MOH Office - Millaniya

MOH Office - Millaniya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from MOH Office - Millaniya, Medical and health, MOH Office/Millaniya, Haltota.

ඩෙංගු රෝගය යනු වෛරසයක් මගින් බෝවන රෝගයක් වන අතර ආසාධිත මදුරුවකු වාහකයෙක් ලෙස ක්‍රියා කරයි . Aedes aegypti හා Aedes albop...
12/02/2026

ඩෙංගු රෝගය යනු වෛරසයක් මගින් බෝවන රෝගයක් වන අතර ආසාධිත මදුරුවකු වාහකයෙක් ලෙස ක්‍රියා කරයි .

Aedes aegypti හා Aedes albopictus යන මෙම මදුරුවන් බිත්තර දැමීමේදී පිරිසිදු ජලය සහිත බදුන් හෝ ස්ථාන වල ජලය හා ගැටෙන පෘෂ්ඨයේ බිත්තර ඇලවෙන සේ සිදු කරයි. එම නිසා එම ජලය සහිත බදුන් වල ජලය බිත්තර දැමීමට පසු ඉවත් කලද බිත්තර අදාල බදුනේ පෘෂ්ඨය මත ඇලවී තිබේ. මෙම හේතුව නිසා ජලය නොමැතිව වසරක පමණ කාලයක් වුවත් සජීවීව තිබෙන බිත්තර වසරකට පසුව ජලය සමග ගැටීමේදී බිත්තර තුලින් මදුරු කීටයන් ඇති වී මදුරුවන් ලෙස බාහිර පරිසරයට පිටවී යයි.

මිල්ලනිය මහජන සෞඛ්‍ය පරීක්ෂක ක්ෂේත්‍රයේ මාවත්ගම ප්‍රදේශයේ මිල්ලනිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක වරු, ඩෙංගු මර්ධන සහයකයන් මිල්ලනිය ප්‍රාදේශීය සභා මහජන සෞඛ්‍ය පරීක්ෂක තුමාගේ සහභාගිත්වයෙන් ඩෙංගු මර්ධන වැඩසටහනක් පවත්වන ලදී.
ඒ සදහා ලගාන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනී ප්‍රමුඛ මවු හවුලේ සහය ලැබින.

එහිදී මදුරුවන් බෝවිය හැකි ස්තාන නිවැරදි කිරීමට උපදෙස් ලබා දීම, ඩෙංගු රෝගය හා එම රෝගය පැතිරිම හා පාලනය කිරීම පිලිබදව දැනුවත් කිරීම හා මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන ගිය පුද්ගලයින් සදහා නීතිමය කටයුතු සිදු කිරීම සිදු කරන ලදී.

ඔබත් ඔබගේ නිවස හා අවට මදුරුවන් බෝ නොවන සේ පිරිසිදුව තබා ගන්න.

කාර්යබහුල ජීවන රටාව හේතුවෙන් මේවන විට නාගරික මෙන්ම ග්‍රාමීය බොහෝදෙනා රාත්‍රි ආහාර වේල හෝටල් හා අවන්හල් මගින් සපයාගනී. මි...
17/01/2026

කාර්යබහුල ජීවන රටාව හේතුවෙන් මේවන විට නාගරික මෙන්ම ග්‍රාමීය බොහෝදෙනා රාත්‍රි ආහාර වේල හෝටල් හා අවන්හල් මගින් සපයාගනී.

මිල්ලනිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ, මිල්ලනිය මහජන සෞඛ්‍ය පරීක්ෂක ක්ෂේත්‍රයේ හදිස්සි රාත්‍රී ආහාර වැටලීමක් සිදු කර රාත්‍රි ආහාර ලබාදෙන අවන්හල් පරීක්ෂා කරන ලදී.

එහිදී සෞඛ්‍ය ආරක්ෂිත ආහාර වේලක් ලබාදීමට අවශ්‍ය උපදෙස් ලබාදීම, සනීපාරක්ෂාවට අහිතකර තත්ව යටතේ සකස්කල ආහාර විනාශ කිරීම හා එම අවන්හල් වලට නීතිමය කටයුතු සිදු කරන ලදී.

🦟නිකසල පුරයක් - සුවබර දිවියක්🏘️========================================රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ...
13/01/2026

🦟නිකසල පුරයක් - සුවබර දිවියක්🏘️
========================================
රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් දිවයින පුරා ක්‍රියාත්මක"නිකසල පුරයක් - සුවබර දිවියක්" පසු ආපදා පවිත්‍රතා සහ ඩෙංගු මර්දන තෙදින ජාතික වැඩසටහනට සමගාමීව තෙවන දිනය වූ අද (09) දිනයේදී රාජ්‍ය හා පෞද්ගලික අංශ ආවරණය වන පරිදි ඩෙංගු මර්දන ශ්‍රමදාන ක්‍රියාත්මක කරන ලද අතර
ඒ අනුව මිල්ලනය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වෛද්‍ය ටී.ඒ.අයි. තිලකරත්න මහත්මියගේ උපදෙස් හා මඟ පෙන්වීම් මත කාර්යාලයීය නිලධාරීන්ගේ හා ක්ෂේත්‍ර නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් කාර්යාලයීය පරිශ්‍රය අවට ඩෙංගු ශ්‍රමදාන වැඩසටහන් සිදු කෙරිණ.

2026.01.12 වන දින පරගස්තොට විද්‍යාලෝක මහ විද්‍යාලයේ දී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මෙහෙයවීම මත කළුතර ශාඛාවේ රතුකුරුස...
12/01/2026

2026.01.12 වන දින පරගස්තොට විද්‍යාලෝක මහ විද්‍යාලයේ දී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මෙහෙයවීම මත කළුතර ශාඛාවේ රතුකුරුස සංවිධානයේ සම්පත් දායකත්වයෙන් දූ දරුවන් ප්‍රථමාධාර පුහුණු වැඩසටහනක් පැවැත්විණි. ඒ සඳහා මිල්ලනය ප්‍රාදේශ සභාවේ මහජන සෞඛ්‍ය‍ය පරීක්ෂක මහතා හා මිල්ලනය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිය කාර්යාලය මහජන සෞඛ්‍ය පරීක්ෂක මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් මේ සිදුවිය.

මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම පරගස්තොට විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලයටද විශේෂ ස්තුතියි පුද කරමි.

මිල්ලනිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලය, හමුදාවේ නිලධාරින්  හා මිල්ලනිය ප්‍රාදේශීය එක්ව සිදුකරන ලද ඩෙංගු මර්ධන වැඩ සටහන...
08/01/2026

මිල්ලනිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලය, හමුදාවේ නිලධාරින් හා මිල්ලනිය ප්‍රාදේශීය එක්ව සිදුකරන ලද ඩෙංගු මර්ධන වැඩ සටහනක් ගල්පාත සහ හල්තොට මහජන සෞඛ්‍ය පරීක්ෂක ක්ශේත්‍ර වල 2026/01/08 දින සිදුකරන ලදී.

එහිදී මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කීරීම, නීතිමය කටයුතු සිදු කිරීම හා ප්‍රජාව දැනුවත් කිරීම සිදු කරන ලදී.

ඔබගේ නිවස හා නිවස අවට, මදුරුවන් බෝ විය හැකි ස්ථාන වලින් තොර පරිසරයක් ඇති කර ඔබත් ඔබගේ සමීපතයනුත් ඩෙංගු රෝගයෙන් ආරක්ෂා වන්න.

මිල්ලනිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලය, මිල්ලනිය ප්‍රාදේශීය සභාව හා මිල්ලනිය පොලිසිය එක්ව සිදුකරන ලද ඩෙංගු මර්ධන වැඩසට...
07/01/2026

මිල්ලනිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලය, මිල්ලනිය ප්‍රාදේශීය සභාව හා මිල්ලනිය පොලිසිය එක්ව සිදුකරන ලද ඩෙංගු මර්ධන වැඩසටහනක් මිල්ලනිය හා බටගොඩ මහජන සෞඛ්‍ය පරීක්ෂක ක්ශේත්‍ර වල 2026/01/07 දින සිදුකරන ලදී.

එහිදී මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කීරීම, නීතිමය කටයුතු සිදු කිරීම හා ප්‍රජාව දැනුවත් කිරීම සිදු කරන ලදී.

ඔබගේ නිවස හා නිවස අවට, මදුරුවන් බෝ විය හැකි ස්ථාන වලින් තොර පරිසරයක් ඇති කර ඔබත් ඔබගේ සමීපතයනුත් ඩෙංගු රෝගයෙන් ආරක්ෂා වන්න.

Address

MOH Office/Millaniya
Haltota

Website

Alerts

Be the first to know and let us send you an email when MOH Office - Millaniya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram