09/07/2024
ගැස්ට්‍රයිටිස්
අද සමාජයේ බොහෝ දෙනාට අත්විඳීමට සිදු වී ඇති රෝග තත්ත්වයක් ලෙස ගැස්ට්‍රයිටිස් හැඳින්වීමට පුළුවන්. එය ඇතැම් අවස්තාවන් වල ‘බඩේ දැවිල්ල, ගෑස්ටික්, හා ගෑස්’ වැනි විවිධ නම්වලින් සමාජයේ ප්‍රචලිතව පැවතෙනු දකින්නට පිළිවන්. එයට හේතුව මෙම රෝග තත්ත්වය ඒ තරමටම ජනතාව අතර පැතිර පැවතීම යි.
ගැස්ට්‍රයිටිස් යනු අපගේ ආමාශය ආශ්‍රිතව ඇති වන රෝග තත්ත්වයක්. එය ආමාශයේ ආස්තරණය හෙවත් ආමාශ බිත්තියෙහි ඇතුළු පැත්තෙහි ඇතිවන ප්‍රදාහයක් ලෙස සරලව හඳුන්වනවා. ගැස්ට්‍රයිටිස් රෝගයේ ප්‍රධාන ආකාර දෙකක් නිරීක්ෂණය කිරීමට හැකියි. එක ආකාරයක් කෙටි කාලයක් තුල දී මතුවිය හැකි අතර එය කෙටි කාලීන ගැස්ට්‍රයිටිස් (acute gastritis) යනුවෙන් හඳුන්වනු ලබනවා. මෙම තත්ත්වය සාමාන්‍යයෙන් පවතින්නේ දින 2-10 වැනි කාලයක් අතර යි. අනෙක් ආකාරය නම් දිගුකාලින ගැස්ට්‍රයිටිස් (chronic gastritis), එනම්, දිගු කාලයක් තිස්සේ සෙමින් සෙමින් මතුවන ගැස්ට්‍රයිටිස් තත්ත්වය යි. මෙම තත්ත්වය සති කිහිපයක සිට වසර ගණනක් දක්වා වුව ද පවතිය හැකියි
ගැස්ට්‍රයිටිස් ඇතිවීම කෙරෙහි බලපාන හේතු
අද වන විට සුලබ රෝග තත්ත්වයක් බවට ගැස්ට්‍රයිටිස් පත්වීම කෙරෙහි බලපාන සාධක ගැන අවධානය යොමු කිරීම වැදගත්. මන්දයත් එය රෝගය වැළඳීම වළක්වාගැනීම කෙරෙහි උපකාරී වීම යි. ගැස්ට්‍රයිටිස් ඇතිවීම කෙරෙහි බලපාන සාධක අතරේ ඉහළින්ම සිටින සාධකයක් වන්නේ අධිකව මද්‍යසාර භාවිතා කිරීම යි. එසේම දුම්පානය කිරීම, අධිකව තේ, කෝපි වැනි දේ පානය කිරීම, අධිකව වේදනානාශක භාවිතය මෙන්ම නිවැරදිව ආහාරවේල් ලබා නොගැනීම වැනි වැරදි ජීවන රටාවන් මෙම තත්ත්වය කෙරෙහි හේතු විය හැකි වෙනවා.
එසේම ආහාර ජීරණ පද්ධතිය ආශ්‍රිතව Helicobacter pylori නමැති බැක්ටීරියාව ආසාදනය වීම ද මෙම තත්ත්වය ඇතිවීම කෙරෙහි හේතු විය හැකි යි. එයට අමතරව ජීවන රටාව ආශ්‍රිතව සිදුවන වෙනස්කම්, එනම්, ශල්‍යකර්මයකට මුහුණ දීම, අනතුරකට ලක්වීම, පිළිස්සීමක් හෝ දැඩි ආසාදන තත්ත්වයක් වැනි හේතුවක් නිසා ඇති වන ආතතිය ද මේ කෙරෙහි හේතු වෙනවා. ප්‍රතිශක්තීකරණ පද්ධතිය ආශ්‍රිතව ඇතිවන රෝග තත්ත්ව, ඇතැම් අසාත්මිකතාවයන්, ඇතැම් දිලීර හා වෛරස් ආසාදන වැනි හේතූන් ද, අමාශය ආශ්‍රිතව සිදුවන අනතුරු හෝ ශල්‍යකර්ම ආදිය ද මේ සඳහා මුල් විය හැකියි.
අතුරු ආබාධ වලින් තොරව ගැස්ට්‍රයිටීස් සුවකරගන්න එන්න සෙත් හෝමියෝපති රෝහලට
විමසීම් - 070 200 6 100 / 072 3 34 34 34