09/02/2022
🙏🙏🙏 ආදරණීය ඔබ සියලු දෙනාම දැනුවත් කල පරිදි 2022/02/07 වන දිනයේ යෙදුනු සුබ නැකතින් " නවරත්න හෙලසුව අරණ ආයුර්වේද නේවාසික ප්‍රතිකාර මද්‍යස්ථානය ආරම්භ කලබව සතුටින් දැනුම් දෙමි ,❤️👍
දෙහිප්පාව රජමහා විහාරස්ථානයේ කදානේ සද්දානන්ද හිමියන් හා පුබ්බෝගම පන්සලේ විහාරාදිපති හිමියන් දෙනම විසින් කල පිරිත් සජ්ජායනාව අතර තුර ආයුර්වේදයේ ප්‍රදාන වෛද්‍ය පැරකුම් කොස්වත්ත මහතා හා මාගේ ආදරණීය සැමියා සංජය නවරත්න මහතා විසින් ආයුර්වේදය විවෘත කරනු ලැබුවා,ආයතනයේ පළමු රෝගියාටද ප්‍රතිකාර කරනු ලැබුවේ සද්දානන්ද හිමියන් විසින් සකසා දුන් සුබ නැකතකට අනුවය,🙏❤️
මා රෝගාතුර වූදා පටන් දෙපයින් නැගීසිටීම දක්වාම සියලු දුක් කම් කටොලු ඉදිරියේ මට සවියක් වූත්,
ආයුර්වේදයේ විවෘත කිරීම දක්වාම නොයෙක් අයුරින් මටත් මාගේ සැමියාටත්,
සහයෝගය ලබාදුන් සියලුම ආදරනීයන්ටත් මේ අවස්තාවේ පින් දෙමි,
බොහෝවිට පියෙකු මෙන් දුක සැප සොයා බලන බොහෝ කරුනු කාරනා අවබෝදකරවන අනුර සර්(අනුර ගුනවර්දන මහතා)මේ අවස්තාවේ ආදරයෙන් සිහිපත් කරමි,එතුමාගේ සියලු අසනීප,අපල උපද්‍රව බැහැරවී නිරෝගි සුව ලැබේවා ප්‍රාර්තනා කරමි,🙏❤️
🙏🙏🙏කිරලව පන්සලේ විහාරාදිපති හිමියන්ද මේ අවස්තාවේ ගෞරවයෙන් සිහිපත් කරමි,එතුමා ආයුර්වේදයට අත්‍යවශ්‍ය තෙල් සහ ඖශද වර්ග පරිත්‍යාග කිරීම සදහා කාරුනික පිරිසකුත් සමග අවශ්‍ය කටයුතු මේ වන විට සූදානම් කරමින් සිටී,ඔබ සියලු දෙනාටද බොහෝම පින් අත්වේවා!
අවසන් වශයෙන් මෙසේ ප්‍රාර්ථනාවක් කරමි,බටහිර වෛද්‍ය ප්‍රතිකාර මගින් වත් සුවයක් ලබන්නට නොහැකිව අවදානමකට ලක්වූ මා වැනි රෝගීන් කොතෙකුත් ඇත,නමුත් ආයුර්වේද වෛද පැරකුම් කිස්වත්ත මහතාගේ ප්‍රතිකාර මත මා සුවපත් වී ඇත,🙏🙏🙏තව තවත් එතුමාගේ ප්‍රතිකාර මගින් සියලු රෝගීන් නිරෝගි වනු දැකීම මගේ පැතුමයි,ඒ සදහා සියලු රෝගීන් වෙනුවෙන් මුහුනු පොතේ මගේ ආදරනීය යහලුවන්ගේ ආශිර්වාද පැතුමක් බලාපොරොත්තු වෙමි❤️🙏
ඔබ සැමට නිදුක් නිරෝගි සුවපත් දිවියක් උදා වේවා,තෙරුවන් සරනයි🙏🙏❤️