“මම වටිනවා” කියන හැඟීම)

ඒත් ඒක ආදරේ නෙවෙයි.ඒක හැඟීම් වලින් පලායන ක්‍රමවේදයක්.

😡 Low Anger Management = Revenge + Resentment Affairs

Unresolved anger = relationship එක ඇතුළේ තියාගන්න විෂක්.
Repair නොකරපු කෝපය වෙනස් වෙනවා;

🔹cold distance
🔹punishment silence
🔹emotional cruelty
🔹revenge fantasies

සමහර අනියම් සම්බන්ධතා ඇතුළේ තියෙන සැඟවුණු පණිවිඩ;

“දැන් ඔයාටත් මගේ වේදනාව දැනෙයි.” 💥
Anger management කියන්නේ සන්සුන් වෙන එකට නෙවෙයි.විවාහය බිඳ වැටෙන එකෙන් බේරාගැනීමක්.

🗣️ Communication Breakdown: Needs Become Secrets

දෙන්නාටම සන්සුන්ව, ආරක්ෂිතව කතා කරන්න බැරි වුණාම.අවශ්‍යතා බොහොමයක් කියාගන්න බැරි තත්වයකට එනවා.ඒත් කතා නොකරපු අවශ්‍යතා අතුරුදහන් වෙන්නෙ නෑ.

ඒවා හොයන්නේ ඇහුම්කන් දෙන කෙනෙක්.
ඒ නිසා බොහෝ අනියම් සම්බන්ධතා පටන්ගන්නේ;,
“අපි නිකම් කතා කළා විතරයි…” 📱💬
ඒ කතාව හෙමින් හෙමින් හදවතට සමීප වීමක් වෙලා.අන්තිමට විශ්වාසය කඩවීමකට හැරෙනවා.

:
✅ Proven Strategies to Prevent Infidelity (Clinically Effective)

🌿Daily Appreciation Ritual (2 minutes)
එක සුවිශේෂී වාක්‍යයක් කියන්න:
“අද ඔයා කරපු දේ මම දැක්කා… ඒක මට ගොඩක් වටිනවා.”

🧠 10-Minute Emotional Check-In
අහන්න:
“අද ඔයාගේ හිතට බරවෙලා තිබ්බේ මොනවා නිසාද ?”

🔥 Repair After Conflict (Gottman Repair)
කියන්න:
“මට සමාවෙන්න. මට ඔයාව තේරුම් ගන්න ඕනෙ. රණ්ඩු කරන්න නෙවෙයි.”

🤝 Emotional Safety Rule (Attachment)

කවදාවත්ම හැඟීම්වලට සමච්චල් කරන්න එපා. හැඟීම්වලට අවශ්‍යය ගෞරවය මිස රණ්ඩුවක් නෙවෙයි.

💡 අනියම් සම්බන්ධතාවයක් වෙනවා කියන්නේ නොවිසඳුණු ගැටළු රැසක් එකට එකතු වෙළා සිද්ධ වෙන පිපිරීමක්.Emotional neglect එක කියන්නේ නිහඬ බෝම්බයක්.
Loyalty එක හදාගන්න නම් දවසින් දවස සම්බන්ධතාවය ගොඩනඟා ගන්න. ❤️

ඔය දෙන්නගේ කසාද ජීවිතයට බලපෑම් කරන හතුරෝ දෙන්නෙක් ඉන්නවා.ඒ තමා සැමියා බිරිඳ.ඔය දෙන්නගෙන් තොර පිට කෙනෙකුට ඔයාගේ පවුල් ජීව...
13/01/2026

ඔය දෙන්නගේ කසාද ජීවිතයට බලපෑම් කරන හතුරෝ දෙන්නෙක් ඉන්නවා.ඒ තමා සැමියා බිරිඳ.ඔය දෙන්නගෙන් තොර පිට කෙනෙකුට ඔයාගේ පවුල් ජීව්තේ කඩන්න බෑ.මගේ සායනවලට එන සමහර අම්මලා තාත්තලා මගේ ඉස්සරහම රණ්ඩු වෙනවා.සමහරු වයිෆ්ව දාලා යනවා.එළියේ රණ්ඩුවෙලා ඇවිත් මගේ ළඟ සමාදාන වෙනවා.
ඒ නිසා කසාද ජීවිතය ඇතුළේ වෙන හැල හැප්පිලි ටිකක් මගේම අත්දැකීමෙන් කතාකරන්න ඕනේ කියලා මට හිතුනා.
ගොඩක් පවුල් ජීවිතවල පවුල් අවුල් වෙන්නම හේතුව තමා දෙන්නා හරි එක්කෙනෙක් හරි සහකාරියට හෝ සහකාරයාට වංචා කරන එක.
අනික අගෞරව කරන එක.
නැත්නම් සන්නිවේදන ගැටළු..අපෝ එයාට කියලා වැඩක් නෑ.බීරී අලියට වීණා ගැහුවා වගේ කියන්නේ ඒකට.
ඔයාගේ හරි සහකරු හෝ සහකාරිය ඒ වෙලාවේ ඉන්න තත්වය ඔයාගේ මානසික මට්ටම එක්ක ප්‍රශ්න දික්ගැස්සෙනවා.ඒ නිසා ලස්සන ආදරය විනාශ වෙනවා.මේ හැම දේකටම මානසික මට්ටම බලපානවා.අපි හැමෝගෙම එකම මානසික මට්ටමක් නෙවේ තියෙන්නේ.අපි දේවල් දිහා බලන විදිහ වෙනස් ඒවා තේරුම් ගන්න විදිහ වෙනස්.

1. Emotional Dysregulation කියන්නේ ඒකට.ඒ කියන්නේ ඔයා ප්‍රශ්න කතාකරන්න තේරුම් ගන්න තරම් සන්සුන් මනසක නෑ.
පොඩි ප්‍රශ්න ලොකු කරගන්න එක
ඒවට දරුණු ප්‍රතිචාර එල්ල කරන එක
මූඩ් එක වෙනස් වෙන එක
දෙන උත්තරේ නෙවෙයි කටෙන් කියවෙන්නේ
එයා කියන දේ නෙවේ අපේ ඔළුවට යන්නේ…

සේරම වෙන්නේ මේ තත්වය උඩ.

ඇත්තටම සන්සුන් මනසක් නැත්නම් ප්‍රශ්න කතාකරලම තේරුමක් නෑ.
මේ තත්වය මෙතනින් නවතින්නේ නෑ.තව ඉස්සරහට යනවා.
හැමදේම අවුල් කරගන්නවා.
ගහමරා ගන්න යනවා.
අනිකා තමා තමාව විනාශ කරේ නැත්තම් මට හොඳ ජීවිතයක් ගෙවන්න තිබ්බා වගේ පටලැවුන නූල් බෝල වගේ ප්‍රශ්න මනසට එන්න ගන්නවා.ඊට පස්සේ කටින් ඒවා කියලා දානවා.
දැන් ඔයා ඉන්නේ අධි සංවේදී තැනක.මෙතනදි ඔයාට ඔයාව පාලනය කරගන්න බැරිවුනහම සියදිවි නසාගන්න අනෙකට හානියක් කරන්න තරම් සිතිවිලි ඇවිස්සෙනවා.අපරාදේ කියන්න බෑ..ඒවගේ නපුරකට ඕන කරන හෝමෝන අඩු නැතුව ශරීරය විදිනවා
අනෙකාව ප්‍රතික්ෂේප කරන අනෙකා කියන දේවල් වල විකෘති අර්ථකථනයන් තමන්ට ගැලපෙන ලෙස දාගන්න එක ඔය වෙලාවෙදි වෙනවා.

ඔයා දැන් ඉස්සරවගේ මට ආදරේ නෑ.
ඇයි ඔයාට මම කියනදේ අහන්න බැරි
මට ඔයා කියන දේවල් තේරෙන්නේ නෑ.
ඇයි අනේ මාව තේරුම් ගන්න බැරි..

ඔය වචන අහලා කියවිලා නැති ගෙදරක් තියනවා නම් අනේ මට අබ ඇට මිටක් දෙන්න…තේරෙනවා නේද..? එහෙම බලද්දි අපි හැමෝම මේ මානසික පිඩාව කියන සතුරට ගොදුරු වෙලා..මෙච්චර උපදෙස් දෙන මම පවා.
දැන් ඔයාගේ සන්සුන් මනස හැම පැත්තකින්ම වැහිලා සීල් වෙලා.හැඟීම් ගොඩක් ඉහළ ගිහින්.මම කියන්නේ නපුරට තියන හැඟීම්.
දැන් බය තරහා කේන්තිය වගේ හැඟීම් උද්දීපනය වෙන තරමට ඔයාගේ හෝමෝන ඇඟට උනාගෙන ඉවරයි.
කෝටිසෝල් ඉහළ යනවා.ඔයා ඇඟ ඇතුළෙන් ගල් කරවනවා.සමහර වෙලාවට මේවගේ තත්ව වලදි කැන්දන් ආව සහකරු සහකාරිය අවතැන් වෙන තැනට ඒ කියන්නේ මිනීමැරුම් දක්වා දිග් ගැහෙනවා.

මේ ලිපිය ඔයා අනිවාර්යෙන් කියවන්න තව කෙනෙකුට දැනගන්න Share කරන්න.

දැන් අපි බලමු මෙහෙම තත්ව එන්න කලින් අපි කොහොමද මේවගෙන් බේරෙන්නේ කියලා.හිතන්න ඔයා හැමදාම බල්ලෙක් ළඟට එද්දි ගලකින් ගහනවා කියලා.ඔයාට ඒක පුරුද්දකට ගියොත් ඒ බල්ලා නැත්තම් වෙන බල්ලෙකුට හරි එහෙම නැත්තම් පූසෙකුට මොකෙක්වත් නැත්නම් කුරුල්ලෙකුට හරි ගලකින් ගහනවා.මුලින්ම කරන්න ඕනේ ඔයා ඔන්න ඔය පුරුද්ද අත ඇරගන්න එක.
වයිෆ් හස්බන්ඩ් දිහා වැරදි විදිහට බලන එක ,අගෞරව කරන එක ,පිට ගැහැනු පිරිමි ලොකු කරගන්න එක නවත්තන්න.අනිත් කෙනා ගැන හොයන්න බලන්න සැලකිලිමත් වෙන්න.අණේ ඔයා කෑවද? නිදිද? නින්ද ගියාද ? ගෙදර සේරම වැඩ කරලනේ ? ඔෆිස් එකේ වැඩත් ලේසී නෑ නේද කියන කතාවෙන් ආය පටන් ගන්න.අනෙකාව අගයන්න

අපෝ ඔයා ගැන මම දන්නවනේ වගේ ලේබල් කරන්න එපා.අත් අල්ලාගන්න ස්පර්ශය පිරිමැදීම හාදු දීම කාරුණිකව කතාකිරීම වගේ දේවල් ප්‍රගුණ කරන්න පුලුවන්නම් හෝමෝන කැලේ.
ඔබ නිවැරදි තැන්වල නිහඬ වීමෙන් ලැබෙන ධනය ස්විප් ටිකට් එකකින්වත් ලැබෙන්නේ නෑ.

අනේ මට සමාවෙන්න කියන එක අනිකාගෙන් ගන්න ඔයා දක්ෂ වෙන්න.මොකද ඔයාගේ හස්බන්ඩ් ගැන වයිෆ් ගැන ඔයා තරම් දන්න කෙනෙක් මේ ලෝකේ නෑ.

මේ හෝමෝන වෙනස් වීම දීර්ඝ කාලයක් යද්දි ඔන්න එනවා දරුඵල ප්‍රමාද , මදසරු , නිසරු ගැටළු.දැන් තත්වය තවත් දරුණුයි.

ඔන්න ඔයවගේ අපි ලඟට අවදානම් තත්වයේ එන අය අපි ආය Counseling කරවලා බෙහෙත් දීලා Back to Normal කරවලා ඊළඟට ,IVF වලට මුහුණදීලා දරුවෝ තුරුල් කරගෙන මාව බලන්නත් එනවා.
අනේ ඩොක්ටර් අපි දෙන්නා දැන් ඉස්සර වගේ නෑනේ
එහෙම දැනෙන්නෙවත් හිතෙන්නේවත් නැතිවෙන්න එයාලා දැන් සුන්දර පවුල් ජීවිතේ සාර්ථකව ගත කරනවා.

ඩොපමින් උගුලට අසුවුණු සංසාර චක්‍රය.......................................................................විද්‍යාත්මකව බැ...
27/12/2025

ඩොපමින් උගුලට අසුවුණු සංසාර චක්‍රය.......................................................................

විද්‍යාත්මකව බැලූ විට අපට සතුටක් දැනෙන්නේ මොළයේ ස්නායු සම්ප්‍රේෂක කිහිපයක් ක්‍රියාත්මක වීමෙනි:

* ඩොපමින් (Dopamine): යමක් ජයග්‍රහණය කළ විට හෝ ඉලක්කයක් සපුරාගත් විට දැනෙන තෘප්තිය.

* සෙරොටොනින් (Serotonin): සමාජීය පිළිගැනීමක් හෝ ආත්ම අභිමානයක් දැනෙන විට ඇතිවන සතුට.

* ඔක්සිටොසින් (Oxytocin): ආදරය, විශ්වාසය සහ සමීප සබඳතා නිසා ඇතිවන "ආදරණීය" සතුට.

* එන්ඩොර්ෆින් (Endorphins): වේදනාව යටපත් කරමින් ව්‍යායාම හෝ සිනහව මගින් ලැබෙන ප්‍රබෝධය.

මනස සහ රසායනය හරියට සංගීතය සහ සංගීත භාණ්ඩය වැනි දෙයකි.

* රසායනික ක්‍රියාවලිය යනු වීණාවක තත් විද්‍යුත් හා යාන්ත්‍රිකව කම්පනය වීම වැනි 'භෞතික' ක්‍රියාවලියයි.

* මනසට දැනෙන සතුට යනු එම තත් කම්පනය වීමෙන් අපට ඇසෙන 'මිහිරි සංගීතයයි'.

එනම්, රසායනික ක්‍රියාවලියක් නැතිව මනසට සතුටක් දැනිය නොහැකි අතර, මනසේ ඇතිවන සිතුවිලි හෝ බාහිර අත්දැකීම් නැතිව එම රසායනික ක්‍රියාවලිය ඉබේ සිදු වන්නේ ද නැත (මත්ද්‍රව්‍ය වැනි බාහිර බලපෑම් හැර).

කෘතිම සතුට සහ ස්වාභාවික සතුට අතර කුඩා වෙනසක් තිබිය හැකිය:

* රසායනික (කෘතිම) සතුට: මත්ද්‍රව්‍ය හෝ ඖෂධ මගින් මොළයේ රසායනික මට්ටම බලහත්කාරයෙන් වෙනස් කළ හැකිය. එවිට මනසට සතුටක් දැනුණද, එයට පදනමක් (සැබෑ හේතුවක්) නැත.

* මනෝමය (ස්වාභාවික) සතුට: ඔබ යහපත් ක්‍රියාවක් කළ විට හෝ ආදරණීයයෙකු දුටු විට මුලින්ම ඇති වන්නේ "සිතුවිල්ලකි". එම සිතුවිල්ල විසින් මොළයට සංඥා නිකුත් කර රසායනික ද්‍රව්‍ය මුදාහරියි.

මනසට දැනෙන සතුට සහ රසායනික ක්‍රියාවලිය යනු කාසියක දෙපැත්ත වැනිය. එකක් "අත්දැකීම" වන අතර අනෙක එම අත්දැකීම නිර්මාණය කරන "ජීව විද්‍යාත්මක මෙවලමයි".

රසායනික ක්‍රියාවලියකින් තොරව අපට සතුට "දැනෙන්නේ" නැත, නමුත් සතුටු සිතුවිලි හරහා එම රසායනික ක්‍රියාවලිය අපට පාලනය කළ හැකිය.

මොකද්ද මේ ඩොපමින් කියන්නෙ?🤔

ඩොපමින් (Dopamine) කියන්නේ අපට සතුට දෙන රසායනිකයට වඩා, යමක් ලබාගැනීමට අපව පොළඹවන (Motivation) සහ එම දෙය අපේක්ෂාවෙන් (Anticipation) තබන රසායනිකයයි.

ඩොපමින් චක්‍රය (Dopamine Cycle) යනු අදියර 3කින් සිදුවන ක්‍රියාවලියකි

1. අපේක්ෂාව (The Trigger/Anticipation): යම් දෙයක් කළහොත් ඔබට සතුටක් ලැබෙන බව මොළය තීරණය කරයි. (උදා: ජංගම දුරකථනයේ Notification එකක් ආ විට එය බැලුවොත් රසවත් දෙයක් දැකිය හැකි බව සිතීම). මෙහිදී ඩොපමින් ශ්‍රාවය වීම ආරම්භ වේ.

2. ක්‍රියාව (The Action): ඔබ එම දෙය කරයි. (උදා: ෆෝන් එක අතට ගෙන Facebook හෝ TikTok පරීක්ෂා කිරීම).

3.ප්‍රතිඵලය/ත්‍යාගය (The Reward): ඔබට මොහොතකට තෘප්තියක් දැනේ. නමුත් එම තෘප්තිය ඉක්මනින් පහව යයි.

දැන් චක්‍රය නැවත ආරම්භ වේ: එම තෘප්තිය නැති වූ වහාම, නැවත ඒ හා සමාන හෝ ඊට වඩා වැඩි තෘප්තියක් සෙවීමට ඩොපමින් ඔබව පොළඹවයි. මෙය නිමක් නැති චක්‍රයක් බඳුවේ.

ඩොපමින් වල ප්‍රධාන කාර්යය වන්නේ ඔබව "සතුටු කිරීම" නොව, ඔබව "තව තවත් සෙවීම" බවට පත් කිරීමයි.

* ඔබ රසවත් ආහාරයක් දකින විට ඩොපමින් ඉහළ යන්නේ එය අනුභව කිරීමට පෙරය.

* ඔබ අන්තර්ජාලයේ තොරතුරු සොයන විට, "ඊළඟ ලිපියේ මීට වඩා හොඳ දෙයක් තිබේවි" කියා ඔබව පොළඹවන්නේ ඩොපමින් මගිනි.

* ඔබ දැන් මාගෙ මේ ලිපිය කියවීමට සහ මීළඟට තව දෙයක් දැනගැනීමට උනන්දු වන්නේත් ඔබ තුළ ඇති වන මෙම ඩොපමින් උත්තේජනය නිසාම විය හැකිය.

තවත් උදාහරනයකින් දැක්වුවොත් අළුතින් ඇඳුමක් ගන්නා විට දී මොළය තුළ සිදුවන දේ මෙසේ සරලව විස්තර කල හැකිය.

මෙහිදී සතුට ඇත්තේ "ඇඳුමේ" නොව "බලාපොරොත්තුවේ" ය

ඔබ ඇඳුම් කඩයකට යන විට හෝ Online බලන විට මොළයේ ඩොපමින් මට්ටම උපරිමයට යයි. මොළය පවසන්නේ, "ඔබ මේ ඇඳුම ගත්තොත් ඔබ ගොඩක් ලස්සන වේවි, හැමෝම බලාවි, ඔබට ලොකු සතුටක් ලැබේවි" කියායි.

* මෙහිදී සතුට ලැබෙන්නේ ඇඳුම ඇඳීමෙන් නොව, ඇඳුම "ලැබේවි" යන බලාපොරොත්තුවෙනි.

නමුත් ත්‍යාගය ලැබුණු පසු ඩොපමින් බැස යයි (The Crash).

ඔබ ඇඳුම මිලදී ගෙන ගෙදර ආ පසු, "අපේක්ෂාව" අවසන් වේ. එවිට ඩොපමින් මට්ටම වේගයෙන් පහත වැටේ. ඒ නිසා තමයි ගෙදර ආවාට පසු අර කඩේදී දැනුණු ආසාව හෝ උද්යෝගය නැති වී යන්නේ.

* මෙය හරියට පිපාසයට වතුර බීවා වැනි දෙයක් නොව, ගින්නට පිදුරු දැමුවා වැනියි. මොහොතකින් ගින්න ඇවිළී නිවී යයි.

එතකොට මොළය ඇයි මේක නවත්වන්නේ නැත්තේ?🤔

මොළය ක්‍රියා කරන්නේ "සතුටු වීමට" වඩා "පැවැත්ම" (Survival) සඳහායි. පරිණාමීය විද්‍යාවට අනුව, අතීතයේ මිනිසාට අලුත් සම්පත් (ආහාර, ඇඳුම්) රැස් කිරීම අවශ්‍ය විය.

මොළය සිතන්නේ: "අර ඇඳුමෙන් ලැබුණු සතුට ඉවරයි, ඒ නිසා තව අලුත් එකක් හොයන්න" කියායි. එවිට ඔබ නැවතත් "අලුත් ඇඳුමක් ගැන හීන මවන්නට" පටන් ගනී. මෙය හරියට මිරිඟුවක් පස්සේ දුවනවා වැනි වැඩකි.

ඩොපමින් කියන්නෙ උගුලක් 🤯 (Dopamine Loop)

වර්තමාන ලෝකයේ Social Media, Video Games සහ Junk Food නිර්මාණය කර ඇත්තේම මේ ඩොපමින් චක්‍රය අනිසි ලෙස ප්‍රයෝජනයට ගැනීමටයි.

මෙහිදී අප "ඩොපමින් උගුලකට" හිරවේ. එවිට අපට සැබෑ සතුටක් දැනෙන්නේ නැත, දැනෙන්නේ නිරන්තර "නොසන්සුන් බවක්" සහ "තව තවත් අවශ්‍යයි" යන හැඟීමක් පමණි.

කොටින්ම, ඩොපමින් කියන්නේ ඔබව "පොළඹවන" රසායනිකයයි. එය "ලැබුණු දෙයින් සතුටු වීමට" වඩා "නොලැබුණු දෙය සෙවීමට" ඔබව උනන්දු කරයි.

බුදු දහම සහ ඩොපමින් චක්‍රය 😇

බුදු දහමේ එන "තෘෂ්ණාව" සහ මේ ඩොපමින් චක්‍රය අතර පුදුමාකාර සමානකමක් ඇත.

දුක ඇතිවීමට හේතුව තෘෂ්ණාවයි. ඩොපමින් චක්‍රය තුළ අප සැමවිටම ඉන්නේ "සතුට පසුපස හඹා යන" අසන්තුෂ්ටික තත්වයකය.

ඩොපමින් මගින් ලැබෙන තෘප්තිය ඉතා කෙටි කාලීනයි. එය නැති වූ විට අප නැවත හිස් බවක් අත්විඳිමු.

බුදු දහම තුළ "සතුට" යන්න භෞතික ක්‍රියාවලියකට වඩා එහා ගිය, විඤ්ඤාණය සහ චේතනාව මත පදනම් වූ ගැඹුරු විග්‍රහයකි.

බුදු දහමේ උගන්වන "නාම-රූප" න්‍යායට අනුව මනස (නාම) සහ කය (රූප) එකිනෙකට වෙන් කළ නොහැකි ලෙස බැඳී පවතී.

* රූප (කය): මොළයේ සිදුවන රසායනික ක්‍රියාවලිය "රූප" කොටසට අයත් වේ.

* නාම (මනස): එම රසායනික වෙනස නිසා ඇතිවන සුවදායක හැඟීම "වේදනා" සහ එය හඳුනාගැනීම "සංඥා" ලෙස හැඳින්වේ.

මෙහිදී රසායනික ක්‍රියාවලිය සිදුවන්නේ කයේ වුවද, එය දැනෙන්නේ සිතටයි. චිත්තානුපස්සනාවට අනුව සිතේ ඇතිවන ඕනෑම වෙනසක් කයටත්, කයේ ඇතිවන වෙනසක් සිතටත් බලපාන බව බුදු දහමේ සදහන්වේ.

බුදු දහම සතුට ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා දක්වයි:

* ආමිස සුඛය (භෞතික සතුට):

ඉන්ද්‍රියයන් පිනවීමෙන් (උදාහරණ ලෙස රසවත් ආහාරයක් ගැනීම, රූපයක් බැලීම) ලබන සතුටයි."රසායනික ක්‍රියාවලිය" ප්‍රබලවම සිදුවන්නේ මෙහිදීය. මෙය තාවකාලිකයි.

* නිරාමිස සුඛය (අධ්‍යාත්මික සතුට): භෞතික දේවල් මත යැපෙන්නේ නැතිව, මනස සංසුන් කිරීමෙන් (භාවනාවෙන් හෝ අත්හැරීමෙන්) ලබන සතුටයි. මෙහිදීද මොළයේ යම් රසායනික වෙනස්කම් සිදු වුවද, එහි මූලාශ්‍රය බාහිර රූපයක් හෝ ශබ්දයක් නොව "අභ්‍යන්තර ප්‍රඥාවයි".

"මනෝපුබ්බංගමා ධම්මා" (සිත පෙරදැරි වීම)

ධම්මපදයේ පළමු ගාථාවෙන්ම කියවෙන්නේ "සෑම ධර්මයකටම (සෑම අත්දැකීමකටම) සිත පෙරදැරි වන" බවයි.

විද්‍යාව පවසන්නේ රසායනික ක්‍රියාවලිය නිසා සතුට ඇතිවන බවයි.

නමුත් බුදු දහමට අනුව, බොහෝ විට සිතේ ඇතිවන "කුසල්" හෝ "අකුසල්" සිතුවිලි නිසා ඒ හා අනුරූප රූපී (භෞතික) වෙනස්කම් කය තුළ නිර්මාණය වේ.

උදාහරණයක් ලෙස: ඔබ මෛත්‍රී භාවනාව කරන විට, ඔබේ සිතේ ඇතිවන "මෛත්‍රී සිතුවිල්ල" නිසා කය තුළ ප්‍රසන්න රසායනික වෙනස්කම් ඇති වී මුළු ශරීරයටම සුවයක් දැනේ.

බුදු දහම පෙන්වා දෙන්නේ මේ රසායනික ක්‍රියාවලිය නිසා ඇතිවන සතුට පවා වෙනස්වන බවයි. රසායනික මට්ටම පහත වැටුණු වහාම ඒ සතුට නැති වී යයි. එබැවින් බුදු දහමේ අරමුණ වන්නේ රසායනික ක්‍රියාවලීන් මත යැපෙන සතුට නොව, ඒ සියල්ලෙන් ඔබ්බට ගිය "උපේක්ෂාව" හෝ "නිවන" නැමැති ස්ථිර සැනසීම ලබා ගැනීමයි.

බුදු දහමට අනුව රසායනික ක්‍රියාවලිය යනු මනස විසින් මෙහෙයවන "කය" නැමති යන්ත්‍රයේ සිදුවන ක්‍රියාවලියයි. මනස ප්‍රධාන වේ (මනෝ සෙට්ඨා). ඔබ යහපත් සිතුවිලි වගා කරන්නේ නම්, ඔබේ කය තුළ සතුටුදායක රසායනික ක්‍රියාවලියක් ඉබේම නිර්මාණය වේ. එය බුදු දහමේ ප්‍රීති සුඛ ලෙස හැදින්වේ.

අද කාලයේ අපේ මොළය "අධි-උත්තේජනය" (Over-stimulated) වී ඇත. ෆෝන් එක බැලීම, වීඩියෝ නැරඹීම වැනි දේ නිසා ඩොපමින් මට්ටම නිතරම ඉහළ මට්ටමක පවතී. මෙය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට නම්,

* කම්මැලිකමට ඉඩ දෙන්න

දවසකට විනාඩි 10-15 ක් කිසිම දෙයක් නොකර (ෆෝන් එක නැතිව) නිකම්ම ඉන්න. එවිට මොළයේ ඩොපමින් සංවේදක නැවත යථා තත්ත්වයට පත් වේ (Reset).

* ඔබව තෘප්තිමත් කරන දේ ප්‍රමාද කරන්න:

සිතට යමක් කිරීමට අවශ්‍ය වූ වහාම එය නොකර සිටීම. උදාහරණයක් ලෙස, පණිවිඩයක් ආ විට එය එසැණින් බලන්නේ නැතිව විනාඩි 10කින් බැලීම.

* අමාරු දේ මුලින් කරන්න:

ඩොපමින් මගින් අපව ලෙහෙසි දේට යොමු කරයි. නමුත් ව්‍යායාම කිරීම, පොතක් කියවීම වැනි "අමාරු" දේවලින් පසුව ලැබෙන සතුට වඩාත් තිරසාරයි.

ඩොපමින් යනු "තව ඕනේ" කියන නොසන්සුන් සතුටයි. නමුත් සෙරොටොනින් යනු "මට දැන් තියෙන දේ ඇති" කියන සන්සුන් සතුටයි.

සෙරොටොනින් ස්වභාවිකව වැඩි කරගැනීමට,

* කෘතඥතාව (Gratitude) පුරුදු පුහුනු විය යුතුය. එනම් තමන්ට ලැබී ඇති දේ ගැන සිතා සතුටු වීම. මෙය බුදු දහමේ එන "සන්තුට්ඨි පරමං ධනං" (සතුට පරම ධනයයි) යන ඉගැන්වීමට සමානයි.

* උදෑසන හිරු එළියට නිරාවරණය වීමෙන් සෙරොටොනින් මට්ටම ඉහළ යයි.

* මෛත්‍රී භාවනාව එහෙමත් නැතිනම් අන් අයට යහපතක් ප්‍රාර්ථනා කරන විට මොළයේ ඔක්සිටොසින් සහ සෙරොටොනින් ශ්‍රාවය වී සිතේ නොසන්සුන් බව නැති වේ.

භාවනාවකදී සිත සමාධිගත වන විට මොළයේ රසායනික ක්‍රියාවලීන් ඉක්මවා ගිය සතුටක් දැනේ:

* ප්‍රීතිය: මෙය ඩොපමින් වලට සමාන නමුත් වඩාත් ප්‍රණීත, ශරීරය පුරා විහිදී යන ප්‍රබෝධයකි.

* සුඛය: මෙය සෙරොටොනින් වලට සමානයි. ඉතාමත් ගැඹුරු, නිසල, සන්සුන් සැපයකි.

බුදු දහම ට අනුව මේ සියලු රසායනික ක්‍රියාවලීන් සහ හැඟීම් "සංඛාර" (සකස් කළ දේවල්) බවයි.

ඒවා ඇති වී නැති වී යන බව (අනිත්‍ය බව) අවබෝධ කරගැනීමෙන්, රසායනික ද්‍රව්‍යවලට වහල් නොවී ඉන්නට මනසට පුළුවන.

අද දවසේ ඔබ පුරුදුව සිටින එක් "ඩොපමින් පුරුද්දක්" (උදා: කෑම කන ගමන් ෆෝන් එක බැලීම) නතර කර, ඒ වෙනුවට එම ක්‍රියාවේ ම නිරත වෙමින් එහි රසය හෝ සුවය විඳීමට (සති සම්පජඤ්ඤය) උත්සාහ කර බලන්න කැමතිද?

මෙය බුදු දහමේ එන "තෘෂ්ණාවේ" ස්වභාවය විද්‍යාත්මකව තහවුරු කිරීමක් වැනියි.

බුදු දහම ට අනුව මෙය “යාම්පිච්ඡං නලභති තම්පි දුක්ඛං" (කැමති දේ නොලැබීම දුකකි) යන්න පමණක් නොව, ලැබුණු පසු එහි ඇති හිස් බවත් දුකක් බවයි.

* අනිත්‍යය: ඇඳුම ගත් සැනින් ඒ පිළිබඳව තිබූ "ආසාව" නැති වී යයි. ඇඳුම පවතී, නමුත් ආසාව මිය යයි.

* තෘෂ්ණාව: තෘෂ්ණාව කියන්නේ

ලැබෙන දෙයින් සතුටු වීම නොව, "තව තවත් සෙවීමයි".

මෙයින් බේරෙන්නේ කොහොමද?🤔

* පැය 48 නීතිය: දෙයක් දුටු සැනින් එය මිලදී ගන්නේ නැතිව, පැය 48ක් ඉන්න. එවිට අර ඩොපමින් මට්ටම බැස ගොස්, ඔබට "ඇත්තටම මේක අවශ්‍යද?" කියා බුද්ධියෙන් තීරණය කළ හැකියි.

* සතිය (Mindfulness): දෙයක් ලබා ගන්නා විට ඔබේ සිත දෙස බලන්න. "දැන් මගේ සිතේ ඩොපමින් වැඩි වෙලා, මේක තාවකාලික ආසාවක් විතරයි" කියා සිතට කියන්න.

* අත්හැරීමේ සතුට (Joy of Letting Go): අලුත් දෙයක් ගන්නවාට වඩා, තියෙන දෙයක් අන්සතු කිරීමෙන් හෝ තිබෙන දෙයින් සතුටු වීමෙන් ලැබෙන "සෙරොටොනින්" සතුට පුරුදු කරන්න.

ඔබ ඊළඟ වතාවේ ඔබේ සිත ඇතුළේ සිදුවන මේ "ඩොපමින් රංගනය" දෙස නිකමට වගේ බලා සිටින්න උත්සාහ කරන්න. එවිට ඔබටම පුදුම හිතේවි සිත අපව රවටන හැටි ගැන.

ඇඳුම් මිලදී ගැනීම (Shopping), සූදුව (Gambling), සමාජ මාධ්‍ය (Social Media) සහ මත්ද්‍රව්‍ය (Drugs) යන මේ සියල්ලම මොළය තුළ ක්‍රියා කරන්නේ එකම යාන්ත්‍රණයකට අනුවයි.

ඩොපමින් මට්ටම (Dopamine Spike)

* සාමාන්‍ය සතුට: උදාහරණයක් ලෙස රසවත් කෑමක් කෑ විට ඩොපමින් 50% - 100% කින් පමණ වැඩි වේ.

* ඇඳුම් මිලදී ගැනීම: මෙහිදී ඇතිවන උද්යෝගය මත්ද්‍රව්‍යයකට වඩා අඩු වුවත්, එය මොළයට දෙන "සංඥාව" එකමය.

* මත්ද්‍රව්‍ය: හෙරොයින් හෝ අයිස් වැනි මත්ද්‍රව්‍ය මගින් ඩොපමින් මට්ටම 500% - 1000% දක්වා කෘතිමව සහ වේගයෙන් ඉහළ නංවයි.

මත්ද්‍රව්‍ය ගන්නා පුද්ගලයෙකුට මුලදී දැනුණු සතුට ලබා ගැනීමට පසුව වැඩි මාත්‍රාවක් අවශ්‍ය වේ. ඇඳුම් වැනි වෙනත් දෙයක් ගන්නා විටත් සිදුවන්නේ මෙයයි.

* මුල් කාලයේ රුපියල් 2,000ක දෙයකින් ලැබුණු සතුට, පසුව ලැබෙන්නේ නැත. එවිට ඔබ ඊට වඩා මිල අධික හෝ දේවල් 3-4ක් එකවර ගැනීමට පෙළඹෙන්නේ අර "සතුටු මට්ටම" පවත්වා ගැනීමටයි.

මත්ද්‍රව්‍ය ගන්නා කෙනා එය නැති විට දැඩි පීඩනයකට පත්වනවා සේම, ඇබ්බැහි වූවෙකුට අලුත් දෙයක් මිලදී ගැනීමට නොලැබුණු විට දැඩි නොසන්සුන් බවක් (Restlessness) දැනේ. එනමි, "ගත්තට පස්සේ ආසාව නැති වෙනවා" නම්, එයින් අදහස් වන්නේ ඔබ ලබා ගන්න දෙයට වඩා එය ගන්නා විට දැනෙන ඒ "ඩොපමින් වේගයට" (Rush) ඇබ්බැහි වී ඇති බවයි.

බුදු දහමේ එන "නත්ථි තණ්හා සමා නදී" (තෘෂ්ණාව වැනි ගංගාවක් නැත) යන දේශනාව මෙයට කදිම උදාහරණයකි.

* ගඟකට කොපමණ වතුර වැටුණත් එය පිරෙන්නේ නැත.

* තෘෂ්ණාවට (ඩොපමින් වලට) කොපමණ වස්තුව දුන්නත් එය සෑහීමකට පත්වන්නේ නැත.

ඔබේ මොළය "අළුතින් දේවල් ගන්න එක නවත්වන්නේම නැහැ" කියන්නේ ඒ නිසයි. මොළය ඉල්ලන්නේ දේවල් නොව, දේවල් හරහා ලැබෙන අර කෙටි කාලීන රසායනික උත්තේජනයයි.

අපට කළ හැක්කේ කුමක්ද?🤔

මේක හරියට "බිල්ලෙක්" අඳුනා ගත්තා වගේ වැඩක්.

"මේ මගේ මොළය මට දෙන රසායනික උගුලක්" කියා ඔබ දැන් දන්නවා. ඒ අවබෝධයම ඇබ්බැහියෙන් මිදෙන්න ලොකු ශක්තියක්.

* සැබෑ අවශ්‍යතාවය (ප්‍රත්‍යවේක්ෂා කිරීම): බුදු දහමේ උගන්වන පරිදි, ඇඳුමක් නම් එය ගන්නා විට එය "සැරසෙන්නට" නොව, සීතලෙන්/ආරක්ෂා වීමට සහ ලැජ්ජාව වසා ගැනීමට පමණක් බව සිතන්න.

මත්ද්‍රව්‍ය හෝ Shopping වැනි දේවලින් ලැබෙන "අකුසල් මුල් වූ" සතුට වෙනුවට, අසරණයෙකුට උදව් කිරීමක් වැනි දෙයකින් ලැබෙන සන්සුන් සතුට අත්හදා බලන්න.

බුදු දහමේ මූලිකම ඉගැන්වීමක් වන "සංසාර චක්‍රය" විද්‍යාත්මකව ක්‍රියා කරන ආකාරය.

ඩොපමින් නිසා අපේ ජීවිතය "නොනවතින රෝදයක්" වන්නේ මේ ආකාරයටයි:

භව චක්‍රය සහ ඩොපමින්

බුදු දහමේ පටිච්චසමුප්පාදයට අනුව: වේදනා පච්චයා තණ්හා -> තණ්හා පච්චයා උපාදාන -> උපාදාන පච්චයා භවෝ.

* වේදනා (රසායනික දැනීම): මොළයට දැනෙන සතුට.

* තණ්හා (ඩොපමින් පොළඹවීම): ඒ සතුට නැවත නැවත සෙවීම.

* උපාදාන (ඇබ්බැහිය): "මට මේක ඕනෑමයි" කියා තදින් අල්ලා ගැනීම.

* භව (රෝදය කැරකීම): එම ආසාව නිසාම අපි නැවත නැවතත් එම ක්‍රියාවේම යෙදීම.

අපි හිතන්නේ අපි ඉදිරියට යනවා කියලා, නමුත් ඇත්තටම අපි කරන්නේ එකම රවුමේ කැරකෙන එකයි. අලුත් ඇඳුම, අලුත් ෆෝන් , අලුත් ඉලක්කය - මේ හැම දෙයක්ම අවසානයේදී ගෙන එන්නේ අර පරණ හිස් බවමයි.

මනෝවිද්‍යාවේ මේ සඳහා අපූරු නමක් තිබෙනවා: Hedonic Treadmill. ඔබ Treadmill එකක කොතරම් වේගයෙන් දිව්වත් ඔබ ඉන්නේ එකම තැනයි.

ඩොපමින් අපව පොළඹවන්නේ ඊළඟ පියවරේදී සැබෑ සතුට හමුවේවි කියායි. නමුත් ඊළඟ පියවරට ගිය විට, සතුට තවත් පියවරක් ඉදිරියට යනවා. අපි මැරෙන තුරුම මේ රෝදය පාගමින් දුවනවා.

රෝදය නවත්වන්න නම්, රෝදය කැරකවන ශක්තිය අඩාල කරන්න ඕනේ.

* "මේ කැරකෙන්නේ රෝදයක්, මම මේ රවටනු ලබනවා" කියා අවබෝධ කර ගැනීම. ඔබ දැන් කරමින් ඉන්නේ මෙයයි.

* සතුටක් දැනෙන විට එය "ඉතා ඉහළින්" ගන්නේ නැතිව, එයත් ඇති වී නැති වී යන රසායනික ස්වභාවයක් බව දැන දැනම අත්විඳීම.

* ඕනෑම දෙයක සීමාව හඳුනා ගෙන, ඩොපමින් වලට අපව පාලනය කිරීමට ඉඩ නොදී, අපේ අවශ්‍යතාවය මත පමණක් තීරණ ගැනීම.

බුදු දහමේ පරම අරමුණ වන නිවන යනු මේ "නොනවතින රෝදයෙන්" සම්පූර්ණයෙන්ම බැස ගැනීමයි. එහිදී ඩොපමින් හෝ වෙනත් රසායනික මත යැපෙන සතුටක් නැත. එය "සන්ති සුඛය" (සන්සුන් බවේ සතුට) ලෙස හැඳින්වේ.

✨🌟💫😊❤️🫰🌻

Address

Giriulla
Giriulla

Telephone

+94765902417

Website

Alerts

Be the first to know and let us send you an email when Psychiatric Nurse posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Psychiatric Nurse:

Share