Better Life Health Care - Hikkaduwa

Better Life Health Care - Hikkaduwa කායික හා ළමා රෝග, ලිංගාශ්‍රිත හා සමේ රෝග ප්‍රතිකාර සේවා, උපත් පාලන ක්‍රම, පෝෂණ හා මනෝ උපදේශන සේවා👩‍⚕
TELEMEDICINE / Online consultation services 📱📽️📲📸

 #තණකොළ_කපන යන්ත්‍රයක් කල හදියක්..මේ අනතුර සිදුවෙන්නේ ගෙවත්තක පුද්ගලයෙකු තණකොල කපන අවස්තාවකදී එහි නිවෙස් හිමියා එම ස්ථාන...
06/10/2025

#තණකොළ_කපන යන්ත්‍රයක් කල හදියක්..

මේ අනතුර සිදුවෙන්නේ ගෙවත්තක පුද්ගලයෙකු තණකොල කපන අවස්තාවකදී එහි නිවෙස් හිමියා එම ස්ථානයේ රැදී සිටින අතරතුරදීය.

තියුණු යකඩ කැබැල්ලක් තණකොළ කපන යන්ත්‍රයේ තලයක ගැටී විසිවී අසල සිටි නිවෙස් හිමියාගේ කකුලක් පසාරු කරගෙන ගොස් තිබුනි.

නිර්වින්දනය කිරීමෙන් පසු යකඩ කැබැල්ල මා විසින් සීරුවෙන් ඉවත්කල අතර වාසනාවකට එහිදී රුධිර නාල හෝ අස්ථි වලට හානියක් සිදු නොවී තිබුණි.

සිතන්න.. මේ තියුණු යකඩ කැබැල්ල වේගයෙන් ඔහුගේ ඇසකට, බෙල්ලට හෝ පපුව පසාරු කරගෙන ගියානම් හෝ කුඩා දරුවෙකුගේ ගැටුණිනම් කුමක් සිදුවෙන්න තිබුණිද.

අනතුරු වෙන්නේ හිතන්නෙවත් නැති වෙලාවක..හැබැයි ඒ අනතුරු වලින් බොහෝමයක් වලක්වා ගන්න පුලුවන්.
මේ අනතුර වෙන්නෙත් අපරීක්ෂාකාරීකම නිසාමයි.

හැම දේකදිම කියන්නෙ කට කහනවට නෙමෙයි. තණකොළ කපන යන්ත්‍ර භාවිතයේදී සියලු ආරක්ෂක පියවරයන් එම සේවය සපයන්නා මෙන්ම සේවා ලාභීන්ද අනුගමනය කලයුතුය.

කණගාටුවට කරුණ නම් පොදු ප්‍රවාහන මාර්ග වල පවා (අධිවේගී මාර්ගවල හැර) කිසිදු ආරක්ෂක මෙවලම් හෝ ආරක්ෂක ආවරණ පවා නොමැතිව මෙවැනි තණකොල කපන අවස්තා බහුලව ඇති අතර එවැනි අවස්තා වලදී ඔබ මාර්ගයේ ගමන් ගන්නේ නම් ඉතාමත් සැලකිලිමත් විය යුතුය.

Dr. Shanaka Kalupahane

කුණකටුවා 🐍 සහ ගමේ වෙද මහත්තයා 👩‍⚕️අද උදේ 9ට විතර මන් ලගට අවුරුදු 65 කාන්තාවක් ආවා. මේකයි කතාව..මහත්තයෝ සතියකට කලින් දර ග...
31/10/2024

කුණකටුවා 🐍 සහ ගමේ වෙද මහත්තයා 👩‍⚕️

අද උදේ 9ට විතර මන් ලගට අවුරුදු 65 කාන්තාවක් ආවා. මේකයි කතාව..

මහත්තයෝ සතියකට කලින් දර ගොඩේ ඉදල කුණකටුවෙක් මගේ මේ ඇගිල්ල කෑවා.
අම්මෝ සතියකට කලින්.. කියල ලොකු හුස්මක් ඉබේම හෙලපු මම : කෝ බලන්න ඇගිල්ල පෙන්නන්න කියද්දි රෙදි කෑල්ලකින් ඔතන් හිටපු දකුණු අතේ මැද ඇගිල්ල මට පෙන්නුවේ ලොකු වේදනාවකින්..

ඒ ඇගිල්ල පිච්චුන අගුරු කෑල්ලක් වගේ තත්වෙටම ඇවිත් කියල ඔයාලටම පින්තූරය බැලුවම පෙනෙයි.
ඇයි සතියක් තිස්සේ ඔහොම තියාගෙන ගෙදරට වෙලා හිටියේ කියල මන් ඇහුවෙත් ටිකක් කේන්තියෙන්..ඒ ඇගිල්ල බේරගන්න බැරි තැනට ඇවිත් කියල අත්දැකීමෙන් දන්න නිසා.
මන් බෙහෙත් කරා මහත්තයෝ.. කියල හීනියට කියද්දි ඒ කොහෙන්ද කියල අහන්නත් කලින් ගමේ වෙද මහත්තයගෙන් මේ දවස් ටිකේම බෙහෙත් කරේ කියල බිම බලාගත්තා.

මෙච්චර ඇගිල්ල නරක් වෙනකන් වෙද මහත්තයගෙයි ඔයාගෙයි දෙන්නගෙම ඇස් පෙනුනෙ නැද්ද කියල මන් ඇහුවම කිව්වේ දැන් ඇගිල්ලේ විස අයින් වෙලා තියෙන්නේ ඒ නිසා ඇගිල්ල කලු වෙලා වේලීගෙන එන්නෙ කියල වෙද මහත්තයා කිව්වලු.
කතාව එච්චරයි..ඇගිල්ල හොදටම නරක් වෙලා තිබුන නිසා ඒ ඇගිල්ල කපලා ඉවත් කරා. දැන් ඒ කාන්තාවට ඇගිල්ලක් අහිමියි. කව්ද මේ අවාසනාවන්ත සිදුවීමේ වැරදි කරු කුණකටුවාද වෙද මහත්තයද ඒ කාන්තාවද ඇගිල්ල ඉවත් කරපු අපිද ?

මෙය සත්‍ය සිදුවීමක් වන අතර පාරම්පරික දක්ෂ හෙළ වෛද්‍යවරුන්ට මඩ ගැසීමක් නොවන බව කරුණාවෙන් සලකන්න.

නමුත් සර්ප දෂ්ඨනයකදී රෝහලකට යෑම ජීවිතයේ ගන්නා වැදගත්ම තීරණයක් බව මතක තබා ගත යුතුය.

වෛද්‍ය ශානක කලුපහන

23/09/2024

#මැතිවරණ ප්‍රතිඵල එන දවසේ උදේ පාන්දරම උන අකරතැබ්බයක්..
මේ දරුවව මන් ලගට උදේම අරන් එන්නෙ එයාගේ අම්මයි තාත්තයි..මේකයි කතාව 👩‍⚕️

ඩොක්ටර් අපි හැමෝම ඊයේ රෑ ඉදන්ම මැතිවරණ ප්‍රතිඵල ටීවී එකෙන් බලන ගමන් ඒකට ගෙනාපු කජු කමිනුයි හිටියේ..
ඩොක්ටර් පුතාට තාම අවුරුදු 2යි.. එකපාරටම පුතා නහයේ #කජු_ඇටයක් ඇතුලටම දාගෙන..අපි ගන්න බැලුවා ඒත් ඒක තව ගොඩක් ඇතුලට ගියා..

අනේ ඩොක්ටර් මොනාහරි කරන්න.. අම්මයි තාත්තයි දරුවයි තුන්දෙනාම සන්සුන් කරගෙන මාත් වැඩේ පටන්ගත්තා.
දියුණු උපකරණ අපේ රෝහලේ නැති උනත් තිබුන පරණ මුඛ ආවරණයක් යොදාගෙන දරුවගේ මුඛය වටා ප්ලාස්ටර් තබා වාතය එලියට නොයන විදියට අලවා ගැනිමෙන් පසු සාර්ථකව නාස් කුහරයේ සිරවී තිබූ කජු ඇටය ඉවත් කිරීමට හැකි වුනා. මේ ක්‍රමය #අම්මාගේ_හාදුව (Mother's Kiss) ලෙසත් හදුන්වනවා. ❤
ඉතින් මේකට මගේ කාර්ය මණ්ඩලය ගොඩක් උදව් කරා. වෛද්‍යවරයකු විදියට මා මෙයින් ලැබූ සතුට සල්ලි වලට ගන්න පුලුවන් දෙයක් නෙමෙයි.
බලන්න අවසානයේදි අම්මගෙයි දරුවගෙයි මූණේ තියෙන සතුට.😍

හිතන්න මේ කජු ඇටය නහය හරහා ගිහින් බැරි වෙලාවත් පෙනහලු තුලට ගිහින් හිර උනානම් අද ඒ ගෙදර මේ වෙද්දි මොන වගේ තත්ත්වයක් තියේවිද
ඇස් පිය ගහන මොහොතකට දරුවෙකුගෙ ජීවිතයකට අනතුරු වෙන්න පුලුවන් දෙමාපියන්ගේ අවධානය නැති උනොත්..
ඉතින් හැමෝම තමන්ගේ දරුවන්ට උපරිම අවධානය හා ආරක්ෂාව ලබාදෙන්න. දෙයක් උනාට පස්සෙ පසු තැවීමෙන් පලක් නෑ.
(සමාජයට පණිවිඩයක් ලබාදීමට අවශ්‍ය නිසා මේ සිදුවීම වීඩියෝ ගත කලේ දරුවාගේ දෙමාපියන්ගේ පූර්ණ අවසරය මත බව සලකන්න)

වෛද්‍ය ශානක කලුපහන

මා විසින් උපයාගත් වත්කම් 👩‍⚕️👩‍⚕️❤ #කිසිවක්_ඉබේ_ලැබුනේ_නැත. සියල්ල මාගේ රෝගීන්ගේ ශාරීරික හා මානසික සුවය පිණිසම සිදුකරනු ...
01/09/2024

මා විසින් උපයාගත් වත්කම් 👩‍⚕️👩‍⚕️❤
#කිසිවක්_ඉබේ_ලැබුනේ_නැත.
සියල්ල මාගේ රෝගීන්ගේ ශාරීරික හා මානසික සුවය පිණිසම සිදුකරනු ලැබූ සත්කාර හා කැපකිරීම් ඔස්සේ පෙරලා මා වෙත හිමි වූ වත්කම් වලින් කොටසකි. 🙏🙏
ඉතින් මේ තරම් සතුටක්, වත්කමක් වෛද්‍යවරයෙකුට ලැබිය නොහැක. 😘😘❤

Dr. Shanaka Kalupahane

 #විදේශගත ඔබගේ  #රෝගාබාධයකදී ප්‍රතිකාර ලබා ගැනීම, උපදේශන සේවා, වෛද්‍ය පරීක්ෂණ සිදුකරවා ගැනීම හා ඒවා පරීක්ෂා කරගැනීම අපගේ...
16/08/2024

#විදේශගත ඔබගේ #රෝගාබාධයකදී ප්‍රතිකාර ලබා ගැනීම, උපදේශන සේවා, වෛද්‍ය පරීක්ෂණ සිදුකරවා ගැනීම හා ඒවා පරීක්ෂා කරගැනීම අපගේ #ටෙලිමෙඩිසින් සේවාව ඔස්සේ සිදු කරගත හැක.

ඒ සදහා +94716940143 අංකයට වට්ස්ඇප් හෝ BOTIM හෝ මැසෙන්ජර් මගින් පණිවිඩයක් යොමුකරන්න (කොන්දේසි සහිතයි)

⚠️️  ිවාහ_අපේක්ෂාවෙන්_සිටින  #ආදරවන්තයන් ද? ⚠️️  #විවාහ_වී_දරුවන්_බලාපොරොත්තුවෙන් සිටින යුවළක් ද?අනිවාර්යයෙන්  #තැලසීමිය...
05/07/2024

⚠️️ ිවාහ_අපේක්ෂාවෙන්_සිටින #ආදරවන්තයන් ද?

⚠️️ #විවාහ_වී_දරුවන්_බලාපොරොත්තුවෙන් සිටින යුවළක් ද?

අනිවාර්යයෙන් #තැලසීමියා_පොරොන්දම ගැලපෙන්නේ දැයි පරීක්ෂා කරගන්න.

යම් පුද්ගලයෙකු කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන තැලසීමියා වාහකයෙකු ( Thalassemia Trait ) විය හැකියි. එවැනි පුද්ගලයෙකු නොදැනුවත්වම එවැනි තැලසීමියා වාහකයෙකු සමග විවාහ වීමෙන් තැලසීමියා රෝගී දරුවෙකු මෙලොවට බිහිවනු ඇත.

#හොමතගයු 👩‍🔬💉💉

කේන්දර අනිකුත් පොරොන්දම් 100% ගැලපුනද තැලසීමියා පොරොන්දම නොගැලපීමෙන් විඳීමට ඇති ජීවිත විඳවීමට 100% ඉඩකඩ ඇත.

ලගම ඇති රෝහල සමග සම්බන්ධ වීමෙන් හෝ සුදුසුකම්ලත් වෛද්‍යවරයකු ලවා ඔබ තැලසීමියා වාහකයෙකු ද යන්න පරීක්ෂා කරගැනීම ඉතා වැදගත් වේ.

Dr. Shanaka Kalupahane

"අනේ මගේ දරුවා  #ගොඩක්_වෙලා_බාත්රූම්_එකේ_ඉන්නවා සමහර වෙලාවට පැය එකහමාරක් දෙකක් විතර, ඒ වගේම  #නිතර_නිතර_අත්_හෝදනවා. සමහර...
22/06/2024

"අනේ මගේ දරුවා #ගොඩක්_වෙලා_බාත්රූම්_එකේ_ඉන්නවා සමහර වෙලාවට පැය එකහමාරක් දෙකක් විතර, ඒ වගේම #නිතර_නිතර_අත්_හෝදනවා. සමහර වෙලාවට විනාඩි විස්සක් විතර යනවා. ඉන්නේ නිතරම කේන්තියෙන්. #හැම_දෙයක්ම_පිළිවෙළට_පිරිසිදුවට_ඕනෑ. මේ පිරිසිදු වැඩිකම හින්දා එයාට කිසිම දෙයක් වෙලාවට කරගන්න බැහැ" මෙහෙම කතා ගොඩක් මේ කියවන ඔබත් දන්නව ඇති, ඇතැම්විට ඔබටත් ඇති.

මේ මට හමුවුනු සුපුන් ගේ කතාව.
සුපුන් උදේ හතරට පමණ අවදි වී නාන කාමරයට යයි ඔහු එයින් එලියට එන්නේ පැය දෙකකට විතර පසුවය. නාන කාමරයේ කරාම අල්ලන්නේ ටිශූ කඩදාසි භාවිතයෙනි. ගෙදර බොහෝ බඩු භාන්ඩ අල්ලන්නේද ටිශූ කඩදාසිවලිනි. ගෙදර සුරතලුන් වන බල්ලාවත් පූසාවත් කිසිවිටෙකත් අල්ලන්නේ නැත.
කුමන දෙයක් අත ගෑවුණත් ඒ සැනින්ම ගොස් සබන් යොදා බොහො වේලාවක් අත් සෝදයි. සුපුන් කරන සෑම වැඩේම පිළිවෙළට ම සිදුකරයි. ඒ පිළිවෙළ නිතර නිතර අවශ්‍ය වේ. ඔහුගේ මේසය පිරිසිදු කිරීම එක්වරක් කලාට මදිය එය නැවතත් පිරිසිදු කිරීමට අවශ්‍ය වේ. පාසල් වැඩ කරනවා ට වඩා සුපුන් කලේ පොත් පත් පිළිවෙළට පිරිසිදුවට තැබීමයි.
ඔහු නිතරම ඉන්නේ කේන්තියෙනි. සුපුන්ගේ කාමරයට කිසිම පිටස්තර කෙනෙක් ඇතුල්වනවාට ඔහු කැමති නැත. එසේ පැමිණියහොත් කොට්ටා මෙට්ටා පවා අව්වේ දමා ඇද ඇතිරිලි සෝදයි.

පිළිවෙළට පිරිසිදුවට සිටීම ජීවිතයේ වැදගත් අoගයකි. නමුත් නිරන්තරයෙන් එන සිතුවිල්ලක් නිසා මෙය රෝග තත්ත්වයක් බවට පත් වෙයි. තමුන් පිරිසිදු නැත යන සිතුවිල්ල සිතට එයි එවිට පිරිසිදු වෙයි. නැවතත් එම සිතුවිල්ලම එයි එවිටද පිරිසිදු වෙයි. මෙය වැඩකට නැති සිතුවිල්ලක් බවට වැටහුනත්, #නැවත_නැවතත්_එන_සිතුවිල්ල_බලවත්_වෙයි. එමනිසා ම ආයෙමත් එසේම කරයි.

♓ඇතැම් අය නිදා ගැනිමට යාමේදී දොර වසා ඇත්දැයි කියලා නිතරම බලයි එක්වරක් දොර පරික්ශාකර බලා පැමිණ නැවතත් පරික්ශාකර බැලීමට සිතුවිල්ලක් එයි. එසේ කිහිප වරක් කරනු ලබයි.

♓තවත් අයෙක් ගෑස් ලිප හෝ යම් බල්බයක් හෝ ජල කරාමය හෝ වසා ඇත්දැයි කියා නිතරම පරීක්ෂා කර බලයි.

මෙම තත්වය #දරුවන්ගේ_පමණක්_නොව_වැඩිහිටියන්ගේද දැකිය හැක. මෙය සාමාන්‍ය තත්ත්වයක් නොව (Obsessive Compulsive Disorder) නම් මානසික රෝගී තත්ත්වයයි. මෙම රෝගයේ ප්‍රධාන ලක්ෂණය නම් නිතරම තරහ යාමයි. ආවේගශීලි වීමත් මෙහි ප්‍රධාන ලක්ෂණයකි. එයට හේතුව වන්නේ සෑමවිටම පිළිවෙළ අවශ්‍ය වීම නිසාය.

මේ සදහා ප්‍රතිකාර නොකර සිටියහොත් මේ තත්ත්වය උග්‍ර අතට පත් වී ඔහුගේ කටයුතු අකර්මණ්‍ය වී විශාදය ඇතිවී සියදිවි නසා ගැනීමට පවා බරපතල විය හැකිය. මෙම රෝගය පිට අයට නොපෙනෙන අතර ඔහුට සාමාන්‍ය විදිහට ජීවිත් විය හැකිය. සමාජයේ මෙම මානසික රෝගී තත්ත්වය 15% පමන ඇති බව පරීක්ෂණ වලින් හෙලිවී ඇත.

#බොහෝ_දෙනෙක්_මෙය_රෝගයක්_බව_දන්නේ_නැත. මෙනිසා බොහෝ ප්‍රශ්න ඇතිවේ.

*අධ්‍යාපනික ප්‍රශ්න
* පවුල් ප්‍රශ්න
* රැකියා ප්‍රශ්න
* සමාජයීය ප්‍රශ්න

ජානමය සාධක මතද මේ රෝගය ඇතිවේ. මේ රෝගය සදහා ප්‍රතිකාර ඇත. සුදුසුකම් සහිත වෛද්‍යවරයකුගෙන් හෝ මනෝ වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ලබාගැනීමෙන් මෙම රෝගය සුව කරගත හැකිය .

Dr. Shanaka Kalupahane

ඔබ දන්නවාද ...!යම් පුද්ගලයෙකු  #නින්දේ_සිටින_විටදී සහ  #උදෑසන_අවදිවන විටදී  #ශිෂ්ණය ප්‍රාණවත් වීම සිදුවී ලිංගික ක්‍රියාක...
16/06/2024

ඔබ දන්නවාද ...!
යම් පුද්ගලයෙකු #නින්දේ_සිටින_විටදී සහ #උදෑසන_අවදිවන විටදී #ශිෂ්ණය ප්‍රාණවත් වීම සිදුවී ලිංගික ක්‍රියාකාරකම් වලදී ශිෂ්ණය ප්‍රාණවත් නොවේ නම් ඔබේ පුරුෂ ලිංගික අප්‍රාණිකත්වයට හේතු වන්නේ කායික ආබාධයක් නොවන අතර #මානසික හේතුවකි.

#පුරුෂ_ලිංගික අප්‍රාණිකත්වය ( #ලිපිය_02)

කායික රෝග වලට අමතරව මානසික රෝග ද පුරුෂ ලිංගික අප්‍රාණිකත්වයට බලපායි.
තරුණයින්ට බොහෝ විට බලපාන්නේ මෙම මානසික රෝගයි.

1. ආතතිය.

2. විශාදය.

3. කාන්සාව.

4. ලිංගික එකතුවීම සඳහා දක්වන බිය.

5. සමහර පුරුෂයන්ට තමා ආදරය නොකරන කාන්තාවන් සම්බන්ධයෙන් ලිංගික හැඟීම් පහළ නොවීම හෝ යම් කාන්තාවක් කෙරෙහි තිබූ ආදරය අඩු වී යාම හේතුවෙන්ද ලිංගික අප්‍රාණිකත්වය ඇති වේ.

6. ඇතැම් රෝග වල පූර්ව රෝග ලක්ෂණයක් ලෙසත් මෙය ඇතිවිය හැකිය.

ලිංගික අප්‍රාණිකත්වය සඳහා ප්‍රතිකාර

♓ ඖෂධ

♓ මනෝ ලිංගික චිකිත්සක ප්‍රතිකාර

♓ නික්ෂේපණ ප්‍රතිකාර

♓ වැකියුම් ප්‍රතිකාර

♓ කම්පන තරංග ප්‍රතිකාර

♓ ශල්‍යකර්ම

බොහෝ පුද්ගලයන්ගේ අනවබෝධය හා ලැජ්ජාශීලී ස්වභාවය නිසා දැනුමකින් තොරව ලිංගික ක්‍රියාකාරකම් වලට පෙර බෙහෙත් පෙති නිතර භාවිතයට හුරු වී ඇත.

එලෙස හෘද රෝග දැනටමත් තිබෙන හෝ හෘද රෝග තිබෙන බව නොදන්නා පුද්ගලයෙක් මෙවැනි පෙති භාවිතය තුළින් අනිසි ප්‍රතිවිපාක හෝ හදිසි මරණ සිදුවිය හැකියි.

ඒ හේතුවෙන් සුදුසුකම් සහිත වෛද්‍යවරයකු හමු වී නිසි ප්‍රතිකාර ලබාගත යුතුයි.

Dr. Shanaka Kalupahane

 #පුරුෂ_ලිංගික අප්‍රාණිකත්වය යනු;ලිංගික ක්‍රියාව සඳහා  ශිෂ්ණය (p***s) ප්‍රාණවත් නොවීම හෝ ප්‍රාණවත් වූ ශිෂ්ණය ඒ ආකාරයෙන් ...
08/06/2024

#පුරුෂ_ලිංගික අප්‍රාණිකත්වය යනු;

ලිංගික ක්‍රියාව සඳහා ශිෂ්ණය (p***s) ප්‍රාණවත් නොවීම හෝ ප්‍රාණවත් වූ ශිෂ්ණය ඒ ආකාරයෙන් පවත්වා ගැනීමට නොහැකි වීම මාස හයක පමණ කාලයක් පැවතීම ලිංගික අප්‍රාණිකත්වය ලෙස හඳුන්වයි.

ශිෂ්ණය ප්‍රාණවත් වීම සිදුවන්නේ ඒ තුළට රුධිරය ගමන් කිරීමේ ප්‍රතිඵලයක් ලෙසටයි.

ලිංගික ආශාවක් ඇති වූ විට එම පණිවිඩය මොළයට ගමන් කර එමගින් ශිෂ්ණයට රුධිරය සපයන රුධිර නාලිකා විශාල වී රුධිරය වැඩි වශයෙන් ශිෂ්ණය තුලට ඇතුලු වීමෙන් එය ප්‍රාණවත් තත්ත්වයට පත්වේ.

පුරුෂ ලිංගය අප්‍රාණික වීමට කායික මෙන්ම මානසික හේතුද බලපායි.

කායික හේතු ;

1. දියවැඩියාව

දියවැඩියාව විවිධ වූ යාන්ත්‍රණ ඔස්සේ ලිංගික අප්‍රාණිකත්වය ඇතිකරන අතර විශේෂයෙන්ම පුරුෂයින්ගේ ක්ෂණික මෝචනය ඇතිවීමේ අවධානමද ඉහල නංවයි.

ඊට අමතරව රුධිර සීනි මට්ටම පාලනය නොවීමෙන් එම සීනි මුත්‍රා සමග පිටවීමත් සමග ශිෂ්ණයේ දිලීර ආසාදන සෑදීමේ අවධානමද ඉහල යයි. එවිට එම තුවාල වල ආසාදන තත්වය හේතුවෙන් ලිංගිකව එක්වීමේදී ඇතිවන වේදනාව හේතුවෙන්ද ප්‍රාණවත් වූ ශිෂ්ණය නැවත අප්‍රාණිකත්වයට පත්විය හැකිය.

2. අධි රුධිර පීඩනය
3. අධික කොලෙස්ටරෝල්
4. අධික තරබාරු බව
5. දුම් පානය
6. අධික මධ්‍යසාර හා නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතය
7. ඇතැම් ඖෂධවල අතුරු ප්‍රතිඵල
8. පුරස්ථි ග්‍රන්ථියේ ආබාධ හෝ පිළිකා තත්ත්වයන්

♓ පුරුෂ ලිංගික අප්‍රාණිකත්වයට බලපාන මානසික හේතූන් හා ප්‍රතිකාර ක්‍රම ඊලඟ ලිපියේදී සාකච්ඡා කරනු ලැබේ.

⚠️️ පුරුෂ ලිංගික අප්‍රාණිකත්වය සඟවාගෙන සිටීම තුළ ලිංගික ජීවිතයේ මෙන්ම පවුල් ජීවිතයේත් ගැටලුකාරී තත්ත්ව ඇතිවන අතර ඒවා දුර දිග යාම තුළ සබඳතා බිඳ වැටීම, දික්කසාදය දක්වා ඇදී යා හැකිය.

⚠️️ ඒ හේතුවෙන් ඔබගේ ගැටලු කල් නොයවා සුදුසුකම්ලත් වෛද්‍යවරයකු හරහා විසදා ගැනීමට කටයුතු කල යුතුය.

Dr. Shanaka Kalupahane.

දන්නවද  #හාට්_ඇටෑක් එකක්  #ගැස්ට්රයිටිස් විදියටම එන්න පුලුවන්...😥 (⚠️️⚠️️ඒ වගේම දැන් ලන්කාවෙ අවුරුදු විසි ගනන් වලිනුත් h...
21/05/2024

දන්නවද #හාට්_ඇටෑක් එකක් #ගැස්ට්රයිටිස් විදියටම එන්න පුලුවන්...😥

(⚠️️⚠️️ඒ වගේම දැන් ලන්කාවෙ අවුරුදු විසි ගනන් වලිනුත් heart attack හැදෙනව කියන එකත් අමතක කරන්නෙපා⚠️️⚠️️)

මෙන්න මේකයි අද කතාවට නිමිත්ත උනේ !!

රීයේ රෑ හතට ව්තර මගේ ක්ලිනික් එකට අවුරුදු 42ක් වෙන පිරිමි පුද්ගලයෙක් ඇවිත් උදේ ඉඳං #ගැස්ට්රයිටිස් ලු. ගැස්ට්‍රයිටිස් වලට බොන කරලුත් බිව්වලු ඒත් අඩු නෑලු.😥

ගැස්ට්‍රයිටිස් වලට හේතුවකුත් කිව්වා Barrett oesophagus (ගලනාලයේ තත්වයක්) තීන කාඩ් එකකුත් පෙන්නලා මට කියනවා තියෙන හොදම බෙහෙතක් (strong anatacid) එකක් දෙන්නලු.

මම කිවවා අපි ECG එකක් කරමු කෝකටත් කියලා. (අනිත් ඔක්කොම බලපු parameters අවුලක් නෑ.)

ඒ පුද්ගලයා ඔලුව බිම ගහං කියනවා මේක ගැස්ට්‍රයිටිස් මයිලු ඩොක්ටර්ගෙ වෙලාව අපරාදෙලු. කලිනුත් ඕන තරම් මෙහෙම වෙලා තියෙනවලු.

මම; කාරි නෑ වෙලාව මගේනේ.. ECG එකට විනාඩි පහයි යන්නේ අපි ගමු කිව්වා. බොහොම අකමැත්තෙන්‍ ECG එකක් ගත්තා.

ලොකු හාට් ඇටෑක් එකක් (antetolateral MI) ලස්සනට හැදීගෙන එනවා.
එහෙම්ම අපේ emergency එකට කොල් කරලා අවශ්‍ය ප්‍රතිකාර ලබා දුන්නා. නිසි වෙලාවට ආපු නිසාත් ECG එකක් ගත්ත නිසාත් අද ඒ පුද්ගලයා සුවෙන්..!



40 පැනලා නං ගැස්ට්‍රයිටිස් ලක්ෂණ කියන්නෙ heart attack එකක් වෙන්න පුලුවන්. නොසලකා හරින්න එපා. ඩයිජීන් බිබී ගෙදර ඉන්න එපා. සුදුසුකම් සහිත වෛද්‍යවරයකු ලවා පරීක්ෂා කරගන්න.
Dr. Shanaka Kalupahane

⚠️️ඔබගේ වෛද්‍ය අධ්‍යාපනික දැනුම තවදුරටත් වර්ධනය කර ගැනීමට අපගේ Facebook පිටුව Better Life Health Care - Hikkaduwa like/follow කරන්න.

Address

Nalagasdeniya Junction
Hikkaduwa
80240

Opening Hours

Monday 17:00 - 20:30
Tuesday 17:00 - 20:30
Wednesday 17:00 - 20:30
Thursday 17:00 - 20:30
Friday 17:00 - 20:30
Saturday 17:00 - 20:30
Sunday 17:00 - 20:30

Alerts

Be the first to know and let us send you an email when Better Life Health Care - Hikkaduwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram