Yoga with Nadeesh

Yoga with Nadeesh As a yoga instructor, I strive to help all level yogis feel comfortable in their practice. Hare om🙏

🌸 Massage & Yoga – A Gentle Invitation to Wellness We warmly welcome you to a space of care and tranquility.  - 🌿 Massag...
28/01/2026

🌸 Massage & Yoga – A Gentle Invitation to Wellness

We warmly welcome you to a space of care and tranquility.
- 🌿 Massage Therapies – Relieve tension, restore balance, and nurture your body with mindful touch.
- 🧘 Yoga Practices – Flow with ease, strengthen gently, and find harmony in breath and movement.

Our intention is to create a calm, respectful environment where every guest feels valued and supported.
Step in, breathe deeply, and allow yourself to be guided toward peace and renewal.

📍 We look forward to sharing this journey of wellbeing with you.

Hare Aum🙏
Sri dew yoga & Therophy team.

-

21/01/2026














14/01/2026

🙏

14/01/2026

මානසික පීඩනය, කාන්සාව සහ විශාදය (Anxiety & Depression) ධර්මයෙන් ජයගන්නේ කොහොමද? 🧘‍♂️✨

අද කාලයේ අපේ සමාජයේ බොහෝ දෙනෙක් නිහඬව පීඩා විඳින තත්ත්වයන් දෙකක් තමයි Anxiety සහ Depression කියන්නේ. මේවා හුදෙක් ලෙඩ රෝග විතරක් නෙවෙයි, අපේ සිතුවිලි ක්‍රියාවලියේ ඇතිවන ගැටුම්කාරී තත්ත්වයන්. බුදු දහමට අනුව මේ පීඩාවන්ගෙන් මිදීමට සතිය වැඩීමට අමතරව අපට කළ හැකි ප්‍රායෝගික අභ්‍යාස කිහිපයක් තියෙනවා.

1. සිතුවිලි යනු "ඔබ" නොවන බව වටහා ගැනීම

Anxiety වලදී අපිට දැනෙන්නේ අනාගතයේ මොකක් හරි නරක දෙයක් වෙයි කියන බයයි. Depression වලදී වෙන්නේ අතීතයේ වුණු දෙයක් ගැන පසුතැවීමයි. මේ අවස්ථා දෙකේදීම අපි කරන්නේ ඒ සිතුවිල්ල "මම" කියලා අල්ලගන්න එකයි. බුදුන් වහන්සේ දේශනා කළේ සිතුවිලි කියන්නේ අහසේ පා වෙන වලාකුළු වගේ දෙයක් බවයි. වලාකුළක් ආ විට අහස කළු වුණත්, වලාකුළ ගිය පසු අහස නැවත පැහැදිලි වෙනවා. ඒ වගේම, ඔබේ සිතට එන බය හෝ දුක දෙස නිරීක්ෂකයෙක් විදිහට බලන්න පුරුදු වෙන්න. "මට බය හිතෙනවා" කියනවා වෙනුවට "දැන් මගේ සිතේ බයක් උපදී තිබෙනවා, ඒකත් ටික වෙලාවකින් නැති වෙලා යනවා" කියලා හිතන්න.

2. මෛත්‍රිය: තමන්ටම සමාව දීමේ කලාව

බොහෝ විට Depression ඇති වන්නේ තමන් අතින් වුණු වැරදි ගැන හිතමින් තමන්ටම දොස් පවරා ගැනීම නිසයි. මේ තත්ත්වයෙන් මිදෙන්න තියෙන හොඳම බෙහෙත මෙත්තා භාවනාවයි. හැමදාම උදේ සහ රාත්‍රියේ විනාඩි කිහිපයක් "මම මටම සමාව දෙමි, මම මටම ආදරය කරමි, මම නිදුක් වෙම්වා" කියලා අවංකවම ප්‍රාර්ථනා කරන්න. ඔබ ඔබටම මෛත්‍රිය කරන විට, හිතේ තිබෙන රළු සහ බර ගතිය ඉබේම අඩු වෙලා යනවා. තමන්ට ආදරය නොකරන කෙනෙකුට ලෝකයට ආදරය කරන්න බැහැ වගේම හිතේ සහනයක් ඇති කරගන්නත් බැහැ.

3. "සබ්බේ සංඛාරා අනිච්චා" (සියල්ල අනිත්‍යයි)

අපේ සිතේ ඇතිවන ඕනෑම වේදනාවක් සංස්කාරයක්. සංස්කාරයක ස්වභාවය තමයි ඇති වෙලා නැති වෙලා යන එක. ඔබ දැන් අත්විඳින මේ දරුණු මානසික පීඩනයත් අනිත්‍යයි. එය සදාකාලික නැහැ. "මේකත් ගෙවී යාවි" කියන දර්ශනය නිතර සිහිපත් කරන්න. බුදු දහමේ උගන්වන ධාතු මනසිකාරයට අනුව, ඔබේ සිරුරේ ඇතිවන ගැස්ම හෝ හුස්ම වේගවත් වීම හුදෙක් වායෝ ධාතුවේ වෙනස් වීමක් පමණයි. එය "මම" නොවන බවත් පදාර්ථයේ හැසිරීමක් බවත් දකින විට, Anxiety එක නිසා ඇතිවන කායික අපහසුතා වලට තිබෙන බය නැති වී යනවා.

4. වර්තමාන මොහොතේ ජීවත් වීම

අපේ සියලුම මානසික ප්‍රශ්න තියෙන්නෙ අතීතයේ හෝ අනාගතයේ. මේ මොහොතේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔබ දැන් මේ ලිපිය කියවනවා නම්, ඒ කියවන දේ ගැන විතරක් හිතන්න. ඔබ වතුර බොනවා නම් ඒ වතුරේ සීතල, ඒක උගුරෙන් පහළට යන විදිහ ගැන විතරක් අවධානය දෙන්න. මේ විදිහට ඉතාම සරල කාර්යයන් පවා සිහියෙන් කරන කොට, ඔබේ මනසට අතීතයට හෝ අනාගතයට දුවන්න වෙලාවක් ඉතිරි වෙන්නේ නැහැ. සැබෑ නිදහස තිබෙන්නේ මේ මොහොතේ විතරයි.

ඉතින් ධර්මය කියන්නේ හුදෙක් පොත්වල තියෙන දෙයක් නෙවෙයි, ඒක ඔබේ සිත සුවපත් කරන මහා ඖෂධයක්. සිතුවිලි වලට රැවටෙන්න එපා, ඒවා දෙස උපේක්ෂාවෙන් බලන්න. ඔබ ඔබවම අගය කරන්න, ඔබටම මෛත්‍රිය කරන්න. සැනසීම තිබෙන්නේ සිතුවිලි නැවැත්වීම තුළ නෙවෙයි, සිතුවිලි වල අනිත්‍ය බව අවබෝධ කර ගැනීම තුළයි.

තෙරුවන් සරණයි! 🙏

✍️ AmaNi

උපුටාගැනීමකි

Thank you for your kind words 🙏
04/01/2026

Thank you for your kind words 🙏

Thank you so much Isabel 🙏
04/01/2026

Thank you so much Isabel 🙏














Thank you so much for your kind words🙏
22/12/2025

Thank you so much for your kind words🙏














Thank you🙏
17/12/2025

Thank you🙏

Thank you so much for your wonderful words. It was a real pleasure to guide your private Hatha session, and I’m glad the...
17/12/2025

Thank you so much for your wonderful words. It was a real pleasure to guide your private Hatha session, and I’m glad the practice felt both challenging and relaxing for you. Your openness and presence made the class flow with ease. I truly appreciate your recommendation and hope our paths cross again on your next visit 🙏

Thank you so much for your wonderful review. I’m really happy to hear that you felt relaxed and cared for during the mas...
17/12/2025

Thank you so much for your wonderful review. I’m really happy to hear that you felt relaxed and cared for during the massage. Your kind words mean a lot to me, and I truly appreciate your trust. I look forward to welcoming you back for another session 🙏

Thank you so much for your kind words! I truly appreciate your support 🙏
09/12/2025

Thank you so much for your kind words!
I truly appreciate your support 🙏
















මම ඔබගෙන් ඇහුවොත් ඔබ අන්තිමට පාරක ගිය දවසේ රතු පාට කාර් කීයක් දැක්කාද කියලා ඔබ මට දෙන පිළිතුර තමයි එහෙම රතු පාට කාර් කීය...
08/12/2025

මම ඔබගෙන් ඇහුවොත් ඔබ අන්තිමට පාරක ගිය දවසේ රතු පාට කාර් කීයක් දැක්කාද කියලා ඔබ මට දෙන පිළිතුර තමයි එහෙම රතු පාට කාර් කීයක් පාරේ යන්න ඇතිද, මම කොහොමද එහෙම හරියටම රතු කාර් ප්‍රමාණය මතක තියාගන්නේ කියන එක. නමුත් මම ඔබට කිව්වොත් හෙට ඔබ පාරේ යනවිට දකින රතු කාර් ප්‍රමාණය හරියටම ගණන් කරගන්න, මම ඔබට ඒ එක රතු කාර් එකක් වෙනුවෙන් රුපියල් 10,000ක් දෙනවා කියලා, ඔබ හෙට පාරේ යනවිට උනන්දුවෙන් වාහන දිහා බලන බව නිසැකයි. එවිට ඔබට රතු කාර් හරියටම දැකගන්න පුළුවන් වේවි. ඒ වගේම දවස අවසානයේ ඔබ මට හරියටම ඔබ දැකපු රතු කාර් ප්‍රමාණ පවසාවි.
මෙතැනදී සිදුවුණ දේ තමයි හැමදාම පාරේ රතු කාර් ගියත් ඔබ ඒවා හරියටම දකින්න පටන්ගත්තේ ඔබ තුළ ඒ ගැන පෙළැඹවීමක් හා උවමනාවක් ඇතිවූ විටයි. ඒකට තමයි අපි රතු කාර් න්‍යාය (Red Car Theory) කියලා කියන්නේ. මේ සඳහා උදව් වෙන්නේ අපගේ මොළය තුළ තියෙන Reticular Activating System (RAS) කියන පද්ධතිය. ඒ තුළින් තමයි අපේ මොළයට ලැබෙන පණිවිඩවලින් වැදගත් දේවල් මොනවාද? වැදගත් නැති දේවල් මොනවාද? කියන එක තීරණය කරන්නේ. ඉන්පසුව වැදගත් යැයි තීරණය කරන දේවල්වලට එම පද්ධතිය මගින් අපේ අවධානය වැඩි වශයෙන් යෙදවීම සිදු කරනවා.
මම මේ න්‍යාය ගැන මුලින්ම සටහන් කළේ එය ඔබේ මූල්‍ය සාර්ථකත්වය ළඟාකර ගැනීමටත් විශාල වශයෙන් වැදගත් වෙන සංකල්පයක් නිසා. ඒ කියන්නේ ඔබ මූල්‍යමය වශයෙන් සාර්ථක වීම ගැන සැලකිල්ලක් දක්වන්න, ඒ වෙනුවෙන් වුවමනාවක් දක්වන්න පටන්ගත්ත මොහොතේ ඉඳන් තමයි ඔබ, ඒ සඳහා ඔබට තියෙන අවස්ථා දකින්න පටන්ගන්නේ. ඉන්පසුව ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වීම ආරම්භ කරන්නේ. කෙනෙකුට මූල්‍යමය වශයෙන් සාර්ථක වීමට අවශ්‍ය පදනම නිර්මාණය කරන්නේ මුල්‍ය සාක්ෂරතාවය.
මූල්‍යමය අංශයෙන් නිවැරදි තීරණ ගන්න අවශ්‍ය දැනුම, කුසලතා හා චර්යාවන්වලින් සමන්විත වීම තමයි මූල්‍ය සාක්ෂරතාවය කියන්නේ. අපි මුලින්ම බලමු කොහොමද මූල්‍ය සාක්ෂරතාවය ඇති කරගන්නේ කියලා.

01. මුලින්ම ඔබේ මූල්‍ය තත්ත්වය ගැන දැනුවත්භාවයක් ඇති කරගන්න
ඔබ මසකට කෙතරම් ආදායමක් උපයනවාද, ඔබ කරන වියදම් මොනවාද? ඔබේ ඉතුරුම් කොපමණද? ඔබ ලබාගෙන තියෙන ණය ප්‍රමාණය කොපමණද? කියන ඔබේ පුද්ගලික මූල්‍ය කළමනාකරණයට අදාළ මූලිකම දේවල් ගැන හරියටම තේරුම්ගන්න. අපි කලින් සතිවල කතා කරපු දිනපතා ඔබේ ආදායම් වියදම් track කිරීම මේ සඳහා උපකාරී කරගන්න පුළුවන්.

02. පෞද්ගලික මුල්‍ය කළමනාකරණයට අවශ්‍ය මූලික උපක්‍රම ගැන දැනුවත්භාවයක් ඇති කරගන්න
*මාසික අයවැය ලේඛනයක් පිළියෙල කිරීම
*මාසිකව ඉතිරිකිරීම
*ණය කළමනාකරණය
*පොලී ප්‍රතිශත ගැන දැනුවත් වීම
*ආදායම් වියදම් මාසිකව track කිරීම

මේ දේවල් අපි කලින් සතිවල විස්තරාත්මකව කතා කරලා තියෙන නිසා ඔබට පුළුවන් පහසුවෙන්ම මේ දේවල් ගැන දැනුවත් බවක් ඇති කරගන්න.

03. මූල්‍ය කළමනාකරණය ගැන ඉගෙනගන්න පටන්ගන්න
මේ සඳහා පළවැනි පියවර විදියට ඔබට පුළුවන් මූල්‍ය කළමනාකරණය ගැන ලියැවුණ පොත් කියවන්න පටන්ගන්න. මෙහිදී මම කැමතියි ඔබට මුලින්ම කියවන්න පොත් තුනක් යෝජනා කරන්න.

*Morgan Housel විසින් රචිත The Psychology of Money කෘතිය
ඔබේ හැසිරීම්, මනස හා හැඟීම් මත ඔබේ මූල්‍ය තීරණ හැඩගැසෙන අයුරු මේ පොත කියවීමෙන් ඔබට තේරුම්ගන්න පුළුවන්.

*Robert Kiyosaki විසින් රචිත Rich Dad Poor Dad කෘතිය
මාසික වැටුප වෙනුවට ව්‍යවසායකත්ව මනසක් නිර්මාණය කරගෙන ඒ තුළින් මූල්‍යමය සාර්ථකත්වයට වැඩ කරන ආකාරය හා වගකීම් වෙනුවට වත්කම් නිර්මාණය කරගැනීමේ වැදගත්කම ඔබට මේ පොත කියවීමෙන් අවබෝධ කරගන්න පුළුවන්.

*Dave Ramsey විසින් රචිත The Total Money Make Over කෘතිය
ණය බරින් නිදහස් වෙන්න, හොඳ පෞද්ගලික මූල්‍ය කළමනාකරණයක් ඇති කරගන්න ප්‍රායෝගික වැඩපිළිවෙළක් මේ කෘතිය තුළ ඇතුළත්.

මීට අමතරව පෞද්ගලික මූල්‍ය කළමනාකරණය ගැන දැනුම වැඩිකරන පොත් රාශියක් තියෙනවා. ඉන් බොහෝමයක් සිංහල භාෂාවටත් පරිවර්තනය වෙලා තියෙන නිසා ඔබට පහසුවෙන් එම දැනුම ලබාගන්න පුළුවන්. ඇත්තෙන්ම මාස කිහිපයකට වරක්වත් මේ වගේ පොතක් මිලට ගන්න පුළුවන් නම් ඒක ඔබේ දියුණුව වෙනුවෙන් කරන ආයෝජනයක්.
ඒ වගේම අද අන්තර්ජාලය හා තාක්ෂණයේ දියුණුවත් එක්ක කිසිම මුදලක් වියදම් නොකර වුණත් Youtube වගේ සමාජ මාධ්‍ය භාවිතා කරලා ඔබට පුළුවන් මූල්‍ය සාක්ෂරතාවය පිළිබඳ දැනුම වැඩි කරගන්න.

04. ඔබ ලබාගන්නා දැනුම ඉතාම ඉක්මණින් ප්‍රායෝගිකව භාවිතා කරන්න පටන්ගන්න
ඔබ කොතරම් අලුත් දැනුම එකතු කරගත්තත් එවා ප්‍රායෝගිකව භාවිතා කරන්නේ නැතිනම් ඒ තුළින් ඔබට මූල්‍ය සාක්ෂරතාවය ළඟා කරගන්න බැහැ. ඒ නිසා ඔබ ඉගෙනගන්නා දේවල් ඉතාම ඉක්මණින් ක්‍රියාවට නංවන්න. උදාහරණ විදියට ඔබට පුළුවන්,
*මාසිකව අයවැය ලේඛනයක් හදන්න පටන්ගන්න
*Emergency Fund එකක් නිර්මාණය කරගන්න
*ණය බරෙන් නිදහස් වෙන්න සැලසුමක් හදාගෙන ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න
*ඉතුරු කරන්න පටන්ගන්න
*ආයෝජනය කරන්න පටන්ගන්න
මේ විදියට ඔබ ලබාගන්නා දැනුම ප්‍රායෝගිකව පුරුදු විදියට ජීවිතයට එකතු කරගන්න.

05. පෞද්ගලික මූල්‍ය කළමනාකරණය ගැන දැනුම තියෙන අයත් එක්ක කතා කරන්න. ඔවුන්ව ඔබේ අභ්‍යන්තර කවයට (Inner Circle) ඇතුළත් කරගන්න
‘ඔබ මිලියනපතියන් හතරදෙනක් ආශ්‍රය කරොත් පස්වැනි මිලියනපතියා බවට ඔබට පත්වෙන්න පුළුවන්’ කියන ප්‍රසිද්ධ කියමන ඔබ අහලා තියෙනවාද? හැමවෙලේම මූල්‍යමය වශයෙන් සාර්ථක, ඒ ගැන කතාකරන අයව ළඟින්ම ආශ්‍රය කරන්න. එවිට ඔවුන්ගේ බලපෑම නිසා ඔබත් ඒ විදියට හිතන්න, වැඩ කරන්න නිරායාසයෙන්ම පුරුදු වෙනවා.
හිතන්න ඔබට ඒ විදියට ආශ්‍රය කරන්න පුද්ගලයන් නැහැ කියලා. නමුත් ඔබට පුළුවන් Youtube හරහා පෞද්ගලික මූල්‍ය කළමනාකරණය ගැන කතා කරන වීඩියෝ, ඔබ නිතරම නරඹන වීඩියෝ ලැයිස්තුවට එකතු කරගන්න. Facebook හරහා මුදල් කළමනාකරණය, ආයෝජනය ගැන කතා කරන අයව follow කරන්න. Podcasts වලට ඇහුම්කන් දෙන්න. Chat GPT වගේ AI tools සමඟ මුදල් කළමනාකරණය ගැන සංවාද කරන්න. ඒවා සිංහල භාෂාවෙන් දැන් කරන්න පුළුවන් නිසා ඔබට භාෂාව ප්‍රශ්නයක් වෙන්නේත් නැහැ. වර්තමාන ඩිජිටල් ලෝකය තුළ ඔබට පුළුවන් මේ විදියට තාක්ෂණය භාවිතයෙනුත් ඔබ වටා මූල්‍ය කළමනාකරණය ගැන දැනුම බෙදාගන්නා වටපිටාවක් නිර්මාණය කරගන්න.

06. අනිත් අයට උගන්වන්න
ඔබ මූල්‍ය කළමනාකරණය ගැන ඉගෙනගන්න දේවල් ඔබේ සැමියාට, බිරිඳට, දරුවන්ට, මිතුරන්ට කියා දෙන්න. ඒ තුළින් ඔවුන් තුළත් මූල්‍ය සාක්ෂරතාවය වැඩි කරන්න පුළුවන් වගේම ඔබටත් ඉගෙනගත් දැනුම වඩා හොඳින් අවබෝධ කරගන්න පුළුවන්.
මේ විදියට ඔබ තුළ මූල්‍ය සාක්ෂරතාවය සහ මූල්‍ය සාර්ථකත්වය වෙනුවෙන් වැඩ කරන මනසක් නිර්මාණය කරගත්විට ඔබේ මොළය තුළ තියෙන Reticular Activating System (RAS) එක ක්‍රියාකාරී වීම තුළින් ඔබට,
*මුදල් ඉපයීමේ නව අවස්ථා
*ඉතුරුම් හා ආයෝජන අවස්ථා
*නව ව්‍යාපාරික අවස්ථා
*මුදල් පාලනය සම්බන්ධයෙන් ඔබ කරන වැරදි
නිරතුරුවම පෙන්වා දෙන්න පටන්ගන්නවා. ඒක හරියට අපි මුලින් කතා කරපු විදියට ඔබට පෙළැඹවීමක් සහ වුවමනාවක් ඇතිවූ විට රතු කාර් පෙනෙන්න පටන්ගන්නවා වගේ.
ඉතින් ඔබ පුද්ගලයෙක් විදියට හා පවුලක් විදියට මූල්‍යමය වශයෙන් සාර්ථක වෙන්න මූල්‍ය සාක්ෂරතාවය ඇති කරගැනීම වගේම මූල්‍ය සාර්ථකත්වය වෙනුවෙන් වැඩ කරන මනසක් නිර්මාණය කරගැනීම ඉතාම වැදගත්. මට ඔබට කියන්න තියෙන සතුටුදායකම පණිවිඩය තමයි දැනටමත් ධරණී පුවත්පතේ මේ ලිපි මාලාව කියවීම තුළින් ඔබ ඒක ආරම්භයක් අරගෙන තිබෙනු දැකීම. ඒක දිගටම ඉස්සරහට අරගෙන යන්න. තවත් දියුණු කරගන්න.
ඔබට ජයග්‍රාහී සතියක්!
*ස්තුතියි ගුරුතුමණි🙏 Chamin Warnakula

Address

Galle
Koggala

Telephone

+94767343585

Website

Alerts

Be the first to know and let us send you an email when Yoga with Nadeesh posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Yoga with Nadeesh:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram