MOH Office Kesbewa

  • Home
  • MOH Office Kesbewa

MOH Office Kesbewa Welcome to the official page of MOH Office Kesbewa!!☘️🍂
New life💚 for the community through safety, environmental security, and reliable healthcare.

23/03/2026

පුද්ගලයෙකු මව්කුසින් බිහි වන්නට පෙර සිට අවසන් සුසුම හෙළන තුරුම, ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත්ව පවත්වා ගැනීම වෙනුවෙන් දිවා රෑ නොබලා ඇපකැප වන පිරිසක් වෙත්නම් ඒ අපයි. ළදරු සායන, පාසල් වෛද්‍ය පරීක්ෂණ, සුවනාරී සායන, එන්නත්කරණ වැඩසටහන්, බෝ නොවන රෝග සායන මෙන්ම ආහාර පරිහරණ ආයතන පරීක්ෂාව, ආහාර සෞඛ්‍යය තහවුරු කිරීම, මහජන පීඩා වැළැක්වීම සහ අවශ්‍ය විටදී අධිකරණය ඉදිරියේ නඩු පැවරීම දක්වා වූ අතිමහත් වගකීම් සමුදායක් අප දිනපතා ඔබ වෙනුවෙන් ඉටු කරන්නෙමු.
වර්තමානයේ රටේ පවතින අභියෝගාත්මක තත්ත්වය සහ රාජකාරිමය කාර්යබහුලත්වය නිසා ඇතිවන පීඩනය මැද, අඩුම තරමේ අපටම කියා ස්ථිර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල ගොඩනැගිල්ලක් පවා නොමැති පසුබිමක අප මේ ඉටුකරන්නේ සුවිශාල මෙහෙවරකි.

මේ සියලු බාධක හා වෙහෙසකර බව මොහොතකට අමතක කරමින්, අපගේ කාර්යමණ්ඩලය රත්මලාන යුනයිටඩ් ක්‍රීඩා සමාජ පිටියේදී කොළඹ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ සුබසාධක සංගමය මගින් සංවිධානය කළ සය සාමාජික ක්‍රිකට් තරගාවලියේ අතිශය තියුණු තරග කිහිපයකට මුහුණ දෙමින්, සමස්ත තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ "කාන්තා කණ්ඩායම" සමත් වූවාය! 🏏🥇
ඒ පමණක් නොව,
🌟 හොඳම පන්දු යවන්නිය
🌟 හොඳම පිතිකාරිනිය
🌟 අවසන් තරගයේ වීරවරිය
🌟 තරගාවලියේ වීරවරිය
යන සියලුම සුවිශේෂී සම්මාන අප සතු කරගැනීමට හැකිවීම අප ලද ජයග්‍රහණයකි.
එමෙන්ම, අපගේ පිරිමි කණ්ඩායම ද දැඩි තරගයක් ලබාදෙමින් අවසන් පූර්ව වටය දක්වා පැමිණීමට සමත් වූවා.

මෙවැනි බාධක හමුවේ වුවද කාර්යමණ්ඩලය ලද මේ ජයග්‍රහණය, නව ජීවයකින් සහ ජයග්‍රාහී මානසිකත්වයකින් යුතුව ඉදිරියටත් ඔබට වඩාත් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සැපයීමට අපට සුවිශාල ශක්තියක් සහ උපකාරයක් වනු නිසැකය.

🥙🌯🍕"සැමට සුව ගුණ ආහාර" 🍔🍗🥗වැඩසටහන යටතේරාත්‍රී විශේෂ ආහාර වැටලීම 2026 මාර්තු  එලබෙන උත්සව සමයට සමගාමීව කැස්බෑව සෞඛ්‍ය වෛද...
14/03/2026

🥙🌯🍕"සැමට සුව ගුණ ආහාර" 🍔🍗🥗වැඩසටහන යටතේ
රාත්‍රී විශේෂ ආහාර වැටලීම 2026 මාර්තු

එලබෙන උත්සව සමයට සමගාමීව කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලදාරී කාර්‍යාලය විසින් මහරගම හා පිලියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලදාරී කාර්‍යාලය වල මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සහය ඇතිව සිදුකරන ලද විශේෂ රාත්‍රී ආහාරවැටලීම 2026 .03.09 දින පැවැත්විනි
මෙය කැස්බැව ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලදාරීතුමියගේ හා පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක තුමා ගේ අධීක්ෂණය යටතේ සිදුකරනලදී
මෙහිදී සනීපාරක්ෂාවට අහිතකර තත්ව යටතේ ආහාර නිශ්පාදනය කල ( ස්වස්ථතා නියෝග උල්ලංඝනය කල )වෙලදුන් 04 දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කරන ලදී

10/03/2026

"ළමා සුරක්ෂිත භාවය හා මත්ද්‍රවය නිවාරණය"
සෞඛ්‍ය අධ්‍යාපන වැඩසටහන

කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලදාරී කාර්‍යාලය , බප/පිලි බටුවන්දර කනිෂ්ඨ විද්‍යාලයේ ශිෂ්‍ය උපදේශන ඒකකය එකව සිදු කල මත්ද්‍රව්‍ය නිවාරන වැඩසටහන

දුම්කොළ හා මද්‍යසාර පිලිබද ජාතික අධිකාරියේ මනෝ උපදේශක නිලධාරි
මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලදාරී කාර්‍යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක එච්. එම් .ජී මාධව මහතා විසින් දේශනය සිදුකරන ලදී

20/02/2026

ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටි දිනයත් යෙදෙන්නේ එකම දවසක. අපි හැමෝම දරුවන්ගේ මානසික සෞඛ්‍යය ගැන, එයාලගේ සතුට ගැන මහ ඉහළින් කතා කරනවා. ඒත්... අපේ ඇස් ඉස්සරහාම හිමින් හිමින් වියපත් වෙන අපේම අම්මා, තාත්තා, සීයා, ආච්චිගේ හිත ඇතුළේ තියෙන පාලුව ගැන අපි කතා කරන්නේ කොච්චර අඩුවෙන්ද?

දකුණු ආසියාවේ වේගයෙන්ම වියපත් වෙන ජනගහනයක් ඉන්නේ අපේ රටේ. වයසට යද්දී ඇඟේ වාරු අඩුවෙනවා වගේම, හිතේ වාරුවත් අඩුවෙන බව අපි තේරුම් ගන්න ඕනේ.

අවුරුදු ගාණක් වැඩ කරලා විශ්‍රාම ගත්තම, තමන්ට සමාජයේ තිබුණ තැන නැති වුණා කියලා ඔවුන්ට දැනෙනවා. ආර්ථිකය අතින් දරුවන් මත යැපෙන්න වුණාම එයාලගේ ආත්මාභිමානය බිඳ වැටෙනවා.

දරුවෝ ලොකුවෙලා රස්සාවලට, කසාද බැඳලා ගෙදරින් ගියාම එයාලට ලොකු තනිකමක් දැනෙනවා. ජීවිත කාලෙම එකට හිටපු සැමියා හෝ බිරිඳ ජීවිතෙන් සමුගත්තම ඒ පාළුව දරාගන්න හරිම අමාරුයි.

ඉස්සර වගේ හිතෙන හිතෙන වෙලාවට ඇවිදින්න යන්න බෑ. සන්ධි අමාරු, කොන්දේ කැක්කුම් නිසා එක තැනකට වෙලා ඉන්න වුණාම හිතට එන්නේ ලොකු පීඩනයක්.

අද කාලේ සමහර දරුවෝ තමන්ගේ දෙමව්පියන්ව මහමඟ දාලා යනවා, නැත්නම් වචනයෙන් හිරිහැර කරනවා. මේවා අහද්දි, දකිද්දිත් වැඩිහිටියන්ගේ හිත් කොයි තරම් නම් කඩා වැටෙනවා ඇත්ද?

පසුගියදා කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්‍යාලයේ අපි අපේම වැඩිහිටියන් වෙනුවෙන් විශේෂ දවසක් වෙන් කළේ අන්න ඒ නිසයි. එදා අපි එයාලට බෝනොවන රෝග ගැන කියලා දුන්නා, පුටුවක ඉඳගෙනම කරන්න පුළුවන් ලේසි ව්‍යායාම කියලා දුන්නා. ඒත් ඒ හැමදේටම වඩා එයාලා සතුටු වුණේ, පරණ ග්‍රැමෆෝන් සින්දු අහලා අත්පුඩි ගහපු වෙලාවේ. තරුණ කාලේ කරපු දඟ වැඩ, ආදර කතා, පළවෙනි පඩිය ගත්ත දවසේ මතක අවදි කරද්දි ඒ මූණුවල තිබුණ හිනාව... ඒක වචන වලින් කියන්න බැරි තරම් ලස්සනයි!

වයසට ගියා කියලා ජීවිතේ ඉවර නෑ. ඔවුන්ගේ මානසික සුවය රැකගන්න අපිටත් ලොකු වගකීමක් තියෙනවා.

එයාලගේ පරණ කතා අහන්න වෙලාවක් වෙන් කරන්න. මුනුපුරු මිනිබිරියන් එක්ක කාලය ගතකරන්න ඉඩ දෙන්න.

ගෙදර සුළු සුළු තීරණ ගනිද්දි එයාලගෙනුත් අහන්න. පොදු වැඩ වලට, සමිති වලට එයාලවත් සම්බන්ධ කරගන්න.

මල් වවන්න, සුරතල් සතුන් හදන්න, පරණ සින්දු අහන්න එයාලට උදව් කරන්න. නව තාක්ෂණය (Phone එකෙන් Video Call එකක් ගන්න විදිහ වගේ) ආදරෙන් කියලා දෙන්න.

ජීවිතේ කියන්නේ හරියට ගහක් වගේ. කොළ හැලිලා, අතු මැරිලා ගියත්... ඒ මුල් වල තියෙන හයිය තමයි අදටත් අපිව කෙලින් හිටවලා තියන්නේ. ඒ මහ ගස් වලට ආදරේ කරමු. සලකමු. ඔවුන්ගේ සිනහව අනාගතයට ආශිර්වාදයක් කරගමු! 🙏🌸

📌 පිටරටින් එන SWEET POISON!වර්තමානයේ සමාජ මාධ්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය වී ඇති, තරුණ පරපුරේ ඉහළ ඉල්ලුමක් සහිත විදේශීය රසකැ...
06/11/2025

📌 පිටරටින් එන SWEET POISON!
වර්තමානයේ සමාජ මාධ්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය වී ඇති, තරුණ පරපුරේ ඉහළ ඉල්ලුමක් සහිත විදේශීය රසකැවිලි සහ චොකලට් අලෙවි කරන වෙළෙඳසැල් විශාල ප්‍රමාණයක් රට පුරා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. ඇතැමුන් මෙය සංවිධානාත්මක මාෆියාවක් ලෙස සිදු කරගෙන යන බවටද වාර්තා වේ.

මෙම ආනයනික රසකැවිලි:

උපන්දින තෑගි ලෙස,

වෙනත් සැමරුම් සඳහා තෑගි ලෙස,

තොග සහ සිල්ලර වශයෙන්,

GIFT PACK ලෙස ඔන්ලයින් (Online) මාර්ගයෙන්ද අලෙවි කෙරේ.

මේ වන විට, කොරියානු රාමෙන් (Korean Ramen) වැනි ජාත්‍යන්තර නූඩ්ල්ස් වර්ග පවා මෙලෙස අලෙවි වන අතර, ඒවා තරුණ ප්‍රජාව අතර මෙන්ම අවුරුදු 12 ට අඩු ළමුන් අතරද ඉතා ජනප්‍රිය වී තිබේ.

📜 නීතිමය හා සෞඛ්‍යමය ගැටලු

සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාව තුළ 2005 ආහාර ලේබල් රෙගුලාසි සහ 2019 වර්ණ සංකේත පිළිබඳ නියෝග අනුව, මෙරටට ආනයනය කරනු ලබන සියලුම ආහාර සඳහා ශ්‍රී ලංකාවේ සම්මත නීතිවලට අනුකූලව ලේබල් සහ වර්ණ සංකේත ඇසුරුම මත යෙදීම අනිවාර්ය වේ.

තවද, එහි ආනයනකරු සහ බෙදාහරින්නාගේ පූර්ණ විස්තරයක් අන්තර්ගත විය යුතුය.

🔴 සැඟවුණු අවදානම: පිළිකාකාරක වර්ණක

මෙම ආනයනික රසකැවිලි හා ටොෆි වර්ගවල ශ්‍රී ලංකාවේ අනුමත නොවන වර්ණක, රසකාරක හා රස ප්‍රවර්ධක (Flavour Enhancers) අඩංගු විය හැකිය.

නීති විරෝධී ලෙස (බදු නොගෙවා) ආනයනය කරනු ලබන විදේශීය රසකැවිලිවල මෙම වර්ණකය ශ්‍රී ලංකාවේ අනුමත මාත්‍රාවන්ට වඩා වැඩි ප්‍රමාණවලින් අඩංගු වීමට හෝ ලේබල් නිවැරදි නොවීම නිසා පාරිභෝගිකයාට අවදානමක් ඇති වීමට ඉඩ ඇත.

බොහෝ ජුජුබ්ස් (Jujubes), ලොලිපොප් (Lollipops) සහ ජෙලි වර්ගවල පිළිකාකාරක විය හැකි ආහාර වර්ණක අඩංගු වේ. (ලංකාවේ අනුමත ආහාර වර්ණක පහතින් දක්වා ඇත.)

සමහර ආහාර වර්ගවල අන්තර්ගතය සහ කල් ඉකුත් වීමේ දිනයන් ලංකාව තුළ භාවිත නොවන විදේශීය භාෂා වලින් පමණක් සඳහන් කර තිබීම ගැටලුවකි. එම තොරතුරු බොහෝ විට විකිණුම්කරුවන්ට පවා නිවැරදිව සොයා ගත නොහැක.

📢 අවසන් අනතුරු ඇඟවීම

මේවා ආනයනය කරන සහ අලෙවි කරන පුද්ගලයන්ට මෙම නීතිමය හා සෞඛ්‍යමය කරුණු පිළිබඳව කිසිදු දැනුවත්භාවයක් නොමැති වීම විශේෂිත කාරණයකි.

එබැවින්, මෙවැනි ස්ථානවලින් ඔබේ හිතවතුන්ට හෝ දරුවන්ට රසකැවිලි ලබා දීමට පෙර දෙවරක් සිතන්න.

ඔවුන්ගේ උපන්දින සැමරුම, නොදැනුවත්වම ඔවුන්ටම මාරකයක් බවට පත් නොකරන්න.

"අභියෝග ජයගමු ලෝකය දිනමු"ආපදා කලමනාකරනය වැඩමුළුව කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලදාරී කාර්යාලය -ජබුරලිය මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා...
15/10/2025

"අභියෝග ජයගමු ලෝකය දිනමු"
ආපදා කලමනාකරනය වැඩමුළුව
කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලදාරී කාර්යාලය -ජබුරලිය මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා බටුවන්දර කනිෂ්ඨ විද්‍යාලය උපදේශන අංශය එක්ව සංවිධානය කරන ලද ආපදා කළමනාකරණ වැඩමුළුව 2025.10.15 දින විද්‍යාලයීය පරිශ්‍රයේ පැවැත්විණි මෙය මඩපාත මහජන සෞඛ්‍ය පරීක්ෂක D.K.T.L. දික්කුඹුර මහතා විසින් ආරධිත දේශනය සිදු කරන ලදී

පාසල් වෛද්‍ය පරීක්ෂනයේදී හදුනාගත් පොෂණ ගැටලු සහිත පළමු ශ්‍රේණියේ දරුවන් වෙනුවෙන් සිදුකල වැඩසටහන.පාසල් දරුවන්ගේ දෙමාපියන්...
11/10/2025

පාසල් වෛද්‍ය පරීක්ෂනයේදී හදුනාගත් පොෂණ ගැටලු සහිත පළමු ශ්‍රේණියේ දරුවන් වෙනුවෙන් සිදුකල වැඩසටහන.

පාසල් දරුවන්ගේ දෙමාපියන්ගේ උගත්කම හෝ දැනුම්වත්කම විවිධාකාර විය හැකි ය. කෙසේ වෙතත් තම දරුවන්ගේ ආහාරයේ අඩංගු විය යුතු පෝෂ්‍ය පදාර්ථ, දරුවන්ගේ වයස අනුව ලැබිය යුතු ආහාර, දරුවන්ගේ රුචිකත්වයට ගැළපෙන පරිදි එම ආහාර කෙසේ පිළියෙල කර ගත යුතු ද, තම පරිසරයෙන් සොයා ගත හැකි ද්‍රව්‍යවල වටිනාකම, කෘත්‍රිම ආහාර පරිභෝජනයේ ආදීන ව, නිවරදිව ලේබල කියවා ආහාර තෝරා ගැනීම යනා දී කරුණු පිළිබඳ දෙමාපියන් දැනුවත් කිරීම මෙහිදී සිදුකරා.

සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය - කැස්බෑව

ශ්‍රී ලංකාව අන්තර්ජාතික ළමා (හා වැඩිහිටි) දිනය සමරන අද ඔක්තෝබර් මස 01 දාය. මෙම දිනය ළමයින් සැමරීමේ දිනය ලෙස අද දක්වා වර්...
01/10/2025

ශ්‍රී ලංකාව අන්තර්ජාතික ළමා (හා වැඩිහිටි) දිනය සමරන අද ඔක්තෝබර් මස 01 දාය.

මෙම දිනය ළමයින් සැමරීමේ දිනය ලෙස අද දක්වා වර්ධනය වීම හා සම්බන්ධ ඉතිහාසයක් පවතියි

එය මීට පෙර වසර 165 කට පෙර සිදුවීමකි

මෙම දිනය සැමරීමේ පුරෝගාමියා වන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ නෝර්ත්වුඩ් නිව්හැම්ප්ෂයර්හි දී උපත ලැබූ චාල්ස් එච්. ලෙනාර්ඩ් පියතුමා විසිනි

ඔහු 1857 දී මානව සමාජයේ පැවැත්ම සඳහා අනාගත සමාජයට පුරවැසියන් වශයෙන් ඒකරාශී වන දරුවන් රැකගැනීම හා ඔවුන්ගේ ශුභ සිද්ධිය පිළිබඳව ලෝක ජනතාවගේ අවධානය ප්‍රථම වරට යොමු කළේ ආචාර්ය චාල්ස් එච්. ලෙනාර්ඩ් පියතුමා විසින්ය.

එම දිනය රෝස දිනය ලෙස ඔහු නම් කර තිබුණි

තුර්කි රජය විසින් 1920 දී ප්‍රථම වරට එය ජාතික දිනයක් ලෙස වාර්ෂිකව සැමරීම ආරම්භ විය.

බටහිර රටවල් රාශියක් එය පිළිගෙන වාර්ෂිකව 1950 ජූනි 01 දා සිට ළමයින් ආරක්ෂා කිරීමේ දිනය ලෙස නම් කර වාර්ෂිකව වර්ෂයක් පාසා පැවැත්විය.

එම දිනය විශ්ව ළමා දිනය ලෙස නම් කරමින් 1954 නොවැම්බර් මස 20 දා සිට වාර්ෂිකව සැමරීම සිදුවූ අතර, ඕනෑම රටකට පහසු දිනයක එම දිනය සැමරීමට හැකි බවද ප්‍රකාශයට විය

ඒ අනුව ශ්‍රී ලංකාව ද අන්තර්ජාතික ලෝක ළමා දිනය වාර්ෂිකව ඔක්තෝබර් මස පළමු වැනිදා ළමයින්ගේ රැකවරණය හා ශුභ සිද්ධිය සැමරීමේ දිනය ලෙස සැමරීම සඳහා යොදා ගනු ලබයි.

මෙම දිනය තවදුරටත් ශක්තිමත් වීම 1990 දී එක්සත් ජාතීන්ගේ මහ සම්මේලනයේ දී ළමා ප්‍රඥප්තිය සම්මත වීමත් සමග සිදුවිය.

මේ අතීත සිදුවීම් සමඟ සෑම වර්ෂයකම ඔක්තෝම්බර් 01 වැනිදා අප ලෝක ළමා දිනය සමරයි.

නමුත් ළමයින්ගේ ආරක්ෂාව ගැන දැන් දැන් ඇහෙන පුවත් නම් එතරම් සුබදායී නැත.

මත් උවදුර මෙන්ම තාක්ෂණික විපර්යාසත් ළමයි ගොදුරු කරගෙන තිබෙයි

මේ හැමදේකින්ම ළමයින් ආරක්ෂා කිරීම අප සතු කාර්යයක් වෙයි

ළමයින්ට සුරක්ෂිත දේශයක් නිර්මාණය කරමින් රටේ අනාගත වෙනුවෙන් ළමුන් සූදානම් කිරීම අපි කාගේත් වගකීම හා යුතුකම වෙයි.

බීම පැකට් ගැන නොදන්න කතාව.🫢පොඩි ළමුන් ඉතා ආශාවෙන් පානය කරන බීම පැකට් හදන හැටි ඔබ දන්නවාදමෙහිදී භාවිතාවන ප්‍රධාන අමු ද්‍ර...
01/10/2025

බීම පැකට් ගැන නොදන්න කතාව.🫢
පොඩි ළමුන් ඉතා ආශාවෙන් පානය කරන බීම පැකට් හදන හැටි ඔබ දන්නවාද
මෙහිදී භාවිතාවන ප්‍රධාන අමු ද්‍රව්‍ය වන්නේ සීනී,වතුර,කෘතිම වර්නක,සිට්ට්‍රික් අම්ලය හා CMC ය.

CMC (Carboxymethyl cellulose /කාබොක්සිමීතයිල් සෙලියුලෝස්)

කාබොක්සිමීතයිල් සෙලියුලෝස් (CMC) යනු ආහාර නිෂ්පාදනයේ සිට වෛද්‍ය ප්‍රතිකාර දක්වා යෙදීම් වලදී භාවිතා වන රසායනික ද්‍රව්‍යකි. එය බහුලව දුස්ස්‍රාවිතා විකරණකාරකයක් හෝ ඝණීකාරකයක් ලෙස සහ ආහාර සහ ආහාර නොවන නිෂ්පාදන දෙකෙහිම භාවිතා වන රසායනිකයකි. මෙය බඩවැල් බැක්ටීරියා වලට බලපාන බවත්, බඩේ දැවිල්ල වැනි රෝග ලක්ෂණ සහ බඩවැලේ අනෙකුත් වෙනස්කම් මෙන්ම තරබාරුකම සහ පරිවෘත්තීය සින්ඩ්‍රෝමය ලෙස හඳුන්වන තරබාරුකම ආශ්‍රිත රෝග අවදානම් සාධක සමූහයක් ඇති කිරීමට බලපාන බව සොයගෙන ඇත මෙය අයිස් පැකට් වලට යොදනු ලබන්නේ එහි උකු බව වැඩිකිරීමට වන අතර එමගින් ස්භාවික පලතුරු යුෂ වල ඇති උකු ගතියට සමාන බවක් ලබා දෙමින් පාරිභෝගිකයා නොමඟ යැවීමටයි

Emulsion
මේවා විවිධ පලතුරු රසැති/ පැහැති ලෙස කෘතිමව සැකසූ ඒවා වන අතර INS 100 - INS 199 දක්වා ඇති කෘතිම ආහාර වර්නක වල සංකලනයක් ලෙස යොදා ගනු ලබන අතර වෙලදපොලෙහි fruit emulsion ලෙස පවතී පලතුරුවල ඇති රසය හා සුවඳ කෘතිමව ලබා දේ.

සිට්ට්‍රික් අම්ලය
මෙය බීම පැකට් සඳහා යොදාගනු ලබන්නේ සමහරක් පලතුරු වල පවතින ස්වාභාවික ඇඹුල් රසය ලබා ගැනීම සදහා ය

ඉහත රසායනික සංයෝග සමග සීනී සහ වතුර දියකර ලබාදෙන මෙම කිසිදු පෝෂණයක් නොමැති පාන ඔබ තවදුරටත් ඔබේ දරුවාට ලබාදෙනවාද
තීරණය ඔබ සතුයි

සුදාරක ද සිල්වා
මහජන සෞඛ්‍ය පරීක්ෂක

Address

MOH Office

10307

Opening Hours

Monday 07:30 - 16:30
Tuesday 07:30 - 16:30
Wednesday 07:30 - 16:30
Thursday 07:30 - 16:30
Friday 07:30 - 16:30
Saturday 07:30 - 13:00

Website

Alerts

Be the first to know and let us send you an email when MOH Office Kesbewa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your practice to be the top-listed Clinic?

Share