Dr. Anjali

Dr. Anjali චිත්තවේගීය යහපැවැත්ම, මානසික සෞඛ්‍ය දැනුවත්භාවය සහ සමබර ජීවිතයක් සඳහා මනෝවිද්‍යාත්මක උපදෙස්...

තෙල් නෑ කියලා බයවෙලා අද නිවාඩු දවසෙත් ඔයා බොරුවට පාරේ තෙල් පෝළිමේ ද? ​🧠 ඇයි අපි මෙහෙම හැසිරෙන්නේ? (The Trauma Response)​...
01/03/2026

තෙල් නෑ කියලා බයවෙලා අද නිවාඩු දවසෙත් ඔයා බොරුවට පාරේ තෙල් පෝළිමේ ද?

​🧠 ඇයි අපි මෙහෙම හැසිරෙන්නේ? (The Trauma Response)

​2022 වසරේ අප ලැබූ අමිහිරි අත්දැකීම් නිසා ඇති වූ "පශ්චාත් ව්‍යසන පීඩනය" (Post-Traumatic Stress) තවමත් අපේ යටිහිතේ තියෙනවා. පෝලිමක් දැකපු ගමන්, අපිට අවශ්‍ය නැතත් පෝලිමට එකතු වීමට පෙළඹෙන්නේ "අනිත් අයට ලැබිලා මට නැති වෙයිද?" යන බය (FOMO) නිසයි. මොකක් හරි අහිතකර ආරංචියක් පැතිර යනකොට, අපේ මොළය ස්වයංක්‍රීයවම අපව "ආරක්ෂක පියවර" (Survival Mode) වෙත යොමු කරනවා.මේක අනවශ්‍ය බියක් ඒත් මේ "අනවශ්‍ය කලබලය" (Panic Buying) හරහා අපි කරන්නේ නැති ප්‍රශ්නයක් නිර්මාණය කර ගන්න එකයි. මෙය සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවයක් වුවත්, එය පාලනය කරගැනීම බුද්ධිමත්කමයි.

​📊 සැබෑ තත්ත්වය මොකක්ද?

​මැදපෙරදිග ගැටුම් තිබුණත් ලංකාවට ඉන් ක්ෂණික බලපෑමක් ඇති වීමේ අවදානම ඉතා අඩුයි:

​අද වෙනකොට අපි තෙල් ලබාගන්නේ මැදපෙරදිග වගේ එක කලාපයකින් නෙමෙයි. රුසියාව, ඉන්දියාව සහ සිංගප්පූරුව වැනි රටවල් සමඟ පවතින සෘජු ගනුදෙනු නිසා සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව පවතිනවා. රුසියාව ඉන්දියාව වගේ රටවල් එක්ක ගණුදෙනු කරන නිසා කොහොමවත් තෙල් හිඟයක් ඇතිවෙන්න තියෙන අවස්ථාව අඩුයි.

​කෘතිම හිඟය: සාමාන්‍යයෙන් සතියකට ප්‍රමාණවත් තෙල් සංචිතයක්, හැමෝම එකවර පිරවීමට උත්සාහ කළහොත් පැය කිහිපයකින් අවසන් වෙනවා. මෙය සැබෑ තෙල් හිඟයක් නොව, කළමනාකරණය කරගත නොහැකි "ඉල්ලුම ඉහළ යෑමක්" පමණයි. මොකද සාමන්‍යයෙන් තෙල් ප්‍රවාහනය කරන්නේ සතියට සැරයක් හෝ දෙසැරයක්. සතියකට හරියන තෙල් රටපුරා සංචිත ගත කරාම නැවත තෙල් ප්‍රවාහනය කරන්නේ අවශ්‍යතාවය කළමණාකරනය කරගෙනයි. ඒත් මේ විදියට අනවශ්‍යය කලබලයකින් තෙල් රැස්කරගැනීමෙන් වෙන්නේ මේ හැමදේම අක්‍රමවත් වෙලා හැමෝම අපහසුතාවයට පත්වෙන එකයි. අපි මේක අවබෝධ කරගන්න ඕනේ.

​📢 ඒ වගේම තමා ල්මාධ්‍ය සහ දේශපාලන බලපෑම

​මේ වෙලාවේ සමහර මාධ්‍ය සහ දේශපාලනික පක්ෂ වාසි තකා මේ තත්ත්වය අවස්ථාවක් කරගෙන කලබලයක් හා විවිධ ගැටලු ඇති කිරීමට කටයුතු කරනවා. ඔවුන් කරන්නේ ඔබේ "බිය" ආයෝජනයක් කරගෙන වාසි ලබා ගැනීමයි. එම නිසා එවැනි අවස්ථාවාදී තැන්වල දී ඔබ අතලොකුවක් නොවීමට තරම් බුද්ධිමත් වෙන්න.

​🤝 අනිතය ගැනත් හිතමු (Social Responsibility)

​ඔයා අනවශ්‍ය ලෙස තෙල් ලබාගැනීමට පෝලිම් ගැසීමෙන් සිදු වන්නේ සැබෑ ලෙසම අවශ්‍යතාවයක් ඇති අයෙකු අතිශය අපහසුතාවයට පත්වීමයි. * හදිසි රෝගියෙකු රැගෙන යන වාහනයකට,

​අත්‍යවශ්‍ය සේවාවක නිරත වන්නෙකුට,
ඔයා මේ කලබලය නිසා අවස්ථාව අහිමි විය හැකියි. "මට තිබුණොත් ඇති" යන සිතුවිල්ලට වඩා "අපි හැමෝම එකට මේකෙන් බේරෙන්න ඕනේ" යන සාමූහික හැඟීම මේ මොහොතේ අත්‍යවශ්‍යයි.

​🧘‍♂️ මානසිකව ශක්තිමත් වී වගකීම් සහගතව කටයුතු කරන්නේ කොහොමද?

​අනවශ්‍ය කලබලයකට (Panic) පත් නොවී බුද්ධිමත්ව කටයුතු කිරීම සඳහා මේ කරුණු අනුගමනය කරන්න:

​තොරතුරු විමසා බලන්න: ඕනෑම පුවතක් දුටු සැනින් කලබල නොවී, එහි විද්‍යාත්මක හා ප්‍රායෝගික පදනම සොයා බලන්න. තොරතුරු විකෘති කරමින් වාසි ලබාගන්නා පිරිස්වලට ඔයාගේ "මානසික සාමය" බිලි දෙන්න එපා.

​තම පාලනයෙන් බැහැර දේ ගැන නොසිතන්න: මැදපෙරදිග ගැටුම් ඔයාගේ පාලනයෙන් බැහැර දෙයකි. ඒත් ඔයාගේ ප්‍රතිචාරය (Response) ඔයාගේ පාලනය යටතේ පවතී. පාලනය කළ හැකි දේ ගැන පමණක් අවධානය යොමු කිරීමෙන් මානසික පීඩනය අවම කරගත හැකියි.

​වගකීම් සහගත වන්න: ඔයා අනවශ්‍ය ලෙස තෙල් ගබඩා කිරීමෙන් කරන්නේ තවත් කෙනෙකුට ඇති අවස්ථාව අහිමි කිරීමයි. රටක් ලෙස අප නැවත ගොඩනැගීමට නම් "මම" යන පුද්ගලවාදී සිතුවිල්ලෙන් මිදී "අපි" යන සාමූහික වගකීමෙන් යුතුව කටයුතු කළ යුතුයි.

​පෙර අත්දැකීම් බුද්ධිමත්ව භාවිත කරන්න: 2022 වසරේ අත්දැකීමෙන් අප ඉගෙන ගත යුත්තේ "කලබල වීමෙන් ප්‍රශ්නය තවත් දරුණු වන බව" මිස, බයෙන් පෝලිම් ගැසිය යුතු බව නෙමෙයි.

​✅ අප කළ යුත්තේ කුමක්ද?

​බුද්ධිමත් මිනිසෙකු යනු තොරතුරු දන්නා අයෙකු පමණක් නොව, එම තොරතුරු හමුවේ නොසැලී බුද්ධිමත්ව සහ වගකීම් සහගතව ප්‍රතිචාර දක්වන අයෙක් වීමයි.

අපි බ්​අනවශ්‍ය බය පසෙක ලා, සන්සුන්ව සහ අන් අය ගැනත් සිතමින් වගකීමෙන් කටයුතු කරමු. 🇱🇰

හැම යුද්ධයකින්ම පීඩාවට පත්වෙන්නේ කිසිම වරදක් නොකරන අහිංසක නිරායුධ මිනිස්සු...🥺
01/03/2026

හැම යුද්ධයකින්ම පීඩාවට පත්වෙන්නේ කිසිම වරදක් නොකරන අහිංසක නිරායුධ මිනිස්සු...🥺

🔴සුන්බුන් අතර වැළලුණු මල් කැකුළු: ඉරාන බාලිකා පාසලකට එල්ල වූ මිසයිල ප්‍රහාරයෙන් දැරියන් 100කට දිවි අහිමි වෙයි"

දකුණුදිග ඉරානයේ මිනාබ් (Minab) නගරයේ පිහිටි බාලිකා පාසලකට එල්ල වූ අතිශය ඛේදනීය මිසයිල ප්‍රහාරයකින් කුඩා පාසල් දැරියන් 100 කට අධික පිරිසකට සිය ජීවිත අහිමි වී තිබේ. දෙමාපියන් විසින් සිය ආදරණීය දරුවන් පාසලට ඇරලවා නිවෙස් බලා යමින් සිටි සෙනසුරාදා උදෑසනක, ඇමරිකානු සහ ඊශ්‍රායල හමුදා විසින් දියත් කළ මෙම ඒකාබද්ධ ප්‍රහාරය හමුවේ මුළු මහත් ඉරානයම දැඩි කම්පනයකට පත්ව ඇත. මේ වන විටත් තවත් දරුවන් විශාල පිරිසක් සුන්බුන් අතර අතුරුදන්ව සිටින අතර, ගින්නෙන් දැවී ගිය පාසල් ගොඩනැගිල්ල සහ දරුවන් සොයා දිව එන දෙමාපියන්ගේ හද කම්පා කරවන විලාපයන් ඇතුළත් දර්ශන සමාජ මාධ්‍ය පුරා සංසරණය වෙමින් පවතී.

මෙම බිහිසුණු ප්‍රහාරය, ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව ප්‍රකාශයට පත් කළ "ප්‍රධාන යුධ මෙහෙයුමේ" (major combat operations) ඛේදනීය ප්‍රතිඵලයක් බවට පත්ව ඇති අතර, අදාළ පාසල ඉරාන විප්ලවීය මුරභටයන්ගේ (Revolutionary Guards) කඳවුරකට යාබදව පිහිටා තිබීම මෙතරම් විශාල ඛේදවාචකයකට හේතු වී ඇත. මෙය වත්මන් යුධ ගැටුමේ මෙතෙක් වාර්තා වූ අමිහිරිම සහ කෲරතම සිදුවීම ලෙස ඉරාන සෞඛ්‍ය අමාත්‍යාංශය හඳුන්වා දෙයි. දේශපාලනික ගැටුම් සහ බල අරගල මධ්‍යයේ, කිසිදු වරදක් නොකළ අහිංසක මල් කැකුළු වැනි දරුවන්ගේ ජීවිත මෙලෙස අමානුෂික ලෙස අහිමි වීම සමස්ත ලෝකයේම හදවත් කම්පා කරවන සිදුවීමක් බවට පත්ව තිබේ.

*විශේෂ නිවේදනයයි* මැදපෙරදිග රටවල මේ වන විට ඇතිවී තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ එම රටවල සිටින ශ්‍රී ලාංකිකයින් සම්බන්...
01/03/2026

*විශේෂ නිවේදනයයි*
මැදපෙරදිග රටවල මේ වන විට ඇතිවී තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ එම රටවල සිටින ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් නිරන්තරයෙන් අමාත්‍යාංශය සමීපව නිරීක්ෂණය කරන බවත්, එරටවල සිටින ලාංකිකයන්ට ඒ ඒ රටවල රජය විසින් ලබා දී ඇති උපදෙස් සහ ශ්‍රී ලංකා තානාපති හා කාර්යාල හරහා ලබා දී ඇති මගපෙන්වීම තරයේ පිළිපදින ලෙස ඉල්ලා සිටිමු. මෙම තත්වය හමුවේ අමාත්‍යාංශය මඟින් විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැය 24 පුරා ක්‍රියාත්මක මෙහෙයුම් මැදිරියක් ස්ථාපනය කර ඇති අතර හදිසි අවස්ථාවකදී පහත සඳහන් දුරකථන අංකවලින් තොරතුරු විමසීම් කළ හැකි බව දැනුම් දෙමු.
WhatsApp/Imo +94 71 980 2822
Hot line 1989

විදේශ කටයුතු, විදේශ රැකිය සහ සංචාරක අමාත්‍යංශය
====================
விசேட அறிவித்தல்.
மத்தியகிழக்கு நாடுகளில் தற்போது ஏற்பட்டுள்ள பதற்றநிலையினால் குறித்த நாடுகளில் உள்ள இலங்கையர்கள் தொடர்பில் தொடராக அமைச்சு நெருங்கிய மேற்பார்வையை செய்வதுடன், உரிய நாடுகளில் உள்ள இலங்கையர்களுக்கு குறித்த நாடுகளினால் வழங்கப்பட்டுள்ள அறிவுரைகள் மற்றும் இலங்கை தூதுவர்கள் மற்றும் உயர்ஸ்தானிகர் அலுவலுகத்தினால் வழங்கப்பட்டுள்ள வழிகாட்டுதல்களை கண்டிப்பாக பின்பற்றமாறு வேண்டப்படுகின்றீர்கள். இந்நிலையை கருத்திற்கொண்டு அமைச்சு மற்றும் வெளிநாட்டு வேலைவாய்ப்பு பணியகத்தினால் 24 மணி நேரமும் செயற்படும் செயற்பாட்டு நிலையம் ஸ்தாபிக்கப்பட்டுள்ளதுடன் அவசர நிலையின்போது கீழ்உள்ள தொலைபேசி இலக்கங்களூடாக தகவல்களை விசாரிக்க முடியும் என அறியத்தருகின்றோம்.
WhatsApp/Imo +94719802822
Hot line 1989

வெளிநாட்டலுவல்கள், வெளிநாட்டு வேலைவாய்ப்பு மற்றும் சுற்றுலா அமைச்சு

======================
The Ministry of Foreign Affairs is in close contact with all the Sri Lankan diplomatic missons in the Middle Eastern region and have been and will continue to moniter the development. The Sri Lankan missions have set up emergency hotlines enableing the people to contact the mission and remain in touch in case of any emergency requirments. So far there has not been much impact on the Sri Lankans in the Middle Eastern region at the moment. The head of the missions are in touch with the Foreign Ministry. An emergency hotline will be set up soon.

Thushara Rodrigo
DG/ PD
Ministry of Foreign Affairs

01/03/2026

🔴 කටාර් රාජ්‍ය තුළ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට දැනුම්දීමක්....................
මැදපෙරදිග කලාපය තුළ උද්ගතව ඇති උණුසුම් වාතාවරණය හේතුවෙන් කුවේට් රාජ්‍යයේ සිටින සියලුම ශ්‍රී ලාංකිකයින්
අනවශය ගමන් බිමන් අවම කරන ලෙසත් , තමන්ගේ ජංගම දුරකථන සැමවිටම ආරෝපිතව තබා ගන්නා ලෙසත් දැනුම් දී තිබෙනවා.

හදිසි අවස්ථාවක දී ,

කුවේට් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දුරකථන අංක ;

+965 65845646
+965 66503544
+965 25354611
-------------
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය
+94 71 980 2822 හෝ 1989

“ඔයාගේ ජීවිතේ තීරණය කරන්නේ සමාජය නෙවෙයි — ඔයා..” විවාහය කියන්නේ ගැහැණු ළමයෙකුගේ ජීවිතේ අවසාන ඉලක්කය නෙවෙයි.ඒක ජීවිතයේ එක...
27/02/2026

“ඔයාගේ ජීවිතේ තීරණය කරන්නේ සමාජය නෙවෙයි — ඔයා..”

විවාහය කියන්නේ ගැහැණු ළමයෙකුගේ ජීවිතේ අවසාන ඉලක්කය නෙවෙයි.
ඒක ජීවිතයේ එක තීරණයක්, එක අත්දැකීමක්, එක මාර්ගයක් විතරයි.

අපේ සමාජයේ විවාහය සම්ප්‍රදායිකව “අනිවාර්ය” දෙයක් වගේ හඳුන්වලා තිබුණත්, ජීවිතය ගත කරන්න ඕනේ ලෝකයට ඕන විදියට නෙවෙයි.

තමන්ගේ අවශ්‍යතා, හීන, කැමැත්ත අනුව.
සාර්ථක විවාහ ජීවිත ගත කරන කාන්තාවන් ඉන්නවා.
ඒ වගේම, විවාහය නිසා තමන්ගේ හීන නතර වුණු, ජීවිතයම අසාර්ථක වුණු කාන්තාවනුත් මේ සමාජයේ ජීවත් වෙනවා.
එකම මාර්ගයක් හැමෝටම හරි යන්නේ නෑ.
අවිවාහකව ජීවිතය සාර්ථකව ගොඩනඟා ගන්නා කාන්තාවනුත් අපේ සමාජයේ ඉන්නවා.

තමන්ගේ වෘත්තිය, අධ්‍යාපනය, සේවය, නිර්මාණශීලීත්වය, නිදහස—
ඒවා ඔවුන්ගේ ජීවිතේ සම්පූර්ණ කරලා තියෙනවා.

👉 ඔයා කසාද බැන්දා කියලා. ඔයාගේ දුව කසාද බැන්දා කියලා. ඒ වයසේ ඉන්න තව කෙනෙක් කසාද බදින්න ඕනේ කියලා එකක් නෑ.

ඔයාගේ ජීවිත තේරීම, ඔයාට ගැලපෙන එකක්.
අනිත් කෙනාගේ ජීවිත තේරීම, එයාට ගැලපෙන එකක්.
කසාද බැඳලා දරුවන් හදන එක කෙනෙක්ගේ ආසාවක්, හීනයක් වෙන්න පුළුවන්.
ඒකට ගෞරවය තිබිය යුතුයි. 💛

ඒ වගේම, කසාද නොබැඳ ජීවිතය ගත කරන එකත්, දරුවන් නොහදා ජීවිතය තෝරාගන්න එකත්,
ඒකත් ගෞරවය ලබන්න ඕනේ තීරණයක්.

🌿 ගැහැණු කෙනෙක් පිරිමියෙක් මත යැපෙන්නම ඕනේ කියන අදහස අද යුගයට ගැලපෙන්නේ නෑ.

කාන්තාවන්ට පුළුවන් —

✔️ ස්වාධීනව ජීවිතය ගොඩනඟා ගන්න
✔️ ආර්ථිකව ශක්තිමත් වෙන්න
✔️ තමන්ගේ තීරණ තමන්ම ගන්න

ඒ වගේම, ගැහැණු කෙනෙක් කියන්නේ පිරිමියාට බරක් නෙවෙයි. ඇයට පුළුවන් පිරිමියාටත් හයියක් වෙන්න, සගයෙක් වෙන්න, ජීවිත සටනේ සහකාරියක් වෙන්න.

කසාද බදින එක, ලමයි හදන එක —
ඒවා කාන්තාවන්ගේ “රස්සාව” නෙවෙයි.
ඒවා එක්කෙනාට එක්කෙනා එකඟව ගන්න තීරණ.

“හැම ගැහැණු ළමයෙක්ම කසාද බැඳලා, දරුවෝ හදන්න ඕනේ” කියන අදහස ඉතාමත් ප්‍රාථමික සමාජ බලාපොරොත්තුවක් විතරයි.

ගැහැණු කෙනෙකුගේ වටිනාකම
ඇයගේ ඇඟිලිවල මංගල මුද්දෙන් මැනෙන්නේ නෑ.
ඇය දරුවන් හදාගත්තද නැද්ද කියලා තීරණය වෙන්නේ නෑ.

ඇයගේ වටිනාකම තියෙන්නේ —

✨ ඇයගේ සිතේ ශක්තියෙන්
✨ ඇයගේ හීන වලින්
✨ ඇය ගන්න තීරණ වලින්
✨ ඇය ස්වාධීනව, ගෞරවයෙන් ජීවිතය ගත කරන ආකාරයෙන්

🤍 විවාහය ජීවිතේ එක කොටසක් විතරයි. සම්පූර්ණ ජීවිතයම නෙවෙයි. ජීවිතය තීරණය කරන්නේ සමාජය නෙවෙයි — ඔයා.

වැදගත් කාන්තාවක් විදියට ඔයා කිසිම විටෙක තවත් කෙනෙක් ගේ විවාහය ගැන, දරුවන් ගැන අනවශ්‍ය විදියට ප්‍රශ්න කරන්න, සැළකිලිමත් වෙන්න යන්න එපා. මොකද අද වගේ සමාජයක ඔයාගේ මානසික මට්ටම කොච්චර ප්‍රාථමික ද කියලා අනික් අයට පෙන්නන එක වගේම සදාචාර සම්පන්නව ඒක එතරම් නොගැළපෙන ක්‍රියාවක්.

මේ ගැන් ඔයාගේ අදහසත් බෙදාගන්න.





මතක් කරලා බලන්න…ජීවිතේ කවදාහරි දවසක ඔයාට ගැහැණු ළමයෙක් වීම නිසා මඟහැරුණු හීනයක්, අවස්ථාවක්, ආසාවක් තිබුණාද?මං නම් හිතන්න...
25/02/2026

මතක් කරලා බලන්න…
ජීවිතේ කවදාහරි දවසක ඔයාට ගැහැණු ළමයෙක් වීම නිසා මඟහැරුණු හීනයක්, අවස්ථාවක්, ආසාවක් තිබුණාද?

මං නම් හිතන්නේ —
ගැහැණු ළමයෙක් වෙන එක
සමාජයේ අයිතිවාසිකම්, අවස්ථා, වරප්‍රසාද
අහිමි වෙන්න හේතුවක් වෙන්න හොඳ නෑ.

ඇයගේ ගැහැණු බව
ඇයගේ හැකියාව සීමා කරන්නෙ නෑ.
ඇයගේ හීන
ඇයගේ අනාගතය සීමා කරන්නෙ නෑ.

ගැහැණු ළමයෙක් සමාජය වෙනස් කරන්න හිතනවා නම් —
ඇයට අවශ්‍ය වෙන්නේ ශක්තිය, විශ්වාසය,
සහ තම නිදහස.

ඒ වෙනුවෙන් හොඳම ආයුධය තමයි පෑන — ඒ කියන්නේ අධ්‍යාපනය.
සමාජ අසාධාරණය, යුක්තිය, සාධාරණය වෙනුවෙන්
එසවෙන කඩුවකට හෝ පත්තුවෙන උණ්ඩයකට වඩා බලවත්ම ආයුධය ලියවෙන පෑනයි.

පෑනෙන් අසාධාරණය හෙළි කරපු,
අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නැගූ,
සමාජ වෙනසක් ඇති කළ කාන්තාවන් ඉතිහාසයේ හිටියා.

🖊️ Savitribai Phule — අධ්‍යාපනය හරහා සමාජ සීමා බිඳ දැමූ නායිකාවක්.
📰 Ida B. Wells — වාර්තාකරණය හරහා අසාධාරණය හෙළි කළ ශක්තිමත් හඬක්.
✊ Malala Yousafzai — අධ්‍යාපන අයිතිය වෙනුවෙන් තර්ජන මැදත් කතා කළ නායිකාවක්.

ඔවුන් සටන් කළේ ආයුධවලින් නෙවෙයි —
වචනවලින්, ලිවීමෙන්, සත්‍යයෙන්.

අදත් ඒ වගේ කාන්තාවන් අපි වටා ඉන්නවා.
හෙට තවත් එහෙම අය බිහි වෙන්නේ
අපි ඔවුන්ට අවස්ථාව දෙන නිසා.

ඉතින් — ඔයා ගැහැණු ළමයෙක් / කාන්තාවක් කියන එක
තවදුරටත් බාධාවක් කරගන්න එපා.
සටන පටන් ගන්න ඕනේ ඔයාගෙන්.
බය වෙන්න එපා.
පෑනකට පුළුවන් ලෝකයක් වෙනස් කරන්න.
හැබැයි ඒක හසුරුවන්න ඔයා බුද්ධිමත් වෙන්න ඕනේ.

🔴 හැම ගැහැණු ළමයෙක්ම රෝස පාටට කැමති වෙන්න නෑ. කැමති වෙන්න ඕනේත් නෑ.

ඔයාගේ අදහසත් comment කරන්න.

20/02/2026

සතියක විරාමයකින් පස්සේ ඔන්න අද මම ආයෙමත් ඔයාලව හමුවෙන්න ආවා! 😊​මේ දවස් ටිකේ මම කල්පනා කළේ, අපි හැමෝම මොන තරම් කාර්යබහුල ...
07/02/2026

සතියක විරාමයකින් පස්සේ ඔන්න අද මම ආයෙමත් ඔයාලව හමුවෙන්න ආවා! 😊

​මේ දවස් ටිකේ මම කල්පනා කළේ, අපි හැමෝම මොන තරම් කාර්යබහුල වුණත් අපේ ජීවිතවල ඇත්තටම වටිනම දේ අපිට අමතක වෙනවා නේද කියලා. ඒ තමයි "සතුට". ඉතින් අද මට හිතුණා "සතුට" අපේ ජීවිතයට කොච්චර වැදගත්ද සහ ඒක අපේ සෞඛ්‍යයට කොහොමද බලපාන්නේ කියලා ඔයාලත් එක්ක බෙදාගන්න.

​🌸 සතුට: ජීවිතයේ "අමතර දෙයක්" නෙවෙයි, එය අත්‍යවශ්‍යම දෙයක්!

​අපි හැමෝම දුවන්නේ මොනවා හරි දෙයක් හොයාගෙන. ඒත් ඒ හැම දේකම අවසාන බලාපොරොත්තුව "සතුට" නේද?

බොහෝ දෙනෙක් හිතන්නේ සතුට කියන්නේ සාර්ථක වුණාම ලැබෙන ප්‍රතිඵලයක් කියලා. ඒත් ඇත්තම කතාව නම්, සතුටින් ඉන්න එක තමයි සාර්ථකත්වයේ රහස.

​සතුට අපේ ජීවිතයට කොච්චර වැදගත්ද බලන්න:

​💪 1. ශක්තිමත් ප්‍රතිශක්තිකරණ පද්ධතියක්

විද්‍යාත්මකව තහවුරු කර ඇති පරිදි, ධනාත්මකව සහ සතුටින් ඉන්නා අයගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉතාමත් ශක්තිමත්.

​❤️ 2. හදවතේ නීරෝගීකම

සතුටින් ඉන්නා විට අපේ ශරීරයේ Stress Hormones මට්ටම අඩු වෙනවා. මේ නිසා රුධිර පීඩනය පාලනය වී හෘදයාබාධ ඇතිවීමේ අවදානම අඩු වෙනවා.

​💡 3. තීරණ ගැනීමේ හැකියාව

ඔයාගේ මනස සන්සුන් සහ සතුටුදායක මට්ටමක තියෙනකොට ප්‍රශ්නවලට විසඳුම් සෙවීම සහ නිර්මාණශීලීව වැඩ කිරීම ඉතා පහසුයි.

​✨ 4. ශක්තිමත් සබඳතා

ඔයා තුළ තියෙන සතුට අනිත් අයටත් ශක්තියක්. එය පවුලේ සමගියට වගේම වෘත්තීය ජීවිතයටත් ලොකු ආශිර්වාදයක්.

​මතක තබා ගන්න:

සතුට කියන්නේ බාහිරින් ලැබෙන දෙයක් නෙවෙයි, ඒක ඔයා ඇතුළෙන්ම ගොඩනගා ගත යුතු පුරුද්දක්. පොඩි දෙයකින් පවා සතුටු වෙන්න ඉගෙන ගන්න.

​අද ඔයාව සතුටු කරපු එක පුංචි දෙයක් පහතින් Comment කරන්න! 👇

ඔබේ ගෞරවය සහ මානසික සුවය කිසිවෙකුට පාවා දෙන්න එපා: NCII සහ ශ්‍රී ලංකාවේ නීතිය ⚖️🧠​සමාජ මාධ්‍ය තුළ අද බහුලව අසන්නට ලැබෙන ...
28/01/2026

ඔබේ ගෞරවය සහ මානසික සුවය කිසිවෙකුට පාවා දෙන්න එපා: NCII සහ ශ්‍රී ලංකාවේ නීතිය ⚖️🧠

​සමාජ මාධ්‍ය තුළ අද බහුලව අසන්නට ලැබෙන Non-consensual Intimate Imagery (NCII) හෙවත් පුද්ගලයෙකුගේ අතිශය පෞද්ගලික හෝ නිරුවත් ඡායාරූප ඔවුන්ගේ කැමැත්තෙන් තොරව ප්‍රසිද්ධ කිරීම, හුදෙක් සදාචාරාත්මක ප්‍රශ්නයක් පමණක් නොව එය වින්දිතයා දැඩි මානසික අවපීඩනයකට සහ සියදිවි නසාගැනීමේ සිතුවිලි කරා පවා ගෙන යා හැකි දරුණු අපරාධයකි.

මා දකින වැදගත්ම දේ නම්, මෙවැනි අවස්ථාවකදී වින්දිතයා තුළ ඇති වන දැඩි ලැජ්ජාව, බිය සහ අසරණභාවයයි. නමුත් මතක තබා ගන්න: ඔබත් වැරදි නමුත් වැරැද්ද 100%ක් වැරැද්ද ඔබේ නොව, ඔබේ විශ්වාසය පාවා දුන් පුද්ගලයාගේය.

​🛡️ නීතිමය පලිහ ඔබ වෙනුවෙන් ඇත.

​2024 අංක 9 දරන මාර්ගගත සුරක්ෂිතභාවය පිළිබඳ පනත (Online Safety Act) සහ පරිගණක අපරාධ පනත මගින් ඔබට උපරිම ආරක්ෂාව සලසා දෙයි:

​දඬුවම්: වරදකරුට වසර 5ක් දක්වා සිරදඬුවම් සහ රුපියල් ලක්ෂ 5කට අධික දඩ මුදල් නියම කළ හැකිය.

​පාලනය: අධිකරණ නියෝග මගින් එම අන්තර්ගතයන් අන්තර්ජාලයෙන් ඉවත් කිරීමට බලය ඇත.

​🚨 ඔබ මෙවැනි තත්ත්වයකට මුහුණ දී සිටී නම්...
​ස්වයං දොස් පවරා ගැනීමෙන් වළකින්න: ඔබ වින්දිතයෙකි. බ්ලැක්මේල් කරන්නන්ට යටත් නොවී වහාම ක්‍රියාත්මක වන්න.

​සාක්ෂි සුරකින්න: පෝස්ට් එකේ Screenshots සහ අදාළ පුද්ගලයාගේ Profile Link එක ලබා ගන්න.

​තාක්ෂණික සහාය: StopNCII.org වෙබ් අඩවිය හරහා ඔබේ ඡායාරූප Meta (FB/Instagram) ජාලයන්ගෙන් ඉවත් කිරීමට පියවර ගන්න.

​පැමිණිලි කරන්න: CID සයිබර් අපරාධ ඒකකය හෝ ශ්‍රී ලංකා CERT (011 269 1062) අමතන්න.

​🧠 ඔබේ මානසික සෞඛ්‍යය සුරක්ෂිත කරගන්න

​මෙවැනි සිදුවීමකදී ඇතිවන මානසික පීඩනය තනිව දරා ගැනීමට උත්සාහ නොකරන්න. ඔබට සහාය වීමට අප සූදානම්:
​ශ්‍රී ලංකා සුමිත්‍රයෝ: 1333 (පැය 24 පුරා)
​ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය: 1926 (සුවසැරිය)
​සමාජ මාධ්‍යයේ යමක් "Share" කිරීමට පෙර සිතන්න. ඔබේ එක් ක්ලික් කිරීමකින් තවත් මනුෂ්‍ය ජීවිතයක් අඳුරට ඇද දැමිය හැකිය. පෞද්ගලිකත්වයට ගරු කරමු; මිනිස්කම සුරකිමු.

ලිංගික අධ්‍යාපනය සහ අපේ මනුෂ්‍යත්වය​මෑතකදී වාර්තා වූ ගුරු-ශිෂ්‍ය සිදුවීම දිහා බලනකොට ඇත්තටම මේ දේ පුද්ගලික වරදකට වඩා අපේ...
27/01/2026

ලිංගික අධ්‍යාපනය සහ අපේ මනුෂ්‍යත්වය

​මෑතකදී වාර්තා වූ ගුරු-ශිෂ්‍ය සිදුවීම දිහා බලනකොට ඇත්තටම මේ දේ පුද්ගලික වරදකට වඩා අපේ අධ්‍යාපන ක්‍රමයේ සහ සමාජයේ පවතින බරපතල හිඩැසක ප්‍රතිඵලයක් විදියට අපිට දකින්න පුලුවන්. පාසල් සිසුන් හා ගුරුවරුන් මෙවැනි තත්ත්වයකට පත්වෙන්න හේතුව අප සමාජයේම පවතින සමාජ, සංස්කෘතික, ආගමික හා අධ්‍යාපනයේ පවතින අඩුලුහුඩුකම් හා අර්බුධකාරී පසුබිමයි.

​මෙම සිදුවීමෙන් අප උගත යුතු පාඩම් කිහිපයක් තිබේ:

​1. විධිමත් ලිංගික අධ්‍යාපනයක (Comprehensive Sexuality Education) අත්‍යවශ්‍යතාව

​ලිංගික අධ්‍යාපනය කියන්නේ හුදෙක් ජීව විද්‍යාව නෙමෙයි. එයට පහත කරුණු ඇතුළත් විය යුතුය:

​සීමාවන් හඳුනා ගැනීම (Boundaries):

ඕනෑම සබඳතාවයක පවත්වා ගත යුතු වෘත්තීය සහ පෞද්ගලික සීමාවන් මොනවාද යන්න දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ටද අවබෝධයක් තිබිය යුතුයි. දරුවන්ට එම අවබෝධය විධිමත් ආකාරයකට පාසලෙන් හා සමාජයෙන් ලබාදිය යුතුයි.

​තාක්ෂණය සහ ලිංගිකත්වය:

ඩිජිටල් අවකාශය තුළ තමන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරගන්නා ආකාරය සහ එහි ඇති නීතිමය අවදානම පිළිබඳව පැහැදිලි අවබෝධයක් තිබිය යුතුය.

​ගෞරවනීය සබඳතා: ලිංගිකත්වය යනු අනෙකා "භාවිතා කිරීම" නොව, දෙදෙනෙකු අතර පවතින ගෞරවනීය එකඟතාවයක් බව දරුවන්ට කියා දිය යුත්තේ කවුරුන් ද?

​2. සියදිවි හානිකර ගැනීම වැළැක්වීම: අපේ වගකීම

​මෙවැනි සිදුවීමක් සමාජගත වූ විට, අදාළ පුද්ගලයින් දැඩි මානසික කඩා වැටීමකට (Mental Breakdown) ලක්වෙන එක සාමන්‍යය දෙයක්. "සමාජයට මුහුණ දෙන්නේ කෙසේද?" යන බිය ඔවුන් සියදිවි හානිකර ගැනීම දක්වා තල්ලු කරනවා.

​විවේචනය නතර කරන්න:

ඔවුන් කළ වරදට නීතියෙන් හෝ අදාළ ආයතන මගින් දඬුවම් ලැබෙනු ඇත. සමාජය විසින් සිදුකරන "ඩිජිටල් ගල් ගැසීම" (Cyberbullying) මගින් ඔවුන්ව මරණයට තල්ලු නොකරන්න.

​මානසික සහාය ලබාදීම:

ඔබ අදාළ පාර්ශවයන්ගේ සමීපතමයෙකු නම්, ඔවුන්ව හුදකලා නොකරන්න. ඔවුන්ව වෘත්තීය මනෝ උපදේශනයකට හෝ මනෝ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරන්න.

​වීඩියෝ Share කිරීමෙන් වළකින්න:

ඔබ Share කරන සෑම වතාවකම ඔබ කරන්නේ තවත් මනුෂ්‍යයෙකුගේ ජීවිතය නැති කිරීමට ලණුවක් ඇදීම වැනි ක්‍රියාවකි.

​3. අවබෝධයෙන් කටයුතු කරමු

​වැරදි සිදුවිය හැක. නමුත් එම වැරදි දඩමීමා කරගෙන තවත් ජීවිත විනාශ වීමට ඉඩ නොදීම ශිෂ්ට සම්පන්න සමාජයක ලක්ෂණයකි. වෛරය සහ කුතුහලය වෙනුවට, බුද්ධිය සහ සංවේදීතාවය පෙරදැරිව කටයුතු කරමු.

​ඔබ හෝ ඔබ දන්නා අයෙකු දැඩි මානසික පීඩනයකින් සිටී නම්, කරුණාකර මෙම නොමිලේ උපකාරක සේවාවන් අමතන්න:

​ශ්‍රී ලංකා සුමිත්‍රයෝ: 011 269 6666
​1926 (ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය - පැය 24 පුරා)

Address

Kottawa

Website

Alerts

Be the first to know and let us send you an email when Dr. Anjali posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category