Karapitiya Osusala-Pathirage Pharmacy

Karapitiya Osusala-Pathirage Pharmacy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Karapitiya Osusala-Pathirage Pharmacy, Medical and health, Karapitiya Osusala , No 7, New Shopping Complex, karapitiya.

09/08/2024
06/03/2023

SENSE OF MED ByDr.Gaindu NT Dissanayake Medical Diseases #වන්ෂොට් දොස්තරලාගෙන් පරිස්සම් වෙන්න!Dr.Gaindu NT Dissanayake March 3, 2023 Medical Diseases|ජලභීතිකා එන්නත් රෝහල්වල #නැත.Dr.Gaindu ...

කරාපිටිය ඔසුහල ( Pathirage Pharmacy) හෙට දින සිට කරාපිටිය ප්‍රදාන බස් නැවතුම ඉදිරිපිට විවෘත කරණු ලබයි...වසර 25 ක් පාරිභෝ...
16/02/2023

කරාපිටිය ඔසුහල ( Pathirage Pharmacy) හෙට දින සිට කරාපිටිය ප්‍රදාන බස් නැවතුම ඉදිරිපිට විවෘත කරණු ලබයි...

වසර 25 ක් පාරිභෝගික ඔබ තැබූ විශ්වාසය එලෙසම පවත්වා ගනිමින් තවත් දිගු කාලයක් ඔබට සේවය සැපයීම අපගේ එකම අරමුණයි....

වෛද්‍ය විද්‍යාත්මකව හේතු පහදන්න අමාරු  වුණත් ඔයාගේ මානසික සෞඛ්‍යයත් ඔයාගේ ලස්සනට,  ඔයාගේ හමේ පාටට,  ඔයාගේ කොණ්ඩෙට,  ගොඩක...
16/02/2023

වෛද්‍ය විද්‍යාත්මකව හේතු පහදන්න අමාරු වුණත් ඔයාගේ මානසික සෞඛ්‍යයත් ඔයාගේ ලස්සනට, ඔයාගේ හමේ පාටට, ඔයාගේ කොණ්ඩෙට, ගොඩක් බලපානවා. ඔයා ලොකු මානසික පීඩනයකින් ඉන්න කෙනෙක් නම් ඒ දේවල් skin හරහා ඉස්මතු වෙනවා. පහලින් දාලා තියෙන පින්තූර වගේ. ඒ නිසා මානසික සෞඛ්‍යය කියන දේට හැමවෙලේම පළමු ස්ථානය ලබා දෙන්න

පිටගැස්ම හැදෙන්නෙ මළ බැඳුනු (මලකඩ කාපු) ඇණ හෝ වෙනත් යකඩයකින් තුවාල වුවොත් විතරද?පිටගැස්ම රෝගය ඇතිවෙන්නෙ clostridium teta...
02/02/2023

පිටගැස්ම හැදෙන්නෙ මළ බැඳුනු (මලකඩ කාපු) ඇණ හෝ වෙනත් යකඩයකින් තුවාල වුවොත් විතරද?

පිටගැස්ම රෝගය ඇතිවෙන්නෙ clostridium tetani නම් ක්ෂුද්‍ර ජීවීන් නිපදවන විෂක් (toxin) නිසාවෙනි.
මේ ක්ෂුද්‍ර ජීවීන් පස තුල , සතුන්ගේ ආන්ත්‍රයේ හා මිනිස් මලපහවල දැකිය හැක.
මොවුන් ගුණනය වීම(බෝ වීම) සිදුවන්නේ සාමාන්‍ය වාතය අඩු(ඔක්සිජන් අඩු) ස්ථාන වලයි.
ශරීරයේ ගැඹුරට ඇතිවන තුවාල තුල ඔක්සිජන් ප්‍රාමාණය ගොඩක් අඩුයි.හේතුව සාමාන්‍ය වාතයට හොඳින් නිරාවරණය නොවෙන නිසා.

මල බැදුනු ඇණයකින් පමනක් නොව, අලුත්ම මල නොබැඳුනු ඇණයකින් පවා, එමෙන්ම ඉරටුවක් වැනි වෙනත් තියුණු දෙයකින් පවා මෙවැනි තුවාල ඇති කල හැක.

ඒවා තුළට මෙම ක්ෂුද්‍ර ජීවීන් ඇතුලු වී වර්ධනය වී විෂ මුදාහරියි.එවිට එම පුද්ගලයාට පිටගැස්ම රෝගී තත්වය ඇතිවෙයි.

එමනිසා කිසියම් හෝ හේතුවක් මත ගැඹුරු තුවාලයක් ඔබට ඇති වුවහොත් වෛද්‍යවරයෙකුට පෙන්වා පිටගැස්ම සඳහා වන ප්‍රතිවිෂ (toxoid) එන්නත ලබා ගත යුතුය.

"මලකඩ කාපු යකඩ වලින් වෙන තුවාල නිසා තමයි පිටගැස්ම හැදෙන්නෙ"
යනුවෙන් ඇති සමාජ මතය දුරු කිරීම සඳහා ඉතා සරල ලෙස පැහැදිලි කර ඇත.

ස්නායු රෝග ඇති වීමේ ලක්ෂණ පිළිබඳ දැනුවත් වෙමු 💙👌කියවීමෙන් පසු:මිතුරන් සමග මෙය බෙදාගන්න...ඔවුන් රැකගැනීම අපේ යුතුකමයි...
01/02/2023

ස්නායු රෝග ඇති වීමේ ලක්ෂණ පිළිබඳ දැනුවත් වෙමු 💙👌
කියවීමෙන් පසු:
මිතුරන් සමග මෙය බෙදාගන්න...ඔවුන් රැකගැනීම අපේ යුතුකමයි...

------------------------------------කාන්තාවක් හදිසියේම නොසිතූ ලෙස මිය ගියාය.ඇගේ කන්, නාසය, මුඛය සහ ඇස් වලින් ලේ ගැලීම. ම...
31/01/2023

------------------------------------
කාන්තාවක් හදිසියේම නොසිතූ ලෙස මිය ගියාය.ඇගේ කන්, නාසය, මුඛය සහ ඇස් වලින් ලේ ගැලීම. මූලික මරණ පරීක්‍ෂණයෙන් පසුව තහවුරු වූයේ ආසනික් විෂ වීම නිසා මරණය සිදුවී ඇති බවයි. ආසනික් පැමිණියේ කොහෙන්ද? පොලිසිය ගැඹුරු හා පුළුල් පරීක්ෂණයක් ආරම්භ කළේය. ඒ සඳහා වෛද්‍ය විද්‍යාල මහාචාර්යවරයෙකුට ආරාධනා කරන ලදී
නඩුව විසඳීමට එන්න.
මහාචාර්යවරයා එහි අන්තර්ගතය හොඳින් නිරීක්ෂණය කළේය. පැය භාගයකටත් අඩු කාලයකින් රහස විසඳා ඇත. මහාචාර්යවරයා පැවසුවේ: 'මියගිය තැනැත්තා සියදිවි නසාගෙන නැති අතර ඇයව ඝාතනය නොකළ අතර, නොදැනුවත්කම හේතුවෙන් ඇය හදිසි මරණයකින් මිය ගියාය!' සෑම කෙනෙකුම ප්‍රහේලිකාවට පත් වූ අතර, ඇයි හදිසි මරණය?
මහාචාර්යවරයා මෙසේ පැවසීය:
මියගිය අයගේ බඩ. ''ආසනික් නිෂ්පාදනය කළේ එහි ය" මියගිය පුද්ගලයා දිනපතාම විටමින් සී ලබා ගන්නා අතර එයම ගැටලුවක් නොවේ. ගැටලුව වූයේ රාත්‍රී ආහාරයට ඇය ඉස්සන්/කකුළුවන් විශාල ප්‍රමාණයක් ආහාරයට ගැනීමයි. ඉස්සන් ආහාරයට ගැනීම ගැටලුවක් නොවේ, එබැවින් එකම ඉස්සන් තිබුනද ඇගේ පවුලට කිසිවක් සිදු නොවන්නේ එබැවිනි.
කෙසේ වෙතත්, ඒ සමඟම මියගිය තැනැත්තා විටමින් සී ද ලබා ගත්තා, ගැටලුව වූයේ එයයි! එක්සත් ජනපදයේ චිකාගෝ විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් විසින් සිදු කරන ලද අත්හදා බැලීම් වලදී සොයා ගත් පරිදි මෘදු කටු වැනි ආහාර වල පොටෑසියම් ආසනික් සංයෝග පහක සාන්ද්‍රණය ඉතා ඉහළ ය. එවැනි නැවුම් ආහාර මිනිස් සිරුරට විෂ සහිත බලපෑමක් ඇති නොකරයි. කෙසේ වෙතත්, විටමින් සී ලබා ගැනීමේදී රසායනික ප්‍රතික්‍රියාවක් සිදු වන අතර මුල් විෂ නොවන මූලද්‍රව්‍ය විෂ ද්‍රව්‍ය බවට වෙනස් වේ.
ආසනික් විෂ වීමෙන් මැග්මා භූමිකාවක් ඇති අතර කුඩා රුධිර නාල වලට අංශභාගය ඇති විය හැක. එම නිසා ආසනික් විෂ වීමෙන් මියගිය පුද්ගලයෙකුගේ කන්, නාසය, මුඛය සහ ඇස් වලින් ලේ ගැලීමේ ලක්‍ෂණ පෙන්නුම් කරයි. මේ අනුව පූර්වාරක්ෂාව ලෙස,
විටමින් සී ගන්නා විට ඉස්සන්/කකුළුවන් ආහාරයට ගන්න එපා. මෙය කියවීමෙන් පසු; කරුණාකර මසුරු නොවන්න. මිතුරන් රැකබලා ගැනීම අපේ යුතුකමයි.
කරුණාකර ඔවුන් සමඟ බෙදා ගන්න. - - - - - - - - - - - - - - - -
*ඉස්සන් සහ වීටමින් C එකට කන්න බැහැ*
✍️උපුටා ගැනීමකි

fish oil ගැන දැනගමු ……..1.මොනවද fish oil කියන්නේ.2. fish oil ගැනීමේ වැදගත් කම.3.omega-3 මුලාශ්‍රයක් ලෙස fish oilහි වැදගත...
09/08/2022

fish oil ගැන දැනගමු ……..

1.මොනවද fish oil කියන්නේ.

2. fish oil ගැනීමේ වැදගත් කම.

3.omega-3 මුලාශ්‍රයක් ලෙස fish oilහි වැදගත්කම.

4.ගතයුතු මාත්‍රාව සහ සුදුසු වෙලාව.

5.ස්වභාවික ආහාර මුලාශ්‍ර සහ supplements.

fish oil ප්‍රධාන වශයෙන් නිෂ්පාදනය වන්නේ ගැඹුරු සිතල මුහුදේ වෙසෙන තෙල් සහිත මසුන්ගේ පටක වලින් ලබාගන්නා තෙල් මගිනි.මෙයිනුත් අපට වඩා වැදගත් වන්නේ fish oil වලින් සාන්ද්‍රණය කරගත් omega-3 fatty acid නම් කොටසයි.තවද මෙය ω-3 fatty acids හෝ n-3 fatty acids නමින් හැඳින්වෙනවා. omega-3 යනු භහු දිගුදාම අසංතෘප්ත මේද අම්ල (long-chain polyunsaturated fatty acids) වේ.

omega-3 PUFAs වර්ග තුනකි.එනම්,
1.ALA.(alpha-Linolenic acid)
2.EPA.( eicosapentaenoic acid)
3.DHA.( docosahexaenoic acid)

මේ අතරින් EPA සහ DHA omega3 මේද අම්ල fish oil වල ප්‍රධාන වශයෙන් අන්තර්ගත වේ.මෙම මේද අම්ල දෙක ශරීරය තුල නිෂ්පාදනය නොවන අතර අනිවාර්යෙන් භාහිරින් ලබාගත යුතුය.එමනිසා මේවා අත්‍යාවශ්‍ය මේද අම්ල ලෙස හඳුන්වනවා.ALA ශාක අහාර මුලාශ්‍ර වලින් පමණක් ලැබේ.මෙසේ ලබාගන්න ALA වලින් 5% සිට 20% දක්වා අගයක් EPA සහ DHA බවට පරිවර්තනය කරගනී.

මෙහි වැදගත්කම කතාකිරීමේදී ඉතා වැදගත් පර්යේෂණයක් හාර්වර්ඩ් විශ්වවිද්‍යාලය මගින් සිදු කර තිබෙනවා.එනම් omega3 ඌනථාව ඇමරිකාව තුල සිදුවන මරණ වලට හයවන හේතුව බවට පත්ව තිබෙනවා.සාමාන්යෙන් අපි ගන්නා ආහාර වල omega6 : omega3 අගය 20:1 පමණ අනුපාතයක් වෙනවා.මෙම අගය නිර්මාංශ ආහාර වේලක් ගන්න කෙනුකුගේ මිට වඩා වැඩිවන්නත් පුළුවන්. ඉතින් මෙය ඉතා අධික පරතරයක් වෙනවා.සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙකු මෙම අනුපාතය 2:1 දක්වා අගයකින් පාලනය කරගත යුතුයි.මක්නිසාද යත් omega6 වැඩිපුර ගැනීම ශරීරයේ ප්‍රධාහ නැතිනම් ඉදිමුම් ඇතිකරවන( inflammation) අතර omega3 එයට ප්‍රතිවිරුද්ධව ක්‍රියාකර(anti- inflammatory) එම ප්‍රධාහ නැති කරයි.තවදුරටත් fish oil ලබාගැනීමේ වැදගත් කම සාකච්චා කරමු,

1.හදවත නිරෝගිව පවත්වාගෙන යාමට.
මෙමඟින් HDL ප්‍රමාණය වැඩි කරන අතර LDL ප්‍රමාණය අඩු කරමින් යහපත් කොලේස්ටර්රෝල් ප්‍රමාණයක් පාලනය කරයි.සමස්තයක් ලෙස Triglycerides ප්‍රමාණය 15%-30% දක්වා අගයකින් අඩු කරයි. තවද අධික රුධිර පීඩනය අඩු කරන්න උදව් වෙනවා. හදවතේ රිද්මය ක්‍රමානුකුලව පවත්වාගැනීම සඳහා මෙය වැදගත් වෙනවා.

2.මොලයේ ක්‍රියාකාරිත්වය සඳහා.
මිනිස් මොලය සෑදී ඇත්තේ 60% පමණ fats වලිනි.ඒ අතරින් භහුතරය omega3 ය.මොලය සම්බන්ධ බොහෝ ලෙඩරෝග(ADHD, Alzheimer’s Disease, Anxiety...) සඳහා මෙය භාවිතා කරනවා.මානසික අවපිඩනය වැනි අවස්තා සඳහාද භාවිතා කරනවා.

3.ඇසේ ක්‍රියාකාරිත්වය සඳහා වැදගත්වනවා.
මොලයේ වගේම ඇසේද බොහෝ ව්‍යුහයන් සැදී ඇත්තේ omega3 මගිනි.වයසට යනවිට ඇතිවන අක්ෂිදෝෂ(AMD) සඳහා භාවිතා කරනවා.

4.අස්ථි වල නිරෝගී භාවය පවත්වාගැනීමට.

5.පිළිකා වලට ප්‍රතිරෝධිව ක්‍රියා කරයි.

6.දියවැඩියාව පාලනය කරයි.

7.ප්‍රතිශක්තිය වර්ධනය කරන අතර සම සහ හිසකෙස් සඳහා වැදගත් වේ.

8.ශරීරයේ බර අඩු කිරීමට වැදගත් වේ.

9.දරුඵල සහ සාඵල්‍යතාව වැඩි කරයි.

10.ප්‍රෝටීන් අවශෝෂණය වැඩි කරයි.
මෙය සිදුවන්නේ omega3 මගින් mTOR(Mechanistic target of rapamycin) ක්‍රියාකාරිත්වය වැඩිකිරීම මගිනි.මෙහි අවසාන ප්‍රතිඵලය මාන්ෂපෙෂි වර්ධනයෙහිලා ඉතා වැදගත් වීමයි.

11.ඉදිමුම් සහ වේදනා අවම කරයි.

Omega-3 මුලාශ්‍රයක් ලෙස fish oil විශේෂයෙන් වැදගත් වෙන්නේ අනෙකුත් මුලාශ්‍ර වලට සාපේක්ෂව fish oilතුල ඉතා වැඩි ප්‍රතිශතයකින් Omega-3 අඩංගු වීමයි.අනික් කාරණය තමයි ඉතා පහසුවෙන් සොයාගත හැකිවීමත් මහාපරිමාණයෙන් නිෂ්පාදනයකිරීමේ හැකියවත්ය.

ගතයුතු මාත්‍රාවන් ගැන සැලකීමේදී ඔබ කිසියම් විශේෂිත ක්‍රීඩාවක නොයෙදෙන්නේකුනම් හෝ ආධුනිකයෙක් නම් EPA සහ DHA අගයන්ගේ එකතුව 500 mg පමණක් සෑහේ.නමුත් ඔබ කායවර්ධනය වැනි ක්‍රීඩාවක් කරන්නෙකු නම් EPA අගය 500mg සිට1g දක්වාද DHA අගය 200mg -500mg දක්වාද ගත යුතුයි.ගත යුතු වේලාවන් සැලකීමේදී උදේ ආහාරයට පසුව හෝ රාත්‍රී ආහාරයට පහුව සුදුසු වනවා.

දැන් අපි බලමු Omega-3 අඩංගු ආහාර මුලාශ්‍ර මොනවද කියල.ප්‍රධාන වශයෙන්ම සිතල මුහුදේ වෙසෙන මාළුන්ගේ වැඩි ප්‍රතිශතයකින් Omega-3 අඩංගු වෙනවා.උදා.සැමන්,මැකරල්,කෝඩ්,හුරුල්ලන් වැනි මත්සයන් වේ.මිට අමතරව නිර්මාංශ ආහාර මුලාශ්‍ර ගැන සඳහනක් කලොත් ෆ්ලස් සීඩ්,වෝල් නට්,චියා සීඩ්,නිවිති,සෝයා,හෙම්ප් සීඩ්,ඇල්ගී සඳහන් කල හැක.

Chemistry අපි වෙතින් උපුටාගැනිමකි .

21/12/2021

සුවපත් හෙට දිනක් උදෙසා ඇප කැප වී, වෘත්තියෙන් ඔබ්බට ගිය කර්තව්‍යක් ඉටු කරන ඖෂධ ක්ෂේත්‍රයේ සියලුම සේවක මහත්ම මහත්මියනි, ඔබ රටට අභිමානයකි 🙏🥼🇱🇰

17/10/2021

💫

MeGha Primal Intake is a 100% natural food supplement invented to enhance immunity in the human body and contains no art...
13/09/2021

MeGha Primal Intake is a 100% natural food supplement invented to enhance immunity in the human body and contains no artificial colours, flavours and preservatives. It is manufactured in Sri Lanka in an ISO 22000 and GMP certified facility. MeGha Primal Intake is developed with the aid of a diverse team of scientists and western doctors who have put in hours of research. According to the manufacture, this food supplement helps to combat Covid ` 19 symptoms.

How does MeGha Primal Intake help`

Covid ` 19 positive people `
Enhances symptoms significantly within 3 doses
Close contacts `
Prevents the infection and negative PCR and rapid antigen tests.
Normal people `
Enhances the immunity of the human body and prevents virus infection

Ingredients used to manufacture MeGha Primal Intake
ginger, Garlic, Coriander, Holy Basil, Sweet flag, Malabar Nut

Address

Karapitiya Osusala , No 7, New Shopping Complex
Karapitiya

Telephone

+94779186612

Website

Alerts

Be the first to know and let us send you an email when Karapitiya Osusala-Pathirage Pharmacy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram