Dr homeo

Dr homeo Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dr homeo, Medical and health, Homagama.

PCOD / PCOSඅපේ ක්ලිනික් එකට එනව අම්මෙකුයි,දුවෙකුයි, දුවගෙ මුහුණ හරිම දුක්මුසුයි. ඇය කණස්සල්ලෙන්. අපි ලගට ඇවිත් වාඩිවුන ග...
03/02/2026

PCOD / PCOS

අපේ ක්ලිනික් එකට එනව අම්මෙකුයි,දුවෙකුයි, දුවගෙ මුහුණ හරිම දුක්මුසුයි. ඇය කණස්සල්ලෙන්. අපි ලගට ඇවිත් වාඩිවුන ගමන් ඇය ඇගේ දුක්ගැනවිල්ල කියුවෙ මෙන්න මෙහෙම

"අනේ ඩොක්ටර් , මම දවසින් දවස ගොඩාක් මහත් වෙනව. කෑම නොගෙන හිටියත් බරනම් අඩුවෙන්නෙ නැ. බඩ තමයි ගොඩාක් මහත් වෙන්නෙ. මුණෙත් රෝම එනව. මුළු ඇගම රිදෙනව වෙලාවකට. මට දැන් මේ හැමදේම එපාවෙලා තියෙන්නෙ." ඇය නොනවත්වා එලෙස පැවසුව.

ඇය දෙස විමසිල්ලෙන් බැලුවම පේනව මට මුහුණෙ කුරුලෑ පිරිල. බෙල්ල, නහය ,කට වටේ කළුවෙලා. මූණත් මහත් වෙලා. කොණ්ඩෙත් අඩුයි.ඉස්සරහින් චුට්ටක් තට්ටෙත් පෑදෙයි වගේ.

"මූණත් ක‍ලුවෙලා,කුරුලෑ ටිකකුත් දාල නේද ? බයවෙන්න එපා අපි ඒව අඩුකරගමු "මම ඇගේ හිත සැනසෙන අයුරින් පැවසුව.මොකද මූණෙ චූටි ලපයක් හරි කියන්නෙ ඉතින් ගෑණු ළමයෙක්ට හිසේරදයක් නේ.

"අයියෝ ඩොක්ටර් මේ රටේ නැති ඒව ගෙන්න ගෙන්න මූණෙ උලනව. ගාන වෙලාවට ටිකක් අඩුයි. ආයෙ ඉතින් තිබුනටත් එහා "ඔන්න දුවගෙ අම්මත් එහෙම කිව්ව..

ඊට පස්සෙ මම ඇගෙන් ප්‍රශ්න කිහිපයක් විමසුව. හෝමියෝපති ප්‍රතිකාර කරද්දි අපි රෝගියගෙන් බොහෝ විස්තර අහල සටහන් කරගත්තත් ලිපිය දිගවැඩිවෙන නිසා අවශ්‍යම ප්‍රශ්න ටික විතරක් මේ ලිපියෙ ලියන්නම්

🌷ඇගේ මාසික ඔසප් වීම ක්‍රමානුකූල ද කියල මම ඇහුව.

අයියෝ නෑ ඩොක්ටර් .මාස තුන හතරකට සැරයක් තමයි හැදෙන්නෙ.

🌷ඔයාට ගොඩාක් කේන්ති යනවද ? ඒ ප්‍රශ්නෙටත් ඇය කීවෙ ගොඩක් තරහ එනබව.

🌹ඔයා පැණිරස කැම ගොඩාක් කන්න හිතෙනවද ?

අනේ ඔව් ගොඩක් පැණි රස කනව වගේම බඩගිනිත් එනව සැරෙන් සැරේට.

🌷දුව ගෙදර වැඩට එහෙම අම්මට උදව් වෙනවද ? මම ඊලග ප්‍රශ්නෙ අම්මට යොමුකලා.

අපෝ දැන්නම් කුස්සිය පැත්තෙ එන්නැ. ඒ උදව් පුන්චි කාලෙ විතරයි.දැන් හරිම කම්මැලියි. නිදාගන්න තියේනම් ඊටවඩා දෙයක් නැ.

🌹ඔයාගෙ කොණ්ඩෙ ගැලවිලා යනවද ?

අනේ ඔව් ඩොක්ටර් ,ගොඩාක් කොණ්ඩෙ යනව.

"හරි මම ඔයාට තෙල් එකක් දෙන්නම්. නමුත් කොණ්ඩෙ යන එකනම් තෙල් දාල විතරක් නවන්න බෑ. මේ තත්වය PCOD වෙන්න පුළුවන්.." මම එහෙම කීව.

"ඒ කියන්නෙ මොකක්ද ඩොක්ටර් .මේ ලෙඩේ සනීප කරන්න බැරිද "ඇගේ මව බියපත්ව ඇසුව.

ඉතින් ඒ අම්මට වගේම ඔයාලටත් මේක ප්‍රශ්නයක් වෙන්න පුළුවන් .අද සමාජයෙ බහුලවම කතාවෙන දෙයක් මේ PCOD සහ PCOS කියන්නෙ.

Polycystic Ovarian Disorder කියන්නෙ අපේ ඩිම්බ කෝෂ වල ස්‍රාවයන් සහිත බිබිලි ඇතිවීම. මෙය හෝර්මෝන අසමතුලිත තාවයේ ප්‍රතිඵලයක්. මෙහිදී නොමේරු බිත්තර ඩිම්බ පිට වී ගෙඩිබවට පත්වීම.සිදුවෙනව.ඒ වගේම ඇන්ඩ්‍රොජන් හෝර්මෝන ( පිරිමි ලිංගික හෝර්මෝන ) වැඩිවෙනව. මේ නිසා අක්‍රමවත් ඔසප් තත්වයක් ඇතිවෙනව..
Polycystic ovarion syndrome තත්වය Pcod ,වලට වඩා දරුණුය.
එය පරිවෘත්තිය ආබාධයක්

මේ නිසා ද පිරිමි ලිංගික හෝර්මෝන ශ්‍රාවය වැඩිවෙනව.

🌸 ප්‍රධාන රෝග ලක්ෂණය අක්‍රමවත් මාසික ඔසප් වීමයි.

🌸 අධික තරබාරුව

🌸 රෝම වර්ධනය ( මුහුණේ )

🌸 සම අවපැහැ වීම.

🌸 හිසකෙස් වැටීම

🌸 මද සරු භාවය.

මෙම තත්වය ඇතිවීමට හේතු,

🌷ජානමය සාධක

🌷ඇන්ඩ්‍රොජන් හෝර්මෝන වල වෙනස්කම්

🌷ඉන්සියුලීන් ප්‍රතිරෝධය. හේතු ලෙස මේ කරුණු දැක්විය හැකි වුවද නිශ්චිතවම හේතුවක් තවම සොයාගෙන නැත.

💎 මෙම pcod තත්වය සුවකරගත හැකිද ?

බොහෝ අයට තියන ප්‍රශ්නෙ මේ තත්වය සුවකරගන්න පුලුවන්ද ? කියන එක.

" ඔව් ඇත්තටම පුලුවන් "

හෝමියෝපති කියන්නෙ මේ තත්වයට බොහෝ සාර්ථක ප්‍රතිකාර තියන වෛද්‍ය ක්‍රමයක්.

හෝමියෝපති වෛද්‍ය ක්‍රමය ( WH O ) සංවිධානය පවා පිළිගෙන ඇති බටහිර වෛද්‍ය ක්‍රමයක් .

මෙම ඖෂධ වල අන්තරත වෙන්නෙ ශක්තියක්. ( Energy medicine ) . එමගින් ශරීරයේ ජීව් ශක්තිය දියුණු කරනව. ස්වභාවික ප්‍රතිශක්තිකරණ පද්ධතිය උත්තේජනය කරමින් ස්වභාවිකවම රෝග සුවපත් කරනවා. ( Nathural healing).

මෙම ඖෂධ නීරෝගි මිනිසුන් තුල අත් හදා බලන ලද ආරක්ෂාකාරී බෙහෙත්.

හෝමියෝපති වෛද්‍ය ක්‍රමයේදී රෝගියාගෙ රෝග ලෂණ සඳහා ප්‍රතිකාර ලබාදෙන අතර සෑම රෝගියකුගේම එම පුද්ගලයාට ආවේණික , විශේෂ වූ ලක්ෂණ Individualizetion)
සලකා බලා ප්‍රතිකාර කරයි. PCOD තත්වයේදී,
🍓 ඩිම්බ වල ඇති බිබිළි අඩුකරයි. ,
🍓හෝර්මෝන සමතුලිත කිරීමට ක්‍රියා කරයි. 🍓අනවශ්‍ය රෝම වර්ධනය අඩුකරයි.
🍓 තරබාරුව මට්ටු කරයි.
🍓අදුරු ලප අඩුකරයි.
🍓 පැණි රස කෑමේ රුචිය අඩුකරයි.
🍓හිසකෙස් වැටීම පාලනය වේ.

💎 ඔබ හෝමියෝපති ඖෂධ ලබාගත යුත්තේ ඇයි?

මෙම ඖෂධ ,

🌺 අතුරු ආබාධ නැත.

🌺 ඇබ්බැහිවීම් නැත.

🌺 රසායනික ද්‍රව්‍ය වලින් තොරයි.

🌺 මිහිරි රසයෙන් යුක්තයි. කුඩා දරුවන් පවා ප්‍රිය කරයි.

🌺 භාවිතය ඉතා පහසුයි.

🌺 ප්‍රතිශක්තිය වර්ධනය කරමින් රෝග වලට ඔරොත්තු දීමේ හැකියාව වැඩිකරයි .

ඔබත් මෙම රෝගී තත්වයෙන් පීඩා විදින්නේනම් නොපමාව හෝමියෝපති ඖෂධ ගෙන ස්ථීර සුවය අත්විදින්න.

හෝමියෝපති වෛද්‍ය සඳමාලි ජයවනගේ ..

සෙත් හෝමියෝපති රෝහල
හෝමාගම ...
දු.ක - 0702006100
0723343434

නූබල් නූක් හොස්පිටල්
මහරගම
දු.ක : 0718704704



"

17/12/2025
අර්ශස් ( piles ) නිසා ඔබත් විදවනවාද ?අර්ශස් අද සමාජයේ බොහෝ දෙනෙක් පීඩා විදින රෝගයක් . පහළ ගුද මාර්ගය හෝ ගුදය ඉදිමීම, ගෙඩ...
09/12/2025

අර්ශස් ( piles ) නිසා ඔබත් විදවනවාද ?

අර්ශස් අද සමාජයේ බොහෝ දෙනෙක් පීඩා විදින රෝගයක් . පහළ ගුද මාර්ගය හෝ ගුදය ඉදිමීම, ගෙඩි වගේ තියෙනව දැනීම, දැවිල්ල , කැසීම ,වේදනාව, වගේම රුධිරය වහනය වීමත් මේ රෝගයේදී රෝගියාට පීඩාදෙන කාරණා වෙනව.
අද අපි ඔයාලට මේ ලිපිය ඉදිරිපත් කරන්නෙ ශල්‍යකර්ම වලින් තොරව අර්ශස් සුවකරගන්න ක්‍රමයක් ගැන කියන්න.

අර්ශස් ඇතිවෙන්න දිගුකාලීනව පවතින මලබද්ධය හේතුවෙනව.. එහිදී බොහෝ වේලා මලපහ කිරීමට ඉදගෙන සිටීම හා අධික ලෙස තැටමීම නිසා උදරයේ අභයන්තර පීඩනය වැඩි වීන සහ රුධිර වාහිනී වලින් රුධිර පරිවහනය නිසිලෙස සිදු නොවීම මීට හේතු සාධක වෙනව.

අර්ශස් ඇතිවීමට මල බද්ධය ප්‍රධානතම හේතුවක් වන අතර ඊට අමතරව වෙනත් හේතුන් ද ඊට ඉවහල් වෙනව.

🌷 තන්තුමය ආහාර ගැනීම අඩුවීම.
low- fiber diet
🌷ගර්භනීබව.
Pregnancy
🌷තරබාරු වීම.
being over weight
🌷වයස්ගත වීම.
aging
🌷නිතර නිතර බර එසවීම.
lifting heavy objects frequently
🌷පවුලේ අයට අර්ශස් තිබීම.
family history Of hemorrhoids

අර්ශස් ප්‍රධාන අවධි හතරකින් විස්තර කරන්න පුලුවන් .

🌹 Hemorrhoids stage 01:

පහළ ගුද මාර්ගය තුල ගෙඩි ඇතිවීම සහ රුධිර වහනය

🌹 Hemorrhoids stage 02:
ගෙඩි එළියට පැමිණීම සහ ඒවා ඉබේම ඇතුළට යාම ,රුධිර වහනයද පැවතිය හැක.

🌹 Hemorrhoids stage 03:

ගෙඩි එළියට ඒම සහ අතින් ඇතුළු කිරීමට සිදුවීම .

🌹 Hemorrhoids stage 04:

ගෙඩි එළියේම පැවතීම.

අර්ශස් සෑදීම වළක්වා ගැනීමට ,

🌸 හොදින් ජලය පානය කිරීම

🌸 තන්තුමය ආහාර පරිභෝජනය වැඩිකිරීම

🌸 නිතර නිතර බර එසවීමෙන් වැළකීම

🌸 බර පාලනය

නොගතයුතු ආහාර :

🍓 චීස්

🍓 මස් වර්ග

🍓 සකස් කරන ලද කෙටි ආහාර වර්ග

🍓 අයිස් ක්‍රීම්

🍓 චිප්ස්

🍓 ක්ෂණික ආහාර

💕💕හෝමියෝපති ඔ ඖෂධ මගින් ශල්‍යකර්ම වලින් තොරව ඔබට අර්ශස් සුව කරගත හැක.

අර්ශස් සඳහා හෝමියෝපති ප්‍රතිකාර :

💎 Aesculus hippocastanum
ගුද මාර්ගයේ ඉදිමුම අඩුකරයි,
පිටකොන්දේ වේදනාව, කැසීම සමනය කරයි. මලපහ කිරීමේ අපහසු බව මඟහරවයි.රුධිරය වහනය වීම සුව කරයි..

💎 Alumina : මලපහ සමග ලේ යාම සුවකරයි. මලබද්දය නැතිකරයි. රුධිර වහනයට,කැසීමට සහනය සලසයි.

💎Hamamelis virginica:

අධෝ මාර්ගයේ දැවිල්ල, සෙම සහ ලේ සමග මල පහවීම සුවකරයි.

💎Nux vomica:

නිතර නිතර මලපහ කිරීමට අවැසි බව දැනීම, ස්වල්ප ලෙස මල පහ වීම, සෙම සහ රුධිරය සමග මලපහ වීම.,මලපහ කිරීමේ අපහසුබව සුවකරයි..

හෝමියෝපති වෛද්‍යවරයෙකුගේ උපදෙස් මත නිවැරදි ලෙස ප්‍රතිකාර ගැනීමෙන් ගුද මාර්ගයෙ ගෙඩි අඩුවී ශල්‍යකර්ම වලින් තොරවම මෙම රෝගය සුවකරගත හැක ..
අර්ශස් සඳහා ලබාදෙන හෝමියෝපති ඖෂධ බොහෝ ප්‍රමාණයක් ඇති අතර ඉන් සුළු ප්‍රමාණයක් මෙහි සඳහන් කරඇත. තවද මේ සඳහන් කර ඇති ඔසුවල ඒ ඒ ඖෂධයට අදාළව සුළු රෝග ලක්ෂණ ප්‍රමාණයක් පමණක් දක්වා ඇත.

පළපුරුදු හෝමියෝපති වෛද්‍යවරයා රෝගියාගේ සියළුම රෝග ලක්ෂණ සලකා බලා ,තවද,
mental,physical,
Aggravation,Amalioration ,
Relationship ආදී ලෙස සියළු කරුණු පිළිඹද විමසා බලා , රෝගියාට සුදුසු හෝමියෝපති ඖෂධය,සුදුසුම ඖෂධ ශක්තිය ( potency) , ලබාදිය යුතු ආකාරය පිළිඹද සැලකිලිමත්ව ,රෝගියාගේ රෝගීබව සුවකිරීමට උචිතම ඔසු ලබා දේ. මෙම ඖෂධ අතුරු ආබාධ වලින් තොර අතර ,භාවිතය ඉතාම පහසුය. ඇබ්බැහිවීම් නැත.

ඔබට ලග හෝමියෝපති සායන සහ වෛද්‍යවරුන්ගේ හෝ හෝමියෝපති ප්‍රතිකාර පිළිඹද විස්තර දැනගැනීම සඳහා පහත අංකයට වට්ස් ඇප් පණිවුඩයක් තබන්න..

0707607860

හෝමියෝපති වෛද්‍ය සඳමාලි ජයවනගේ...🌷🌸🌸🍓💕💎

බෙල්ලේ වේදනාවහේතු: 🍀 ගෙල ආශ්‍රිතව ඇති කෂේරුකාවල අබාධ🍀වැරදි ඉරියව් හේතුවෙන් මාංශ පේශීන්     ආබාධයට ලක්වීම🍀උළුක්කු වීම🍀ආතත...
28/09/2025

බෙල්ලේ වේදනාව

හේතු:

🍀 ගෙල ආශ්‍රිතව ඇති කෂේරුකාවල අබාධ
🍀වැරදි ඉරියව් හේතුවෙන් මාංශ පේශීන්
ආබාධයට ලක්වීම
🍀උළුක්කු වීම
🍀ආතතිය
🍀රක්තවාතය ආදී හේතූන් බෙල්ලේ වේදනාව ඇතිවීම සඳහා හේතුවිය හැක.

හෝමියෝපති ප්‍රතිකාර :

🌹Rhus toxicodendron
තද ස්වභාවය , අකණ්ඩව චලනයෙන් සහනය ලැබේ.

🌹Bryonia Alba

සුළු චලනයකින් පවා වේදනාව නරක අතට හැරේ.විවේකයෙන් සහනය ලැබේ.

🌹 Gelsemium
මාංශ පේශීන් තද ස්වභාවය, හිරවෙනවා මෙන් දැනීම, පේශිවල ඇතිවන අප්‍රාණිකත්වය.

🌹Actaea Racemosa
ග්විදුලි සැරක් වදින්නාක් මෙන් තද වේදනාවක් ඇතිවීම,බෙල්ල තද වීමේ

🌹paris Quadriffolia
බෙල්ලේ බර ස්වභාවයක් දැනීම. බෙල්ලේ වේදනාව උරහිස,අත දක්වා පැතිරීම

පළපුරුදු හෝමියෝපති වෛද්‍යවරයා රෝගියාගේ physical,mental, individual's symptoms මේ සියල්ලම සැලකිල්ලට ගෙන අදාල ඖෂධය, ඖෂධයේ ශක්තිය, දියයුතු මාත්‍රාව නිගමනය කරනු ලැබේ.

🦋 මේ ප්‍රතිකාර
අතුරු ආබාධ නැත. ,ඇබ්බැහිවීම් නැත භාවිතය ඉතා පහසුය.

වැඩි විස්තර ස‍‍ඳහා වට්ස් ඇප් පණිවුඩයක් තබන්න
0707607860

හෝමියෝපති වෛද්‍ය සඳමාලි ජයවනගේ ...

28/09/2025

Migraine
ඉරුවාරදය

ඉරුවාරදය අද සමාජයේ බොහෝ දෙනෙක් පීඩා විදින රෝගී තත්වයකි.ඉරුවාරදය මද වශයෙන් ආරම්භවී ටිකෙන් ටික උග්‍ර තත්වයට පත්වන බහුලවම හිසේ එක් පසක ඇතිවන තදබල වේදනාවකි. සමහරවිට හිසේ අනෙක් පසට ද පැතිරී යයි. එම වේදනාව බෙල්ලට සහ මුහුණටද පැතිරී යා හැක.

ඉරුවාරදය සෑදීමට නිශ්චිත හේතුවක් සොයාගෙන නොමැති අතර සිදුකරන ලද විවිධ පරීක්ෂණ මගින් පහත සඳහන් හේතූන් සෘජුව හෝ වක්‍රව බලපාන බව සොයාගෙන ඇත.

🦋 මොළයේ ඇතිවන අසාමාන්‍ය ක්‍රියාවලියන් නිසා ස්නායු සංවේදනා රුධිර වාහිනී සහ රසායනික විපර්‍යාසවල බලැපෑම.
🦋හෝර්මෝන අක්‍රමිකතා
🦋මානසික හේතු
🦋අධික වෙහෙස, නින්ද නොයාම , වැරදි ආහාර පුරුදු
🦋පාරිසරික සාධක ලෙස,
අධික ආලෝකය, කාළගුණික වෙනස්වීම
🦋විවිධ ගන්ධයන්ට නිරාවරණය වීම
🦋දුම්පානය
🦋සමහර ඖෂධ

මිග්‍රේන් අවධි හතරක් ලෙස විග්‍රහ කරහැක

🌹පූර්ව රෝග ලක්ෂණ අවධිය
🌹ඕරා අවධිය
🌹රෝගී අවධිය / හිසරදය ඇතිවන අවධිය
🌹පසු රෝග අවධිය

🌹පූර්ව රෝග ලක්ෂණ අවධියේදී.පහත ලක්ෂණ පෙන්නුම් කරයි.

* මානසික අවපීඩනය
*ශාරීරිකව දැනෙන අපහසුතාව
*ආලෝකයට හා ශබ්ධයට සංවේදී බව
*යම් දෙයකට අවධානය යොමුකල නොහැකිවීම.

🌹ඕරා අවධියේදී,
මෙය තාවකාලික අනතුරු ඇඟවීමේ අවධිය Temorary warning symptoms ලෙසින් හැදින්වේ. ඒ අවධියේදී,

* පෙනීමේ දුර්වලතා
විවිධ ආලෝක එළි, සිග් සැග් රටාවන්,
අදුරු පැහැ ලප දිස්වේ.
*ඇස් වලින් කදුළු ගැලීම
* ඇස්වල ඇතිවන වේදනාව
* අත්වල මුහුණේ හිරිගතිය, පොපියන ස්වභාවයක් ඇතිවීම

🌹රෝගී අවධියේදී,

* හිසේ එක් පසක හෝ දෙපසම හෝ මුළු හිසේම ඇතිවන තදබල හිසරදය ඇතිවේ.
වේදනාව එක් ස්ථානයකින් ආරම්භවී ක්‍රම ක්‍රමයෙන් වේදනාව වැඩි වී හිසරදය අනෙක් පසට හෝ මුළු හිසටම හෝ පැතිර යයි.

* හිස පුපුරුගසන්නාක් මෙන් වේදනාව ඇතිවේ. එහිදී,
වමනය, ආලෝකයට වඩාත් සංවේදී බව, දහඩිය දැමීම,සුදුමැලි බව, මහන්සිය, අදුරේ සිටීමට ඇති කැමැත්ත.

හිසරදය සාමාන්‍යයෙන් පැය 12- 14 අතර කාලයක් පවතී.සමහර පුද්ගලයන්ට දින 3 - 5 අතර කාලයක් ද පැවතිය හැක. සමහර රෝගීන්ට සුව වී නැවත දින කිහිපයකට පසු යළි ඇතිවිය හැක.
තවද සමහර කාන්තාවන්ට ඔසප් කාලය තුලදී පමණක් හිසරදය ඇතිවේ. ( pure menstrual migraine)

🌹පසු රෝගී අවධියේදී,

* අධික ලෙස මුත්‍රා පිටවීම
*නිදිමත ස්වභාවය
* ශරීරයට විඩාවක් දැනීම
* ශරීරයට දැනෙන අප්‍රාණිකත්වය.

ඉරුවාරදයේ සංකූලතා ලෙස,

💐 ආඝාතය
💐 මානසික සෞඛ්‍යයට බලපෑම් ඇතිවීම දැක්විය හැක.

🎈ඉරුවාරදය පාලනය කරගත හැකි පියවර,

🍀 යහපත් මානසික සෞඛ්‍යයක් පවත්වාගෙන යාම
🍀ශරීරයට අවශ්‍ය විවේකය ලබාදීම
🍀නිවැරදි ආහාර රටාවක් අනුගමනය කිරීම
🍀 ප්‍රමාණවත් නින්ද
🍀 මත්පැන් වලින් වැළකීම.

💊 ඉරුවාරදය සඳහා හෝමියෝපති ප්‍රතිකාර ..

ඉරුවාරදයෙන් සම්පූර්ණයෙන්ම සුව වීම සදහා ඉතා සාර්ථක හෝමියෝපති ප්‍රතිකාර ඇත.

🙏 Ipecacuanha : හිසේ ඇතුළාන්තයෙන් දැනෙනා හිසරදය, ඔක්කාරය.

🙏kali bichromicum: නා නා විධ පාට ඇස් ඉදිරිපිටින් පෙනීම

🙏Natrum Muriaticum: හිස ඇතුලේ දැනෙන තද වේදනාව, අවදි වන මොහොතේ හිසවේදනාව දැනීම ,පෙනීමේ අදුරු ස්වභාවය.

🙏sanguinaria Canadensis: හිසරදය නළල දිගේ විත් බෙල්ල පෙදෙසට ගොස් පිටකොන්ද දිගේ ඇතිවන වේදනාව. දකුණුපස වැඩිය. ස්ත්‍රීන්ට ඔසප් වන කාලයේදී ඇතිවන හිසරදය.ශබ්ධයට හා ආලොකයට අකමැත්තක් දැක්වීම.

🙏 Iris versicolor: හිසරදය, වමනය ඇතිවීම

🙏Glonoine:හිරු රශ්මියේ ඇවිදීමේ අපහසුව, හිසරදය ඇතිවීම,

🙏Spigeli Anthelmintica: හිස ඇතුළාන්තයෙන් පටන්ගන්නා හිසරදය නලලට විත් වම් ඇස දෙසට යයි. අනිනවා සේ වේදනාවක් දැනෙන හිසරදයකි.ඇස් වලින් කදුළු ගලයි.

ඉරුවාරදයට ලබාදෙන හෝමියෝපති ඖෂධ බොහෝ ප්‍රමාණයක් ඇති අතර ඉන් සුළු ප්‍රමාණයක් මෙහි සඳහන් කරඇත. තවද මේ සඳහන් කර ඇති ඔසුවල ඒ ඒ ඖෂධයට අදාළව සුළු රෝග ලක්ෂණ ප්‍රමාණයක් පමණක් දක්වා ඇත.

පළපුරුදු හෝමියෝපති වෛද්‍යවරයා රෝගියාගේ සියළුම රෝග ලක්ෂණ සලකා බලා ,තවද,
mental,physical,
Aggravation,Amalioration ,
Relationship ආදී ලෙස සියළු කරුණු පිළිඹද විමසා බලා , රෝගියාට සුදුසු හෝමියෝපති ඖෂධය,සුදුසුම ඖෂධ ශක්තිය ( potency) , ලබාදිය යුතු ආකාරය පිළිඹද සැලකිලිමත්ව ඔසු ලබා දේ. මෙම ඖෂධ අතුරු ආබාධ වලින් තොර අතර ,භාවිතය ඉතාම පහසුය. ඇබ්බැහිවීම් නැත.

ඔබට ලග හෝමියෝපති සායන සහ වෛද්‍යවරුන්ගේ හෝ හෝමියෝපති ප්‍රතිකාර පිළිඹද විස්තර දැනගැනීම සඳහා පහත අංකයට වට්ස් ඇප් පණිවුඩයක් තබන්න..
0707607860

වෛද්‍ය සඳමාලි ජයවනගේ...

28/09/2025
28/09/2025

නිතර අසනීප වෙන බබෙක් ඉන්නවද ? 🤧🤒😴

එහෙනම් ඔයා බබාගෙ සොබාවික ප්‍රතිශක්තිය ගැන දැන් වැඩිපුර හිතන්නම කාලය හරි. 🙄🙄🙄

බබාල වෙනුවෙන්ම වඩාත් සුදුසු හෝමියෝපති ප්‍රතිකාර දැං මහරගම සහ ඇඹිලිපිටිය නොබ්ල් නූක් රෝහලේ සායනයෙන් ඔයාට ලබාගන්න පුලුවන්.☘️☘️☘️

හෝමියෝපති වෛද්‍ය සඳමාලි ජයවනගේ මහත්මියගේ සායනය සඳහා කලින් කාලය වෙන්කරගෙන පැමිනෙනවනම් බබාට වගේම ඔයාටත් කිසිදු අපහසුවකින් තොරව ප්‍රතිකාර ලබාගන්න පුලුවන්.

හෝමියෝපති බෙහෙත් වලට දරුවන් හරිම කැමතියි. මේ බෙහෙත් සීනි බෝල වගේ පැණි රසයි. 🍬🍬🍭

ඒ වගේම දරුවන්ගේ සුව නොවන තුවාල වලට ඉක්මනින්ම සුවය ලබාදෙන යුනිට් එකක් අප රෝහල සතුයි.

වෛද්‍ය සඳමාලි ජයවනගේ මහත්මිය හමුවීමට පහත දුරකතන අංකය අමතන්න.

071 8 704 704
070 3 119 895

නොබ්ල් නූක් රෝහල් පරිශ්‍රය,
අංක 23, පිලියන්දල පාර, මහරගම.

20/03/2025

Scitic nerve pain
.....
කොන්දෙ වේදනාව,
කකුළ පිටුපස වේදනාව
වඩිවෙලාවක් හිටගෙන සිටීමේ අපහසුව
හිරිය...මේ නිසා ඔබ තවමත් පීඩාවෙන්ද ??

හෝමියෝපති ප්‍රතිකාර තුලින් සාර්ථක ප්‍රතිඵල ලබාගන්න..

අමතන්න...
0771607860
0707607860

Address

Homagama

Telephone

+94707607860

Website

Alerts

Be the first to know and let us send you an email when Dr homeo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Dr homeo:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram