MKCYM Training and Development

MKCYM Training and Development ඔබ ඔබවම අත්විඳින්න

නාලන්ද විද්‍යාලයේ 12 වසර විද්‍යා,ගණිත සහ තාක්ෂණික විෂය ධාරාවන් හදාරන නවක සිසුන් සඳහා අප පුහුණු ඒකකය විසින් පවත්වනු ලැබූ ...
29/09/2025

නාලන්ද විද්‍යාලයේ 12 වසර විද්‍යා,ගණිත සහ තාක්ෂණික විෂය ධාරාවන් හදාරන නවක සිසුන් සඳහා අප පුහුණු ඒකකය විසින් පවත්වනු ලැබූ Reflection එක්දින පුහුණු වැඩසටහන.

https://www.facebook.com/share/1WuusbYAY6/

පළමු දිනයේ හවස්වරුවේ ස්වේච්ඡා වැඩ අවසන් කොට cool pool හි ජල චිකිත්සාව සමඟ එකතු වූ පොතුපිටිය විදුහලේ සිසුන්...🌻🍂අප පුහුණු...
19/09/2025

පළමු දිනයේ හවස්වරුවේ ස්වේච්ඡා වැඩ අවසන් කොට cool pool හි ජල චිකිත්සාව සමඟ එකතු වූ පොතුපිටිය විදුහලේ සිසුන්...🌻🍂

අප පුහුණු මධ්‍යස්ථානයේ හදවත බදු තැන් කිහිපයෙන් විශේෂිත තැනක් අපේ Cool Pool එකට හිමි වෙනවා. ස්වාභාවික සුව කිරීමේ ගුණය සිහිත මේ මනරම් ජල තටාකයේ ශාරීක ලිහිලන සිදු කිරීමට අවස්ථාව ලබා ගැනීම ජීවිතේට අලුත් දැකීමක් බව අපි සිසුන් තුළින් දැක්කා. ජලයේ සීතල සමඟ එකතු වු ඔවුන් ක්‍රමිකව සීතල සමඟ මුසුවෙමින් මානසික සහ ශාරීරික සැහැල්ලුබාවය අත්පත් කර ගත්තා.

එය ශිෂ්‍ය ජීවිතය අලුත් කර ගැනීම සඳහා අලුත් මාවතක් එළිපෙහෙලි කිරීමක්වගේ වැඩක්..... ..🙂🌻🍂☘️

19/09/2025

නර්තන චලන සහිත ලිහිලනය.......☘️🍂

Reflection වැඩසටහනේ, පුහුණුලාභීන් ලිහිලනය සඳහා භාවිතා කරන එක් පුහුණු මෙවලමක් වන්නේ චලන සහ හැඟීම් ලිහිලනයයි. ඒ හරහා පීඩාකාරී චිත්තවේගවලින් විතැන් වෙමින් සැහැල්ලුව අත්පත් කර ගැනීමට හැකියාව ලැබෙනවා. අප පුහුණු පරිශ්‍රයේ උදෑසන ස්වාභාවික ශක්තියත් සමඟ එක්වෙමින් පොතුපිටිය විදුහලේ සිසුන් කණ්ඩායම සිය ජීවිත ලිහිලනයන් වෙත පහසුවෙන් පැමිණියා....☘️🍂🌻

ජීවිතය දෑතට ගෙන බලමි.....🌿☘️🍂Reflection  වැඩසටහන් මාලාවේ තවත් පියවරක් ලෙස පොතුපිටියට මහාවිද්‍යාලයේ උසස් පෙළ සිසුන් සඳහා ...
19/09/2025

ජීවිතය දෑතට ගෙන බලමි.....🌿☘️🍂
Reflection වැඩසටහන් මාලාවේ තවත් පියවරක් ලෙස පොතුපිටියට මහාවිද්‍යාලයේ උසස් පෙළ සිසුන් සඳහා දෙදින වැඩසටහනක් පවත්වන් අප පුහුණු ඒකකයට හැකි වුණා. ⁣එය පාසල වෙනුවෙන් පවත්වන දෙවැනි දෙදින පුහුණු වැඩසටහන වුණා.

උසස්⁣ පෙළ සිසුන් කණ්ඩායම සමඟ ගුරුවරුන් සහ දෙමාපිය කණ්ඩායමක් අප mkcym පුහුණු පරිශ්‍රයට පැමිණියා. වැඩසටහන අලුත් ක්‍රියාකාරකම් සහ නව ආකාරයක් ගනිමින් තිබුණා. පළමු දින ආරම්භයේ සිටම ඔවුන් වේලව⁣ට පැමිණි නියමිත පරිදි වැඩසටහන ආරම්භ කරන්න සුදානමින් සිටියා. අපේ ඉරාණ ස්වේච්ඡා සාමාජිකයකු වු මේධි ඔවුන් සඳහා ව්‍යාපාර අත්දැකීම් සහ ඉංග්‍රිසි භාෂාව පිළිබඳව අදහස් ඉදිරිපත් කිරීමක් කළා. ඔහු වෘත්තියෙන් ඉන්ජිනේරුවකු වූ අතර ව්‍යාපාර පිළිබඳව ජාත්‍යන්තර මටටමේ අද්දැකීම් ඇති කෙනෙක්.

පසුව ආරම්භ වූ පළමු දින දිගහැරුමට සිසුන් කණ්ඩායම ඉතා උන්දු සහගතව සහභාගී වූ අතර කණ්ඩායමේ ස්වේච්ඡා කාර්යයක් ලෙස ඔවුන් හවස හෝරාවක කාලයක් අපේ වනාන්තර තුළට ගමන් කරමින් ප්‍රධාන ශාලාවේ සිටි cool pool එකට ගමන් කරන වනාන්තර මාර්ගය එළිපෙලි කිරීම සිදු කළා. මේ සඳහා අප පුහුණු කණ්ඩායම ඇතුලු සියලුම පිරිස් සිය ස්වේච්ඡා දායකත්වය ලබා දුන්නා.

මාර්ගය සැකසීම අපේ ඉතාලි ජාතික ස්වේච්ඡා සාමාජික ජකොපෝ විසින් ආරම්භ කළ අතර පොතුපිටියේ සිසුන් ඇතුලු කණ්ඩායම එය අවසන් කිරීම සිදු කළා. සාමූහිකත්වය ගැන බොහෝ දේ ඒ තුළින් සිසුන් අවබෝධ කරගත්තා. එය නව ආකාරයක ඉගෙනුමක් බව පත් වෙමින් තිබුණා.

මාර්ගය පිරිසිදු කිරීම අවසන් කරමින් වනාන්තරයෙන් Cool pool වෙත පැමිණි සිසුන් කණ්ඩායම වෙත විශේෂ ජල චිකිත්සාවක්ද සිදු කෙරුණි., රාත්‍රීයේ ජීවන දිශානතිය පිළිබඳව ස්වයංකතනය සහ ගිනිමැල ආශ්‍රිත ලිහිලනයන් සංගීතය භාවිතා කෙරෙමින් සිදු සිදු වුණා.

සිසුන් සිය ජීවිත වෙත නැඹුරු වෙමින් ඒ දෙස ඇතුලාන්තයෙන් බැලීමට උත්සාහ කරන ගැඹුරු ප්‍රවේශයක් ගන්නා සාමූහික රාත්‍රියක නිමාවක් එදින සිදු විය. (දවස 2025 සැප්තැම්බර් 14 )

Ceylon Youth Movement MKCYM ලංකා තරුණ

14/09/2025
14/09/2025

MkCYM ප්‍රධාන ශාලාවේ සිට Cool Pool දක්වා වන ස්වාභාවික මාර්ගය පිරිසිදු කිරීම සඳහා ස්වේඡාදායකත්වය ලබා දෙන පොතුපිටිය මහවිද්‍යාලයේ සිසුන්.... පාර සුද්ධ කිරීම අරම්භ කළේ අපේ ඉතාලි ජාතික ⁣ස්වේච්ඡා සමාජික ජකොපෝ.. එව අවසන් කිරීම අද පොතුපිටිය මහවිද්‍යාලයේ සිසුන් සිදු කළා..☘️🌿🍂🥰

14/09/2025

Reflection ...🌿☘️🌼

කොළඹ නාලන්දා විදුහලේ උසස්පෙළ සිසුන් සඳහා Reflection  වැඩසටහන් මාලාව හඳුන්වා දීමේ පළමු එක්දින වැඩමුළුව  පාසලේ නව 12 වසර ව...
13/09/2025

කොළඹ නාලන්දා විදුහලේ උසස්පෙළ සිසුන් සඳහා Reflection වැඩසටහන් මාලාව හඳුන්වා දීමේ පළමු එක්දින වැඩමුළුව පාසලේ නව 12 වසර විද්‍යාව ,ගණිතය සහ තාක්ෂණික විෂය ධාරා හදාරණ සිසුන් සඳහා පැවැත්වීම⁣ට අප පුහුණු ඒකකය හැකිවුණා. 2025 සැප්තැම්බර් 4 වැනි දින පැවැත්වූ වැඩසටහන සඳහා සිසුන් 400කට පමණ පිරිසක් සහභාගී වූණා.

සිසුන් කණ්ඩායම සඳහා වසර දෙකක අඛණ්ඩ මැදිහත්වීමේ සැලැස්මක් සහිතව ආරම්භවූ වැඩසටහන සඳහා අංශ භාර නියෝජ්‍ය විදුහල්පතිනිය සහ ගුරු මණ්ඩලය ඉතා උන්දුවෙන් සහභාගී වුණා. දෙවන අධියර යටතේ සිසුන්ගේ මානසික ගැටලු සහ ඉගෙනුම් ගැටලු සදහා මැදිහත්වීමත් ඒ පිළිබදව සවිතර පසුවිපරමක් පාසලට ලබා දීමත් සිදු වෙනවා. අත්‍යාවශ්‍ය සිසුන් වෙන තනිපුද්ගල උපදේශනාත්මක මැදිහත්වීම සහ වෘත්තීය මාර්ගෝපදේශනය ද සිදු කිරීමට නියමිතයි....

පොතුපිටිය මහාවිද්‍යාලය සමඟ අඛණ්ඩ වැඩ අවුරුදු 3ක් ඇරඹුවෙමු.....🙂🌻Reflection  වැඩසටහන් මාලාවෙන් ආරම්භ වූ පොතුපිටිය මහවිද්‍...
05/09/2025

පොතුපිටිය මහාවිද්‍යාලය සමඟ අඛණ්ඩ වැඩ අවුරුදු 3ක් ඇරඹුවෙමු.....🙂🌻

Reflection වැඩසටහන් මාලාවෙන් ආරම්භ වූ පොතුපිටිය මහවිද්‍යාලය සමඟ වැඩ කිරීම, පාසල සංවර්ධන සඳහා වන අඛණ්ඩ වැඩ සැලස්මක් දක්වා ගමන් කර තිබේ. විදුහල්පතිතුමාගේ විවෘත වැඩ කිරීමේ පලපුරුද්ද සහ අත්දැකීම් සහ අප පුහුණු ඒකකයේ අරමුණු එක සමපාත වීමත් සමඟ අපේ වැඩ අඛණ්ඩව කරගෙන යෑම වේගවත් වුණා. පළමු වැඩසටහන් දෙකෙන් අනතුරුව පාසල වෙත ගිය දෙවැනි අවස්ථාව මෙය වූ අතර අපි සමඟ අපේ විදෙස් ස්වේච්ඡා සාමාජික ඉතාලි ජාතික ජකොපෝ ද මේ දෙවැනි ගමනට අපි එක්ක එකතු වුණා. පාසල අපිව උණසුම්ව පිළිගත් අතර, පාසල සමඟ ශක්තිමත්ව වැඩ කරන දෙමාපියන්ගෙන් ඉතාම උනන්දු සහගත අම්මලා කණ්ඩායමක් අපි සමග එකට එකතු වී දරුවන් වෙනුවෙන් වැඩ කරන්න පෙල ගැසීම මෙහි සුවීශේෂිම අවස්ථාව විය.

පළමු අදියර යටතේ ගුරුවරුන්ගේ අදහස් ලබා ගත් අතර, දෙවැනි අධියර යටතේ නිසඟව වැඩේ සඳහා පැමිණි ශක්තිමත් ගැහැණු කණඩායම සමඟ අපි කණඩායම් ගැසීමේ වැඩසටහනක් සිදු කළා. පාසලේ වගකීම දරණ සහ සම්බන්ධීකරණ දරන නඳුනි ඉෂාරා ගුරුතුමිය සහ යශෝදා ගුරුතුමියත් කණ්ඩායම් සාමාජිකයන් වුණා. අනතුරුව සෑම මාස දෙකකට වරක් වැඩ පසුවිපරම් කරන්න අපි එකඟ වූණා.

ඊළඟ වැඩේ වුණේ උසස් පෙළ සිසුන්ට කතා කරන එක. ඒක අපහසුම දෙයක් බව ගරුවරු කිව්වා. නමුත් අපි එදා පැමිණි ප්‍රධාන ශිෂ්‍ය නායකයා ඇතුලු 7 දෙනෙක්ගේ කණ්ඩායමකට ඉතාම තදින් ඔවුන්ගේ ඇතුලාන්තයට කතා කලා. අවසානේ ඔවුන් මේ මාසේ අපේ ප්‍රධාන පුහුණු මධ්‍යසථානයට ඒමට පොරෙන්දු වුණා.කෝකිලා ගුරුතුමිය මේ සම්බන්ධයෙන් ඉතාම උනන්දුසහගතව අපි එක්ක කතා කළා. අවසාන වැඩේ වුණේ,දැනට අපි එක්ක වැඩ ආරම්භ කළ සිසුන් කණ්ඩායමේ පසුවිපර සිදු කිරීම. වෙන වෙනම ඒ සිසුන් සමඟ කතා කරමින් අපි එය සිදු කළා. අලුත්ම සිසුන් දෙනනෙකත් එකතු වුණා. මේ අතර අපේ ජකොපො ඉංග්‍රීසි පංතියකටත් සහභාගි වෙමින් සිසුන් එක්ව වැඩ කළා.

වැඩසටහන නිමාවීමෙන් අනතරුව විදුහල්පතිතුමා සමඟ දීර්ඝ වැඩ සාකච්ඡාවක කරන්නත් අපිට පුළුවන් වූණා. පාසල සමඟ අඛණ්ඩ වැඩක් කළ හැකිය යන පෙර නිමිති අප පුහුණු ඒකකයට දැනෙමින් තියෙනවා. අපි ඒ වෙනුවෙන් එක්ව වැඩ කරනවා.

අප පුහුණු හා උපදේශන වැඩසටහන් සමඟ ඔබ පාසලටත් අප සමඟ එක්විය හැකියි. අප මධ්‍යස්ථානය සහ අරමුණු පිළිබඳව වැඩිවිස්තර පහත සබැඳියෙන් ලබා ගත හැකියි.

https://www.facebook.com/share/p/1BVKydK5kN/

අමතන්න.

සම්බන්ධීකරණය
මධුවන්ති අමරවීර
0778694981

Ceylon Youth Movement MKCYM ලංකා තරුණ

ගුරුවරුන් සඳහා දවසක්...🙂☘️🌻හොරණ උඩුවර කණිෂ්ට විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුල ආචාර්යමණඩලය එක්දින ලිහිලන වැඩසටහනක් සඳහා 202...
17/08/2025

ගුරුවරුන් සඳහා දවසක්...🙂☘️🌻

හොරණ උඩුවර කණිෂ්ට විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුල ආචාර්යමණඩලය එක්දින ලිහිලන වැඩසටහනක් සඳහා 2025 අගොස්තු මස 12 වැනි දින MkCYM පරිශ්‍රය වෙත පැමිණියා. උදෑසනින්ම පැමිණි පිරිස පිළිගත් අප පුහුණු ඒකකය ඔවුන් සඳහා දවසක වැඩසටහනක් සංවිධානය කරලා තිබුණා. මුලික ලිහිලනයන්ගෙන් පසු mkcym පරිසරයේ අසිරිය විදින්නත් cool pool හි සුවය අත්වැදගන්නත් ඔවුනට අවස්ථාන ලැබුණා. තනි තනිව තමනගේ පෞද්ගලික ජීවිතය සහ රාජකාරි ජීවිතය දෙස හැරී බැලූ ඔවුන් අතතීමය තත්ත්වයන් ගෙන් මිදෙමින් දවස අවසානයේ සැහැල්ලුව අත්පත් කරගත්තා. හැන්දෑවෙන් 6.30 පසුවතුරුත් ඔවුන් අපි සමඟ වගේම අපේ විදෙස් ස්වේච්ඡා සාමාජික ඉතාලි ජකො⁣පෝ සමඟත් අදහස් බෙදා ගත්තා. පාසලේ සිසුන් වෙතත් මෙවැනිම වැඩසටහනක් ලබා දීමේ අරමුණ ඇතුව ඔවුන් අපට සමුදුන්නේ ඉතාම ලෙන්ගතුකමෙන්.....

MKCYM CYM

Address

Ambalanwaththa Junction
Madampe

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when MKCYM Training and Development posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram