05/04/2020
කර්ෆිව් කාලෙ සප්ලිමන්ට් ගන්න ඕනෙද ?
කොහොමද කට්ටියට ? හැමෝම සුවෙන් සැපෙන් ඇති කියල හිතනව. දැන් රටේ ඇති වෙලා තියන තත්වෙ එක්ක හුගක් අය ගෙදරදිම වර්කවුට් කරන්න පෙලබිලා ඉන්නව
කියන එක අපි දැක්ක. ඒක හුගක් හොද දෙයක්. මේත් එක්ක අපිට හුගක් අය අහපු ප්‍රශ්නයක් තමයි ගෙදර ඉන්නකොට සප්ලිමන්ට් බාවිතා කලාට කමක් නැද්ද කියන එක.
ඇත්ත්ටම හුගක් හොද ප්‍රශ්නයක්. ඉතින් අද අපි කතා කරන්න හදන්නෙ ගෙදර ඉන්න කොට ගන්න පුලුවන් සප්ලිමන්ට් මොනාද කියන එක *මුලින්ම කියන්න ඔනෙ මෙ කිසි දෙයක් අත්යවශ්ය නැති බව*
හරි අපි මේක කොටස් කීපයකට කතා කරමු. එහෙනම් වැඩි කතා නැතුව බහිමුද පොස්ට් එකට.
1.වේ ප්‍රෝටීන්
හරි අපේ මුල්ම මාතෘකාව තමයි වේ ප්‍රෝටීන්. දැනට ගන්න තියන හොදම සප්ලිමන්ට් එක විදියට අපිට වේ ප්‍රෝටීන් රෙකමන්ඩ් කරන්න පුලුවන් මොකද මේක හේතු කීපයක් තියනව.
පලවෙනි හේතුව තමයි මේ දවස් වල අපේ දෛනික ප්‍රෝටීන් අවශ්‍යතාව සම්පූර්න වෙන්නෙ නැති එක. ඒකියන්නෙ අපේ මාංශපේශි වර්ධනයට සහ පවත්වාගැනීමට ප්‍රෝටීන් අවශ්‍යයි නෙමේ
අත්‍යාව්ශ්‍යයි.ඒකනිසා වේ ප්‍රෝටීන් එකක් මේ දවස් වල බාවිතා කලාට කිසි අවුලක් නැහැ.තව දෙයක් තමයි වේ ප්‍රෝටීන් ඉක්මනින් සිරුරට අවශොශනය වෙන නිසා ඉක්මනින් සිරුරට අවශෝශනය
වෙලා මාංශ පේශි වර්ධනයට සහ පවත්වා ගෙන යෑමට උපකාරි වෙනව. ඒවගේම ඔයා ගෙදර ඉදන් සෙල්ලම් කරන කෙනෙක් නම් වේ ප්‍රෝටීන් වල අන්තරගත bcaa සහ ග්ලුටමින්
අමතර රිකවරි එකක් අපිට දෙනව.
2.මාස් ගෙනර්
මේක තමයි දෙවෙනි සප්ලිමන්ට් එක . අපි හිතන්නෙ හුගක් අය මේ සප්ලිමන්ට් එක බාවිතා කරල තියනව හෝ බාවිතා කරනව.දැන් කෙනෙක් අහන්න පුලුවන් මේ කාලෙ මාස් ගේනර් එකක් බාවිතා
කලාට කමක් නැත්ද කියන එක.ඇත්තටම ගැටලුවක් නැහැ. අපි මේක සරලව පැහැදිලි කරගමු ඇත්තටම අපි ඇයි මාස් ගේනර් එකක් බාවිතා කරන්නෙ ? කෙටියෙන් කියනව නම් සයිස් වෙන්න
හුගක් වෙලාවට කෙට්ටු කෙනෙක් තමයි මාස් ගෙනර් එකක් බාවිතා කරන්නෙ. ඉතින් දෛනිකව වැඩි කැලැරි ප්‍රමානයක් අපිට දෙන්න පුලුවන් නම් හුගක් හොදයි. හැබැයි මෙහෙම දෙයක් තියනව ඔයා කලින්
සප්ලිමන්ට් එක බාවිතා කරපු විදියටම මේදවස් වල බාවිතා කරන්න එපා ඔයා ගෙදර සෙල්ලම් කරන්නෙ නැති නම්. ගෙදර සෙල්ලම් කරනව නම් ගැටලුවක් නැහැ.ඒක නිසා ඔයා තව බල්ක් වෙන්න මාස් ගෙනර්
බාවිතා කරන කෙනෙක් නම් හරි විදියට බාවිතා කරල හුගක් හොද ප්‍රතිපල මේ දවස් ටිකට ගන්න පුලුවන්.
3.ප්‍රී වර්කවුට් සප්ලිමන්ට්
ප්‍රී වර්කවුට් සප්ලිමන්ට් හෙවත් එනර්ජි සප්ලිමන්ට් මේක නම් ගන්න පුලුවන් ගෙදර වර්කවුට් කරන කෙනෙක්ට විතරයි. දවසම ගෙදර ඉදල සෙල්ලම් කරන්න
පටන් ගන්නකොට පට්ට කම්මැලී නෙ? අන්න ඒ කම්මැලි කම නැති කිරල සුපිරියට කරන වර්කවුට් එක කරගන්න පුලුවන් පොඩි එනර්ජි සප්ලිමන්ට් එකක් ගැහුවොත් කෙනෙක්ට එන්න පුලුවන්
වෙනද වගේම ප්‍රමානයක් ගන්න ඕනෙද කියල. ඇත්තටම මේක ඔයාගෙ වර්කවුට් එක අනුව වෙනස් වෙනව. ඔයා පොඩි සිම්පල් වර්කවුට් එකක් නම් සෙල්ලම් කරන්නෙ ස්කූප් එකකින් 1/2 ගන්න
නැත්නම් වෙනද වගේම ලොකු හෝම් වර්ක්වුට් එකක් ගහනව නම් ස්කූප් එකක් ගත්තත් ප්‍රශ්නයික් නැහෑ
4.ක්‍රියෙටින්
හැමෝම දන්නව ක්‍රියෙටින් කියන සප්ලිමන්ට් එක ගැන.
මේකත් මේ දවස් වල බාවිතා කරන්න හොද සප්ලිමන්ට් එකක් කියල අපිට වර්ග කරන්න පුලුවන්. ඒත් කෙනෙක්ට හිතෙන්න පුලුවන් ක්‍රියෙටින් කියන්නෙ හුගක්ම ශක්තිය වැඩි වෙන්න බාවිතා කරන සප්ලිමන්ට් එකක් නිසා මේ දවස් වල බාවිතා කරාට කමක් නැද්ද කියන එක.ඇත්තටම අපි කලින් කතා කරල තියනව ක්‍රියෙටින් කියන්නෙ කොහොමත් ඇගේ තියන එකක්.අපි පිටින් දීල කරන්නෙ ඒක වැඩි කරන එක.සාමාන්‍යෙන් ක්‍රියෙටින් සෛලවල සම්පුර්න පූර්ණ වෙන්න ටික කාලයක් යනව.ඒක නිසා ක්‍රියෙටින් දවසට ග්‍රෑම් 3-4අතර බාවිතා කරාට ගැටලුවක් නෑ.
ඔයා ගෙදර සෙල්ලම් කරන කෙනෙක් නම් කිසිම ගැටලුවක් නැතුව 5ග්‍රෑම් දිනපතා බාවිතා කරන්න පුලුවන්.
ඒවගේම කියන්න ඔනේ හොදට වතුර බොන්න ක්‍රියෙටින් බාවිතා කරනව නම්.
ඒවගේම අපි ක්‍රියෙටින් ගැන කරපු කම්ප්ලීට් විඩියෝ එක ඔයාලට මෙතනින් බලන්න පුලුවන් - https://youtu.be/wydxd8lBuN0
5.ෆැට් බර්නර්
කාලෙක ඉදන් කෙට්ටු වෙන්න උවමනාවක් තිබුනද මේක තමයි හොදම කාලෙ වැඩේ කරගන්න. ගන්න හොද ෆැට් බර්නර් එකක් අරන් පටන් ගන්න හොද හෝම් වර්කවුට් එකක්. මේකට බඩු මුකුත් ඕනෙ නැහැ
ගෙදර ඉදන්ම කරන්න පුලුවන්. නිවඩුනෙ කියල කාල නිදාගන්නෙ නැතුව මේ දවස් ටිකේ වෙනසක් කරමු ෆැට් බර්නර් එක ගන්න ගමන් කෑම ගන්න එකත් ටිකක් අඩු කරල හොදට කාර්ඩියෝ ටිකක් කරානම් අයෙ
මාර ෆිට් එකක් තියනව ඇගට. ඒක නිසා කෙට්ටු වෙන්න ඉන්න කෙනෙක්ට මේ දවස් වල හොද වර්ක්වුට් ප්ලෑන් එකකුයි ඩයට් එක පොඩ්ඩක් කන්ට්‍රෝල් කරනව නම් ෆැට් බර්නර් එකක් බාවිතා කලාට කිසිම අවුලක්
නැහැ.
*ඉතින් මේ ටික තමයි අපිට මූලිකව කතා කරන්න තියෙන්නෙ. *කියන්න ඔනේ මුලු කොලබ දිස්ත්‍රිකය තුල අපි ඕනෑම සප්ලිමන්ට් එකක් මෙ දවස් වලත් ඩිලිවර් කරනව කියන එක*.
(Colombo 1-15) Wattala, Jaela, Negombo, Kelaniya, Kiribathgoda, Kadawatha, Malabe, Kaduwala) කෙනෙක් සප්ලිමන්ට් එකක් ගන්න අයිඩියා එකක් තියනව
නම්කෝල් එකක් දෙන්න අපිට ( 0777294033).. එහනම් හැමෝම පරිස්සම් වෙන්න කියන ගමන් අපි සමුගන්නව හැමෝටම සුබ දවසක්.