MOH Office Hanwella

MOH Office Hanwella Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from MOH Office Hanwella, Medical and health, Colombo awissawwlla, Hanwella.

2026 අ.පො.ස සා/පෙළ විභාගය පැවැත්වෙන හංවැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ සියලුම විභාග මධ්‍යස්ථාන ආවරණය වන පරිදි ධු...
16/02/2026

2026 අ.පො.ස සා/පෙළ විභාගය පැවැත්වෙන හංවැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ සියලුම විභාග මධ්‍යස්ථාන ආවරණය වන පරිදි ධුමායන කටයුතු සිදු කරන ලදී.

02/02/2026

පිළිකා ඇතිවිය හැකි සාදක සහ පිළිකාවලින් වැලකෙන ආකාරය පිලිබද පැහැදිලි කිරීමක්.

රජයේ නව සෞඛ්‍ය ප්‍රතිපත්ති මත ක්‍රියාත්මක වන "ආරෝග්‍යා Health and Wellness Center" වෑඩසටහනේ අවිස්සාවේල්ල ඇස්වත්ත සුවතා ම...
24/01/2026

රජයේ නව සෞඛ්‍ය ප්‍රතිපත්ති මත ක්‍රියාත්මක වන "ආරෝග්‍යා Health and Wellness Center" වෑඩසටහනේ අවිස්සාවේල්ල ඇස්වත්ත සුවතා මධ්‍යස්ථානය ආරම්භ කිරීම අද දින(2026/01/24) සිදුවිය.

සීඝ්‍රයෙන් යළි හිස ඔසවන ඩෙංගු මාරයාට එරෙහි විප්ලවය ගෙවත්තෙන් පටන්ගමු. ප්ලාස්ටික් කෝප්ප, ටින්, බෝතල්, පොල්කටු සහ ටයර් ආදී...
21/01/2026

සීඝ්‍රයෙන් යළි හිස ඔසවන ඩෙංගු මාරයාට එරෙහි විප්ලවය ගෙවත්තෙන් පටන්ගමු.

ප්ලාස්ටික් කෝප්ප, ටින්, බෝතල්, පොල්කටු සහ ටයර් ආදී මදුරුවන් බෝ විය හැකි අපද්‍රව්‍ය, වගකීමකින් යුතුව බැහැර කරමු.

MOH Office Hanwella

සීඝ්‍රයෙන් යළි හිස ඔසවන ඩෙංගු මාරයාට එරෙහි විප්ලවය ගෙවත්තෙන් පටන්ගමු.

ප්ලාස්ටික් කෝප්ප, ටින්, බෝතල්, පොල්කටු සහ ටයර් ආදී මදුරුවන් බෝ විය හැකි අපද්‍රව්‍ය, වගකීමකින් යුතුව බැහැර කරමු.

ගැබ්ගෙල පිළිකාව වැලැක්විය හැකියවැලැක්වීමට සුදුසුම HPV එන්නතයි...
20/01/2026

ගැබ්ගෙල පිළිකාව වැලැක්විය හැකිය
වැලැක්වීමට සුදුසුම HPV එන්නතයි...

🛑 අවධානය යොමුකරන්න ගංවතුරෙන් පසු සෞඛ්‍ය අනතුරු / බෝවන රෝග වලින් ආරක්ෂා වීමටගංවතුර තත්ත්වය පහව ගියද, අපිරිසිදු ජලය, මඩ සහ...
28/11/2025

🛑 අවධානය යොමුකරන්න ගංවතුරෙන් පසු සෞඛ්‍ය අනතුරු / බෝවන රෝග වලින් ආරක්ෂා වීමට
ගංවතුර තත්ත්වය පහව ගියද, අපිරිසිදු ජලය, මඩ සහ අපද්‍රව්‍ය නිසා අපගේ පරිසරය පුරා බෝවන රෝග කාරකයන් පැතිරී ඇත.
ඔබත් ඔබේ පවුලේ අයත් මෙම රෝගවලින් ආරක්ෂා වීම සඳහා වහාම පහත පියවර අනුගමනය කරන ලෙසයි.
1. 🚱 ජලයෙන් බෝවන රෝග වැළැක්වීම (පාචනය, අතීසාරය, ටයිෆොයිඩ්)
ජලය අපවිත්‍ර වීම මෙම කාලයේ ඇති ප්‍රධානතම සෞඛ්‍ය ගැටලුවයි.
📍පානීය ජලය: සැමවිටම ජලය විනාඩි 10ක් වත් උණුකර නිවාගත් ජලය පමණක් පානය කරන්න. මෙය ගෙදරදොරේදී සහ රැකියා ස්ථානවලදී අනිවාර්යයෙන් කළ යුතුය.
📍ළිං පිරිසිදු කිරීම: ගංවතුරට යට වූ ළිංවල ජලය පානයට හෝ වෙනත් ප්‍රයෝජනයකට නොගෙන, ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ උපදෙස් පරිදි ක්ලෝරීන් යොදා විෂබීජහරණය කරන්න.
📍ආහාර පිරිසිදු කිරීම: පිසීමට ගන්නා එළවළු සහ පලතුරු පිරිසිදු, උණුකර නිවාගත් ජලයෙන් හොඳින් සෝදන්න. සෑම විටම පිසගත් ආහාර උනුවෙන් ආහරට ගැනීමට වග බලා ගන්න,
2. 🐀 මී උණ (Leptospirosis) වලින් ආරක්ෂා වීම
ගංවතුර ජලය සමඟ මීයන්ගේ මුත්‍රාවලින් රෝගය පැතිරේ. මෙය ජීවිත අවදානමක් ඇති කළ හැකි බරපතළ රෝගයකි.
📍ආරක්ෂිත ඇඳුම්: ගංවතුර ජලයේ, මඩ සහිත හෝ තෙත් පස් මත ඇවිදින විට හෝ වැඩ කරන විට අනිවාර්යයෙන්ම රබර් බූට් සපත්තු (Boots) සහ අත්වැසුම් පළඳින්න. සමෙහි තුවාල ඇත්නම් ඒවා ජලයට නිරාවරණය වීමෙන් වළකින්න.
📍 පූර්ව ප්‍රතිකාර: අවදානම් සහිත රැකියාවල නියැලෙන්නේ නම්, ඔබේ වෛද්‍යවරයාගෙන් හෝ සෞඛ්‍ය කාර්යාලයෙන්, ප්‍රදේශයේ PHI මහතාගෙන් මී උණ සඳහා අවශ්‍ය පූර්ව ඖෂධ (Doxycycline) ලබා ගන්න. සතියට 200mg ප්‍රමාණයක් බැගින් ගං වතුරය නිරාවරණය වී අවසන් වන තෙක් සතිපතා ලබාගන්න.
වයස අවුරුදු 12 අඩු දරුවන්, ගැබිනි මවුවරුන්,කිරිදෙන මවුවරුන් ගැනීමෙන් වළකින්න,( වැඩිදුර තොරතුරු වද්‍ය වරුන්ගෙන් හා PHI මහතාගෙන් දැනගන්න)
3. 🦟 කෘමි දෂ්ඨන මගින් බෝවන රෝග වැළැක්වීම (ඩෙංගු)
ගංවතුර තත්ත්වයෙන් පසු ඉතිරිවන ජලයේ ඩෙංගු මදුරුවන් බෝවීම අධික ලෙස වැඩිවේ.
📍මදුරු කීටයන් විනාශ කිරීම: ඔබේ නිවස අවට, ගෙවත්තේ සහ වැඩ බිමේ ජලය රැඳිය හැකි සියලුම ස්ථාන (පොල් කටු, හිස් ටින්, ටයර්, ප්ලාස්ටික් භාජන) දිනපතා පරීක්ෂා කර, ජලය ඉවත් කර හෝ විනාශ කර දමන්න.
දිවා කාලයේදී මදුරු දැල් තුළ නිදා ගැනීමෙන් හෝ මදුරු විකර්ෂක ආලේපන භාවිතයෙන් ඩෙංගු අවදානම අඩු කර ගන්න.
4. 👋 පුද්ගලික සනීපාරක්ෂාව
සෑම රෝගයකින්ම ආරක්ෂා වීමට ඇති සරලම පියවර මෙයයි.
📍දෑත් සේදීම:
📍ආහාර පිළියෙළ කිරීමට හෝ ගැනීමට පෙර.
📍 වැසිකිළි භාවිතා කිරීමෙන් පසු.
📍 දරුවන්ගේ ඩයපර් මාරු කිරීමෙන් පසු.
📍පිරිසිදු කිරීමේ කටයුතුවලින් පසු.
📍 සැමවිටම සබන් සහ පිරිසිදු ජලය යොදා හොඳින් දෑත් සෝදන්න.
⚠️ රෝග ලක්ෂණ ඇත්නම් වහාම කළ යුත්තේ කුමක්ද?
ඔබට හෝ පවුලේ අයෙකුට:
📍නොනැවතී පාචනය (බඩ බුරුලෙන් යාම)හෝ වමනය.
📍අධික උණ, දරුණු හිසරදය හෝ ඇඟපත රුදාව.
📍 කහ පැහැ ගැන්වුණු ඇස්.
වැනි රෝග ලක්ෂණ ඇත්නම්, කාලය නාස්ති නොකර වහාම ළඟම ඇති රජයේ රෝහලට යන්න.
ඔබේ සෞඛ්‍ය ආරක්ෂාව අපගේ ප්‍රමුඛතාවයයි! මෙම උපදෙස් අන් අය වෙතද බෙදාහරින්න.
*---සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය - හංවැල්ල

⭕️වැසි සමයේදී ශ්‍රී ලාංකිකයින් සඳහා මහජන සෞඛ්‍ය උපදෙස්⭕️          1.🌧️ ⭕️⭕️ගංවතුර රෝග වලින් වළකින්න.දැනට ගං වතුර අවදානමක...
27/11/2025

⭕️වැසි සමයේදී ශ්‍රී ලාංකිකයින් සඳහා මහජන සෞඛ්‍ය උපදෙස්⭕️

1.🌧️ ⭕️⭕️ගංවතුර රෝග වලින් වළකින්න.දැනට ගං වතුර අවදානමක් ඇති බැවින් ⭕️⭕️

ගංවතුර ජලය බොහෝ විට බැක්ටීරියා සහ දූෂක රැගෙන යයි.
එම නිසා
• ගංවතුර ජලයේ පාවහන් නොමැතිව ඇවිදීමෙන් වළකින්න.

• ⁠ලෙප්ටොස්පයිරෝසිස් (මී උණ) අවදානම ඇති බැවින් Doxycycline ෆාමසි වලින් හෝ ආදාල ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂක මහතා හමු වන්න.( ලබා ගත යුතු මාත්‍රාව පිලිබද දැනුවත් වන්න)
• ඔබේ පාදවල හෝ පාදවල තුවාල තිබේ නම් දූෂිත ජලය සමඟ සම්බන්ධ නොවන්න

ගංවතුර ජලයට ඇතුළු වීමට සිදුවුවහොත්:
• කකුල් වටා බැඳ ඇති සපත්තු හෝ පොලිතින් පළඳින්න (අත්‍යාවශ්‍ය නම් පමණක් වතුරට බහින්න)
• එසේ කිරිමේන් පසු වහාම සබන් යොදා කකුල් සෝදන්න.
• හැකි නම් අධික වර්ෂාව අතරතුර ගමන් කිරීමෙන් වළකින්න.
• වැටී ඇති කේබල් සහ විවෘත කාණු ගැන විමසිල්ලෙන් සිටින්න.
• ගැඹුරු ජලය හරහා රිය පැදවීමෙන් වළකින්න

2. ඩෙංගු වැළැක්වීම

ආරක්ෂිතව සිටීමට:
• සෑම දින 2-3 කට වරක් ජලය රඳවා තබා ගන්නා සියලුම බහාලුම් හිස් කරන්න: මල් පෝච්චි, පිඟන්, පැරණි ටයර්, කාණු, ශීතකරණ තැටි.
• නැවත පිරවීමට පෙර බහාලුම් පිරිසිදු කරන්න—බිත්තිවලට ඇලී ඇති මදුරු බිත්තර.
• ඔබේ පරිසරය පිරිසිදුව තබා ගන්න සහ ජලය එකතු වන භාවිතයට නොගත් අයිතම ඉවත් කරන්න.
• විශේෂයෙන් අලුයම සහ සවස් කාලයේ මදුරු දැල් හෝ විකර්ෂක භාවිතා කරන්න.
• හැකි සෑම විටම දිගු අත් පළඳින්න.

⁠ඩෙංගු රෝගයේ රෝග ලක්ෂණ හඳුනා ගන්න

යමෙකුට පහත සඳහන් දේ ඇති වුවහොත් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න:
• අධික උණ
• දරුණු හිසරදය
• ඇස් පිටුපස වේදනාව
• වමනය
• විදුරුමස් ලේ ගැලීම / සමේ කැසීම
• මුත්‍රා පිටවීම අඩු වීම

ඉබුප්‍රොෆෙන්, ඇස්ප්‍රින් හෝ වෙනත් NSAIDs නොගන්න. පැරසිටමෝල් පමණක් ගන්න.

3.⁠💧 ආරක්ෂිත ජලය පානය කරන්න
මෙම කාලයේ typoid fever, cholera , hepatitis A වැනි රෝග ව්‍යාප්ත විය හැක.
වැසි සහ ගංවතුර මගින් ළිං සහ නල මාර්ග දූෂණය කරයි. එබැවින්
• සෑම විටම උතුරවා නිවාගත් ජලය පානය කරන්න.
• උතුරන වතුර ගත නොහැකි විට SLS අනුමත ජල පිරිපහදු පෙති භාවිතා කරන්න.
• ඔබේ ප්‍රදේශය නිතර ගංවතුරට ලක් වුවහොත් ළිං ජලය ක්ලෝරිනීකෘතව තබා ගන්න.⁠

4.⁠🥗 ඔබේ ආහාර ආරක්ෂා කරන්න
• පිසූ ආහාර සෑම විටම ආවරණය කර තබා ගන්න.
• ඉතිරි වූ දේ ඉක්මනින් ශීතකරණයේ තබන්න.
• අධික වර්ෂාව අතරතුර වීදි ආහාර වලින් වළකින්න - දූෂණය වීමේ වැඩි අවදානමක් ඇත.

5.⁠👶 දරුවන් ආරක්ෂා කරන්න

ළමයින් වැසි සහ මඩ වලවල් වල සෙල්ලම් කිරීමට කැමතියි, නමුත්:
• මඩ සහිත හෝ එකතැන පල්වෙන ජලයේ සෙල්ලම් කිරීමෙන් වළකින්න.
• පිටත සෙල්ලම් කිරීමෙන් පසු නිසි අත් සේදීම සහතික කරන්න.
• ඔවුන්ට අධික උණ, වමනය හෝ කැසීම ඇති වුවහොත් - වහාම වෛද්‍ය උපකාර ලබා ගන්න.

6.⁠ගෘහස්ථ සනීපාරක්ෂාව වැඩි දියුණු කරන්න
• වැසිකිළි පිරිසිදුව තබා විෂබීජහරණය කරන්න.
• අපද්‍රව්‍ය බෑග් කර එකතු කර ලබා දීමට වග බලා ගන්න.
• ගංවතුරෙන් පීඩාවට පත් ප්‍රදේශවල සුරතල් සතුන් සැරිසැරීමට ඉඩ නොදෙන්න - ඔවුන්ට විෂබීජ ආපසු නිවසට ගෙන යා හැකිය.
හැකි සෑම විටම ආරක්ෂිත උපදෙස් පිළිපදින්න.

පරිසරය වෙනුවෙන් පියවරක් LDPE & LLDPE ප්ලාස්ටික් මලු වෙනුවට... ✅රෙදි බෑග් ✅ කඩදාසි බෑග් ✅ බහුවාර බෑග් භාවිතා කරන්න.ඔබේ එක...
02/11/2025

පරිසරය වෙනුවෙන් පියවරක් LDPE & LLDPE ප්ලාස්ටික් මලු වෙනුවට...

✅රෙදි බෑග්
✅ කඩදාසි බෑග්
✅ බහුවාර බෑග් භාවිතා කරන්න.

ඔබේ එක් කුඩා වෙනසක් විශාල වෙනසක ඇරඹුමක් වේ!

හංවැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයට අයත් පුවක්පිටිය මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාසයේ සමූහ ආහාර වැටලීම 2025/1...
28/10/2025

හංවැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයට අයත් පුවක්පිටිය මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාසයේ සමූහ ආහාර වැටලීම 2025/10/28 දින පුවක්පිටිය මහජන සෞඛ්‍ය පරීක්ෂක G.H.M.B.R ගෙදරගොඩ මහතාගෙ ප්‍රදානත්වයෙන් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙ අනෙකුත් මහජන සෞඛ්‍ය පරීක්ෂක මහත්වරුන්ගේද සහභාගීත්වයෙන් සිදු කෙරිනි. එහිදී සනීපාරක්ෂාවට අහිතකර ලෙස ආහර සැසසීම සහ වෙළදාම සිදු කල ස්තාන කිහිපයකට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලදී.

හංවැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලයේ මාසික සමුළුව අද දින (2025/0519) දින සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීගේ ප්‍රදානත්වයෙන් කාර්...
19/05/2025

හංවැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලයේ මාසික සමුළුව අද දින (2025/0519) දින සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීගේ ප්‍රදානත්වයෙන් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

හංවැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාල බල ප්‍රදේශයෙ දන්සල් පරීක්ෂාව අද (2025/05/13) දවස පුරා සිදු කරන ලදී. එහිද මහජන සෞඛ...
13/05/2025

හංවැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාල බල ප්‍රදේශයෙ දන්සල් පරීක්ෂාව අද (2025/05/13) දවස පුරා සිදු කරන ලදී. එහිද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලබා දුන් උපදෙස් පරිදි දන්සැල් පවත්වාගෙන යනු දක්නට ලැබුනු අතර අඩු පාඩු නිවැරදි කරන ලදී.

මහජනතාවට සුරක්ෂිත ආහාර ලබාදීමේ අරමුණින් ප්‍රදේශයේ වෙසක් දන්සල් පරීක්ෂාව, උපදෙස් ලබාදීම හා අනාරක්ෂිත ස්ථාන සෞඛ්‍ය ආරක්‍ෂි...
12/05/2025

මහජනතාවට සුරක්ෂිත ආහාර ලබාදීමේ අරමුණින් ප්‍රදේශයේ වෙසක් දන්සල් පරීක්ෂාව, උපදෙස් ලබාදීම හා අනාරක්ෂිත ස්ථාන සෞඛ්‍ය ආරක්‍ෂිත තත්වයට පත් කරවීම, හංවැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අද දිනය පුරා සිදු කරන ලදී.

Address

Colombo Awissawwlla
Hanwella

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 09:00 - 16:00
Wednesday 08:00 - 16:00
Thursday 08:00 - 16:00
Friday 08:00 - 16:00
Saturday 08:00 - 16:00

Website

Alerts

Be the first to know and let us send you an email when MOH Office Hanwella posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram