Yasiru pharmacy kuruduwatta

Yasiru pharmacy kuruduwatta Compounding and dispensing medications, as prescribed by physicians. · Monitoring customers' drug therapies, advising ...

29/10/2025

ගැහැණු අයට 35 පැන්නට පස්සේ බබාලා හදන්න එපා කියන්නේ ඇයි ?

▶️ වයස වැඩිවෙන්න වෙන්න කාන්තාවන්ගේ ඩිම්බකෝෂ වලින් පිට කරන ඩිම්බ වල තත්වය ( quality ) වගේම පිටකරන ඩිම්බ ගානත් ( quantity ) අඩුවෙනවා.
ඔය නිසා ශුක්‍රාණුවක් එක්ක සංසේචනය වෙලා ප්‍රෙග්නන්ට් වෙන්න තියන චාන්ස් එකත් අඩුවෙනවා..

▶️ ප්‍රෙග්නන්ට් කාලය තුල දියවැඩියාව අධි රුධිර පීඩනය වගේ රෝග ඇතිවෙන්න චාන්ස් එකත් වැඩිවෙනවා.ප්‍රෙග්නන්ට් කාලේ ඕවා හැදුනම වෙන්න පුලුවන් නරක දේවල් ගොඩයි

▶️ සමහරවිට ඩිලිවරි එකේදි ප්‍රශ්න ඇතිවෙන්න පුලුවන්.ඊටපස්සේ අවසානයේ සීසර් කරන්න වෙන්නත් පුලුවන්.

▶️ Placenta එක එහෙම නැත්නම් වැදෑමහ එක්ක ඇතිවෙන ප්‍රශ්නත් ඇතිවෙන්න පුලුවන්

▶️ ඒ වගේම ආබාධ හෝ විශේෂ අවශ්‍යතා සහිත බබාලා ඇතිවෙන්න පුලුවන් චාන්ස් එක වැඩිවෙනවා.

▶️ අඩුවයසින් බබාලා ඉපදෙන්නත් , අඩුබර සහිත බබාලා ඇතිවෙන්නත් පුලුවන්

හරි හරි...35 පැනලා බබලා හදලා හොදින් ඉන්න අය ඕන තරම් ඉන්නවා.නැත්තේ නෑ..
මේ කියන්නේ අවදානම ගැන විතරයි

😌😌😌

27/10/2025

ගොඩක් අය හංගාගෙන ඉන්න ප්‍රශ්නයක් තමයි ටොයිලට් යනකොට / එහෙම නැත්නම් මළපහ කරනකොට ඒත් එක්ක ලේ පිටවෙන එක..

කාටවත් කියන්න තියන ලැජ්ජාව නිසා ඩොක්ටර් කෙනෙක්ට තියා ලගම කෙනෙකුටවත් නොකියා එවෙලෙට කොහෙන්හරි ගොඩ වෙදකමක් කරගෙන ශේප් එකේ ඉන්නවා.
හැබැයි ලෙඩේ ටිකෙන් ටික ඉස්සරහට යනවා.එහෙම නැත්නම් වැඩිවෙනවා..

මේක කියවලා ඉවරවුනාම ඔයාලට තේරෙයි තවදුරටත් ඒ දේවල් හංගාගෙන ඉන්න එක හොද දෙයක් නම් නෙවෙයි කියලා..

රායිට්...මළපහ සමග ලේ පිටවීම

ඕක කිව්වම 90%ක් විතරම මිනිස්සු හිතාගෙන ඉන්නේ ඒ අර්ශස් නිසා තමයි කියලා.ඒත් ඒක එහෙම නෑ..ඕකට හේතු වෙන්න පුලුවන් තව ලෙඩ රෝග ගොඩක් තියෙනවා.

එකින් එක කියන්නම්

✅ අර්ශස් / Haemorrhoid ( අර්ශස් කියන්න අවුල් වගේ නම් පොශ් විදියට කියන්න හිමරොයිඩ් කියලා 😁)ආ තව Piles කියලත් කියන්න පුලුවන්

කවුරුත් දන්නවනේ මලපහ එක්ක ලේ යනවා වගේම මෙතනදි ගුදමාර්ගය ආශ්‍රිතව ගෙඩි වගේ දේකුත් එනවා.ඔය ගෙඩියක් වගේ එන්නේ ගුදමාර්ගය ආශ්‍රිතව තියන රුධිරවාහිනි ඉදිමිම නිසා.

මේක කිසිසේත් පිළිකා තත්වයක් නෙවෙයි..
ගොඩක් දුරට ඔපරේෂන් එකක් කරන්න වෙනවා.
ඉන්ජෙක්ෂන් විදින එක , බෑන්ඩ් එකක් දාන එක වගේ ප්‍රතිකාර ක්‍රමත් තියෙනවා.
ඒ ඇරෙන්න බෙහෙත් බීලා නම් ඕක නැති කරගන්න බෑ ඉතින්.

✅ A**l Fissure

මේකේදි වෙන්නේ අපේ ගුදමාර්ගයේ ගුදය ආශ්‍රිතව පැලීමක් එහෙම නැත්නම් ඉරීමක් හැදෙන එක.
මලබද්දය වගේ නිසා මලපහ ගොඩක් ඝනව යන්න ගියාම තමයි ගොඩක්ම මේක වෙන්නේ.

අතිශයින් වේදනාකාරි තත්වයක්..
හැදුන කෙනෙක් ආය ඉතින් පුටුවක වාඩිවෙන්නේවත් නැතිතරම්.
ඒ එක්කම ලේ පිටවෙන එකත් වෙනවා.

ගොඩක් වෙලාවට මේකටත් ඔපරේෂන් එකක් කරන්න වෙනවා.

✅ ගුදමාර්ගය ආශ්‍රිත පිළිකා

මෙන්න මේක තමයි වැඩේ සහ මට කියන්නම ඕනදේ.

මෙතනදිත් මලපහ එක්ක ලේ පිටවෙන එක වෙනවා.
ඊට අමතරව
බඩේ කැක්කුම
මලපහ කරන රටවා වෙනස්වීම
සීදම් පිටව යාම
ඇග කෙට්ටු වීම
කෑම අරුචිය
වගේ රෝග ලක්ෂණත් එනවා.

ඉතින් යම් කෙනෙක් මලපහ එක්ක ලේ යනවා එක අනේ මට අර්ශස් අර්ශස් කියලා හිතන් ඉන්නවා නම් වෙන භයානකම වැඩේ මේක.
මොකද ඒක අර්ශස් නොවී පිළිකා තත්වයක් වෙන්නත් පුලුවන්..අර්ශස් වෙන්නත් පුලුවන්.

ඉතින් මට කියන්න තියෙන්නේ කාටහරි කෙනෙක්ට මලපහ එක්ක ලේ පිටවෙනවා නම් ඩොක්ටර් කෙනෙක් ගාවට යන්න කියන එක තමයි.
මොකද ඕක අර්ශස් නොවී පිළිකාවක් වුනොත්...දන්නවනේ ඉතින්..වැඩේ කේස්..

හරි
✅ Diverticulitis
✅ Polyps
✅ IBD
✅ Angiodysplasia

වගේ තව තව හේතු මහ ගොඩක් තියෙනවා.ඉතින් ඒවා ඒ තරම් සුලබ ලෙඩවල් නෙවෙයි.
ඔය මම කිව්ව තත්ව තුන තමයි සුලබම ගොඩක් අයට තියෙන්නේ.

ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරන්න.මැසේජ් එකක් දාන්න
පුලුවන් විදියට රිප්ලයි කරන්නම්

25/10/2025

හිටිය හැටියේ චූ කරගන්න බැරිවුනොත් කියලා ලියපු පෝස්ට් එකට හිතුවේ නැති විදියට ප්‍රතිචාර ආවා..

ඒ ගැන ගොඩක් අයට තව විස්තර ඕනවෙලා තිබ්බා.ගොඩක් මැසේජ් ආවා..

ඒ ලිපියේ දිගුවක් විදියට අද ලියන්නම් ඔය ගැන තව විස්තර ටිකක්..

ඇත්තටම මම ඔය ලිව්වේ ඒ ලෙඩේ එක්ක එන එක රෝග ලක්ෂණයක්.ඒ කියන්නේ හිටිය ගමන්ම පැය හතරක් පහක් මූත්‍රා කරගන්න බැරුව බ්ලොක් වෙලා යන එක ගැන.මූත්‍රා කරන්න ඕන..ඒත් පිට වෙන්නේ නෑ..කොච්චර තැටමුවත් මූත්‍රා කරගන්න බෑ..

හැබැයි ඕක වෙන්න කලින් ඔය කට්ටියට පොඩි පොඩි වෙනත් රෝග ලක්ෂණ දැනෙන්න පුලුවන්..
මෙන්න මේ වගේ ( හොදට කියවලා බලන්න )

✅ සාමාන්‍ය විදියට වඩා දවසක් තුල මූත්‍රා කරන වාර ගණන වැඩිවෙන්න පුලුවන් ( හත් අට පාරක් මූත්‍රා කරන්න වෙනවා )
✅ රෑ තිස්සේ නැගිට නැගිට මූත්‍රා කරන්න ඕන වෙනවා
✅ හිටපු ගමන් මූත්‍රා කරන්න ඕන වෙනවා
✅ නොදැනීම මූත්‍රා පිටවෙනවා
✅ මූත්‍රා කරන්න ඕන වගේ තිබුනත් මූත්‍රා පිටවෙන්නේ නැතිවෙනව
✅ සාමාන්‍යයෙන් මූත්‍රා විදලා යනවනේ ( කොල්ලෝ තමයි දන්නේ 😇 ) හැබැයි දැන් එහෙම මූත්‍රා විදලා යන්නේ නැතිවෙනවා.කැඩි කැඩී වගේ යන්නේ
✅ ගොඩක් තටමන්න ඕන මූත්‍රා කරන්න
✅ මූත්‍රා කරලා ඉවර වුනත් තව යන්න වගේ තියෙනවා

ඉතින් මෙහෙම රෝග ලක්ෂණ එන්නේ ගොඩක් දුරට මම කලින් පෝස්ට් එකේ කිව්ව විදියට පිරිමි අයට විතරක් තියන පුරස්ථි ග්‍රන්ථිය ආශ්‍රිත තත්ව නිසා..

ඔතනදි බහුලව එන තත්ව දෙකක් තමයි

▶️ BPH කියන්නේ

පිළිකා නොවන තත්වයක්
ගොඩක්ම වයසක පිරිමි අයට තමයි එන්නේ
පුරස්ථි ග්‍රන්ථය හැදිලා තියන සෛල ගාන මෙතනදි වැඩිවෙනවා.එතකොට එන්න එන්න පුරස්ථි ග්‍රන්තියේ සයිස් එක වැඩිවෙනවා.එහෙම වෙනකොට පුරස්ථි ග්‍රන්තිය මැදින් යන මූත්‍රා මාර්ගය පටුවෙනවා.ටිකෙන් ටික බ්ලොක් වෙනවා.

ඕක ස්කෑන් එකක් කලාම අදුරගන්න පුලුවන් වෙනවා.
බෙහෙත් තියෙනවා බොන්න.ඒ බැරිනම් ඔපරේෂන් එකක් කරන්න වෙනවා.

▶️ පුරස්ථි ග්‍රන්ථිය ආශ්‍රිත පිලිකා

මේක පිළිකාමය තත්වයක්
අවුරුදු 50 පැන්නම තමයි මේකත් හැදෙන්නේ
උඩින් මම කිව්ව රෝග ලක්ෂණ වලට සමාන රෝග ලක්ෂණ තමයි මේකෙදිත් මුලින්ම එන්නේ.
අර වගේම ස්කෑන් වලින් හොයාගන්න පුලුවන්..
ප්‍රතිකාර ක්‍රම වෙනස් වෙන්න පුලුවන් එකින් එක..

ඉතින් මෙතන තියන භයානක දේ තමයි එකම රෝග ලක්ෂණ ඇවිල්ලා ඒකට හේතුව පිළිකාවක් වෙන්නත් පුලුවන්.පිලිකාවක් නොවෙන්නත් පුලුවන්.

ඒ නිසා මම ඔය උඩින් විස්තර කරලා තියන විදියට මොනාහරි වෙනසක් දැනෙනවා නම් වෛද්‍යවරයෙක් ගාවට යන්න.හරියට ලෙඩේ අදුරාගන්න..

විශේෂයෙන් ඔයාලගේ සීයලා තාත්තලා මේ වගේ අමාරුවක් කිව්වොත් විශේෂයෙන් බලන්න.ගණන් ගන්නේ නැතුව ඉන්න එපා

25/10/2025
25/10/2025

⚫තයිරොයිඩ් හෝමොන අඩු වීමේ රෝග ලක්ෂණ

රෝග ලක්ෂණ සාමාන්‍යයෙන් සෙමින් වර්ධනයවේ.
සමහර අයගේ බෙල්ල ලොකු වන අතර සමහර අයගේ එය සාමන්‍යය ප්‍රමාණයෙන් පවතී.

🔴පොදු රෝග ලක්ෂණ

▪️තෙහෙට්ටුව

▪️කම්මැලි බව

▪️අදික නිදිමත

▪️සීතලට සංවේදී වීම/සීතල දරා ගැනීමට නොහැකී විම

▪️බර වැඩිවීම

▪️මලබද්ධය

▪️හිස කෙස් යාම

▪️අමතක වීම

▪️මානසික අවපීඩනය

▪️මන්දගාමී චලනයන් සහ සිතුවිලි

▪️මාංශ පේශි වේදනාව සහ දුර්වලතාවය

▪️මාංශ පේශි කැක්කුම

▪️වියළි හා කොරපොතු සම

▪️කැඩෙනසුලු හිසකෙස් සහ නියපොතු, ▪️හිරිවැටීම සහ අතේ සහ ඇඟිලිවල හිරි වැටීම (කාපල් ටනල් සින්ඩ්‍රෝමය)

▪️කොලෙස්ටරොල් වැඩි වීම

▪️ඇග ඉදීමිම/කකුල් ඉදීමිම

▪️කට හඩ වෙනස් විම./ කට හඩ ගොරෝසු විම

▪️දරැ පල අඩු විම

▪️ මාසික ඔසප් චක්‍රයේ වෙනස් කම්

🟰🟰🟰🟰🟰🟰🟰🟰🟰🟰🟰🟰🟰🟰🟰🟰

🔴හදුනා ගැනීම

(TSH, T4 පරීක්ෂණය)

තයිරොයිඩ් පරීක්ෂණයක් ලෙස හඳුන්වන මෙම පරීක්ෂණය රුධිරයේ තයිරොයිඩ් උත්තේජක හෝමෝන (TSH) සහ තයිරොක්සීන් (T4) මට්ටම් සොයා බලයි.

TSH මට්ටම ඉහළ මට්ටමක පැවතීම සහ රුධිරයේ T4 මට්ටම අඩු වීම යන්නෙන් අදහස් වන්නේ ඔබට තයිරෝක්සින් හෝමොනය අඩු වී ඇති බවයි.

🔻🔻 TSH අගය වැඩි නම් ඔබගේ ශරීරයේ තයිරොක්සින් අඩුය.

🟰🟰🟰🟰🟰🟰🟰🟰🟰🟰🟰🟰🟰🟰🟰🟰🟰

🔴ප්‍රතිකාර

🔸මෙය භායනක රෝගයක් නොවේ, නමුත් ප්‍රතිකාර (තයිරොක්සින්) නොගත හොත් භයානක අතුරැ පල ඇති විය හැක.

🔸 තයිරොක්සීන් පෙති දීනපතා ගත යුතුයි
🔸ඔබට තයිරොක්සීන් අඩු ප්‍රමාණයකින් ආරම්භ කළ ක්‍රමයෙන් වැඩි කරයි

🔸. සමහර පුද්ගලයින්ට ප්‍රතිකාර ආරම්භ කිරීමෙන් පසු ඉක්මනින් සුවයක් දැනෙන්නට පටන් ගන්නා අතර තවත් සමහරුන්ට මාස කිහිපයක් යන තෙක් රෝග ලක්ෂණ වල අඩුවක් නොදැනේ

🔸ටැබ්ලට් වල ක්‍රියාකාරිත්වය වෙනත් ඖෂධ, ආහාර මගින් වෙනස් කළ හැකී බවින් ඒවා හිස් බඩට ජලය සමග ගිල දැමිය යුතු අතර, ඔබ විනාඩි 30 ක් යනතුරැ ආහාර ගැනීමෙන් වැළකී සිටිය යුතුය.

🟰🟰🟰🟰🟰🟰🟰🟰🟰🟰🟰🟰🟰🟰🟰🟰🟰

🔴 ප්‍රතිකාර නොකළහොත් කුමක් සිදුවේද?

🔸 බරපතල සහ ජීවිතයට තර්ජනයක් වන වෛද්‍ය තත්වයක් බවට පත්විය හැකිය. ඔබ ප්‍රතිකාර නොකළහොත්, ඔබේ රෝග ලක්ෂණ වඩාත් දරුණු විය හැකිය

▪️මානසික සෞඛ්ය ගැටළු වර්ධනය කිරීම.

▪️හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති වේ.

▪️සාමාන්‍ය ශරීර උෂ්ණත්වය පවත්වා ගැනීමට නොහැකි වීම.

▪️හෘදයාබාධ ඇතිවීම.

▪️ගොයිටරයක් වර්ධනය කිරීම (තයිරොයිඩ් ග්‍රන්ථිය විශාල වීම).

▪️ඔබට myxedema coma(සිහිය නැති වන භායානක තත්වයකි) ලෙස හැඳින්වෙන බරපතල රෝගී තත්වයක් ද වර්ධනය විය හැක.

🟰🟰🟰🟰🟰🟰🟰🟰🟰🟰🟰🟰🟰🟰🟰🟰🟰

🔴 මුළු ජීවිත කාලය පුරාම තයිරොයිඩ් ග්‍රන්ථිය සඳහා එකම ඖෂධ මාත්‍රාවක් ගත යුතුද?

▪️ඔබේ ඖෂධයේ මාත්‍රාරව කාලයත් සමඟ වෙනස් විය හැක.

▪️ඔබේ ජීවිතයේ විවිධ අවස්ථා වලදී, ඔබේ රෝග ලක්ෂණ කළමනාකරණය කිරීම සඳහා ඖෂධ ප්‍රමාණය වෙනස් කිරීමට අවශ්‍ය විය හැකිය.

🔰කායික රෝග පිලිබද විශේෂඥ වෛද්ය

බන්දුල සත්කුමාර

උපුටා ගැනීමකී

23/10/2025

ඔයාලට චූ බරක් හැදුනට පස්සේ කොච්චර වෙලා ඒක නොදා ඉන්න පුලුවන්ද ?

පැයක් - දෙකක් - හතරක් - පහක් ??

එන්න එන්න චූ බර වැඩිවෙනවා..
බඩ පිම්බෙනවා..
යටි බඩ කොරවෙනවා..
චූ බරයි..දැන් නම් දාන්නම ඕන..

නිකමට හිතන්න ඔයාට චූ දාන්නම ඕන.ඒත් යන්නේ නෑ...කොච්චර තැටමුවත් යන්නේ නෑ..

දන්නවද එහෙම ලෙඩක් තියෙනවා..කොච්චර උවමනාව තිබ්බත් චූ දාන්න බෑ..

Acute Urinary Retention | මූත්‍රා අඩස්සිය කියලත් ඕකට කියනවා මම හිතන්නේ..

මෙහෙමයි..
වකුගඩු වලින් හැදෙන මූත්‍රා , මූත්‍රා මාර්ගයෙන් ඇවිල්ලා මූත්‍රාශය කියන ටැංකියේ තමයි මුලින්ම පිරෙන්නේ.ඔය මූත්‍රාශයේ සාමාන්‍යයෙන් මූත්‍රා උපරිම 600mL ක් වගේ පුරවන්න පුලුවන්.

150-200mL ක් වගේ පිරෙනකොට තමයි අපට මුලින්ම චූ බර හැදෙන්නේ.
250-350mL වගේ වෙද්දි ඔන්න ටිකක් ලාවට අමාරුව එනවා.
500mL පැන්නා කියන්නේ ඉතින් කකුල් වෙවුලන ගානට චූ බර එනවා..

හිතන්නකෝ ඔය ගානට බර ඇවිල්ලත් ඒක පිට කරගන්න බැරි නම් ? සද බොද වෙනවනේ

මොනාද එහෙම වෙන්න හේතු ?
ගොඩක් තියෙනවා..සුලබම හේතු ටික කියන්නම්

✅ BPH
මේ සීන් එක වෙන්නේ කොල්ලොන්ට පමණයි.පිරිමි අපට විතරක් තියෙනවා පුරස්ථි ග්‍රන්තිය කියලා එකක්.මූත්‍රාශයට පහලින්
ඔය පුරස්ථි ග්‍රන්තිය ඇතුලෙන් තමයි මූත්‍රා මාර්ගය යන්නේ.
මේ වැඩේදි වෙන්නේ මේ පුරස්ථි ග්‍රන්ථිය ඉදිමෙනවා.ඔන්න එතකොට මූත්‍රා මාර්ගය බ්ලොක් වෙනවා.
මූත්‍රා කරගන්න බැරි වෙනවා..
ඕකට කියන්නේ Benign Prostatic Hyperplasia කියලා

ඔය ග්‍රන්ථියේම පිළිකා එන්නත් පුලුවන්.එතකොටත් මේ වැඩේම වෙනවා.

✅ මූත්‍රා ගල්
සමහර කුඩා කුඩා මූත්‍රා ගල් සමහර වෙලාවට මූත්‍රා මාර්ගයේ ඇවිල්ලා හිරවෙනවා.එතකොටත් ඉතින් මූත්‍රා පිට කරගන්න බැරි වෙනවා..
සුපිරියට කැක්කුම හැදෙන වැඩක්..

✅ සුසුම්නාව ආශ්‍රිත තත්ව
ගොඩක් ඔය හදිසි අනතුරු එහෙම වුනාම සුසුම්නාවටත් හානි වෙනවා.
සුසුම්නාව හරහා තමයි මූත්‍රාශයට ස්නායු සැපයීම කරන්නේ.ඉතින් ඔය ස්නායු සැපයුම අඩපණ වුනාමත් මූත්‍රා කරගන්න බැරිවෙනවා.

✅ සමහර බෙහෙත් වලට
✅ සමහර ඔපරේෂන් කලාට පස්සේ
✅ ආසාදන නිසා

වුනත් ඔය වැඩේ වෙන්න පුලුවන්..

ඉතින් මේක හැදුනම අමාරුවෙන් එන අයට ගොඩක් වෙලාවට මූත්‍රා බටයක් දාලා තමයි මේ මූත්‍රා ටික නිදහස් කරගන්න වෙන්නේ..
ඔය මූත්‍රා බටේ දැම්මට පස්සේ දැනෙන සැහැල්ලුව..හම්මේ..
🙏🏻🙏🏻🙏🏻
ගොඩක් අය බටේ දැම්මට පස්සේ අපට වදිනවා..

ඉතින් මෙහෙම තත්ව එකපාරම එන්නෙත් නෑ.කලින් පොඩි පොඩි රෝග ලක්ෂණ එන්න පුලුවන්.හැබැයි ගණන් නොගෙන ඉන්න පුලුවන්..

ඒ ගැන ඉස්සරහට ලියන්නම්..
මේක පොඩි පැහැදිලි කිරීමක් විතරයි..

Dr Nalin Sandaruwan ගෙන එන Doc Talks එක්ක එකතුවෙන්න දැන්

වට්සැප් හරහා
https://whatsapp.com/channel/0029Vb61W4VGZNClQ9Yln42p

ටික්ටොක් හරහා
https://www.tiktok.com/.nalin?_t=ZS-90iFIjZht3w&_r=1

22/10/2025

"ෆෝන් එක ඕෆ් කරගන්න! හැමවෙලේම කියන්න බෑ.... ෆොටෝස් ගන්න වීඩියෝ කරන්න බෑ..." මං හිතන්නේ මේ වචන ටික ගොඩක් අයට අහන්න වෙලා ඇති. ඇයි එච්චර තද විදියට කතා කරන්නේ කියලා අපි බලමු. මේ ලිපියට ඔයාලගේ විරුද්ධත්වය එල්ල වෙන්න පුලුවන් කියලා මම දන්නවා💁‍♂️

🔴රෝහල තුලදී රෝගීන්ගේ පුද්ගලිකත්වය සහ ආරක්ෂාව ආරක්ෂා කර ගැනීම
රෝහලක් යනු රෝගී සත්කාර සහ ප්‍රතිකාර ලබා දෙන ස්ථානයකි. රෝගීන්, ඔවුන්ගේ පවුලේ අය, සහ කාර්ය මණ්ඩලය මෙම පරිසරය තුළ සිටින විට ඔවුන්ගේ පෞද්ගලිකත්වය, ගෞරවය සහ ආරක්ෂාව නිසි ලෙස සුරැකීම අත්‍යවශ්‍ය වේ.

අනවසරයෙන් ඡායාරූප ගැනීම හෝ වීඩියෝකරණය කිරීම දැඩි ලෙස තහනම් කිරීමට හේතු වන ප්‍රධාන කරුණු කිහිපයක් පහත දැක්වේ.

👉1. රෝගීන්ගේ පෞද්ගලිකත්වය සහ රහස්‍යභාවය (Patient Privacy and Confidentiality)

* ගෞරවය ආරක්ෂා කිරීම: රෝගීන් බොහෝ විට රෝහලේ සිටින්නේ ඔවුන්ගේ වඩාත්ම අවදානම් සහ පෞද්ගලික තත්ත්වයන් යටතේය. ඔවුන්ට නිසි ආවරණයක් නොමැතිව, වේදනාවෙන් හෝ සිහිසුන්ව සිටිය හැකිය. එවැනි අවස්ථාවක අනවසරයෙන් ඡායාරූප ගැනීම ඔවුන්ගේ පෞද්ගලිකත්වයට සහ ගෞරවයට බරපතල හානියක් සිදු කරයි.

* රහස්‍ය තොරතුරු: ඡායාරූප හෝ වීඩියෝ මඟින් රෝගියාගේ අනන්‍යතාවය (මුහුණ, ශරීරයේ ලක්ෂණ) හෝ ඔවුන්ගේ වෛද්‍ය වාර්තා, ප්‍රතිකාර විස්තර, හෝ රෝගී තත්ත්වය වැනි ආරක්ෂිත සෞඛ්‍ය තොරතුරු (Protected Health Information - PHI) හෙළි විය හැක. රෝහල්වලට නීත්‍යානුකූලව මෙම තොරතුරු රහස්‍යව තබා ගැනීමේ වගකීමක් ඇත.

👉2. අන් අයගේ පුද්ගලිකත්වය ආරක්ෂා කිරීම
* වෙනත් රෝගීන් සහ අමුත්තන්: රෝහල්වල පොදු ස්ථානවල (වාට්ටු, කොරිඩෝ, පිළිගැනීමේ ස්ථාන) අනවසරයෙන් පින්තූර ගැනීමෙන් එම රාමුවට හසු වන අනෙකුත් රෝගීන්ගේ හෝ අමුත්තන්ගේ පෞද්ගලිකත්වයට හානි සිදු විය හැක.

* කාර්ය මණ්ඩලයේ පුද්ගලිකත්වය: වෛද්‍යවරුන්, හෙදියන් සහ අනෙකුත් සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩලය ඔවුන්ගේ කැමැත්තකින් තොරව ඡායාරූප ගැනීම හෝ වීඩියෝ කිරීම ද තහනම්ය. ඔවුන්ට ද රාජකාරියේ යෙදෙන විට ඔවුන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කර ගැනීමේ අයිතියක් ඇත.

👉3. සත්කාර ක්‍රියාවලියට බාධා කිරීම සහ ආරක්ෂාව

* ප්‍රතිකාරවලට බාධා: ඡායාරූප හෝ වීඩියෝ ගැනීමට උත්සාහ කිරීමෙන් හදිසි ප්‍රතිකාර හෝ සංකීර්ණ වෛද්‍ය ක්‍රියාදාමයන් සිදුවන අවස්ථාවල දී වෛද්‍ය කාර්ය මණ්ඩලයේ අවධානය වෙනතකට යොමු වී, සත්කාර ක්‍රියාවලියට බාධා ඇති විය හැක. මෙය රෝගියාගේ ආරක්ෂාවට සෘජුවම බලපෑම් කළ හැකිය.

* නිර්නාමිකභාවය පවත්වා ගැනීම: අධ්‍යාපනික හෝ පුහුණු කටයුතු සඳහා පින්තූර ගැනීම අවශ්‍ය වන අවස්ථා ඇතත්, ඒවා සැමවිටම රෝගියාගේ පැහැදිලි ලිඛිත අවසරය ඇතිව සහ ඔවුන්ගේ අනන්‍යතාවය හෙළි නොවන පරිදි ඉතා ආරක්ෂිතව භාවිතා කළ යුතුය.

👉4. නීතිමය සහ සදාචාරාත්මක ගැටලු

* නීතිමය ප්‍රතිවිපාක: බොහෝ රටවල සෞඛ්‍ය තොරතුරු සහ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහා නීති (උදා: ඇමරිකාවේ HIPAA) පනවා ඇත. මෙම නීති උල්ලංඝනය කිරීම රෝහලට සහ වරද සිදු කළ පුද්ගලයාට ද බරපතල නීතිමය ක්‍රියාමාර්ග සහ දඬුවම් වලට හේතු විය හැක.
* අන්තර්ගතය අනිසි ලෙස භාවිතා කිරීම: අනවසරයෙන් ලබා ගත් දර්ශන සමාජ මාධ්‍යවල හෝ වෙනත් වේදිකාවල පළ කිරීම මඟින් රෝගියාට මානසික පීඩාවක්, ලැජ්ජාවක් හෝ වෙනත් හානියක් සිදු විය හැකි අතර, එය ඉවත් කිරීම අසීරු විය හැක.
මෙහෙම හිතන්න. අපිට මොන වගේ ලෙඩක් හැදෙයිද කියලා අපිවත් දන්නේ නෑ. ඔයාට මද සිහි තත්වයක් ඇති වුනොත් කියන කරන දේවල් ඔයාවත් දන්නේ නෑ. ඒ වගේ අවස්ථාවක ඔයාගේ ඡායාරූප හෝ වීඩියෝවක් රැගෙන මාධ්‍යට දැම්මොත් ඔයා හොඳ වුනාට පස්සේ අනෙක් අයට මුහුණ දීමට නොහැකි තත්වයට පවා පත්වෙන්න පුලුවන් නේද? සමහරවිට ඔයාට දරාගත නොහැකිව සියදිවි හානිකර ගැනීම පවා සිදු කරගන්න තත්වයට පත්වෙන්න පුලුවන් නේද? අපි හැමෝම එක වගේ මානසික තත්වයක නෑ. ඒක තේරුම් ගැනීම ඔබ සතුයි.
රෝහලක අනවසර ඡායාරූපකරණය සහ වීඩියෝකරණය තහනම් කිරීමේ මූලික අරමුණ වන්නේ රෝගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ පෞද්ගලිකත්වය, ගෞරවය සහ ආරක්ෂාව උපරිමයෙන් සුරක්ෂිත කිරීමයි. යම් රෝගියෙකුගේ පවුලේ සාමාජිකයෙකුට පෞද්ගලික මතක සටහන් සඳහා පින්තූරයක් ගැනීමට අවශ්‍ය නම්, එම රෝගියාගේ (සහ ඔවුන් අවට සිටින කිසිවෙකුගේ) මුහුණ හෝ අනන්‍යතාවය හෙළි නොවන පරිදි සහ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ අවසරය ඇතිව පමණක් එය සිදු කිරීම යෝග්‍ය වේ. රෝහල් පරිපාලනය විසින් ස්ථාපිත කර ඇති නීති රීතිවලට ගරු කිරීම අප සැමගේ වගකීමකි.

-හෙදියකගේ දිනපොත-

゚viralシ

20/10/2025

ඔයාලා දන්නවද අංශ පැපොල කියන ලෙඩේ..

මේ දවස් වල මේ අංශ පැපොල කියන ලෙඩේ හැදුන අය බෙහෙත් ගන්න ගොඩක් එනවා..

අංශ පැපොල / Herpes Zoster

මේක වයිරස් එකකින් හැදෙන ලෙඩක්.ඇත්තටම කිව්වොත් මෙන්න මෙහෙමයි මේක වෙන්නේ..

දෙයියන්ගේ ලෙඩ / පැපොල / Chikenpox කියන ලෙඩේ කවුරුත් අහලා තියෙනවානේ.ඕක හදන්නේ Varicella Zoster කියන වයිරස් එක.
ගොඩක් වෙලාවට මේක ජිවිතේ එක පාරක් තමයි කෙනෙක්ට හැදෙන්නේ.

ඕක හැදිලා හොද වුනාට පස්සේත් ඔය වයිරස් එක හොරෙක් වගේ අපේ ස්නායු වල හැංගිලා ඉන්නවා.

චාන්ස් එකක් ආපු ගමන් එලියට එනවා.අංශ පැපොල කියන ලෙඩේ හදනවා.

හැබැයි ඔහොම දෙවනිපාර මේ ලෙඩේ හැදෙනකොට දෙයියන්ගේ ලෙඩ වගේ ඇග පුරාම බිබිලි දාන්නේ නෑ.
ඇගේ එක තැනක විතරයි බිබිලි දාලා රෑශ් එක එන්නේ..

සෑහෙන දැවිල්ලක් කැක්කුමක් මේ එක්කම එනවා..
එතන කසන්න එහෙමත් පුලුවන්..
සමහරවිට උණ හිසරදය එන්නත් පුලුවන්...

හැමෝටම මෙහෙම වෙන්නේ නෑ...
ගොඩක් වයසක අයට..
ප්‍රතිශක්තිය අඩු අයට ( දියවැඩියාව / පිළිකා වගේ ලෙඩ තියන අයට )
තමයි ගොඩක් දුරට මේක හැදෙන්නේ..

මේකත් පැපොල වගේ බෝවෙනවද ?

නෑ කියන්නමත් බෑ..එහෙම ගොඩක් බෝවෙනවා කියලා එකකුත් නෑ..

කලින් පැපොල හැදිලා නැති කෙනෙක්ට මේ කෙනෙක් එක්ක සෘජු සම්බන්ධයක් තිබ්බොත් එයාට පැපොල හැදෙන්න පුලුවන්.හැබැයි අංශ පැපොල හැදෙන්නේ නෑ..

කාටහරි කෙනෙක්ට ( විශේෂයෙන් වයසක අයට ) ඇගේ එක පැත්තක / තැනක දැවිල්ලක් කැක්කුමක් කැසිල්ලක් එක්ක රතුවෙලා වතුර බිබිලි වගේ ඇවිල්ලා තියෙනවා නම් ඩොක්ටර් කෙනෙක් හම්බවෙන්න..
මේකට බෙහෙත් තියෙනවා..
ගත්තම අඩුවෙනවා..





Dr Nalin Sandaruwan ගෙන එන Doc Talks එක්ක එකතුවෙන්න දැන්
වට්සැප් හරහා
https://whatsapp.com/channel/0029Vb61W4VGZNClQ9Yln42p
ටික්ටොක් හරහා
https://www.tiktok.com/.nalin?_t=ZS-90iFIjZht3w&_r=1

Address

No 04, Economic Center, Kurunduwatta Bazaar Nawa Kurunduwatta 20509
Kurunduwatta

Opening Hours

Monday 07:00 - 20:00
Tuesday 07:00 - 20:00
Wednesday 07:00 - 20:00
Thursday 07:00 - 20:00
Friday 07:00 - 20:00
Saturday 07:00 - 20:00
Sunday 16:00 - 20:00

Telephone

+94772500212

Website

Alerts

Be the first to know and let us send you an email when Yasiru pharmacy kuruduwatta posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Yasiru pharmacy kuruduwatta:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram